Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

Friday, April 22, 2011

Think Green, Act Green, Live Green


අප්‍රේල් 22 වෙනිදා අපි සමරන්නෙ ජාතය්‍යන්තර මිහිකත දිනය(International Earth Day).ලෝකවාසී බොහෝදෙනා මෙදිනට පරිසරය ආරක්ශා කිරීම හා පරිසරය පිළිබද අවධානය වැඩිවශයෙන් යොමුකිරීම වෙනුවෙන් පවත්වනු ලබන විවිධ කටයුතු,අවස්ථාවන්ට සහභාගී වෙනවා.

ලෝකේ දෑනට සිද්ධවෙන සිදුවීම්,මූණපාන පාරිසරික ප්‍රශ්ණ එක්ක බලනකොට ගොඩක් දෙනාගෙ අවධානය දෑන් පරිසරික සංරක්ශණය කෙරෙහි යොමුවෙලා.ඒක නිසයි අපිත් පරිසරය වෙනුවෙන් කරන්නට පුලුවන් සුලු දෙයකින් හරි එයට දායක විය යුත්තේ.

 කසළ  ප්‍රතිචක්‍රීකරණය, පරිසරය අපවිත්‍රකරණය අවමකිරීමට ප්ලාස්ටික් වැනි දේවල් වෙනුවට ජවහායනය(biodegradable) වන ද්‍රව‍‍ය්‍ය භාවිතය,ජලය, විදුලිය අරපරිස්සමෙන් පරිහරණය කිරීම අපට කලහැකි දේවල් අතර මූලිකත්වයක් ගන්නා කරුණු.

ඒ අතර තමතමන්ට පුලු පුලුවන් හැටියට ගෙවත්ත ගස්/පැලෑටි වවල අලංකාර කරගන්නව නම් තවත් වටිනාකමක් එකතුවේවි.මෙන්න මේ ලින්ක් එකෙන් ජාතය්‍යන්තර මිහිකත දිනය  ගැන තවත් තොරතුරු දෑන ගන්න පුලුවන්.

Monday, April 11, 2011

අලුත් අවුරුද්දට දුන් ගැහීම

 
අලුත් අවුරුද්දට නෑතුවම බෑරි දෙයක් තමා කෙසෙල් කියන්නෙ.ඕනෙම ගෙදරක, එදාට ඉදුන කෙසෙල් තියනවා.ඉස්සර අපේ වත්තෙත් කෙසෙල් ගස් තිබුනා.පුදුමෙ කියන්නෙ අවුරුද්ද ලංවීගන එනකොට කොහොමහරි කෑනක් වෑටෙන එක.එහෙමමත් අවුරුද්දක තමයි ගෙදර ඉදුන කෑනක් අවුරුද්දට පාවිච්චි වුනේ නෑත්තෙ.අපි පොඩි කාලේ හරිම ආස වෑඩක් තමයි ඔය කෙසෙල් කෑන් දුන් ගෑහීම.

හොදට පෑහිච්ච කෙසෙල් කෑනක් කපල අවුරුද්දට දවස් 2කට 3කට කලින් තමා මේ වෑඩේ කරන්න ගන්නෙ.ඒ වෙලාවට අපිත් ඉතින් අප්පච්චිගෙ පස්සෙන් යනවා, කෙසෙල් කෑනේ ඇවරි වෙන වෙනම කපලා වෙන කරනවා.පුංචිම ඇවරියට මට මතකෙ හෑටියට කියන්නෙ "මල් ඇවරිය" කියලා.ඊට පස්සෙ  සෑහෙන්න වලක් කපනවා.කපලා වේලිච්ච කෙසෙල් කොල අතුරනවා අර වලේ බිමට,කොලවලට උඩින් අර කපල වෙන් කරපු ඇවරි ටික හෙමීට අඩුක් කරනවා,අපි ඒක කරන්න කෑමෑත්තෙන් සෑදී පෑහෑදී ඉන්නෙ,.

