Thursday, December 1, 2011

හොස්ටල් පාර්ටි


කැම්පස් එකේදි අපි මුලින්ම හිටපු හොස්ටල් එක තිබ්බෙ කැම්පස් එකට ටිකක් දුර තැනක,ඒක කලින් පොඩි හොටෙල් එකක් වගේ තිබ්බ තැනක්.පස්සෙ කැම්පස් හොස්ටල් එකකට අරන් තිබ්බ.ඔක්කොම ගෑණු ළමයි 34ක් හිටියා.ඊට අමතරව වෝර්ඩන්, සබ්වෝඩර්න් එක්ක තව ආන්ටි කෙනෙක් හිටියා අපේ උදව්වට.ආ LSO කෙනෙකුත් හිටියා.

මාස 6කට (මුල්ම සෙමෙස්තරයෙන්) පස්සෙ අපේ හොස්ටල් වල ළමයි  මාරු කරනව කියල නෝටිස් එකක් තිබ්බා.ඒක නිසා අන්තිම දවසේ, අපිලග තිබ්බ ලට්ට ලොට්ට ඔක්කොම බැදගන අලුත් හොස්ටල් වලට දාල තමයි ගෙදර යන්න උනේ නිවාඩුවට.

සමහ‍රුන්ගේ ඒ හැටි කැමැත්තක් තිබ්බෙත් නෑ හොස්ටල් මාරු කරනවට,මොකද ඒ වෙද්දි යාලුවො සෙට් වෙලානේ හිටියෙ.වෙන් වෙන්න දුකයි නේ.ඒත් සමහරු කැමැත්තෙනුත් හිටියා,ඒ දුර හොස්ටල් වල අය,ඒ අයට ලග හොස්ටල් ලැබෙයි කියල හිතලා.


විභාගෙත් ඉවරවෙලා ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න දවස්නේ ඉතින්,කට්ටිය කතා උනා ගෙදර යන්නෙ හෙට කියල පාර්ටියක් දාමු කියල.ඔන්න ඉතින් කට්ටියගෙම එකගතාවයෙන් කේක්ද, බිස්කට්ද, මාස්මෙලොස්ද, බීමද(පැණිබීම), සැන්විචස්ද අරවද මේවද කෑම ගොඩාරියක් එකතු කරගත්ත, කට්ටියම කලෙක්ශන් එකක් දාලා.

එදා රෑ 9.30 ට විතර පාර්ටි එක  පටන් ගත්ත,පාර්ටි එක තිබ්බෙ හොස්ටල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ.අපේ හොස්ටල් එකේ හිටිය වෝර්ඩන්ටත් එන්න කියල කේක් අරව මේව කන්න දුන්න.විභාගෙත් ඉවර වෙලා නිදහසේ ඉන්න නිසා එයත් කිසිම අවවාද අනුශාසනාවකින් තොරව හැමෝටම සුබ පතලා කාල බීල රූම් එකට ගියා.අපේ කන බොන වැඩේ දිගටම කරගන ගියා.ඒ අස්සෙ හිමීට හිමීට සින්දුත් කියන්න පටන් ගත්තා.

ඒ දෙසැම්බර් කාලේ ,කියන්න ඔනේ නෑනේ ඒ කාලෙට අපි හිටපු පැත්තේ සීතල කොහොමද කියලා.කට්ටියම ජර්සි දාගන අයිස් කැප් දාගන තමා පාර්ටි එකට ඇවිත් හිටියේ.එළියට යන්න බෑ "කට කට..." ගාල ගැහෙන සීතල. 

ඒ අස්සෙ සල්ලි එකතු කරපු සෙට් එක අයිස් ක්‍රීම් ටබ් කීපයකුත් උස්සන් ඇවිත් තිබ්බා.

මේ සීතලේ මොන අයිස් ක්‍රීම් ද?...

එහෙම කියල කෑම අතැරියේ නෑ...කට්ටියම ඒකටත් වග කිව්වා.ඒ අස්සෙ සමහරුන්ට හෙම්බිරිස්සාව.

කාල බීලා සින්දු කියල හෙම්බත් වෙලා,ඒ වෙද්දී හරියටම 12ට විතර ඇති. මාත් එක්ක හොස්ටල් මාරුව ගැන ප්‍රශ්නයක් ඇතිකරගත්ත යාලුවෙක් ලගට ඇවිත්, කතා කරා.එයාට හෙන යාලුවො සෙට් එකකුත් හිටියා,අපිත් ඉතින් හොදට කතාබහ කරල තරහ මරහ ප්‍රශ්න තියාගන්න ඔනේ නෑ කියල මතභේද සමතයකට පත් කරා.

