Showing posts with label අහපුවා. Show all posts
Showing posts with label අහපුවා. Show all posts

Thursday, February 13, 2014

මම ආයෙත් | Started Dating Again - 2




හැබැයි කවදාවත්ම මට පළවෙනි එක්කෙනා ගැන තරම් දෙවෙනි එක්කෙනා ගැන ආදරයක් ඇති වුණේ නෑ, අඩුම තරමින් 50% ක් වත්. ඒ දවස් වල එයාට කෝල් දෙන එක ගොඩක් වියදම් අධිකයි, එයාට ඊමේල් තිබ්බෙත් නෑ.

හැබැයි හැම මාසෙම එයා එයාගෙ චූටි අත් අකුරු වලින් ලියාපු A - 4  කොළ කීපයක් මට තැපෑලෙන් එවුවා. මට දිග ලියුම් ලියන්න ඕනෙ වුනේ නෑ. ඒකෙන් වෙන්නෙ මගේ දුක වැඩි වෙලා, තනිකම , පාලුව වැඩිවෙලා මම ආපහු ලංකාවට යැවෙන එක. 

මම මෙහෙ තනි වෙලා නිසා, මට ඕනෙ වුණේ මේ රටෙන් සම්බන්ධයක් හදා ගන්න. ඒක නිසා මම එයත් එක්ක තිබ්බ සම්බන්දෙ නැවැත්තුවා.අන්තිමේදි මම ගොඩක් වයසෙන් අඩු කෙල්ලෙක් එක්ක යන්න එන්න පටන් ගත්තා. 

වයසෙන් වැඩි වෙද්දි එයා ගොඩක්ම වෙනස් වුණා.ඒත් අපි අවුරුදු කීපයක්ම එකට හිටියා. සමහර විට ඒ අපි දෙන්නම වැඩි කලබල නැති ගෙදරටම වෙලා ඉන්න කැමති අය හින්ද වෙන්න ඇති. 

සමහරවිට මෙහෙ දැන ඇඳුනුම්කම් අඩු හින්ද වෙන්නත් ඇති. හැබැයි ලොකුම හේතුව අපි අතරෙ  තිබ්බ ආර්ථික බැඳීමයි අපිට එකිනෙකාගෙන් හම්බ වෙච්ච උදව් උපකාරයි වෙන්න ඕනෙ. 

ඒකත් කාලයක් යද්දි අවසානෙ කරා ලගා උනා. ඊට පස්සෙ මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් විජාතික කෙල්ලෙක් එක්ක මම් සම්බන්ද උනා .අපිට ලොකු අනාගතයක් නැති බව හොඳටම දැනගෙන වුණත් මම එයාට ගොඩක් ආදරේ වුණා. සමහර විට අර පළවෙනිම කෙල්ලට ආදරේ වුණාටත් වඩා.මට ඕන වෙලා තිබ්බෙ ආදරේ...මට ලගින් ඉන්න කෙනෙක්...

ඒත් එයා මාව සෙල්ලමකට ගත්තා විතරයි.එහෙමත් නැත්තන් එයාට හැඟීම් ඇතිවෙනවා, නැති වෙනවා වෙන්න ඕනෙ. ඒත් නැත්තන් එයාට ඕනෙ වුණේ කායික සම්බන්ධයක් විතරක් වෙන්න ඇති.

මම ආයෙත් | Started Dating Again - 1



ඔයා දන්නව මම ලගකදි ඉඳන් ආපහු ඩේට් කරන්න පටන් ගත්ත බව. මට ගෑණු ළමයි කීප දෙනෙක්වම ආශ්‍රය කරන්ඩ හම්බ වුණා. ඔයාට නිකමට වගේ කියන්න ඕනෙ උනේ මගේ හිතේ තිබ්බ අදහස. මම කරන්න හිතන් ඉන්නෙ මොනවද කියන දේවල් ගැන.

