Showing posts with label මම්. Show all posts
Showing posts with label මම්. Show all posts

Wednesday, December 7, 2011

මෙහෙමත් පිම්පල්


මේ සිද්දිය උනේ මං උසස් පෙළ ලියල ප්‍රතිඵල ඇවිත් ගෙදර ඉන්න කාලේ.ඔය අතරේ  දාපු සමහර පාඨමාලාවල Aptitude Tests  වලට ලියුම් එනවද කියල බලන් ඉන්නව.මෙන්න මේ කාලෙ තමයි මේ ලෙඩේ හැදුනේ.

ලෙඩේ කියන්නෙ පොඩි බිබිලකින් පටන්ගත්ත එකක්,පොඩි බිබිලක් කවුද ගනන් ගන්නේ ඉතින්.හිතාගන්නකො අර මූණෙ එන කුරුලෑවක් වගේ පොඩි බිබිලක් වගේ එකක් තමයි තිබ්බෙ.පස්සෙ පස්සෙ මේක ඇදුම්කන්නත් රිදෙන්නත් පටන් ගත්තා.අහ් ටිකක් විතර ලොකු වේගනත් ආවා.

කාටවත් පෙන්නන්නත් බෑ, මටත් හරියට පේන තැනක නෙමේ තිබ්බෙ.ඔහෙ ගනන් ගන්නෙ නැතුව හිටියා, කොහෙද වාඩි උනාම නැගිටින්න බෑ , නිදාගත්තොත් එක ඇලේකට වෙලා තමා නිදාගන්න ඔනේ.පොඩ්ඩක් හරි හැරුනොත් ආය කියල වැඩක් නෑ කැක්කුම.

ඔහොම ටික දවසක් ගිහින් බැරිමතැන ගෙදර අයට කියලා දම්මා.කට්ටිය මගෙ අපහසුතාවය දැනගනම කන්න බොන්න අත හෝදන්න හැමදේම ලගට කරලත් දුන්න.ඒත් ඉතින් වේදනාවනේ ඉවසන්න බැරි.

දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න යෝජනා වුනේ ඔය අතරේ,වාහනේ යන්නත් පුලුවන් කොහොමද දැන් දොස්තරට පෙන්නන්නේ.

හයියෝ මෙයාටත් වෙන වැඩ!.. කට්ටියම කිව්වෙ එහෙම.

මදැයි!...

ලැජ්ජාවට වඩා වේදනාව තියන නිසා ලැජ්ජාව පැත්තකින් තියලා ගියා දොස්තර හම්බවෙන්ඩ, ඒ අපි පොඩි කාලෙ ඉදන් බෙහෙත් ගන්න දොස්තර කෙනෙක්.අම්මත් එක්ක ගියා,දොස්තරත් බලලා කිව්ව බෙහෙත් දෙන්නම් ඒ බෙහෙත් වලට ගෙඩිය පැලිලා ගියේ නැත්තම් Operation කරන්ඩ වෙනව කියලා.අම්මේ ංමං බය වෙච්ච බය විල්ලක්.


 බෙහෙත් වේල් කීපයක් බොද්දි ගෙඩිය පැලිලා සැරව අයින් වෙලා ගියා.එහෙම්මම හොද උනා.මම් දොස්තරට පින් දුන්න අෆ්ෆෙ නැත්තම් පලයන්කො Operation කොරන්ඩ.

මේකෙත් වාසිය ගියේ අක්කට.කවුරුහරි හිතවත් යාලුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් ගෙදරට ආවාම, ආ...දන්නවද අපේ නංගීගෙ ගෙඩියක් ආවනේ හොද තැනක.... කියලා අනිත් උන්ටත් කියලා හිනා වෙන එක තමා මට පේන්ඩ බැරුව තිබ්බෙ ඒ කාලෙ.දැන් නම් ඒක අමතක වෙලා ගිහින්. ඒත් සුවවෙච්ච සලකුණු නම් තියනව මං හිතන්නෙ.කෝ මට හරියකට පේනව කියලෑ. 


Sunday, May 15, 2011

අදුරන්න පුලුවන්ද මෙයාව?

සාලෙ තිබ්බ පුටු කකුලක එතිල ඉදල, මෙන්න ආයම යනවා
මේ දවස් වල ඉස්පාසුවක් නැතුව ගොඩක් අය වෙසක් එකට ලෑස්ති වෙනව.මමත් ඉතින් වෙසක් එක වෙනුවෙන් ගෙදර ඉස්සරහ අඹ ගහේ එල්ලන්න කියල වෙනදා වගේ වෙසක් කූඩු හද හදා හිටිය,තව දවස් 2යිනේ තියෙන්නෙත් හරියටම වෙසක් එකට.ගෙදර එහා මෙයා යද්දි තමයි මෙන්න මෙයා එකපාරටම කකුලට පෑගුනේ.

