තක්කාලි බීජ ටික හම්බුනේ තාම හැබැහින් වත් දැකල නැති යාලුවො දෙන්නෙක් ගෙන්. ඒ මීට මාස කීපෙකට කලින් .මේ වෙද්දි පැල වල මල්, පොඩි ගෙඩි ටිකකුත් තියනව.
මේ කාලෙ මෙහෙට පායනව හිටු කියල. ඒ නිසා වතුර ප්‍රශ්නේ තමා ගොඩක් ම පැල වලට බලපාන්නෙ, පැල ඉක්මනටම වේලෙන්න බලනව,කොහොම හරි හදාගන්න තමයි උත්සහය.
හැමදාම උදේ නැගිට්ට ගමන් මිදුලට ගිහින් පැල ටික දිහා බැලුවම හරිම සතුටක් දැනෙනවා. වතුර බිල වැඩී කියල අම්ම කෑගහන එක තමා ඉවසන්න බැරි . :( ඒත් අම්මටත් ආස හිතිලද කොහෙද දැන් පැල වලට සාත්තු කරන්න පටන් අරන්.