Showing posts with label ඔෆිස්. Show all posts
Showing posts with label ඔෆිස්. Show all posts

Tuesday, February 4, 2014

නිදහස වැඩිහිටියන් එක්ක | Independance Day Celebration


සීයා බර කල්පනාවක වගෙයි.
අද අපේ 66 වෙනි  නිදහස් දිනය. ල0කාවේ හැමතැනම නිදහස සමරනවා, එක එක විදියට. අපි මේ සැරේ නිදහස සැමරුවේ අනුරාධපුරේ සාලියපුර වැඩිහිටි නිවාසෙ ඉන්න වැඩිහිටියොත් එක්ක. 

හැම අවුරුද්දෙම අපි වැඩකරන කාර්යාලයෙ අය නිදහස් දවස සමරන්න මෙතන්ට එනව.ජාතික ගීය කියල නිදහස සමරන ගමන්ම හාමුදුරුනමක් වඩම්මල වැඩිහිටියො වෙනුවෙන් පොඩි අනුශාසනාවකුත් කරනවා.

ස0ගීත සාදය
ස0ගීත සර් කෙනෙකුත් එයාගෙ ගෝලයො ටිකකුත් එක්ක එනව ආච්චිල සීයල එක්ක සින්දු කියන්න. එයාල සමහරු අපිත් එක්ක සින්දු කියල නටල විනෝද උනා. සින්දු කියල ටිකක් මහන්සි වෙනකොටම වගේ තේ වෙලාව. එතකොට එයාලට සීනි බනිස් එකකුත් තේ එකකුයි හම්බෙනව.

බනිස් ! තාම තේ ටික නෑ
බනිස් බෙදලා ඉවරවුනාම ආය මහන්සි නැති අය සින්දු කියන්නයි නටන්නයි පටන් ගන්නව. සමහරු බනිස් කකාත් නැටුව. ඒ අතරේ දවල් දානේ පිළියල වෙනව. සමහරු ඒකට උදව් වෙන්න යනව. 

සි0දුවක් කියන්ඩ යන්නෙ මම්

මේ අපේ කාර්යාලයෙ සමාජ සේවා නිලධාරිනිය. එයාටත් හොදට සින්දු කියන්න පුලුවන්. අද එයත් ලස්සන සින්දු ටිකක් කිව්ව ආච්චිල සීයලත් එක්ක එකතුවෙලා. සින්දු කියන්න දන්නෙ නැති අපි වගේ අය අප්පුඩි ගහල පොඩි සහයෝගෙකට එයාලට තාලෙ ඇල්ලුව. 




මේ සීයටත් හොදට නටන්න පුලුවන් පින්තූරයක් ගන්න කියල එයා හිටිය විදිය තමා මේ. එයාට කාත් කවුරුවත් නෑලු. ඒ නිසා මෙහෙ ඇවිත් ඉන්නව කියල කීවා.

දානෙ උයල ඉවර වෙනකම් අපේ කට්ටිය සෙල්ලමේ.

දානේ ගන්න පෝලිමේ


ඇවිදින්න කරන්න පුලුවන් අය මෙහෙම ඇවිත් දානෙ ගන්නව සමහරු වාට්ටු වලම ඉන්නෙ. එයාල ලගට ගිහින් කෑම දෙනව.

දවල් දානෙ බෙදනව
ගොඩක් සීයල ආච්චිල මේ නිවාසෙ ඉන්නව.සමහරුන්ට කාත් කවුරුවත් නෑ. සමහරුන්ට ලමයි සලකන්නෙ නෑලු. සමහරු කියන්නෙ  එයාලට පාඩුවෙ ඉන්න පුලුවන් මෙතන නිදහස්!... කියල.

Tuesday, January 28, 2014

අනාථ අලි පැටියෙක් | Baby Elephant an Orphan

ඉව කරනවා... අම්ම ආවද කියල බලනව වෙන්ඩ ඇති
අපේ ඔෆිස් එකට අල්ලපු වැටේ තියෙන්නෙ වනජීවී ස0රක්ෂණ දෙපාර්තුමේන්තුවේ කාර්යාලයක්. ඒකට සති දෙකක් විතර වයස අලි පැටියෙක් ගෙනල්ලා. 

රැලෙන් මිදිලා කැලේට දාල හිටිය හරක් රැලක් එක්ක \ඇවිත් තියෙන්නෙ.මෙයා ගෑණු සතෙක්. තුවාල වෙලා තිබ්බෙ පිටිපස්සෙ කකුල් දෙකට. තුවාල වලට හේතුව බල්ලන් සපාකෑමලු. ඔලුවත් ටිකක් හීරිලා තිබ්බා. 

කවුද ...අම්මද
කලින් මෙයා කූඩුවෙන් එලියට දාල හිටියෙ.අපි බලන්ඩ එද්දි ආයම කූඩුවට දාලා.ඒ කිරි බොන වෙලාව පහුවෙලා නිසා වෙන්න ඕනේ.දවසකට පැය 2කට සැරයක් ලැක්ටෝජන් දෙනව කියල තමයි කීවෙ.

පොඩි බබාලත් එනව මෙයා බලන්න

බලන්න එන අය මෙයාව අල්ලන්න හදනව ඒත් එහෙම නොකරනව නම් හොදයි කියල එතන බලාගන්න ඉන්න කෙනා කීවෙ.

