Tuesday, December 13, 2011

පාර්ට් ටයිම්


එයා සමීර, දැන් අවුරුදු 21ක් විතර වෙන පොඩි කොලු ගැටයෙක්.අපේ ගෙදර ඉස්සරවෙලාම ආවෙ මගෙ යාලුවෙක් වුන මල්ලි කෙනෙක් එක්ක.ඒ සමීර ඒලෙවල් වලට මෙහෙ සෙන්ට්‍රල් එකට ආව අලුත ,බෝඩිමක් හොයන්න යන ගමන්.මොකද එයාලගෙ ගෙදර තිබ්බෙ පදවිය පැත්තෙ.

ඒ ලමය ඇවිත් තිබ්බෙ අපේ ගෙදර ඉන්න පුලුවන්ද බලන්න,මොකද ඉස්කෝලෙටත් ටියුශන් ක්ලාස් වලටත් ලග නිසා.කොහොම හරි මගෙ යාලුවගෙ කීමට ඒ ලමයව අපි අපේ ගෙදර නවත්ත ගත්තා.එයාට පිටින් හදල  තියන කාමරය දුන්න.අවුරුදු 2ම ඉවර වෙනකම් එයා අපේ ගෙදර හිටියා,ගෙදර අයටත් කිසි කරදරයක් නෑ තමන්ගෙ පාඩුවේ ගෙදරම කෙනෙක් වගේ අන්තිම කාලෙ වෙද්දි හිටියේ.

සමීර ගොඩක් අපහසුකම් මැද්දෙ තමයි ඉගන ගත්තේ.මුදල් හදල් ගොඩක් අඩුපාඩුකම් තිබුනා.අම්මයි තාත්තයි කරේ ගොවිතැන්,තව අක්කලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයිත් හිටියා.අපිත් පුලුපුලුවන් හැටියට එයාට උදව් කරා,කෑම ගත්තෙ පිටින් උනාට ගොඩක් වෙලාවට අපි කනදේවල් වලින් එයාටත් දෙන්න පුරුදුවෙලා හිටියා.

කොහොම හරි මුල්මවතාවට එයාට කැම්පස් යන්න පුලුවන් උනා.අපිටත් ගොඩක් සන්තෝස හිතුනා.දැන් එයා කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරනව.ඉදලා හිටලා අපේ ගෙදරත් ඇවිත් යන්න එනව.දවසක් අම්මට කෝල් එකක් ඒ අර සමීර මල්ලි.ආගිය විස්තර කතා කරන බවක් තමා පෙනුනේ.

අම්ම කතාබහ කරලා සංවාදය නිමාකරේ සෑඩ් මූඩ් එකකින් බව පෙනුනා .අපි අහන්නත් කලින් අම්ම එකට හේතුව කියන්න ගත්තා.

සමීර...

ආ...

දැන් 2 සෙමෙස්ටර් එකේ ස්ටඩි ලීව් ලු.හොස්ටල් ඉන්නෙ කිව්වෙ.

එහෙමද?

ලොකු අක්කත් බැදලා,දැන් බබෙක් හම්බ වෙන්නලු.දෙවනි අක්කා අවසාන අවුරුද්දෙලු.

ආ... අර ඒ කාලෙ මෙහෙත් ආවෙ,ඒ දෙවනි අක්ක නේද?

ආ...න්න ඒ ලමය තමා.

ඉතින්.?

වියදමත් වැඩීලු.මහපොලෙන් ඉතින් කීයද හම්බ වෙන්නෙ ඕක ඇතැයි.මේ ලමය ලෙක්චර්ස් ඉවරවෙලා හවසට යනව කියන්නෙ බදාම දෙන්න..

බදාම දෙන්න???......නෑ...කොහෙද?

අදුරන කෙනෙක්ලු සෙට් කරල දුන්නෙ.සතියට කීපදවසක් යනවලු රෑට.කොහෙද මන්ද මොකද්ද වැඩපලක් කිව්ව.හොද ගානකුත් හම්බ වෙනවලු.

