Showing posts with label ලෙඩරෝග. Show all posts
Showing posts with label ලෙඩරෝග. Show all posts

Thursday, December 15, 2011

කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනව

https://www.mylifestages.org/imageServlet/imageName/BLOG-gflb17qz.jpg

ලගකදී ඉදලා උදේට නැගිටිද්දි කලන්තේ,නැගිටින්න ඔලුව කෙලින් කරාම මුලු ලෝකෙම කැරකෙනව.අම්මො එහෙමත් දෙයක්.සෑහෙන්න බය උනා.නිදාගන ඉදලා නැගිටින්න හදනකොටම මුලු ලෝකෙම කැරකෙනව වගේ තමයි දැනෙන්නෙ.


ඔලුව කෙලින් කරන්න බෑ,කොහොමත්ම නැගිටින්න නම් බෑ.සෑහෙන වෙලාවක් ඉදලා ඉදලා හිමිහිමීට කාගෙ හරි උදව් ඇතුව නැගිටිනවා.ඒත් ඇදේ ඉදගන ටික වෙලාවක් වාඩි වෙලා ඉදලා.

නැගිට්ටහම කැරකිල්ල නෑ.ඔලුවෙ කැක්කුමකුත් නෑ. වෙනදා වගේ ඉන්න පුලුවන්,හැබැයි නිදාගත්තොත් ආය කැරකිල්ල.

එක එක්කෙනා එක එක දේවල් කිව්ව.

සමහරු කිව්ව ආ ෆ්‍රෙශර් එක චෙක් කරන්න තියෙන්නෙ.ව්‍යායාමයකුත් අඩුයිනේ ෆ්‍රෙශර් වැඩි වෙලාද දන්නෙ නෑ කියල.

සමහරු කිව්වෙ ආ...කනව වැඩී... ශුවර් එකට කොලෙස්ටෙරෝල් ඇති කියල.


මමත් බය උනා.මොකෝ කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනවනේ.


දවස් 2ක් විතර බලලා වැඩේ හරියන්නෙ නැති නිසා කෝකටත් හොදයිනේ කියල කායික රෝග විශේෂන දොස්තර කෙනෙක් චැනල් කරා.

දොස්තරත් නලාව තියල බැලුව, ෆ්‍රෙශර් එක බැලුව,ඇස් බැලුව.දිව දාන්න කියලා කටත් ඇරල බැලුව.ම්හු...හැබැයි මොනවත් කිව්වෙ නෑ.

හරි එහෙනම් අපි බ්ලඩ් එකක් චෙක් කරල බලමු.ඇගත් ටිකක් මහත නිසා සමහර විට අක්මාවේ තෙල් තැම්පත් වෙලාද දන්නෙ නෑ වැඩිපුර?...එහෙම කිව්වෙ දොස්තර.එහෙම කියල මං දිහා බලලා හිනාවක් දැම්මා.
පැය 12ක් නිරාහාරව ඉදලා පස්සෙ දවසේ උදේම ඇවිත් ලේ එකක් දුන්න. ඒ ලේවල සීනි එහෙම බලන්න.අනිත් ටෙස්ට් එකට ලේ දෙන්න ඕනේ නිරාහාරව පැය 14ක් ඉදලා ඒක ලිපිඩ පරීක්ෂාවක්.


ගෙදර ඇවිත් පැය 2කින් ආයෙත් ගියා ගිහින් අනිත් අතත් හිල් කරලා ලේ දීලා ආව.


හවස බ්ලඩ් රිපොර්ට් එකත් අරන් ගියා දොස්තර ලගට.දොස්තරත් පට පට ගාල රිපොර්ට් එක බලලා.ටිකක් වෙලා කල්පනා කරා.

සීනීත් නෝමල්

කොලෙස්ටෙරෝල් නම් ටිකක් වැඩිය තිබ්බා
දොස්තර ඒක ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ.

මෙන්න මේකෙන් තමයි අර අක්මාවෙ තත්වේ ගැන අදහස ගන්නව කිව්වෙ.
මේ අනිත් එක හිමොග්ලොබින්

මේව ටික බලාගන බලාගන ගිහින් ටික වෙලාවක් කල්පනා කරා.මමත් හොදටම බය වෙලා හිටියෙ ඒ වෙලාවෙ.ඊට පස්සෙ තමයි ඇහුවේ කන් වලට කූරු ගහනවද කියල.කූරු කිව්වෙ අර කොටන්බඩ්ස් එහෙම.කොට්න්බඩ්ස් නම් පාවිච්චි කරනව ඒත් මං බයට එහෙමත් නෑ කිව්ව.