යන ගමන්..
 අදුරනවද?... බලන්න කවුද කියල ,ගැරඩි පැටියෙක් නම් නෙමේ...අනික අර කලු පාර ඉරි ඉරිත් තියනව...මම් නම් අදුර ගත්තෙ නෑ,හිමීට හිමීට සාලෙට ආව,ටිකක් වෙලා බලන් ඉදල තමයි මම් මේ පින්තූරෙ ගත්තෙ ,ෆෝන් එක අතේ තිබ්බ නිසා.බයවෙච්ච තරමට කරන්න ඕනෙ මොකද්ද කියල හිතාගන්නත් බැරිවුනා.මොකද ඒ වෙද්දී ගෙදර හිටියෙත් මම විතරයි.

එලවන්න ගිහින් කෑවොත් කියන බය ඇතිවුනා,මරන්න ඕනෙ කියල නම් හිතුනෙ නෑ.මොකද මන්ද?...ඒ වෙලේ අතට අහුවුනේ ලගපාත තිබ්බ කොස්ස.කොහොමහරි තල්ලු කරගන ගිහින් සාලෙන් එලියට දැම්ම.එතනින් මිදුලට,මිදුලෙන් ගේට්ටුව ඇරල කෙලින්ම පාරට.වෙන කරන්න දෙයක් හිතාගන්න බැරිවුනා.මරන්න බෑනෙ :/

ගෙදර කට්ටිය ආවට පස්සෙ ෆොටෝ එකත් පෙන්නල විස්තරේ කිව්වා.එයාලටත් පුදුමයි කොහොම ගේ ඇතුලට ආවද කියල,අනික එළියෙ කුනුගොඩක් වත් නෑ.මේ කාලෙ පෑවිල්ල නිසා සත්තු වතුර හොයන් එනවලු,කවුද දන්නෙ කොහෙහරි යන ගමන් මෙයාට මාවත් බලල යන්න හිතුනද කියල.



Thursday, April 28, 2011

අමාවැස්ස


"බුදුරජාණන් වහන්සේගේ අසමසම ප්‍රඥා මහිමය, කරුණාව, දයාව, උපේක්ශාව හා ලෝක සත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කරමින්,උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප්නංවන,සමාධි සුව සිසිල දනවන මෑතයුගගේ බෞද්ධ සාහිත‍ය්‍යට එක්වූ විශිෂ්ටතම කෘතිය" ලෙසයි ජයසේන ජයකොඩි විසින් රචිත අමාවැස්ස නවකතාව හදුන්වා ඇත්තෙ.

ඔන්න මම නම් මේ පොත දෙවනිපාරටත් කියල ඉවර කරා.මේ වෙද්දි නම් මේ පොත ගොඩක් අය කියවල ඇති.ගොඩක් හිත සන්සුන් වෙනව කතාව කියවගන යද්දි.සරල භාෂාවෙන්,කතාවක් ආකාරයට ලියල තියන නිසා කියවන්නත් ආස හිතෙනව.

Wednesday, April 27, 2011

කරේ යන්නෙ බලාගන


මේ කතාවත් අවුරුදු 20කට වඩා පරණ කතාවක්.මේකට සම්බන්ද අපේ අක්කයි,මමයි.අපේ අක්ක හරියටම මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල්,එයා ගොඩක්ම කෙට්ටුයි පොඩි දවස් වල.ඒකටත් එක්ක මම මහතම මහතයිලු.අම්ම නම් කියන්නෙ ටික වෙලාවක් වඩාගන හිටියොත් අතේ අමාරුවත් හැදෙනව කියල.මමත් ටිකක් ලොකු උනාම,ඒ කියන්නෙ අවුරුදු 3ක් 4ක් වෙන්න ඇති,දවසක් අපි දෙන්න හැංගිමුත්තන් සෙල්ලම් කර කර ඉන්නවලු.

