Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Tuesday, July 1, 2014

අරන් යන පොත් | Please Return

 

කියවීමේ රුචිය අඩුවෙලා කීවට තරුණ අය අතරෙත් පොත් කියවන අය ගොඩක් දෙනෙක් ඉන්නව. ඒක පේන්නෙ බුක් ෆෙයාර් එකකට වගේ ගියාම.හැබැයි ඔය ඔක්කොම එන්නෙ පොත් ගන්නද එහෙම ගන්න පොත් ඔක්කොම කියනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්.

මං ගොඩක් වෙලාවට මාසෙ පඩියෙන් පොතක් ගන්න අමතක කරන්නෙ නෑ. බුක් ශොප් එකකට යන්න පුලුවන් උනොත් නිවාඩු පාඩුව තියන වෙලාවට තෝරලා බලල පොත් කීපයක්ම ගන්නවා.අනික පුරුද්දක් විදියට පොතක් ගත්ත  ගමන් අලුත් කවරයක් දාන්නත් වගබලා ගන්නවා.

කලින් මෙහෙ පබ්ලික් ලයිබ්‍රි එකටත් බදිල හිටියා.ඒත් මට ආස මටම කියල අලුත් පොත් අරන් කියවන්න, එතකොට ඒ පොත් මගේමනේ :)

පොත් වලට ආස ආදරේ අය ගොඩක් පොත් පරිස්සම් කරනව. එපා වෙනම දේ තමයි පොත් බලන්ඩ අරන් ගිහින් ගෙනත් දෙනෙන් නැති එක. එක්කො බලන්නෙ නෑ අරන් ගියාට ඔහේ තියන් ඉන්නව එහෙම හිටියම අපිටත් අමතක වෙනව පොත දුන්නෙ කාටද කියල.

ගත්ත කෙනාට කිසි ගානක් නෑ ආය ගෙනත් දෙන්න ඔනේ කියල. ඔන්න ඔහොම තමා පොත් නැති වෙන්නෙ ඉතින් යාලුවන්ට උනත් පොත් දෙන්න හිතෙනවද ? :( 

මේකට විසදුමක් විදියට ලොක් කරන්න පුලුවන් පොත් අල්මාරියක් හදාගත්ත. පොතක් ගත්ත කවරයක් දැම්ම කියෙව්ව.ලොක් කරල දැම්ම. පොතක් කියවල ගෙනත් දුන්නම තමා ආය වෙනත් පොතක් දෙන්නෙ. ඇයි වදේ මම් ආසාවෙන් එකතු කරන කියවන පොත් එහෙම නැතිවෙන්න දෙන්න පුලුවන්ද ? ඒකේ අමාරුව, දුක තියෙන්නෙ මටනේ.

Saturday, June 28, 2014

තක්කාලි | Tomato


තක්කාලි බීජ ටික හම්බුනේ තාම හැබැහින් වත් දැකල නැති යාලුවො දෙන්නෙක් ගෙන්. ඒ මීට මාස කීපෙකට කලින් .මේ වෙද්දි පැල වල මල්, පොඩි ගෙඩි ටිකකුත් තියනව.

 මේ කාලෙ මෙහෙට පායනව හිටු කියල. ඒ නිසා වතුර ප්‍රශ්නේ තමා ගොඩක් ම පැල වලට බලපාන්නෙ, පැල ඉක්මනටම වේලෙන්න බලනව,කොහොම හරි හදාගන්න තමයි උත්සහය.

හැමදාම උදේ නැගිට්ට ගමන් මිදුලට ගිහින් පැල ටික දිහා බැලුවම හරිම සතුටක් දැනෙනවා. වතුර බිල වැඩී කියල අම්ම කෑගහන එක තමා ඉවසන්න බැරි . :(  ඒත් අම්මටත් ආස හිතිලද කොහෙද දැන් පැල  වලට සාත්තු කරන්න පටන් අරන්.



Thursday, June 26, 2014

මිරිස් වගාව‍ | Chilly Cultivation


මිරිස් වගා කිරීම ගැන උනන්දුවක් ආවෙ අපේ ගෙවල් පැත්තෙ මිරිස් වගා කිරීම සම්බන්දයෙන් ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මක වෙනව කියල දැනගත්තහම.

නොමිලේම පොතිලින් බදුන් - මිරිස් බීජ දෙනව කීව නිසාම ආසාව තවත් වැඩි උනා. නිකන් දෙන එකේ හදලා බලනව කියල හිතුව.මිරිස් ගැන මම් කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් තමයි මේ තියෙන්නෙ ,
මිරිස් වගා කිරීම
මිරිස් තවාන් දැමීම   

මේ වෙද්දි එක සැරයක් මිරිස් කඩලත් ඉවරයි. මේ දවස් වල මෙහෙට ගොඩක් පායන නිසා පැල වලට ටිකක් සාත්තුව වැඩි කරන්නත් වෙනව.

මේ පැල පොඩිම කාලෙ








Sunday, May 25, 2014

එළබටු |


ගොඩක් දෙනෙක් මේ කාලෙ  කාබනික ගොවිතැන ගැන කතා වෙනව පුලු පුලුවන් විදියට ගෙදර හදාගන වවාගන කන්ඩ කියනව. 

වහ කාල ලෙඩ වෙනවට වඩා ඇත්තටම එහෙම පුලුවන් නම් ගොඩක් හොදයි. ඉඩ කඩක් තියනව නම් පැල කීපයක් හරි හදාගන්න, මානසික තෘප්තියකුත් ලැබෙනව,පැලයක් ඉන්දල ඒක ලොකු වෙලා දල්ලක් මලක් කරලක් එද්දි මාර සතුටක් දැනෙන්නෙ.

ඒත් සමහරු නම් කියනව ,"අනේ අපිට ඔවට කාලෙ නෑ... අනික වතුර දාන්ඩයි... (වතුර බිලුත්  දැන් ගනන් නිසා ) මඩ අනන්ඩයි... එපා වෙනව! ලෙඩත් හැදෙනව පොහොර නොදා කොහොමද ඕව කරන්නෙ? ඊට වඩා හොදයි කීයක් හරි දීල පොලෙන් / කඩෙන් ගේන එක" කියල. 

සමහර වෙලාවට හිතෙනව ඒකෙත් ඇත්තක් තියනව  කියල ඒ උනාට පොඩි හරි ට්‍රයි එකක් දීල ගහක් දෙකක් හදල බලන්ඩකෝ ඒකෙත් අමුතු ගතියක් තියනව :) . 

දවසක් එක එළබටු ගහක් හැදුව.වතුර එහෙම දාල ගස් වලින් වැටෙන් කොල එහෙම ලන් කරල පොඩි සාත්තුවක් දුන්න, ඔය උඩ තියෙන්නෙ ඒ ගහේ පලදාව. මේ වෙද්දි ගොඩක් වතාවක් ගෙඩි කඩල තියනව අහල පහල අයටත් දීල තියනව. ඉතින් සතුටුයි! 


බීල නිදිද?

 

එදා සෙනසුරාද දිනයක් .සුපුරුදු පරිදි පොලට ගිහින් ඉරිදා පත්තරේයි කෙහෙල් ගෙඩියි අගුණ කොලයි ගන්ඩ  ඔනී නිසා යාලුවත් එක්ක ටවුමට ගියා.