කන් දෙකේ කුහර වලින් අපී ශරීරේ සමතුලිත බව පාලනය කරනවලුනේ.ඉතින් ඒ කුහර වල මොකද්ද දෝශයක් කියල තමයි කිව්වෙ,ඒක නිසාලු කැරකිල්ල වගේ එන්නෙ නැගිටින්න හදද්දි.ටිකක් ලෙඩේ ගැන දොස්තර විස්තර කියලත් දුන්න.එහෙම හිතලා බෙහෙත් දුන්න.අනේ දොස්තරට පින්සිද්ද වෙන්න කීප වේලක් බොද්දි කැරකිල්ල ඇරිලා ගියා.

අම්ම නම් කිව්වෙ කොයි වෙලෙත් හෙට් සෙට් එක කනේ ගහගෙන ඉන නිසා තමයි එහෙම උනේ කියල.මග දිග බැන බැන ආව,හදාගන්නවකො ලෙඩක් කියල

එන්න හදද්දී දොස්තර ලීෆ්ලට්ස් ගොඩකුත් දුන්න කියවන්න කියල.බර අඩු කරගන්න කියල කෑම වට්ටෝරුවකුත් දුන්නා.දොස්තරගෙ කෑම වට්ටෝරුව,මංබර අඩුකරගත්ත හැටි ගැන වෙනම පොස්ට් එකක් දාන්න වෙනව,මේක දැනටමත් දිග වැඩියි.මෙන්න මේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලන්නකො.

Wednesday, December 7, 2011

මෙහෙමත් පිම්පල්


මේ සිද්දිය උනේ මං උසස් පෙළ ලියල ප්‍රතිඵල ඇවිත් ගෙදර ඉන්න කාලේ.ඔය අතරේ  දාපු සමහර පාඨමාලාවල Aptitude Tests  වලට ලියුම් එනවද කියල බලන් ඉන්නව.මෙන්න මේ කාලෙ තමයි මේ ලෙඩේ හැදුනේ.

ලෙඩේ කියන්නෙ පොඩි බිබිලකින් පටන්ගත්ත එකක්,පොඩි බිබිලක් කවුද ගනන් ගන්නේ ඉතින්.හිතාගන්නකො අර මූණෙ එන කුරුලෑවක් වගේ පොඩි බිබිලක් වගේ එකක් තමයි තිබ්බෙ.පස්සෙ පස්සෙ මේක ඇදුම්කන්නත් රිදෙන්නත් පටන් ගත්තා.අහ් ටිකක් විතර ලොකු වේගනත් ආවා.

කාටවත් පෙන්නන්නත් බෑ, මටත් හරියට පේන තැනක නෙමේ තිබ්බෙ.ඔහෙ ගනන් ගන්නෙ නැතුව හිටියා, කොහෙද වාඩි උනාම නැගිටින්න බෑ , නිදාගත්තොත් එක ඇලේකට වෙලා තමා නිදාගන්න ඔනේ.පොඩ්ඩක් හරි හැරුනොත් ආය කියල වැඩක් නෑ කැක්කුම.

ඔහොම ටික දවසක් ගිහින් බැරිමතැන ගෙදර අයට කියලා දම්මා.කට්ටිය මගෙ අපහසුතාවය දැනගනම කන්න බොන්න අත හෝදන්න හැමදේම ලගට කරලත් දුන්න.ඒත් ඉතින් වේදනාවනේ ඉවසන්න බැරි.

දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න යෝජනා වුනේ ඔය අතරේ,වාහනේ යන්නත් පුලුවන් කොහොමද දැන් දොස්තරට පෙන්නන්නේ.

හයියෝ මෙයාටත් වෙන වැඩ!.. කට්ටියම කිව්වෙ එහෙම.

මදැයි!...

ලැජ්ජාවට වඩා වේදනාව තියන නිසා ලැජ්ජාව පැත්තකින් තියලා ගියා දොස්තර හම්බවෙන්ඩ, ඒ අපි පොඩි කාලෙ ඉදන් බෙහෙත් ගන්න දොස්තර කෙනෙක්.අම්මත් එක්ක ගියා,දොස්තරත් බලලා කිව්ව බෙහෙත් දෙන්නම් ඒ බෙහෙත් වලට ගෙඩිය පැලිලා ගියේ නැත්තම් Operation කරන්ඩ වෙනව කියලා.අම්මේ ංමං බය වෙච්ච බය විල්ලක්.


 බෙහෙත් වේල් කීපයක් බොද්දි ගෙඩිය පැලිලා සැරව අයින් වෙලා ගියා.එහෙම්මම හොද උනා.මම් දොස්තරට පින් දුන්න අෆ්ෆෙ නැත්තම් පලයන්කො Operation කොරන්ඩ.

