Friday, July 5, 2013

පැරඩයිම් ශිෆ්ට්


මීට මාස කීපයකට කලින් අපිට රාජ්‍ය නොවන සංවිධානයකින් තෙදින නේවාසික වැඩමුළුවක් තිබ්බා.ඒකේ දේශණ වලට ආව අය වගේම කෑම බීම ඉදුම් හිටුමුත් ආය කියල වැඩක් නෑ...සුපිරි!යෙන්ම තිබුනා.

ඒකට සහභාගී උනේ ඔෆිස් එකේ අපිත් එක්ක එකට ඉන්න අය 40 දෙනෙක්.වැඩමුළුව අවසාන දිනයේ දවල් වරුවේ අපිටවෙනස් විදියේ පොඩි පොඩි එක්සසයිස් දුන්න.

කට්ටියටම ඉදගන හිටපු පුටු පාවිච්චි කරල ලොකු ස..කල් එකක් වගේ හැදෙන්න කියල හාෆ්ශීට් කොළය බැගින් බෙදාගන බෙදාගන ගියා.ඊට පස්සෙ කරන්න තිබ්බෙ තමන්ට ලැබුන කොලේ නම ලියල ලග ඉන්න කෙනාට පාස් කරන එක.

අනිත් අය අපි ගැන එයාලට හිතෙන විදිය,අපේ හොද නරක,වෙනස් වෙන්න ඕන දේවල් ,ලිය ලිය රවුමටම පාස් කරනව.අවසානේ තමන් ලගට එනව.සමහරු නම් එහෙමත් ලියල තිබුනා,සමහරු ඇනෝ විදියට. 

ගොඩක් අය කියන විදියට ඇනෝ විදියට ලිව්වම නිදහස තියනවලු.තමන්ට කියන්න ඕන දේ කියාගන්න බැරුව ඉන්නව නම් මේක හොද චාන්ස් එකක්ලු!එහෙම කියල අනවශ්‍ය දේවල් එහෙම නම් ලියල තිබ්බෙ නෑ.

ලියන්න හිත තිබුනත් මේවගේ අවස්තාවක ඒකට නිදහස නෑනෙ ඉතින්...අනික ඒ ස..කල් එකේ අපේ ඔෆිස් එකේ ප්‍රධානියත් හිටිය කියන්නකෝ.ඉතින් එයාටත් හොද නරක ලියන්න උනා අපිට.සමහරු නම් එයාටත් "හොද" දේවල් ලියලා තිබ්බා...

මේකෙන් මූණ රතුකර ගත්ත අයත් හිටියා.හැබැයි ගොඩක් දෙනාට තමතමන්ගේ අඩුපාඩු, අනිත් අය තමන් ගැන හිතන පතන විදිය... ගැනත් දැනගන්න පුලුවන් උනා.