ගිහින් එයාට ඔනේ අඩුම කුඩුම අරගන්නකම් පස්සෙන් ගිහින් බස් එකට  දාල පත්තර අරගන්න කියල පොල පත්තට හැරුන විතරයි ව0ගුවෙම මෙන්න සෙනගක් එකතුවෙලා ඉන්නව, හොම්බ දාල බැලින්නම් ගෑණු කෙනෙක් හෝටලයක් ඉස්සරහ පේව්මන්ට් එකේ වැතිරිලා.

බැලූබැල්මටම මට නම් හිතුනෙ මැරිලාවත්ද කියල. තව ටිකක් කර පොවල බලද්දි තමා අවුරුදු 2කට අඩු ඇති කියල හිතුන පොඩි එකෙකුත් ජාරා වෙච්ච් කලිසන් කොටයකුත් ඇදන් ඉන්නව දැක්කෙ.

ලමයගෙ අතේ කවුරුහරි දීපු පොඩි බිස්කට් පැකට් එකක්. විඩෙන් විඩේ ලමය අම්ම කියල හිතන්න පුලුවන් අර ගෑනු කෙනා ගාවට ගිහින් අතින් අදිනව, ඒ ගෑණුකෙනාට ගානක් වත් නෑ අඩුගානෙ හෙල්ලෙන්නෙ වත් නෑ. මම් නම් හිතුවෙම මැරිලා තමා කියල.

ඔය අතරෙ ස්ටෑන්ඩ් එකේ ඉන්න පොලිස් රාලහාමිල දෙන්නෙකුත් ආවා, එතකොට තමා ඒ හෝටලේ කොත්තු හදන බාස් කෙනෙක් කීවෙ, ඔය "ගෑණි හැමදාම ඔහොමයි හවසට බීල මෙතන බුදියනව, මේ ලමය කානුවෙ වැටිල ඉදල මේ දැන් ගොඩගත්තෙ" කියල. 

…ප්‍රධාන පාර දෙපැත්තෙ තියන කානුව ආවරණය කරල තිබ්බත් ඔය කියපු තැන පොඩි ඉඩක් තිබිල අර ලමය එතන්ට වැටෙන්ඩ ඇති.සෑහෙන ගැඹුරකුත් තියනව. වෙලාවට කවුරුහරි දැකල තියනව රෑක වැටුන නම්!... 

පොලීස් රාළහාමි වතුර ෙබා්තලයක් අරන් ඇවිත් අර ගෑනු කෙනාගෙ කටට වක් කරා. කොහෙද මැරිල වගේම තමා හෙල්ලෙන්නෙවත් නෑ නිදි.  වටේ පිටේ හිටපු අය ගෑනු කෙනාට බැන බැන යනව... ලමයා අම්මගෙ අතින් අදිනව ඇහැරවන්න හිතන් වෙන්න ඕනි. 

හැමදාම රස්සාවට යද්දි ඔය හෝටලය අහුකරන් ගියත් මේ වෙනකම් ඒ ගෑණු කෙනා අාය දකින්ඩ හම්බුනේ නෑ.

Thursday, February 13, 2014

මම ආයෙත් | Started Dating Again - 1



ඔයා දන්නව මම ලගකදි ඉඳන් ආපහු ඩේට් කරන්න පටන් ගත්ත බව. මට ගෑණු ළමයි කීප දෙනෙක්වම ආශ්‍රය කරන්ඩ හම්බ වුණා. ඔයාට නිකමට වගේ කියන්න ඕනෙ උනේ මගේ හිතේ තිබ්බ අදහස. මම කරන්න හිතන් ඉන්නෙ මොනවද කියන දේවල් ගැන.

මට මීට කලින් සම්බන්ධකම් කීපයක් තිබිල තියනවා. පලවෙනි එක මට වයස 16 - 19 විතර කාලෙදි. මම අවුරුදු 2 ක් විතර පළවෙනි කෙල්ල පස්සෙන් ගියා. ඒ අවුරුදු දෙකේදිම අපි යාලු වෙමුද කියල එයාගෙන් ඇහුවෙ නෑ. එහෙම අහන්ඩ මම් ගොඩක් ලැජ්ජා වුණා. 

කොහොම හරි අන්තිමේදි ඒ සම්බන්දෙ පටන් ගත්තා. ඒක අවුරුද්දක් විතර වගේ තිබුන. සමහර විට ඊටත් වඩා අඩු ඇති. ඒ දවස්වලම තවත් කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම් ඒ කාලෙ ගොඩක් හැන්ඩ්සම්. ඉතින් ඒ දෙන්නවම කිට්ටුවෙන් ආශ්‍රය කරපු යාලුවො හිටිය නිසා ඒ දෙන්න එකිනෙකාව දන්නවා. 

එයාල දෙන්නම හොඳ පෙනුමයි, එකම සයිස්,එකම වගේ පෙනුම, ගොඩක් පැහැපත්, හැබැයි මට වඩා වැඩිමල්. මම ඉස්කෝලෙ යන කාලෙ මගේ පස්සෙන් ආපු ගෑණු ළමයි කීප දෙනෙක් හිටියා. ඒත් මම ලැජ්ජාවෙන් හිටියෙ, ඒ දවස් වල මම ගොඩක් අහිංසක පෙනුමයි.මගෙ යාලුවොත් මට හිනාවෙන වෙලාවල් තිබ්බ ඔහොම ඉදල නම් හරි යන්නෙ නෑ කියල.

ඒ දෙවෙනි කෙල්ල ටිකක් කොල්ලෙක් වගේ.එයා සමහර වෙලාවට මට කැමති වෙලා හිටපු අනිත් කෙල්ලන්ට ගහන්න, රණ්ඩු කරන්න පවා ගියා. එකපාරක් එයාට එහෙම දෙයක් හින්දා ඉස්කෝලෙදි ප්‍රශ්නයක් ඇති වෙන්නත් ගියා. ඒත් එයා ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා හිටපු හින්දයි, එයා ගොඩක් දක්ෂ කෙනෙක් හින්දයි ඒ ප්‍රශ්නෙන් බේරුණා.

දැන් ඒ දෙන්නම කසාද බැඳල, දෙන්නටම දුවල දෙන්න ගානෙ ඉන්නව. පලවෙනි එක්කෙනා බැංකුවක ඉහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක්, දෙවෙනි එක්කෙනා විශේෂඥ වෛද්‍යවරියක්.  

මගේ පළවෙනි සම්බන්දෙ නැතිවෙච්චි ගමන්ම දෙවෙනි කෙල්ල ඇවිත් තව පාරක් මගෙන් ඇහුවා කැමතිද කියල. මට ඒ වෙලේ එයාට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒ මොකද කියනව නම්, පළවෙනි කෙල්ලව නැති වෙච්ච එක ගැන මම ගොඩක් දුකෙන් හිටියෙ, මට වෙනස් වෙන්න ඕනෙ වෙලා තිබ්බ. 

අපි දෙන්න අවුරුද්දක් විතර එකට ගමන් බිමන් ගියා. ඔහොම කාලෙ ගෙවිල ගියා. පස්සෙ මම මේ රටට ආවා. අපේ සම්බන්දෙ තවත් අවුරුදු ගාණක්ම තිබ්බා. ඒ සම්පූර්ණ කාලෙදිම මම එයාට බොහොම අවංකවයි හිටියෙ.ඒක මම් කියන්නෙ වගකීමෙන්.

ප.ලි:- සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. 