ඕකෙදි ඉතින් හැංගිලා ඉන්න එකා ඉස්සරහට කඩන් පනින එකනෙ කරන්නෙ  හූ...දැක්කා!!...කියාගන.අක්කා හැංගිලා ඉන්න වෙලාවක මම හොයන්න යද්දි අක්කව හම්බවෙලා,එයා ඉදල තියෙන්නෙ පිටිපස්සට හැරිල,එක පාරටම ආ...මේ ඉන්නෙ! කියල හිතලා මමත් එයාගෙ කරේ එල්ලිලා.මම් කරේ එලිච්ච පාරට අක්කගෙ  උරහිසේ අස්ථියකුත් බිදිලා,අර රූපෙ තියන අස්ථිය තමයි බිදිල තියෙන්නෙ.

කැඩුම් බිදුම් වෙදමහත්තයෙක් ලගට ගිහිල්ලු ඒක හදාගත්තෙ,තෙල් ටිකක් එහෙම උරහිසේ ගාල කතා කර කර ඉන්න ගමන් අක්කගෙන් නම එහෙම ඇහුවලු.එක පාරටම ටොක් ගාල කැඩිච්ච අස්ථි කෑල්ල යටට එබුවලු.ඊට පස්සෙ එක පාරම හරි ගියා කියල තමයි අම්ම කිව්වෙ.මේ කතාව මම් අහගත්තෙ ලගදි දවසක් නැචුරල්ව ලුනු කරේ ගෙනියන්න ගිහින්.

Monday, April 25, 2011

මාලු පිස්සුව


මට මතකෙ හැටියට මාලු ඇතිකිරීමේ පිස්සුව මට බෝවුනේ 7 වසරේදි විතර.ඒත් ඒ පිස්සුව බෝවුනේ කොහොමද කියල නම් හරිහැටි මතකයක් නෑ.ගෙදර අයත් කවුරුත් කැමති වුනේ නෑ හැබෑයි මේ අදහසට. පව් කාර වැඩ කරන්න යනව,අනික ඔය ආසාව දවසයි දෙකයි,අපිට තමා අන්තිමට කරගහන්නෙ වෙන්නෙ,පූසා එක්ක කොහොමද මාලු හදන්නෙ,උන්ට වෙලාවට කෑම දාන්න ඕනෙ, උන් හදන්න බෑ අපිට මැරෙනව,අනික ටැංකි සුද්ද කරන්නයි,ජරාවයි,අපෝ...ඊ.... අරව මෙවා කතා ගොඩයි.

ඔය අස්සෙ කොහොම කොහොම හරි සියලු වගකීම මම් බාරගන්නව කියල තරයේ කීවම අප්පච්චි කැමතිවුනා අරන් දෙන්න මාලු ටැංකියක්.ඒත් එච්චර ලොකු එකක් නෙමේ සාමන‍ය්‍ය තරමේ එකක්.ඒත් එක්ක මාලු කෑමයි,ටැංකියට දාන්න ගස්, එහෙමත් ගෙනල්ල දුන්න.මතකෙ හැටියට මුලින්ම අරන් දුන්නෙ සාරි ගප්පි ජෝදුවක්,උන් ලස්සනයි,එක එක පාට,පීනද්දි පාට පාට සාරි වනනව වගේ...හරි ලස්සනට පෙනුන.ඒ කාලෙ සාරි ගප්පි ජෝදුවක් රුපියල් 40ක් විතර.

සාරි ගප්පි
ඒදවස්වල ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල කරේම  මාලු ටැංකිය දිහා බලන් ඉන්න එක,උන්ට කැම දාන එක.අන්තිමට එතන තමයි පාඩම් කරන ස්ථානය වුනෙත්.ටික දවසකින් වල් ගප්පිත් එකතුවුනා.මුන් ඉක්මනට පැටවුනුත් දානව,එකෙක්ගෙ බඩ ලොකුවෙලා තියනවනම් පෑටව් දානකම් ඉවසිල්ලක් නෑ.දවසක් හවස බලද්දි පැටව් ගොඩක් දාල තිබ්බ,උදේ බලද්දි ඔක්කොම වගේ කාල තිබුන කීපදෙනෙක් ඇරෙන්න. එදානම් ගොඩක් දුක හිතුන.

ගප්පි

පස්සෙ කාලෙක ප්ලෙටි ජෝදුවකුත් හම්බුනා.අල්ලපු ගෙදර මල්ලිත් මාලු ඇතිකරන්න ගත්තට පස්සෙ,එයාගෙ යාලුවන්ගෙන් හුවමාරු විදියට කහපාට, තෑඹිලි පාට ප්ලේටි පැටව් ටිකකුත් හම්බුනා.ආ...අර පුල්මුඩේ පැත්තෙ තියන සම්බහාල් ඇට වගේ වැලිත් හම්බුනා ටැංකියට දාන්න.

