Friday, January 21, 2011

නියපොතු ගෑලවීම - කලදේ පලදීම


මේක සිද්ද වුනේ ගිය අලුත් අවුරුදු කාලෙ.අවුරුද්ද පහුවෙනවත් එක්කම අපේ ගමේ උදවිය දෙන්නෙක් ආවා හදිස්සියෙම ලෙඩෙක් බලන්න ආව කියල අපේ ගෙදරටත් ගොඩවෙලා යන්න හිතාගන.කාලෙකින් ආව නිසා සංග්‍රහ එහෙමත් කරලා කතාවට වෑටුනා,මමත් තින් පෑත්තක ඉදන් හුම්කන් දුන්නා.

ඉස්පිරිතාලෙ නවත්තල තියෙන මනුස්සය, මෝටර්සයිකලයක යනකොට අහක ගියපු අහස්කූරක් ඈවිල්ල මේ මනුස්සයගෙ ඇහේ වෑදිල පුපුරල කියල තමයි කිව්වෙ නම්.ආය ඉතින් අහස්කූරක් ඈහෑක් ලග පිපුරුවම අහන්නත් දෙයක්ද?ඈහෑ ඉවරයිලු. මට හිතුනෙම අම්මේ...කොච්චරවේදනාවක් දෑනෙන්න ඇත්ද කියලා.

ලෙඩා බලලා ආව අය කිව්වෙ ඕකට ඔහොම වෙලා මදි කියලයි.අර කාලෙ කොල්ලොන්ගෙ නියපොතු ගලවපුවගෙ රිටන්එක තමයි ඔය දෑන් ඕකට හම්බවෙලා තියෙන්නෙ කියලා.ඒත් ඒකියපුදේ මට හරියකට තේරුනේ නෑ.

පස්සෙ වෙලාවක අම්මගෙන් අහනකොට තමයි විස්තරේ කිව්වෙ. ඒ 88 - 89 භීශණ කාලෙලු,ඒකාලෙ මේ කියන ලෙඩා රජයේ නිලධාරියෙක්,එක්තරා සංවිධානයක් රජයට විරෑද්ධව කෑරලි කෝලහල කරපු කාලෙ,ඒ සංවිධානෙට සම්බන්ධ කියලා සෑක කරල තරුණ කොල්ලො අරන් ඈවිල්ලා ප්‍රශ්න කිරීම මේ කියන ලෙඩාට නියමිතව තිබ්බලු.

ඒ කාලෙදි තමයි අර කව්ව සිද්ධියත් වෙලා තියෙන්නෙ.ප්‍රශ්න කිරීම වලදි ඉතින් විවිධ අඩන්තේට්ටම් වෙනවත් ඇතිනේ,අහන ඒවට උත්තර දෙන්නෙ නෑතිඋනාම.ආරංචීවෙලා තියෙන්නෙ මේ කියන කෙනා පනපිටින් අර කොල්ලොන්ගෙ නියපොතු ගෑලෙව්ව කියලා.

මමත් හරියටම මේ ගෑන දන්නෙ නෑ.අහපු කතාවක් තමයි ඔන්න කිව්වෙ.ඈත්තටම එහෙම කරානම් ඉතින් කරපුදේ පලදීමක් වෙන්නත් බෑරිනෑ කියල තමයි මටත් හිතුනෙ.

Sunday, January 16, 2011

පිතාමහ



මේ දවස් වල සීතලත් ටිකක් වෑඩි නිසා කට්ටියට නින්දත් යනවා අඩු ඇතිනෙ :ඩි .ඔන්න මම නම් පොතක් කියෙව්වා.පොතක් කිව්වට ගොඩක් ලොකු පොතක් නම් නෙමේ.කේ.ජයතිලකයන්ගෙ "පිතාමහ" නවකතාව.මේක, මට අහම්බෙන්, ගෙදර පොත් අල්මාරිය අදිද්දි හම්බවුනු පොතක්.1966 වසරෙදි තමයි මුලින්ම මුද්‍රණය කරල තියෙන්නෙ.ඒ කාලෙ ජ'පුර යුනි එකේ කලා යෝග‍ය්‍යතා පරීක්ශණයට නියමිතයි කියලත් මේකෙ ගහලා තිබ්බා.

