මෝහිනී ගැන කවුරුත් අහල ඇති,සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනව.මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එක.සමහර විට තවත් තේරුම් ඇති.
කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගන බැල්ම දාල වරදට පොලඹවා ගන්න එක තමා මෙයා කරන්නෙ.
විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයි,මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගට නිසා.
ඒක නිසා වෙන්නැති සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියන්නෙ.වචනේ තේරුම හිතාගන්නකෝ ඔයාලම.
ඔය සමහරු වැඩ ඇරිලා,දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා...එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති!... අන්න ඒ වගේ අවස්ථාවක් බලලා තමයි මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නේ.
හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන... සුදුසාරියක් ඇදගන... අත දරුවෙක් වඩාගන එන... ගෑණුකෙනා - මෝහිනීගෙ කතාව ගැන,එයා ඇවිත් කියනවලු.අය්යා!... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද?,මගෙ මේ සාරිය හදාගන්න කියල.
සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් කියනව,නංගි දරුව අල්ලගන්න,මම් සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නව.
ඔන්න ඔය විදියට ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා... කෙට්ටු වෙලා... යනවලු.නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු.
සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.
ඉස්සර කාලේ මිනිස්සු නම් ඔහොම ලක්ශණ තියනව කියල දැනගත්තම යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු.ඒතකොට "ඔය ගතිය" එක සැරේටම සනීප වෙනවලු.
ඒත්...අලුත් පරම්පරාවේ අය කියන්නෙ මේ ලක්ශණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යාත්මක ගැටළුවක් නිසා කියල.
නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව),හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන් කියල තමයි එයාල කියන්නේ.
එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු.ඒ නිසා තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තො බය වෙන්ඩ කාරි නෑ ඔන්න.