Friday, March 30, 2012

හ්ම්ම්ම්... හ්ම්ම්ම්... අවුල්!

අම්මෝ කාලෙකට පස්සෙ ඉස්පාසුවක් ලැබුනා බ්ලොග් එක පැත්තෙ එන්න.බ්ලොග් කියවන්නත් සෑහෙන ගානක් එකතුවෙලා තියනව.හිමීට හිමීට ඒවත් කියවන්න ඔනේ.මේ ලගදී ජීවිතේ පොඩි වෙනසක් උනා,ඒ නිසා නිතරම බස් වල, පයින් එහෙ මෙහෙ යන්න සිද්දවෙනව.ඔන්න ඔය අතරෙදි තමයි මට මේ යාලුව හම්බුනේ.

වෙනදාවගේ පාන්දර බස් එකෙන් බැහැලා වැඩ කරන තැනට  පයින් එන ගමන් කට්ටියක් වට වෙලා ඉන්නව පාර අයිනේ ,මම්ත් ඉතින් හැම එකටම හොට දාන නිසා පොඩ්ඩක් එබිලා බැලුවා.මෙන්න බොලේ අමුතුම ජාතියේ කෙනෙක්.මම් මීට කලින් මේවගේ කෙනෙක් දැකලා තිබ්බෙ නෑ.එතන හිටිය ගොඩක් අය කීවෙත් එයාල මේ වගේ කෙනෙක් දැක්ක පළවෙනි වතාව කියල.

මේ බලන්නකො දැකලා තියනවද මේවගේ කෙනෙක්?

පේනව නේද බය වෙලා බලාගන ඉන්න හැටි

අපිට පෙනුන විදියට මෙයා කවුරු හරි අල්ලගන ඉදල තියනව, අර බෙල්ල හරියෙන් තියන කම්බි කෑල්ල පේනවද?.ඒක කඩාගන මෙයා පැනලා ආව වෙන්න ඕනේ...අපේ සද්දෙට එයා හොදට ඔලුව හරව හරවත් ඇහුම්කන් දුන්නා...වටේ පිටේ, මෙයාව බලන්න එක් රැස් වෙලා හිටපු අය වනජීවී එකට කතා කරල පණිවිඩේ දුන්න.

බෙල්ල හරියෙන් බැදලා තිබ්බ කම්බි කෑල්ල පේනව නේද?

මෙන්න මෙයාල ගැන විස්තරේකුත් තියනව මෙතන.එයාලට කියන්නෙ Barn Owl කියලලු.දුර්ලභ ගනයේ Owl කෙනෙක්ලු.හරියටම හාර්ට් එකක් වගේ මූණක් තියෙන්නෙ.ඇගේ පිහාටුවල අමුතුම තිත් රටාවකුත් තියනව.මෙන්න එයාල ගැන වීඩියෝ එකකුත් තියනව බලන්නකො කොච්චර ලස්සන සතෙක්ද කියල.

Thursday, March 8, 2012

කොහෙද බොල බස් හිටවන්නෙ


ලංකාව පුංචි රටක් උනත් එක එක පළාත් වලට විශේෂ වෙච්ච වචන,භාෂා විලාස තියනවනේ.ඒවට කියන්නෙ "ප්‍රාදේශීය ව්‍යවහාර" කියල.

මාතර ගාල්ල පැත්තේ එක විදියක්. නුවර පැත්තෙ තව විදියක්.අනුරාධපුරේ පැත්තට වෙන්න තවත් විදියක්.ඔන්න ඔය විදියට කතා කරන වචන, විලාශය එක එක ප්‍රදේශ අනුව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙනව.

මම් බදුල්ලෙ ඉන්න කාලෙ එහෙ සමහරු කෑවද? ගියාද? කියල ප්‍රශ්ණ අහන්නෙ නෑ.එයාල කෑවා...බීවා... කියල ඇදලා තමයි කතාකරන්නෙ. ඒ එයාල කතා කරන විදිය.

සමහර අය කන්ට බොන්ට යද්දි සමහරු කන්ඩ බොන්ඩ යනව.සමහරු කන්න බොන්න යන්නෙ.

මේ සිද්ධිය වෙලා වසර කීපයක්.කැම්පස් ඉන්න කලෙ ඔය එක එක පළාත් වල අය එකට සෙට් උනාම කතාකරන්න එක එක විදියේ මාතෘකා ඇදිලා එවනේ.

