Showing posts with label කෑම්පස්. Show all posts
Showing posts with label කෑම්පස්. Show all posts

Wednesday, June 15, 2011

QR ප්‍රොජෙක්ට් | වරදකරුවන් විශෝධනය



කැම්පස් එකේ පලමුවසරෙ ඉද්දි මුල්ම සමාසිකයේ තිබුන "Quantitative Reasoning" කියල සබ්ජෙක්ට් එකක්,ඒ සබ්ජෙක්ට් එක වෙනුවෙන් අපිට පැවරුමක් කරන්න වෙලා තිබ්බ,ඒක සාමූහික ව‍‍ය්‍යාපෘතියක් (Group Project).


දත්ත ටිකක් එකතු කරල සාම්පල් කරල,අදාල නිගමනයකට එලඹෙන්න තමා තිබ්බෙ.අවසානේ අපිට Report එකක් දෙන්නත් වුනා. Presentation එකෙන් තමයි අවසාන ලකුනු තීරණය කරන්නෙ.


මේ වෙනුවෙන් අපේ කණ්ඩායම තෝරගත්තෙ වරදකරුවන්ගේ විශෝධන මද්‍යස්ථානයක්(Offenders Center).අවුරුදු 18 ට වඩා වැඩි, විවිධ නීතිවිරෝධි වැඩ කරපු පිරිමි,350 කට ආසන්න පිරිසක් එතන නේවාසිකව හිටියා.


කලින් තීරනය කරගත් විදියට, කැම්පස් එකෙන් ලියුමක් එහෙමත් අරන්, දිනයක් වෙන්කරගන අපි අදාල ස්ථානයට ගියා, අපිට අවශ්‍ය වුනේ ප්‍රශ්නාවලියක් (Questionnaire) මගින් තොරතුරු එක්‍ රෑස් කරන්න.


කතාබහ කරද්දි තමා දැනගත්තෙ ගොඩක් දෙනා සොරකම් කිරීම්,මිනී මැරුම්, මත්දව‍‍ය්‍ය ආදිය ලග තබා ගැනීම්, විකිනීම්, ප්‍රවාහනය, ඒ වගේම තවත් විවිධ දූෂණ චෝදනා සම්බන්දව වරදකරුවන් වූ අය. 


එයාලට එතනදී විවිධ කර්මාන්ත හුරුකිරීම් එහෙමත් තිබුනා,තම තමන් කැමති දෙයක් ඉගන ගන්න අවස්ථාවත් ලැබිල තිබ්බා.ගොවිතැන්, ගව පාලනය, ඉදල් - මල්පෝච්ච් සෑදීම, ගඩොල් කැපීම් ආදී මෙකී නොකී ගොඩක් දේවල්.


මටත් ඒ දෙන්නෙක් එක්ක කතාබහ කරන්න හම්බවුනා,එයින් එක්කෙනෙක් ගොඩක් විශේෂයි.ප්‍රසිද්ධ ආයතනයක දූෂණ චෝදනාවකට ලක් වුන කෙනෙක්,නිදහස් වෙන්න මාස 6ක් විතර කාලයක් ඉතිරිවෙලා තිබ්බෙ. 


විවාහ වෙලා පොඩි දුවල දෙන්නෙකුත් ඉන්න තාත්තා කෙනෙක්,එයා තල්කෙදි වලින් ලස්සන මාල හදනව,එකක් හදන්න මාස තුනක් විතර කාලයක් යනවලු,මුදු මුදු අමුනල,හරිම ලස්සනයි.ඒ වෙද්දි ඒවලින් දෙකක් හදල තිබ්බ,එයින් එකක් මටත් හම්බවුනා,අදටත් ඒක මම් ලග තියනව.


මට ඇතිවුන ප්‍රශ්ණය තමයි, එක එක ආකාරයේ,විවිධ වරදවල් සම්භන්ද චෝදනා ලබපු අය ඔක්කොම හිටියෙ එකම තැනක,ඒ නිසා ඇත්තටම ඔය බලාපොරොත්තුවෙන විශෝධනය වෙනවද කියන එක .දැනුන විදියටනම් මෙයාල එලියට යන්නෙ තවත් ගොඩක් දේවල් ඉගනගෙන, මොකද ඔක්කොම ඉන්නෙ එකටනේ.

අනිත් කෙනා කොළඹ පැත්තෙ වත්තක ජීවත්වුන කෙනෙක්.වයසින් ඒ වෙද්දි මටත් වඩා බාලයි,වැරෑද්ද වෙලා තිබුනෙ මත්ද්‍රව‍‍ය්‍ය ප්‍රවාහනය කිරීම,කිව්ව විදියට නිදහස් වෙලා ගියත් කරන්නෙ ඒකම තමා.

ඒකෙන් මිදෙන්න අවශ්‍යතාවයක් වත් පෙන්නුවෙ නැ,ලේසි පහසු රස්සාවනේ,අනික එකවර සල්ලි ගොඩක් ලැබෙනව."වෙන්න තියන හැමදේම වෙලා,කරන්න පුලුවන් හැමදේම කරලා ඉන්නෙ" කියල කිව්වටත් පස්සෙ මට හිතාගන්න පුලුවන් වුනා මාත් එක්ක කතා කරන කෙනා කොයි වගේ කෙනෙක්ද කියන එක.

පස්සෙ තමයි දැක්කෙ පැත්තකට වෙන්න ආරක්ශාවටත් කීපදෙනෙක් රදවල තිබුන විත්තිය,එතකොටනම් ටිකක් බයත් හිතුනා. එසේ මෙසේ අය නෙමේ නේ ඉන්නෙ කියල.

Monday, May 23, 2011

නිදාගන්නාකාරය | හොස්ටල් මතක


අපි එක එක්කෙනා නිදාගන්න විදිය වෙනස්, ඒ කියන්නෙ එක එක්කෙනාට පොඩි කාලෙ ඉදන් හුරු පුරුදු විධි තියනවනෙ .සමහර අය වම් පැත්තට හැරිල,සමහරු දකුණට හැරිල.සමහරු උඩුබැලි ආකාරයට.සමහරු මුනින් අතට හැරිලා...

තවත් සමහරු "අල්ප දයන්න" ගහල.තවත් අය අර තෙල් බවුසර් වල ඇදල තියන මනුස්සය වගේ..,අපි යුනි එකේ හොස්ටල් ඉද්දි දැක්ක අරුම පුදුම නිදනාකාරයක් තමා මේ කියන්න යන්නෙ.

විශේෂයෙන් මේ විදිය දකින්න ලැබෙන්නෙ විභාග දවස් වලට තමා.සිංගල් ඇදේ තවත් කට්ටියකට ඉඩ තියාගන ඉන්න කෙනෙක් ඉන්නව,එයා ඒ සෙමෙස්ටර් එකට තියන සබ්ජෙක්ස් ලියන පොත් ඔක්කොමත් ඒ ඇදේ තියාගන තමයි නිදාගන්නෙ.

 තව කලුම කලු ටෙඩී කෙනෙකුත් තියන් ඉන්නව.අපිනම් ඒකාට කිව්වෙ  "හොර පූසා" කියල.