වරෙන්කො පොඩ්ඩක් කාමරේට...

කියල මෙන්න මුන් සෙට් එකම මාව කාමරේට එක්කන් ගියා.එක්කන් ගියා නෙමේ ඇදගන ගියා.6 දෙනෙක් විතර ඇදන් යද්දි කොහෙ නවතින්නද.මම් ඇදිලා කෙලින්ම ගිහින් නැවතුනේ එයාල කාමරේ තිබ්බ ඇටැච් බාතෲම් එකේ.මෙන්න එකපාරටම පුරවලා තිබ්බ වතුර බේසම් 2ක් 3ක් විතර ඔලුවෙ ඉදන් "තොස් තොස් තොස්" ගාලා වැක්කෙරුනා,අත් දෙක එහා මෙහා කරන්නත් හැටියක් නෑ.ඇයි 6 දෙනෙක් විතර අල්ලගනනේ.උනුත් බාගෙට නෑ වෙනව.එකෙක් බිඩේ ශවර් එකෙනුත් වතුර අල්ලනව.



මං හොදටම නෑවිලා. මාත් එක්ක හිටපු යාලුවො සෙට් එකත් හොදටම නෑවුනා.පස්සෙ අපි අනිත් අයවත් ටබ් එකට පුරවලා තිබ්බ වතුරෙන් බාල්දි, බේසම් පුරවලා ඇතිවෙනකම් නෑව්වා. පව්නේ නැත්තම්.එදා රෑ 1ත් පහුවෙනකම් හොස්ටල් එකේ 34 දෙනාම නෑව්වා.1 ෆ්ලොර් එකයි ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකයි දෙකේම වතුර.

අදින්න ඇදුනුත් නෑ, ඇදන් හිටපුව ඔක්කොම තෙමිලා,අනිත් ඒවා ඔක්කොම හෙට අරන් යන්න,අලුත් හොස්ටල් ගිහින් දාන්න බෑග්ස් වලට දාල ලොක් කරල.වෙව්ල වෙව්ලා ඉබ්බො ගලවන්න උනා බෑග්ස් වල ඇදුම් ගන්න.පුදුමේ කියන්නෙ ඔච්චර හරියක් කරනකම් වොර්ඩන් සද්දයක් දැම්මෙ නැති එක.






26 comments:

  1. හික්ස්. පාටි එක නම් මරුවට යන්න ඇති එහෙනම්..

    (මොනා වුනත් ඔයාව නාවලා තියෙන්නේ ඔයා ලඟ ඉන්න බැරි නිසා වෙන්න ඇති. අර හොස්ටල් මාරුව ගැන ප්‍රශ්නේ එන්නත් ඇත්තේ ඒ කෙනා ඔයා එක්ක එකට ඉන්න බැරි බව දන්න නිසා වෙන්න ඇති. ඒකනේ නාවලා තියෙන්නේ.. ) :D :D

    ReplyDelete
  2. ඕක කිවුවම මට මතක් උනේ අපි දෙසැම්බර් 31 රෑ හීතලේ පූල් එකේ නාපු හැටි...

    ReplyDelete
  3. හප්පේ පැණි බීම බීලා ඔහොමනං..හරිහමං බීමක් බිව්වොතින් මක්ක කොරයිද...

    ReplyDelete
  4. මාස6කට පස්සෙ හරි නාපු එක ලොකු දෙයක්...

    ReplyDelete
  5. අක්කලත් මරු පාටි නේ දාලා තියෙන්නේ

    ReplyDelete
  6. අපි ඉස්කෝලෙ අවුරුද්දෙ අන්තිම නිවාඩුවට හැම පාරම නා ගන්නවා..හික්ස්..

    ReplyDelete
  7. මටත් තියෙනවා හොස්ටල් ගැන නියම මතකයක්. ලියන්න ඕනෙ වෙලාවක. ඔබ මාව අතීතයට ගෙනගියා.

    ReplyDelete
  8. අපිත් ඔය වගේ පාටියක් දැම්මා 2009 අලුත් අවුරුද්දෙ..

