සාමානය්‍යයෙන් ගෑණු දරුවො වෑඩියෙන් ආදරේ අප්පච්චිටලු.ඒක ඈත්තක් වෙන්න ඈති කියල මට හිතෙන්නෙ,අක්කයි මමයිත් අම්මට වඩා ගොඩක් අප්පච්චිට ආදරේ කල නිසා.පොඩිම කාලෙ ඉදන් අපේ වීරයා උනේ අප්පච්චි.මට මතක හෑටියට අපිට පාඩම් වෑඩ කියල දෙන්න ගොඩක් මහන්සි ගත්තෙ අම්මට වඩා අප්පච්චි, කවි, කතා එහෙමත් අපිට කියලා දුන්න මතකයි,ඉස්කෝලෙදි දෙන ගෙදර වෑඩ කරන්නත් ගොඩක් උදව් උනේ අප්පච්චී.
අපේ ලෝකෙ වීරයා අප්පච්චි වෙන්න තවත් හේතු ගොඩක් තිබ්බා.අම්මට වගේ නෙමේ,අප්පච්චිට ගොඩක් දෑනහෑදුනුම්කම්,සමාජය ගෑන දෑනුම තිබ්බා.පිට කවුරුහරි අපි දෙන්නව හෑදින්නුවෙත් මේ අර කෙනාගෙ දුවලදෙන්නා කියල මිසක් අම්මා ගෑන කියලා නෙමේ.පොඩි කමට අපි අප්පච්චිට වෑඩිය ලංවෙන්නත් හේතුව ඒක වෙන්න ඈති.හොදටම මතක සිදුවිම් තමයි අපි දෙන්නගෙන් එක්කෙනෙකුට උනක් හෙම්බිරිස්සාවක් හෑදුන වෙලාවට, උනුවතුර හදලදීලා වෙලාවට බෙහෙත් පොවලා කන්න ආසදේවල් ගෙනල්ල දෙන්නෙ අප්පච්චී,උන හෑදුන දවසට තත්වෙ කොහොමද කියලත් විටින් විට ඈවිල්ල බලනවා.
ඉස්සර බෙහෙත් ගෙනල්ල කුඩුකරලා මීපෑනිවල දියකරලා තමයි බොන්න දුන්නෙ,ඒ තිත්ත බෙහෙත් බොන්න අදිමදි කරනවට.අපේ ගෙදර හතරදෙනාටම අප්පච්චී පෞද්ගලික ලිපිගොනු හදලා තිබ්බා.මම් ඉපදුනු දවසෙ ඉදන් අවුරුදු 19ක් පුරාවට වුනු විශේෂ සිද්ධීන් ලියල තිබ්බා.මුලින්ම මම දනගාපු දවස, හිනාවුනු දවස, ඈවිදින්න පුලුවන් උනු දවස,....මෙන්න මේ වගේ විශේෂ දේවල්.
ටිකක් අපිට දෑනුම් තේරුම් ඈතිවෙන කාලේ හෑමදාම වගේ කිව්වෙ අර 'අශ්වයගෙ කතාව', "අශ්වයා වතුර ලගට ගෙනියන්න පුලුවන් ඒත් ඌට වතුර පොවන්න බෑ" කියලා,ඒ විදියටම අපිට ඉගන ගන්න ඕනෙ කරන සියලුම දේවල් පුලුවන් උපරිමෙන් සපයලා දුන්නා.ඒවලින් ප්‍රයෝජනය ගන්න අපි දෑනගන්න ඔනේ කියලා.ඉගන ගන්න කාර්ය පස්සෙන් හිටිය මිසක් ඕනෑවට වඩා බලපෑම් කරෙත් නෑ.තමන්ගෙ උනන්දුව තියනවා නම් ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල තමයි කිව්වෙ.
මට මතකයි ඉස්සර අප්පච්චි, අප්පච්චිගෙ ළමා කාලය ගෑන කියනවා.අප්පච්චි ඉපදිලා අවුරුදු එක හමාරෙන් අප්පච්චිගෙ අම්මා නෑතිවෙලා තියෙන්නෙ,අම්ම කෙනෙක්ගෙ ආදරයක් ලෑබිලා නෑ.අඩුගානේ අම්මා මේවගේ කියල හිතේ චායාවක් වත් නෑලු.අම්මා කෙනෙක්ගෙ ආදරේ කියන දේ මොකද්ද කියල තෙරුන්ගන්න බෑරුවලු හිටියෙ එහෙම අත්දෑකීමක් නෑති නිසා.අපේ අක්කා ඉපදෙන්න ඉද්දිලු තේරුනේ අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් මොනතරම් දුක් උහුලනවද,කෑප කිරීම් කරනවද කියලා.
අප්පච්චිත් බොහොම දුකසේ තමයි ඉගනගන තියෙන්නෙ,පොඩිකාලෙ ඉස්කොලෙ යන්න හෑතෑක්ම තුනක් විතර පයින් ගිහින්ලු.ගමේ ඒකාලෙ ඉස්කොලයක් තිබිලා නෑ.ඒත් පහ වසරට යනකම් විතරලු.පස්සෙ තමයි හාමුදුරුකෙනෙක්ට පින්සිද්දවෙන්න පිරිවෙනකට අරන්ගිහින් උගන්නලා තියෙන්නෙ.වාසනාවකට වගේ අප්පච්චිට කෑම්පස් යන්න පුලුවන් උනාලු.ගිහින් තියෙන්නෙ කෑළණියට,ඒකාලෙ කියල තියෙන්නෙ ඉතින් විදය්‍යාලංකාරෙ කියලනෙ.ඒත් ඉතින් බොහොම අපහසුවෙන්,වියදම් කරන්න මුදල්හදල්,ඉගන ගන්න උපදෙස් දෙන්න හරිහමන් කෙනෙක් ඉදලා නෑ.
ඒ අප්පච්චිගෙ ඒ මහන්සිය,කෑපවීම නිසා තමයි අද අපි මේ තත්වෙන් ඉන්නෙ.ඒත් මීට අවුරුදු අටකට කලින් අප්පච්චි අපිව දාලගියා ඒ හදිසි හෘදයාබාධයකින්.මට තවත් මතකයි ඒ දවස.දුක වෑඩිකමට පපුව හිරවෙලා,ඈස් වලින් කදුලු බේරුනා මිසක් කෑගහල ඈඩුනෙ නෑමට, ඒ මොකද කියල මට අදත් තේරෙන්නෙ නෑ.ඒ දවස් වල මම පලවෙනි වතාවට උසස්පෙළ විභාගෙට ලියනවා.අවසාන වතාවට එදා මම් අප්පච්චිගෙ අත අල්ලලා බෑලුවා,ඒ අත්දෙක හොදටම සීතලවෙලා ගල්ගෑහිලා තිබ්බ.අම්මලා වගෙ දරුවො එක්කම ඉදල දරුවන්ට තියන ආදරේ ප්‍රකාශ නොකලට කුසේ තියාගන නොහිටියට,අප්පච්චිලගෙ ආදරෙත් අම්මලගෙ ආදරේට නොදෙවෙනියි කියල මට හිතෙන්නෙ.ඒ අවුරුදු දහනමයක් "අප්පච්චි" කියන චරිතයෙන්,මගෙ අත්දෑකීම් වලින් මම් තේරුන්ගත්ත හෑටි.