ලංකාව පුංචි රටක් උනත් එක එක පළාත් වලට විශේෂ වෙච්ච වචන,භාෂා විලාස තියනවනේ.ඒවට කියන්නෙ "ප්‍රාදේශීය ව්‍යවහාර" කියල.
මාතර ගාල්ල පැත්තේ එක විදියක්. නුවර පැත්තෙ තව විදියක්.අනුරාධපුරේ පැත්තට වෙන්න තවත් විදියක්.ඔන්න ඔය විදියට කතා කරන වචන, විලාශය එක එක ප්‍රදේශ අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනව.
මම් බදුල්ලෙ ඉන්න කාලෙ එහෙ සමහරු කෑවද? ගියාද? කියල ප්‍රශ්ණ අහන්නෙ නෑ.එයාල කෑවා...බීවා... කියල ඇදලා තමයි කතාකරන්නෙ. ඒ එයාල කතා කරන විදිය.
සමහර අය කන්ට බොන්ට යද්දි සමහරු කන්ඩ බොන්ඩ යනව.සමහරු කන්න බොන්න යන්නෙ.
මේ සිද්ධිය වෙලා වසර කීපයක්.කැම්පස් ඉන්න කලෙ ඔය එක එක පළාත් වල අය එකට සෙට් උනාම කතාකරන්න එක එක විදියේ මාතෘකා ඇදිලා එනවනේ.
ඔය අතරේ එක එක පැති වල කතාබහ කරන ආකාර ගැනත් කතාවක් ආව.එකෙක් එක පාරට කියපි,ආ...උඹලෑ පැත්තෙ කුඩේ බානවා නේද?...කියල.
අනේ පල (&%*^$%#&^.... ආ එහෙනම් උඹලා මොකද කියන්නෙ?
නෑ ඉතින් අපිනම් කියන්නෙ කුඩේ අකුළනව,කියලනේ.හිකි.. .හිකි... හූඌඌඋ....
ඇයි බං මතකද දවසක් (ලගම ඉන්න කෙනෙක්ව ඉගියකින් පෙන්නමින්).දවසක් අපි ටවුන් ගියා... ආව මුල් කාලෙම හරිද... මෙයා එක පාරටම බස් එකක් නැවත්තපු වෙලේ, අන්න බස් එක හිටෙව්වා...යං යං...කියල මාවත් ඇදගන දිව්වා.
මට මැරෙන්න හිනා... කොහෙද බොලෙ බස් හිටවන්නෙ හරියට ගස් හිටවනව වගේ හිකිස්...
ඔහොම දෙයක් කියල කෙනෙක්ව අවුස්සලා කම්මැලිකම යාවාගන්න ගිහින් සමහරුන්ගේ ඇස් රතුවෙන වෙලාවලුත් තිබ්බා,ඒව ඉතින් ටික වෙලාවයි.
ඒත් පස්සෙ මතක් කරද්දි එහෙමත් කාලයකුත් තිබ්බ නේද කියල හිතෙනව.ආය එහෙම කාලයක් එන එකක් නෑ.දැන් ඉතින් හැමෝම බිසී වෙලානේ.කතා කරන්නවත් කොහෙද වෙලාවක්.
ඒත් පස්සෙ මතක් කරද්දි එහෙමත් කාලයකුත් තිබ්බ නේද කියල හිතෙනව.ආය එහෙම කාලයක් එන එකක් නෑ.දැන් ඉතින් හැමෝම බිසී වෙලානේ.කතා කරන්නවත් කොහෙද වෙලාවක්.



