Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts

Tuesday, July 1, 2014

අරන් යන පොත් | Please Return

 

කියවීමේ රුචිය අඩුවෙලා කීවට තරුණ අය අතරෙත් පොත් කියවන අය ගොඩක් දෙනෙක් ඉන්නව. ඒක පේන්නෙ බුක් ෆෙයාර් එකකට වගේ ගියාම.හැබැයි ඔය ඔක්කොම එන්නෙ පොත් ගන්නද එහෙම ගන්න පොත් ඔක්කොම කියනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්.

මං ගොඩක් වෙලාවට මාසෙ පඩියෙන් පොතක් ගන්න අමතක කරන්නෙ නෑ. බුක් ශොප් එකකට යන්න පුලුවන් උනොත් නිවාඩු පාඩුව තියන වෙලාවට තෝරලා බලල පොත් කීපයක්ම ගන්නවා.අනික පුරුද්දක් විදියට පොතක් ගත්ත  ගමන් අලුත් කවරයක් දාන්නත් වගබලා ගන්නවා.

කලින් මෙහෙ පබ්ලික් ලයිබ්‍රි එකටත් බදිල හිටියා.ඒත් මට ආස මටම කියල අලුත් පොත් අරන් කියවන්න, එතකොට ඒ පොත් මගේමනේ :)

පොත් වලට ආස ආදරේ අය ගොඩක් පොත් පරිස්සම් කරනව. එපා වෙනම දේ තමයි පොත් බලන්ඩ අරන් ගිහින් ගෙනත් දෙනෙන් නැති එක. එක්කො බලන්නෙ නෑ අරන් ගියාට ඔහේ තියන් ඉන්නව එහෙම හිටියම අපිටත් අමතක වෙනව පොත දුන්නෙ කාටද කියල.

ගත්ත කෙනාට කිසි ගානක් නෑ ආය ගෙනත් දෙන්න ඔනේ කියල. ඔන්න ඔහොම තමා පොත් නැති වෙන්නෙ ඉතින් යාලුවන්ට උනත් පොත් දෙන්න හිතෙනවද ? :( 

මේකට විසදුමක් විදියට ලොක් කරන්න පුලුවන් පොත් අල්මාරියක් හදාගත්ත. පොතක් ගත්ත කවරයක් දැම්ම කියෙව්ව.ලොක් කරල දැම්ම. පොතක් කියවල ගෙනත් දුන්නම තමා ආය වෙනත් පොතක් දෙන්නෙ. ඇයි වදේ මම් ආසාවෙන් එකතු කරන කියවන පොත් එහෙම නැතිවෙන්න දෙන්න පුලුවන්ද ? ඒකේ අමාරුව, දුක තියෙන්නෙ මටනේ.

Thursday, January 26, 2012

නොමියෙන මතක - අප්පච්චී

සාමාන‍‍‍ය්‍යයෙන් ගෑණු දරුවො වෑඩියෙන් ආදරේ අප්පච්චිටලු.ඒක ඈත්තක් වෙන්න ඈති කියල මට හිතෙන්නෙ,අක්කයි මමයිත් අම්මට වඩා ගොඩක් අප්පච්චිට ආදරේ කල නිසා.පොඩිම කාලෙ ඉදන් අපේ වීරයා උනේ අප්පච්චි.මට මතක හෑටියට අපිට පාඩම් වෑඩ කියල දෙන්න ගොඩක් මහන්සි ගත්තෙ අම්මට වඩා අප්පච්චි, කවි, කතා එහෙමත් අපිට කියලා දුන්න මතකයි,ඉස්කෝලෙදි දෙන ගෙදර වෑඩ කරන්නත් ගොඩක් උදව් උනේ අප්පච්චී.

අපේ ලෝකෙ වීරයා අප්පච්චි වෙන්න තවත් හේතු ගොඩක් තිබ්බා.අම්මට වගේ නෙමේ,අප්පච්චිට ගොඩක් දෑනහෑදුනුම්කම්,සමාජය ගෑන දෑනුම තිබ්බා.පිට කවුරුහරි අපි දෙන්නව හෑදින්නුවෙත් මේ අර කෙනාගෙ දුවලදෙන්නා කියල මිසක් අම්මා ගෑන කියලා නෙමේ.පොඩි කමට අපි අප්පච්චිට වෑඩිය ලංවෙන්නත් හේතුව ඒක වෙන්න ඈති.හොදටම මතක සිදුවිම් තමයි අපි දෙන්නගෙන් එක්කෙනෙකුට උනක් හෙම්බිරිස්සාවක් හෑදුන වෙලාවට, උනුවතුර හදලදීලා වෙලාවට බෙහෙත් පොවලා කන්න ආසදේවල් ගෙනල්ල දෙන්නෙ අප්පච්චී,උන හෑදුන දවසට තත්වෙ කොහොමද කියලත් විටින් විට ඈවිල්ල බලනවා.

ඉස්සර බෙහෙත් ගෙනල්ල  කුඩුකරලා මීපෑනිවල දියකරලා තමයි බොන්න දුන්නෙ,ඒ තිත්ත බෙහෙත් බොන්න අදිමදි කරනවට.අපේ ගෙදර හතරදෙනාටම අප්පච්චී පෞද්ගලික ලිපිගොනු හදලා තිබ්බා.මම් ඉපදුනු දවසෙ ඉදන් අවුරුදු 19ක් පුරාවට වුනු විශේෂ සිද්ධීන් ලියල තිබ්බා.මුලින්ම මම දනගාපු දවස, හිනාවුනු දවස, ඈවිදින්න පුලුවන් උනු දවස,....මෙන්න මේ වගේ විශේෂ දේවල්. 

ටිකක් අපිට දෑනුම් තේරුම් ඈතිවෙන කාලේ හෑමදාම වගේ කිව්වෙ අර 'අශ්වයගෙ කතාව', "අශ්වයා වතුර ලගට ගෙනියන්න පුලුවන් ඒත් ඌට වතුර පොවන්න බෑ" කියලා,ඒ විදියටම අපිට ඉගන ගන්න ඕනෙ කරන සියලුම දේවල් පුලුවන් උපරිමෙන් සපයලා දුන්නා.ඒවලින් ප්‍රයෝජනය ගන්න අපි දෑනගන්න ඔනේ කියලා.ඉගන ගන්න කාර්ය පස්සෙන් හිටිය මිසක් ඕනෑවට වඩා බලපෑම් කරෙත් නෑ.තමන්ගෙ උනන්දුව තියනවා නම් ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල තමයි කිව්වෙ.

මට මතකයි ඉස්සර අප්පච්චි, අප්පච්චිගෙ ළමා කාලය ගෑන කියනවා.අප්පච්චි ඉපදිලා අවුරුදු එක හමාරෙන් අප්පච්චිගෙ
අම්මා නෑතිවෙලා තියෙන්නෙ,අම්ම කෙනෙක්ගෙ ආදරයක් ලෑබිලා නෑ.අඩුගානේ අම්මා මේවගේ කියල හිතේ චායාවක් වත් නෑලු.අම්මා කෙනෙක්ගෙ ආදරේ කියන දේ මොකද්ද කියල තෙරුන්ගන්න බෑරුවලු හිටියෙ එහෙම අත්දෑකීමක් නෑති නිසා.අපේ අක්කා ඉපදෙන්න ඉද්දිලු තේරුනේ අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් මොනතරම් දුක් උහුලනවද,කෑප කිරීම් කරනවද කියලා.

අප්පච්චිත් බොහොම දුකසේ තමයි ඉගනගන තියෙන්නෙ,පොඩිකාලෙ ඉස්කොලෙ යන්න හෑතෑක්ම තුනක් විතර පයින් ගිහින්ලු.ගමේ ඒකාලෙ ඉස්කොලයක් තිබිලා නෑ.ඒත් පහ වසරට යනකම් විතරලු.පස්සෙ තමයි හාමුදුරුකෙනෙක්ට පින්සිද්දවෙන්න පිරිවෙනකට අරන්ගිහින් උගන්නලා තියෙන්නෙ.වාසනාවකට වගේ අප්පච්චිට කෑම්පස් යන්න පුලුවන් උනාලු.ගිහින් තියෙන්නෙ කෑළණියට,ඒකාලෙ කියල තියෙන්නෙ ඉතින් විදය්‍යාලංකාරෙ කියලනෙ.ඒත් ඉතින් බොහොම අපහසුවෙන්,වියදම් කරන්න මුදල්හදල්,ඉගන ගන්න උපදෙස් දෙන්න හරිහමන් කෙනෙක් ඉදලා නෑ.

