Friday, December 30, 2011

ගොඩක් කනවද?

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcR59AerKxt3zwqLUt3kZz6PCHHPDZeuurIXLh3-CK1akbFDUGpb7Qrg52k5lg
වසරක අවසානය කියන්නෙ ගොඩක් දෙනා කෑම බීම වැඩි වැඩියෙන් පාවිච්චි කරන කාලසීමාවක්.ඒ කියන්නෙ ඉතින් අවුරුද්දෙ වෙන කාල සීමාවල් වලට වඩා උත්සව වලට කට්ටිය සහභාගි වෙනව වැඩීනේ .ඔය නිසාම කන බොන දේවලුත් වෙනදට වඩා වැඩී.ඒවගේම ගෙවල් වලදිත් අනං මනං අමතර කෑම බීම හැදෙනව කැවෙනව පෙවෙනව.

ඒ නිසාම ඔන්න අද කියන්න යන්නෙ පොඩ්ඩක් ඇග වැඩි අය ඉන්නව නම් අඩුකරගන්න පුලුවන් ක්‍රමයක්. මේක ආහාර පාලනයක්.මේ කෑම වට්ටෝරුව වැදගත් වෙන්නෙ මහත අඩුකරන්න කෙනෙක් හිතන් ඉන්නව නම් අන්න ඒ අයට.මුලින්ම කියන්නම්කො කෑමට ගන්නෙ නැතුව ඉන්න ඕනේ ඒවා මොනවද කියල.

කෑමට ගන්න ආහාර වලට ලුනු දාන්නෙ නැතුව තමා කන්න වෙන්නෙ :) ඒවගේම තේ,පළතුරු බීම වගේ දේවල් වලට සීනි දාලා බොන්නත් එපා.ටික දවසකට සීනි නොදා බොන්නකො.

පාන් පිටි වලින් හැදුව කෑම,බත් එහෙමත් කන්න බෑ ඔන්න.මමත් ශෝට් ඊට් කන එක එහෙම සම්පූර්ණෙන් නැවැත්තුවා.මේ වට්ටෝරුව අනුගමනය කරන්න ඕනේ සති 2කට විතරයි.මෙහෙම කෑව කියල මැරෙන්නෙ නෑ, බය වෙන්න එපා :)).

ඔන්න එහෙනම් කියන්නම් මොනාද කන්න ඕනේ කියල.

උදේ ආහාරයට කන්න වෙන්නෙ බිත්තර (කහමදය නැතුව), තම්බාගත් කැරට්, බෝංචි වගේ දේවල්.මම නම් ගොඩක් කැරට් තමයි කෑවේ.මොකද ලුනු දාන්නෙ නැති නිසා කැරට් අපහසුවක් නැතුව කන්න පුලුවන් අනිත් එළවළු වලට වඩා.

දවල් ආහාරෙටත් කන්න ඕනේ මාළු පෙත්තක්, කැරට්, බෝංචි, පිපිඤ්ඤා වගේ දේවල්.ගොඩක්ම කන කෙනෙක් නම් ටිකක් වැඩියෙන් එළවළු තම්බලා කන්න.මමත් එහෙම තමා කෑවේ,බඩගින්නෙ ඉන්න ඕනේ නෑනේ:).

රාත්‍රී අහාරයට කුකුල්මස්, බෝංචි, වට්ටක්කා, බණ්ඩක්කා වගේ එළවළු කන්න උත්සහ කරන්න.අතුරු පසට අලිගැටපේර,බෙලි වගේ දේවල් කන්න.ඒත් හැබැයි සීනි නැතුව හොදේ.

හොදට කාලා බීල හිටපු අයට එක පාරටම මෙහෙම කන්න කිව්වම ටිකක් හිතට දුකයි දුකයි වගේ දැනෙනව තමා:(.ඒත් ටිකක් උත්සහ කරල බලන්න.ගොඩක් සැහැල්ලුවක් දැනෙයි.බරත් අඩුවෙයි.මුලදි මුලදි ගොඩක් එළවළු කන්න හිතෙයි.ඇයි ඉතින් අර කලින් කාපු ප්‍රමාණයටම කන්න එපැයි.