මේ කතාව 20 වෙනි සියවසේ මුල් භාගයෙදි, ලංකාවෙ පිටිසර ගමක ජීවත්වුනු පවුලක තොරතුරු කියවෙන කතාවක්, පියාගේ මරණයෙන් පස්සෙ පවුලේ දෙවනි පුතා, පවුලේ බර කරට ගෙන ක්‍රියාකිරීම නිසා ඔහු මුහුනපාන අත්දෑකීම්, අපහසුතා, වගේම සියලුදෙනාටම උදව් කර අවසානයේ  ඒ සියලුදෙනාම විසින්, ඔහු නොසලකා හරින කෙනෙකු බවට පත් වන ආකාරයත් කතාව අවසානයේදී විස්තර වෙනවා.මේ කතාවේ තියෙන්නෙත් ඔහු හිතනදේ කියවෙන විදියට,ඒ කියන්නෙ කතාව විස්තර කරන්නා ඔහු.ගමේ පන්සලේ හාමුදුරුවන්,ඔහුට එක අවස්ථාවකදි මෙහෙම කියනවා.

"පිතාමහ කියන්නෙ තාත්තගෙ තාත්තට - සීයට.උඹ වගේ නොවෙයි උඹේ තාත්තා.ඇගපතින් පොඩිවුනාට හයි හත්තියෙන් මහ යෝධපුරුෂයෙක්.ඒ වගේම බොහොම හොද ගතිගුණ තිබ්බ නියම සිංහලයෙක්...උඹත් ඒක ආදර්ශයට අරගෙන් හෑදෙන්න ඕනෑ.උඹ යෝධයෙක් වෙන්න ඕනෑ කායික ශක්තියෙන් නෙමෙයි.මානසික ශක්තියෙන්.අන්න ඒක හොදට මතක තියාගනින්."

කියවල බලන්න.ගොඩක් ලස්සන, රසවත් නවකතාවක්.

Monday, January 10, 2011

සෙල්ලම් කන්ඩායම - Play Group


 මම නම්  පුංචි කාලේ මොන්ටිසෝරියකට ගිහින් නෑ.මතකෙ හෑටියට අම්ම එක්ක අවුරුදු 4රේ ඉදන් ඉස්කෝලෙ ගියා.අම්ම ගමේ ඉස්කොලෙ උගන්නද්දි මමත් ඒ පන්තියෙ වාඩිවෙලා ඉදලා තියනවා,හෑබෑයි ඒ මීට අවුරුදු 20ගානකට කලින්.මම ලග තාම තියනවා අම්ම මට කොටුරූල් කොලයක ලියන්න දීලා මම් පිටුව පිරෙන්නම බෝල ඈදල,ලොකුම ලොකු හරියක් දීල,ඉතා හොදයි එකකුත් ගත්ත කොළයක්.

 ඔන්න අපේ නැචුරලුත් අද ඉස් ඉස්සල්ලම ඉස්කෝලෙ යනවා.තවම අවුරුදු 2ක් වත් නෑ හෑබෑයි මෙයාටනම්.මේ පෙබරවාරි 25ට තමයි අවුරුදු 2ක් සම්පූර්ණ වෙන්නෙ.අපේ අම්මා නම් කිව්වෙ  නැචුරල් තව ටිකක් ලොකු වෙනකම් ඉස්කෝලෙ යවන්න ඕනෙ නෑ කියලා.ඒත් ගෙදර ලගම ඉස්කෝලෙ නිසා අක්ක බබාව යවන්න තීරණය කරා.නිකං ගෙදර ඉන්නවට වඩා පෑය 2ක 3ක් එයාගෙ වයසෙ අයත් එක්ක ඉන්න පුලුවන්,ඒක කෝකටත් හොදයි කියලා.