ඒ අප්පච්චිගෙ ඒ මහන්සිය,කෑපවීම නිසා තමයි අද අපි මේ තත්වෙන් ඉන්නෙ.ඒත් මීට අවුරුදු අටකට කලින් අප්පච්චි අපිව දාලගියා ඒ හදිසි හෘදයාබාධයකින්.මට තවත් මතකයි ඒ දවස.දුක වෑඩිකමට පපුව හිරවෙලා,ඈස් වලින් කදුලු බේරුනා මිසක් කෑගහල ඈඩුනෙ නෑමට, ඒ මොකද කියල මට අදත් තේරෙන්නෙ නෑ.ඒ දවස් වල මම පලවෙනි වතාවට උසස්පෙළ විභාගෙට ලියනවා.අවසාන වතාවට එදා මම් අප්පච්චිගෙ අත අල්ලලා බෑලුවා,ඒ අත්දෙක හොදටම සීතලවෙලා ගල්ගෑහිලා තිබ්බ.අම්මලා වගෙ දරුවො එක්කම ඉදල දරුවන්ට තියන ආදරේ ප්‍රකාශ නොකලට කුසේ තියාගන නොහිටියට,අප්පච්චිලගෙ ආදරෙත් අම්මලගෙ ආදරේට නොදෙවෙනියි කියල මට හිතෙන්නෙ.ඒ අවුරුදු දහනමයක් "අප්පච්චි" කියන චරිතයෙන්,මගෙ අත්දෑකීම් වලින් මම් තේරුන්ගත්ත හෑටි.

Thursday, December 15, 2011

කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනව

https://www.mylifestages.org/imageServlet/imageName/BLOG-gflb17qz.jpg

ලගකදී ඉදලා උදේට නැගිටිද්දි කලන්තේ,නැගිටින්න ඔලුව කෙලින් කරාම මුලු ලෝකෙම කැරකෙනව.අම්මො එහෙමත් දෙයක්.සෑහෙන්න බය උනා.නිදාගන ඉදලා නැගිටින්න හදනකොටම මුලු ලෝකෙම කැරකෙනව වගේ තමයි දැනෙන්නෙ.


ඔලුව කෙලින් කරන්න බෑ,කොහොමත්ම නැගිටින්න නම් බෑ.සෑහෙන වෙලාවක් ඉදලා ඉදලා හිමිහිමීට කාගෙ හරි උදව් ඇතුව නැගිටිනවා.ඒත් ඇදේ ඉදගන ටික වෙලාවක් වාඩි වෙලා ඉදලා.

නැගිට්ටහම කැරකිල්ල නෑ.ඔලුවෙ කැක්කුමකුත් නෑ. වෙනදා වගේ ඉන්න පුලුවන්,හැබැයි නිදාගත්තොත් ආය කැරකිල්ල.

එක එක්කෙනා එක එක දේවල් කිව්ව.

සමහරු කිව්ව ආ ෆ්‍රෙශර් එක චෙක් කරන්න තියෙන්නෙ.ව්‍යායාමයකුත් අඩුයිනේ ෆ්‍රෙශර් වැඩි වෙලාද දන්නෙ නෑ කියල.

සමහරු කිව්වෙ ආ...කනව වැඩී... ශුවර් එකට කොලෙස්ටෙරෝල් ඇති කියල.


මමත් බය උනා.මොකෝ කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනවනේ.


දවස් 2ක් විතර බලලා වැඩේ හරියන්නෙ නැති නිසා කෝකටත් හොදයිනේ කියල කායික රෝග විශේෂන දොස්තර කෙනෙක් චැනල් කරා.

දොස්තරත් නලාව තියල බැලුව, ෆ්‍රෙශර් එක බැලුව,ඇස් බැලුව.දිව දාන්න කියලා කටත් ඇරල බැලුව.ම්හු...හැබැයි මොනවත් කිව්වෙ නෑ.

හරි එහෙනම් අපි බ්ලඩ් එකක් චෙක් කරල බලමු.ඇගත් ටිකක් මහත නිසා සමහර විට අක්මාවේ තෙල් තැම්පත් වෙලාද දන්නෙ නෑ වැඩිපුර?...එහෙම කිව්වෙ දොස්තර.එහෙම කියල මං දිහා බලලා හිනාවක් දැම්මා.
පැය 12ක් නිරාහාරව ඉදලා පස්සෙ දවසේ උදේම ඇවිත් ලේ එකක් දුන්න. ඒ ලේවල සීනි එහෙම බලන්න.අනිත් ටෙස්ට් එකට ලේ දෙන්න ඕනේ නිරාහාරව පැය 14ක් ඉදලා ඒක ලිපිඩ පරීක්ෂාවක්.


ගෙදර ඇවිත් පැය 2කින් ආයෙත් ගියා ගිහින් අනිත් අතත් හිල් කරලා ලේ දීලා ආව.


හවස බ්ලඩ් රිපොර්ට් එකත් අරන් ගියා දොස්තර ලගට.දොස්තරත් පට පට ගාල රිපොර්ට් එක බලලා.ටිකක් වෙලා කල්පනා කරා.

සීනීත් නෝමල්

කොලෙස්ටෙරෝල් නම් ටිකක් වැඩිය තිබ්බා
දොස්තර ඒක ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ.

මෙන්න මේකෙන් තමයි අර අක්මාවෙ තත්වේ ගැන අදහස ගන්නව කිව්වෙ.
මේ අනිත් එක හිමොග්ලොබින්

මේව ටික බලාගන බලාගන ගිහින් ටික වෙලාවක් කල්පනා කරා.මමත් හොදටම බය වෙලා හිටියෙ ඒ වෙලාවෙ.ඊට පස්සෙ තමයි ඇහුවේ කන් වලට කූරු ගහනවද කියල.කූරු කිව්වෙ අර කොටන්බඩ්ස් එහෙම.කොට්න්බඩ්ස් නම් පාවිච්චි කරනව ඒත් මං බයට එහෙමත් නෑ කිව්ව.

කන් දෙකේ කුහර වලින් අපී ශරීරේ සමතුලිත බව පාලනය කරනවලුනේ.ඉතින් ඒ කුහර වල මොකද්ද දෝශයක් කියල තමයි කිව්වෙ,ඒක නිසාලු කැරකිල්ල වගේ එන්නෙ නැගිටින්න හදද්දි.ටිකක් ලෙඩේ ගැන දොස්තර විස්තර කියලත් දුන්න.එහෙම හිතලා බෙහෙත් දුන්න.අනේ දොස්තරට පින්සිද්ද වෙන්න කීප වේලක් බොද්දි කැරකිල්ල ඇරිලා ගියා.

අම්ම නම් කිව්වෙ කොයි වෙලෙත් හෙට් සෙට් එක කනේ ගහගෙන ඉන නිසා තමයි එහෙම උනේ කියල.මග දිග බැන බැන ආව,හදාගන්නවකො ලෙඩක් කියල

එන්න හදද්දී දොස්තර ලීෆ්ලට්ස් ගොඩකුත් දුන්න කියවන්න කියල.බර අඩු කරගන්න කියල කෑම වට්ටෝරුවකුත් දුන්නා.දොස්තරගෙ කෑම වට්ටෝරුව,මංබර අඩුකරගත්ත හැටි ගැන වෙනම පොස්ට් එකක් දාන්න වෙනව,මේක දැනටමත් දිග වැඩියි.මෙන්න මේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලන්නකො.

Monday, November 28, 2011

ඒකට කියන්නෙ "බීඩීයක්" කියල | Operation BD


මේ සිද්දිය වෙනකොට මං 3 වසරේ විතර වෙන්න ඔනේ .ඒ කියන්නෙ මීට අවුරුදු 20කට විතර කලින්.ඒ කාලෙ අපේ ගෙදරට වඩු වැඩ කරන කෙනෙක් ඇවිත් කණ්නාඩි මේසයක් හැදුවා,වඩුබාස් එක්ක තව ගෝලයෙකුත් හිටියා.

ඒ දවස් වල මගේ වැඩේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආව ගමන්ම බත් කාලා,වඩු බසුන්නැහැ වැඩ කරන මඩුවට ගිහින් වැඩ කරන දිහා බලන් ඉන්න එක.ලී ගාන කොට එකතු වෙන හීනී සර්පිලාකාර ලී පතුරු එකතු කරන්න බලාගන ඉන්නවා.ඒවා ලස්සනයි එක එක විදියයි.වඩු බාසුන්නැහැ කිව්වට ඒ "සෙනවි අය්යා" අපේ ගමේ කෙනෙක්, එයාගෙ විශේෂයක් තිබ්බා,සමහර වෙලාවට කෝටුවක් වගේ එකක් කනේ ගහන් ඉන්නව ඔය උඩ පින්තූරෙ වගේ දිග පොඩි කෝටුවක්.