ගොඩක් වෙලාවට විභාගෙ දවස වල මුලු රෑම කාමරේ ලයිට් එක දාලනෙ ඉතින් තියෙන්නෙ.මොකද එක එක්කෙනා නැගිටින්නෙ එක එක වෙලාවටනෙ.

මේ කියන කෙනා නින්දෙන් හිටපු ගමන් නැගිලට පොතත් අරන් ඇදේ ඉදන්ම පාඩම් කරනව,ආයම ටික වෙලාවකින් නිදි.කවදාවත් මේසෙට ගිහින් පාඩම් කරන්නෙ නැ.

ඔහොම මුලු රෑම විටින් විට ඇහැරල තමයි ඉන්නෙ.එච්චර තමා එයාගෙ පාඩම,ඒත් එක්සෑම් එකත් ගොඩදානව,ඒ විදියට පාඩම් කරල.ඒ එයාගෙ හැකියාව.

 එයා නිදියගන්නෙත් හරිම අමුතු විදියකට,ඒ කියන්නෙ උඩුබැලි අතට,හරියටම අර මල මිනියකගෙ ස්වරූපයෙන්.අත් දෙකත් එකතු කරල පපුව උඩින් තියාගන.වෙලාවකට බාගෙට ඇසුත් ඇරන්.

වැරදිලාවත්  වෙන රූම් එකක කෙනෙක් ඒ රූම් එකට ආවොත් අනිවාර්යෙන් බය වෙනව,
ඇහ්...ඒ මේ...
මොකද බොල මේ....මේකා නිදිද?...
පාඩම් කරපුව මතක් කරනවද මේ...
මේකා නිදියන්නෙ බාගෙට ඇස් ඇරගෙනනේ...බ්ලා...බ්ලා...

එයාට කොච්චර කිව්වත් ඔයා නිදාගන්නෙ මෙහෙම කියල එයා විශ්වාස කරේ නෑ.

දවසක් විභාගෙ දවස් වල රෑ දෙගොඩ හරියෙ ඔය විදියට නිදාගන ඉන්න පින්තූරයක් ගන්න ගිහින්,එයාට ඇහැරිලා හෙන ගිනි විජ්ජුම්බරයක් වුනා.විභාගේ දවස් වලටවත් දාංගලේ නැතුව නිකන් ඉන්න බැරිද කියල එදා කට්ටියට හොදට අහගන්නත් සිද්ද වුනා.

Saturday, April 9, 2011

මුල්ම කෑෆේ ඇත්දෑකීම


මතකෙ හෑටියට එදා කාලෙකට පස්සෙ අක්කා ගෙදර ආව දවසක්,:) හදිස්සියෙ අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න වෙලා කියල යාලුවෙක් ඒ අස්සෙ කෝල් කරල කිව්වා එයාට.ඒකට ඕන කරන විස්තර හොයාගන්න විදියක් නෑතුව ඉද්දි අක්කම යෝජනා කරා කෑෆේ එකකට වත් ගිහින් විස්තර ටික හොයාගන්න ඕනෙ කියල,මොකෝ ඒ දවස් වල අපේ ගෙදර කොම්පියුටර් එකක් තිබ්බට ඉන්ටනෙට් තිබ්බෙ නෑනේ.:(

මොනවට බොරු කියනවද ඒ වෙද්දි මම් ඉන්ටර්නෙට් කෑෆේ එකකට ගිහින් තිබ්බෙ නෑ.:( .තනියම අක්කට කෑෆේ එකට යන්න එපා කිව්ව නිසා අම්මා මාවත් යෑව්ව අක්කත් එක්ක එයාගෙ තනියට.

ඔන්න ඉතින්  අක්කත් එක්ක කෑෆේ එකට ගියා,මෑශින් එකක් අහද්දි එතන හිටපු කෙනා කිව්වා ඔක්කොම මෑශින්ස් වෑඩ ටිකක් වෙලා ඉන්න පුලුවන්ද කියල?.:( මොනවා කරන්නද අපේ වෑඩේ ඊට වඩා වටිනවනෙ.ඒ නිසා එක මෑශින් එකක් හිස් වෙනකන් බලන් හිටිය.ඔය අතරේ එතන හිටපු කෙනා ඇවිල්ල කිව්ව ලෑප්ටොප් එකක් තියනවා කමක් නෑද්ද කියල එයා පාවිච්චි කරකර හිටපු එක දුන්නා.:)

මමත් අක්කගෙ පස්සෙන්ම ගිහින් වාඩිවෙලා බලන් ඉන්නවා.ටිකවෙලාවක් යද්දි මට වෑඩේ එපාවුනා:(.වටපිට බලබලා හිටියා.වෙන කරන්න දේකුත් නෑනේ.එක පෑත්තක පොඩි පිරිමි ලමයි ටිකක් ගේම්ස් ගහනවා.ඔක්කොම හිටියෙ පිරිමි කට්ටිය,අපි දෙන්න ඇරෙන්න.

අනිත් පෑත්තෙ බොක්ස් හයි කරලා. ඒකෙ ඇතුලෙ ඉන්න කෙනාව පේන්නෙ නෑ,බොක්ස් එකේ පොඩි සිදුරකින් බොක්ස් එක ඇතුල පේනවා.ඒ කියන්නෙ මෑශින් එකේ ස්ක්‍රීන් එකේ පොඩි ප්‍රමාණයක්.මමත් ඉතින් ඔලුව කරකව කරකව බලද්දි තමා අමුතු දෙයක් දෑක්කෙ. :-o

අෆොයි... ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තා.මොනවා කරන්නද අක්කට කියන්නෑයි.:( .ඉවසන් හිටියා අහක බලාගන.ඒත් අක්කට මගෙ අමුත්තක් තේරෙන්න ඇති.මොකද වෙලා තියෙන්නෙ...?කියලා ඇහුවා එච්චරයි! :|.අක්කට ඒවා කොහෙ පේන්නද? එයා හෝ ගාලා සර්ච් කරනවා.

අර බොක්ස් එකේ හිටපුකෙනා ටික වෙලාවකට පස්සෙ අපි හිටපු තෑන පහුකරලා නෑගිටලා ගියා.අමතර පංතියකට යන කෙනෙක් වගේ පෙනුනෙ,පොත් කීපයක් අතේ තිබුන නිසා.ඒත් මට මූණ බලාගන්න නම් දයිරියක් තිබ්බෙ නෑ.සෙරෙප්පු දෙකක් දාලා හිටිය කියල නම් මතකයි. එදායින් පස්සෙ කාලයක් යනකන් කෑෆේ එකකට යන්න නම්  මට වාසනාව ලෑබුනෙ නෑ. :))

Thursday, April 7, 2011

හොර ෆිල්ම්


 මේක සිද්ද වුනේ මීට අවුරුදු කීපයකටම කලින්,ඒ දවස් වල මම් කෑම්පස් එකේ ඉංග්‍රීසී ඩිප්ලෝමා එකට ඇප්ලයි කරල විභාග ලියල ප්‍රතිපල බලාපොරොත්තුවෙන් ඉන්න කාලෙ.ලියමනක් ආව විභාගෙ පාස්වෙලා තියන නිසා පාඨමාලා ගාස්තු ගෙවන්න කියලා.ඒකට උවමනා කරන ලියකියවිලිත් අරන් එදා ගෙදර ඈවිත් හිටිය මාමගෙ දුවත් එක්ක මම් කෑම්පස් එකට ගියා.එයා මට වඩා අවුරෑදු 2ක් විතර වෑඩිමල් කෙනෙක්.

