ලබන්නා වූ නව වසර ඔබ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!...
Showing posts with label අවුරුද්ද. Show all posts
Showing posts with label අවුරුද්ද. Show all posts
Tuesday, April 14, 2015
Monday, December 30, 2013
2013 අවසානය | End of the 2013
2013 අවුරුද්දත් ගෙවෙන්න තියෙන්නෙ තව දවසයි. :(. මේ අවුරුද්ද මුල කරන්න හිතේ තියන් හිටපු වැඩ ගොඩක් තිබ්බ, ඒ වලින් සෑහෙන ලොර්ඩ් එකක් තව ඉතුරු වෙලත් තියනව.
හැම අවුරුද්දෙම ඔහොමයි.අවුරුද්ද මුලදි කරන්න වැඩ ගොඩාක් ගොඩ ගහ ගන්නව ප්ලෑන් කරනවා අන්තිමට එයින් කීපයයි කරන්න පුලුවන් වෙන්නෙ.
මේ අවුරුද්දෙ අවසාන වෙද්දි සාර්ථක තුන්වෙනි රස්සාවෙ ස්ථිර වීම සිද්ද උනා.එක නම් ලොකු දෙයක්. :)
ඒ ගැන නම් හිතල සතුටු වෙන්න පුලුවන්.විශේෂ වෙනසකට කියල උනේ එච්චරද මන්ද?... රස්සාව නිසාම විවිධ ආයතන මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි ගැන ගොඩක් අද්දැකීම් ලැබුවා.
2014 ජීවිතේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනව. බලමුකෝ නේද?
Monday, December 31, 2012
සුබ නව වසරක් වේවා!
2012 අවුරුද්ද ගෙවුන ඉක්මන හිතාගන්නවත් බෑ.ඒවගේම 2013 වසර ලබන්න තව තියෙන්නෙත් පැය කීපයයි...ඒ අතරේ සති අන්තෙ තියන විභාගෙටත් සූදානම් වෙන්න ඕනේ.ඒ වගේම අලුත් බලාපොරොත්තු ගොඩකුත් එන වසරත් එක්ක එකතු වෙලා තියනව.
මේ ගෙවෙන අවුරුද්දෙ ඉටුකරගන්න බැරිඋන දේවල්, රස්සාව..., වැඩිදුර ඉගනීමේ කටයුතු... බ්ලා... බ්ලා ...බලාපොරොත්තු ගොඩයි.ඒ නිසා 2013 අවුරුද්ද මගෙ ජීවිතේ තීරණාත්මක වසරක් වෙන හැටියක් තමා පේන්න තියෙන්නේ.ඔයාලගෙත් බලාපොරොත්තු ගොන්නක් ඇති මේ එන වසරේ ඉෂ්ඨ සිද්ද කරගන්න හිතාගන.
ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගන හිටියට මදි ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.මේක ඉක්මනින් ලියන පෝස්ට් එකක් මොකද දැන් පාඩම් කරන්න යන්න ඔනේ :).එහෙනම්,
ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගන හිටියට මදි ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.මේක ඉක්මනින් ලියන පෝස්ට් එකක් මොකද දැන් පාඩම් කරන්න යන්න ඔනේ :).එහෙනම්,
බ්ලොග් ලියන කියවන සියලුම දෙනාටම ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
Friday, April 13, 2012
ඒ කොන මේ කොන හැම කොන සතුට @ ගෙදර
අම්මෝ...බ්ලොග් එක පැත්තෙ එන්න දැනුයි ඉස්පාසුවක් ලැබුනේ.අලුත් රස්සාවත් එක්ක ජීවිතේ ටිකක් කාර්‍යබහුල වෙලා තිබුනා.උදේ...ම වැඩට යනව ආයම හවා...ස් වෙලා ගෙදර එනව.කාල බීලා තෙහෙට්ටුව නිවාගන උගන්නන්න ඔනේ කරන ප්‍රසන්ටේශන් ස්ලයිඩ්ස් හදනව.ඉතින් කොහෙද බ්ලොග් ලියන්න වෙලාවක්....
ඒත් එක්කම අපේ ගෙදරටත් අලුත් අමුත්තෙක් එකතු වෙන්න සූදානමින්, අමුත්තෙක් කිව්වෙ අපේ නැචුරල්ට චූටි නංගි බබෙක් !... ආ හෙට එනව කියල තමයි දොස්තර මාමල කියන්නෙ.ඒ නිසා වැඩ කටයුතු බොහොමයි.
ඒත් එක්කම අපේ ගෙදරටත් අලුත් අමුත්තෙක් එකතු වෙන්න සූදානමින්, අමුත්තෙක් කිව්වෙ අපේ නැචුරල්ට චූටි නංගි බබෙක් !... ආ හෙට එනව කියල තමයි දොස්තර මාමල කියන්නෙ.ඒ නිසා වැඩ කටයුතු බොහොමයි.
ගෙදර අස්පස් කරන වැඩවලට අමතරව අලුත් අවුරුද්ද වෙනුවෙන් කැවිලි පෙවිලි හදන්න ඔය කී නොකී හැමදේකටම වෙනදට වඩා මගෙ සහභාගීත්වය දෙන්න උනා.
ලේසි නෑ මේ සෑරේ අපි මුං කැවුම්, කොකිස්, කිරිටොෆි, මුරුක්කුත් හැදුවා.අම්මගෙත් උදව් ඇතුව මම් තමා ගොඩක් වැඩ කරේ.අවුලක් උනේ නෑ දැන් කෑම ජාති ටික තනියම උනත් හදාගන්න පුලුවන්.කාටද ආඩම්බර :D.
