Showing posts with label ආච්චි. Show all posts
Showing posts with label ආච්චි. Show all posts

Tuesday, February 4, 2014

නිදහස වැඩිහිටියන් එක්ක | Independance Day Celebration


සීයා බර කල්පනාවක වගෙයි.
අද අපේ 66 වෙනි  නිදහස් දිනය. ල0කාවේ හැමතැනම නිදහස සමරනවා, එක එක විදියට. අපි මේ සැරේ නිදහස සැමරුවේ අනුරාධපුරේ සාලියපුර වැඩිහිටි නිවාසෙ ඉන්න වැඩිහිටියොත් එක්ක. 

හැම අවුරුද්දෙම අපි වැඩකරන කාර්යාලයෙ අය නිදහස් දවස සමරන්න මෙතන්ට එනව.ජාතික ගීය කියල නිදහස සමරන ගමන්ම හාමුදුරුනමක් වඩම්මල වැඩිහිටියො වෙනුවෙන් පොඩි අනුශාසනාවකුත් කරනවා.

ස0ගීත සාදය
ස0ගීත සර් කෙනෙකුත් එයාගෙ ගෝලයො ටිකකුත් එක්ක එනව ආච්චිල සීයල එක්ක සින්දු කියන්න. එයාල සමහරු අපිත් එක්ක සින්දු කියල නටල විනෝද උනා. සින්දු කියල ටිකක් මහන්සි වෙනකොටම වගේ තේ වෙලාව. එතකොට එයාලට සීනි බනිස් එකකුත් තේ එකකුයි හම්බෙනව.

බනිස් ! තාම තේ ටික නෑ
බනිස් බෙදලා ඉවරවුනාම ආය මහන්සි නැති අය සින්දු කියන්නයි නටන්නයි පටන් ගන්නව. සමහරු බනිස් කකාත් නැටුව. ඒ අතරේ දවල් දානේ පිළියල වෙනව. සමහරු ඒකට උදව් වෙන්න යනව. 

සි0දුවක් කියන්ඩ යන්නෙ මම්

මේ අපේ කාර්යාලයෙ සමාජ සේවා නිලධාරිනිය. එයාටත් හොදට සින්දු කියන්න පුලුවන්. අද එයත් ලස්සන සින්දු ටිකක් කිව්ව ආච්චිල සීයලත් එක්ක එකතුවෙලා. සින්දු කියන්න දන්නෙ නැති අපි වගේ අය අප්පුඩි ගහල පොඩි සහයෝගෙකට එයාලට තාලෙ ඇල්ලුව. 




මේ සීයටත් හොදට නටන්න පුලුවන් පින්තූරයක් ගන්න කියල එයා හිටිය විදිය තමා මේ. එයාට කාත් කවුරුවත් නෑලු. ඒ නිසා මෙහෙ ඇවිත් ඉන්නව කියල කීවා.

දානෙ උයල ඉවර වෙනකම් අපේ කට්ටිය සෙල්ලමේ.

දානේ ගන්න පෝලිමේ


ඇවිදින්න කරන්න පුලුවන් අය මෙහෙම ඇවිත් දානෙ ගන්නව සමහරු වාට්ටු වලම ඉන්නෙ. එයාල ලගට ගිහින් කෑම දෙනව.

දවල් දානෙ බෙදනව
ගොඩක් සීයල ආච්චිල මේ නිවාසෙ ඉන්නව.සමහරුන්ට කාත් කවුරුවත් නෑ. සමහරුන්ට ලමයි සලකන්නෙ නෑලු. සමහරු කියන්නෙ  එයාලට පාඩුවෙ ඉන්න පුලුවන් මෙතන නිදහස්!... කියල.

Wednesday, April 6, 2011

ජම්පින් ආච්චි - 2



 ලේලි ගෑන ආච්චිගෙ එච්චර  පෑහෑදීමක් තිබ්බෙ නෑ, එයා කෙට්ටුයි සුදුයි,දිගම දිග ගවුම් අදිනවා,වට පිටාවෙ අයත් එක්ක කිසිම සම්බන්දයක් නෑ.මුලින් හොදට හිටියට මාස කීපයක් යද්දි ආච්චියි ලේලියි අතර රෑවුම් ගෙරවුම් ඇතිවෙන්න පටන් ගෑනීමත් එක්ක පුතාගෙනුත් ආච්ච්චිට සෑර වෑර එන්න ගත්තා.

ආච්චි ගෙදර වත්තෙම කොනක හදල තිබ්බ පොඩි කාමරේට ගියා.පස්සෙ නවාතෑන වුනේ එතන.මුල් කාලෙ තුන් වේල ගෙදරින් ලෑබුනත් පහු පහු වෙද්දි ආච්චි ගෙදර ලග කඩේකින් තුන්වේලම කෑවෙ.ඒ වෙනුවෙන් වියහියදම් කරල තිබ්බෙ ලොකු පුතා.මහ ගෙදර පොඩි පුතාට ලියල තියනබව දෑන ගත්තට පස්සෙ ඒ කෑම එකත් හරියකට හම්බවෙලා නෑ.බත් පාර්සලයත් ඇරන් බොරලු ඈනෙන ගුරුපාරෙ තද අව්වෙ පිච්චි පිච්චි සෙරෙප්පු දෙකක්වත් නෑතුව ඉක්මන් ගමනින් ආච්චි යන එක සුලබ දසුනක් වෙලා තිබ්බ ඒකාලෙ.