ගිහින් හිතුවටත් වඩා කලියෙන් වෑඩ ටික ඉවරකර ගන්න පුලුවන් වුනා.දෙන්නම බස් එකේ නෑගල එන්න ආව.ස්ටෑන්ඩ් එකෙන් බෑහෑල ගෙදර එන්න ඕනි ෆිල්ම් හෝල් එක පහුකරල,එන ගමන් දෑක්ක තඩි බෝඩ් කෑල්ලක් ගහල තියනවා "දිල් සේ " කියල.කාලෙකින් ලෑබුන චාන්ස් එක නිසා අක්කා කීවා බලමුද නංගි අර ෆිල්ම් එක කියල.ඒ වෙද්දි මම කවදාවත් තනියම ෆිල්ම් බලන්න ගිහින් තියන එකක් යෑ.

ටිකක් බය හිතුනත් හා!... යං...කියල එක පයින්ම මමත් කෑමති වුනා.ආය මේවගෙ නිදහසක් කවද ඒයිද දන්නෙ.ඕනෙ දෙයක් වෙන්න කියල යන්න තීරණය කරා.ඔන්න දෑන් අක්කයි මමයි ටිකට් ගන්න තෑන.

අනේ... මට නම් බෑ... අක්කෙ ඔයා ගන්නකො...

කියල මම් පෑත්තකට වෙලා හිටිය.ඊට පස්සෙ මෙයා මෙහෙ දෙන්නකො සල්ලි... කියල සල්ලිත් අරන්පෝලිමේ ඉන්නවා.දෙන්නටම නිකන් අමුතුයි වගේ.ඔක්කොමල වගේ ඉන්නෙ කපල්ස්, අනිත් අයත් ගොඩක් පිරිමි අය.මට පෙනුනෙ එයාලත් අමුතු විදියට අපි දිහා බලන් ඉන්නව වගේ.

ඒත් එක්කම එතන ටිකට් ගන්න හිටිය අය්ය කෙනෙක් අමුතු හිනාවක් දාගන අපි දිහා බලනවා.කෙල්ලො දෙන්නෙක් තනියම ඇවිල්ල නිසා වෙන්න ඇති කියල අපි දෙන්නත් හොදට රවලා බලල නිකන් හිටිය.මෙන්න බොලේ මේකා කතා කරන්න වගේ අපි ලගට එනවා.

නංගිලා ආවෙ "දිල් සේ" ෆිල්ම් එක බලන්නද? 
අපි දෙන්නත් ඔව්...කියල බලන් ඉන්නව.
මමත් ආවෙ "දිල් සේ " බලන්න.
ඒත් අද ඒක නෙමේලු තියෙන්නෙ නේද?අර ෆිල්ම් එකලු කියල පෙන්නුවෙ නෑතෑ පෝස්ටරයක්.අපි දෙන්නටම ඉහින් කනින් දාඩියදාල ගියා පෝලිමේ ටිකට් ගන්නත් ලංවෙනවා.අනේ! තෑන්කු... අය්යෙ කිව්වට කියල හිනාවෙලා අපි දෙන්න හිමින් සෑරේ මාරුවෙලා ආවා.

Thursday, December 30, 2010

මාව මතකද?

මේ සිදුවීම වෙලා දෑනට අවුරුදු 2කට වෑඩිවෙන්න ඔනෙ මගෙ මතකෙ හෑටියට, ඔන්න කෙටියෙන්ම කියන්නම්කො.එක දවසක් දවල්ට කෑම කන්න කියලා කෑන්ටිමට ගිය වෙලේ ආරංචි උනා අපේ බෑජ් එකේම සහෝදරියකගෙ තාත්තා කෙනෙක් හදිස්සියෙ හාර්ට් ඈටෑක්  එකකින් නෑතිවෙලා කියලා.
ළමයි එකවරම ගියොත් ලෙක්චර්ස් ඔක්කොම නවත්තන්න වෙනනිසා කීපදෙනා කීපදෙනා යං කියල තමයි තීරනේ උනේ.ගොඩක් සමීප යාලුවෙක් නිසා වෑඩේ කල් දාන්නත් බෑ.අනික ඒ පවුලෙ හිටියෙත් අක්කයි නංගියි.උදව්පදව් කරන්න යන්න එපෑයි ඉතින්.
කට්ටියක් කොහොම හරි එදාම 4.30ට තියන බස් එකේ නුවර යන්න කියල තීරණය කරා. එහෙම තීරණය කරලා කොහොම හරි නුවරට එද්දිත් ටිකක් විතර රෑ වෙලා.මළ ගෙදර තියෙන්නෙ කෑගල්ලෙ.කෑගල්ලෙම ගෙවල් තිබ්බ යාලුවෙකුත් එක්ක තමයි එදා ඒ ගමන ආවේ.
ඔහොම ඈවිල්ලා එදා මළ ගෙදර ඉදලා පුලුපුලුවන් හෑටියට උදව් උපකාර එහෙමත් කරලා ,දවසකට පස්සෙ එන්න පිටත් උනා.ආයෙත් නුවර ස්ටෑන්ඩ් එකේ.නෑග්ගෙ ... බස් එකකට.ටික වෙලාවකුත් තියනවා බස් එක යන්න.ඒත් එක්කම  ආව කෑට වගයක් අර ගත්ත මල්ලිලා සෙට් එකක්.ඔන්න දෑන් බස් එකට නෑගලා කියවනවා එක්කෙනෙක්.
අඩුපහසුකම් තියන පෑතිවල ඉන්න, මුදල් ප්‍රශ්න තියන ඉගන ගන්න ළමයින්ට උපකාර කරන්න තමයි මෙහෙම මේ බස් ගානේ ගිහින් මේවගේ දෙයක් කරන්නෙ කියාගෙන.
ඒත් එක්කම  අර මළගෙදර ගියකට්ටිය ඉන්න තෑනටත් ඈවිල්ලා.එදා එතන ඉදලා තියෙන්නෙ ගෑණු ළමයි  පිරිමි ළමයි ඔක්කොම 8ක් විතර.එතන හිටිය ශරීරෙන් පොඩි ටිකක් කටකාර කෙනෙක්.(තාමත් ඉස්කෝලෙ යන කෙනෙක් වගේ පෙනුමෙන් පොඩිම පොඩී) ගියොත් තෑනකට මොනවහරි මතක හිටින දෙයක් කරලමයි එන්නෙ.ඒනිසා කට්ටියත් බයයි ටිකක් මෙයත් එක්ක ගමන් යන්න.
එක පාරටම අර කියපු කෙනා ටිකක් සද්දෙට ඈහුවලු අර කෑටේ අරන් ආව ළමයගෙන්. 
මාව දෑකලා නෑද්ද ?...කියල
ඒ ළමයා පුදුමෙන් වගේ බලන් ඉදලා කිව්වලු
නෑනේ...
හොදට මතක් කරපන්...
නෑ...අය්යා...
මාව දෑකල නෑද්ද කෑම්පස් එක ඈතුලෙදි?...
මටනම් අය්ය මතක නෑ.
එහෙනම් උඹ දෑකලම නෑනේ මාව...
 නෑ...
අහ්...උඹ කාටද කඩේ යන්නෙ?...
කාටවත් නෑ අය්ය මේ...කියල ආයමත් අර විස්තරේ කියාගන ගියාලු.
අහ්...එහෙමද?
මොකද්ද උඹේ කාඩ් එක? 
...................
ඔච්චර මතක් කරලත් මාව මතක නෑ එහෙනම් ආ...
ඒ ළමයා හොදටම බයවෙලා බලන් ඉන්නවාලු..දාඩියත් දාලා.
ඊට පස්සෙ අර කෙනාට රුපියල් 20ක් දීලා  හරි... එහෙනම් පස්සෙ හම්බවෙමු!... කියල කිව්වලු.
ඒ ළමයා  යන්නම් අය්යෙ...කියල බස් එකෙන් බෑහෑල ගිහින්,
ගියාට පස්සෙ එයත් එක්ක හිටපු අනිත්අය අරකෙනාට හොදට ඈමතුවලු.මොකද්ද ඒ කරපු ජරා වෑඩේ කියලා.අනික මෙතන කොල්ලො 4දෙනයි.බෑරිවෙලාවත් උන් දෑන ගත්තනම් අපි ..... කෑම්පස් එකේ නෙමේ කියල ඉල්ලන් කන්නනෙ වෙන්නෙ,දෑක්කනෙ සයිස් එක කියලා.
කොහොම හ‍රි කරපු වෑඩේ බරපතල කමටද මන්දා පෑය 4ක ගමන අවසාන වෙනකොට අර කෙනා හොදටම හෙම්බත් වෙලා කබරයා දාලාම,මොකද ඒ පාරෙත් ටිකක් වංගු.