බෙහෙත් දාල තීයෙන්නෙ

මේ තියෙන්නෙ තුවාල... පව් :(

පස්සගාත් දෙකට තමා හානි වෙලා තියෙන්නෙ බල්ලො කාලා... පේනව නේද දත් පාරවල්. ඒක නිසා ඇවිදින්න ටිකක් අමාරුයි වගේ මෙයාට... එක කකුලක් අද්ද අද්ද තමා යන්නෙ ටිකක් ඉදිමිලත් තිබ්බා.

හිටගන නිදි,
මේ0 හොදටම නිදිමත ඇවිල්ල, නිදිමත කොච්චරද කියනව නම් හිටගනම නිදි. උදේට ඇහැරවන්නත් ඕනෙලු නැත්තම් හොදටම නිදියනවලු ගොඩක් වෙලා යනකම්.

මෙයා නිදි නිසා අපි කරදර කරන්නෙ නැතුව එන්න ආවා. තුවාල හොද වෙනකම් මෙයා මෙහෙ මාසයක් විතර තියාගන්නවලු. පස්සෙ උඩවලව ඇත් අතුරු සෙවණට  යවල කැලේට පුරුදු කරනව කියල තමයි කීවෙ.

Wednesday, January 22, 2014

හොරා කෑම | petty pilfering




තමන්ට අයිති නැති දෙයක් ගැනීම වරදක් පාපයක් හැටියට තමයි අපි ඉගනගන තියෙන්නෙ... ගොඩක් ආගම් වල ඒක වරදක් වගේම පවක්.

හොරා කෑම ගොඩක් වෙලාවට කරන්නෙ බල්ලො... පූසො... වදුරො... රිලව් වගේ තිරිසන් සත්තු. 

හදිස්සියෙ ගෙදරට ගෙනාව මාලු ටිකක් සුද්ද කරන්න කලින් වහල තියන්න බැරුව ගියොත් හොරෙන් බැනල කන්නෙ පූසෙක්.

ඒෙහම නැත්තම් ගෙදර තියන බත් මුට්ටියක් පොල් බෑයක් හොරෙන් උස්සගන යන්නෙ වදුරෙක් නැත්තම් රිලවෙක්.

ඒ තිරිසන්නු නේ .

…හොරා කෑම මිනිස්සුත් කරනව, තමන්ට අයිතියක් නැති දේවල් වලට සමහර මිනිස්සු පුදුම පෙරේත  කමක් තියෙන්නෙ, පන ඇති නැති බේදයක් නැතුව මිනිස්සු හොරකම් කරනව. 

ඒ හින්දම හිත් නොහොද කන් ඇතිවෙනව ගහ මරාත් ගන්නව.

අර කතාවටත් කියනවනේ නිකන් දෙනවනම් නිකන් ගන්න තියනව නම් දෙමළ පත්තරේ උනත් ගන්නව කියල. 

ඒ වගේම තමයි හොරෙන් දෙයක් ගත්තමත් සමහරුන්ට ඒෙක මාර "ආතල්" එකක් තියෙන්නෙ, එහෙම ගත්තම හරියට නිකන් රටක් රාජ්ජයක් දිනාගත්ත හා සමානයි.  

හොරා කෑම හැමෝම කරන්නෙ නෑ, ඒකටත් හැකියාවක් තියෙන්න ඔනේ කියලයි හොරා කන අය හිතන්නෙ.

එහෙම හොරා කන අය ගේ අම්ම අප්පච්චිලව සමහරු නිතර මතක් කරනව කියල එයාල දැන්නෙ නෑ.  

පොදු දේපල හොරා කෑම මේ අතරින් විශේෂයි. පොදු දේවල් නේ ඉතින් අපි ගෙනිච්චම මොකෝ... එහෙම නැත්තම් මොකාද එන්නෙ ඕව තියනවද කියල ගනන් කරල බලන්න!... ඔන්න ඔහොමයි කතාව.

වැරදිලා වත් සැකේට වගේ "මෙහෙම දෙයක් තියනව දැක්කද? " ඇහුවොත් කියන්නෙ අනේ මම් එදා  හිටියෙත් නෑ ! දන්නෙත් නෑ! දැක්කෙත් නෑ ! කියල.

අහපු කට මොකටද කියල හිතෙනව ඇරෙන්න මේවා කාටද කියන්නෙ ඉතින්!

Sunday, January 19, 2014

වගා ළිං බැද ගැනීම | Help for Commercial Farming

වගා ලිදක් බැදීමට සකස් කරමින්
මේ දවස් වල අනුරාධපුර දිස්ත්‍රික්කයේ  වානිජ ගොවිපල වැඩසටහන නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි, වානිජ වශයෙන් බෝග වගා කරන අයට අතහිතදිමක් වශයෙන් තමයි මේ ව්‍යාපෘතිය දියත් කරල තියෙන්නෙ.

මේ ව්‍යාපෘතිය මගින් වානිජ වශයෙන් බෝග වගා කරන අයට ඕන වෙන  වගා ලි0 කපා ගන්න වගේම බැදගන්නත්, අවශ්‍ය අයට බීජ /පලතුරු පැල වර්ග ලබා දීම වගේම තාක්ශණික උපදෙසුත් ලබා දෙනව.