කෙල්ලෙක්ට හොදම රස්සාව | Best Job for a Girl


http://www.tangischools.org/cms/lib3/LA01001731/Centricity/Domain/62/teacher.gif

අපේ අත්තම්මලාගෙ කාලෙටත් ඉස්සර කෙල්ලො ඉස්කෝලෙ යන්නෙ 5 පංතියට වගේලු.ඇයි ඉතින් ගියා කියල මොක කරන්ඩද ගෙදර වැඩ පල කරගන ඉන්නව මිසක්. පස්සෙ පස්සෙ අපේ අත්තම්මලගෙ කාලෙ විතර වෙද්දි ඕක ටිකක් වෙනස් වෙලා.ඉස්කෝලෙ යවන්ඩ  පටන් අරන් යන්තන් අත්සන ගහගන්ඩ පුලුවන් වෙන්ඩවත් කියල.

දැන් එහෙම වෙනසක් නෑ කෙල්ලො කොල්ලො කෝකත් එකයි. ඉගන ගන්න ඕනේකම උනන්දුව තියනව නම් ඉහලටම යන්ඩ චෑන්ස් එක තියනවා. මුලින් මුලින් ගෑණු අය ගොඩක් දෙනෙක් ටයිපින් ශෝට් හෑන්ඩ් වගේ දේවල් වලට තමයි කැමැත්ත තිබිල තියෙන්නෙ.පස්සෙ ක්ලැරිකල් වර්ක් වගේ ඒවට. 

දැන් එහෙම බේදයක් නෑ.පහලම මට්ටමේ ඒ කීවෙ කා.කා.ස. මට්ටමේ ඉදන් පරිපාලන, කලමණාකරන මට්ටමේ රස්සාවල් වල පවා ගෑනු අය නිරත වෙලා ඉන්නවා. ඒත් තාමත් ගෑනු කෙනෙක්ට නිදහස්ම ගැලපෙනම රස්සාව මේකයි කියල ගොඩක් දෙනෙක් නිශ්චිත කරන් ඉන්න ජොබ් එකක් තියනව. ඒක ගෑනු අයට කියාපු රස්සාවලු. නිදහස තියනවලු, විවේකෙ තියනවලු බ්ලා... බ්ලා... ගොඩයි. ඒ උනාට දැන් ඉස්සර වගේ නෙමේලු. ඒ රස්සාව කරන අය කියන හැටියට දැන් ඔය කියන තරන් නිදහසක් නෑලු. ඉස්සර කාලෙ වගේ නෙමේ ලු. 

දැන් ඉන්න රස්සව ඉගන ගත්ත දේට අදාල නොවුනට ආසාවෙන් කරනව. එක එක ආයතන විවිධ තනතුරු දරන අය එක්ක රාජකාරි මට්ටමෙන් සම්බන්ධ වෙනව, ඒක හොදයි කියල හිතෙනව ඉතින්. අනික අවුරුදු 5ක් යනකම් දෙයියනේ කියල ගෙදර ඉදන් රස්සවට යන්ඩ පුලුවන්,පැය 1/2 න් ගෙදර. මේකට ගියොත් ඉතින් දුශ්කර තපින්ඩ වෙනව අවම අවුරුදු 5ක්. සමාජ ආශ්‍රය අඩුයි. 

ඒත් ගොඩක් දෙනාගෙ කීම තමයි ඔයා යන්ඩ... මේකේ ඉන්ඩ එපා... අපරාදේ ඉගන ගත්ත දේ.. නිදහස... විවේකේ... තියනව, පස්සේ කාලෙක ලමයිට හරි හොදයි. එයාලට ඉගන ගන්න ගෙදර වාතාවරණය සැකසෙනව... කතා ගොඩයි.

දැන් බලන්ඩ ඔයාල උනත් අම්ම අප්පච්චි නිසානේ ඔහොම ඉගන ගත්තෙ!... මට ඔය කතාව තමයි පේන්ඩම බැරි, ඇයි යකෝ, දෙමව්පියෝ ගුරුවරු උනා කියල ඉබේ ලමයි ඉගන ගන්නවද, උත්සහය උනන්දුව නැත්තම්, හරියට අපෙ මොලෙන් මොකවත් කරන්න නැතුව ඉබේ විභාග පාස් වෙනව වගේ නේ කතාව.

ඒ කියනව වගේ ගොඩක් වෙලාවට ගෙදර පරිසරයත් බලපාන්න ඇති සමහර විට.ඒත් මට ඒ රස්සාව ගැන ආසාවක් නෑ.අම්මගෙ කීම අහක දාන්ඩ බැරි නිසා ඇප්ලයි කොලා ඇරෙන්ඩ කිසිම කැමැත්තක් නෑ.

කඩේ හාල් | Buying Rice

මේ කන්නෙ ඒ කිව්වෙ 2013/2014  මහ කන්නෙ වැස්සෙ හිගයත් එක්ක කුඹුරු කරන්ඩ බැරුව ගොඩක් දෙනා අත ඇරල.වැස්ස නැතුව මොන කුඹුරුද?...

සමහරු කුඹුරු පාලුවට ඇරල සමහර ඒවල නම් අතිරේක බෝග වගා කරල තියනව, බඩඉරිගු යායවල් තමා ගොඩක්ම පේන්ඩ තියෙන්නෙ.

වතුර තියෙන කන්න වල කුඹුරු කරත් ගොඩක් දෙනා තෙල් බෙහෙත් ගහන්ඩ ටැට්ටර් කුලි වලට තව ගොඩක් දේවල් කරන්නෙ ණය වෙලා.ඒ නිසා හොද අස්වැන්නක් ලැබුනත් අන්තිමට වීගෝනි ටික ගෙට ගේන්ඩ කලින් කුඹුරෙදිම විකුනලා දාන්ඩ සිද්ද වෙනව, එකතු වෙච්ච ණය බේරන්ඩ.

කොහොම හරි එන කන්නෙ වෙනකම් ගෙදර කන්ඩ හාල් ටික ඉතුරු කරගන්නව සමහරු. සමහරුන්ට එහෙම ඉතුරු කරගන්නෙ නැතුව ඔක්කොම ටික විකුනලා දාන්ඩ වෙනව ණය වල හිලව්වට. ඉතින් මේ කන්නෙ ඒ අයට හුලං තමා... කඩේ හාල් කන්ඩ වෙනව.
 
ඉස්සර කඩේ හාල් වල අමුතුම ගදක් තිබ්බ අහම්බෙන් හරි ඉස්කෝලෙට කෙනෙක් දවල්ට බත් කන්ඩ ගෙනාහම ඒ බත් වල අර සැර එනව. මම් ඒවට කීවෙ ගද බත් කියල. එහෙම කියද්දි අම්ම සැර කරනව බත්වලට එහෙම කියන්ඩ එපා පව් කියල.පස්සෙ කාලෙක තමා දැනගත්තෙ ඒ වී තම්බන්ඩ වතුරේ දාල පල් කරන නිසා එහෙම ගද එනව කියල.

සමහරු ඉස්කෝලෙදි ඉන්ටවල් එකට බත් ගේන්නෙම නෑ. සීනි බනිස්/මාලු බනිස්/ ඉදි ආප්ප/රොටි ඔය වගේ එක එක කෑම ගේනව.එයාලගෙ කෑම පෙට්ටි අරිද්දිම ඒ සුවද පැතිරිලා යනව.ඉතින් කෙළ ගිලෙනව සුවදට ඉව අල්ලලාම, කොහෙද අපේ ඉතින් තුන් වේලම බත්නෙ!. 