නැචුරල් කතාකරන්නත් පටන් අරන්නෙ දෑන්.ගෙදරට එන පූසිගෙ පෑටව් දෑක්කම එයා, අම්මේ... කිටීට බබාල 2ක් තියනවා...(ඉන්නවා/තියනවා අදුරන්නෙ නෑ එයා තාම) කියල තමයි කියන්නෙ.තව ගොඩක් වචන එයාම හදාගත්ත ඒවා,
පනාව -කෝයා, කූඹි -කොම්බෙලා, අත්තම්මා- අම්මත්තා, සෙරෙප්පු -පාපා, කලිසම් - කාතං, ගවුම - ගාමෙ, ගුටි - ගොටි,කොම්පියුටර් -කොම්බෙට්ටු, බබාගෙ- බබාජි, ගලවන්න - ගල්ලන්න...ඔන්න ඔයවගේ.මම් හිතන්නෙ හෑම බබෙකුටම තමන්ටම අනන්‍ය වෙච්ච වචන ටිකක් තියනවා...අපිටත් තියෙන්න ඈති.


නැචුරල්  ඉස්කෝලෙට යන්න කලින් parents meeting  එකක් එහෙමත් තිබ්බා,ගේන්න ඕනෙ දේවල්,ඈදුම් පෑලදුම්,ගෑන එහෙම කියන්න.සෑහෙන ගානකුත් ගෙවන්න වෙනවා කියල තමයි කිව්වෙ නම්. ළමයිනුත් 40ක් විතර  ඉන්නවලු.Record book එකක් එහෙමත් හම්බවෙලා තිබ්බා.ඔන්න ඒකට දෑන්කවරයක් එහෙම දාලා නැචුරල්ගෙ ෆොටෝ එකක් එහෙමත් අලවලා.

මමත් ටිකක් පෙරරලා බෑලුවා.මොකද පස්සෙ කාලෙක මටත් ඕනෙ වෙයිනෙ කියලා :ඩී. එකේ ගොඩල් දේවල් තිබ්බ මම් හිතුවටත් වඩා.කොටස් කීපයකට බෙදල තිබ්බ පොතේ මෙන්න මේවගේ ඒව අඩංගුවෙලා තිබ්බා.
  • Practical Life - වතුර බෝතලය,බෑග් එක ඈරීම,කොන්ඩේ පීරීම සිට පන්තිය සකස් කිරීම
  • Sensorial Development - රලු - සිනිදු බව, හෑඩ, රස වර්ග, ගද සුවද, විවිද ශබ්ද හදුනාගෑනීම
  • Language Development - ආචාර විදි ,කතා බහ  පුරුදු කිරීම,පින්තූර කුඩා වචන හදුනාගෑනීම
  • Environmetal Studies - පරිසරයේ ඈති දේවල්,(සත්තු,මල්,පළතුරු),පවුල,රට,ලෝකය හදුනාගෑනීම.
  • Social Development -  හුවමාරුකරගෑනීම,ගෞරව කිරීම,අන්තර් පුද්ගල සබදතා
ඔන්න ඔයවගේ තවත් ගොඩක් දේවල් හුරු කරන්න විතරක් නෙමේ ඒවා ඈගයීමකුත් කෙරෙන විදියට වෙන වෙනම පොතේ ඉඩ වෙන්වෙලා තිබ්බා.ළමයා දක්වන ප්‍රතිචාර සටහන් කරන්නත් එකෙ ඉඩක් වෙන්වෙලා. බෑලුවම නරකමත් නෑ වගේ.

මේ ඉන්නෙ නැචුරල් ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලා

පලි - අද තමයි එයාගෙ මුල්ම ඉස්කෝලෙ දවස. මේ දෑන් ටිකකට කලින් තමයි ගෙදර ආවේ.

