ඒත් දිගටම මම දුකෙන් හිටියෙ, මට ආදරේ ගොඩක්ම ඕනෙ වෙලා තිබ්බෙ. ඒ කාලෙදි මම
මගේ ඉලක්ක, බලාපොරොත්තු හැම දෙයක්ම අහිමි කර ගනිමින්, හැම වෙලාවකම එයා ගැනම
හිතමිනුයි හිටියෙ.
මගේ ගෙදර කටයුතු, සමාජ සම්බන්ධකම්, අධ්‍යාපනය සහ අනිත්
මගේ ව්‍යාපෘති, ඒ හැම දෙයක්ම සෑහෙන්න අඩපණ වුණා. ඒක නිසා ගිය අවුරුද්දෙ ඉඳන් මම එයාව හම්බ වෙන එක නැවැත්තුවා. දැන් මට කියන්න පුලුවන් මම ආයෙමත් ප්‍රකෘති තත්වයට ඇවිත් කියල.
දැන් මට ඕනෙ මම ගිය අවුරුදු වල අතපසු කරල දාල තිබ්බ දේවල් ගැන අවධානය යොමු කරන්න, රස්සාවෙ තත්වය උසස් කර ගන්න එක , අධ්‍යාපනය වගේ දෙවල්. මම මගේ පරණ සම්බන්ධකම් ගැන මතක් කළේ , මගේ පළවෙනි , දෙවෙනි සහ තුන්වෙනි සම්බන්ධකම් අතරේ ලොකු කාල පරතරයවල් තිබ්බේ නෑ කියන එක පැහැදිලි කරන්නයි.

දෙවෙනි සහ තුන්වෙනි
සම්බන්ධකම් පටන් ගනිද්දි , පළවෙනි සහ දෙවෙනි සම්බන්ධකම් බිඳිච්ච එකෙන් ඇති
වෙච්ච වේදනාවෙන් මං සම්පූර්ණයෙන්ම ප්‍රකෘති තත්වයට ඇවිත් හිටියෙ නෑ. මට ඕනෙ නෑ
ඒ දේ නැවත වෙන්න.
ඒක හින්දා මට ඕන උනේ ගෑණු ළමයි කීප දෙනෙක් එක්ක යාලුවො විදිහට එහෙම නැත්තන් අනාගතයේ වෙන්න පුලුවන් විවාහ සහකාරිය විදිහට කතාබහ කරල මගේ හදවතට නිදහසේ සැරිසරන්න ඉඩ දෙන එක අඩුම තරමින් මාස කීපයකටවත් සහ ඒක නතර වෙන්නෙ කොතනද කියල බලන එක.
මම දන්නවා මේ
මට්ටමේදී ඒක ටිකක් අමාරු වැඩක්, අනික මට ඕනෙ නෑ මගෙ අතීතේ හංගන්න. විශේෂයෙන්ම වෙලාවෙ වෙනස හින්දා මේක තේරුමක් නැති දෙයක් වෙන්නත් පුලුවන්.
මම
ගෙදර ඉන්න වෙන් කර ගත්ත වෙලාව හැරුන කොට ජිම් එකට යන්න, උයන්න, ඇඳුම් හෝදන්න, පාඩම්
කරන්න, ගෙදර පිරිසිදු කරන්න යන වෙලාවත් එක්ක කෙනෙක් එක්ක සම්බන්ද වෙන්න මට වෙලාවක් හදාගන්න අමාරුයි.
මට හැමදේම තියනව එකක් ඇර, ඒ මගේ හිතේ සතුට, මගෙ ලගට වෙලා මට ආදරය කරන්න කෙනෙක් නැතිකම. ඒත් මට ඕනෙ මට නැති වෙච්චි ජීවිතේ ආයෙමත් මං ලගට ගන්න. සමහර විට එහෙම දෙයක් සදහටම නොවෙන්නත් පුලුවන්, ඒත් මං තාමත් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නව.