ටිකක් අමාරුවකට තියෙන්නෙ අනිත් අය එක එක කෑම ජාති කනව දකිද්දි ඒවා කන්න හිතෙන එක:(.සමහරු ඩයට් කරනව දැන දැනද මන්දා එක එක කෑම ජාති පේන්න තියනව හදනව කනව බොනව.මම නම් ඉතින් වෙනම තැනකට ගිහින් කනව.එතකොට එයාල කන දේවල් පේන්නෙ නෑනේ :))සමහර කෑමවල සුවද බලලා නිකන් ඉන්නව නොකා:).හිත පාලනය කරගන්න පුලුවන් නම් මේක කරන්න පුලුවන්.ඒවගේම උවමනාවත් තියෙන්නෙ ඔනේ බර අඩු කරගන්න ඕනේමයි කියල.

ප.ලි:- මේක මං දොස්තර කෙනෙක්ගෙ උපදෙස් අනුව කරපු දෙයක්.ඔන්න කිව්ව කැමති කෙනෙක් ඉන්නව නම් අත්හදා බලන්න.මගෙ නම් බර අඩුවෙලා.:))



23 comments:

  1. හා මමත් ට්‍රයි කරන්න ඕන

    ReplyDelete
  2. ස්තූතියි සටහනට නදී...දිල් ටිකක් උස කෙනෙක් නිසා උසේ හැටියට බර තියෙනවා...මහතත් නැති කෙට්ටුත් නැති ශරීරයක් තියෙනවා උනාට...මේ දවස්වල වෛද්‍යය උපදෙස් එක්ක ඇවිදින්න වෙලා....දවසකට පැයක්..හැමදාම...මොකද දිල්ගෙ අනතුර නිසාම කකුලේ ඇතිඋන ආබාධය ආයේමත් ටිකක් මතුවෙලා....ඒ අතරම බර ටිකක් විතර අඩු කර ගන්න හදන්නෙ...කකුලේ ආබාධය නිසාම.....

    සීනී පාවිච්චියෙන් දිල් ඈත් උනේ අවුරුදු ගානකට කලියෙන්...ඒක නිසා ඒකේ ගැටළුවක් නෑ...හැබැයි එළවළු තම්බලා කන එක නම් අරහන්...ඒත් ඉතින් මක් කරන්නද...කන්න ඕනෙ මේ විදියට....

    එතකොට නදී බත් කන්නෙම නැද්ද ?

    ReplyDelete
  3. මරු මරු.. මමනම් වැඩියේ මහතා නැහැ. එත ඉදිරියේදී මහත් වුනොත් මේ ක්‍රමය අනුගමනය කරන්නම්..

    ReplyDelete
  4. හොද උපදෙස් මාලවක්.ඒත් කිවා වගෙ අනිත් එවුන් කන දිහා බලන් ඉන්න අමාරුයි.අනික ටික කාලයක් ඩයට් කරාම අයේ හොදට කෙලින්න හිතෙනවා

    ReplyDelete
  5. මටත් දැන් මේම කරන්නයි වෙලා තීන්නෙ.හොටෙල් කෝස් එක කලාට පස්සෙ බලන් ඉදිද්දි මහත් වෙනව.මේකවත් කරලා බලන්න ඕනි

    ReplyDelete
  6. අපේ ඔපිස් වල දිගටම පාටි මේ දවස්වල..සමහර මිස්ල කියනව මේ දවස් ටිකට කොලස්ටරෝල් ගොඩක් හැදෙන්න ඇතිලු..

    ReplyDelete
  7. ඔන්න අපිත් සටහන් කරගත්තා . ස්තූතියි නදී ..

