Thursday, June 21, 2012

ශුවර් එකටම බාප්පා



බස් එකේ අලුත් රස්සාවට යන්න අරන් දැනට මාස 4 කට ආසන්නයි.මහන්සිය නම් උපරිමයි,උදේ 5ට නැගිටලා සාරි එහෙම පටලවගන ලක ලෑස්ති වෙලා 6ට ගෙදරින් පිටවෙලා පැය 1.5 විතර බස් ගමනකින් පස්සෙ සේවා ස්ථානයට ලගා වෙනව.වැඩ අවසන් වෙලා ආය ගෙදර එද්දි හවස 6යි.මොනව කරන්නද රස්සාව කරන්න එපැයි.ඒකත් මහ අමුතුම තැනක් විස්තර පසුවට.

අද කියන්න යන්නෙ  තවත් බස් කතාවක්.පැය 3ක් දවසට බස් එකේ ගතවෙන නිසා අහන්න දකින්න ලැබෙන දේ බොහොමයි ඒ අතරේ අහම්බෙන් වගේ දවසක් වුන සිදුවීමක් තමයි මේ...

මම් බස් එකට නැගලා පැයක් විතර ගියාට පස්සෙ බස් එකට නගිනවා කෙනෙක්, එයා ලස්සනට ඇදලා කරල සයිඩ් බෑග් එකක් දාගන හැමදාමත් පාරේ අයිනට වෙලා හිටගන ඉන්නව,එයාට තියෙන්නෙ අමුතුම හිනාවක්.හරිම ප්‍රසන්නයි.වයසත් හරියටම 30කට ආසන්න ඇති.සෑහෙන්න උසයි,උසට සරිලන මහත. තලෙළලුයි.

ඔන්න පලවෙනිම දවසෙ දැක්කෙ අහම්බෙන්.ඊලග දවසෙත් ටිකක් හිත ගියපු නිසා උවමනාවෙන්ම බලාගන හිටියා අදත් එයි කියල.කොහෙද එයා හැමදාම බස් එකේ පිටිපස්සෙන් නගින්නෙ,මම් ගොඩක් විට ඉන්නෙ ඉස්සරහම ඉතින් හරියකට බලාගන්න නෑ.දකින්නෙත් බස් එක එද්දි පාරේ හිටන් ඉන්න ටික විතරයි.මොකද පිටි පස්ස හැරි හැරී බලන්න කියලද.


ඔහොම සති කීපයක් ගියා,එයත් එක්කම නගින යාලුව නම් හැමදාම වගේ බස් එකට නගිනව,ඒත් වැඩක්ද!...අදාල කෙනා දකින්නෙ සතියකට දවසයි දෙකයි.ඒත් විනාඩියකටත් වඩා අඩු කාලයක්.


දවසක් ඔය කෙනා ගැන මාත් එක්ක ඉන්න අයත් එක්ක කියවුනා.ඒ පැත්තෙ ඉදලා එන අය හිටියත් කවුරුත් එයාව දන්නෙ නෑ කියල තමයි කිව්වෙ.මෙන්න තවත් දවසක් ඔය විස්තර ඇදිලා එද්දි එකෙක් කියනව,මිස්!...ඔතනින් නගින්නෙ අය්යලා දෙන්නෙක් නේද? මම් එයාලව දන්නව.එක්කෙනෙක් රවී අය්ය...ඒ කියන්නෙ  කලු එක්කෙනා...දෙන්නම එක උස, 5'11" ක් විතර ඇති.ඒ දෙන්නගෙන් සුදු එක්කෙනා තමයි අපේ බාප්පා!...


(ඇහ්!... මළ කෙළියයි!...මමත් කියන්නෙ මේ බාප්ප කියන කෙනා ගැන වෙන්න ඕනේ...ඒත් වෙන්න බෑ මම් කියන කෙනා මෙයාගෙ බාප්පා වෙන්න බෑ....එයාට එච්චර වයසකුත් නෑ අනික මෙයාගෙ බාප්ප වෙන්නෙ කොහොමද එයා??? කොච්චර වෙනස්ද දෙන්නා..............................)


වෙන්න බෑ... එයාට එච්චර වයසක් නම් පේන්නෙ නෑ...


නෑ තමයි එයාට ඕනෙ නම් 30ක් ඇති.අපේ බාප්ප තමයි එයා.අපේ තාත්තගෙ පොඩිම මල්ලි!!!...


මිස් දන්නවද රවී අය්යයි අපේ බාප්පයි දෙන්න පොඩි කාලෙ ඉදන්ම යාලුවෝ... එකටමයි ඉන්නෙ.දැන් වැඩ කරන්නෙත් එකම තැන!...


ආහ් ඔව් එයාලා දෙන්න බහින්නෙ එකම තැනින් තමා...බහින්නෙ අර ********** එක ලගින්?


හෙහ් එහෙනම් ශුවර් එකටම බාප්පා!....


ඒත් මගෙ හිත කියන්නෙම මේ කියන්නෙ එයා ගැන නෙමේමයි කියල.


නෑ නෑ...වෙන්න බෑ...ඔයා වගේ නෙමේ මං කියන කෙනා...



මම් වගේ නෙමේ තමා අපේ බාප්පා, අපි ඔක්කොටම වඩා වෙනස්, හැමවෙලේම හිනා වෙලා වගේ ඉන්නෙ,චූටි බඩකුත් තියනව.


බඩක්?



හික් හික්,මට බඩ නම් මතක නෑ... මූණ නම් මතකයි...ලස්සන හිනාවකුත් තියනව.කොන්ඩෙ කූරු කූරු... මූණු උල් වගේ...


හ...හා...එහෙම නම් ටක්කෙටම බාප්පා!... .මිස් දන්නවද අපේ පුංචිගෙ නමත් නදී...