ඔය අතරේ එක එක පැති වල කතාබහ කරන ආකාර ගැනත්  කතාවක් ආව.එකෙක් එක පාරට කියපි,ආ...උඹලෑ පැත්තෙ කුඩේ බානවා නේද?...කියල.

අනේ පල (&%*^$%#&^.... ආ එහෙනම් උඹලා මොකද කියන්නෙ?

නෑ ඉතින් අපිනම් කියන්නෙ කුඩේ අකුළනව,කියලනේ.හිකි.. .හිකි... හූඌඌඋ....

ඇයි බං මතකද දවසක් (ලගම ඉන්න කෙනෙක්ව ඉගියකින් පෙන්නමින්).දවසක් අපි ටවුන් ගියා... ආව මුල් කාලෙම හරිද... මෙයා එක පාරටම බස් එකක් නැවත්තපු වෙලේ, අන්න බස් එක හිටෙව්වා...යං යං...කියල මාවත් ඇදගන දිව්වා.

මට මැරෙන්න හිනා... කොහෙද බොලෙ බස් හිටවන්නෙ හරියට ගස් හිටවනව වගේ හිකිස්...

ඔහොම දෙයක් කියල කෙනෙක්ව අවුස්සලා කම්මැලිකම යාවාගන්න ගිහින් සමහරුන්ගේ ඇස් රතුවෙන වෙලාවලුත් තිබ්බා,ඒව ඉතින් ටික වෙලාවයි.

ඒත් පස්සෙ මතක් කරද්දි එහෙමත් කාලයකුත් තිබ්බ නේද කියල හිතෙනව.ආය එහෙම කාලයක් එන එකක් නෑ.දැන් ඉතින් හැමෝම බිසී වෙලානේ.කතා කරන්නවත් කොහෙද වෙලාවක්.

Wednesday, March 7, 2012

මරණය යනු සියල්ල අහිමිවීමක්ද ???


"මරණය යනු සියල්ල අහිමිවීමක් නෙමෙයි.අපි බොහෝ වෙලාවට එහි අනෙක් පැත්ත දකින්නෙ නැහැ.මරණය යනු තවත් උපතක්.

මෙහි අභාවයට යනවා කියන්නෙ ඊලග ක්ශණයේදී තවත් උප්පත්තියක් ලබනවා කියන එක.උපතක කියලා කියන්නෙ තවත් මරණයක්.සාමාන්‍ය ලෝකයා දකින්නට පුරුදුවෙලා තියෙන්නෙ ඇහැට කණට පේන දැනෙන සාමාන්‍යකරණය විතරයි.

නමුත් එහි අනික් පැත්ත ගැන අපි කවදාවත් හිතන්නෙ නැහැ.දරුවෙක් ඉපදෙනකොට අපි කවදාවත් හිතනවද"මේ දරුවා මට කොහින්ද ලැබුනේ" කියලා.

මව්කුසක දරුවෙක් පහළ වෙන්නෙ අනිවාර්යෙන් තවත් තැනක යම්කිසි ජීවිතයක් අභාවයට පත් වෙලාමයි.ඒ විඤඤාණයයි මව් කුසක කලල රූපයක් අල්ලාගන ජීවියෙක් හැටියට ප්‍රතිසන්ධිය ලබන්නේ.

එහෙනම්,දරුවෙක් බිහින්වෙන්නට නම් තව කොතැනක හෝ යම් සත්වයෙක් යම් මනුශ්සයෙක් අභාවයට යා යුතුයි.එහෙම නම් අපිට දරුවෙක් උපදිනවා කියන්නෙ තවත් තැනක අභාවයක්!අපිට කෙනෙක් අහිමි වෙනවා කියන්නෙ තවත් උපතක්!"

මේ තමයි මම් කියවපු අලුත් ම පොත.පොතේ නම "නොනිමෙන මරණයේ නොමියෙන අරුත්",ලියල තියෙන්නෙ පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ.

මට මේ පොත ලැබුනේ යාලුවෙකුගෙන්.එයාල මේ පොතට මූල්‍ය දායකත්වය දීල බෙදාහරිනව.ඉතින් මටත් එකක් හම්බුනා.පොඩි පොතක් නිසා එක හුස්මට කියවලා ඉවර කරා.ඔයාලත් හම්බුනොත් කියවලා බලන්න.