ප්ලේටි
 ටෑන්ක්ලීනර් ජෝදුවකුත් ගෙනත් දුන්න අප්පච්චි,ටැංකියෙ තියන දිය සෙවල උන් කනව,එතකොට නිතර නිතර ටැංකිය අස් කරන්න ඕනෙ වෙන්නෙ නෑනේ කියල.ඒත් මම් උන්ට වැඩිය කෑමතිවුනේ නෑ.උන් කෑතයි,වෙලාවකට පොඩි මාලු පස්සෙත් පන්නනවා.කොච්චරවත් ටැංකිය බිත්තියෙ එල්ලිලා ඉන්නව,කිසි හැලහොල්මනක් නෑ.

ටෑන්ක්ලීනර්
 ඊට පස්සෙ ඇතිකරේ ගෝල්ඩ් ෆිශ් ජෝඩුවක්,උන්ව හදන්න අමාරුයි,ඉක්මනටම මැරිල යනව,එහෙමම කියන්නත් බෑ,සමහර විට මගෙ රෑකබලාගැනීමේ දක්ශතාවය වෙන්නැති ඒ.
ගෝල්ඩ් ෆිශ්
අන්තිමට ඇතිකරේ කලුම කලුපාට උන් දෙන්නෙක්,එතකොට මම් ඒලෙවල් කරනවා.ඒ වෙද්දි අනිත් මාලු ඔක්කොම උන් මැරිල ගිහින් හිටියෙ.විභාගෙත් ලග නිසා මාලුන්ට තියෙන සැලකිල්ලත් අඩුවුනා,විභාගෙ දවස් වල අප්පච්චිගෙ මරණෙත් සිද්දවුනා,හත්දවසේ දානෙ දෙන දවස්වල තමා දැක්කෙ මුන් දෙන්නත් මැරිල වතුරෙ පාවෙනව.එදායින් පස්සෙ මාලු ඇතිකරන එක නැවැත්තුවා.

ගොගලයිස්


 මේ ලගදිත් ආයම මාලු පිස්සුව බෝවෙන්න ගියා,විසික්කරල තිබ්බ මාලු ටැංකිය ආයෙම හෝදල ගත්තා. ඒත් අම්මගෙන් බැනුම් අහලම නිකන් හිටිය,විකාර...ආයෙත් පව් පුරවගන්න හදනව...පොඩි උන් වෙන්න හදනව!...

Friday, April 22, 2011

Think Green, Act Green, Live Green


අප්‍රේල් 22 වෙනිදා අපි සමරන්නෙ ජාතය්‍යන්තර මිහිකත දිනය(International Earth Day).ලෝකවාසී බොහෝදෙනා මෙදිනට පරිසරය ආරක්ශා කිරීම හා පරිසරය පිළිබද අවධානය වැඩිවශයෙන් යොමුකිරීම වෙනුවෙන් පවත්වනු ලබන විවිධ කටයුතු,අවස්ථාවන්ට සහභාගී වෙනවා.

ලෝකේ දෑනට සිද්ධවෙන සිදුවීම්,මූණපාන පාරිසරික ප්‍රශ්ණ එක්ක බලනකොට ගොඩක් දෙනාගෙ අවධානය දෑන් පරිසරික සංරක්ශණය කෙරෙහි යොමුවෙලා.ඒක නිසයි අපිත් පරිසරය වෙනුවෙන් කරන්නට පුලුවන් සුලු දෙයකින් හරි එයට දායක විය යුත්තේ.

 කසළ  ප්‍රතිචක්‍රීකරණය, පරිසරය අපවිත්‍රකරණය අවමකිරීමට ප්ලාස්ටික් වැනි දේවල් වෙනුවට ජවහායනය(biodegradable) වන ද්‍රව‍‍ය්‍ය භාවිතය,ජලය, විදුලිය අරපරිස්සමෙන් පරිහරණය කිරීම අපට කලහැකි දේවල් අතර මූලිකත්වයක් ගන්නා කරුණු.

ඒ අතර තමතමන්ට පුලු පුලුවන් හැටියට ගෙවත්ත ගස්/පැලෑටි වවල අලංකාර කරගන්නව නම් තවත් වටිනාකමක් එකතුවේවි.මෙන්න මේ ලින්ක් එකෙන් ජාතය්‍යන්තර මිහිකත දිනය  ගැන තවත් තොරතුරු දෑන ගන්න පුලුවන්.