![]() |
| http://www.dreamstime.com/dried-fish-thumb17554021.jpg |
මේක මම් අහපු ඇත්තම කතාවක්,මට කිව්වෙ අදුරන අක්ක කෙනෙක්,එයා විවාහ වෙලා හිටිය මහත්තයත් වැඩ කරේ එයත් එක්කම එකම රැකියා ස්ථානයක.අක්ක නම් ගොඩාක් හොදයි.අය්යත් ඒ වගේමයි, ඒ උනත් එයා ඔෆිස් එකේ වැඩක් කරල දෙන්න එක එක දේවල් ගන්න කතාව අපි අහල තිබුනා.
අය්ය වැඩ කරේ ඉඩම් අංශේ නිසා ඉඩම් සම්භන්ධ දේවල් කරවගන්න,ඒ කියන්නෙ ඉඩම් වලට පර්මිට් හදන්න,උපදෙස් ගන්න,අරවට මේවට සමහරු ගෙදරටත් එනවලු,ඇවිත් එක එක දේවල් ගෙනත් තියලත් යනවලු.
ඔන්න එක දවසක් අය්ය ඔෆිස් ගිහින් නෑ, අක්ක විතරයි ගිහින් තියෙන්නෙ. සරමක් ඇදගත්ත බාට දෙකකුත් දාගත්ත ගමක පෙනුමක් තියන මනුස්සයෙක් අර අක්ක ලගට ආවලු. අතේ ටිකක් ලොකු පාර්සලයකුත් තියනවලු.
හැමවෙලේම එක එක ගැටළු සම්භන්ධව එක එක්කෙනා එන නිසා මෙයාට ඒක අමුතු දෙයක් වෙලා නෑ.ඒ මනුස්සයත් කට්ටිය ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඔහේ බලාගන ඉදලා.පස්සෙ අක්ක අහල තියනව ඇයි මොකද කෙරෙන්න ඔනේ... කියල.
අනේ නෝනා... මම් දැන් දවස් කීපයක්ම ආව...,අර ඉඩම් අංශේ ඉන්න මහත්තයා අදත් නෑ...එහා පැත්ත හිටපු මහත්තය කිව මෙතන ඉන්නෙ ඒ මහත්තයගේ නෝනා කියල...ඒක නිසයි මේ...
එයා අද නිවාඩු...මොකද්ද කෙරෙන්න ඔනේ...
මොකවත් නෑ නෝනා... මේ කරවල කූරියා මහත්තයට දෙන්ඩ කෝ...මහත්තය කිව්ව වැඩේ කරල දෙන්නම් කියල...ඒක බලන්ඩ තමා මම් මේ අදත් ආවේ...
එහෙම කියල ඒ මනුස්සය ගෙනාව පත සයිස් කරවල කූරියා අක්කට දුන්නලු.අක්කට ඉබේම වට පිට බැලුනලු.
වෙලාවට කාගෙවත් අවධානයක් ඒකට තිබ්බෙ නෑ කියල තමයි එයා නම් කීවෙ,ඒ උනාට ඔෆිස් එකේ හැමෝම අය්ය ගැන "හොදට දන්නව" කියල තමයි ආරංචිය.