    ReplyDelete
  8. බොහෝම ස්තුතියි උපදෙස් ටිකට...
    මමත් සාමාන්‍යයෙන් තේ කහට බොන්නේ, සීනි දාන්නේ නැහැ
    එකේ අමුතු ආතල් එකක් තියෙනවා
    හැබැයි මෙහෙ වැඩ කරන විදිහට බත් නොකා බැහැ
    ඒ වගේම මම ලංකාවෙන් ආවට පස්සේ ලංකාවේ හිටපු මුළු ජිවිත කාලෙටම වඩා ප්‍රමාණයක් මෙහෙදී මස් කාල තියෙනවා
    සාමාන්‍යයෙන් සතියකට කුකුල් මස් කිලෝ 1 කට වැඩි ප්‍රමාණයක් තනියම කැවෙනවා, සමහර සති වලට 2ක් වගේ...
    හිතා ගන්න පුලුවන්ද අපේ කෑම කොහොමද කියලා

    ඒත් මගේ බර කිලෝ 2 ක් අඩු වෙලා මිසක් වැඩි වෙලා නැහැ
    මෙහෙදී බර වැඩ කරන නිසා වෙන්න ඇති.... :)
    ඒත් මම දැන් ටිකක් අඩුවෙන් කෑම කන්න ට්‍රයි එකක් දෙනවා මේ දවස්වල
    ඒ වගේම මස් අතහැරලා මාළු වැඩිපුර කන්නත් ට්‍රයි එකක් දෙනවා
    මොකද ලංකාවට එන්න කලින් බඩ පොඩ්ඩක් අඩු කර ගන්න ඕනේ කියල හිතිලා තියෙන නිසා

    සුබ නව වසරක් වේවා...!!

    ReplyDelete
  9. ඔහොම කන්න ගියොත් ගියාම විකිනෙයිනෙ...:o

    ReplyDelete
  10. I told u this b4. didn't I? these days I'm writing a post about a food recipe. I think this is da time 2 pub dat

    ReplyDelete
  11. මමත් සීනි දාලා තේ බොන්න කැමති නෑ. ලුණු රසට තමා කැමති. දැන් බලන් යද්දී ඒකත් හොඳ නෑ වගේනේ... :(

    ReplyDelete
  12. මමනම් අහුවෙන ඕනම දෙයක් කාලා දානවා...

    ReplyDelete
  13. ඒත් කට පාලනේ කරගෙන ඉන්න බෑනේ. සල්ලි තියෙනවද දකින ඕන දෙයක් කාලා දානවා. මට ඉතින් ටින්ටස් ඇණ උනත් දිරවනවා. ඒ නිසා කෑමෙන් පිලිවෙලක් නෑ. මාත් අක්කගේ ක්‍රමේ අනුගමනය කරගෙන බලන්නම්.

    අක්කෑ බර කීයකින් අඩු උනාද ?

    ReplyDelete
  14. ඔයා ඔය විදිහට කාලා කෙට්ටුවෙලා අපිට පෙන්නන්න .. පොටෝ එකක්...
    ඊට පස්සෙ අපි ඒක පිළිපදිනවා .. ෂුවර්.
    [ඒ වුනාට ඔයා කියන මේ කෑම අඩුකරන ක්‍රමය හොඳට කනවට වඩා වියදම් යන ක්‍රමයක්නෙ]

    ReplyDelete
  15. නදී කොච්චර අඩුවෙලාද දැන්.. මට නම් පේන්නේ ග්‍රෑම් 250 ක් විතර ???

    ReplyDelete
  16. ඔන්න ඔය උදේ පාන්දරට හැතැප්මක් දෙකක් දිවුවා නම් ඕනෙම දෙයක් කාල ඇඟ අඩුකරං සතුටෙන් සොම්නසෙන් ඉන්ඩ බැරියැ

    ReplyDelete
  17. නදී මගේ බුකියේ යාළු ගොන්නේ නැහැ නේද..? නෑ මේ නිකමට අහන්නේ.. එහෙම නැතිව කෑම වල පොටෝ ටැග් කරලා දුක දෙවන්න එහෙම නෙවෙයි..:D:D:D

    ReplyDelete
  18. ඉස්සර වෙලාම බරත් අඩු වෙලා හිතත් සතුටින් පි‍රී ඉතිරෙන්න කියලා 2012 නව වසරට සුභනව වසරක් වේවා යැයි සුභ පතනවා නදීට ..

    මට නම් මේ දවස් වල එළවළු කන නිසා ඔය වට්ටෝරුව ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයි වගේ..හැබෑටම සති දෙකකට කොච්චර විතර බර අඩුවෙනවද?

