ඉව කරනවා... අම්ම ආවද කියල බලනව වෙන්ඩ ඇති |
අපේ ඔෆිස් එකට අල්ලපු වැටේ තියෙන්නෙ වනජීවී ස0රක්ෂණ දෙපාර්තුමේන්තුවේ කාර්යාලයක්. ඒකට සති දෙකක් විතර වයස අලි පැටියෙක් ගෙනල්ලා.
රැලෙන් මිදිලා කැලේට දාල හිටිය හරක් රැලක් එක්ක \ඇවිත් තියෙන්නෙ.මෙයා ගෑණු සතෙක්. තුවාල වෙලා තිබ්බෙ පිටිපස්සෙ කකුල් දෙකට. තුවාල වලට හේතුව බල්ලන් සපාකෑමලු. ඔලුවත් ටිකක් හීරිලා තිබ්බා.
කවුද ...අම්මද |
කලින් මෙයා කූඩුවෙන් එලියට දාල හිටියෙ.අපි බලන්ඩ එද්දි ආයම කූඩුවට දාලා.ඒ කිරි බොන වෙලාව පහුවෙලා නිසා වෙන්න ඕනේ.දවසකට පැය 2කට සැරයක් ලැක්ටෝජන් දෙනව කියල තමයි කීවෙ.
පොඩි බබාලත් එනව මෙයා බලන්න |
බලන්න එන අය මෙයාව අල්ලන්න හදනව ඒත් එහෙම නොකරනව නම් හොදයි කියල එතන බලාගන්න ඉන්න කෙනා කීවෙ.
බෙහෙත් දාල තීයෙන්නෙ |
මේ තියෙන්නෙ තුවාල... පව් :( |
පස්සගාත් දෙකට තමා හානි වෙලා තියෙන්නෙ බල්ලො කාලා... පේනව නේද දත් පාරවල්. ඒක නිසා ඇවිදින්න ටිකක් අමාරුයි වගේ මෙයාට... එක කකුලක් අද්ද අද්ද තමා යන්නෙ ටිකක් ඉදිමිලත් තිබ්බා.
හිටගන නිදි, |
මේ0 හොදටම නිදිමත ඇවිල්ල, නිදිමත කොච්චරද කියනව නම් හිටගනම නිදි. උදේට ඇහැරවන්නත් ඕනෙලු නැත්තම් හොදටම නිදියනවලු ගොඩක් වෙලා යනකම්.
මෙයා නිදි නිසා අපි කරදර කරන්නෙ නැතුව එන්න ආවා. තුවාල හොද වෙනකම් මෙයා මෙහෙ මාසයක් විතර තියාගන්නවලු. පස්සෙ උඩවලව ඇත් අතුරු සෙවණට යවල කැලේට පුරුදු කරනව කියල තමයි කීවෙ.