බඩ ඉරිගු/ ලොකු ලූණු… /කුරක්කන් බීජ නිශ්පාදනය කරන අය වෙනුවෙන් ඒ බීජ වියලා ගන්න  කමත් සකස් කරන්නත් උදව් දෙනව. මේ හැමදේටම යන වියදම් වලින් 50% ප්‍රමාණයක් රජය විසින් දරනවා.


කෘෂිකර්ම අමාත්‍යා0ශයෙන් දියත් කරලා තියන මේ  වැඩසටහන වඩාත් ප්‍රතිඵලදායක වැඩසටහනක් වෙයි කියල තමයි ගොඩක්දෙනාගේ අදහස.

පස් අයින් කරන්න අට්ටාලයකුත් හදලා
මේ කන්නයෙ වර්ෂාව අඩු තත්වයත් එක්ක අතිරේක ආහාර භෝග වලට ප්‍රමුඛතාවය දෙන්න කියල තමයි ගොවියන්ට උපදෙස් දිල තියෙන්නෙ,මොකද වී නිශ්පාදනය  අතිරික්තයක් එන මට්ටමට ඇවිත් තියනව කියල කියනවනේ.

ටිකක් අවදානම්
ඒක නිසා මු0ඇට, බී ලූණු, තල, රටකජු, සෝයා, උදු  වගේ භෝග වලට ගොවිජනතාව නැඹුරු කීරීමක් විදියට මේ වැඩසටහන වැදගත් වෙයි කියල හිතෙනව.

වගා ලි0 සකස් කර ගන්න මේෙකන් උදව්වක් ෙවන නිසා වතුර ප්‍රශ්නෙට විසදුමක්  ලැබෙනව.ඒ කියන්ෙන අතරමැදි කන්නයක් පහසුවෙන් වගා කරන්න පුලුවන් වතුර ගැටලුවක් නැතුව.මේ වගේ ගොඩාක් වගා ලි0 තියනව දිස්ත්‍රීක්කය පුරාම.

තවත් එකක්

Monday, January 13, 2014

නැතිවුන පාර්සලේ | Parcel which lost has eaten by ?


හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් පාර්සලයක් යවන්න උනොත් අපි කරන්නෙ පෝස්ටොෆිස් එකට ගිහින් පාර්සලේ බරට රෙජිස්ටර් ගාස්තු ගෙවල දීල එන එකනෙ. කුරියර් සර්විස්වලට වඩා අපිට තාම පුරුදු ඒ විදිය.

මේ ලගකදි ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ දෙසැම්බර් මාසෙදි මටත් ඕන උනා එහෙම පාර්සලයක් යවන්න යාලුවෙකුට. ඉතින් දෙසැරයක් නොහිතා ගියෙ තැපැල් කාරියාලෙට, ගිහින් රෙජිස්ටර් ගාස්තු ගෙවල පාර්සලේ යවලා ඒක හම්බු උනා කියනකම් බලාගන හිටිය.

පාර්සලේ තැපැල් කරේ 2013 දෙසැම්බර් 17. නත්තල් /අලුත් අවුරුදු කාලෙ නිසා තදබදේට අහුවෙලා ඇතියි කියල මුලින් හිතුවෙ, සති දෙකක් තිස්සෙ බලාගන හිටියා... හම්බුවෙලා නෑ..

පාර්සලේ ඩෙස්ටිනේශන් එක වෙලා තිබ්බෙ නුවරඑලිය පැත්තෙ නිසා අන්තිමට හිතුවෙ ටිකක් දුර නිසා දවස් 3ට වඩා ගත වෙනව ඇති කියල.

වෙලාවකට හිතුන පාර්සලේ හම්බවෙලා ඇති!.. යාලුව මට බොරු කියනව වද්ද කියල. 

…කොහොම හරි පාර්සලේ හම්බෙලා තිබ්බෙ නෑ. ඒත් රෙජිස්ටර් පොස්ට් නිසා එයාට ඩිලිවර් කරන්න බැරි නම් මට ආපහු එවන්න ඕනෙ.එහෙම උනෙත් නෑ.ඇඩ්රස් එකත් හරි.!...


ඒ කියන්නෙ පාර්සලේ නැති වෙලා.... එක්කො අතර මග හිරවෙලා... 

බලා ඉන්න බැරිම තැන ගිය සතියෙ පොස්ට් ඔෆිස් එකට ගියා. ගියාම කිවෙ නැතිවෙච්ච පාර්සල් ගැන දැනගන්න පෝරමයක් පුරවල දෙන්න ඕනේ... ඒක ඉවර වෙලා (එක්කො තිබිල දුන්නෙ නැද්ද දන්නෙත් නෑ)වෙන දවසක එන්න හොයල තියන්නම්... කියල. 

හාකෝ... කියල එදත් හැරිලා ආව.. 

තුන් වෙනි දවසෙත් ගියා එතකොට පෝරමෙ ගෙනත් !... (වැඩේ අත අරින්නෙ නැති බව දැනගන පෝරමේ දුන්න වෙන්නත් බැරි නෑ ) ඒක පුරවල දුන්නම තව රු.25/=ක් ඉල්ලුව. ඒකත් දුන්න. 