Saturday, December 18, 2010

ආ අක්කා සීට් එක


එදා අපි ලෙක්චර්ස් යන දවසක්,උදේ තිබ්බෙ 9 -12 සිස්ටම් ලෙවල් ප්‍රෝග්‍රෑමින් ලෙක්චර් එක.ඒක ඉවරවෙලා එද්දිම මගෙ යාලුවට ඔනේ උනා බොක් එකට යන්න.ඒත් ඒකට ටවුන් එකට යන්න එපෑයි.ඒත් ඉතින් මොනවා කරන්නද හොදම යාලුවෙක් නෙ.කමක් නෑ කියල කෑම්පස් එක ඉස්සරහින්ම බස් එකට නෑගල ටවුන් එකට ආවා.පොඩි දුරක් නෙ,රුපියල් 10ක විතර.

ඒත් එදා බොක් එකේ පෝලිම,කමක් නෑ ආව එකේ අරන්ම යන් කියල පෝලිමේ හිටියා.ඉදලා ඉදලා සල්ලි අරගන අනික් පෑත්තට එන්නත් ඔනේ.මොකද 1ට ආය ලෙක්චර් එකක්.කොහොම හරි සල්ලිත් අරන් හොදටම බඩගිනී,කකා ඉන්න වෙලාවක් නෑ යන්නත් එපෑයි.බ්‍රික්සි එකට ගිහින් කූල් 2ක් බිලා පන්සල ඉස්සරහ හෝල්ට් එකට වෙලා හිටියා බස් එකක් එනකන්.

බලාගන හිටිය හිටිය කරුමෙටද මන්ද එදා වෙලාවට බසුත් නෑ.අහ්...ඔන්න එතකොටම එකක් ආවා.සෙනග පිරිල,මේකෙ නොගියොත් ලෙක්චර් එක මිස් වෙනවා ඒ නිසා දෙන්නා නෑගල ආවා.කොහොමත් මගින් සෙනග අඩුවෙනවනෙ කියලා.ඒ අස්සෙ කන්ඩක්ට හා... පස්සට යන්න...තව ඉඩ තියනවා... කිය කියා කෑගහනවා.

කෑගෑහිල්ල හින්දම අපිදෙන්නත් ටිකක් පස්සට ගියා.මෙන්න එක පාරටම කොල්ලෙක් නෑගිටල සීට් එක දෙනවා.එත් එක්කම ආය මොකටද හිටගන යන්නෙ කියලා,වාඩිඋනා මම බෑග් එකත් අරගන.ඒත් එක්කම එහා පෑත්තෙ හිටපු ටිකක් වයසක ගෑණු කෙනෙක් ඔරවල බලපි මම් දිහා.අර කොල්ල බහින පාටකුත් නෑ.ඉස්සරහට ගිහින් හිටගන ඉන්නවා.දෙන්නටම පුදුමයි මේ වෙච්චදේට මේ මොකෑ...බොලේ මේ කියලා...

පස්සෙ තමයි වෑඩේ තේරුනේ.මගෙ යාලුවා ටිකක් මහත කෙනෙක්.වෙනදා ගොඩක් වෙලාවට ට්‍රව්සර්ස් බ්ලවුස් අදින මෙයා අද රෑලි දාපු දිගම දිග සායක් ඈදලා.ඈත්තටම එකපාර බලපු කෙනෙක්ට බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් කියලා හිතෙන තරම්.

මට මෑරෙන්න හිනා,ඒ අස්සෙ අර ගෑණුකෙනා ඔරවනවා ලග ඉදන්. කොහොම හරි ටිකකින් අපි බහින තෑන ලංවුන නිසා දනි පනි ගාල ඉස්සරහට ඈවිත් බෑස්සා.මේක නිසා යාලුවටත් ටිකක් දුක හිතිල අප්සට් වගේ.ඒත් ඒ අස්සෙ එයාටත් හිනා.

ප.ලි: බෑහෑල බලද්දි 1ට විනාදි 5ක් විතර වෙලාව.හිනා වෙවි හිනා වෙවී කෙලින්ම ලෙක් යන් කියලා කන්ද නෑංගා.යද්දි ලෙක් එක පටන් අරන්,කුයිස් එකකුත් දීලා.ඒත් යාලුවා එද්දිම කිව්වා වෑඩිය හිනා වෙන්න එපා අඩන්න තමයි වෙන්නෙ කියල.කෝකටත් යාලුවා පව්නේ කියල මම් හොස්ටල් එකේ අයටත් ගිහින් විස්තරේ  කිව්ව.ආ... අර බොක් කියල තියෙන්නෙ BOC atm එකට.

Friday, December 17, 2010

මාස හයම බනිස්


මේක මගෙ යාලුවෙක්ට උන සිදුවීමක්.ඔන්න ඒ අපි ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රෙනින් ඉන්න කාලෙ.එකම යුද්දයයි,කෝල්ස් එනවා ඉන්ටව් යනවා.මාසයක් 2ක් ඈතුලත ඔක්කොටම වගෙ ට්‍රෙනින් ප්ලේසස් හම්බවුනා.

අපේ ඩිපාර්ට්මන්ට් එකේ ගෑණු ළමයි අඩුයි, ඔක්කොම හිටියෙ 10යි.කොහොම කොහොම හරි ගොඩක් දෙනෙක්ට පාලුවක් නොදෑනෙන විදියට 2, 3 වගේ කට්ටිය හිටියා එකම තෑන හම්බවෙච්ච.මුලින් මුලින් ඉතින් ටිකක් බයයි නෙ,අනික කෑම්පස් එකේ වගේ නෙමේ නෙ.අයිස් ගහන්න බෑ වෑඩ කරන්න එපෑයි.වෙලාවට යන්න ඔනේ.අනික ඒතෑනටත් ටිකක් හුරුවෙන්න කාලෙ යන නිසා තව අදුරන කෙනෙක් ඉන්නව නම් කෝකටත් හොදයිනෙ ඉතින්,කතාබහ කරන්න වත්.