    ReplyDelete
  9. වතුර පාටි වලට අපිත් ආසයි.. අපි නම් කට්ටියව නාවන්නෙ රිදෙන්නම වතුර ගහලා.. අද තමා ඉස්සෙලම මේ පැත්තට ආවෙ.. නියම බොලොක්කෙ.. :D

    ReplyDelete
  10. බුදු අම්මෝ හීතලේ ගැහි ගැහි නාලා කාටවත් නිව්මෝනියාව හැදුනේ නැද්ද???

    ReplyDelete
  11. ෂා.. මරු පාටියක් වෙන්න ඇති.. අන්තිම සැලකිල්ලෙන් පස්සේ හිතාගත්ත හැකි කට්ටිය වෙවුල වෙවුල යන හැටි.. ඔක්කොටම වඩා ෆන් එක ඩබල් වෙන්න ඇත්තේ අර නාවපු කාමරේ එවුන්ට. මොකද උන් කාමරේත් තෙත තියන් තෙත පිටින් ඉන්න එපැයි.

    ReplyDelete
  12. ඔවා කැම්පස් කාලේ වුනේ නැත්තං තමා අප්සෙට් එක...අයිස්ක්‍රිම් කාලා හීතලේ නාලා..චොයි අප්පා..හික්

    ReplyDelete
  13. අයිස් කැප් දාගන ??

    ReplyDelete
  14. අපිත් 1 1 සෙමෙස්ටර් එකේ දී කොහොමත් හොස්ටල් එකේ හැමෝම දවස් දෙක තුනකට සැරයක් නානවාමයි!....කවුරුහරි දෙන්නෙක් පටන් ගත්තා ම හැමෝමනාගෙන තමයි ඉවරවෙන්නේ මහ රෑ ජාමේ. අපිට නම් කරදර තිබ්බේ අහළ පහළ ගෙවල් වලින්!

    ReplyDelete
  15. අනේ දැන් මතක් වෙනකොටත් දුකයි... ඉස්සර අපි හොස්ටල් එකේ පාටි දාපු හැටි..... ඒකෙ පාටි ජාති ගොඩක් තිබුනා. එක්සෑම් ඉවර වෙලා දාන පාටියේදි තමයි කෙල්ලො කොල්ලො දෙගොල්ලොම හොඳට නාගන්නෙ, එදාට කෙල්ලන්ව නාවන්නෙ හෝස් වලින් . තව රිසාල්ට්ස් පාටි , ගොඩ්යන පාටි, නවක සාදය, ගොයිං ඩවුන් එක..... අම්මෝ ඔය වගේ එකී මෙකී නොකී පාටි ගොඩාක් තිබුනා..... මේ ඕනම පාටියක් ඉවර වෙනකොට අඩුම ගානෙ පාන්දර තුන වත් වෙනව... තව බෝතල් දහයක් විතරවත් හිස් වෙනවා ඉතින්. හොස්ටල් එකේ තියන කොංගෝ එකයි බොංගෝ එකයි ගගහා සින්දු කිය කිය නට නට පුදුම පිස්සුවක් තමයි කෙලින්නෙ.... අනේ ආයෙත් හොස්ටල් යන්න තියනවා නම්....

    ReplyDelete
  16. මට පාටි එක මැවිලා පේනවා.අපේ නදී නාපු එකත් එක්කම

    ReplyDelete
  17. අපිත් සමහරදාට ඔහොම හොස්ටල් එකේ එවුන්ව නාවගන්නවා. ඒ වගේම අපි කොරිඩෝව දිගේත් බාල්දි උස්සන් දුවනවා. එක එකාව නාවන්න.

    ReplyDelete
  18. ඔය බිවුවෙ "පැණි" බීම කියල සුවර් ද ???

    ReplyDelete
  19. එතකොට නදීට අර පරණ කෝන්තරේට දඬුවමක්ද දීල තියෙන්නෙ...? මොනව උනත් ඇනුවල් බාත් එක එහෙම හරි ගත්තු එක ලොකු දෙයක්... :)

    ReplyDelete
  20. 6 දෙනෙක් එක්ක ඇදගෙන ගිහින් නවන්න ඔයාලග කොහොම ගඳක්ද තියෙන්න ඇත්තේ

    ReplyDelete
  21. චතුවා-ඔව් ඔව් මරුවට තිබ්බා.අනෙය් යනව අපි කොච්චර සීතලේ උනත් නානවා.