මට මීට කලින් සම්බන්ධකම් කීපයක් තිබිල තියනවා. පලවෙනි එක මට වයස 16 - 19 විතර කාලෙදි. මම අවුරුදු 2 ක් විතර පළවෙනි කෙල්ල පස්සෙන් ගියා. ඒ අවුරුදු දෙකේදිම අපි යාලු වෙමුද කියල එයාගෙන් ඇහුවෙ නෑ. එහෙම අහන්ඩ මම් ගොඩක් ලැජ්ජා වුණා. 

කොහොම හරි අන්තිමේදි ඒ සම්බන්දෙ පටන් ගත්තා. ඒක අවුරුද්දක් විතර වගේ තිබුන. සමහර විට ඊටත් වඩා අඩු ඇති. ඒ දවස්වලම තවත් කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම් ඒ කාලෙ ගොඩක් හැන්ඩ්සම්. ඉතින් ඒ දෙන්නවම කිට්ටුවෙන් ආශ්‍රය කරපු යාලුවො හිටිය නිසා ඒ දෙන්න එකිනෙකාව දන්නවා. 

එයාල දෙන්නම හොඳ පෙනුමයි, එකම සයිස්,එකම වගේ පෙනුම, ගොඩක් පැහැපත්, හැබැයි මට වඩා වැඩිමල්. මම ඉස්කෝලෙ යන කාලෙ මගේ පස්සෙන් ආපු ගෑණු ළමයි කීප දෙනෙක් හිටියා. ඒත් මම ලැජ්ජාවෙන් හිටියෙ, ඒ දවස් වල මම ගොඩක් අහිංසක පෙනුමයි.මගෙ යාලුවොත් මට හිනාවෙන වෙලාවල් තිබ්බ ඔහොම ඉදල නම් හරි යන්නෙ නෑ කියල.

ඒ දෙවෙනි කෙල්ල ටිකක් කොල්ලෙක් වගේ.එයා සමහර වෙලාවට මට කැමති වෙලා හිටපු අනිත් කෙල්ලන්ට ගහන්න, රණ්ඩු කරන්න පවා ගියා. එකපාරක් එයාට එහෙම දෙයක් හින්දා ඉස්කෝලෙදි ප්‍රශ්නයක් ඇති වෙන්නත් ගියා. ඒත් එයා ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා හිටපු හින්දයි, එයා ගොඩක් දක්ෂ කෙනෙක් හින්දයි ඒ ප්‍රශ්නෙන් බේරුණා.

දැන් ඒ දෙන්නම කසාද බැඳල, දෙන්නටම දුවල දෙන්න ගානෙ ඉන්නව. පලවෙනි එක්කෙනා බැංකුවක ඉහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක්, දෙවෙනි එක්කෙනා විශේෂඥ වෛද්‍යවරියක්.  

මගේ පළවෙනි සම්බන්දෙ නැතිවෙච්චි ගමන්ම දෙවෙනි කෙල්ල ඇවිත් තව පාරක් මගෙන් ඇහුවා කැමතිද කියල. මට ඒ වෙලේ එයාට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒ මොකද කියනව නම්, පළවෙනි කෙල්ලව නැති වෙච්ච එක ගැන මම ගොඩක් දුකෙන් හිටියෙ, මට වෙනස් වෙන්න ඕනෙ වෙලා තිබ්බ. 

අපි දෙන්න අවුරුද්දක් විතර එකට ගමන් බිමන් ගියා. ඔහොම කාලෙ ගෙවිල ගියා. පස්සෙ මම මේ රටට ආවා. අපේ සම්බන්දෙ තවත් අවුරුදු ගාණක්ම තිබ්බා. ඒ සම්පූර්ණ කාලෙදිම මම එයාට බොහොම අවංකවයි හිටියෙ.ඒක මම් කියන්නෙ වගකීමෙන්.

ප.ලි:- සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. 

Friday, December 13, 2013

අහවල් බකට් !...



මේ දවස් වල වැස්ස!... මදුරු කරදරෙත් ටිකක් වැඩි වෙලා... දවාලට වත් කොයිල් එකක් පාවිච්චි කරන්නෙ නැතුව නිදහසේ පොතක් පතක් කියවන්න වත් බැරි තත්වෙකට පත් වෙලා... ඒ වගේම ඩෙoගු අවදානම හැමතැනම... 