ඒ පෝරමේ පුරවල යැව්වම නැතිවෙලා නැතුව කොහෙ හරි හිරවෙල තියනව නම් දැනගන්න පුලුවන් කියල තමයි එතනින් කීවෙ. 

අද ජනවාරි 13.මේ වෙනකම් පාර්සලේ ගැන කිසි තොරතුරක් නෑ..මට දුක පාර්සලයක් එවනව කියල මම් බොරුවක් කිව කියල යාලුව හිතයි කියල. මදැයි !

පාර්සලේ දික් කරද්දි \ඇහුව මොනවද මේකේ???... කියල මම් කීවෙ පොඩි බබෙකුට චොක්ලට් පාර්සලයක් කියල. හත්දෙය්යනේ ආය ඕක හොයන එකක් නෑ කියල කඩල කෑව වත්ද?

එහෙම වෙන්නත් බෑ නේ. ඔයිට වඩා වටින දෙයක් නැති උනත් ඔච්චරයි. කොහොමද ඉතින් විශ්වාසය තියන්නෙ මේව ගැන. ඇයි අපිටම මෙහෙම වෙන්නෙ :( 

Sunday, January 12, 2014

කිලිනොච්චි කෝච්චි ගමන | Kilinochchi by Train

අපිත් එක්ක ගිය යාලුවො සෙට් එකෙන් ටිකක්

2013 අවුරුද්දෙ අවසානෙ වෙනකම්ම අපේ වොරන්ට්ස් ඉතුරුවෙලා තිබ්බ.ඉතින් යාලුවො කට්ටිය කතා උනා කොහෙ හරි යන්න ඕනෙ කියල.

ගෑණු ලමයි දවස් 2 -3 ගමන් වලට එච්චර කැමැත්තක් නෑනේ.

කැමැත්තක් තිබ්බත් ගෙවල් වලින් යන්න දෙන්නෙ නැති නිසා උදේ ගිහින් හවස් වෙද්දි ගෙදරට එන්න පුලුවන් ට්‍රිප් එකක් ලෑස්ති කරගන්නයි උවමනා උනේ. 

ඒ අතරෙදි තමයි අපේ ඔෆිස් එකේ පූර්ව ලමාවිය සංවර්ධන නිලධාරිතුමිය කිව්වෙ මොන්ටිසෝරි බබාලා 40 ක් කෝච්චියෙ රවුමක් එක්ක යනව කියල... 

ඔන්න ඔහොමයි අපිත් ඒ ගමනට සෙට් උනේ, කීපදෙනෙක් සෙට් වෙනවයි කීවට අන්තිම වෙද්දි 40කට ආසන්න ගානක් සෙට් වෙලා...

පවුල් වල කට්ටිය... එයාලගෙ බබාල... එහෙම ගොඩක්!ඇයි ඉස්කෝලත් නිවාඩුනේ. පිටත්වීම අනුරාධපුර මහ ස්ටේසමෙන්. ගමනාන්තය කිලිනොච්චිය.  

මේ ඉන්නෙ" මුරු" අපිත් එක්ක ගිය යාලුවෙක් අනුරාධපුර ස්ටේසමේදි
උදේ 7.20 වෙනකොට කට්ටිය මහ ස්ටේසමේ. මොන්ටිසෝරි බබාලත් ඇවිත් හිටියා. එයාලව එක්ක යන්න අපේ නිලධාරීතුමියට අවශ්‍ය ප්‍රතිපාදන ලැබිල තිබුනා.

කෝච්චිය පටන් ගන්නෙ අනුරාධපුර මහ ස්ටේසමෙන් හින්දා තදබදයක් නැතුවම නගින්න පුලුවන් උනා... සෙනගකට හිටියෙ අපි සෙට් එකයි පොඩි උන් ටිකයි  විතරමද කොහෙද :). හැබැයි මගින් මගින් ටිකක් නැග්ගා..
මේවගේ චුටි බබලත් අපිත් එකක් ගමනට එකතු වෙලා හිටියා

අනුරාධපුරෙන් පිටත් වෙද්දිම කට්ටිය කන්න බොන්න සෙට් උනා. සැන්විචස්ද ෆිශ් බන් ද කඩලද මුරුක්කුද කාකා වටපිට බල බලා යද්දි  වව්නියාව පහුවුනා දන්නෙම නැතුව. 


…එතනින් පස්සෙ තමා දෙපැත්තෙ ටිකක් කැලේ වගේ තියෙන්නෙ. ස්ටේශන් එහෙමත් අලුත් ඒවා. 

මේන්න මේ වගේ
කට්ටිය ඉතින් මතක හිටින්ඩත් එක්ක නවත්තන තැන් වලදි පින්තූර ගන්නව හෝන් එක ගහනකොටම ආය නගිනව. ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි මාන්කුලමත් පහුකරල ගියා.

මාන්කුලම් ස්ටේසම  
මාන්කුලම් ස්ටේසමෙන් පස්සෙ මුරකණ්ඩිය ස්ටේසම.

මුරකණ්ඩිය ස්ටේසම.
මෙතනදි අර උඩ පින්තූරෙ ඉන්න මුරුවට නියම වැඩක් උනා.