හොද වෙලාවට මේ කන්නෙ වී ටික විකුණන්නෙ නැතුව ඉතුරු කර ගත්තෙ. නැත්තම් අපිටත් කඩේ හාල් තමයි කන්ඩ වෙන්නෙ.ලංකාව සහල් වලින් ස්වයංපෝෂිතයි කීවට හාල් මිලේ අඩුවක් නෑ, කිලෝ එකකුත් දැන් සෑහෙන ගානක්නෙ!

Tuesday, February 4, 2014

නිදහස වැඩිහිටියන් එක්ක | Independance Day Celebration


සීයා බර කල්පනාවක වගෙයි.
අද අපේ 66 වෙනි  නිදහස් දිනය. ල0කාවේ හැමතැනම නිදහස සමරනවා, එක එක විදියට. අපි මේ සැරේ නිදහස සැමරුවේ අනුරාධපුරේ සාලියපුර වැඩිහිටි නිවාසෙ ඉන්න වැඩිහිටියොත් එක්ක. 

හැම අවුරුද්දෙම අපි වැඩකරන කාර්යාලයෙ අය නිදහස් දවස සමරන්න මෙතන්ට එනව.ජාතික ගීය කියල නිදහස සමරන ගමන්ම හාමුදුරුනමක් වඩම්මල වැඩිහිටියො වෙනුවෙන් පොඩි අනුශාසනාවකුත් කරනවා.

ස0ගීත සාදය
ස0ගීත සර් කෙනෙකුත් එයාගෙ ගෝලයො ටිකකුත් එක්ක එනව ආච්චිල සීයල එක්ක සින්දු කියන්න. එයාල සමහරු අපිත් එක්ක සින්දු කියල නටල විනෝද උනා. සින්දු කියල ටිකක් මහන්සි වෙනකොටම වගේ තේ වෙලාව. එතකොට එයාලට සීනි බනිස් එකකුත් තේ එකකුයි හම්බෙනව.

බනිස් ! තාම තේ ටික නෑ
බනිස් බෙදලා ඉවරවුනාම ආය මහන්සි නැති අය සින්දු කියන්නයි නටන්නයි පටන් ගන්නව. සමහරු බනිස් කකාත් නැටුව. ඒ අතරේ දවල් දානේ පිළියල වෙනව. සමහරු ඒකට උදව් වෙන්න යනව. 

සි0දුවක් කියන්ඩ යන්නෙ මම්

මේ අපේ කාර්යාලයෙ සමාජ සේවා නිලධාරිනිය. එයාටත් හොදට සින්දු කියන්න පුලුවන්. අද එයත් ලස්සන සින්දු ටිකක් කිව්ව ආච්චිල සීයලත් එක්ක එකතුවෙලා. සින්දු කියන්න දන්නෙ නැති අපි වගේ අය අප්පුඩි ගහල පොඩි සහයෝගෙකට එයාලට තාලෙ ඇල්ලුව. 




මේ සීයටත් හොදට නටන්න පුලුවන් පින්තූරයක් ගන්න කියල එයා හිටිය විදිය තමා මේ. එයාට කාත් කවුරුවත් නෑලු. ඒ නිසා මෙහෙ ඇවිත් ඉන්නව කියල කීවා.

දානෙ උයල ඉවර වෙනකම් අපේ කට්ටිය සෙල්ලමේ.

දානේ ගන්න පෝලිමේ


ඇවිදින්න කරන්න පුලුවන් අය මෙහෙම ඇවිත් දානෙ ගන්නව සමහරු වාට්ටු වලම ඉන්නෙ. එයාල ලගට ගිහින් කෑම දෙනව.

දවල් දානෙ බෙදනව
ගොඩක් සීයල ආච්චිල මේ නිවාසෙ ඉන්නව.සමහරුන්ට කාත් කවුරුවත් නෑ. සමහරුන්ට ලමයි සලකන්නෙ නෑලු. සමහරු කියන්නෙ  එයාලට පාඩුවෙ ඉන්න පුලුවන් මෙතන නිදහස්!... කියල.

Wednesday, January 22, 2014

හොරා කෑම | petty pilfering




තමන්ට අයිති නැති දෙයක් ගැනීම වරදක් පාපයක් හැටියට තමයි අපි ඉගනගන තියෙන්නෙ... ගොඩක් ආගම් වල ඒක වරදක් වගේම පවක්.

හොරා කෑම ගොඩක් වෙලාවට කරන්නෙ බල්ලො... පූසො... වදුරො... රිලව් වගේ තිරිසන් සත්තු. 

හදිස්සියෙ ගෙදරට ගෙනාව මාලු ටිකක් සුද්ද කරන්න කලින් වහල තියන්න බැරුව ගියොත් හොරෙන් බැනල කන්නෙ පූසෙක්.

ඒෙහම නැත්තම් ගෙදර තියන බත් මුට්ටියක් පොල් බෑයක් හොරෙන් උස්සගන යන්නෙ වදුරෙක් නැත්තම් රිලවෙක්.

ඒ තිරිසන්නු නේ .

…හොරා කෑම මිනිස්සුත් කරනව, තමන්ට අයිතියක් නැති දේවල් වලට සමහර මිනිස්සු පුදුම පෙරේත  කමක් තියෙන්නෙ, පන ඇති නැති බේදයක් නැතුව මිනිස්සු හොරකම් කරනව. 

ඒ හින්දම හිත් නොහොද කන් ඇතිවෙනව ගහ මරාත් ගන්නව.

අර කතාවටත් කියනවනේ නිකන් දෙනවනම් නිකන් ගන්න තියනව නම් දෙමළ පත්තරේ උනත් ගන්නව කියල. 

ඒ වගේම තමයි හොරෙන් දෙයක් ගත්තමත් සමහරුන්ට ඒෙක මාර "ආතල්" එකක් තියෙන්නෙ, එහෙම ගත්තම හරියට නිකන් රටක් රාජ්ජයක් දිනාගත්ත හා සමානයි.  

හොරා කෑම හැමෝම කරන්නෙ නෑ, ඒකටත් හැකියාවක් තියෙන්න ඔනේ කියලයි හොරා කන අය හිතන්නෙ.

එහෙම හොරා කන අය ගේ අම්ම අප්පච්චිලව සමහරු නිතර මතක් කරනව කියල එයාල දැන්නෙ නෑ.  

පොදු දේපල හොරා කෑම මේ අතරින් විශේෂයි. පොදු දේවල් නේ ඉතින් අපි ගෙනිච්චම මොකෝ... එහෙම නැත්තම් මොකාද එන්නෙ ඕව තියනවද කියල ගනන් කරල බලන්න!... ඔන්න ඔහොමයි කතාව.

වැරදිලා වත් සැකේට වගේ "මෙහෙම දෙයක් තියනව දැක්කද? " ඇහුවොත් කියන්නෙ අනේ මම් එදා  හිටියෙත් නෑ ! දන්නෙත් නෑ! දැක්කෙත් නෑ ! කියල.

අහපු කට මොකටද කියල හිතෙනව ඇරෙන්න මේවා කාටද කියන්නෙ ඉතින්!

Tuesday, January 21, 2014

කොහොමද දුව | How's your Daughter ?


 

හෙලොව්....
…හලො! මම් මේ කතා කරන්නෙ අරවල් තැනින්....ඔයාල අර අහවල් පත්තරේ දාල් තිබ්බ ම0ගල දැන්වීමට...