වෑස්සත් එක්ක බෝට්ටු ඇරීම


දෑන් දවස් කීපයක ඉදන් මෙහෙටත් මදි නොකියන්න වෑස්ස.ඕනෙ දෙයක් ඕනෑවට වඩා ඔනෙනෑ කියනවනෙ.වෑඩි වෑස්ස නිසා ගස්,පස් කදු කඩාගන වෑටිලා ගෙවල් දොරවල් වගේම ,ජීවිතත් හානිවෙලා.මදෑයි මේ සෑරේ මේ වහින තාලෙට කුඹුරුත් පාලුවෙයි කියල අම්මනම් කිව්වෙ.

පුංචි කාලෙ පත්තර කොල වලින් බෝට්ටු හදලා යෑව්වෙ නෑති කෙනෙක් නම් නෑතුව ඇති. ඔන්න ගෙදර ආව වෙලේ අපේ අක්කගෙ බබත් එක්ක එකතුවෙලා මමත් බබාට බෝට්ටු හදන්න කියල දුන්න. එයාට නම් තවම හරියට තේරුමක් නෑ,අවුරුදු 2ක් වත් නෑනේ තාම.වෑස්ස නිසා එලියටවත් යන්න දුන්නෙ නෑ එයාගෙ අම්මා.(තාම පොඩීනෙ ඉතින්)

ඒක නිසා ගේ ඈතුලෙ ඉදන් ජනේලේන් බලාගන ඉන්න සිද්දවුනා එයාට.මට පව් කියලත් හිතුනා.අපිනම් කොච්චර වෑස්සට තෙමිල තියනවද?පීල්ලෙන් නානවා,බෝට්ටු හදනවා,ඈතට යනකම් බලාගන ඉදල බෝට්ටුව ගිලුනම කොච්චර නම් දුක් වෙන්වද? වෑස්ස කාලෙට එකම යුද්ධයයි.



සමහර වෙලාවට බෝට්ටු වල කොඩිත් ගහල යවනවා,චූටි අය්යා "කුරෝ" වගේ කුඹිත් එකෙක් විතර බෝට්ටුවටම පටවලා යවනවා.මතක් වෙද්දි ඒ කාලෙ, ගොඩක් දුකයි.ආයෙත් පොඩිකාලෙට යන්න ඈත්තම්...ඒ කාලෙ කොච්චර සෑහෑල්ලුද? නිදහස්ද?.

ඇස් පියාගන අහල බලන්න

"රීබොන්ඩින්" ආසාවත් හරි

රීබොන්ඩින් කිරීමට පෙර හා පසු කොන්ඩය
ඔන්න මටත් අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බවුනා.යාලුවෙක්ගෙන් උදේම ආව කෝල් එකකින් කියවුනේ එයත් එක්ක hairdressing  salon එකට යන්න එන්න කියලා, ඒ එයා තනියම යන නිසා.කොන්ඩෙ හදාගන්න යන්න ඔනේ කියල තමයි ඇහුවහම කිව්වෙ.මම් ඉතින් ඔය beauty culture ගෑන එච්චර උනන්දුවක් නෑනේ.එත් ඉතින් නිවාඩුපාඩුවෙ ඉන්න එකේ තනියටත් එක්ක හා...එන්නම්... කිව්වා.

මගෙ යාලුවා ටිකක්  ඕවට උනන්දු කෙනෙක්.ඔන්න ඉතින් උදේ 10ට විතර මාවත් එක්කගෙන salon එකට ගියා.හපොයි...ගියපු ගමන් අහපි,මිස්...ඔයගොල්ලො appoinments දාලද ආවේ කියලා.හොද වෙලාවට යාලුවා කලින් වෙලාවක් වෙන් කරගන.මමත් ඉතින් එයාගෙ පස්සෙන්ම ඉදිකට්ටයි නූලයි වගේ ගියා.