ආය දවල්ට එහෙම බත්කාල ඉවර උන හැටියේ වගේ ඒ කොටුවක්  පත්තු කරලා අරන් කටින් පිඹලා දුන් දානව,ඔය දෙවනි පින්තූරෙ වගේ.මේක මට පුදුම දෙයක් උනා.මටත් ආස හිතුනා.කොහොමද එහෙම දුන් එන්නෙ කියලා.පස්සෙ අහපුවාම එයාම කිව්ව ඒකට කියන්නෙ "බීඩීයක්" කියල.

දවසක් වෙලාවට වඩුමඩුවෙ එයාලා පාවිච්චික‍රණ උපකරණ තියන තැන තිබිලා මට පොඩි බීඩියක් හම්බුනා,ඒක එච්චරම දිගට තිබ්බෙත් නෑ,මම් හිතන්නෙ බාගෙට බීලා අයින් කරපු එකක් වෙන්න ඔනේ.මතක විදියට හොරෙන් ඒක ගේ ඇතුලට අරන් ගිහින් කනේ ගහගන  කණ්නාඩියෙනුත් බැලුවා,ගිනි පෙට්ටිය හොයාගන ගිනී කූරකුත් ගහලා පත්තු කරගන හිමින් සැරේ ගේ පිළිකන්න පැත්තටත් අරන් ගියා.

පස්සෙ මම් බයෙන් බයෙන් එක සැරයක් බීඩි කොටේ උරලා බැලුව මොකද වෙන්නෙ කියල.වේලිච්ච කොස් කොළ රහක් වගේ... ශික් මෙලෝ රහක් නෑ,.ඇත්තම කියනව නම් මට ඒ රහ මොකද්ද කියල දැන් මතක නෑ,මේක කොච්චර කාලෙකට කලින් වෙච්ච සිද්දියක්ද? 

ප්‍රියතාවක් දැනුනේ නෑ කියල නම් මතකයි.අහ් දුම් ආවෙත් නෑ.ඒ එක්කම කැස්සක් නම් ආවා.පස්සෙ ඉක්මනට බීඩි කොටේ පිළිකන්නටම විසික් කරලා මම් ගේ ඇතුළට ආවා,එදානම් ටිකක් බයේ හිටියා,කරපු වැඩේ අක්කටවත් මාට්ටු උනොත් ඉදලා ඉවර නිසා.මගෙ වාසනාවට එහෙම උනේ නෑ.එදාට පස්සෙ අද වෙනකම් ඒවගේ දේවල් නම් අත්හදා බලන්න ගියේ නෑ.







Sunday, May 1, 2011

හාමී කියන්නෙ වෙනම කෑල්ලක්ද?


මේකනම් ගොඩක්ම ලගදි දවසක සිදුවුන එකක්.මගෙ යාලුවෙක්ට ඕනෙ වුනා කඩ්ඩ පොඩ්ඩක් හදාගන්න,ඒ කියන්නෙ ටිකක් හොදට කඩ්ඩ කතා කරන්න ඉගන ගන්න..ඒ අපි ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රේනින් ඉන්න කාලෙ අතරමැදදී.ඒ දවස්වල ටීවි එකෙත් ප්‍රචාරයක් ගියා සුද්දොන්ගෙ තාලෙටම ඉංග්‍රීසි කතාකරන්න උගන්නන තැනක් ගැන.ඔන්න ඉතින් මෙයාටත් එතන්ටම යන්න ඕනෙ උනා.


ෆෝන් කෝල් එකක් දීල එතන්ට කතා කරාම වෙලාවක් වෙන්කරල දුන්න ඉන්ටවිව් එකකට,ඒකෙන් තමා එයාගෙ නොලේජ් එකයි, ඉන්ග්ලිශ් ස්පීකින් ඇබිලිටි එකයි තීරණය කරනව කිව්වෙ,ඒ අනුවලු එයාට ගැලපෙන පංතිය තීරණය කරන්නෙත්.ඇත්තනේ ඉතින් එහෙමනේ වෙන්න ඕනෙ.


යාලුවා තනියම යන නිසා මටත්  අවස්ථාව ලැබුන මෙයත් එක්ක යන්න.මට ඉන්ටව් එක තියන තැන ලගටම යන්න හැකිවුනත්.එයාල කතා කරන ඒවා මොනාද කියල ඇහුනෙ නෑ.ඉන්ටවිව් කරේ බර්ගර් ලේඩි කෙනෙක් වගේ පෙනුම තියන කෙනෙක්, හරියටම සුද්දියක් වගේ.


මොනවද බස බස ගාල කියනව ඇහුනා ටිකක් විතර. ටික වෙලාවකින් මෙන්න මෙයා එලියට එනවා,හිනාවේගන.
මම: මොකද වුනේ?
යාලුවා: වැඩේ ගොඩ!...අඩල්ට්ස්ලට තියන ඉහළම ක්ලාස් එකට තේරුනේ.
මම:  ඇහ්...එහෙනම් කඩ්ඩ බෑ කිව්වට ඔය පුලුවන් වෙල තියෙන්නෙ?
යාලුවා:  මන්ද බන්!...මයි සෙල්ෆ් කියන්න කිව්වා.කියාගන කියාගන ගියා.
මම: ආ...එච්චරද?
යාලුවා:  නෑ... තව මොනව හරි දෙයක් ගැන දිගට කතා කරන්න කිව්වා,ඉතින් මම් යුනි ලයිෆ් එක ගැන කිව්වා.
මම: හික්z...මරු මරු...ඒ ලේඩි බර්ගර් වගේ නේ?
යාලුවා: ඒ වගේ තමා,මගෙ නම ඇහුව ගියපු ගමන්ම.නම් කිව්වට පස්සෙ අහනව,හාමී...කියන්නෙ වෙනම කෑල්ලක්ද? කියල.
මම: හික්z...ඉතින් ඔයා මොකද කිව්වෙ?
යාලුවා:  මොනා කියන්නද මම් කිව්ව එක නමක් කියල.උන් අහල නැද්ද ඒවගේ නම්?


ප.ලි:  මේ ප්‍රශ්නෙ වුනේ යාලුවගෙ නමේ මැද කෑල්ලට(Middle Name) .අර ලේඩි මෙයාගෙන් නම අහගෙන ඉන්ටවිව් නෝට් එකේ මුලින්ම ලියල තියෙන්නෙ(Kumari Hamy).පස්සෙ ඒක කපල වෙනස් කරල කුමාරිහාමි(Kumarihamy)කියල.යාලුව මට ඒ නෝට් එක පෙන්නුව බොරුනම් මේං බලන්න කියල..

Tuesday, April 26, 2011

වවමුද?

කෘෂිකර්මය,ගෙවතු වගාවන් ගැන සිංහලෙන් ලියවුනු බ්ලොග් එකකට මම් දැක්කෙ නුවන් අය්ය ලියන  NUWAN"s lane බ්ලොග් එක,සමහර විට තවත් ඒවා ඇති.ඒකෙ දාලා තියන සමහර එලවලු හදන හැටි දැක්කම මටත් හිතුන නිකන් ඉන්න වෙලාවට ඒව හදල බලන්න.අපේ ගෙවත්ත නම් ටිකක් ඉඩකඩ අඩුයි.ඒක නිසා පොඩි ගස් තමයි හිටවන්න වුනේ. මල් වවල තිබ්බ පෝච්චි තමා එලවලු හදන්න පාවිච්චි කරේ,මල් පැල ගලවනව කියල අම්මගෙන් පොඩ්ඩක් බැනුනුත් ඇහුව,ඒක නිසාම මට ගනකම්,කලු පොලිතින් උර ගෙනත් දුන්න,එලවලු හදන්න කියල.

මේ බීජ තමයි හිටවන්න ගත්තෙ

එලවලු බීජ ගෙනල්ල දුන්නෙ නම් රජරට විශ්වවිද්‍යාලගෙ කෘෂිකර්ම පීඨයෙ අවසාන වසරේ ඉගනගන්න,මම් අදුරන මල්ලි කෙනෙක්.තවත් පැල වර්ග ගත්තෙ අපි හැමදාම උපදෙස්,මල් ගස්,එලවලු, පොහොර එහෙම ගන්න "මල් අය්ය"ගෙන්.