…ආ...

ඉතින් මේ වෙද්දි කෙනෙක්ව යෝජනා වෙලාද?... කොහොමද දන්නෙ නෑ...

…ආහ්... නෑ... තාම හොයනවා ඉතින්.... ඉක්මනට කරන්න පුලුවන් දේවල් නෙමේ නේ....

…හි....හි... ඒක ඇත්ත....මිස් මම මේ  කතා කරේ අපේ පුතාටත් කෙනෙක් හොයනව, එයා වැඩ කරන්නෙ අර ******  කොම්පැණියේ.
… 
ආ..හ්ම්ම්ම් ... 

මමයි පුතයි විතරයි ඉන්නෙ. මහත්තය ලගදි අන්ත්‍රා උනා... හාර්ට් ඇටෑක් එකක් හැදිලා. ඉතින් අෙප් තියන හැමදේම පුතාට තමයි. එයා  රස්සාව කරන ගමන් අර අරවල් කැම්පස් එකේ එම්. එස්. සී. එකත් කරනව, ඉතින් ගොඩක් මහන්සි වෙනව... කෙනෙක් හොයාගන්න කීවට වෙලාවක් නෑ... කිය කිය ඉන්නව හි..හිහ්...

 ආ.. මේ ෙද්වල් වලට කල් අැරලත් බෑ ඉතින් නේද?.  වයස ආවම පිලිවෙලක් කරන්න එපැයි. අපෙ ගෙදර මමයි, මහත්තයයි, දුවයි, පුතා වැඩිමල්... එයා  බැදල වෙනම ඉන්නෙ, මහත්තයයි මමයි රිටයර්ඩ්. දැන් ඉතින් මේ දුවගේ වැඩේ තමයි තියෙන්නෙ.  අෙප් දුව වැඩ කරන්ෙන අහවල් තැන.

 ආ මම් එතන දන්නව, එතකොට මිස් කොහෙද වැඩ කරේ....

…අපි දෙන්නම ටීචින් නේ,මම් මේ අහවල් ඉස්කෝලේ,මහත්තය නම් වැඩ කරේ අන්තිමට පලාත් අධ්‍යාපන කාර්යාලයේ...

…ආ... මමත් ටීචින් තමයි. මම් කරේ 9 -11 සි0හල.... අන්තිමට වැඩ කරේ **** ඉස්කෝලේ....

…අහ් එහෙනම් අපෙ මහත්තයල එහෙමත් දන්නව ඇති. එයත් සි0හල තමා ඉගැන්නුවේ ....

… ආ..එහෙමද? මොකද්ද මිස් මහත්තයගෙ නම?...

…**** *********

…අහ්..මම් දන්නවනේ.මිස් දන්නවද දන්නෙ නෑ මම් නාලිනී..
. මහත්තය දන්නවා...

හම්.... නාලිනී ******* ද?

ඔව්. ඔව්..! 

…හා...මට මහත්තය කියල තියනව ඔයා ගැන.... තාම වැඩද ?


ඔව්, තව අවුරුද්දක් තියනව පෙන්ශන් ගන්න.

…ඉතින් දුව කොහොමද? අපේ පුතා නම් උසයි, කෙට්ටුයි... ටිකක් විතර පාටයි...

…අපේ දුව ඉතින් අපි දෙන්න වගේ තමයි, හිහිහ්...

…එහෙනම් මිස් මම් පස්සෙ වෙලාවක කෝල් එකක් දෙන්නම්. පුතාටත් කතා කරල.

…ආහ්..හා. ඒක හොදයි....හරි ඒෙහනම් ෙබාෙහාම ස්තූතියි කතා කරාට.
**************************************************************

කොහෙන්ද?...

…ඔයාගෙ පරණ යාලුවෙක්.... ගොඩක් කල් ඉදන් අදුරනවත් කිව්වෙ.

…කවුද?

…නාලිනී කියල කෙනෙක් .

…නාලිනි ???...

හිහි... …හ්ම්ම්ම්.... නාලිනී ******* …!

Sunday, January 19, 2014

මිරිස් තවාන් දැමීම | Preparation of Chilli Nursery

මගෙ තවාන

පොලිතින් බදුන් වල  මිරිස් වගා ව්‍යාපෘතියක් ගැන මම් කලින් කීව්වනේ, අද කියන්න හදන්නෙ කොහොමද මිරිස් ඇට ටික තවාන් දාගන්නෙ කියල. විශේෂයෙන් කියන්න ඕනේ මම් මේ උපදෙස් ටික ලබාගත්තෙ අපි සම්බන්ධ උනු පුහුණු වැඩසටහනේදි.   

මිරිස් ඇට

 මිරිස් ඇට ටික පැල කරගන්න නම් අපි පොඩි තවානක් හදාගන්න ඕනේ. බිම් තවානක හදනවට වඩා තවාන් තැටියක පැල ටික හදාගන්න එක ලේසී කියල තමයි කීවෙ. 

තවාන් තැටි ගන්න තියනව පොහොර එහෙම විකුණන කඩ වල. තැටියක් නැත්තම් අඹ කොළවල නැට්ට කපල රවුම් කරල ටූත් පික් එකක්/ඉරට්ටක් ගහල හදාගන්නත් පුලුවන්.  
 
මෙන්න මේ විදියට ටූත් පික් එකක්/පොල් ඉරට්ටක්  ගහල හදාගන්නත් පුලුවන්

කොල වලින් හදන තාවනේ පැල කෙලින්ම පොලිතින් බදුනේ හිටවන්න පුලුවන්. 

එහෙම නැත්තම් අඹ කොල වෙනුවට නෙස්කැෆේ කප් ,යෝගට් කප් වගේ ඒව හොයගන්න තියනව නම් හරි.නැත්තම් කෙසෙල් පට්ට උනත් ගන්න පුලුවන් ලු.

මුලින්ම මිරිස් ඇට ටික පැය 12ක් විතර වතුරෙ පෙගෙන්න තියන්න ඔනේ.

වතුරෙ දාල පෙගෙන්න පැය 12ක් වත් තියන්න ඔනේ

පස්සෙ දිලීර නාශකයක් එහෙම දානව නම් ඒවා දාල පොඩි රෙදි කෑල්ලක පොට්ටනියක් හදල දවස් 3ක් විතර තියල තියන්න ඕනෙ.ඒ වෙද්දි පැල වෙන්න පටන් ගන්නව/කනු කැපුනු බීජ තත්වෙට පත් වෙනවා.

පස්සෙ මතුපිට පස් ටිකක් බැදල අරන් (තාච්චියකට දාල ටිකක් බැදල ගන්න ) කොම්පොස්ට් 1:1 අනුපාතයට මිශ්‍ර කරල  තවානට දාගන්න. 

ඊලගට අර පොට්ටනිය ලෙහලා මිරිස් බීජ 2 බැගින් සෙන්ටිමීටර් 1ක් වගේ ගැඹුර පොඩි වලවල් වලට දාගන්න ඕනේ.

…තවානට ජල සම්පාදනය කරනන්ත් ඕනේ... මල් බාල්දියකින් වතුර දානව වගේ ස්ප්‍රේ කරන එක හොදයි කියලයි කීවෙ.