ලේසි නෑ මේ සෑරේ අපි මුං කැවුම්, කොකිස්, කිරිටොෆි, මුරුක්කුත් හැදුවා.අම්මගෙත් උදව් ඇතුව මම් තමා ගොඩක් වැඩ කරේ.අවුලක් උනේ නෑ දැන් කෑම ජාති ටික තනියම උනත් හදාගන්න පුලුවන්.කාටද ආඩම්බර :D.
![]() |
| මේ තියෙන්නෙ හදපු කොකිස් |
![]() |
| මෙන්න හදපු මුං කැවුම් |
ආ...කියන්න අමතක උනානේ මැලේ අච්චාරුවකුත් දැම්මා...බටු මෝජුවකුත් හැදුවා...
![]() |
| මෙන්න හදපු බටු මෝජුව...තාම කෑවේ නම් නෑ :) |
![]() |
| මේ තියෙන්නෙ අච්චාරුව.මේක නම් ගෙදර කට්ටිය දැනටම රහ බලලා. |
දැන් මේ ලක ලෑස්ති වෙලා, මලුත් කඩාගන බලාගන ඉන්නෙ උඩමළුවට යන්න.ගිහින් බුදුන් වැදලා නංගි බබාව කරදරයක් නැතුව ලැබෙන්න කියල බුදුන්ගේ සරණ පිහිට ආරක්ශාව ප්‍රාර්ථනා කරනව අක්කටයි බබාටයි දෙන්නටම.
![]() |
| මමයි නැචිරලුයි එකතු වෙලා හදපු මල් වට්ටිය |
Labels:
අවුරුදු කෑම,
අවුරුද්ද,
ආදරය,
ගෙදර,
පවුල
Friday, April 15, 2011
Wednesday, April 13, 2011
රතිඤ්ඤා
පොඩිම කාලෙ නම් අප්පච්චි ගෙනත් දෙන රතිඤ්ඤා පෙට්ටිය අක්කටයි මටයි කියල දෙකට බෙදල වෙන්කර ගන්නවා.ඒත් පත්තු කරන්නෙ අප්පච්චි.:) අපි දෙන්න ටිකක් ලොකු කාලෙත් අපේ ගෙදර රතිඤ්ඤා පත්තු කරේ අප්පච්චි.ඒ අපි දෙන්නම බය නිසා රතිඤ්ඤා වලට.ඇයි ඉතින් අර ටීවී එකෙ එහෙම පෙන්නනවනෙ අනතුරු වෙනව කියල.:( පස්සෙ කාලෙ මටත් ඕනෙ වුනා තනියම රතිඤ්ඤාවක් පත්තු කරල බලන්න.
පත්තර කොලයක් අරන් දිග තීරුවක් ඉරල රතිඤ්ඤා කරල කොලේ අගම තියල කොලේ මුලට ගිනි පෙට්ටියෙන් කූරක් ගහල පත්තු කරල දුවන් එනවා.;;) ගේ ඇතුලටත් දුවන් ඇවිත් කන් වහගන බලන් ඉද්දි තමා රතිඤ්ඤාව ඩෝං!...ගාල පත්තු වෙන්නෙ:)). පස්සෙ කාලෙ රතිඤ්ඤා කීපයක් එහෙමත් ඒ මෙතඩ් එකට පත්තු කරා.අහස් කූරුනම් කවදාවත් පත්තු කරල නෑ.අප්පච්චි මිදුලෙ අහස් කූරු පත්තු කරල චූස්ස්ස්ස්....ගාන සද්දෙට තමා ගේ ඇතුලෙ ඉදන් දුවන් ඇවිල්ල උඩ බලන්නෙ.:))
දවසක් ගිනි පෙට්ටිය ඉවර වෙලා රතිඤ්ඤා පත්තු කරන්න ගින්දර නෑති නිසා අක්ක ගිහින් එලියෙ තියන ලිපෙන් ගින්දර ගේන්න.ඒකත් නිමිල නිසා නිකන් ඉදලා.හවස අම්ම වතුර උනු කරන්න ගිහින් ලිප පත්තු කරල ටිකක් වෙලා යද්දි ඩෝං... ගාල ලිපේ රතිඤ්ඤාවක් පත්තු වෙලා.:p අමතක වෙලා අක්ක එදා පත්තු කරන්න ආව රතිඤ්ඤා එක ලිපේ දාල ගිහින්.අම්ම නම් කිව්වෙ 99න් බේරුනා කියල :).
නිලා කූරු,බමරචක්‍ර වලට නම් බයක් වුනේ නෑ.පත්තු කරන්නත් ලේසියිනේ.එහා ගෙදර මල්ලි නම් සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්නෙ පරණ සෑමන් ටින් එකක් යටින් රතිඤ්ඤාව තියල.සද්දෙත් නියමයි.ටින් එක උඩ ගිහින් විසි වෙන්නෙ :)).සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරල උඩත් ගහනවා.:p
තවත් දවසක් අල්ලපු ගෙදර අන්කල් යවපු අහස් කූරක් ඒ ගෙදර කුස්සියට ගිහින් මාර ජංජාලයක් වුනා.ආය, පාර දිගේ ඇරපු අහස් කූරක් මෝටර්සයිකලයක පිටිපස්සෙ ගිය ගෑනු කෙනෙක්ගෙ වෑදිල තිබ්බ,ඒත් ලොකු අනතුරක් නම් වුනේ නෑ.බෑනුම් ඇහුව එක විතරයි ටිකක්:D. මම් කලිනුත් දවසක ලිව්ව අහස්කූරක් නිසා වුන තවත් අනතුරක් ගෑන:(. ඒ අනතුරින් එයාට ඇහෑකුත් අහිමි වුනා.
රතිඤ්ඤා පත්තු කරන්න,විනෝද වෙන්න.ඒත් පරිස්සමෙන්!!!
Subscribe to:
Posts (Atom)