ඊට පස්සෙ  වලේ ප්‍රමානයට සෑහෙන්න පොඩි ලෑලිකෑලි ගෙනල්ල කෙසෙල් වල වහනව,ඊට උඩින් ආයමත් වේලිච්ච කෙසෙල් කොල.අන්තිමට පස් දාල වහනවා,ඊට කලින් වලේ පෑත්තකින් සිදුරක් හදල ඒකට පොල් කට්ටක් තියනවා,පොල් කට්ටෙ මෑද ටිකක් ලොකු සිදුරක් හදල, ඒකට පිදුරු හරි වේලිච්ච කෙහෙල් කොල හරිත් ඔබනව,වල ඇතුලට පස් යන එක වලක්වන්න.අන්තිමට වල උඩින් පස් දාලා වහල දානවා.

වලේ දෑම්මට පස්සෙ කෙසෙල් ඉදෙන්න,දවසට තුන් වතාවක් විතර දුම් ගහන්න යන එක තමා මම් ආසම කරපු වෑඩේ.පොල් ලෙලි ගිනිතියල  ඒවල දුම තමා අර වලට යවන්නෙ.අනික දුම් ගහල කෙසෙල් වල දුම් වලින් පිරෙද්දි වලේ සමහර තෑන් වලින් දුම් පිටවෙනවා,ඉක්මනින් දුම් පිටවෙන්න නොදී ඒවා පස් වලින් වහන එක තමා අනික් වෑඩේ.දවසක් විතර ගිහින් ඉදිලද දන්නෙ නෑ.කියලත් බලනව, දුම් ගහන්න යනකොට දුම් පොල් කට්ටෙන් එබිලා.හරියටම දවස් 3ක් විතර යද්දි කෙසෙල් ඉදිලා කන්න පුලුවන් තරමට.

Saturday, April 9, 2011

මුල්ම කෑෆේ ඇත්දෑකීම


මතකෙ හෑටියට එදා කාලෙකට පස්සෙ අක්කා ගෙදර ආව දවසක්,:) හදිස්සියෙ අසයින්මන්ට් එකක් සබ්මිට් කරන්න වෙලා කියල යාලුවෙක් ඒ අස්සෙ කෝල් කරල කිව්වා එයාට.ඒකට ඕන කරන විස්තර හොයාගන්න විදියක් නෑතුව ඉද්දි අක්කම යෝජනා කරා කෑෆේ එකකට වත් ගිහින් විස්තර ටික හොයාගන්න ඕනෙ කියල,මොකෝ ඒ දවස් වල අපේ ගෙදර කොම්පියුටර් එකක් තිබ්බට ඉන්ටනෙට් තිබ්බෙ නෑනේ.:(

මොනවට බොරු කියනවද ඒ වෙද්දි මම් ඉන්ටර්නෙට් කෑෆේ එකකට ගිහින් තිබ්බෙ නෑ.:( .තනියම අක්කට කෑෆේ එකට යන්න එපා කිව්ව නිසා අම්මා මාත් යෑව්ව අක්කත් එක්ක එයාගෙ තනියට.

ඔන්න ඉතින්  අක්කත් එක්ක කෑෆේ එකට ගියා,මෑශින් එකක් අහද්දි එතන හිටපු කෙනා කිව්වා ඔක්කොම මෑශින්ස් වෑඩ ටිකක් වෙලා ඉන්න පුලුවන්ද කියල?.:( මොනවා කරන්නද අපේ වෑඩේ ඊට වඩා වටිනවනෙ.ඒ නිසා එක මෑශින් එකක් හිස් වෙනකන් බලන් හිටිය.ඔය අතරේ එතන හිටපු කෙනා ඇවිල්ල කිව්ව ලෑප්ටොප් එකක් තියනවා කමක් නෑද්ද කියල එයා පාවිච්චි කරකර හිටපු එක දුන්නා.:)

මමත් අක්කගෙ පස්සෙන්ම ගිහින් වාඩිවෙලා බලන් ඉන්නවා.ටිකවෙලාවක් යද්දි මට වෑඩේ එපාවුනා:(.වටපිට බලබලා හිටියා.වෙන කරන්න දේකුත් නෑනේ.එක පෑත්තක පොඩි පිරිමි ලමයි ටිකක් ගේම්ස් ගහනවා.ඔක්කොම හිටියෙ පිරිමි කට්ටිය,අපි දෙන්න ඇරෙන්න.