    ( පුස්ථකාලෙ අර පොත බැළුවා.තිබුන් නෑ. අවුට්.)

    ReplyDelete
  19. අළුත් අවුරුදු සුභපැතුම...

    නොකා නොබී ඉඳල හරියන්නෑ ළමය ඕකට. හොඳට ඔය සද්දන්ත සරීරෙ මහන්සි කරල වැඩ කරන්න ඕනෙ...

    ReplyDelete
  20. ශානු-දවසක් මෙහෙම කාල බලන්නකො කොච්චර සනීපයක් දැනෙනවද කියල:)

    දිල්-අහ් මම්ත් සීනි පාවිච්චිය නම් අඩුයි.කොහොමත් සීනි පැණිරසට මම් ආස නෑ.ඔව් බත් නොකාම හිටියා.ඉන්න අමාරුයි තමා එහෙම.:(

    වර්ණා-කෙට්ටු අයට නම් මේක කරන්න ඔනේ නෑ,තවත් කෙට්ටු වෙයි.

    ර්‍උක-ඒකනේ කට පරිස්සම් කරගන්න එක තමා අමාරුම.කෑමෙන්.

    ආඩම්බරකාරී -අහ් ඔව් මමත් එක එක කෑම ජාති අත්හදාබලන එක නැවැත්තුව.ඇයි හැදුවම කනවනේ ඉතින්:)

    amila චතුරන්ග-ඔව් ඉතින් තෙල්,පිටිමනේ ගොඩක් කන්නෙ.

    ඝිම්හනි-හ්ම් හොදා එහෙනම්.

    ලොකු පුතා-මමත් එච්චරම සීනි වලට ආස නෑ.අම්මෝ ඇයි එච්චර මස් කන්නෙ?අහ් වැඩ කරනව වෙහෙසෙනව නම් ඉතින් කමක් නෑ නේද?ඒත් ගොඩක්ම කන්නත් එපා.:)

    නිසුපා-ඔව් ටිකක් වියදම නම් වැඩී තමා.

    සීතල අයියා-හ්ම් පෝස්ට් එක දාන්නකො බලන්න අපිටත්.

    ෂනි-මමත් සීනි වලට වඩා ලුනුරහට කැමති.:)

    ReplyDelete
  21. ඪිනෙශ්-මමත් ඉස්සර එහෙම තමයි.දැන් නම් ටිකක් පරිස්සම්.

    මධුරංග-අහ් ඔව් ඉතින් කනන් පුරුදු උනාම නොකා බෑනේ.2කි.ග්‍රැ.විතර අඩුයි.:)

    කුමරය-වියදම් යන ක්‍රම්යක් නම් තම ඉතින්.:),මගෙත් බරනම් අඩුවෙලා.

    පැණි දොඩම්-අඩුවෙලා 2ක්ග්.

    හිස් අහස -කොහෙ දුවන්නද තනියම බල්ලො පස්සෙන් එයිනේ?:)

    මාරයාගේ හෝරාව-මොකෑ නැත්තෙ මම් ඉන්නව බුකියේ.අහ් මමත් ඒ කෑම බලල කෙල ගිලිනව:)

    නාකියා-සුබ නව වසරක් ඔයාටත්!!!!මගෙනම් ටිකක් අඩුවෙලා දැන් 2ක්ග් වගේ.අහ් අන්න මම් ගිහින් තිබ්බ දැන් ඔයා ඒක ගන්න.:)

    ටී.බී-සුබ නව වසරක් ඔයාටත් !!!!!ඔව් ඒක ඇත්ත කන තරමට ඇග මහන්සි කරානම් ඛරි ඉතින් එහෙම වෙන්නෙ නැති නිසාකෑම අඩු කරනන් කියල හිතුවා.

    ReplyDelete
  22. "අඩහ කෑම දහස් වටී
    නිදිවැරුවා දහස් වටී
    ඇවිද්ද පය දහස් වටී
    ඉවසු බලේ දහස් වටී"

    දන්නව නෙ ඔය කවියෙ කතාව... ;)

    ReplyDelete
  23. ටීබී-හ්ම් ඔව්.:)

    ReplyDelete