හැමෝම වගේ ඉස්කෝලෙ යන කාලෙ සිංහල භාෂාව ඉගන ගන්නෙ සාමන්‍යපෙළට.සිංහල භාෂාවට අමතරව සිංහල සාහිත්‍යය කියල තව විෂයකුත් ඉගනගන්නව.
සිංහල භාෂාව ඉගන ගනිද්දි අපිට වඩාත් අවධාරණයෙන් උගන්නන කොටසක් තමයි සිංහල ව්‍යාකරණය කියන්නෙ.සිංහල ව්‍යාකරණ අත්පොත වන සිදත් සගරාව ගැනත් කට්ටිය අහල ඇතිනේ.හරි ඔය ව්‍යාකරණ කතාව පැත්තකින් තියමුකෝ.මෙන්න අද කතාව.
ලගදි දවසක් මම වැඩ කරන තැන අධීක්ශණයට පරීක්ශකවරු ආව,එහෙම එද්දි එයාල කියල කරල එහෙම එන්නෙ නෑනේ. අහම්බෙන් ගොඩ බැස්සා වගේ ඇවිත් බලලා සටහන් දාල අඩුපාඩු පෙන්නලා දීල යනව.
මාත් එක්ක එකට වැඩ කරන කෙනෙක් එදා නිවාඩු.මාස 2කට පස්සෙ තමයි එයා ඒ නිවාඩුව ගත්තෙ.වෙලාව කියන්නෙ එදාම කට්ටිය ගොඩ බැහැලා...උදේම අපි යන්නත් කලින් කට්ටිය එතන:).
අනිත් අයගේ වැඩ ගැන නම් එයාලට කියන්න කිසිම වරදක් තිබ්බෙ නෑ.ඒත් නිවාඩු ගත්ත කෙනා ගැන නම් එච්චර පැහැදීමක් තිබ්බෙ නෑ.අපිට නිවාඩු ගන්නව කියල එයා කෙටි පණිවිඩයක් තියල තිබ්බ.
ඒඋනාට පරීක්ශකවරයා ඒකෙන් සෑහීමකට පත් උනේ නෑ.අදාල කෙනාගේ ෆෝන් නොම්බරේ අරන් එයාට කතා කරා.ඒ වෙද්දි උදේ නමය වත් වෙලා නෑ...එයා නිවාඩු ඉල්ලුමපත භාර දීමට යමිනුයි හිටියේ.මෙන්න මෙයා ඒ වෙනුවට ගහල තියන ලොග් එක!...
බලන්නකො මේකේ උක්ත ආඛ්‍යාත පද සම්භන්ධය කොහොමද කියල.
දෙවනි වාක්‍යය :පරිඝණක උපදේශකවරිය නිවාඩු ලබා සිටියෙමි! :)
අපි වැඩට එන්නත් කලින් නේ එයාලා ඇවිත් තිබුනේ,හරියකට උදේට කෑමක් අරගන තිබුනෙත් නෑලු.ඒ නිසාද දන්නෙ නෑ ටැපලුනේ :). එදා ආවෙ නැතිකෙනාට තමයි මේ වැරැද්ද අහුවුනේ.එයාට නම් හොදටම මල පැනල,ඇයි යකෝ මාස 2කට පස්සෙ ගත්ත නිවාඩුව වෙනුවෙන් උන වැඩේ!...