කෝච්චිය  නවත්තන පාරට බැහැ බැහැ හැම ස්ටේසමෙන්ම පින්තූර අරගන්න පුරුදු වෙලා, මේකෙනුත් බැහැල පින්තූර අරගන ඉද්දි හෝන් එක ගහනකොට නැගගන්න බැරි වෙලා අන්තිමේදි බස් එකෙ තමා කිලිනොච්චි ටවුමට ඇවිත් තිබුනේ. :) 
 
කිලිනොච්චි ස්ටේසම

කිලිනොච්චි ස්ටෙසමෙන් බැහැල, ආය යන කෝච්චිය පිටත් වෙන්න තව ටික වෙලාවක් තියන නිසා ටවුමෙ පොඩ්ඩක් ඇවිදින්න කියලත් ගියා. 


කිලිනොච්චිය නගරයේ පිහිටල තියන රණවිරු ස්මාරකය

නත්තල් වලට ලොකු නත්තල ගහකුත් හදල තිබ්බ පිට්ටනියෙ
ගව ලෙනකුත් තිබ්බ

වැඩිදුර ඇවිදින්නෙ නැතුව ඉක්මනට එන්න ආව පොඩි අයට ගොඩක් දුර පයින් යන්නත් බැරි නිසා,අපි පොඩි කලෙක්ශන් එකක් දාල එයාලට වතුර බෝතල් ටිකකුත් අරන් දුන්න.උදේ 11.15 වෙද්දි කිලිනොච්චියෙන් පිටත් උනා. 2 විතර වෙද්දි ගෙදර :)


Friday, January 3, 2014

ඔබේ තීරයේ ප්‍රමාණය | Size of the Obe Thira


සාරි ඇදීම මහම මහ එපා කරපු වැඩක් උනේ සාරි අදින්න ගත්ත මුල්ම කාලෙ. යාර 6 ක් පටලවාගන යන එකත් එසේ මෙසේ දෙයක් නෙමේ නේ.

 අහ් ඕකත් එච්චර දෙයක්ද කියල හිතන අය පොඩ්ඩක් අම්මගෙ සාරි එකක් හරි කමක් නෑ විහිලුවට ඇදල ටිකක් ඇවිදලත් බලන්න :).

 ඒක හරිම අපහසුවක්!. එහෙම හිතුනෙ සාරි අදින්න ගත්ත මුල්ම කාලෙ දැන් නම් සුටුස් ගාල අදින්න පුලුවන්, ඒ තරමට පුරුදු වෙලා. ඒත් ඉතින් සාරි පොටේ රැළි වලට කට්ට ගහන්නෙ නම් තාම අම්මගෙ උපකාරෙන් තමා:).

 රාජ්‍ය ආයතන වල ඉතින් කැශුවල් අදිනව අඩුනේ.එක්කො ඔසරිය නැත්තම් සාරිය! 

ඒකත් ඉතින් එක එක අය එක එක විදියට අදිනවා .එක එක කාලෙට එක එක විලාසිතා...කවුරු තහන්චි දාන්නද තමන්ගෙ නිදහස හා කැමැත්තනේ.  

ගොඩක් අය දැන් සිල්ක් කොට්න් සාරි අදිනවා.හරිම ලස්සනයි.ගාන තමා ටිකක් සැර!...

එතකොට ඔබේ තීරය කියන්නේ?......

මම් නම් දන්න විධියට ඔබේ තීරය කියලා කියන්නෙ සාරි ජැකට් එකේ පහළ සීමාවයි සාරිය අදින සීමාවයි අතර තියන පරතරයට.

සාරිය අදින අයට නම් ෙම්ක ඒ හැටි ගැටලුවක් නෑ...ගොඩක් දෙනා කියන්නෙ ඔසරියට වඩා සාරිය සoවරයි කියලනේ. 

 එත් අදින විධිය අනුව ඒකත් වෙනස් වෙනව. සමහරුන්ට ඔබේ තීරය පොඩි ප්‍රමාණයක් තියල ඇන්දම ලස්සනයි සමහරු ටිකක් ඒක වැඩිපුර තියල අදිනව. 

කොහොමත් ඇග හැඩට තියන් ඉන්න අයට නම් ඔය කෝකත් එකයි. 

සාරිය ටිකක් පහතින්, බඩ පල්ලෙන් ඇන්දම කියන්ෙන, ඊ... අර මොක්කුද ගෑණු වගේ!... අදිනවකො සාරිය ටිකක් පිලිවෙලට කියල.

ටිකක් උඩින් ඇන්දම කියන්නෙ, ශෙහ්!... සිරිමාවෝ මැතිණි වගේ බඩ මැදින් සාරිය ඇදලා නාකි උන්දෑ කෙනෙක්  වගේ !...ඔන්න ඔෙහාම...
..
ඒ උනාට ෙම් ඔෙබ් තීරයට නිශ්චිත ෙවච්ච දිග ප්‍රමාණයක් ගැන නම් මම් දන්ෙන නෑ..දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න .ෙනරිය නම් වියතක් දිගට දැම්මලු ඉස්සර කාෙල්...දැන් ඒවා ෙවනස්!...

සමහරු නම් ඔසරි සාරි දෙකම අදින්න පුරුදු වෙලා ඉන්නව. මට සාරිය අදින්න නම් තාම පුරුදු වෙන්න බැරි උනා. ඒක ඔසරිය අදිනවට වඩා ලේසී කියල තමා අදින අය කියන්නෙ. 