    ඪිනෙශ්-ඔව් හැමොටම වගේ මේ වගේ අද්දැකීම් ඇති.විශේසෙන් පිරිමි ලමයින්ට.

    ඔබ නොදු‍ටු ලොවක්.....-හප්පේ වෙන බීම බොන්නෙ නෑ අපි.

    Roshan Herath -අහ් අපි හැමදාම නාලා පිරිසිදුවට ඉන්න අය හරිද හිහ්.:)

    ඡම්මැ-ඒකනේ ඒකනේ.

    සීතල අයියා-අපිනම් ග්‍රොසරි බෑග් වලට වතුර නිල මඩ ෆදාල තමා ගහන්නෙ,අපි කීවට පිරිමි ලමයි .අපි ඉතින් බලාගන ඉන්නව.:)

    වෙද ගෙදර මහ වෙදනා-ලියන්නකො බලන්න.

    නදීර සඳරුවන් ලියනගේ -මේක උනේ දෙසැම්බර් 2006 අවුරුද්දේ.

    යසයා-අපි නම් ඉතින් එහෙම කරන්නෙ නෑ.රිද්දවන්නෙ නැතුව පොඩි විහිලුවක් තමා කරන්නෙ.කොල්ලො නම් වතුර වලින් ගහගන්නවත් එක්කනේ.

    ReplyDelete
  22. නිසුපා-මොනා කරන්නද කොන්ඩෙ හොදට පිහදාගත්තා.හෙම්බිරිස්සාව හැදුනා.

    ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-ඔව් උන්ගේ කාමරේ ඇටෑච් බාත් රූම් එක තිබ්බ.හොදට තෙමුනා කාමරේම.

    ර්‍අජ්-ඔව් ඒවා මතක් කරල සතුතු වෙන්න පුලුවන් දැන් ඉතින්.ඒ අතීතේ සුන්දරයි.

    108543860788859599679 -අයිස් කැප් කීවෙ අර නුවර එළියෙ තියෙන්නෙ සීතලට දාන කැප් ඔලුව කන් වැහෙන්න අන්න ඒවා.අපි කියන්නෙ ඒ නම,ඒක වෙන්නැති පැහැදිලි උනේ නැත්තේ.

    ලහිරු-හිහ් නියමෙට තියෙන්නැති එහෙනම්,අහල පහල අයට ඉන්න බැරිවෙන්නැති.

    හර්ශන1985-හ්ම්ම් මටත් ඒකාලෙ මතක් වෙද්දි දුකයි.එහෙමත් කාලයක් තිබ්බනේ කියල හිතෙනව.

    JHOඨ්HඓSHඇළැණ්ඛැ-හැහ් වෙන මොනවත් පෙනුනෙ නෑනේ.:))අය්යලටත් ඔයවගේ අත්දැකීම් ඔනේ තරම් ඇතිනේ.

    මධුරංග-හිහ් මට මැවිලා පේනව මදුරන්ග බාල්දියක් උස්සන් දුවන හැටි.ලොල්.

    ඕනයා-ආය සුවර්.පැන්ටා,ඉස්පයිට්,කොකාකෝලා තමා බීවේ,වෙන මොනවත් නෙමේ.

    Miyuru -ඔව් අපි නිසා හොස්ටල් මාරු කරන්න උනා කියල එයාල හිතුවේ.මොකද අපි කැමති උනේ නෑ ඒ හොස්ටල් එකේ තවදුරටත් ඉන්න.දන්නෑද්ද පොඩි කතාවක් ගියා ඉතින්.ඔව්ව ඔහොම තමා.අහ් අපි නානාව හරිය.

    අසරණයා-ගදට නෙමේ අලෝ,ඕකනේ ඉතින් .:)

    ReplyDelete
  23. දෙවැනි පින්තූරෙ නම් නියමයි :)
    මගෙ URL එක වෙනස් කලා. මේ තියෙන්නෙ අලුත් එක,

    http://tbherath.blogspot.com/

    ReplyDelete
  24. ටී.බී.- මම් ගියා ඔයාගෙ බ්ලොග් එකට.පින්තූරෙ ගත්තෙ ජාලෙන් :)

    ReplyDelete
  25. යකෝ මුන් කෙල්ලො නේද, ඔහොමත් නටනවද ....

    ReplyDelete
  26. පන්සල් හංදිය-හිහි ඉතින් ඔයවගේ දේවල් හැමදාම නෑනේ.:)

    ReplyDelete