කියවීමේ රුචිය අඩුවෙලා කීවට තරුණ අය අතරෙත් පොත් කියවන අය ගොඩක් දෙනෙක් ඉන්නව. ඒක පේන්නෙ බුක් ෆෙයාර් එකකට වගේ ගියාම.හැබැයි ඔය ඔක්කොම එන්නෙ පොත් ගන්නද එහෙම ගන්න පොත් ඔක්කොම කියනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්.
මං ගොඩක් වෙලාවට මාසෙ පඩියෙන් පොතක් ගන්න අමතක කරන්නෙ නෑ. බුක් ශොප් එකකට යන්න පුලුවන් උනොත් නිවාඩු පාඩුව තියන වෙලාවට තෝරලා බලල පොත් කීපයක්ම ගන්නවා.අනික පුරුද්දක් විදියට පොතක් ගත්ත ගමන් අලුත් කවරයක් දාන්නත් වගබලා ගන්නවා.
කලින් මෙහෙ පබ්ලික් ලයිබ්‍රි එකටත් බදිල හිටියා.ඒත් මට ආස මටම කියල අලුත් පොත් අරන් කියවන්න, එතකොට ඒ පොත් මගේමනේ :)
පොත් වලට ආස ආදරේ අය ගොඩක් පොත් පරිස්සම් කරනව. එපා වෙනම දේ තමයි පොත් බලන්ඩ අරන් ගිහින් ගෙනත් දෙනෙන් නැති එක. එක්කො බලන්නෙ නෑ අරන් ගියාට ඔහේ තියන් ඉන්නව එහෙම හිටියම අපිටත් අමතක වෙනව පොත දුන්නෙ කාටද කියල.
ගත්ත කෙනාට කිසි ගානක් නෑ ආය ගෙනත් දෙන්න ඔනේ කියල. ඔන්න ඔහොම තමා පොත් නැති වෙන්නෙ ඉතින් යාලුවන්ට උනත් පොත් දෙන්න හිතෙනවද ? :(
මේකට විසදුමක් විදියට ලොක් කරන්න පුලුවන් පොත් අල්මාරියක් හදාගත්ත. පොතක් ගත්ත කවරයක් දැම්ම කියෙව්ව.ලොක් කරල දැම්ම. පොතක් කියවල ගෙනත් දුන්නම තමා ආය වෙනත් පොතක් දෙන්නෙ. ඇයි වදේ මම් ආසාවෙන් එකතු කරන කියවන පොත් එහෙම නැතිවෙන්න දෙන්න පුලුවන්ද ? ඒකේ අමාරුව, දුක තියෙන්නෙ මටනේ.