දවසක කුප්පියක් දාගන්න ඔනේ සාරි අදින හැටි පුරුදු වෙන්න :).

Monday, December 16, 2013

අයියා... ?




එයා ගොඩක් ලස්සන කෙනෙක් අවුරුදු 34 ක් විතර ඇති. මම් ජොබ් එකට ඇවිත් මාස කීපයකට පස්සෙ තමා එයා අපේ ඔෆිස් එකට මාරු වෙලා ආවේ. අනිත් අය වගේ නෙමෙයි.ඒ කීවෙ අපි වගේ වාචාලකමට කියවනව අඩුයි :).  එයාගෙ පාඩුවෙ ඔහේ ඉන්නව, වැඩි ආශ්‍රයක් නෑ කාත් එක්ක වත් .අපිත් හිතුවෙ මුලදි හැමෝම ඔහොමනේ... ඉතින් තැනකට ආවම, පස්සෙ පස්සෙ හරියයි කියල. එත් ඒ එයාගෙ හැටිද කොහෙද.අදටත් එයා එහෙමමයි. 

අනිත් අයට වඩා එයා වෙනස් කීවෙ අදින පලදින විදිය හැසිරීමෙ පවා අමුත්තක් තිබුන නිසා එයාගෙ. ඒ කිවෙ එයා ඒව ගැන ගොඩක් සැලකිලිමත් වෙනව ලස්සනට පිලිවෙලට ඉන්නව, ඔිහාම ටික කලක් යද්දි තමා එයා ගැන එක එක අය එක එක දේවල් කියන්න පටන්ගත්තෙ....

ආ එයා ඔය බබා වගේ හිටියට අර .... එක්ක යාලුයිලු. ඔෆිස් එකට ගෙනත් දාන්නෙත්   අරන් යන්නෙත් එයාලු අහවලත් දැකල තියනව .කලින් හිටිය තැනිනුත් මාරු වෙලා ඇවිත් තියෙන්නෙ ඔය හේතුව නිසාලු..බ්ලා...බ්ලා... කතා ගොඩයි... 

 එත් අරය වෙනද වගේම ඔෆිස් එනව යනව... එච්චරම ඔෆිස් එකේ අයත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න උත්සහයක් නෑ වගේ පේන්නෙ, මෙයාම දවසක් ඔෆිස් එකේ කෙනෙක් එක්ක කියල තිබුනා මීට අවුරුදු කීපෙකට කලින් එයාගෙ මහත්තය ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා කියල... ඒක අහල නම් හැමෝම ගොඩක් දුක් උනා මොකද තරුණ වයසෙදිම එහෙම දෙයක් උනාම කොච්චර දුකක්ද?...

එත් අර කට කතාව අතරින් පතර එහෙමම තිබුනා...එයා යාලු වෙලා ඉන්නව කියන කෙනත් පවුල්කාරයෙක් නිසා මෙ කතාව දිගට දිගට යන්න ගොඩක් හේතුවෙන්නත් ඇති.  සමහරු කිව්ව දෙන්නම වැරදියි කියල මොකද ඒ කෙනත් ගොඩක් වගකීම් දරනා රාජකාරියක නිරත වෙලා ඉන්න නිසා ඒක මේ අක්කගෙ වගේම එයාගෙත් රාජකාරි ජීවිතේට ලොකු කැළලක් ිවයි කියල. 

ඒත් එයා අවසානේ කීපදෙනෙකුට කියල තිබ්බ ඒ එයාගෙ නෑදෑ වෙන අය්ය කෙනෙක් කියල. නමුත් මිනිස්සු ඒක පිලිගන්න සූදානමක් නෑ... රූප ස්වභාවයන් උනත් දෙන්න අහසයි පොලවයි වගේ නිසා ඒක පිලිගන්න කෙනෙක් හිටියෙ නෑ .අර කලින් තැන ඉද්දි  නිතරම අහවලාගේ රූම් එකට යනවලු ...ඔය කවුරුත් කියන්නෙ එහෙ ගොඩක් අය දන්නව ඔය කාරණේ...කියලා...සමහරු ඒිහම කීවා.

 ටවුන් එකේදි පවා කීපදෙනෙක් මේ කියන දේ දැකලා තිබුනා දෙන්න එකට වාහනේ යනව එනවා... හිටපු තැන ඉන්න බැරුවනේ ඔය මෙහෙට ඇවිත් ඉන්නෙ !... එහෙම කියන අයත් හිටියා... 

ඇත්තටම එයා කියන විදියට ඒ සම්බන්දෙ සහෝදරකමක්ද  වෙන දෙයක්ද කියල මේ වෙනකම් කවුරුත් දන්නෙ නෑ... එයා ඔෆිස් එකේ කාටවත් ක්ලොස් නැති නිසා හරිම විස්තරයක් දැනගන්න විදියකුත් නෑ... පිට ප්‍රදේශයකින් මෙහෙට ඇවිත් ඉන්න නිසා එයා ගැන හරි තොරතුරක් දන්න කෙනෙකුත් නෑ... ඒ උනාට ඇත්තටම ඒක සහෝදරකමක් විතරක් නම්! 

