![]() |
| http://blogs-images.forbes.com/carolynrosenblatt/files/2011/11/25046227.HappyOldMan.jpg |
දන්නවද වැඩක් ?
මොකද්ද?
එහා ගෙදර සීයට ගෑනියෙක් ඉන්නවලු.(සීයගෙ කසාද බිරිද මිය ගිහින් දැන් අවුරුදු 20කට වැඩී)
අනේ යනව ඕයි යන්න මිනිස්සුන්ට අපහස කරන්නෙ නැතුව.හරියට දැක්ක වගේනේ කියන්නෙ.
දැක්ක කෙනෙක් තමා කිව්වෙ?
කවුද?
අර ඉස්සරහ ගෙදර අක්කා.
එයාටත් වෙන වැඩ නෑනේ ගෙවල් වලට එනඅය කවුද කතාකරන අය කවුද කියල බලබලා රිපොර්ට් කරන්න.
නෑ නෑ ඇත්තලු.
හ්ම්...
........................
ඇත්තද අර එහා ගෙදර සීයා ගෑණියෙක් එක්ක හුටපටයක් තියනව කියන්නෙ?
ආ... ඔව් ඔව්, ඔය කියන්නෙ කට්ටිය.
එහෙනම් ඇත්ත වෙන්නැති.අර සුජානි අක්කලාගෙ ගෙදර ලග සියඹලා ගහයට දවසක් ගෑණු කෙනෙක් එක්ක කතා කරකර හිටියා මම් දැක්ක.ගෑණිට නම් එච්චර වයසකුත් නෑ 50කට අඩුයි මම් හිතන්නෙ පෙනුම.මමත් ඉතින් උවමනාවෙන් බැලුවෙ නෑ. ඕං කොල්ලෙක් කෙල්ලක් කතා කරකර හිටිය නම් හොදට මතක හිටිනව.:)
සීයටත් දැන් 79ක් 80ක් විතර ඇති?
ඔව් ඒවගේ ඇති තමා.
නාකි වෙලා බණක් භාවනාවක් කරගන ඉන්න පින නෑ මේ මිනිස්සුන්ට,තියන පව්කාරකමක් හැබෑට.
......................
සුනිල් අය්ය සීයට කේස් එකක් දාලලු නේද?(සුනිල් අය්ය-සීයගෙ බෑනා)
මොන?
අර සීය එක්ක යාලුවෙලා ඉන්න ගෑණි ගෙදරත් ඇවිත් කතා කර කර ඉන්නවලුනේ. සුදූට කියනව කියන්නෙ සීයා, ඒ ගෑණිට තේ එහෙමත් හදලා දෙන්න කියල.(සුදූ- සීයගෙ දුව).
නෑ...එයා ඉතින් මොනව කරන්නද?නාකි වෙලත් මේ මිනිස්සුන්ට තියන අමාරුවක්.
දවසක් ඔහොම කතා කර කර ඉද්දි සුනිල් ඒ ගෑණිට ගහලා එලවලා.
ඈ...හිහ් හොද වැඩේ නාකි මනමාලකම් කරන්ඩ යනවට.
එදයින් පස්සෙලු ඔය සියඹලා ගහ ලගට ගිහින් හම්බ වෙන්නෙ දෙන්න.
හිකිස්...
.......................
මේ ලගදි සීය කඩේට ගිහින් සිගරට් අරන් එන්න.
සීය සිගරට් බොනවද ??? මම් දැකලා නෑනේ.ඉතින්?
කාලයක් නවත්තලා තිබ්බ ඔය දැන් බොනව කියන්නෙ ආයෙත්.
ම්ම්....
කඩේ ගිහින් එද්දි වැටිලා.අමාරු වෙලා දවස් කීපයක්ම ඇදටම වෙලත් හිටියලු.
අහ් අපි දන්නෙවත් නෑ.
සුදූ කිව්වෙ, ඒ දවස් වල සීයගෙ ෆෝන් එකට කොල්ස් එනවලු හිටු කියල.ගෙදර අයට කාමරේටවත් එන්න දෙන්නෙ නෑලු නේ...
හැබෑට.???
ඔව්, ඔය කියන්නෙ.දොස්තර බෙහෙත් ගන්න යන්නත් සල්ලි තිබිල නෑ.සල්ලි දීලා තියෙන්නෙ රුවිනි නංගි.(සීයගෙ මිනිපිරී).නැත්තම් ඉතින් සුනිල් අය්යට කියල වියදමට සල්ලි තියන එකක්යෑ.,ඒ මිනිස්සුත් අමාරුවෙන්නේ ජීවත් වෙන්නෙ.සුදූ කියන්නෙ සීය ලග සල්ලි කීයක්වත් නෑලු.පෙන්ශන් එක ගත්ත ගමන් අර ගෑණි එනවලු සියඹලාගහ යටට ඒක අරන් යන්න.
හික් හික්.
..............................
ඒකයෑ...මේ ලගදි මම් වසන්තත් එක්ක ගියා බැංකුවට.(වසන්ත- හන්දියෙ ට්‍රීවීල් ඩ්‍රයිවර් )මගදි සීයා දැකලා මං, ආ...අර සෙනවිරත්න මාමා නේද? කියල ඇහුව මෙන්න මේ මනුස්සයා ඔලුක්කොවට වගේ හිනා වෙලා කියපි, දවසක් මං හයර් එකක් ගිහින් එද්දි ඔය මනුස්සය කවුද ගෑණු කෙනෙක් එක්ක ඇවිත් නැංග,ගිහින් දාන්න කිව්වෙ අර .... ඉන් එකට.ගිහින් දැම්ම.මට මොකෝ,පස්සෙ මට ගාන ලැබුන ඉතින්. හහ්..හහ්...හා...
ඈ...මෙහෙමත් මිනිස්සු!
ඒ මිනිහව රවට්ටගන පැන්ශන් පඩිය ගන්ඩ ලෑස්තිවෙලා ඉන්නව ඇති ඒ ගෑණි.ආය වෙන මොකටද? මෙහෙමත් ගෑණු.
අනේ හෑබෑට කොන්දත් කුදු කරගන මග යන්ඩ පන නෑ,ඒ උනාට මේ මිනිස්සුන්ට තියන අමාරුවක්!
එක අතකින් ඒ මනුස්සයගෙ කැමැත්ත,වියදමත් ඒ මනුස්සයට.එයාට හොදනම් අපිට මොකෝ නේද?
ඒත් ඉතින් ලැජ්ජ නැද්ද අර දීග දෙන වයසෙ මිනිබිරී කෙනෙකුත් ගෙදර ඉද්දි මේ නාකි ලොක්කලා නාඩගන් නටනව.