"රෙඩ් ලේඩි"

 මේ තියෙන්නෙ මම් හිටවපු රෙඩ් ලේඩි පෑපොල් ගහ,තාම පොඩියි.මම් හිතන්නෙ මේ ගස් එච්චර උස යන්නෙ නෑ.කොහොමත් ඉතින් ඉඩකඩ අඩු නිසා පොඩි පැල තමයි හිටවන්න වෙන්නෙ.

කුරු ඇඹරෑල්ලා
 මේ තියෙන්නෙ කුරු ඇඹරෑල්ල පෑලේ.හිටවල නම් දැන් ටිකක් කල් වෙනවා. ටිකක් විතර උස ගිහින්.

මුරුංගා
 මේකත් වැඩිය උසයන්නෙ නැති මුරුංගා වර්ගයක් කියල තමයි මල් අය්ය දුන්නෙ,දැන් චූටි මලකුත් ඇවිල්ල තියනව.

තිබ්බටු
 මේ තියෙන්නෙ තිබ්බටු පැලේ, රතු කූබින්ගෙන් බේරගන්න එක තමයි දැනට මේකට තියන එකම ප්‍රශ්නේ....කොලවල යටි පැත්තෙ උන් බිත්තර දාල කොල ඇකුලනව.පස්සෙ ඉතින් ගහ මැරෙනව,ගස් දෙකක් තිබ්බ,ඒත් දැන් ඉතුරුවෙලා තියෙන්නෙ මේක විතරයි.

බණ්ඩක්කා
බණ්ඩක්කා 
 බණ්ඩක්කා නම් හැදුවෙ මල් හදල තිබ්බ ලොකු පෝච්චි වල.අද මුල්ම ඵලදාවත් ගත්ත.මේ තියෙන්නෙ චූටි කරලක් ඉතුරුවෙලා.

තක්කාලි
 තක්කාලි ගස් ටික හිතුවට වඩා උසට හැදෙනව වගේ,ඒ නිසා කෝටු ටිකකුත් හොයාගන හයිකරල දැම්මා,කදට ටිකක් හයියක් වෙන්න.  නැචුරලුත් ගොඩක් ආසයි තක්කාලි කන්න,විශේෂයෙන් අමුවෙන් කන්න.ඒ නිසා තමයි තක්කලි ගොඩක් හැදුවෙ.බෝංචිත් කන්න එයා ගොඩක් ආසයි, ඒනිසාම බීජ ගෙනල්ල පැල කරත් පැල වුනේ නැ.

සුදු පාට ඉරි
 තක්කාලි ගස් වල කොළවලට ලෙඩක් හැදිල, "ලීෆ් මයිනර්" ද මොකද්ද කියල තමයි මට උදව් කරපු මල්ලි කිව්වෙ,කොහොඹ ඇට තලල දැම්මොත් හරියනවලු,තාම නම් දාල බැලුවෙ නැ.තව දාස්පෙතිය මල් ගස් හදන්නත් කිව්වා.ගෙදර හදන නිසා කොම්පොස්ට් ඇරෙන්න වෙන මොනවත් රසායනික දේවල් දාන්නෙත් නැති නිසා මේක නම් වලක්වගන්න එක ප්‍රශ්නයක් වෙයි වගේ.ඒත් එච්චරම ලොකු බලපෑමකුත් නෑවගේ පේන්නෙ.

වැටකොලු මල්
වැටකොලු කරල්
 වැටකොලුත් හැදුවා,ඒවත් තාම පොඩියි.මුල් කාලෙ පොඩි කරල් කහපාට වෙලා නරක් වෙන්න ගත්තා,පස්සෙ තමයි සුදු පාට ඉටි කවර දැම්මෙ ඒවා ආවරණය වෙන්න,අර මල්ලිගෙ උපදෙස් අනුව,එයා කිව්වෙ නම් පළතුරු මැස්ස ඇවිල්ල පොඩි කරල් හිල් කරල බිත්තර දාන නිසාලු එහෙම වෙන්නෙ.

සුදුපාට ඉරි
 මේ බලන්නකො වැටකොලු වලත් අර සුදු පාට ඉරි තියනවා.

කරවිල
 කරවිල නම් තාම පොඩි පැල තියෙන්නෙ.

මිරිස්
මාලු මිරිස්
 මිරිසුයි,මාලු මිරිසුයි පැල ගොඩක්ම පොඩියි තාම.මේවා ඔක්කොම පෝච්චි වලයි,පොලිතින් උර වලයි හිටවන්න උනේ බිම හිටෙව්වොත් ගොලුබෙල්ලො ඇවිත් එක දවසින් කාල දාන නිසා.

කංකුන්
අගුන කොල
කිරි අගුන
කංකුන් කන්න මම් එච්චර ආස නැ.ඒත් අනිත් අය කනවනේ ඒ නිසා හැදුවා.මේ අගුන වැල යවල තියෙන්නෙ තාප්පෙ දිගට,සමහර අයනම් මේ කොළවල තිත්ත රසට ආස නැ.මම් නම් ගොඩක් ආසයි.සම්බෝලෙ වගේම මැල්ලුමත් ගොඩක් රහයි.කිරි අගුන පැලයක් හම්බුනේ මේ ලගදි.ඒවා නම් තිත්ත නැ.

තෙබු
සාරණ
නිවිති
අලුතෙන්ම හැදුවෙ තෙබු,සාරණ, නිවිති ටික.මේවා කන්නත් මම නම් වැඩිය ආසනෑ,ගෙදර අනිත් අය කන නිසා හිටෙව්වා.තව බෝංචි,වට්ටක්කා,බුශිටා මෑ බීජත් හිටවල තියනව.තාම පැල ඇවිත් නෑ.ගස් හිටවන්නත් ලේසියි අමාරුම වැඩේ තමයි, නැචුරල්ගෙන් බේරගන්න එක, වෙලාවකට එයා එවයෙ මල් කඩනව.

Wednesday, April 13, 2011

රතිඤ්ඤා


පොඩිම කාලෙ නම්  අප්පච්චි ගෙනත් දෙන රතිඤ්ඤා පෙට්ටිය අක්කටයි මටයි කියල දෙකට බෙදල වෙන්කර ගන්නවා.ඒත් පත්තු කරන්නෙ අප්පච්චි.:) අපි දෙන්න ටිකක් ලොකු කාලෙත් අපේ ගෙදර රතිඤ්ඤා පත්තු කරේ අප්පච්චි.ඒ අපි දෙන්නම බය නිසා රතිඤ්ඤා වලට.ඇයි ඉතින් අර ටීවී එකෙ එහෙම පෙන්නනවනෙ අනතුරු වෙනව කියල.:( පස්සෙ කාලෙ මටත් ඕනෙ වුනා තනියම රතිඤ්ඤාවක් පත්තු කරල බලන්න.

පත්තර කොලයක් අරන් දිග තීරුවක් ඉරල රතිඤ්ඤා කරල කොලේ අගම තියල කොලේ මුලට ගිනි පෙට්ටියෙන් කූරක් ගහල පත්තු කරල දුවන් එනවා.;;) ගේ ඇතුලටත් දුවන් ඇවිත් කන් වහගන බලන් ඉද්දි තමා රතිඤ්ඤාව ඩෝං!...ගාල පත්තු වෙන්නෙ:)). පස්සෙ කාලෙ රතිඤ්ඤා කීපයක් එහෙමත් ඒ මෙතඩ් එකට පත්තු කරා.අහස් කූරුනම් කවදාවත් පත්තු කරල නෑ.අප්පච්චි මිදුලෙ අහස් කූරු පත්තු කරල චූස්ස්ස්ස්....ගාන සද්දෙට තමා ගේ ඇතුලෙ ඉදන් දුවන් ඇවිල්ල උඩ බලන්නෙ.:))

දවසක් ගිනි පෙට්ටිය ඉවර වෙලා රතිඤ්ඤා පත්තු කරන්න ගින්දර නෑති නිසා අක්ක ගිහින් එලියෙ තියන ලිපෙන් ගින්දර ගේන්න.ඒකත් නිමිල නිසා නිකන් ඉදලා.හවස අම්ම වතුර උනු කරන්න ගිහින් ලිප පත්තු කරල ටිකක් වෙලා යද්දි ඩෝං... ගාල ලිපේ රතිඤ්ඤාවක් පත්තු වෙලා.:p අමතක වෙලා අක්ක එදා පත්තු කරන්න ආව රතිඤ්ඤා එක ලිපේ දාල ගිහින්.අම්ම නම් කිව්වෙ 99න් බේරුනා කියල :).

