ළගදි දෙවනි රස්සාවටත් ආයුබෝවන් කියල තුන්වෙනි රස්සාව පටන් ගත්ත.ඒ අතර ලැබුන විවේකෙකදි අනුරාධපුර නගරයෙන් ටිකක් ඈත මැදවච්චිය නගරයේ ආසන්නයේ තියෙන ඉසින්බැස්සගල පුරාණ රජ මහා විහාරය බලන්න යන්න පුලුවන් උනා.
ඉසින්බැස්සගල තියෙන්නෙ මැදවච්චිය නගරයෙන් ටික දුරක් ඈතට වෙන්න. වවුනියාව පාරේ යද්දි තමයි හම්බ වෙන්නෙ.
සෘශිවරයන් බැස්ස නිසා "ඉසින්බැස්සගල" නමින් මේ ස්ථානය හදුන්වනව කියල තමයි කියන්නෙ.මිහිදු හාමුදුරුවෝ සහ පිරිස මිහින්තලෙට වඩින්න කලින් මේ ස්ථානයට ඇවිත් ටික වෙලාවක් ගත කරලා තියනව කියල තමයි කියවෙන්නෙ,මේ ස්ථානය ප්‍රතිසංස්කරණයේදී ඒ බව තරවුරු කරගනත් තියනවලු.
මේ තියෙන්නෙ එදා ගිහින් ගත්ත පින්තූර ටිකක්.ගිහිල්ල නැති අයට බලන්න එක්ක ඔන්න මම් බ්ලොග් එකට එකතු කරා.වැඩිදුර තොරතුරු මෙතනින් ගියොත් බලාගන්න පුලුවන්