වාසනාවද අවාසනාවද මන්ද කෙල්ලොම දෙන්නෙක් එකම  තෑනට වෑටුනා.ඒදවස් වල මේ කියන කෙනා සන්තොසෙන් හිටියලු.බයක් නෑ දෙන්නෙක් ඉන්නවනෙ මොනව උනත් කියල,නොදන්න දෙයක් උනත් අහන්න,කන්න බොන්න යන්නත් ටිකක් හුරුවෙනකන් දෙන්නෙක් ඉන්න එක හොදයි කියල.

ඒකට හේතුවකුත් තිබුනා,එයාලා දෙන්න වෑඩකරේ නෙට්වර්කින් වලට ගොඩක් සම්බන්ද කොම්පෑනියක.වෙබ් ඩිව් විදියට. එයාලගෙ පෝටල් එකක මොනවද කරන්න තිබ්බ කියල තමයි මතක.වෙලාව කියන්නෙ එතනින් එක්කෙනෙක්ට වෙන කොම්පනියක් හම්බවෙලා යන්න එන්න පහසු තෑනක,ඉතින් එයා ගිහින්.එතන අපිත් එක්කම හිටිය තව පිරිමි ලමයෙකුත් වෑඩ කර නිසා එයාටනම් පාලුවක් දෑනෙන්න නෑතිවෙන්න ඈති.

ඉතින් මේ කියන ගෑණු ළමයා යන්න බෑම කියල අඩලා.එයාගෙ සෙක්ශන් එකේ ඔක්කොම ඉන්නෙ පිරිමි අයලු.ගෙදරිනුත් බෑනල,ඉන්ඩස්ට්‍රියල් කෝඩිනේටත් බෑනල,ඩිග්‍රිය කරන්න ඔනෙ නෑද්ද අහලා.ඒක නිසාම දවසක් වෑඩට ගියෙත් නෑලු.ඒත් කොහොම හරි හිත හදාගන යන්න කෑමති උනාලු.

ගිහින් ඉතින් පවරල තිබ්බ වෑඩ පුලුවන් හෑටියට කරාලු.අහගන්න කෙනෙකුත් නෑලු ,එතන ඔක්කොම නෙට්වර්කින් කරන අයනෙ.එයාලගෙන් අහන්න යන්නෙත් නෑලු.එයාල ඉතින් කතා වෙන්නෙ සර්වර්, රවුටර්ස්, සුවිචර්ස්,.... ගෑනලු. 

මෙයා උදේට වෑඩට යන්නෙ මරන්න අරන් යනව වගේලු.සිකුරාදා වෙද්දි ලොකූ සන්තොසෙකින් හිටිය කියල තමයි කිව්වෙ.වීක්එන්ඩ් එකනෙ කියල.අනික ඒ දවස් වල අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකත් තිබ්බනෙ කරන්න.වෑඩත් ටිකක් විතර වෑඩී.

මෙන්න බොලේ බෑ බෑ කියල හිටිය එකා දවසක් ෆේස් බුක් එකේ ස්ටේටස් දාලලු " අයි ලව් මා ඉන්ටර්න්" කියලා. අපිත් හිතුවෙ කොල්ලෙක් වත් හරියන්න ඈති කියල ඉන්න තෑනම.පිස්සුද එහෙම එකක් නෙමේලු.එයාට පවරල තිබ්බ වෑඩේ ගොඩ දාන්න පුලුවන් මට්ටමකට ඈවිල්ල.ඈහුවහම නම් කිව්වෙ මාර සෑටිස්.ගොඩක් දේවල් තනියම ඉගන ගත්ත කියලා.

හෑබෑයි පුදුමෙ කියන්නෙ එයා ඔය මාස 6ටම  උදේටයි දවල්ටයි කාලා තියෙන්නෙ බනිස්. කන්න බෑ හලෝ, එතන.ඔක්කොම ඉන්නෙ පිරිමි අනික මට බෑ එයලත් එක්ක ටේබල් එකට ගිහිල්ල කන්න.තනියම කන්නත් බෑ එතන.එයාලා කන්න යනකන් ඉදලා මම් කනව,බත් අරං ගියොත් එයාල කන තෑනට ගිහින් කන්න වෙන නිසා හෑමදාම බනිස් කනවා එක ලෙසියි කියලා.අනික එයාලට නිදහසේ කතා කරන්නත් නෑ ෆයර් වෝල් එකක් වගෙ මම එතන හිටියොත්.මේක මටත් ලේසි කියලා.

ඉතින් මම් දවසක් ඈහුව,ඈයි එතන ඉන්න අය කතා කරන්නෙ නෑද්ද කියල.අනේ නෑ එයලා ගොඩක් හොදයි,ඔක්කොමල නංගි කියල කතාකරන්නෙ,ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කියලා.ඒත් මම් වෑඩිය කතාවට යන්නෙ නෑ,එයාලා කතාකරොත් කතාකරනවා එච්චරයි,කිව්වා.

ඉතින් මම් අහුව හත් දෙයියනේ! කෑම්පස් ඉන්න කාලෙ ඔයා ඔය හොදට කොල්ලො එක්ක කතාකරේ කියල.කෑම්පස් එකේ වගෙ නෙමෙනෙ මෙහෙලු.අනේ මන්දා කොහොම හරි එයා දීල තිබ්බ වෑඩේ කරල තිබ්බ හොදට.අන්තිමට හොද රිසල්ට් එකකුත් හම්බවෙලා තිබ්බා.

Thursday, December 16, 2010

හොස්ටල් රවුන්ඩ් යාම


මේ කතාව මට කිව්වෙ මගෙ සිස්ටම්40 කියන මිත්‍රයා.ඒ වෙද්දි එයා ලංකාවෙ ..... පෑත්තෙ තියන කෑම්පස් එකක ඩිමෝ හෑටියට වෑඩ කරා ඉංජිනේරු පීඨයෙ.එයත් ඒ කෑම්පස් එකේමයි ඉගන ගත්තෙ,ටික කාලෙකට කලින්.මෙන්න මෙහෙමයි කතාව.

ඔන්න දවසක් මේ කියන සිස්ටම්40 යාලුව තවත් ඩිමෝලා කට්ටියක් එක්ක හොස්ටල් බලන්න(හොස්ටල් රවුන්ඩ් කියල කියන්නෙ) යනවලු.ගිහිල්ල තියෙන්නෙ බෝයිස් හොස්ටල් එකට.මතක හෑටියට නම් මෙයාලත් ඒ කාලෙ ඉදල තියෙන්නෙ ඒ හොස්ටල් එකේමයි. ගිහින් තියෙන්නෙ රෑ 9 ට 10 ට විතර කියල තමයි කිව්වෙ.ඔන්න රෑන්ඩම්ලි එක එක කාමර වලට ගිහින් බලනවලු දොරට තට්ටුකර කර.ඔහොම ගිහිල්ලා ගිහිල්ලා,එක කාමරයක් ලගට ගිහින් තට්ටු කරාලු දොරට.සද්දයක් නෑ...තව සෑරයක් තට්ටු කරාලු.ඒත් සද්දයක් නෑලු.