නිලා කූරු,බමරචක්‍ර වලට නම් බයක් වුනේ නෑ.පත්තු කරන්නත් ලේසියිනේ.එහා ගෙදර මල්ලි නම් සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්නෙ පරණ සෑමන් ටින් එකක් යටින් රතිඤ්ඤාව තියල.සද්දෙත් නියමයි.ටින් එක උඩ ගිහින් විසි වෙන්නෙ :)).සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරල උඩත් ගහනවා.:p

 තවත් දවසක් අල්ලපු ගෙදර අන්කල් යවපු අහස් කූරක් ඒ ගෙදර කුස්සියට ගිහින් මාර ජංජාලයක් වුනා.ආය, පාර දිගේ ඇරපු අහස් කූරක් මෝටර්සයිකලයක පිටිපස්සෙ ගිය ගෑනු කෙනෙක්ගෙ වෑදිල තිබ්බ,ඒත් ලොකු අනතුරක් නම් වුනේ නෑ.බෑනුම් ඇහුව එක විතරයි ටිකක්:D.  මම් කලිනුත් දවසක ලිව්ව අහස්කූරක් නිසා වුන තවත් අනතුරක් ගෑන:(. ඒ අනතුරින් එයාට ඇහෑකුත් අහිමි වුනා.

රතිඤ්ඤා පත්තු කරන්න,විනෝද වෙන්න.ඒත් පරිස්සමෙන්!!!

Tuesday, April 12, 2011

කන්දක් සේ මා


"නූපා ජපානයේ නීගතාවලට යන්නේ සකුරා මල් පිපුනු අරුමය බලන්න නෙවෙයි.

තමුන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.

නූපා,නීගතාවෙ සන්ජෝ නගරයේ  සෑරිසරන්නිය වෙන්නෙ කවුරුහරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නෑවත සොයාගන්නයි.

සුමිකාවා පරම්පරාවෙ මලවුන්ඇවිත්,ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ශේප කළාට, සන්ජෝ නගරයෙ සෑරිසරන්නිය - නගරයටයි,එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණිවෑලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.

මේ සෑරිසරන්නිය සොයා යමු."

මෙහෙම සදහන් කරල තිබ්බෙ  සුමිත්‍රා රාහුබද්ධ ලියල තියන "කන්දක් සේ මා" නවකතාවෙ පසුපිටේ.2010 වසරෙ සිංහල නවකතාව සදහාවන ස්වර්ණ පුස්තක සම්මානය 2010,රාජ‍‍‍‍ය්‍ය සාහිත්‍ය සම්මානය 2010 ඇතුලු සියලුම සම්මාන මේ කෘතියට ලෑබිල තිබුනා.

අලුත් අවුරුද්ද වෙනුවෙන්,  මට කියවන්න කියල ගත්ත පොත තමා මේ.වෙලාවක් තිබුනොත් ඔයාලත් අරගන කියවලා බලන්න.

Monday, April 11, 2011

අලුත් අවුරුද්දට දුන් ගැහීම

 
අලුත් අවුරුද්දට නෑතුවම බෑරි දෙයක් තමා කෙසෙල් කියන්නෙ.ඕනෙම ගෙදරක, එදාට ඉදුන කෙසෙල් තියනවා.ඉස්සර අපේ වත්තෙත් කෙසෙල් ගස් තිබුනා.පුදුමෙ කියන්නෙ අවුරුද්ද ලංවීගන එනකොට කොහොමහරි කෑනක් වෑටෙන එක.එහෙමමත් අවුරුද්දක තමයි ගෙදර ඉදුන කෑනක් අවුරුද්දට පාවිච්චි වුනේ නෑත්තෙ.අපි පොඩි කාලේ හරිම ආස වෑඩක් තමයි ඔය කෙසෙල් කෑන් දුන් ගෑහීම.

හොදට පෑහිච්ච කෙසෙල් කෑනක් කපල අවුරුද්දට දවස් 2කට 3කට කලින් තමා මේ වෑඩේ කරන්න ගන්නෙ.ඒ වෙලාවට අපිත් ඉතින් අප්පච්චිගෙ පස්සෙන් යනවා, කෙසෙල් කෑනේ ඇවරි වෙන වෙනම කපලා වෙන කරනවා.පුංචිම ඇවරියට මට මතකෙ හෑටියට කියන්නෙ "මල් ඇවරිය" කියලා.ඊට පස්සෙ  සෑහෙන්න වලක් කපනවා.කපලා වේලිච්ච කෙසෙල් කොල අතුරනවා අර වලේ බිමට,කොලවලට උඩින් අර කපල වෙන් කරපු ඇවරි ටික හෙමීට අඩුක් කරනවා,අපි ඒක කරන්න කෑමෑත්තෙන් සෑදී පෑහෑදී ඉන්නෙ,.

ඊට පස්සෙ  වලේ ප්‍රමානයට සෑහෙන්න පොඩි ලෑලිකෑලි ගෙනල්ල කෙසෙල් වල වහනව,ඊට උඩින් ආයමත් වේලිච්ච කෙසෙල් කොල.අන්තිමට පස් දාල වහනවා,ඊට කලින් වලේ පෑත්තකින් සිදුරක් හදල ඒකට පොල් කට්ටක් තියනවා,පොල් කට්ටෙ මෑද ටිකක් ලොකු සිදුරක් හදල, ඒකට පිදුරු හරි වේලිච්ච කෙහෙල් කොල හරිත් ඔබනව,වල ඇතුලට පස් යන එක වලක්වන්න.අන්තිමට වල උඩින් පස් දාලා වහල දානවා.

වලේ දෑම්මට පස්සෙ කෙසෙල් ඉදෙන්න,දවසට තුන් වතාවක් විතර දුම් ගහන්න යන එක තමා මම් ආසම කරපු වෑඩේ.පොල් ලෙලි ගිනිතියල  ඒවල දුම තමා අර වලට යවන්නෙ.අනික දුම් ගහල කෙසෙල් වල දුම් වලින් පිරෙද්දි වලේ සමහර තෑන් වලින් දුම් පිටවෙනවා,ඉක්මනින් දුම් පිටවෙන්න නොදී ඒවා පස් වලින් වහන එක තමා අනික් වෑඩේ.දවසක් විතර ගිහින් ඉදිලද දන්නෙ නෑ.කියලත් බලනව, දුම් ගහන්න යනකොට දුම් පොල් කට්ටෙන් එබිලා.හරියටම දවස් 3ක් විතර යද්දි කෙසෙල් ඉදිලා කන්න පුලුවන් තරමට.

Saturday, April 9, 2011

මුල්ම කෑෆේ ඇත්දෑකීම


මතකෙ හෑටියට එදා කාලෙකට පස්සෙ අක්කා ගෙදර ආව දවසක්,:) හදිස්සියෙ අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න වෙලා කියල යාලුවෙක් ඒ අස්සෙ කෝල් කරල කිව්වා එයාට.ඒකට ඕන කරන විස්තර හොයාගන්න විදියක් නෑතුව ඉද්දි අක්කම යෝජනා කරා කෑෆේ එකකට වත් ගිහින් විස්තර ටික හොයාගන්න ඕනෙ කියල,මොකෝ ඒ දවස් වල අපේ ගෙදර කොම්පියුටර් එකක් තිබ්බට ඉන්ටනෙට් තිබ්බෙ නෑනේ.:(

මොනවට බොරු කියනවද ඒ වෙද්දි මම් ඉන්ටර්නෙට් කෑෆේ එකකට ගිහින් තිබ්බෙ නෑ.:( .තනියම අක්කට කෑෆේ එකට යන්න එපා කිව්ව නිසා අම්මා මාත් යෑව්ව අක්කත් එක්ක එයාගෙ තනියට.

ඔන්න ඉතින්  අක්කත් එක්ක කෑෆේ එකට ගියා,මෑශින් එකක් අහද්දි එතන හිටපු කෙනා කිව්වා ඔක්කොම මෑශින්ස් වෑඩ ටිකක් වෙලා ඉන්න පුලුවන්ද කියල?.:( මොනවා කරන්නද අපේ වෑඩේ ඊට වඩා වටිනවනෙ.ඒ නිසා එක මෑශින් එකක් හිස් වෙනකන් බලන් හිටිය.ඔය අතරේ එතන හිටපු කෙනා ඇවිල්ල කිව්ව ලෑප්ටොප් එකක් තියනවා කමක් නෑද්ද කියල එයා පාවිච්චි කරකර හිටපු එක දුන්නා.:)

මමත් අක්කගෙ පස්සෙන්ම ගිහින් වාඩිවෙලා බලන් ඉන්නවා.ටිකවෙලාවක් යද්දි මට වෑඩේ එපාවුනා:(.වටපිට බලබලා හිටියා.වෙන කරන්න දේකුත් නෑනේ.එක පෑත්තක පොඩි පිරිමි ලමයි ටිකක් ගේම්ස් ගහනවා.ඔක්කොම හිටියෙ පිරිමි කට්ටිය,අපි දෙන්න ඇරෙන්න.

