මේ සිද්දිය උනේ මං උසස් පෙළ ලියල ප්‍රතිඵල ඇවිත් ගෙදර ඉන්න කාලේ.ඔය අතරේ දාපු සමහර පාඨමාලාවල Aptitude Tests වලට ලියුම් එනවද කියල බලන් ඉන්නව.මෙන්න මේ කාලෙ තමයි මේ ලෙඩේ හැදුනේ.
ලෙඩේ කියන්නෙ පොඩි බිබිලකින් පටන්ගත්ත එකක්,පොඩි බිබිලක් කවුද ගනන් ගන්නේ ඉතින්.හිතාගන්නකො අර මූණෙ එන කුරුලෑවක් වගේ පොඩි බිබිලක් වගේ එකක් තමයි තිබ්බෙ.පස්සෙ පස්සෙ මේක ඇදුම්කන්නත් රිදෙන්නත් පටන් ගත්තා.අහ් ටිකක් විතර ලොකු වේගනත් ආවා.
කාටවත් පෙන්නන්නත් බෑ, මටත් හරියට පේන තැනක නෙමේ තිබ්බෙ.ඔහෙ ගනන් ගන්නෙ නැතුව හිටියා, කොහෙද වාඩි උනාම නැගිටින්න බෑ , නිදාගත්තොත් එක ඇලේකට වෙලා තමා නිදාගන්න ඔනේ.පොඩ්ඩක් හරි හැරුනොත් ආය කියල වැඩක් නෑ කැක්කුම.
ඔහොම ටික දවසක් ගිහින් බැරිමතැන ගෙදර අයට කියලා දම්මා.කට්ටිය මගෙ අපහසුතාවය දැනගනම කන්න බොන්න අත හෝදන්න හැමදේම ලගට කරලත් දුන්න.ඒත් ඉතින් වේදනාවනේ ඉවසන්න බැරි.
දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න යෝජනා වුනේ ඔය අතරේ,වාහනේ යන්නත් පුලුවන් කොහොමද දැන් දොස්තරට පෙන්නන්නේ.
හයියෝ මෙයාටත් වෙන වැඩ!.. කට්ටියම කිව්වෙ එහෙම.
මදැයි!...
හයියෝ මෙයාටත් වෙන වැඩ!.. කට්ටියම කිව්වෙ එහෙම.
මදැයි!...
ලැජ්ජාවට වඩා වේදනාව තියන නිසා ලැජ්ජාව පැත්තකින් තියලා ගියා දොස්තර හම්බවෙන්ඩ, ඒ අපි පොඩි කාලෙ ඉදන් බෙහෙත් ගන්න දොස්තර කෙනෙක්.අම්මත් එක්ක ගියා,දොස්තරත් බලලා කිව්ව බෙහෙත් දෙන්නම් ඒ බෙහෙත් වලට ගෙඩිය පැලිලා ගියේ නැත්තම් Operation කරන්ඩ වෙනව කියලා.අම්මේ ංමං බය වෙච්ච බය විල්ලක්.
බෙහෙත් වේල් කීපයක් බොද්දි ගෙඩිය පැලිලා සැරව අයින් වෙලා ගියා.එහෙම්මම හොද උනා.මම් දොස්තරට පින් දුන්න අෆ්ෆෙ නැත්තම් පලයන්කො Operation කොරන්ඩ.
මේකෙත් වාසිය ගියේ අක්කට.කවුරුහරි හිතවත් යාලුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් ගෙදරට ආවාම, ආ...දන්නවද අපේ නංගීගෙ ගෙඩියක් ආවනේ හොද තැනක.... කියලා අනිත් උන්ටත් කියලා හිනා වෙන එක තමා මට පේන්ඩ බැරුව තිබ්බෙ ඒ කාලෙ.දැන් නම් ඒක අමතක වෙලා ගිහින්. ඒත් සුවවෙච්ච සලකුණු නම් තියනව මං හිතන්නෙ.කෝ මට හරියකට පේනව කියලෑ.










