මේ දවස් වල රටේ ගොඩක් තැන් වලට වහිනව. මහ කන්නයට රජරටට ගොඩක් ලොකු වර්ෂාවක් වෙනදා ලැබුනත් මේ කන්නෙ වර්ෂාව ගොඩක් ප්රමාදවෙලා තමා ලැබෙන්නෙ... ඒ වගේම වැහි ප්රමාණයත් ගොඩක් අඩුයි...සමහර මිනිස්සු කුඹුරු කරන්න අද වහී හෙට වහී කියල බලන් ඉන්නවා .වතුර දෙන්නත් වැව් වලට වතුර පිරෙන්ඩ එපැයි ඉතින්.
කන්න රැස්වීම් පවත්වල ඇල්වේලි එහෙමත් සුද්ද බුද්ද කරන් රෙඩි පිට හිටියට මොකද වැහි නැ.වැව් ගොඩක් අපේක්ෂිත ජල මට්ටම සපුරලා නැ කියල තමා කියන්නෙ .මහකනදරාව වැවෙත් ඊයෙ වෙද්දි පොඩි ජල ප්රමාණයක් තමා තිබුනෙ.
ඒත් ඊයෙ ඉදන් ටික ටික වැස්ස .ඉන්දියාවෙ තියනව කීව කුණාටුව මෙහෙට බලපාලද මන්දා...ගෙයින් එලියට බහින්න බැ වහිනව.ඉතින් ගේ අස්සට වෙලා මොනව කරන්නද. පොඩි කාලෙ වගේ බෝට්ටු හද හද යවන්නැයි...
පොඩි උන් දෙන්න හිටිය නම් ඒක වත් කරන්න තිබ්බ,උනුත් නැති එකේ පාලුව නැති කරගන්න මම් නම් කරේ උදේ නැගිටිච්ච් වෙලේ ඉදන් අලුතින් ගෙනාව පොත කියවපු එක.
ඔහොම හෙන ගහහ වහින වෙලාවට ගොඩක් අය කැමති නම් අල්ප දයන්න ගහල හොදට දොයියන්න .
සමහරු ජනේලෙ ලගට වෙලා වහිනා දිහා බලන් ඉන්න ආසයි.වැස්ස වෙලාවට ගෙදර තිබුනොත් අයිස්ක්රීම් කන අයත් ඉන්නව මම් දන්න කියන, ඒ වගේද පොතක් කියව කියව ඇදට වෙලා කිරිකෝපි එකක් බොන එක.