අනිත් පෑත්තෙ බොක්ස් හයි කරලා. ඒකෙ ඇතුලෙ ඉන්න කෙනාව පේන්නෙ නෑ,බොක්ස් එකේ පොඩි සිදුරකින් බොක්ස් එක ඇතුල පේනවා.ඒ කියන්නෙ මෑශින් එකේ ස්ක්‍රීන් එකේ පොඩි ප්‍රමාණයක්.මමත් ඉතින් ඔලුව කරකව කරකව බලද්දි තමා අමුතු දෙයක් දෑක්කෙ. :-o

අෆොයි... ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තා.මොනවා කරන්නද අක්කට කියන්නෑයි.:( .ඉවසන් හිටියා අහක බලාගන.ඒත් අක්කට මගෙ අමුත්තක් තේරෙන්න ඇති.මොකද වෙලා තියෙන්නෙ...?කියලා ඇහුවා එච්චරයි! :|.අක්කට ඒවා කොහෙ පේන්නද? එයා හෝ ගාලා සර්ච් කරනවා.

අර බොක්ස් එකේ හිටපුකෙනා ටික වෙලාවකට පස්සෙ අපි හිටපු තෑන පහුකරලා නෑගිටලා ගියා.අමතර පංතියකට යන කෙනෙක් වගේ පෙනුනෙ,පොත් කීපයක් අතේ තිබුන නිසා.ඒත් මට මූණ බලාගන්න නම් දයිරියක් තිබ්බෙ නෑ.සෙරෙප්පු දෙකක් දාලා හිටිය කියල නම් මතකයි. එදායින් පස්සෙ කාලයක් යනකන් කෑෆේ එකකට යන්න නම්  මට වාසනාව ලෑබුනෙ නෑ. :))

සත්තුන්ට ආදරේ අය වෙනුවෙන්


මේක මට ආව ඊ මේල් එකක්.මෙයාලට ඔයාලගෙ උදව් අවශ්යයි, පුලුවන්නම් උපරිම දෙනෙක්ට මේ ලිපිය යවන්න කියල තමයි ඒකෙ කියල තිබ්බෙ.මේ කාලේ තියන ග්‍රීස්මෙ කාටත් දෑනෙනවා අපිට වගේම සත්තුන්ටත්.ඉන්න හිටින්න බෑරි තරමට මේ දවස්වල රස්නේ.

මමත් පුරුද්දක් විදියට ගෙදර ඉස්සරහ තියන අඹ ගහේ පොඩි තෑනක් හදලා සත්තුන්ට කෑම දානවා,වතුර එකකුත් තියල තියනවා.ගෙදර හිටියොත් උදේ කන්න කලින් කරන අනිවාර්ය වෑඩක් ඒක.ලේන්නු,දෙමලිච්චො,කොන්ඩ කුරුල්ලො,බට ගොයෝ,නම් දන්න නොදන්න එක එක සත්තු ජාති එනවා බත් කාලා වතුර බීලා යන්න.

සමහර වෙලාවට වදුරොත් ඇවිල්ලා කට පුරවගන අහුරු අහුරු අරන් යනවා.මම් ඒකෙන් අප්‍රමාන සතුටක් ලබනවා.ඔයාලටත් පුලුවන් නම් මෙයාල වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න.

ඔයා කවුරු වගේද?


 පොඩ්ඩක් නෑවතිලා හිතල බලන්නකො ඇත්තටම ඔයා කවුරුවගේද කියලා.මම නම් මේ ලගක් වෙනකම්ම කිවේ අක්කට නම් හොදයි, එයාට හොදම ඒවා ඇවිල්ල තියෙන්නෙ,මට ඇවිල්ල තියෙන්නෙ නරකම ඒවා කියල.:(.අක්කට ඇවිල්ල තියෙන්නෙ අප්පච්චිගෙ මොලෙයි අම්මගෙ රූපෙයි.අම්ම අප්පච්චිට වඩා ලස්සනටත්, අප්පච්චි අම්මට වඩා බුද්ධිමත්වටත් මට දෑනෙන්න ඇති!ඒකනෙ එහෙම කියන්නෙ.මම් මේක අම්මයි අප්පච්චියි ඉන්න තෑන ප්‍රසිද්ධියෙත් නෑදෑයෝ,යාලුවො එක්ක කියල තියනවා.ඒත් කවදාවත් ඒදෙන්න මාත් එක්ක තරහ වුනේ නෑ.හිනාවෙලා නිකන් ඉන්නවා.

 අපේ කාගෙ හරි බබෙක් ඉපදුනා කිව්වහම,අපි බලන්න ගිහිනුත් ඕකමනෙ කරන්නෙ.ආ...බබා අම්මා වගේමයි!...:) එක්කො නෑ...නෑ...අප්පච්චි වගේ!...කියයි.අනේ ! බලන්නකො අර චූටි කට ඩිංග,ඇරපු අතක්නෑ අප්පච්චිගෙ වගේමයි කියයි.බබාගෙ ඇස් දෙක ලස්සනයි,අම්මගෙ වගේ හීනි ඇස් දෙකක් නේ ...බබාටත් තියෙන්නෙ.ඔය වගේ ගොඩක් දේවල් ,අලුත් බබෙක් වෙනුවෙන් කියවෙන එක අනිවාර්යයි.

ඕනෙම ජීවියෙක්ට තමන්ගෙ ලක්ශණ ලෑබෙන්නෙ දෙමව්පියන්ගෙන් ලෑබෙන ජානවලින් නෙ.ඒක නිසා තමයි මව්පිය ලක්ශන සම්මිශ්‍රණයක් අපිට ලෑබෙන්නෙ.

Thursday, April 7, 2011

සාඩම්බර වමත්කාරියක්මි.


වමත්කාරයො කියන්නෙ ගොඩක් දේවල් වලට දකුණට වඩා වමත පාවිච්චි කරන අයටනේ,විශේශයෙන් ලිවීමට.දන්නවද 11%ක ප්‍රතිශතයක්ලු වමත් කාරයො ඉන්නෙ මිනිස් ජනගහනයෙන්!.ඒක නිසා වමත්කාරයෙක් වෙනඑක ආඩම්බරයට කරුනක්.දුර්ලභයිනේ :)

මම් අහල දෑකල තියන විදියට ගොඩක් වමත් කාරයොන්ගෙ අකුරු හරි ලස්සනයි.මගෙ එහෙම උනේ නෑති එකනම් ප්‍රශ්නයක්.එහෙම වෙන්නත් පුලුවන් මොකද ඕනෙම දේක අපගමන තියෙන්නෙ පුලුවන්නෙ.:)මගෙ අකුරු හරිම කෑතයි.කවදාවත් කවුරුවත් ලස්සනයි කියල නෑ.

මට මතකයි ඕ ලෙවල් කරන දවස් වල මගෙ විද‍ය්‍යා ගුරුවරයා කිව්වා අම්මලට,ළමය දස්සය ඒත් ප්‍රතිපල එනකම් ශුවර් නෑ කියල,ඒ මගෙ අකුරු කියවන්න බෑරිනිසාලු.මගෙ අකුරු එක පෑත්තකට ගොඩක් ඇදයි.කියවද්දි ඔලුව රිදෙනවලු.වයසක ගුරුවරයෙකුට පේපර් එක බලන්න හම්බවුනොත් සොරිම තමා කියලා.

ඒනිසා ඕ ලෙවල් ලියන කාලෙත් අප්පච්චි ඩබල් රූල් පොත් ගෙනල්ලා දීලා මට අකුරු ලියවෙව්වා.හෑමදාම එක පිටුවගානෙ හිමීට ලස්සනට ලියන්න කියල,ඒකත් බෑනුම් අහලම නෑවෑත්තුවා.:( මගෙ හිමින් වෑඩ නෑනේ.දවසට දෙකට පොත ඉවරයි.:)) .කොහොම හරි ඕ ලේවල් හොදින්ම සමත් වෙලා තිබුන නිසා අකුරුවෙනුවට වෙන් කරලා තිබ්බ බෑනුම් වලින් බේරුනා.