Saturday, March 3, 2012

රිදී විහාරය

රිදී විහාරෙ තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කෙ රිදීගම කියන ගමේ.මේ විහාරෙත් අවුරුදු 2300ක විතර ඉතිහාසයක් තියන පුදබිමක්.

රුවන්වැලි මහසෑය හදන්න රිදී ලබාගන තියෙන්නෙ මේ ස්ථානයෙන්,ඒ නිසා ඒකට සැලකීමක් විදියට දුටුගැමුණු රජතුමා මෙතන විහාරයක් කරවලා "රිදී විහාරය හෙවත් රජත ලෙන" කියල නම් කරල තියනව.ඒ බව මහාවංශයෙත් සදහන් වෙනවලු.

පුරාණේ මේ ස්ථානයේ ඉදලා මලය රටට යන්න පාරක් තිබුනලු.දවසක් ඒ පාරෙන් යන්න ආව ගැල් කන්ඩායමක් මේ ස්ථානයට යාබදව ගිමන් හැරල තියනව.පස්සෙ ගැල කඩාගන ගිහින් තිබුන හරක් හොයන් යද්දි ගහක  ඉදිලා තිබුන වරකා  ගෙඩියක් කඩාගන තියනව.

කඩාගන කන්න කලින් ඒ ආසන්නෙ හිටිය භික්ශූන්වහන්සේ කෙනෙකුට පිරිනමලා තියනව,ඒ භික්ශූන්වහන්සේ ගෙන්ම පාර අහගන යද්දි  ලෙනක් ඇතුලේ රිදී ගොබයක් හම්බ වෙලා තියනව,ඉතින් ඒ ගැන අනුරාධපුරේ හිටිය දුටුගැමුණු රජතුමාට දන්වලා තියනව.

ඒ කාලෙ වෙද්දි රුවන්වැලිසෑය හදන්න රිදී මදි වෙලා වැඩ නතරවෙලා තිබ්බ කාලයක්ලු.පස්සෙ ගැල් වලම ඒ රිදී පටවගන ගිහින් තියනව කියල තමයි ජනප්‍රවාදයෙ එන්නෙ.

මේ තියෙන්නෙ විහාරේ ගැන දාල තිබ්බ විස්තර ටික
මේ තියෙන්නෙ ඇතුල් වෙන තැන
මෙතනින් තමා විහාරේ ඇතුලට යන්නෙ.
භික්ශූන්වහන්සේ වරකා වළදලා තියනව කියල විශ්වාස කරන්නෙ මේ තැනදී
මේ ඒ විහාරේ ඇතුලෙ තිබ්බ බුදුරුව.
ගොඩක් අය මේක අල්ලලා ප්‍රාර්ථනා එහෙම කරා.
මේකෙ චිත්‍ර ඇදලා තිබිලා තියනව ඒවා ගොඩක් මැකිලා ගිහින්
මේ විහාරෙට උඩින් 
මේ විහාරේ එක පැත්තක්




මේ අපෙ කට්ටිය වදින වෙලාවෙ.
පස්සෙ කාලෙක මේ විහාරය අවට භික්ශූන් වහන්සේලා සෑහෙන පිරිසක් වැඩවාසය කරල තියනව.කටාරම් කෙටුව ගල්ලෙන් තමා ඒකට තියෙන හොදම සාක්ශි.ඒ වගේ සාධක සහිත ප්‍රධාන ලෙන් 8ක් විතර හදුනාගන තියනවලු.

රිදී විහාරයේ මහා විහාරය පිහිටලා තියෙන්නෙ විශාල ගල් ලෙනක.මකර තොරණෙන් ඇතුලට යනකොට රන් පිළිමයක් හම්බවෙනව.ඒ රන් පිළිමේ ගැල් වලින් අරන් එන අතරමගදි ගැල් එරුන නිසා සත්යක් ක්‍රියාවක බලයෙන් රන් පිළිමය අහසෙන් වැඩම කරල තියනව කියල තමයි විශ්වාස කරන්නෙ, ඒ රන් පිළිමය දුටුගැමුණු රජතුමාගෙ ශරීර ප්‍රමාණයට කරවල තියනව කියලත් කියනව.

