Showing posts with label වියෝව. Show all posts
Showing posts with label වියෝව. Show all posts

Thursday, February 13, 2014

මම ආයෙත් | Started Dating Again - 1



ඔයා දන්නව මම ලගකදි ඉඳන් ආපහු ඩේට් කරන්න පටන් ගත්ත බව. මට ගෑණු ළමයි කීප දෙනෙක්වම ආශ්‍රය කරන්ඩ හම්බ වුණා. ඔයාට නිකමට වගේ කියන්න ඕනෙ උනේ මගේ හිතේ තිබ්බ අදහස. මම කරන්න හිතන් ඉන්නෙ මොනවද කියන දේවල් ගැන.

මට මීට කලින් සම්බන්ධකම් කීපයක් තිබිල තියනවා. පලවෙනි එක මට වයස 16 - 19 විතර කාලෙදි. මම අවුරුදු 2 ක් විතර පළවෙනි කෙල්ල පස්සෙන් ගියා. ඒ අවුරුදු දෙකේදිම අපි යාලු වෙමුද කියල එයාගෙන් ඇහුවෙ නෑ. එහෙම අහන්ඩ මම් ගොඩක් ලැජ්ජා වුණා. 

කොහොම හරි අන්තිමේදි ඒ සම්බන්දෙ පටන් ගත්තා. ඒක අවුරුද්දක් විතර වගේ තිබුන. සමහර විට ඊටත් වඩා අඩු ඇති. ඒ දවස්වලම තවත් කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම් ඒ කාලෙ ගොඩක් හැන්ඩ්සම්. ඉතින් ඒ දෙන්නවම කිට්ටුවෙන් ආශ්‍රය කරපු යාලුවො හිටිය නිසා ඒ දෙන්න එකිනෙකාව දන්නවා. 

එයාල දෙන්නම හොඳ පෙනුමයි, එකම සයිස්,එකම වගේ පෙනුම, ගොඩක් පැහැපත්, හැබැයි මට වඩා වැඩිමල්. මම ඉස්කෝලෙ යන කාලෙ මගේ පස්සෙන් ආපු ගෑණු ළමයි කීප දෙනෙක් හිටියා. ඒත් මම ලැජ්ජාවෙන් හිටියෙ, ඒ දවස් වල මම ගොඩක් අහිංසක පෙනුමයි.මගෙ යාලුවොත් මට හිනාවෙන වෙලාවල් තිබ්බ ඔහොම ඉදල නම් හරි යන්නෙ නෑ කියල.

ඒ දෙවෙනි කෙල්ල ටිකක් කොල්ලෙක් වගේ.එයා සමහර වෙලාවට මට කැමති වෙලා හිටපු අනිත් කෙල්ලන්ට ගහන්න, රණ්ඩු කරන්න පවා ගියා. එකපාරක් එයාට එහෙම දෙයක් හින්දා ඉස්කෝලෙදි ප්‍රශ්නයක් ඇති වෙන්නත් ගියා. ඒත් එයා ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා හිටපු හින්දයි, එයා ගොඩක් දක්ෂ කෙනෙක් හින්දයි ඒ ප්‍රශ්නෙන් බේරුණා.

දැන් ඒ දෙන්නම කසාද බැඳල, දෙන්නටම දුවල දෙන්න ගානෙ ඉන්නව. පලවෙනි එක්කෙනා බැංකුවක ඉහළම මට්ටමේ රැකියාවක් කරන කෙනෙක්, දෙවෙනි එක්කෙනා විශේෂඥ වෛද්‍යවරියක්.  

මගේ පළවෙනි සම්බන්දෙ නැතිවෙච්චි ගමන්ම දෙවෙනි කෙල්ල ඇවිත් තව පාරක් මගෙන් ඇහුවා කැමතිද කියල. මට ඒ වෙලේ එයාට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඒ මොකද කියනව නම්, පළවෙනි කෙල්ලව නැති වෙච්ච එක ගැන මම ගොඩක් දුකෙන් හිටියෙ, මට වෙනස් වෙන්න ඕනෙ වෙලා තිබ්බ. 

අපි දෙන්න අවුරුද්දක් විතර එකට ගමන් බිමන් ගියා. ඔහොම කාලෙ ගෙවිල ගියා. පස්සෙ මම මේ රටට ආවා. අපේ සම්බන්දෙ තවත් අවුරුදු ගාණක්ම තිබ්බා. ඒ සම්පූර්ණ කාලෙදිම මම එයාට බොහොම අවංකවයි හිටියෙ.ඒක මම් කියන්නෙ වගකීමෙන්.

ප.ලි:- සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. 

Thursday, May 19, 2011

සොයුරාණනි ඔබට නිවන් සුව...!


ඊයෙ මධ‍ය්‍යම රාත්‍රියත් පහුවෙද්දි  අක්රේ මිත්‍රයෙක්ගෙන් ලැබුන පණිවිඩයකින් කියවුනා දිලුම් මල්ලි අපි ඔක්කොමලව දාල යන්න ගිහින් කියල,ආයමත් නොඑන්නම.

ඒත් හිතාගන්න බැරිවුනා.මොකද ඒක අපි කවුරුත් බලාපොරොත්තු නොවුන ආරංචියක් නිසා .

අනික මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක්!...

විශ්වාස කරන්න බැරිම තැන තවත් දන්න කීප දෙනෙක් ගෙන්ම අහල බැලුවෙ සැකේට.

එත්... ඒ හැමෝම කිව්ව විදියට නොහිතපු වෙලාවක දිලුම් මල්ලි මේ හැමදේම දාල යන්න ගිහින්.

මම් මගෙ බ්ලොග් එක ලියන මුල් කාලෙ කොමෙන්ට් දාපු කෙනෙක් විදියට ඉලංදාරියාව (දිලුම් මල්ලිව) අදුන ගත්තෙ.

කාලයත් එක්ක ගොඩක් දේවල් සිද්ද වුනා.

දිලුම් මල්ලිගෙ අසනීපෙ වෙනුවෙන් සයිබර් යාලුවො ගොඩක් දෙනා මහන්සි වුනා.

ඒත්...මේ වෙද්දි දිලුම් අපි ඔක්කොමලව දාල යන්න ගිහිල්ලා...
දිලුම් මල්ලී, ඔබට නිවන් සුව! ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!