කෑම්පස් ගියාමත් කවුරුවත් මගෙ නොට් ඉල්ලන්නවත් , මට එයාලගෙ අතපහුවෙන නෝට් ලියලදෙන්නවත් කිව්වෙ නෑ.වෑරදිලාවත් මගෙ නෝට් එකක් වත් කවුරුත් ඉල්ලුවෙත් නෑ.එහෙම ඉල්ලන්න ආවත් 10පාරක් විතරමාව හොයාගන එනවා ආපහු මේ මොකද්ද? මේ...ලියල තියෙන්නෙ...මේ අකුර...එතකොට මේ වචනෙ...කියල අහන්න :).

බලන්නකො මෙන්න මේ විදියටලුනෙ දකුණත් හුරු අය ලියන්නෙ

ගොඩක් වමතහුරු අය ලියන්නෙ  මෙන්න මේ විදියටලු
මම් නම් ලියන්නෙ මේ විදියට

හොර ෆිල්ම්


 මේක සිද්ද වුනේ මීට අවුරුදු කීපයකටම කලින්,ඒ දවස් වල මම් කෑම්පස් එකේ ඉංග්‍රීසී ඩිප්ලෝමා එකට ඇප්ලයි කරල විභාග ලියල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ඉන්න කාලෙ.ලියමනක් ආව විභාගෙ පාස්වෙලා තියන නිසා පාඨමාලා ගාස්තු ගෙවන්න කියලා.ඒකට උවමනා කරන ලියකියවිලිත් අරන් එදා ගෙදර ඈවිත් හිටිය මාමගෙ දුවත් එක්ක මම් කෑම්පස් එකට ගියා.එයා මට වඩා අවුරෑදු 2ක් විතර වෑඩිමල් කෙනෙක්.

ගිහින් හිතුවටත් වඩා කලියෙන් වෑඩ ටික ඉවරකර ගන්න පුලුවන් වුනා.දෙන්නම බස් එකේ නෑගල එන්න ආව.ස්ටෑන්ඩ් එකෙන් බෑහෑල ගෙදර එන්න ඕනි ෆිල්ම් හෝල් එක පහුකරල,එන ගමන් දෑක්ක තඩි බෝඩ් කෑල්ලක් ගහල තියනවා "දිල් සේ " කියල.කාලෙකින් ලෑබුන චාන්ස් එක නිසා අක්කා කීවා බලමුද නංගි අර ෆිල්ම් එක කියල.ඒ වෙද්දි මම කවදාවත් තනියම ෆිල්ම් බලන්න ගිහින් තියන එකක් යෑ.

ටිකක් බය හිතුනත් හා!... යං...කියල එක පයින්ම මමත් කෑමති වුනා.ආය මේවගෙ නිදහසක් කවද ඒයිද දන්නෙ.ඕනෙ දෙයක් වෙන්න කියල යන්න තීරණය කරා.ඔන්න දෑන් අක්කයි මමයි ටිකට් ගන්න තෑන.

අනේ... මට නම් බෑ... අක්කෙ ඔයා ගන්නකො...

කියල මම් පෑත්තකට වෙලා හිටිය.ඊට පස්සෙ මෙයා මෙහෙ දෙන්නකො සල්ලි... කියල සල්ලිත් අරන්පෝලිමේ ඉන්නවා.දෙන්නටම නිකන් අමුතුයි වගේ.ඔක්කොමල වගේ ඉන්නෙ කපල්ස්, අනිත් අයත් ගොඩක් පිරිමි අය.මට පෙනුනෙ එයාලත් අමුතු විදියට අපි දිහා බලන් ඉන්නව වගේ.

ඒත් එක්කම එතන ටිකට් ගන්න හිටිය අය්ය කෙනෙක් අමුතු හිනාවක් දාගන අපි දිහා බලනවා.කෙල්ලො දෙන්නෙක් තනියම ඇවිල්ල නිසා වෙන්න ඇති කියල අපි දෙන්නත් හොදට රවලා බලල නිකන් හිටිය.මෙන්න බොලේ මේකා කතා කරන්න වගේ අපි ලගට එනවා.

නංගිලා ආවෙ "දිල් සේ" ෆිල්ම් එක බලන්නද? 
අපි දෙන්නත් ඔව්...කියල බලන් ඉන්නව.
මමත් ආවෙ "දිල් සේ " බලන්න.
ඒත් අද ඒක නෙමේලු තියෙන්නෙ නේද?අර ෆිල්ම් එකලු කියල පෙන්නුවෙ නෑතෑ පෝස්ටරයක්.අපි දෙන්නටම ඉහින් කනින් දාඩියදාල ගියා පෝලිමේ ටිකට් ගන්නත් ලංවෙනවා.අනේ! තෑන්කු... අය්යෙ කිව්වට කියල හිනාවෙලා අපි දෙන්න හිමින් සෑරේ මාරුවෙලා ආවා.

Wednesday, April 6, 2011

පුව(ර්) මද(ර්)ලස්


 මම් එයාව මුලින්ම දෑක්කෙ අපේ නෑදෑ ගෙදරකදි.දෑක්ක ගමන් මට ගොඩක් ආස හිතුනා, ගෙදර ගෙනියන්න තරම්.ගෙදර පිටිපස්සට ගිහින් බෑලුවම තමා හරියටම කට්ටියව දෑක්කෙ,අක්කලා නංගිලා,අය්යලා,මල්ලිලා 6දෙනෙක්ම ඉන්නවා.මෙයාලගෙ අම්ම නෑතිවෙලා තියෙන්නෙ මෙයාල ඉපදිලා මාසෙකටත් අඩුකාලෙකින්.ඒ පාරට ගිහින්  ඉද්දි වාහනයකට හෑප්පිලා.පස්සෙ ඉතින් හදාගන තියෙන්නෙ ඒ ගෙදර අක්කා.අක්කගෙ නම ටිකිරි,එයා ගොඩක් සත්තුන්ට ආදරෙයි.අපිටත් ගොඩක් පුදුමයි අම්මා නෑතිවෙලත් මෙයාල ටික කිසි ලෙඩක් නෑතුව සනීපෙට ඉන්නවා දෑක්කම


 පස්සෙ දවසක අපි එහෙ යද්දි හිටියෙ මෙන්න මේ උඩ ඉන්න කෙනා විතරයි,අනික් කට්ටිය ඔක්කොම එක එක්කෙනා අරන් ගිහිල්ලා හදාගන්න.

Saturday, March 12, 2011

මේ පොඩි එකාගෙ වැඩ



වෙනද වගේම එදත් අප්පච්චි පත්තරේ බලබල හිටියා.පුරුද්දක් විදියට අපේ ගෙදරට ගත්තෙ සතියන්ත පත්තර දෙක.අනිත් දවස් පහේම අප්පච්චි ගෙදර ලග කඩෙන් ලංකාදීපෙ ගෙනත් බලනවා.

බලලා කලින් දවසෙ පත්තරේ රෑ අටට විතර ගිහින් දෙන්නෙ.එදා පත්තරෙත් ඒත් එක්ක ඉල්ලගන එනවා.

ඒ දවසෙත් අප්පච්චි සාලෙට වෙලා පත්තරේ බලනවා,අක්කයි,අම්මයි මමයි ටීවී බලනවා.ඔහොම ඉද්දි රෑට කොන්ඩෙ පීරල ගොතලනෙ මම් නිදියන්නෙ,(මම හය වසරෙ ඉද්දි)ඉතින් කොන්ඩෙ පීරලා ගොතාගන පනාවත් අරන් ආවා සාලෙට.

අප්පච්චි කණ්ණාඩි දෙකත් දාගන පත්තරේ බලනවා.අප්පච්චිගෙ ඔලුවෙ ඉස්සරහ පොඩ්ඩක් තට්ටෙ පෑදිලා,පිටිපස්සෙ හරියෙ කොන්ඩෙ තිබ්බා.

වෙනද වගේ මම විහිලුවට අප්පච්චිගෙ කොන්ඩෙ පීරුවා.පීරලා මම් කොන්ඩෙට දාල හිටිය කලු පාට හෙයා බෑන්ඩ්ස් දෙකෙන් අප්පච්චිගෙ චූටි කොන්ඩ දෙකක් බෑන්දා.(ඒදවස් වල මම් ලග තිබ්බ හොද හෙයා බෑන්ඩ්ස් කලෙක්ශන් එකක්,එක එක පාට ,ලස්සන ලස්සන ඒවා අම්ම අරන්දීපු).

ටික වෙලාවකින් මටත් ඕක අමතක උනා ටීවි බෑලිල්ල නිසා.ඒත් එක්කම අප්පච්චී කඩේට ගියා ඊයෙ ගෙනාව පත්තරේ දීල එන්න,ගෙදර ලග කඩේට.