ඒ උනාට එයාල දෑක්කලු කාමරේ ලයිට් එක නම් දාල තියනවා.කෝකටත් කියල ආය පාරක් දොරට ගහල බෑලුවලු.මෙන්න බොලේ එක පාරටම දොර ඈරියලු.&^(*&)*&*^*&%*)($%^#%$@#% වචන ටිකකුත් පසුබිමෙන් ඈහෙන ගමන්.දොර ඈරපු ලමයා හිටියෙ ...ඈදුමෙන් වගේලු. ඈදගන හිටපු සරමත් උස්සගන.ඩිමෝල දෑක්කම ළමයා හොදටම බයවෙලා.ලමයටත් ඩිමෝලටත් කරගන්න දෙයක් නෑලු.තුශ්නීන්භූත වෙලා බලන්හිටියලු..

පස්සෙ තමයි ලමය විස්තරේ කියල තියෙන්නෙ.මේ ලමයා පාඩම් කර කර ඉද්දි හෑමදාම එකෙක් ඈවිත් දොරට ගහල දොර අරිනකන් බලන් ඉදලා දුවනවලු.බලද්දි ඔනේ කමකටත් නෙමේ මෙයාව අවුස්සන්න.පස්සෙ පස්සෙ දොර අරින්නෙ නෑතුව හිටියලු මේ ලමයා.එතකොටත් අර ලමය ඈවිල්ල දොරට තඩිබබා ඉන්නවලු දොර අරිනකම්ම.බෑරිම තෑන  දොර ඈරල හොදවයින් කියල බෑනල එලව ගන්නවලු.ඒ ලමයට වදයක් වෙන තරමටම සිද්දිය උනාලු.

මෙයා හිතල තියෙන්නෙ අදත් අර ලමය ඈවිල්ල කියල. සිස්ටම්40 නම් කිවෙ, පස්සෙ ඒ ලමය දකින දකින වෙලාවට හිනා යනවා කියල.ලමයත් ලෑජ්ජාවෙන් හිනාවෙලා බිම බලාගන යනවලු.

Wednesday, December 8, 2010

නික්ම යාම!

මෙහෙම පෝස්ට් එකක්, මෙච්චර ඉක්මනට ලියන්න වෙයි කියල මම් හිතුවෙ නෑ.ඒත් ඒක ලියන්න වුනා.ඒ අද, ඒ කියන්නෙ 2010.12.08 දවල් මට ලෑබුන ආරංචියක්  නිසා.

මාත් එක්ක, කෑම්පස් එකේ,  එකම අවුරුද්දෙ හිටිය මේ යාලුවා කරේ මෑනේජ්මන්ට්.අපි දෙන්න ගොඩක් අදුන ගත්තෙ පලවෙනි අවුරුද්දෙ හොස්ටල් ඉන්න කාලෙ.පලවෙනි අවුරුද්දෙ දෙවනි semester එකේදි අපේ හොස්ටල් මාරුකරා.කලින් මාත් එක්ක හිටිය යාලුවො මේ හොස්ටල් එකට වෑටුනෙ නෑ. ටිකක් දුකෙන් තමා මම් නම් හිටියෙ.ඒත් ඒ පාලුව මග අරුනා මෙන්න මේ යාලුව නිසා.

තට්ටු 2 ක ගෙදර, යට තට්ටුවෙ තමයි අපි හිටියෙ, එයා හිටියෙ මට අල්ලපු කාමරේ.ගොඩක් වෙලාවට ඕප දූප කියන්නත් අපි යන්නෙ ඔය කාමරේටම තමා.පලවෙනි අවුරුද්දෙ අපිට broad general subjects තිබ්බනෙ,මම් ඉතින් accounts, econ, project mgt කුප්පි දාගත්තෙ මෙයාට කියල.මොකද මෙයා තමයි හොස්ටල් එකෙ යට  ෆ්ලොර් එකේ හිටිය එකම එක්කෙනා A/L වලට commerce කරල ආව.

එයාට හෑකියාව තිබ්බ, දන්න දේ හොදට නිරවුල්ව පෑහෑදිලිව කියල දෙන්න. අපිට එපාවෙන වෙලාවලුත් තිබ්බෙ නෑතුව නෙමේ.මොකද ඉතින් කෙල්ලො 10 ක් 12 එකතුවෙන තෑනක කච බච ඉවරයක් නෑනෙ.එකදිගට පාඩමක් අහගන්න බෑ.වෙලාවකට අපිට බනිනවත් එක්ක මේ... අහගන්නෙ නෑත්තම් මට නිදියගන්ඩ දීල යනවකො යන්ඩ... කියල.ඒ විහිලුවට,අපිත් එක්ක කවදාවත් ඕවට එයා තරහ උනේ නෑ.

එයාට ගොඩක් විනෝදංශ තිබ්බ,කවි - නිසදෑස් ලිව්ව,ලස්සනට චිත්‍ර අදින්නත් පුලුවන්,අහ්...සින්දුත් කියනව,බාත් රෑම් එකේදි ටිකක් විතර හයියෙන්,ඒකත් නරකම නෑ ලස්සනට කියනව..මෙයාට හෑමෝගෙම ආදරය ලෑබුන ඒකට පොඩි විශේසත්වයකුත් තිබ්බ, මෙයා අපි ඔක්කොටම වඩා ටිකක් උස මහතයි.

කෑම්පස් එකෙ ටිකක් පඩිපෙලවල් වෑඩිනෙ.හෑමදාම කන්ද නගිද්දි complain, මහන්සි...නගින්න බෑ...කකුල් රිදෙනව...කියකිය,අපිත් ඉතින් විහිලුත් කරන්ව ඈග අඩුකරගන්න කියල....

ඔහොම කාලෙ ගෙවිල ගියා,3 වෙනි අවුරුද්දෙ අපිට කෑම්පස් එක ඈතුලෙ හොස්ටල් හම්බවුනා.මෙයා හිටියෙ 2 ෆ්ලොර් එකෙ, අපි ඉතින් උඩම එකේනෙ.ඒ අවුරුද්ද තමයි ටිකක් වෑඩ තිබ්බෙ,අපිට ලෙක්චර්ස් තියන වෙලාවට එයාලට නෑ.නිතර දකින්නත් නෑති වුනා ඒකාලෙ.

හම්බවුනාම නම් බනිනව මට, උබලට අපිව මතක නෑ නෙ දෑන්....කියල විහිලුවට.

දවසක් ලෙක්චර්ස් ඉවරවෙලා එද්දි ආරංචි වුනා,හදිස්සියෙ දිලාට ලෙඩවෙලා... හොස්පිටල් අරන් ගියා කියල. කකුලෙ අමාරුවකට ඈවිදින්න අමාරුවෙලා කියල තමයි කිවෙ,එදායින් පස්සෙ එයා ආය ආවෙනෑ කෑම්පස්.