මේකෙත් වාසිය ගියේ අක්කට.කවුරුහරි හිතවත් යාලුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් ගෙදරට ආවාම, ආ...දන්නවද අපේ නංගීගෙ ගෙඩියක් ආවනේ හොද තැනක.... කියලා අනිත් උන්ටත් කියලා හිනා වෙන එක තමා මට පේන්ඩ බැරුව තිබ්බෙ ඒ කාලෙ.දැන් නම් ඒක අමතක වෙලා ගිහින්. ඒත් සුවවෙච්ච සලකුණු නම් තියනව මං හිතන්නෙ.කෝ මට හරියකට පේනව කියලෑ. 


Monday, November 14, 2011

තවත් ක*කි කතාවක්


අද කියන්න යන කතාව අවුරුදු 25කට විතර ඉස්සර වෙච්චි සිද්ධියක්.මේක වෙලා තියෙන්නෙ අපේ අක්කට, ඔන්න මුලින්ම කිව්ව මට නෙමේ.අපි ගමේ ඉන්න කාලෙ අම්මයි අප්පච්චියි ඉස්කෝලෙ උගන්නන්න යන නිසා අක්කවයි මාවයි බලාගන්න ගෑණුකෙනෙක් ගෙදර නවත්තලා ගිහින් තියනව.ඉස්කෝලෙ ඇරිලා එනකම් බලාගන්න කියල.ඒ ගෑණු කෙනා අපිට දුරින් නෑදෑයොත් වෙනව.ටිකක් විතර වයසක කෙනෙක්.

ඉතින් එයා අපිට කවලා... පොවලා... නාවලා... හොදට බලා කියාගන එහෙම තියනව අම්මලා එනකම්.ඉදලා හිටලා වැව පැත්තටත් එක්කන් යනවලු,මොකද වැව තියෙන්නෙ අපේ වත්තට අල්ලපු වැටේනේ.අනික දෙන්නෙක් ආන් බාන් කරන එකත් ලේසි නෑ නේ,අඩන වෙලාවට වගේ එක්කන් යනව ඇති නලවගන්නත් එක්ක.

එතකොට අපේ අක්කට අවුරුදු 4ක් වත් නැතුව ඇති මම් හිතන විදියට.ඒ දවස් වල කොච්චර කෑම කැව්වත් අක්කා මහත් වෙන්නැතිලු.කන එකත් කනවලු හොදට.ඉතින් ඒ කාලේ පොඩි අයට ක*කි දාන වැඩේ කරන්න කොමඩ් එහෙමත් තිබ්බෙ නෑනේ,ක*කි දාල ඉවර උනාම අරන් දානව.මෙන්න දවසක් එහෙම අරන් දාන්න යද්දි ක*කි එකෙන් කුරුමිණියෝ වගේ සත්තු ජාතියක් ඉගිලිලා යනවලු ඒකේ ඉදලා.:O

අම්ම හොදටම බය වෙලා.පස්සෙ චෙක් කරද්දි ඇත්තටම පොඩි සත්තු ජාතියක් ඉගිල්ලිලා යනවලු.දනිපනි ගාලා එකේ සාම්පල් එකකුත් අරන්, අප්පච්චිත් එක්ක අක්කවත් ඩොක්කගන දොස්තර කෙනෙක් හම්බ වෙන්න ගියාලු.

දොස්තර අක්කවත් සාම්පල් එකත් චෙක් කරලා :)),බෙහෙත් දුන්නට පස්සෙ ලෙඩේ හොද උනාලු.ඒ කියන්නෙ අර ක*කි දැම්මට පස්සෙ කුරුමිණියො ඉගිලෙන එක හරිගියාලු.

මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ අර අපිව බලාගන්න වයසක කෙනා අපිව එක්ක යනවනෙ වැව බලන්න.එහෙම ගියපු වෙලාවක වැවේ තියන වේලිච්ච ගොම කෑල්ලක් ඇහිදගන කටේ දාලා. ඒකේන් තමයි ඒ ලෙඩේ බෝ වෙලා තියෙන්නෙ එයාට.ඒ ගොම වල තියෙන්නැති කුරුමිණි බිත්තර ඒවා අක්කගෙ ශරීරේ ඇතුලේදි වර්ධනය වෙලා පැටව් එනව ඇති :)).

පස්සෙ දවසක අපිව බලාගත්ත කෙනා කියල තියනව මම් වැවට එක්ක ගිය දවසක ඇවිදින්න බිම තිබ්බ විතරයි මෙයා මම් අහක බලනකම් ඉදලා මොකද්ද කටේ ඔබා ගත්තා,මම් අරන් දැම්මා කියල.

ඒ කිව්ව දේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් පොඩි අයව පරිස්සම් කරන එකනම් සෑහෙන අමාරු වැඩක් කියල  තේරෙනව අපිටත් දැන් ඒ වයසෙ කෙනෙක් ඉන්න නිසා.දකින දකින දේ කටේ ඔබාගන්නව.ඒ නිසා නිතර අවධානයෙන් ඉන්න ඔනේ.