ඒ ආසන්නෙම තියන රියන් 18ක් දිග සැතපෙන බුදු පිළිමේ මල් ආසනේ පිගන් ගඩොල් අල්ලා තියනව, ඒවගේ තියන රූපවලින් නිරූපණය වෙන්නෙ ජේසු තුමාගේ ජීවිත කාලයෙ විවිධ අවස්ථාවන්. ඒක මේ විහාරේ  තියන විශේෂත්වයක්.මහ විහාරයේ රන්පිළිමයට ඉදිරිපස බිත්තිය සම්පූර්ණයෙන්ම 1000ක් බුරුවරුන්ගේ රූප වලින් ආවරණය කරලත් තියනව.

මේ ලගදී මට රිදීවිහාරෙට යන්න පුලුවන් උනා.ඒ ගමනේදි ගත්ත පින්තූරත් එක්ක පොඩි විස්තරයක් බ්ලොග් එකේ දාන්න හිතුනා. මොකද රිදී විහාරෙට නොගිය අයත් ඇතිනේ ඒ අයට දැකබලාගන්නත් එක්ක.

Thursday, March 1, 2012

වැඩේ කරගන්න කරවල කූරියෙක්

http://www.dreamstime.com/dried-fish-thumb17554021.jpg
මේක මම් අහපු ඇත්තම කතාවක්,මට කිව්වෙ අදුරන අක්ක කෙනෙක්,එයා විවාහ වෙලා හිටිය මහත්තයත් වැඩ කරේ එයත් එක්කම එකම රැකියා ස්ථානයක.අක්ක නම් ගොඩාක් හොදයි.අය්යත් ඒ වගේමයි, ඒ උනත් එයා ඔෆිස් එකේ වැඩක් කරල දෙන්න එක එක දේවල් ගන්න කතාව අපි අහල තිබුනා.

අය්ය වැඩ කරේ ඉඩම් අංශේ නිසා  ඉඩම් සම්භන්ධ දේවල් කරවගන්න,ඒ කියන්නෙ ඉඩම් වලට පර්මිට් හදන්න,උපදෙස් ගන්න,අරවට මේවට සමහරු ගෙදරටත් එනවලු,ඇවිත් එක එක දේවල් ගෙනත් තියලත් යනවලු.

ඔන්න එක දවසක් අය්ය ඔෆිස් ගිහින් නෑ, අක්ක විතරයි ගිහින් තියෙන්නෙ. සරමක් ඇදගත්ත බාට දෙකකුත් දාගත්ත ගමක පෙනුමක් තියන මනුස්සයෙක් අර අක්ක ලගට ආවලු. අතේ ටිකක් ලොකු පාර්සලයකුත් තියනවලු.

හැමවෙලේම එක එක ගැටළු සම්භන්ධව එක එක්කෙනා එන නිසා මෙයාට ඒක අමුතු දෙයක් වෙලා නෑ.ඒ මනුස්සයත් කට්ටිය ටිකක් එහෙට මෙහෙට වෙනකම් ඔහේ බලාගන ඉදලා.පස්සෙ අක්ක අහල තියනව ඇයි මොකද කෙරෙන්න ඔනේ... කියල.

අනේ නෝනා... මම් දැන් දවස් කීපයක්ම ආව...,අර  ඉඩම් අංශේ ඉන්න මහත්තයා අදත් නෑ...එහා පැත්ත හිටපු මහත්තය කිව මෙතන ඉන්නෙ ඒ මහත්තයගේ නෝනා කියල...ඒක නිසයි මේ...

එයා අද නිවාඩු...මොකද්ද කෙරෙන්න ඔනේ...

මොකවත් නෑ නෝනා... මේ කරවල කූරියා මහත්තයට දෙන්ඩ කෝ...මහත්තය කිව්ව වැඩේ කරල දෙන්නම් කියල...ඒක බලන්ඩ තමා මම් මේ අදත් ආවේ...

එහෙම කියල ඒ  මනුස්සය ගෙනාව පත සයිස් කරවල කූරියා අක්කට දුන්නලු.අක්කට ඉබේම වට පිට බැලුනලු.

වෙලාවට කාගෙවත් අවධානයක් ඒකට තිබ්බෙ නෑ කියල තමයි එයා නම් කීවෙ,ඒ උනාට ඔෆිස් එකේ හැමෝම අය්ය ගැන "හොදට දන්නව" කියල තමයි ආරංචිය.