කකුලෙ අමාරුව හොදනෑ...පරීක්ශන කරනව කියල තමයි කිවේ...දෙතුන් සෑරයක් අපිත් එයාව බලන්න ගියා හොස්පිටල් එකට. අවසානෙට අපි එයාව බලන්න ගියෙ මහරගම,cancer hospital එකට, ඒ අපි industrial training ඉන්න කාලෙ,එයාලග හිටියෙ අම්ම,ඈස්වල කදුලු පිරිල, චුටි කාලෙ වගෙ කතා කියකිය දරුව ලගට වෙලා ඉන්නව.ඒ වෙද්දි එයාගෙ කකුල් දෙකම පන නෑ.ඈදටම වෙලා හිටියෙ.

දිලත් ගොඩක් දුකෙන් හිටියබව මට තෙරුනා ඒත් දුක පෙන්නුවෙ නෑ...හිටපු ගමන්, නදියො...ආය මාව බලන්ඩ එද්දි බෙහෙත් නෙල්ලි අරන් වරෙන් ඈ...මම් හා කිව, මට ආයෙත් කෑම්පස් යන්න ආසයි...ජුන්නො මට රෑග් කරයිද දන්නෙ නෑනේ...කියල හයියෙන් හිනාවුනා...මමත් හිනාවුනා ,ඒත්....

වෙලාව ඉවරයි දෑන් ලෙඩ්ඩු බලන්න ආව අය යන්න කියනව ඈහුන.අපිට යන්න වෙලාව හරි. මට ගිහින් එන්නම් කියන්න තරම් වචන පිටකරගන්න හෑකියාවක් තිබ්බෙ නෑ එයා දිහා බලාගෙන,තවත් ටික වෙලාවක් ඉදල,අම්මට ගිහින් එන්නම් කියල අපි එන්න ආව. ඒ මීට මාස 3කට විතර කලින්.

අද දවල් එකට විතර මට මෑසේජ් එකක් ආව යාලුවෙකුගෙන්. දිලා අපි ඔක්කොම දාල යන්න ගිහින්.එයා පලවෙනි වතාවට A/L කරල කෑම්පස් ආව කෙනෙක්.පවුලෙ එකම දරුව.අම්ම අප්පච්චිට කොච්චර දුකක් දෑනෙනව ඈත්ද කියල මට හිතුන.මට මතක් වුනේ ඉස්සර අපි හිටිය හෑටි.එයාගෙ අම්ම ලොකු බත් මුලක් ගෙනාව දවසක අපි ඔක්කොම එකතුවෙලා හුස්ම අල්ල අල්ල කෑව හෑටි...

මොනව කරන්නද එයා ගෙනාපු ආයුෂ ඉවර ඈති!
දිලා..
ඔබට නිවන් සුව!



Saturday, December 4, 2010

විහින් රෑග්වීම හෙවත් ඉල්ලාගන කෑම

මේක උනේනම් මීට අවුරුදු 3කට විතර ඉස්සර.ඒ අපේ ජූනියර් බෑජ් එක ආව කාලෙ.ඒ කාලෙට රෑග් වීම සහ රෑග් කිරීම ඉතින් සුලබ දෙයක් නෙ.

මේව වලක්වන්නත් ඉතින් විවිද උපක්‍රම, අදාල අය විසින් ක්‍රියාත්මක කරල තිබ්බත්,ඒවට හොරෙන්,ඔව ඉතින් කොහොම කොහොම හරි කෙරෙනවනෙ.

මෙන්න මේකයි උනේ,මම් කෙටියෙන්ම කියන්නම්කො.ලෙක්චර්ස් ඉවර වෙලා දවල්ට කන්න කියල ඔන්න අපි කෑන්ටිමට ගියා.අප්පා වෙනදට වඩා සෙනග,මොකද අලුත් කට්ටියත් ඉන්නවනෙ ඉතින්.

ඒ අස්සෙ කෑන්ටිමේ ටීවි එක කන පෑලෙන්න දාලා.ලමයින්ගෙ සද්දෙයි,ටීවි එකේ සද්දෙයි එකතුවෙලා අමුතුම කාලගෝට්ටියක්.

කෑම ප්ලේට් එක ගන්නත් ටිකක් වෙහෙසමහන්සි වෙන්න උනා වෙනදට වඩා.රිංගල රිංගල ගිහින් කොහොම හරි කෑම එකත් ගත්ත කියමු.අප්පා...වාඩිවෙන්න තෑනක් නෑ.ටේබල් ෆුල්,ලමයි පිරිල.  

රෑග් කරන කාලෙ කියල කෑම කන කෙනෙක්ව නෑගිට්ටවන්නෑයි...

බලල බලල ගිහින් වාඩිඋනා ටීවිඑක ලගම තිබ්බ ටේබල් එකේ ඉතුරුවෙලා තිබ්බ පුටුවෙ.

ඔන්න එතකොටම ජූනියර් කෙනෙක් ඈවිත් මොනවද කියන්න පටන් ගත්ත.මෙලෝදෙයක් ඈහෙන්නෙ නෑ.අපේ කට්ටියත් කට ඈරගෙන අහගන්න ට්‍රයි කරනව.මාත් කන දීල බෑලුව.ම්හ්...වෑඩේ හරිගියෙ  නෑ.

මමත් ඉතින් පංඩිතය වගේ අහුව, මොකද්ද!...කියල ටිකක් සද්දෙන්... ආය කාගෙන් තහනමක්ද? 

ආවෙ නෑතෑ ලගට... ඈවිත් කියපි, .........!! අද ඉදන් මගෙ කාඩ් එක,!@%@#^#$ ^&$#&#&$%*$%* &*#@%$^$%&%&^%කියල.අප්පේ!...මට කන බත් කටත් හිර වුනා.ලග හිටපු අයටනම් හොදටම හිනා.

අති සුන්දර,රමණිය වචන පෙලක්!


ප.ලි: වචනවපෙල අවසන් වුනේනම්, පුතා කියල..