දවස් 21 විතර ගියාම පොලිතින් බදුනෙත් හිටවන්න පුලුවන්ලු.. හොදට හිරු එළියට හුරු කරවන්නත් ඕනේ කීව.අඩුම ගානෙ පැය 6ක් වත් හොදට හිරු එලිය වැටෙන තැනක පොලිතින් බදුන් තියන්න ඕනේ. 

මගෙ තවානෙ පැල හැදෙන්න  තව කල් තියනව, මේ දවස් වල පැල එන්නෙ කොයි වෙලාවෙද කියල බලන් ඉන්නෙ . :)

Monday, January 13, 2014

නැතිවුන පාර්සලේ | Parcel which lost has eaten by ?


හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් පාර්සලයක් යවන්න උනොත් අපි කරන්නෙ පෝස්ටොෆිස් එකට ගිහින් පාර්සලේ බරට රෙජිස්ටර් ගාස්තු ගෙවල දීල එන එකනෙ. කුරියර් සර්විස්වලට වඩා අපිට තාම පුරුදු ඒ විදිය.

මේ ලගකදි ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙදි මටත් ඕන උනා එහෙම පාර්සලයක් යවන්න යාලුවෙකුට. ඉතින් දෙසැරයක් නොහිතා ගියෙ තැපැල් කාරියාලෙට, ගිහින් රෙජිස්ටර් ගාස්තු ගෙවල පාර්සලේ යවලා ඒක හම්බු උනා කියනකම් බලාගන හිටිය.

පාර්සලේ තැපැල් කරේ 2013 දෙසැම්බර් 17. නත්තල් /අලුත් අවුරුදු කාලෙ නිසා තදබදේට අහුවෙලා ඇතියි කියල මුලින් හිතුවෙ, සති දෙකක් තිස්සෙ බලාගන හිටියා... හම්බුවෙලා නෑ..

පාර්සලේ ඩෙස්ටිනේශන් එක වෙලා තිබ්බෙ නුවරඑලිය පැත්තෙ නිසා අන්තිමට හිතුවෙ ටිකක් දුර නිසා දවස් 3ට වඩා ගත වෙනව ඇති කියල.

වෙලාවකට හිතුන පාර්සලේ හම්බවෙලා ඇති!.. යාලුව මට බොරු කියනව වද්ද කියල. 

…කොහොම හරි පාර්සලේ හම්බෙලා තිබ්බෙ නෑ. ඒත් රෙජිස්ටර් පොස්ට් නිසා එයාට ඩිලිවර් කරන්න බැරි නම් මට ආපහු එවන්න ඕනෙ.එහෙම උනෙත් නෑ.ඇඩ්රස් එකත් හරි.!...


ඒ කියන්නෙ පාර්සලේ නැති වෙලා.... එක්කො අතර මග හිරවෙලා... 

බලා ඉන්න බැරිම තැන ගිය සතියෙ පොස්ට් ඔෆිස් එකට ගියා. ගියාම කිවෙ නැතිවෙච්ච පාර්සල් ගැන දැනගන්න පෝරමයක් පුරවල දෙන්න ඕනේ... ඒක ඉවර වෙලා (එක්කො තිබිල දුන්නෙ නැද්ද දන්නෙත් නෑ)වෙන දවසක එන්න හොයල තියන්නම්... කියල. 

හාකෝ... කියල එදත් හැරිලා ආව.. 

තුන් වෙනි දවසෙත් ගියා එතකොට පෝරමෙ ගෙනත් !... (වැඩේ අත අරින්නෙ නැති බව දැනගන පෝරමේ දුන්න වෙන්නත් බැරි නෑ ) ඒක පුරවල දුන්නම තව රු.25/=ක් ඉල්ලුව. ඒකත් දුන්න. 

ඒ පෝරමේ පුරවල යැව්වම නැතිවෙලා නැතුව කොහෙ හරි හිරවෙල තියනව නම් දැනගන්න පුලුවන් කියල තමයි එතනින් කීවෙ. 

අද ජනවාරි 13.මේ වෙනකම් පාර්සලේ ගැන කිසි තොරතුරක් නෑ..මට දුක පාර්සලයක් එවනව කියල මම් බොරුවක් කිව කියල යාලුව හිතයි කියල. මදැයි !

පාර්සලේ දික් කරද්දි \ඇහුව මොනවද මේකේ???... කියල මම් කීවෙ පොඩි බබෙකුට චොක්ලට් පාර්සලයක් කියල. හත්දෙය්යනේ ආය ඕක හොයන එකක් නෑ කියල කඩල කෑව වත්ද?

එහෙම වෙන්නත් බෑ නේ. ඔයිට වඩා වටින දෙයක් නැති උනත් ඔච්චරයි. කොහොමද ඉතින් විශ්වාසය තියන්නෙ මේව ගැන. ඇයි අපිටම මෙහෙම වෙන්නෙ :( 

Sunday, November 24, 2013

වැස්ස වෙලාවට කරන්න හොදම දේ



මේ දවස් වල රටේ ගොඩක් තැන් වලට වහිනව. මහ කන්නයට රජරටට ගොඩක් ලොකු වර්ෂාවක් වෙනදා ලැබුනත් මේ කන්නෙ වර්ෂාව ගොඩක් ප්‍රමාදවෙලා තමා ලැබෙන්නෙ... ඒ වගේම වැහි ප්‍රමාණයත් ගොඩක් අඩුයි...සමහර මිනිස්සු කුඹුරු කරන්න අද වහී හෙට වහී කියල බලන් ඉන්නවා .වතුර  දෙන්නත් වැව්  වලට වතුර පිරෙන්ඩ එපැයි ඉතින්.

…කන්න රැස්වීම් පවත්වල ඇල්වේලි එහෙමත් සුද්ද බුද්ද කරන් රෙඩි පිට හිටියට  මොකද වැහි නැ.වැව් ගොඩක් අපේක්ෂිත ජල මට්ටම සපුරලා නැ කියල තමා කියන්නෙ .මහකනදරාව වැවෙත්  ඊයෙ වෙද්දි පොඩි ජල ප්‍රමාණයක් තමා තිබුනෙ.

 ඒත් ඊයෙ ඉදන් ටික ටික වැස්ස .ඉන්දියාවෙ තියනව  කීව කුණාටුව මෙහෙට බලපාලද මන්දා...ගෙයින් එලියට බහින්න බැ වහිනව.ඉතින් ගේ අස්සට වෙලා මොනව කරන්නද. පොඩි කාලෙ වගේ බෝට්ටු හද හද  යවන්නැයි...…


පොඩි උන් දෙන්න හිටිය නම් ඒක වත් කරන්න තිබ්බ,උනුත් නැති එකේ පාලුව නැති කරගන්න මම් නම් කරේ උදේ නැගිටිච්ච් වෙලේ ඉදන් අලුතින්  ගෙනාව පොත කියවපු එක.


ඔහොම හෙන ගහහ වහින වෙලාවට ගොඩක් අය කැමති නම් අල්ප දයන්න ගහල හොදට දොයියන්න .…සමහරු ජනේලෙ ලගට වෙලා වහිනා දිහා බලන් ඉන්න ආසයි.වැස්ස වෙලාවට ගෙදර තිබුනොත් අයිස්ක්‍රීම් කන  අයත් ඉන්නව මම් දන්න කියන, ඒ වගේද පොතක් කියව කියව ඇදට වෙලා කිරිකෝපි එකක් බොන එක.