සමහර විට එයා වැඩිය කතා බහ නැතුව ඉන්නව ඇත්තෙ ඒ එයාගෙ හැටි වෙන්න ඇති, සමහරු ඒක දකින්නෙ එයාගෙ තියන ආඩම්බරකම නිසා කියල. අනික එයාගෙ තත්වෙ ගැන හැමෝම අහන්න ගත්තම හිත රිදෙන නිසා නිශ්ශබ්දව ඉන්නව වෙන්නත් පුලුවන්.
 

Friday, July 5, 2013

පැරඩයිම් ශිෆ්ට්


මීට මාස කීපයකට කලින් අපිට රාජ්‍ය නොවන සංවිධානයකින් තෙදින නේවාසික වැඩමුළුවක් තිබ්බා.ඒකේ දේශණ වලට ආව අය වගේම කෑම බීම ඉදුම් හිටුමුත් ආය කියල වැඩක් නෑ...සුපිරි!යෙන්ම තිබුනා.

ඒකට සහභාගී උනේ ඔෆිස් එකේ අපිත් එක්ක එකට ඉන්න අය 40 දෙනෙක්.වැඩමුළුව අවසාන දිනයේ දවල් වරුවේ අපිටවෙනස් විදියේ පොඩි පොඩි එක්සසයිස් දුන්න.

කට්ටියටම ඉදගන හිටපු පුටු පාවිච්චි කරල ලොකු ස..කල් එකක් වගේ හැදෙන්න කියල හාෆ්ශීට් කොළය බැගින් බෙදාගන බෙදාගන ගියා.ඊට පස්සෙ කරන්න තිබ්බෙ තමන්ට ලැබුන කොලේ නම ලියල ලග ඉන්න කෙනාට පාස් කරන එක.

අනිත් අය අපි ගැන එයාලට හිතෙන විදිය,අපේ හොද නරක,වෙනස් වෙන්න ඕන දේවල් ,ලිය ලිය රවුමටම පාස් කරනව.අවසානේ තමන් ලගට එනව.සමහරු නම් එහෙමත් ලියල තිබුනා,සමහරු ඇනෝ විදියට. 

ගොඩක් අය කියන විදියට ඇනෝ විදියට ලිව්වම නිදහස තියනවලු.තමන්ට කියන්න ඕන දේ කියාගන්න බැරුව ඉන්නව නම් මේක හොද චාන්ස් එකක්ලු!එහෙම කියල අනවශ්‍ය දේවල් එහෙම නම් ලියල තිබ්බෙ නෑ.

ලියන්න හිත තිබුනත් මේවගේ අවස්තාවක ඒකට නිදහස නෑනෙ ඉතින්...අනික ඒ ස..කල් එකේ අපේ ඔෆිස් එකේ ප්‍රධානියත් හිටිය කියන්නකෝ.ඉතින් එයාටත් හොද නරක ලියන්න උනා අපිට.සමහරු නම් එයාටත් "හොද" දේවල් ලියලා තිබ්බා...

මේකෙන් මූණ රතුකර ගත්ත අයත් හිටියා.හැබැයි ගොඩක් දෙනාට තමතමන්ගේ අඩුපාඩු, අනිත් අය තමන් ගැන හිතන පතන විදිය... ගැනත් දැනගන්න පුලුවන් උනා.


Sunday, June 10, 2012

ඕහ්හ්හ්..මයි සාරී...


සාරියක් නැත්තම් ඔසරියක් ඇන්දම ඕනෙම ගෑහැණු කෙනෙක් හැඩයි තමා.වෙන ඇදුමක් අදිනවට වඩා ඒකේ අමුතුම ලස්සනක් තියනව.අනික සාරිය/ඔසරිය අනිත් ඇදුම් වලට වඩා ගොඩක් සංවරයි කියනවනේ.

ඒත් ඉතින් දැන් ඔසරිය/සාරිය අදින පිළිවලත් ටික ටික වෙනස් වෙලා... එක එක අය එක එක විදියට අදිනව,සමහරු "ඔබේ තීරය" කියන එක සෑහෙන ප්‍රමාණයක් තියලා අදිනව.ඒක සමහරුන්ට ලස්සනයි සමහරුන්ට නම් වස කැතයි.


සමහරු අදින්නෙ ඔසරිය විතරමයි.සමහරු සාරිය විතරයි ,සමහරු නම් ඕනේ ජාතියක් අදිනව.කැම්පස් ඉන්න කාලෙ එක යාලුවෙක් කිව්ව මතකයි ආහ්...අපි උඩරට නිසා පවුල් සම්ප්‍රදාය ආරක්ශා කරන්න අදින්නෙ ඔසරිය!...තව කෙනෙක් කිව්ව, අපේ පවුල් වල ගෑනු අය නම් අදින්නෙ සාරිය විතරයි!....කියල එක ඒ අයගෙ කැමැත්ත.


ඩෙනිම් & ටී ඇදපු කාලේ අහවරවෙලා ඔන්න මටත් ඔසරි ඇදන් වැඩට යන්න වෙලා.දැන් තමයි රගේ තේරෙන්නෙ.සති අන්තේ ඉරිදා දිනය වෙන්කරගන ඉන්නෙ සාරි ඔක්කොම හෝදලා රැළි හදලා(නැට්ටෙ) කටු ගහලා අයන් කරල තියන්න.