Monday, November 29, 2010

රමා



මේ මගේ දෙවනි පෝස්ට් එක.අද ලියන්න යන්නේ මගෙ ලගින්ම හිටිය යාලුවෙක් ගෑන.මේ කියන යාලුවව මම අදුනගන දෑනට අවුරුදු හතරක් පහුවෙන්නත් ලගයි, කෑම්පස් එකේදි තමයි මට එයා ඉස්සල්ලම හම්බ උනේ.එයයි මමයි එකම ඩිපාර්ට්මන්ට් එකේ හිට්යට අපි හොදටම දෑන අදුන ගත්තෙනම් කෑම්පස් ඈවිල්ල අවුරුදු 2කට විතර පස්සෙ.
 ඒකට හේතු කීපයක්ම තිබුනා.මුල් අවුරුදු දෙකේම අපි දෙන්නා හිටියෙ හොස්ටල් දෙකක,අනික ඉතින් අපි දෙන්නා ජාති දෙකකනේ.එයා දෙමළ ,මම සිංහල.එයා ඈවිල්ල හිටියෙ යාපනේ ඉදලා සිංහල ටිකක්වත් බෑ.මට දෙමල බෑ.කෑඩිච්ච කඩ්ඩෙන් තමා කතාබහ කරේ.(මට ඉතින් කඩ්ඩ එච්චර බෑනේ).
කොහොමින් කොහොම හරි කාලෙ ගෙවිල ගියා,ජිවිතේ සංතෝසෙන්ම ගෙඋන කලේ තමයි ඒ.අප්සට් දවස් තිබ්බෙ නෑතුවත් නෙමේ ඉතින්.
තුන්වෙනි අවුරුද්දෙදි අපිට කෑම්පස් එක ඈතුලෙම හොස්ටල් හම්බ උනා.අපිට හම්බුනේ හොස්ටල් එකේ උඩම තට්ටුව ඒකියන්නෙ හතරවෙනි තට්ටුව.අප්පා මාර නිදහසක් තිබ්බෙ,මොකද කවුරුත් ඔනේම දේකට ඈරෙන්න ඔච්චර උඩකට පඩිපෙල් ගානක් නෑගගන එන්නෙ නෑ.එනවනම් එතින් අපේ එවුන්ම තමයි.
මේ කියන යාලුවත් මගේ ඩිග්‍රියම කරපු නිසා අපිසෙට් උනා එකම ෆ්ලොර් එකකට.වෙන මොකටවත් නෙමේ ඈත්තටම ඉගනගන්න දේවල් වලට ඒක ගොඩක් පහසුවක් උනා කිවොත් හරියටම හරි.කුප්පි,ඩිශ්කශන් ඔවාට පහසුව තමයි.(ඉඩල හිට්ලා අපි ඈනිමේශන්,හොරර් ෆිල්ම්,... බලපු වෙලාවලුත් තිබ්බා) අනික අපි කරපු සබ්ජෙක්ට් හෑටියට පොත් පාඩම් කිරිලි අඩුයිනේ ඉතින්.
මෙතනදි තමයි අපි ගොඩක් අදුනගත්තෙ ,කතාබහ කරේ.ඒවෙද්දිනම් එයාට හොදට සිංහල පුලුවන්.මටත් ඉතින් ටික ටික දෙමළ තේරේනව(ටිකම ටිකයි හරිද).ලෙක්චර්ස්,අසයින්මෙන්ට්ස්,ටියුට්ස්,කුයිසස්,එන්ඩ් සෙමෙස්ට‍්ර එක්සෑම් අස්සෙ, කාලෙ අපිටත් නොදෑනිම ගෙවිල ගියා.යාලුකමත් වෑඩිදියුනු උනා කිවොත් හරි.
 ෆයිනල් ඉයර් එකේ අපිට ඉන්ඩස්ට්‍රිල් ට්‍රේනින්.එයාට ලංකවෙ තියන හොදම කොම්පනියට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යන්න පුලුවන් උනා.(මමත් ගියා වෙන එකකට).ඒ 2010 අවුරුද්දෙ මුලම.කෑම්පස් එකෙන් අයින් උනාට පස්සෙ එක දවසකට වඩා මට එයාව හම්බුනේ නෑ.මොකද කොලඹ හිටියට අපි දෙන්නම ටිකක් වෑඩ අතින් බිසී.
ගොඩක් කතාකරන්න හම්බුනේ නෙට් එකට පින්සිද්ද වෙන්න තමයි ඉතින්.
මට කියල තියන විදියට එයාට අප්පා නෑ,මෑරිලා ගොඩක් කාලෙකට කලින්,අක්කල අය්යල ගොඩක් හිටියා.ගොඩක් අය රට ගිහින් යුද්දෙ නිසා වෙන්න අති මගෙහිතේ.එක අක්ක කෙනෙක් හිටියලු අම්ම එක්ක.මට මතකයි යුද්දෙ දවස් වල වෑකේශන් එකට වත් ගෙදර යන්න බෑරුව හොස්ටල් එකට වෙලා එය දුකෙන් බලාගන ඉන්නවා කාමරේ ජනේලෙ ලගටවෙලා.යුද්දෙන් පස්සෙනම් සංතොසෙන් හිටියා බස් එකේ ගෙදර යන්න පුලුවන් නිසා අම්මව බලන්න.
ට්‍රෙනින් එක ඉවරවෙලා එයා ජෑෆ්නා ගියා කියල තමයි කිවෙ. නෙට් එකෙ හිටියෙත් නෑ වෑඩිය.දවසක් ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දෑක්ක අඩේ මේ ඉන්නෙ මේකා. එත් හොද මූඩ් එකක් නම් තිබ්බෙ නෑ. ඈහුවම කිවෙනම් ජොබ් එකක් සෙට් වෙනකන් අප්සට් ගෙදරටම වෙලා කියලා.අපේ පවුලෙ තත්වෙ හොදනෑනේ,ඔයා ඒක දන්නවනේ කියල, එතකොට තමා මට හිතුනෙ අග හිගකම් ඈතිනේ කියලා,දවසක් මට කතාකරා නෙට් එකෙන් තමයි ඉතින් ඒත්,මට ඔයාට කියන්න දෙයක් තියනවා...
මගෙ අම්මා මිසින්... ,මට මොකක්ද කියල හිතාගන්න බෑරිඋනා එක පාරටම.එයා හෙමීට මට විස්තරේ කිවා,මම් කාටවත් මේගෑන කිවෙනෑ ,කියල වෑඩක් නෑතිනිසා. අම්මට දෑන් වයස 70ක් වෙනව දවසක් මම් ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රෙනින් ඉන්න කලෙ අම්ම වව්නියාවෙ ඉදං මන්නාරමට ගිහින්,ගිහින් තියෙන්නෙත් තනියම,එහෙ ඉන්නව අපේ නෑදෑයො, එඋනාට අම්ම එහෙ ගිහින් නෑ,දෑන් අම්ම ඉන්න තෑනක් දන්නෙනෑ.හොයාගන්න විදියක් නෑ කියල,
මට පපුව හිරවෙනව වගේ දෑනුන.මමත් ඈඩුව මට වෙන කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ ඒමොහොතෙ,කියන්න කෙනෙක් හිටියෙත් නෑ.මමත් තනියම,මට හිතුනෙ අම්ම අප්ප නෑතුව ගෑනු ලමයෙක් කොච්චර අසරණ වෙනව ඈතිද කියල,අප්ප මෑරිල කියමු,ජිවත්වෙල ඉන්න අම්ම ලගනෑනේ,ඉන්න තෑනක් හොයාගන්න විදියක් නෑනේ,කෙල්ලෙක් නිසා තනියම කොහෙ හොයන්න යන්න කියලද?අනේ මන්ද?

පපුව පිරෙන්න හුස්මක් ඈරල මම් ගත් කටටම ඈහුවෙ ඈයි ඉතින් පොලිසියට කිවෙ නෑද්ද කියල.වෑඩක් උනේ නෑලු එකත්,
"I want to be go out of this...........I cann't be....Otherwise want to close this life chapter."
මේක තමයි මම් අවසානෙට දෑක්ක එයාගෙ ස්ටටුස් එක.මේ වෙද්දි මොනා වෙලා තියනවද මම් දන්නෙනෑ.එයා මානසික අතින් ගොඩක් පහල තත්වෙක. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ.
 
 මට පුලුවන් උනා ගොඩක් කතාකරල එයාගෙ හිත හදන්න.ඒගමන්ම දන්න කියන අයට කියලත් IDP camp වල විස්තරත් හොයල දුන්න,එඋනාට මේ පෝස්ට් එක ලියන වෙලාවෙදිත් එයාගේ අම්ම ගෑන තොරතුරක් නෑ.