![]() |
| https://www.mylifestages.org/imageServlet/imageName/BLOG-gflb17qz.jpg |
ලගකදී ඉදලා උදේට නැගිටිද්දි කලන්තේ,නැගිටින්න ඔලුව කෙලින් කරාම මුලු ලෝකෙම කැරකෙනව.අම්මො එහෙමත් දෙයක්.සෑහෙන්න බය උනා.නිදාගන ඉදලා නැගිටින්න හදනකොටම මුලු ලෝකෙම කැරකෙනව වගේ තමයි දැනෙන්නෙ.
ඔලුව කෙලින් කරන්න බෑ,කොහොමත්ම නැගිටින්න නම් බෑ.සෑහෙන වෙලාවක් ඉදලා ඉදලා හිමිහිමීට කාගෙ හරි උදව් ඇතුව නැගිටිනවා.ඒත් ඇදේ ඉදගන ටික වෙලාවක් වාඩි වෙලා ඉදලා.
නැගිට්ටහම කැරකිල්ල නෑ.ඔලුවෙ කැක්කුමකුත් නෑ. වෙනදා වගේ ඉන්න පුලුවන්,හැබැයි නිදාගත්තොත් ආය කැරකිල්ල.
එක එක්කෙනා එක එක දේවල් කිව්ව.
සමහරු කිව්ව ආ ෆ්‍රෙශර් එක චෙක් කරන්න තියෙන්නෙ.ව්‍යායාමයකුත් අඩුයිනේ ෆ්‍රෙශර් වැඩි වෙලාද දන්නෙ නෑ කියල.
සමහරු කිව්වෙ ආ...කනව වැඩී... ශුවර් එකට කොලෙස්ටෙරෝල් ඇති කියල.
මමත් බය උනා.මොකෝ කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනවනේ.
මමත් බය උනා.මොකෝ කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනවනේ.
දවස් 2ක් විතර බලලා වැඩේ හරියන්නෙ නැති නිසා කෝකටත් හොදයිනේ කියල කායික රෝග විශේෂන දොස්තර කෙනෙක් චැනල් කරා.
දොස්තරත් නලාව තියල බැලුව, ෆ්‍රෙශර් එක බැලුව,ඇස් බැලුව.දිව දාන්න කියලා කටත් ඇරල බැලුව.ම්හු...හැබැයි මොනවත් කිව්වෙ නෑ.
හරි එහෙනම් අපි බ්ලඩ් එකක් චෙක් කරල බලමු.ඇගත් ටිකක් මහත නිසා සමහර විට අක්මාවේ තෙල් තැම්පත් වෙලාද දන්නෙ නෑ වැඩිපුර?...එහෙම කිව්වෙ දොස්තර.එහෙම කියල මං දිහා බලලා හිනාවක් දැම්මා.
පැය 12ක් නිරාහාරව ඉදලා පස්සෙ දවසේ උදේම ඇවිත් ලේ එකක් දුන්න. ඒ ලේවල සීනි එහෙම බලන්න.අනිත් ටෙස්ට් එකට ලේ දෙන්න ඕනේ නිරාහාරව පැය 14ක් ඉදලා ඒක ලිපිඩ පරීක්ෂාවක්.
ගෙදර ඇවිත් පැය 2කින් ආයෙත් ගියා ගිහින් අනිත් අතත් හිල් කරලා ලේ දීලා ආව.
හවස බ්ලඩ් රිපොර්ට් එකත් අරන් ගියා දොස්තර ලගට.දොස්තරත් පට පට ගාල රිපොර්ට් එක බලලා.ටිකක් වෙලා කල්පනා කරා.
දොස්තර ඒක ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ.
මේව ටික බලාගන බලාගන ගිහින් ටික වෙලාවක් කල්පනා කරා.මමත් හොදටම බය වෙලා හිටියෙ ඒ වෙලාවෙ.ඊට පස්සෙ තමයි ඇහුවේ කන් වලට කූරු ගහනවද කියල.කූරු කිව්වෙ අර කොටන්බඩ්ස් එහෙම.කොට්න්බඩ්ස් නම් පාවිච්චි කරනව ඒත් මං බයට එහෙමත් නෑ කිව්ව.
කන් දෙකේ කුහර වලින් අපී ශරීරේ සමතුලිත බව පාලනය කරනවලුනේ.ඉතින් ඒ කුහර වල මොකද්ද දෝශයක් කියල තමයි කිව්වෙ,ඒක නිසාලු කැරකිල්ල වගේ එන්නෙ නැගිටින්න හදද්දි.ටිකක් ලෙඩේ ගැන දොස්තර විස්තර කියලත් දුන්න.එහෙම හිතලා බෙහෙත් දුන්න.අනේ දොස්තරට පින්සිද්ද වෙන්න කීප වේලක් බොද්දි කැරකිල්ල ඇරිලා ගියා.
අම්ම නම් කිව්වෙ කොයි වෙලෙත් හෙට් සෙට් එක කනේ ගහගෙන ඉන නිසා තමයි එහෙම උනේ කියල.මග දිග බැන බැන ආව,හදාගන්නවකො ලෙඩක් කියල
එන්න හදද්දී දොස්තර ලීෆ්ලට්ස් ගොඩකුත් දුන්න කියවන්න කියල.බර අඩු කරගන්න කියල කෑම වට්ටෝරුවකුත් දුන්නා.දොස්තරගෙ කෑම වට්ටෝරුව,මංබර අඩුකරගත්ත හැටි ගැන වෙනම පොස්ට් එකක් දාන්න වෙනව,මේක දැනටමත් දිග වැඩියි.මෙන්න මේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලන්නකො.
ගෙදර ඇවිත් පැය 2කින් ආයෙත් ගියා ගිහින් අනිත් අතත් හිල් කරලා ලේ දීලා ආව.
හවස බ්ලඩ් රිපොර්ට් එකත් අරන් ගියා දොස්තර ලගට.දොස්තරත් පට පට ගාල රිපොර්ට් එක බලලා.ටිකක් වෙලා කල්පනා කරා.
| සීනීත් නෝමල් |
| කොලෙස්ටෙරෝල් නම් ටිකක් වැඩිය තිබ්බා |
| මෙන්න මේකෙන් තමයි අර අක්මාවෙ තත්වේ ගැන අදහස ගන්නව කිව්වෙ. |
| මේ අනිත් එක හිමොග්ලොබින් |