මුලින්ම කරේ යාලුවගෙ කොන්ඩෙ මොනවගේද කියලා බලපු එක,ඒකට එතන හිටියා hair dressers  ලා කීපදෙනෙක්ම.මගෙ යාලුවට තිබ්බෙ ටිකක් ඇවිස්සෙන කොන්ඩයක්,අර unmanageble hair කියන්නෙ, අන්න එහෙම එකක්.කලින් තිබ්බෙ layer කරපු කෙටි කොන්ඩයක්,වෑඩටත් යන නිසා පිස්සෙක් වගේ යන්න බෑ කියල තමයි මේක කරන්න ආවෙත්.යාලුවට ඔනේ වුනේ කොන්ඩෙ layer එක ඒ විදියටම තියාගන මේක කරන්න.

ඔන්න ඉතින් වෑඩේ පටන් ගත්තා.කලින් layer එක කරපු කෙනාටත් ටිකක් දෝස්මුරයක් එහෙමත් දෑම්මා,හරියට කරලා නෑ, shape එක හරියට අරන් නෑ කියලා.ඔහොමහරි කොන්ඩෙ ආයෙත් හෝදන්න වුනා,කලින් hair conditioner දාලා ආව නිසා chemicals අල්ලන්නෙ නෑතිවෙනවලු කියලා.

මමත් ඉතින් වෙන වෑඩක් නෑති නිසා ආව එකේ කට අරගෙන වෙන දේවල් බලන් හිටියා.අප්පේ බලන්න එපෑයි කට්ටියගෙ තියන උනන්දුව  beauty culture වලට,වයස් භේදයක් නෑ.facial,hair oil treatment, clenup මෙකී නොකී ගොඩක් දේවල් කරන්න කට්ටිය සූගාල එනවා.

දෑන ගත්ත විදියට යාලුවා කරන්න යන්නෙ රීබොන්ඩින්ද මොකද්ද එකක්.ඒක කරාම කොන්ඩෙ  manageble hair එකක් වෙන්වලුනෙ.හරියට සිංහ කේශර වගේ තියන කොන්ඩෙ ඉත්තෑකූරු වගේ  වෙයි කියල මට හිතුනෙ.බලමුකො දෑන් කරයි නෙ කියල මමත් බලන් හිටියා ඉතින්.

කොන්ඩෙ පිහදාල හොදට පීරල එහෙම පුංචි පුංචි කොන්ඩ තීරු අරන් මොකද්ද  cream එකක් ගෑවා.ගාලා විනාඩි 20ක් විතර ඉන්න වුනා ඒක කොන්ඩෙට අල්ලන්න.ඒක හොදලා ඔන්න අයන් කරන්න ගත්ත කොන්ඩෙ,දෙන්නෙක් ඇවිල්ලා.අම්මෝ දෙන වදයක් කියලා හිතුන මට.අර විදියටම කොන්ඩ තීරු අරන් ඈදලා අයන් කරනවා.මම් හිතුවෙ අදනම් මෙයාට ඔලුවෙ කෑක්කුම හෑදිලා නෑවතුනොත් ඈති කියලා.

ඒකට සෑහෙන වෙලාවක් ගියා,කොහොමත් මම් අහල තියන විදියට  මේක ටිකක් කාලෙ යන වෑඩක්,මුලු කොන්ඩෙම අයන් කරන්න එපෑයි ඉතින්,පෑය4ක් විතර යන්න ඈති මගෙ හිතේ.අයන් කරල ඉවර වෙලා තවත් මොකද්ද cream එකක් ගාලා ආයෙත් විනාඩි 20කින් විතර හොදලා දෑම්මා.

ඔක්කොම් ඉවරවෙලා ඩ්‍රයි කරලා බලද්දි මෙන්න බොලේ කොන්ඩෙ කෙලින් වෙලා සිනිදුත් වෙලා,ඈත්තටම ලස්සනකුත් නෑතුව නෙමේ,අර කිව්වත් වගේ manageble hair එකක් වෙලා,මෙයාට ඔනෙ උනෙත් අවුල් වෙන්නෙනෑති කොන්ඩයක්නෙ.ඔන්න ඒ ආසාවත් හරිගියා.හොදම වෑඩේ කියන්නෙ දවස් 3ක් යනකන් නාන්න එපා කියපු එක.