අම්මෝ එපා කරපුම වැඩේ ඒක.අයන් කරගත්තත් කියමු කොහොම හරි.ඇදින එක තවත් ටිකක් පණ යන වැඩක්.දැන් නම් ටිකක් ටිකක් පුරුදුයි මුල්ම කාලෙ කරන රස්සාවත් එපා වෙන සයිස් මේක ඇදගන ඇවිදින්න උනාම.ඇයි දෙයියනේ බස් එකේ ඇදන් ගියාම අරහෙන් ඇදෙනව, මෙහෙන් ඇදෙනව, ශූ එකට පෑගෙනව, වැටෙන්න යනව, හරියකට ඇවිදලා කරලා යන්න බෑ.

පොසොන් කාලෙ නිසා හුළගත් වැඩි මේ දවස් වල, ඒ නිසා හොදම ගනන්.හෑන්ඩ්ලූම් ඔසරිය අදින දවසට තමයි ගොඩක්ම එපා වෙන්නෙ, කකුලත් තියලා කකුලක් ගන්න බෑ හිරවෙනව වගේ.


බස් එකෙන් බැහැලා බැරිම තැන ත්‍රීවීල් වල ආපු වාරත් තියනව, ඒ නිසාම.ඇවිදින්න බැරුව කකුල පැටලෙනව.අනික බස් එකෙන් බහිද්දි සාරියෙ නැට්ට අතින් අල්ලගන එන්නත් ඕනේ නැත්තම් මහ වදයක් අනිත් මිනිස්සුන්ට, ඇදි ඇදී යනවනෙ.

යාර 6ක් දවටගන ඉන්නව කියන එකත් ලේසි නෑනේ හිතලා බලන්නකො.ඒ මදිවට කටුත් පෝළිමක්ම ගහනවනේ.සාරිය කඩාගන වැටෙයි කියල.ඒවත් ගහන්න ඔනේ පරිස්සමෙන් නැත්තම් සාරිය ඩැමේජ් වෙනව.ආය අදින්න වෙන්නෙ නෑ.


හොදට ඉනට හිර කරල පටියකුත් බදිනව ආය ටිකක් වැඩිපුර කෑම එහෙම කනව බොරු.රැළි දාද්දි පිටිපස්සෙන් රැළි හදන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ.ඇයි හැට්ට කට්ට ගහන්න!...


සමහර වෙලාවට වැඩකරන තැනට යද්දි සාරිය එහෙම මෙහෙන් ලෙහිලා... බුරුල් වෙලා...

මිස් ඔන්න සාරිය පෑගෙනව!...


මිස් ඔන්න පිටිපස්සෙ රැළි ටික ඇදිලා!...


මිස් තව ටිකක් සාරිය පහලින් අදින්න එතකොට ලස්සනයි!... 


(*^*(&%(*&% )*&%  මගුලක් කතාකරනව, මෙහෙම ඇදගන බස් වල එන්නෙත් බොහොම අමාරුවෙන්...මොකද පැය 1.5ක් යන්න එන්න එපැයි දවසට.

ඉතින් මාත් එක්ක ඉන්න අය ගොඩක් උදව් කරනව, සාරිය ආයම තිබ්බ විදියට හදාගන්න.බස් වල ගිහින් බහිද්දී ආය කියන්න ඔනේ නෑනේ චප්ප චුරුප්පම් වෙලානෙ යන්නෙ.

සාරි හැට්ට/ ජැකට්  මහන එකත් ලේසි නෑ.සාරි ගනිද්දි හැට්ට රෙද්දත් තියන සාරිම ගන්න වග බලාගන්නව නම් ගොඩක් ලේසී.නැත්තම් ගැලපෙන හැට්ට රෙදි හොයන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනව.


රෙද්ද හොයාගත්ත කියමු ලයිනින් දාලනේ මහන්නෙ, ඉතින් ලයිනිනුත් අරන් ලයිනින් රෙද්ද හෝදලා අයන් කරලා එහෙම තමා මහන්නත් දෙන්න ඔනේ නැත්තම් මැහුවම හැට්ටෙ ඇකිලෙනව ලස්සනට තියෙන්නෙ නෑ ඇන්දම.


මහන්න ගන්න ගානත් ඒ වගේම තමා. අනික මාල, කරාඹු, සාරි කටු, බෑග්, සපත්තු ඒවට ගැලපෙන විදියට අදින්න එපැයි,එහෙම නැත්තම් ඒකත් හරි නෑ.ටිකක් හීල් එක තියන සපත්තුවක් වත් දාන්න ඔනේ නැත්තම් සාරිය පෑගිලාම ඉවර වෙනව.වැස්ස කාලෙට තාම සාරියෙන් මුහුණ දුන්නෙ නෑ.බලමුකෝ ඒ වෙද්දි කොහොමට හිටීද කියල.


අම්ම නම් කියන්නෙ කොයි දේත් ඔහොමයි පුරුදු උනාම හරි යයි කියල. අවුරුදු 37 ක්ම ඔසරිය ඇදන් ඉස්කෝලෙ ගිය නිසා අම්මට ඒක ජාතික ඇදුම වෙලා,ගෙදරින් එළියට යන්නෙත් ඔසරිය ඇදලා.ඒක පහසුම ඇදුම කියලයි අම්ම නම් කියන්නෙ.බලමුකෝ නේද?මට නම් ඩෙනිම & ටි එක තරම් පහසු ඇදුමක් තවත් නෑ.