http://t1.gstatic.com/images?q=tbn:ANd9GcR59AerKxt3zwqLUt3kZz6PCHHPDZeuurIXLh3-CK1akbFDUGpb7Qrg52k5lg |
ඒ නිසාම ඔන්න අද කියන්න යන්නෙ පොඩ්ඩක් ඇග වැඩි අය ඉන්නව නම් අඩුකරගන්න පුලුවන් ක්‍රමයක්. මේක ආහාර පාලනයක්.මේ කෑම වට්ටෝරුව වැදගත් වෙන්නෙ මහත අඩුකරන්න කෙනෙක් හිතන් ඉන්නව නම් අන්න ඒ අයට.මුලින්ම කියන්නම්කො කෑමට ගන්නෙ නැතුව ඉන්න ඕනේ ඒවා මොනවද කියල.
කෑමට ගන්න ආහාර වලට ලුනු දාන්නෙ නැතුව තමා කන්න වෙන්නෙ :) ඒවගේම තේ,පළතුරු බීම වගේ දේවල් වලට සීනි දාලා බොන්නත් එපා.ටික දවසකට සීනි නොදා බොන්නකො.
පාන් පිටි වලින් හැදුව කෑම,බත් එහෙමත් කන්න බෑ ඔන්න.මමත් ශෝට් ඊට් කන එක එහෙම සම්පූර්ණෙන් නැවැත්තුවා.මේ වට්ටෝරුව අනුගමනය කරන්න ඕනේ සති 2කට විතරයි.මෙහෙම කෑව කියල මැරෙන්නෙ නෑ, බය වෙන්න එපා :)).
ඔන්න එහෙනම් කියන්නම් මොනාද කන්න ඕනේ කියල.
උදේ ආහාරයට කන්න වෙන්නෙ බිත්තර (කහමදය නැතුව), තම්බාගත් කැරට්, බෝංචි වගේ දේවල්.මම නම් ගොඩක් කැරට් තමයි කෑවේ.මොකද ලුනු දාන්නෙ නැති නිසා කැරට් අපහසුවක් නැතුව කන්න පුලුවන් අනිත් එළවළු වලට වඩා.
දවල් ආහාරෙටත් කන්න ඕනේ මාළු පෙත්තක්, කැරට්, බෝංචි, පිපිඤ්ඤා වගේ දේවල්.ගොඩක්ම කන කෙනෙක් නම් ටිකක් වැඩියෙන් එළවළු තම්බලා කන්න.මමත් එහෙම තමා කෑවේ,බඩගින්නෙ ඉන්න ඕනේ නෑනේ:).
රාත්‍රී අහාරයට කුකුල්මස්, බෝංචි, වට්ටක්කා, බණ්ඩක්කා වගේ එළවළු කන්න උත්සහ කරන්න.අතුරු පසට අලිගැටපේර,බෙලි වගේ දේවල් කන්න.ඒත් හැබැයි සීනි නැතුව හොදේ.
හොදට කාලා බීල හිටපු අයට එක පාරටම මෙහෙම කන්න කිව්වම ටිකක් හිතට දුකයි දුකයි වගේ දැනෙනව තමා:(.ඒත් ටිකක් උත්සහ කරල බලන්න.ගොඩක් සැහැල්ලුවක් දැනෙයි.බරත් අඩුවෙයි.මුලදි මුලදි ගොඩක් එළවළු කන්න හිතෙයි.ඇයි ඉතින් අර කලින් කාපු ප්‍රමාණයටම කන්න එපැයි.
ටිකක් අමාරුවකට තියෙන්නෙ අනිත් අය එක එක කෑම ජාති කනව දකිද්දි ඒවා කන්න හිතෙන එක:(.සමහරු ඩයට් කරනව දැන දැනද මන්දා එක එක කෑම ජාති පේන්න තියනව හදනව කනව බොනව.මම නම් ඉතින් වෙනම තැනකට ගිහින් කනව.එතකොට එයාල කන දේවල් පේන්නෙ නෑනේ :))සමහර කෑමවල සුවද බලලා නිකන් ඉන්නව නොකා:).හිත පාලනය කරගන්න පුලුවන් නම් මේක කරන්න පුලුවන්.ඒවගේම උවමනාවත් තියෙන්නෙ ඔනේ බර අඩු කරගන්න ඕනේමයි කියල.
ප.ලි:- මේක මං දොස්තර කෙනෙක්ගෙ උපදෙස් අනුව කරපු දෙයක්.ඔන්න කිව්ව කැමති කෙනෙක් ඉන්නව නම් අත්හදා බලන්න.මගෙ නම් බර අඩුවෙලා.:))