මෙයා කොච්චර වෑඩේ තිබ්බත් හෑමදාම වගේ නාලා කරල ඉන්න කෙනෙක්,කොහොමින් හරි දවස් 3ක් ඉවසන් ඉදලා 3වෙනි දවසෙ ගිහින් hair treatment එකට,දවස් 3කට පස්සෙ නාලා නිවන් ගියාවගේ...කියලා මටත් කතාකරල කිව්වා.

ඔන්න දෑන් මූනු පොතෙත් අලුත් කොන්ඩෙත් එක්ක profile pic එක දාලා. 


පලි: මටත් ටිකක් ඕනෙ වුනා ඈත්තටම මේකෙ වෙන්නෙ මොකද්ද කියල බලන්න ජාලෙ සෑරිසරන අතර තුර මෙන්න මේවගෙ එකකුත් මම් දෑක්කා.
"Hair rebonding is a process where the chemical bonds in your hair are broken, rearranged and bonded back again permanently using very strong chemicals. It is one of the most damaging things you can do to your hair."

Friday, January 7, 2011

පියාණනී...මම් ඔබෙ ආදර දෝණි...!

මේ මට හම්බුනේ අපේ මම හිතන හැටි බ්ලොග් එක ලියන ළමය මල්ලි පෝස්ට් එකකට අප්පච්චිලා ගෑන ලියල තියන සින්දු මොනවද?, කියල මගෙන් ඈහුව වෙලේ, ඒ ගෑන හොයන්න ගිහින්.මේ සින්දුව අහද්දි මගෙ හිත දුවගන ගියා අවුරුදු 8ක් විතර පස්සට.මටත් මගෙ අප්පච්චි මතක් වුනා.මේ සින්දුව හෙද්දි මට දෑනෙන හෑගීම ඈත්තටම කියල නිම කරන්න බෑ.මම් මේ සින්දුවෙ ගොඩක්ම ආස "අත් අල්ලාගන ඈවිදින්නට සංසාරේ...බලා ඉන්නවා තව දවසක් එනතුරා...පියාණනි...මම් ඔබෙ ආදර දෝණි..." කියන කොටසට.මමත් තවම බලන් ඉන්නවා අප්පච්චි එනකන්.මේ සින්දුව ඇහෙන කොට ඒ මතකයන් අවදි වෙලා මොහොතකට  ආයෙමත් ඒ කාලෙට යන්න පුලුවන්නම් කියලා හිතෙනව...අහලා බලන්න ඔයාලත්,
පිනි වෑටී මල් පිපෙනා මහ පොළොවේ
අත් අල්ලාගන ඈවිදින්නට සංසාරේ
බලා ඉන්නවා තව දවසක් එනතුරා
පියාණනි...මම් ඔබෙ ආදර දෝණි...
සීතල පින්නක සද එලියෙන් නාවා
මල් පෙති රෑදිලා මල් කුමරිය වීලා
සදලග තරුවක් වි දිලිහෙන්නම් මා
ඔබ තුරුලේ තරු එලියක් වීලා
සුවද හමයි සුදුමල් පිපිලා
කදුලු සලා පොළවේ තනිවීලා...
සිහිනෙන් පියඹා ඈවිදින් මාලග සිටියා
දිවිය පුරා දහසක් දුක් විදලා
හිරිපොද වෑස්සේ ඔබ කිව්කතා
හද පතුලේ රෑව්දී ඈසෙනවා
ඔබ සිහිනය වෙත මා ලංවීලා
සිත සනසාගන ලග රෑදුනා ...
පිනි වෑටී මල් පිපෙනා මහ පොළොවේ
අත් අල්ලාගන ඈවිදින්නට සංසාරේ
බලා ඉන්නවා තව දවසක් එනතුරා
පියාණනි...මම් ඔබෙ ආදර දෝණි...

