ආ...මේක නම් ටිකක් විතර පරණ කතාවක් අවුරුදු 3ක් විතර පරණ එකක්.කෙටියෙන්ම කියන්නම්කෝ.
ඔන්න දවසක් ගෙදර ආව කැම්පස් නිවාඩුවකට, ඒ කාලේ මම් පාවිච්චි කරේ කාඩ් දාල කතා කරන සිම් එකක් නේ.ඉතින් 100ක් දැම්මම,ඉක්මනින් ඉවර වෙනව.
ගෙදර ආවම කතාකරන්න සල්ලි නෑ,ෆෝන් එක වැඩ නෑ. රීලෝඩ් කරන්නත් කම්මැලියි.
ඔන්න ඉතින් අක්කත් ඇවිත් හිටිය දවසක අක්කගෙ ෆෝන් එක බැලලි බැබලී තියනව මේසේ උඩ.එයා ඩයලොග් මම් මොබිටෙල්.
ඔන්න ඉතින් අක්කත් ඇවිත් හිටිය දවසක අක්කගෙ ෆෝන් එක බැලලි බැබලී තියනව මේසේ උඩ.එයා ඩයලොග් මම් මොබිටෙල්.
දෙපාරක් හිතුවේ නෑ අක්ක නැතිවෙලාවක් බලලා ගත්ත කෝල් එකක්,අදාල කෙනාට.
අදුන්වල දෙන්න කාරියක් උනෙත් නෑ හෙලෝ කියපු ගමන් දන්නව කවුද මේ කතා කරන්නෙ කියල, ඒ තරම් සමීපයි යාලුව.ආගිය ගමන් විස්තර ,බ්ලා බ්ලා... තව දේවල් කියල ෆෝන් එක කට් කරා.
පස්සෙ නොම්බරෙත් මකලා දැම්මා.
අදුන්වල දෙන්න කාරියක් උනෙත් නෑ හෙලෝ කියපු ගමන් දන්නව කවුද මේ කතා කරන්නෙ කියල, ඒ තරම් සමීපයි යාලුව.ආගිය ගමන් විස්තර ,බ්ලා බ්ලා... තව දේවල් කියල ෆෝන් එක කට් කරා.
පස්සෙ නොම්බරෙත් මකලා දැම්මා.
මෙන්න දවස් 2කට විතර පස්සෙ හවසක අක්ක ෆෝන් එකෙන් හයියෙන් හයියෙන් කාත් එක්කද කතාව.මෙන්න දෙබස, මට අක්ක කියන ඒවා විතරනේ ඇහෙන්නෙ.
හෙලෝ
..................................
මම් නම් රින්ග් කරේ නෑ.
........................................
වැරදීමක් වෙන්න ඇති මම නම් රින්ග් කරේ නෑ.
.................................................
නැ..නැ...මම් රින්ග් කරේ නෑ.!.
.............................................
අක්කට හෙනට තරහ ගිහින් කට් කරා ෆෝන් එක.
ඇයි? කියල මම් ඇහුව.
මොන පිස්සෙක්ද මන්ද?...මම් රින්ග් කරල තියනවලු ඒකාට.වෙන වැඩ නෑනේ.!....කොහෙද යන පිස්සෙක්.හෙන කොල්ලො සෙට් එකකුත් ඉන්නව ඇහෙනව,මුන්ට වෙන වැඩ නැතුවට!...අක්ක බැනගන බැනගන යනව...
අන්න ආය රින්ග් වෙනව.
ආ ආයෙත් අරකා...
හෙලෝ!...
erwrw werww sdfsd efsdf .......... sfsdfsd sdfsfsdfs. werww sdfsd efsdf sfsdfsd .
අම්මට සිරි මෙන්න අක්ක කඩ්ඩෙන් අර කෝල් කරපු කෙනාට බනිනව.හයිස්පීඩ් එකෙන් බැනගන බැනගන යනව.
ඒ අස්සෙ ආ යූ මෑඩ්? කියලත් ඇහුවා.
මෙන්න බොලේ අක්ක හිනාවෙනව.ඇහ්...
කට් කරා ෆෝන් එක.
කොහෙද යන පිස්සු සෙට් එකක්...මම් "ආ යූ මැඩ්?..." කියල ඇහුවම කතා කරපු එකා කියනව,අයැම් මෑඩ්! නොට් නොට්! ලු.
ඒ අස්සෙ ලග හිටපු එකෙක් ඉල්ලනව දියන්කො මම් කතා කරන්නම් කියල.ස්පීකර් ඔන් කරලද කොහෙද?අනිත් අයත් හිනා වෙනව.
දෙනවකො බලන්න නොම්බරේ කියල,මගෙ ෆෝන් එකේ කන්ටෑක්ට් ලිස්ට් එකත් එක්ක ඒ නොම්බරේ චෙක් කරා.හෆොයි!...මේකා!...මලකෙලියයි!...
ඒ මම් එදා අක්කගෙ ෆෝන් එකෙන් කෝල් එක ගත්ත යාලුවා.කෑ ගහපු කෙනා Noisy වෙන්න ඕනේ.
එදා මම් ගත්ත කෝල් එක නිසා තමයි යාලුව ලග අක්කගේ නොම්බරේ තිබිල තියෙන්නෙ.ඒ වෙලාවේ සේව් කරගන්න නැතුව ඇති!....ෆ්රී ඉන්න වෙලාවක නිකන් රින්ග් කරල බලන්න ඇති කවිද කියල.
රින්ග් කරාම කෙල්ලෙක්ගේ ගේ කටහඩ නිසා ආයෙත් ගන්න ඇති කියල තමා මට හිතුනේ.
ප.ලි: Noisy කියන්නෙ මගෙ යාලුවගේ අතිජාත මිත්තරයෙක්.ටිකක් කට වැඩි නිසාම තමයි මම් එයාට ඔය නම දැම්මේ.සමහර විට මේ පැත්තෙත් එන්න ඉඩ තියන නිසා වැඩි විස්තර නොකියා ඉන්නම්.මළකඩයා කිව්වමත් හොදට තරහ යනව. මේ හැමදේම ලිව්වෙ විහිලුවට ඔන්න තරහ එහෙම ගන්නව නෙමේ!...