ඔය වෙද්දි ලොකු පුතාගෙ දුවටත් බබෙක් ලෑබිල, බලන්න ගිය ආච්චි ඒ ගෙදර ගේට්ටුව ලග හිටගන ඉදල  ඉදල වෑඩක් නොවුන තෑන ආපහු හෑරිල එනවලු..මහ ගෙදරත් දෙපෑත්තෙම දොරවල් අගුලු දානවා ආච්චි ගෙට එයි කියල,ගොඩක් වෙලාවට ඒ ගෙදර ගේට්ටුව පෑය 24ම ලොක් කරල තියෙන්නෙ. ආච්චි දවල් කෑම අරන් එන වෙලාවටත් ගේට්ටුව ලොක් කරල බෙල් කරාට ගොඩක් වෙලාවට ලොක් එක අරින්නෙ නෑ.ඉතින් බත් එක බිමින් තියල ආච්චි ගේට්ටුවෙන් පනිනවා.ඒ නිසා ආච්චිට නමකුත් පට බෑදුන,ජම්පින් ආච්චි කියලා.

ගෙදර කවුරුවත් ආච්චි එක්ක කතා කරේ නෑ.සමහර වෙලාවට අහල පහල ගෙවල් වලට ඇවිත් කාලා බීලා යනවා.ටික කාලයක් යද්දි ආච්චිට පිස්සු වගේ හෑදුනා.හිටපු ගමන් පාර දිගේ ඔහේ ඇවිදගන යනවා.පස්සෙ ගෙදර ඉන්නව දකින්න හම්බුනේ නෑ.කාලෙකින් ආරංචි වුනා ආච්චි නෑතිවුනා කියල කොගෙද තෑනක ඉදලා
, මිනිස්සුනම් කිව්වෙ කරුමෙ තමයි,ළමයි වෙනුවෙන් හෑම දේම කරල අන්තිමට කාත් කවුරුවත් නෑතුව දුක් විදලා මෑරෙන්න වුනා කියලා.


ජම්පින් ආච්චි - 1


 මේ කියන්න යන්නෙ අපේ ගෙදර ආසන්නයේ ගෙයක හිටිය ආච්චි කෙනෙක් ගෑන.මම් දන්න චිදියට ඒ ආච්චිට පුතාල 2න්නෙක් හිටියා.බෑදල හිටියෙ දෙමළ මනුස්සයෙක්.ආච්චි රස්සාවක් කරේ නෑ.ඒ දෙමළ මනුස්සය වෑඩ කරල තියෙන්නෙ තෑපෑල් දෙපාර්තුමේන්තුවෙ.ආච්චි බෑදල හිටපු දෙමළ මනුස්සය මෑරුනට පස්සෙ පෙන්ශන් එක අයිති වුනේ ඒ මනුස්සයගෙ කලින් කසාදේ වෙච්චි දෙමළ ගෑනුකෙනාටලු.

හිටිය ගෙදර විතරක් ආච්චිට අයිති උනාලු. ලමයි දෙන්න ලොකු මහත් කරල තියෙන්නෙ ආච්චිගෙ ගෙදර කාමර කුලියට දීලා,කෑම උයල ලෑබෙන සල්ලි වලින්.අහල පහල අයත් කිව්වෙ මහ "දයිරියවන්ත ගෑනී" කියල.වහින දවස් වල වහලෙටත් නෑගල කෑඩිච්ච උලු කෑට මාරු කරනවලු.

පස්සෙ කාලෙක ලොකු පුතා බෑදල වෙනම ගෙදරකට වුනා.පොඩි පුතත් එකක පරණ ගෙදර හිටියෙ ආච්චි.පොඩි පුතාත් තෑපෑල් මහත්තයෙක් විදියට රස්සාව කරා.කල වයස එද්දි පුතාට විවාහයක් කරල දෙන්නත් ආච්චි සෑහෙන්න මහන්සි වුනා.ඒත් පොඩි පුතාට ඒ ගෑන එච්චර උනනදුවක් තිබ්බ බවක් පෙනුනෙ නෑ.මේ වෙද්දි ඉන්න ගෙදරත් පොඩි එකාට ලියල සින්නක්කරේටම.

 ආච්චි නිතරම කිව්වෙ ලොකු එකා වගෙ නෙමේ මගෙ පොඩි එකා මට හොදට සලකනවා,උදේ වෑඩට යද්දිත් මට වෑදල යන්නෙ කියල.ඒ සෑලකීම වට පිටාවෙ අයටත් පේන්න තිබ්බා.හෑම මහ පෝයකටම අම්මව මෝටර් සයිකලේ තියාගන සිල් ගන්න එක්ක යන එක වටපිටාවෙ අයත් දෑකල තිබ්බා.

 ආච්චිගෙ කිසිම යෝජනාවකට කෑමති නොවුන පොඩි පුතා දවසක් යාලුවෙක් ගෙ දුවෙක් කියල අවුරුදු 2ක විතර පොඩි බබෙක් ගෙදර ගෙනල්ලා,ඒ වෙලාවෙ හදිස්සියෙ ගෙදරට ආව කෙනෙක් කියල තියනවා හානේ...මල්ලි වගේමයි!... කියල, ඊට පස්සෙ තමයි ආච්චිගෙ ලේලි ගෙදරට එක්කන් ආවෙ අර බබත් එක්කම.