ඔන්න ටික වෙලාවකින් අප්පච්චි එනවා,ඈවිල්ල කියනව අහ්... අද මාරවෑඩේනෙ මට උනේ කියලා.අපි ඔක්කොම ටීවී එක බෑලිල්ල පෑත්තක තියලා අප්පච්චි පෑත්තට හෑරුනා.
මම් කඩේට ගියා පත්තරේ දෙන්න..ඉතින් වෙනදවගේ කතා කරකර මුදලාලි හිනා වෙනව,මටත් ගානක් ගියෙනෑ.කඩේට ආව කොල්ලෙකුත් හිනා වෙවීගියා,ඒත් මම් බෑලුවා සරම වත් ඉරිලද කියල,එහෙමත් නෑ.

එතකොටම මුදලාලි ඈහුවනෙ මහත්තයා කොන්ඩෙ ඈදෙන්න මොනවත් කරනවද කියලා.

එතකොට තමයි තේරුනේ මේ පොඩි එකාගෙ වෑඩ.මේකා මගෙ කොන්ඩෙ පීරපීර ඉදලා කොන්ඩ දෙකක් බෑදල, මම ගානක් නෑතුව ගියානෙ කඩේට.









Monday, January 10, 2011

වෑස්සත් එක්ක බෝට්ටු ඇරීම


දෑන් දවස් කීපයක ඉදන් මෙහෙටත් මදි නොකියන්න වෑස්ස.ඕනෙ දෙයක් ඕනෑවට වඩා ඔනෙනෑ කියනවනෙ.වෑඩි වෑස්ස නිසා ගස්,පස් කදු කඩාගන වෑටිලා ගෙවල් දොරවල් වගේම ,ජීවිතත් හානිවෙලා.මදෑයි මේ සෑරේ මේ වහින තාලෙට කුඹුරුත් පාලුවෙයි කියල අම්මනම් කිව්වෙ.

පුංචි කාලෙ පත්තර කොල වලින් බෝට්ටු හදලා යෑව්වෙ නෑති කෙනෙක් නම් නෑතුව ඇති. ඔන්න ගෙදර ආව වෙලේ අපේ අක්කගෙ බබත් එක්ක එකතුවෙලා මමත් බබාට බෝට්ටු හදන්න කියල දුන්න. එයාට නම් තවම හරියට තේරුමක් නෑ,අවුරුදු 2ක් වත් නෑනේ තාම.වෑස්ස නිසා එලියටවත් යන්න දුන්නෙ නෑ එයාගෙ අම්මා.(තාම පොඩීනෙ ඉතින්)

ඒක නිසා ගේ ඈතුලෙ ඉදන් ජනේලේන් බලාගන ඉන්න සිද්දවුනා එයාට.මට පව් කියලත් හිතුනා.අපිනම් කොච්චර වෑස්සට තෙමිල තියනවද?පීල්ලෙන් නානවා,බෝට්ටු හදනවා,ඈතට යනකම් බලාගන ඉදල බෝට්ටුව ගිලුනම කොච්චර නම් දුක් වෙන්වද? වෑස්ස කාලෙට එකම යුද්ධයයි.



සමහර වෙලාවට බෝට්ටු වල කොඩිත් ගහල යවනවා,චූටි අය්යා "කුරෝ" වගේ කුඹිත් එකෙක් විතර බෝට්ටුවටම පටවලා යවනවා.මතක් වෙද්දි ඒ කාලෙ, ගොඩක් දුකයි.ආයෙත් පොඩිකාලෙට යන්න ඈත්තම්...ඒ කාලෙ කොච්චර සෑහෑල්ලුද? නිදහස්ද?.

Friday, December 3, 2010

නැචුරල්

මෙයා තමයි මගෙ අයිතිවාසිකම් ඔක්කොම මට නැතිකරල,අනිත් අයගෙන් මට ලෑබුන ආදරය උදුර ගත්තෙ.ඉස්සර, බබා, පොඩිපුතා, චූටි, පොඩි එකා කීව වචන මට නැතිකරපු මේ ජීවියා කොහෙදෝ ඉදන් මීට අවුරුදු එක හමාරකට කලින් අපේ ගෙදරට ආවා.කොහෙන්වත් ආව උනත් අපේ ගෙදර එයා පිලිගන්න තිබ්බ ලක ලෑස්තිය...අප්පා ඒදවස් වල කාටවත් මාව පේන්නෙත් නැ.උන්නද මලාද අහන්නෙ නෑ.අඩු ගානේ කෑවද බීවද අහ?... ඒකත් කලාතුරකින්.

ඔහොම මාස ගානක් ගෙවිල ගියා.ඉදල හිටල ගෙදර ආව දවසක මටත් මෙයාගෙ පිහිටෙන් හොදට රහට කන්න නම් ලෑබුන.(මේ කියන්නෙ අම්ම උයන ඒව රහ නෑ කියලනම් නෙමේ ඕං)මොකද මෙයා වෙනුවෙන්, අදුරන අහල පහල අය,නෑදෑයො,යාලුමිත්‍රයො එක එක කෑම ජාති, එක එක විදියට හදල ගෙනත් දෙනවනෙ.

බත්, මස්, මාලුඈඹුල්තියල්, කිරිකොස්, අල, පරිප්පු, ඈඹරෑල්ලා ඔයවගේ ඒවා.අනික බෝඩිමේ ඉද්දි කාල කාලම කඩේ කෑම එපා වෙලත් තිබුනෙ.මෙලෝරහක් නෑ...එක්කො ලුනු නෑ, නෑත්තම් මිරිස් නෑ,කිරි නෑ,තෙලුත් නෑ,වතුරෙන් උයන කෑමනෙ ඉතින්.ඒව එක්ක බලද්දි මේව දිව‍‍‍ය්‍ය භෝජන.

ඉතින්, මෙයා අපේ ගෙදරට එන්න ඉන්නව කියන පනිවිඩේ ඉස්ඉස්සල්ලම දෑනගන්නකොට මම් ගෙදරින් ගොඩක් ඈත.මට දුවගන එන්න හිතුනා ඒත් එහෙම එන්න තරම් පුලුවන් දුරක නෙමේ මම හිටියෙ. සුවල්ප දුරකෑයි එකම රටේ වුනත් කිලෝමීටර 280ක් විතර ඈතට වෙන්නනෙ.කොහොම හරි එදාට දෙන්න තිබ්බ assignment එකත් දඩබඩගාල ලියල දීල ගෙදර එන්න පිටත් උනා අඬඅඬම.ඒ සන්තොසෙ වෑඩිකමට වෙන්න ඔනේ මට ඈඬුනේ.හෑබෑයි යාලුවොන්ට නම් හිනා මේවෑඩේට.

වෙනද බස් එකේ එද්දි  කබරය දාන මට එදානම් එහෙම උනේ නෑ,,ඒ ගෙදර එන්න තිබ්බ උනන්දුවටම වෙන්න ඔනේ(පෑය 8ක් 9ක් එක දිගට එනවනෙ ඉතින්).උදෙන්ම එන්න පිටත් උන නිසා හවස 5.30 වගේ වෙද්දි ගෙදර අවා.ඒ වෙනකොටත් මෙයානම් ඈවිල්ල තිබ්බෙ නෑ.ටික වෙලාවකට පස්සෙ දුවගන ගිහින් බලද්දි ගේට්ටුව ලගට, මෙන්න අම්මල ඈවිත්.

චූටිම චුටි...., හරියට හූනු පෑටියෙක් වගේ එකෙක්, රෝසම රොසපාටට....,රස්නෙට ගුලිවෙල ඉන්නවා අම්මගෙ අතේ,හොදටම නිදි.මටනම් බයත් හිතුන අල්ලන්න, රිදෙයි කියල..ඔන්න ඔහොමයි එයා අපේ ගෙදරට ආවෙ.මගෙ අයිතිවාසිකම් නෑතිකරාට,මට ගෙදර අයගෙ තිබුන ආදරය පෑහෑර ගත්තට,දෑන් මෙයා මගෙ ලෝකෙ වෙලා, මගෙ පාලුව නෑතිකරනවා.මෙන්න මේ ඉන්නෙ එයා, අපේ අක්කගෙ පුංචි සුරංගනාවී!...


ප.ලි: එයාගෙ නම තමයි මම් ඔය ටයිට්ල් එකට දාල තියෙන්නෙ.ඒත් දෑන්නම් එක එක නම් තියනව,මම් නම් එයාට කියන්නෙ නැච්චා.කුරු බුරු කියලත් කියනව.එයානම් ඔයාගෙ නම මොකද්ද කියල අහුවම කියන්නෙ "අචූ..." කියල!.