අනිත් පෑත්තෙ බොක්ස් හයි කරලා. ඒකෙ ඇතුලෙ ඉන්න කෙනාව පේන්නෙ නෑ,බොක්ස් එකේ පොඩි සිදුරකින් බොක්ස් එක ඇතුල පේනවා.ඒ කියන්නෙ මෑශින් එකේ ස්ක්‍රීන් එකේ පොඩි ප්‍රමාණයක්.මමත් ඉතින් ඔලුව කරකව කරකව බලද්දි තමා අමුතු දෙයක් දෑක්කෙ. :-o

අෆොයි... ඉහින් කනින් දාඩිය දාන්න පටන් ගත්තා.මොනවා කරන්නද අක්කට කියන්නෑයි.:( .ඉවසන් හිටියා අහක බලාගන.ඒත් අක්කට මගෙ අමුත්තක් තේරෙන්න ඇති.මොකද වෙලා තියෙන්නෙ...?කියලා ඇහුවා එච්චරයි! :|.අක්කට ඒවා කොහෙ පේන්නද? එයා හෝ ගාලා සර්ච් කරනවා.

අර බොක්ස් එකේ හිටපුකෙනා ටික වෙලාවකට පස්සෙ අපි හිටපු තෑන පහුකරලා නෑගිටලා ගියා.අමතර පංතියකට යන කෙනෙක් වගේ පෙනුනෙ,පොත් කීපයක් අතේ තිබුන නිසා.ඒත් මට මූණ බලාගන්න නම් දයිරියක් තිබ්බෙ නෑ.සෙරෙප්පු දෙකක් දාලා හිටිය කියල නම් මතකයි. එදායින් පස්සෙ කාලයක් යනකන් කෑෆේ එකකට යන්න නම්  මට වාසනාව ලෑබුනෙ නෑ. :))

සත්තුන්ට ආදරේ අය වෙනුවෙන්


මේක මට ආව ඊ මේල් එකක්.මෙයාලට ඔයාලගෙ උදව් අවශ්යයි, පුලුවන්නම් උපරිම දෙනෙක්ට මේ ලිපිය යවන්න කියල තමයි ඒකෙ කියල තිබ්බෙ.මේ කාලේ තියන ග්‍රීස්මෙ කාටත් දෑනෙනවා අපිට වගේම සත්තුන්ටත්.ඉන්න හිටින්න බෑරි තරමට මේ දවස්වල රස්නේ.

මමත් පුරුද්දක් විදියට ගෙදර ඉස්සරහ තියන අඹ ගහේ පොඩි තෑනක් හදලා සත්තුන්ට කෑම දානවා,වතුර එකකුත් තියල තියනවා.ගෙදර හිටියොත් උදේ කන්න කලින් කරන අනිවාර්ය වෑඩක් ඒක.ලේන්නු,දෙමලිච්චො,කොන්ඩ කුරුල්ලො,බට ගොයෝ,නම් දන්න නොදන්න එක එක සත්තු ජාති එනවා බත් කාලා වතුර බීලා යන්න.

සමහර වෙලාවට වදුරොත් ඇවිල්ලා කට පුරවගන අහුරු අහුරු අරන් යනවා.මම් ඒකෙන් අප්‍රමාන සතුටක් ලබනවා.ඔයාලටත් පුලුවන් නම් මෙයාල වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න.