Monday, December 12, 2011

බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්

අහම්බෙන් කියවන්න හම්බවුන පොතක්, තාම කියවලා ඉවර කරන්න නම් බැරිඋනා.පොතේ සම්පාදිකාව ඉන්දු පෙරේරා,"මිසදිටු බිඳින හඬ - බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්" විදියට ග්‍රන්ථය නම් කරලා තියෙන්නෙ.

පොතේ අඩංගු කරුණු ඔක්කොම පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවන් සමග කරන ලද සාකඡ්චා ඇසුරෙන් ප්‍රශ්ණය හා ඒ සදහා වන විග්‍රහය විදියට පිළිවෙලට සකස් කරල තියනව.
  • බුදු දහමට වින කරන ජන කාන්ත බුදු දහම
  • දෙවියන්ගෙන් සිගමන් යැදීම බුදු දහමට කරන නිගරු කිරීමක්
  • මිනිස් සාරධර්මත් විකිණෙන කාලයක්
  • පිරිත් පැන්,පිරිත් නූල් ගැන වැරදි විශ්වාස තබනු එපා!
  • කිරි අම්මලා දානයෙන් සෙතක් ශාන්තියක් ලැබේද?
  • බුදු රැස් විහිදෙන්නේ බුදුන්ගෙන් පමණයි
  • දෙවියන්ට පහන් දල්වන්නා යන්නේ දුගතියටයි
ඔන්න ඔය වගේ තවත් කරුණු කාරණා රාශියක් මේ පොතේ විස්තර කරලා තියනව.මිත්‍යා විශ්වාසවල ඇලීගැලී ඉන්න අය වගේම බොදු අපි කාටත් කියවන්න හොද පොතක්.කියවලා බලන්නකො හම්බුන වෙලාවක.

මිසදිටු බිඳින හඬ 
බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්
ISBN-955-551-30-8
 


19 comments:

  1. මේ දවස්වල නදී පොත් ගැන වැඩිපුර ලියනවා....

    ReplyDelete
  2. සාමාන්‍යයෙන් මා කියවූ පොත් ගනන ඉතා විශාලයි. නමුත් මේ පොත මට මඟහැරී ඇති සැටියක් පෙනේ. වහාම කියවමි. ස්තුතියි!

    ReplyDelete
  3. හ්ම්ම්. ගොඩක් වැදගත් පොතක් වගේ. හොයාගන්න ලැබුනොත් කියවන්න ඕන.

    ReplyDelete
  4. ඉතිං ඔ්කෙං වැදගත් කරුණු ටිකක් දාන්න එපායැ :) :)

    ReplyDelete
  5. නදී දැන් බණ දහම් ගැන පොත්මයි ලු කියවන්නේ ..
    මහණ වෙන්ට වත් දෝ ....

    ReplyDelete
  6. හ්ම්ම් බලමු ගුණසේන එකේ හොයලා

    ReplyDelete
  7. දිල්-ඔව් මේ දවස් වල වැස්ස නිසා පොත් කියවන්න හිතෙනව වැඩී,මම් ආසයි වැස්ස වෙලාවට පොත් කියවන්න.:)

    ReplyDelete
  8. වෙද ගෙදර මහ වෙදනා -කියවලා බලන්න.

    ReplyDelete
  9. ඛසුන්-පුලුවන් වෙලාවක කියවලා බලන්නකො.

    ReplyDelete
  10. තනි අලියා-මම් තාම පොත සම්පූර්ණෙන් කියෙව්වෙ නෑ.:)

    ReplyDelete
  11. kumaraya - අනේ මහණ වෙන්න නම් නෙමේ.අහුවෙච්ච පොත කියවනව මං,හොදයි කියල හිතුනොත්.එච්චරයි.

    ReplyDelete
  12. නදී අක්කා පොත්ම කියවනවා. අපට කොහෙන්දෑ විවේකයක්.

    ReplyDelete
  13. වර්ණා-බලන්නකො.

    ReplyDelete
  14. හොඳ ප්‍රැක්ටිකල් පොතක් වගේ...ස්තුතී නදි

    ReplyDelete
  15. මෙතුමගේ දේශනා තමයි දැන් කාලෙට ගොඩක් වටින්නෙ...

    ReplyDelete
  16. "දෙවියන්ගෙන් සිගමන් යැදීම බුදු දහමට කරන නිගරු කිරීමක්"
    ඉතාම වැදගත් කියමනක්...

    ReplyDelete
  17. පෙර කල කියවූවා මතකයි. උන්වහන්සේ අද වැඩ සිටියානම් කොයි තරම් නම් මෙහෙවරක් ද අපේ සාමාන්‍ය ජන සමාජයට. ස්තුතියි නදී ඒ ගැන බෙදා ගත්තාට.

    ReplyDelete
  18. මධුරංග-විවේකයක් හදාගන්න වෙනව.

    Raj -හ්ම් කියවන්නකො බලන්න,

    නරකයා...-ඒක නම් ඇත්ත.

    පන්සල් හංදිය-ඔව්.

    ටී.බී. හේරත් -ඒක ඇත්ත මල්ලි මිනිස්සු ඕව තේරුම් ගන්නෙ නෑ.

    ඇනිත්ඛොන-ඒකඇත්ත.

    ReplyDelete