කුණු ප්‍රශ්නෙත් මේකට  එක හේතුවක්!... අපේ ගෙදර තියෙන්නෙ නගර සභා සීමාවේ... මෙහෙ කුණු  එකතු කරන ට්‍රැක්ටර් එන්නෙ බදාදටයි ඉරිදටයි දවස් දෙකක් විතරයි සතියට.ඉතින් මිනිස්සු කරන්නෙ කුණු එකතු කරන් ඉදල ඒ දවස් වලට ට්‍රැක්ටරේට දෙන එක .

සමහරු ශොපින් බැග් වල දාල කොහෙ හරි පේන තැනක එල්ලලා තියනව සමහරු නිකම්ම කුණු ගොඩ ගහල තියනව ගෙවල් ඉස්සරහ... ඒක නම් එච්චර සුන්දර දර්ශනයක් නෙමේ. ආවරණයක් නැති හින්දා සත්තු අදිනව සමහර වෙලාවට පාරවල් පුරා කුණු !.....

අනික කුනු අරන් යන මිනිස්සුත් අපි වගේම මිනිස්සු... එයාලටත් පහසු විදියට ඒව බැහැර කරනව නම් කාටත් හොදයි පහසුයි වැඩෙත් ඉක්මන්. ඔහොම හිතලද කොහෙද පොලිතින් ප්ලාස්ටික් වීදුරු දිරන ද්‍රව්‍ය ඔක්කොම එකට දාන්නෙ නැතුව වෙන වෙනම දාන්න කියල නියෝගයක් දැම්මේ,කොහෙද ඒකත් ටික කාලයයි කෙරුනේ... ගොඩක් අය සුපුරුදු විදියම තමා. 

මේ ලගදි දවසක කුනු දාන්න භාජන දෙන කතාවක් පාරේ එනවුන්ස් කරනව ඇහුනා... .,ඔව් ඔව් නොමිලේම !!! කට්ටිය ඒකට නම් ගියා බැහැ නොකියා මොකො නිකන් දෙන දේ...නේ..., ඔන්න ඔය උඩ පින්තුරේ වගේ රවුම් භාජන 2ක් තමා දීල තියෙන්නෙ එකක් වීදුරු ප්ලස්ටික් පොලිතින් දාන්න අනික දිරාපත් වෙන ද්‍රව්‍ය වලට. 

ගියපු අයනම් කීවෙ හෙන දිග පෝලිමක් තිබුන කියල භාජන  ගන්න...ඒ එක්කම මෙහෙම කතාවකුත් කියවුනා ලු. මුලින්ම ඇවිත් භාජන ගත්ත මනුස්සයෙක් ඒ භාජන දෙක රුපියල් 200 කට එතනදිම විකුනල යන්න ගිහින් කියලා  !... :)

Thursday, March 1, 2012

වැඩේ කරගන්න කරවල කූරියෙක්

http://www.dreamstime.com/dried-fish-thumb17554021.jpg
මේක මම් අහපු ඇත්තම කතාවක්,මට කිව්වෙ අදුරන අක්ක කෙනෙක්,එයා විවාහ වෙලා හිටිය මහත්තයත් වැඩ කරේ එයත් එක්කම එකම රැකියා ස්ථානයක.අක්ක නම් ගොඩාක් හොදයි.අය්යත් ඒ වගේමයි, ඒ උනත් එයා ඔෆිස් එකේ වැඩක් කරල දෙන්න එක එක දේවල් ගන්න කතාව අපි අහල තිබුනා.

අය්ය වැඩ කරේ ඉඩම් අංශේ නිසා  ඉඩම් සම්භන්ධ දේවල් කරවගන්න,ඒ කියන්නෙ ඉඩම් වලට පර්මිට් හදන්න,උපදෙස් ගන්න,අරවට මේවට සමහරු ගෙදරටත් එනවලු,ඇවිත් එක එක දේවල් ගෙනත් තියලත් යනවලු.