කියවිල්ල එතනින් ඉවර උනේ නෑ අපිටත් හොද උපදෙස් ටිකක් ලැබිලයි ඒක නතර උනේ.ආන්න දැක්කනේ ඒ ලමය කොච්චර මහන්සි වෙනවද ඉගන ගන්න.මෙයාලට අගේ නෑ.දැන් ඕනේ කියන්නෙ මොනාද දැන් ගෙනල්ල දෙනව.එක අතකින් අපහසුකම් දැනෙන්න අරින්න ඔනේ... දුක දැනෙන්න අරින්න ඕනේ... අම්ම ඔහොම දිගට දිගට කියවගන කියවගන ගියා.

අය්යට ගොඩක් දුක හිතිලා තිබ්බ.එයා ටීශර්ට්,කලිසම් ගොඩක් එකතු කරල සමීරට දෙන්න කියල අපිට දුන්න.ලගදි දවසක මං එයාට කෝල් එකක් දුන්න පුලුවන් වෙලාවක ගෙදර ඇවිත් යන්න එන්න කියල.

ස්ටඩි ලීව් එකේ ඉන්නෙ අක්කා....හෙට එන ගමන් එන්නම්!... 

කියල එයා කිව්ව.පස්සෙන්දා දවල් මල්ලකුත් කරගහගෙන අපේ ගෙදර ආවා.

ස්ටඩි ලීව් කිව්ව නේද මේ කොහෙද මල්ලකුත් අරන් යන්නෙ?

ඔව් අක්කා, ස්ටඩි ලීව් එකේ තමා ඉන්නෙ.මේ දවස් වල කුඹුරු වැඩ.මම් ගියා ටිකක් උදව් වෙලා එන්ඩ කියලා මේ දවස් වල කුඹුරුවැඩ, හානව.

11 comments:

  1. ඔහොම හරි උනන්දුවෙන් ඉගෙන ගන්න අයට කවදාවත් වරදින්නේ නෑ. අද ඒ කෙනා හොද තැනක ඇති.

    ReplyDelete
  2. "අැල්මෙන් අකුරු උගනිව් ඉතිරි වැඩතකා" තමා!

    ReplyDelete
  3. මාතර කැම්පස් බුවෙක් මේ ලගදි අත් වැඩ දෙන්න ගිහිල්ලා ලිෆ්ට් එකකින් වැටිලා මැරිලා කියලා පත්තරේ දැක්කා.මේවට කව්ද ඉතින් වග කියන්න ඔනේ...

    ReplyDelete
  4. ඒ වගේ අයට ජීවිතේ කවදාවත් වරදින්නේ නෑ අක්කේ...

    ReplyDelete
  5. අපි නොදන්නවා වුනාට ඔහොම අය කොච්චර ඇද්ද.ඒ වගේ අයට වරදින්නෙ නෑ.මොකද ඒ ගොල්ලො දුක කියන එක දන්නවා.ඒකෙන් ගොඩ එන්න ඕනෙ කියලත් දන්නවා.ඉතිං කොහොමහරි දහිරිය ගන්නෙ දිනන්නයි.

    ReplyDelete
  6. මධුරංග -ඔව් කට්ට කාපු තරමට තමා හොදින් ඉන්න පුලුවන් පස්සෙ කාලෙක හරි.අනිව හොද තැනකට යයි.

    තනි අලියා-අන්න ගැලපෙනම කියමන.

    ඔබ නොදු‍ටු ලොවක්..... -ආ මමත් ඒක දැක්කා පත්තරේ දාල තිබ්බේ.

    ඪිනෙශ්-හ්ම්.ඒක හරි.

    නිසුපා-ඔව් ,කොච්චර මහන්සියෙන් ද ඉගන ගන්නෙ.

    ReplyDelete
  7. අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
    වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක්‌ තකා
    කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුනෙන් මකා
    ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා!

    ReplyDelete
  8. හිතට සතුටක් දැනුණා!

    ReplyDelete
  9. සෝරෝ -හ්ම්ම්.

    ටී.බී. -හ්ම් දුක් වින්ද තරමට සැප ලැබෙයි.

    කතන්දර ඛතන්ඩර-ඒ මොකද?

    ReplyDelete
  10. දුක හිෙතනවා පව් man

    ReplyDelete