Saturday, July 7, 2012

හිතාදර පනූ



මං දන්නව ඔයා මූණු පොතට ලොග් වෙන්නෙ නෑ කියල 
දවස් වල ඉදන්ම account එකේ
 පාස්වර්ඩ් එක තිබ්බෙ මං  ලග
ඔයාට මූණු පොතත් එක්ක ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ 
ඒතරම්ම වැඩ
 එහෙම නැත්තම් ලොග් වෙන්න කම්මැලී කියනව
අපි වෙන්වුනා කියල ඒ account එක වෙනස් උනේ නෑ
 ඔහේ තිබ්බ 
මතක් වෙච්ච වෙලාවට
 කලාතුරකින් මං ලොග් වෙලා බලනව
ඒ අතරෙ ඔයාගෙ යාලුවො අඩෝ....කාලෙකින්!කියනව
මම් දැක්කෙ නෑ වගේ ඉන්නව
මොකද ඩෝ......silent !කියල අහද්දි
මම් ලාවට ශේප් වෙලා ආගිය තොරතුරු කියනව
 එච්චරයි
පස්සෙ පස්සෙ ලොග් වෙද්දි ඕෆ්ලයින් දාල ලොග් උනා  
ඒ ඔයාගෙ යාලුවො අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න
 මං දන්නෙ නැති නිසා
නැත්තම් ඒ අය බලයි මේ කවුද කියල
ඒ අය දන්නෙ නෑනේ ලොග් වෙන්නෙ ඔයා නෙමේ මං කියල
ඔයා ලොග් වෙන පාටක් පේන්නම තිබ්බෙ නැති නිසා 
මම් කාලයක් අකවුන්ට් එක ඩිස්කනෙක්ට් කරල තිබ්බ
මගෙ මූණු පොතෙන් ඔයාව රිමූව් කරල ගොඩක් කල්
ඒක ඔයා දන්නව
ඒත් ෆේක් අකවුන්ට් එකකින් යාලුවෙක් විදියට ඉන්නව
ඒක ඔයාට මතක ඇති
මේ දවස් වල මෙහෙ පාරවල් හදනව  
සමහර වෙලාවට අර ත්‍රිකෝණ පාරෙ තියනව දකිනව
 ඒ වෙලාවට මට ඔයාව මතක් වෙනව
ලගදි  එන්ගේජ් උනා කියල ආරංචි උනා
එව්ව මැසේජසුත් මට හම්බුනා
රිප්ලයි කරන්න හිතුනා ඒත් උවමනාවෙන්ම ඒක මග හැරියා
කෝල් කරත් මං ආන්සර් කරේ නැත්තෙ හිතලමයි
ඔයා ගත්ත තීරණය හරි
නොවෙන නොගැලපෙන දෙයක් පස්සෙ ගිහින් 
කාලෙ කාදාන එක වැඩක් නෑ
බලාගන හිටිය හොදටම ඇති
ඕනෙ දේක සීමාවක් තියෙන්න එපැයි
වෙලාවකට මට ඊරිසීයාත් හිතෙනව  
එක අතකින් සතුටුයි
ඔයා හැමදේම අමතක කරල 
අලුතින් ජීවිතයක් පටන් ගත්ත එක ගැන
මූණු පොතේ පින්තූර ගොඩක් දාල තිබ්බ
අහම්බෙන් මං දැක්ක
මට පුදුමත් හිතුන මූණු පොතට ලොග් වෙලා තියනව දැක්කම
පින්තූර ටික දාන්නම් කියල කියල තිබ්බ
 මං හිතුවෙ නෑ ලොග් වෙයි කියල  
 ඒත් මට එක දෙයක් කියන්න ඕනේ
වෙනදා වගෙ කෝල් කරල
 කොහෙද ඉන්නෙ? මොනවද කරන්නෙ?
ආගිය තොරතුරු කතා කරන්න
 විස්තර කියන්න හදන්න එපා 
මම් හිතන්නෙ නෑ එහෙම කතා කරන එක හොදයි කියල

මගදි අහම්බෙන් හම්බුනොත්
 කතාබහ කරල යන එක වෙනම දෙයක්
මොකද දැක්කොත් අහක බලන් නොදන්න අය වගේ 
යන්න තරම් ප්‍රශ්ණ අපිට නෑනේ


එහෙනම් ඔන්න මගෙනුත් අලුත් ජීවිතේට සුභ පැතුම්
ඔබ දෙපළට සියළු පැතුම් ඉටුවන ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා!!!

Thursday, March 1, 2012

වැඩේ කරගන්න කරවල කූරියෙක්

http://www.dreamstime.com/dried-fish-thumb17554021.jpg
මේක මම් අහපු ඇත්තම කතාවක්,මට කිව්වෙ අදුරන අක්ක කෙනෙක්,එයා විවාහ වෙලා හිටිය මහත්තයත් වැඩ කරේ එයත් එක්කම එකම රැකියා ස්ථානයක.අක්ක නම් ගොඩාක් හොදයි.අය්යත් ඒ වගේමයි, ඒ උනත් එයා ඔෆිස් එකේ වැඩක් කරල දෙන්න එක එක දේවල් ගන්න කතාව අපි අහල තිබුනා.

අය්ය වැඩ කරේ ඉඩම් අංශේ නිසා  ඉඩම් සම්භන්ධ දේවල් කරවගන්න,ඒ කියන්නෙ ඉඩම් වලට පර්මිට් හදන්න,උපදෙස් ගන්න,අරවට මේවට සමහරු ගෙදරටත් එනවලු,ඇවිත් එක එක දේවල් ගෙනත් තියලත් යනවලු.

ඔන්න එක දවසක් අය්ය ඔෆිස් ගිහින් නෑ, අක්ක විතරයි ගිහින් තියෙන්නෙ. සරමක් ඇදගත්ත බාට දෙකකුත් දාගත්ත ගමක පෙනුමක් තියන මනුස්සයෙක් අර අක්ක ලගට ආවලු. අතේ ටිකක් ලොකු පාර්සලයකුත් තියනවලු.

හැමවෙලේම එක එක ගැටළු සම්භන්ධව එක එක්කෙනා එන නිසා මෙයාට ඒක අමුතු දෙයක් වෙලා නෑ.ඒ මනුස්සයත් කට්ටිය ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඔහේ බලාගන ඉදලා.පස්සෙ අක්ක අහල තියනව ඇයි මොකද කෙරෙන්න ඔනේ... කියල.

අනේ නෝනා... මම් දැන් දවස් කීපයක්ම ආව...,අර  ඉඩම් අංශේ ඉන්න මහත්තයා අදත් නෑ...එහා පැත්ත හිටපු මහත්තය කිව මෙතන ඉන්නෙ ඒ මහත්තයගේ නෝනා කියල...ඒක නිසයි මේ...

එයා අද නිවාඩු...මොකද්ද කෙරෙන්න ඔනේ...

මොකවත් නෑ නෝනා... මේ කරවල කූරියා මහත්තයට දෙන්ඩ කෝ...මහත්තය කිව්ව වැඩේ කරල දෙන්නම් කියල...ඒක බලන්ඩ තමා මම් මේ අදත් ආවේ...

එහෙම කියල ඒ  මනුස්සය ගෙනාව පත සයිස් කරවල කූරියා අක්කට දුන්නලු.අක්කට ඉබේම වට පිට බැලුනලු.

වෙලාවට කාගෙවත් අවධානයක් ඒකට තිබ්බෙ නෑ කියල තමයි එයා නම් කීවෙ,ඒ උනාට ඔෆිස් එකේ හැමෝම අය්ය ගැන "හොදට දන්නව" කියල තමයි ආරංචිය.