ඔන්න එක දවසක් අය්ය ඔෆිස් ගිහින් නෑ, අක්ක විතරයි ගිහින් තියෙන්නෙ. සරමක් ඇදගත්ත බාට දෙකකුත් දාගත්ත ගමක පෙනුමක් තියන මනුස්සයෙක් අර අක්ක ලගට ආවලු. අතේ ටිකක් ලොකු පාර්සලයකුත් තියනවලු.

හැමවෙලේම එක එක ගැටළු සම්භන්ධව එක එක්කෙනා එන නිසා මෙයාට ඒක අමුතු දෙයක් වෙලා නෑ.ඒ මනුස්සයත් කට්ටිය ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඔහේ බලාගන ඉදලා.පස්සෙ අක්ක අහල තියනව ඇයි මොකද කෙරෙන්න ඔනේ... කියල.

අනේ නෝනා... මම් දැන් දවස් කීපයක්ම ආව...,අර  ඉඩම් අංශේ ඉන්න මහත්තයා අදත් නෑ...එහා පැත්ත හිටපු මහත්තය කිව මෙතන ඉන්නෙ ඒ මහත්තයගේ නෝනා කියල...ඒක නිසයි මේ...

එයා අද නිවාඩු...මොකද්ද කෙරෙන්න ඔනේ...

මොකවත් නෑ නෝනා... මේ කරවල කූරියා මහත්තයට දෙන්ඩ කෝ...මහත්තය කිව්ව වැඩේ කරල දෙන්නම් කියල...ඒක බලන්ඩ තමා මම් මේ අදත් ආවේ...

එහෙම කියල ඒ  මනුස්සය ගෙනාව පත සයිස් කරවල කූරියා අක්කට දුන්නලු.අක්කට ඉබේම වට පිට බැලුනලු.

වෙලාවට කාගෙවත් අවධානයක් ඒකට තිබ්බෙ නෑ කියල තමයි එයා නම් කීවෙ,ඒ උනාට ඔෆිස් එකේ හැමෝම අය්ය ගැන "හොදට දන්නව" කියල තමයි ආරංචිය.

Wednesday, September 28, 2011

මෝහිනී


මෝහිනී ගැන කවුරුත් අහල ඇති,සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනව.මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එක.සමහර විට තවත් තේරුම් ඇති.

කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගන බැල්ම දාල වරදට පොලඹවා ගන්න එක තමා මෙයා කරන්නෙ.

විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයි,මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගට නිසා.

ඒක නිසා වෙන්නැති සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියන්නෙ.වචනේ තේරුම හිතාගන්නකෝ ඔයාලම.

ඔය සමහරු වැඩ ඇරිලා,දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා...එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති!... අන්න ඒ වගේ අවස්ථාවක් බලලා තමයි මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නේ.

හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන... සුදුසාරියක් ඇදගන... අත දරුවෙක් වඩාගන එන... ගෑණුකෙනා - මෝහිනීගෙ කතාව ගැන,එයා ඇවිත් කියනවලු.අය්යා!... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද?,මගෙ මේ සාරිය හදාගන්න කියල.

සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් කියනව,නංගි දරුව අල්ලගන්න,මම් සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නව.

ඔන්න ඔය විදියට  ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා... කෙට්ටු වෙලා... යනවලු.නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු.

සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.

ඉස්සර කාලේ මිනිස්සු නම්  ඔහොම ලක්ශණ තියනව කියල දැනගත්තම යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු.ඒතකොට "ඔය ගතිය" එක සැරේටම සනීප වෙනවලු.

ඒත්...අලුත් පරම්පරාවේ අය කියන්නෙ මේ ලක්ශණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යාත්මක ගැටළුවක් නිසා කියල.

නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව),හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ  ගැටළු ඇතිවෙන්න පුලුවන් කියල තමයි එයාල කියන්නේ.

එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු.ඒ නිසා තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තො බය වෙන්ඩ කාරි නෑ ඔන්න.