Wednesday, January 5, 2011

හදමනස ඈසුරුකොට උපන් ස්වයංජාත

කාලෙකට පස්සෙ පොතක් කියෙව්වා.ඉස්සර වගේ නෙමේ දෑන් පොත් කියවන්න ගොඩක් කම්මෑලි වෙලා.මට මතකයි ඉස්සර පොතක් හම්බවුනාම පිස්සුවෙන් වගේ කන්නෙ බොන්නෙ නෑතුව,රෑදවල් නෑතුව ඉවර වෙනකම්ම පොත කියවනවා.කියවන්න පොත් නෑතිවුනාම එකම පොත කීපවාරයක් කියවපු අවස්ථාත් තියනවා.විභූති භුශණ ලිව්ව චින්තා ලක්ශ්මී සිංහාරච්චි සිංහලට පරිවර්තනය කරපු "මාවතේ ගීතය" එහෙම කියවපු එක පොතක්.
 
මේ කියන්න යන පොතත් මට කියවන්න ආස හිතුනේ මේ දවස්වල රූපවාහිනී නාලිකවක යන ටෙලිනාට‍‍ය්‍යක් නිසා.ඒ ටෙලිනාට‍‍ය්‍ය හදල තිබ්බෙ 2008 වසරේ ස‍්වර්ණ පුස්තක සම්මානයෙන් පුද ලෑබුනු සමරවීර විජයසිංහයන් ගේ "ස්වයංජත" නවකතාව ඈසුරෙන්.මේ නවකතාවට පසුබිම් දකුණු මුහුදුබඩ ආශ්‍රිත ගමක,19වෙනි සියවස අග භාගයෙ ඉදලා 20වෙනි සියවස මුල් භාගය දක්වා දිවෙන කතාවක්.


උදේනිස් හා පබ්ලිනාහාමි විවාහක යුවල දරුවන් බලාපොරොත්තුවෙන් කාලයක සිට පසුවුනත් ඒ අපේක්ශාව ඉශ්ට නොවෙන තෑන අතිශය විරූප පෙනුමක් තිබෙන යක්කුටිගල හිමියන්ගෙ ශාන්තිකර්ම පිහිට පතනවා.මෙයින් පහු පබ්ලිනාහාමි ගෑබ් ගන්නා අතර බිහිවන දරුවා විරූපී යක්කුටිගල හිමියන්ට හෑඩරුවින් බොහෝ සමානකම් දක්වනවා.මේ නිසා ගම්මුන්ගේ කටකතා උහුලාගත නොහෑකිවන පබ්ලිනාහාමි සියදිවි නසාගන්නවා.විභූතිරත්න වන මේ දරුවාගේ ජීවිතය ගෙවෙන ආකාරයත් මුහුන දෙන හෑලහෑප්පීම් මේ කතාවෙන් විස්තර වෙනවා. ඒ නව කතාවේ පසුපිටේ මෙහෙම සදහන්,


"මේ පවුලට කොහෙන්දෝ පාත් වු විභූතිරත්න ඈත්තෙන්ම කවරෙක්ද? ඔහු සිය පියපසින් ලෑබූ ගතිපෑවතුම් හෝ ලක්ශණ කිසිවකුත් නෑත්තෙකි.රෑපය හෑර අන් සියල්ලම ඔහු ලබා ඈත්තේ මව්පසිනි.ඈවතුම් පෑවතුම් විසින් ඔහු තුල පුරාම සිටින්නෙ පබ්ලිනාහාමි නොවේද?එසේනම් මේ අභූත රූපය ඔහුට ලෑබුනේ යක්කුටිගල හිමියන්ගෙන්ද? නෑතහොත් එබරන් අප්පු කියන්නාක් මෙන් පබ්ලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සෑගවීසිටි ඈගේ මීමුත්තෙකුගෙන්ද?එසේත් නෑත්තම් ඔහු පබ්ලිනාහාමිගේ හදමනස ඈසුරුකොට උපන් ස්වයංජාත පුත්‍රයෙක්ද?"

 මේකට පිලිතුර දෑනගන්නනම් මේ නව කතාව කියවන්නම වෙනවා.ඔයාලත් කියවල බලන්නකො,ගොඩක් රසවත් නවකතාවක්.