Wednesday, February 15, 2012

මෙහෙම අය ඉන්නවද?

මේ කතාව මට කිව්වෙ මගෙ ලෙක්චර කෙනෙක්.එයා අපිට මුල්ම අවුරුද්දෙ Moral Studies & Ethics ඉගැන්නුව.අපිට උගන්නන කාලෙත් එයා විවාහකයි, මැදිවයසේ කාන්තාවක්. මේ කතාව කියන්න වසර කීපෙකට කලින් එයා ගොඩක් ලොකු ඔපරේශන් එකකට මූණදීලා තියනව.

ඔපරේශන් එක කරලා සිහිය ඇවිත් අමාරුවෙන් ඇදට වෙලා ඉන්න කොට මෙයාට එකපාරටම වෙනසක් දැනිලා නිකම් වමනේ යන්න වගේ ඇවිත්.කරකියාගන්න දෙයක් නෑලු.හෙල්ලෙන්න වත් බෑලු,ඒ තරමට අමාරුයිලු.ඔපරේශන් එක කරල තියෙන්නෙ බඩේ.ලොකු කැපුමකුත් දාල තිබ්බලු.

වෙලාව කියන්නෙ ඒ වෙනකොට එයා ලග උදව්වට කෙනෙක් ඉදලා නෑ.මෙයා ගොඩක් අපහසුතාවයට ලක් උනාලු.වටපිට බලබලා වමනේ යන්න ඔන්න මෙන්න ඉද්දි,ලග ඇදක හිටපු ලෙඩෙක්ට උපකාර කරන්න ඇවිත් හිටිය කෙනෙක් මෙයාගෙ අපහසුතාවය දැකලා ඇහුවලු, ඇයි නංගී?... කියල.

මෙයාට කතාකර ගන්න වත් බෑලු, වමනේ යන්න ඔන්න මෙන්න.ඒ නිසා මෙයා අතින් කියල වමනේ යන්න එනව කියල. ඒ එක්කම බුවෑක්!....ගාල දැම්මලු.වෙලාව කියන්නෙ අර කතාකරපු ගෑණු කෙනා ටක් ගාල එයාගෙ අත්දෙක එකතු කරල බොකුටු කරල අල්ලලා,අරය දාපු ඒවා ටික  ඒ ගෑනු කෙනාගෙ අතේලු.


පස්සෙ එයා ඉක්මනට ගිහින් පිරිසිදුවෙලා ඇවිත්.අපේ ලෙක්චරට ගොඩක් පුදුම හිතුනලු.එයා උනත් මෙහෙම දෙයක් තව කෙනෙක් වෙනුවෙන් කරන එකක් නෑ කියල හිතුනලු.අනික අදුරන්නෙ වත් නැති කෙනෙක් වෙනුවෙන්!


යන්න කලින් ඒ කෙනා ටික වෙලාවක් කතා කර කරත් ඉදලා තියනව. වමනේ ගිහින් ඔයාගෙ ඇගේ වැටුනා නම් තුවාල වලටත් හොද නෑ...අනික මැහුම් දාල නේද?...හදිසියට භාජනයක් වත් හොයාගන්නෙ කොහෙද?කියපු ගමන් ඔයා දැම්මනේ... ඒකයි මම් එහෙම කරේ... කියල කිව්වලු.

පස්සෙ අපේ ලෙක්චර එයාට නොසෑහෙන්න ස්තූති කරල තියනව.ඒදායින් පස්සෙ එයාව හම්බවෙලා නෑ.


එයා කිව්වෙ අපි හිතන්නෙවත් නැති වෙලාවට ඒ වගේ අදුරන්නෙවත් නැති අය ඇවිත් අපිට නොහිතන උදව් කරනව.අහම්බෙන් හරි ඒ වගේ මිනිස්සු තාමත් හම්බවෙනව කියල.

Tuesday, February 14, 2012

ඕපන් ටොයි


මේ සිද්දිය උනේ හරියටම මීට අවුරුදු 3කට විතර කලින්,ඒ අපි නුවරඑළියේ ට්‍රිප් එකක් ගිය දවස් වල.කලින්දා නුවර එළියේ ඇවිත් ඇවිදලා කරලා මහන්සි නිසා වෙන්කරලා තිබ්බ තැනට ගිහින් රෑ නවාතැන් ගත්තා.

 ඒ උදේ පාන්දරම හෝර්ටන් තැන්න බලා පිටත් වෙන අදහස ඇතුව.මොන නැගිටිලිද උදේ පාන්දර වෙද්දි ඉදිකටු වලින් අනිනවා වගේ සීතල.


කොහොමින් කොහොමින් හරි ලෑස්ති වෙලා උදේ ආහාරයත් පොදි බැදගන හෝර්ටන් තැන්න බලා පිටත් උනා. ටික දුරක් එද්දි සීතල වැඩි හින්දමද මන්දා ගෑනු අය කීපදෙනෙකුටම සුලු දිය පහ කිරිමේ දැඩි අවශ්‍යතාවය පැන නැගිලා තිබ්බ :).


අවශ්‍යතාවයට සුදුසු තැනක් බල බලා එද්දි  හෝර්ටන් තැන්නට ඇතුල් වෙන තැන මෙන්න තියනව TOILET කියල ගහලා පෝළිමක්ම.කට්ටියම දෙය්යො දැක්කා වගේ,මහත් සන්තෝසෙන් ඒ පැත්තට ගියේ :).ආව පිරිමි අයගෙන් කීපදෙනෙකුත් ටස් ගාල පිරිමි අයට වෙන් කරල තිබ්බ පැත්තට ගිහින් ගිය කාරිය කරගන ආව.එයාල එද්දිත් ගෑනු අය තාම එළියේ.


පිරිමි අයට ප්‍රශ්නයක්!..අය්යෝ තාම ගියෙ නැද්ද?... අපි නම් ගිහින් ආව :), ඉක්මනට ගිහින් එන්න වෙලාව යනව.දවල් උනොත් ඇවිදින්න අමාරුයි බ්ලා... බ්ලා...


කොහොමද යන්නෙ අෆ්ෆා!...අර... 

ගිය වැඩේ කරගත්ත අයත් දනිපනි ගාල  ලංවෙලා එබිල බැලුව, උදේම අප්සැට් සීන් එකක්ද දන්නෑ කියල. එහෙමත් නෑ හොදට පිරිසිදුවට තියනව.එකම එක ප්‍රශ්ණයයි තිබ්බෙ.


 රූම් එක ඇතුලට ගියාට එහා පැත්ත  පොඩි ෆ්‍රේම් එකකින් එළියෙ කැලේට විවෘතයි.හයියෝ කොහොමද ඉතින් ඕකට ගිහින් සැනසිල්ලේ අදාල වැඩේ කරන්නේ!...ගෑනු අය කියවන්න ගත්තා.


හිහ්... හිහ්... හහ් හහ් හා...ඒක නම් ඇත්ත... කවුද දන්නෙ අපේ අය්යලා උදේම කැලේ ඉදන් මේ පැත්තට සම්මාන දාගන ඉන්නවද කියල,එව්ව කියන්න බෑ... :).


ඒත් අන්තිමට කොහොමින් හරි ඒ අය ඉවසලා ඉවසලා ඉන්න බැරිම තැන ගියපු වැඩේ කරගනම තමයි එන්න ආවේ...