මොකක්?

ඔව්....ඔය කිව්ව බාප්පගෙ නෝනා!...

ඇහ්...

Sunday, June 10, 2012

ඕහ්හ්හ්..මයි සාරී...


සාරියක් නැත්තම් ඔසරියක් ඇන්දම ඕනෙම ගෑහැණු කෙනෙක් හැඩයි තමා.වෙන ඇදුමක් අදිනවට වඩා ඒකේ අමුතුම ලස්සනක් තියනව.අනික සාරිය/ඔසරිය අනිත් ඇදුම් වලට වඩා ගොඩක් සංවරයි කියනවනේ.

ඒත් ඉතින් දැන් ඔසරිය/සාරිය අදින පිළිවලත් ටික ටික වෙනස් වෙලා... එක එක අය එක එක විදියට අදිනව,සමහරු "ඔබේ තීරය" කියන එක සෑහෙන ප්‍රමාණයක් තියලා අදිනව.ඒක සමහරුන්ට ලස්සනයි සමහරුන්ට නම් වස කැතයි.


සමහරු අදින්නෙ ඔසරිය විතරමයි.සමහරු සාරිය විතරයි ,සමහරු නම් ඕනේ ජාතියක් අදිනව.කැම්පස් ඉන්න කාලෙ එක යාලුවෙක් කිව්ව මතකයි ආහ්...අපි උඩරට නිසා පවුල් සම්ප්‍රදාය ආරක්ශා කරන්න අදින්නෙ ඔසරිය!...තව කෙනෙක් කිව්ව, අපේ පවුල් වල ගෑනු අය නම් අදින්නෙ සාරිය විතරයි!....කියල එක ඒ අයගෙ කැමැත්ත.


ඩෙනිම් & ටී ඇදපු කාලේ අහවරවෙලා ඔන්න මටත් ඔසරි ඇදන් වැඩට යන්න වෙලා.දැන් තමයි රගේ තේරෙන්නෙ.සති අන්තේ ඉරිදා දිනය වෙන්කරගන ඉන්නෙ සාරි ඔක්කොම හෝදලා රැළි හදලා(නැට්ටෙ) කටු ගහලා අයන් කරල තියන්න.

අම්මෝ එපා කරපුම වැඩේ ඒක.අයන් කරගත්තත් කියමු කොහොම හරි.ඇදින එක තවත් ටිකක් පණ යන වැඩක්.දැන් නම් ටිකක් ටිකක් පුරුදුයි මුල්ම කාලෙ කරන රස්සාවත් එපා වෙන සයිස් මේක ඇදගන ඇවිදින්න උනාම.ඇයි දෙයියනේ බස් එකේ ඇදන් ගියාම අරහෙන් ඇදෙනව, මෙහෙන් ඇදෙනව, ශූ එකට පෑගෙනව, වැටෙන්න යනව, හරියකට ඇවිදලා කරලා යන්න බෑ.

පොසොන් කාලෙ නිසා හුළගත් වැඩි මේ දවස් වල, ඒ නිසා හොදම ගනන්.හෑන්ඩ්ලූම් ඔසරිය අදින දවසට තමයි ගොඩක්ම එපා වෙන්නෙ, කකුලත් තියලා කකුලක් ගන්න බෑ හිරවෙනව වගේ.


බස් එකෙන් බැහැලා බැරිම තැන ත්‍රීවීල් වල ආපු වාරත් තියනව, ඒ නිසාම.ඇවිදින්න බැරුව කකුල පැටලෙනව.අනික බස් එකෙන් බහිද්දි සාරියෙ නැට්ට අතින් අල්ලගන එන්නත් ඕනේ නැත්තම් මහ වදයක් අනිත් මිනිස්සුන්ට, ඇදි ඇදී යනවනෙ.

යාර 6ක් දවටගන ඉන්නව කියන එකත් ලේසි නෑනේ හිතලා බලන්නකො.ඒ මදිවට කටුත් පෝළිමක්ම ගහනවනේ.සාරිය කඩාගන වැටෙයි කියල.ඒවත් ගහන්න ඔනේ පරිස්සමෙන් නැත්තම් සාරිය ඩැමේජ් වෙනව.ආය අදින්න වෙන්නෙ නෑ.


හොදට ඉනට හිර කරල පටියකුත් බදිනව ආය ටිකක් වැඩිපුර කෑම එහෙම කනව බොරු.රැළි දාද්දි පිටිපස්සෙන් රැළි හදන්න වෙනම කෙනෙක් ඉන්න ඕනේ.ඇයි හැට්ට කට්ට ගහන්න!...


සමහර වෙලාවට වැඩකරන තැනට යද්දි සාරිය එහෙම මෙහෙන් ලෙහිලා... බුරුල් වෙලා...

මිස් ඔන්න සාරිය පෑගෙනව!...


මිස් ඔන්න පිටිපස්සෙ රැළි ටික ඇදිලා!...


මිස් තව ටිකක් සාරිය පහලින් අදින්න එතකොට ලස්සනයි!... 


(*^*(&%(*&% )*&%  මගුලක් කතාකරනව, මෙහෙම ඇදගන බස් වල එන්නෙත් බොහොම අමාරුවෙන්...මොකද පැය 1.5ක් යන්න එන්න එපැයි දවසට.

ඉතින් මාත් එක්ක ඉන්න අය ගොඩක් උදව් කරනව, සාරිය ආයම තිබ්බ විදියට හදාගන්න.බස් වල ගිහින් බහිද්දී ආය කියන්න ඔනේ නෑනේ චප්ප චුරුප්පම් වෙලානෙ යන්නෙ.

සාරි හැට්ට/ ජැකට්  මහන එකත් ලේසි නෑ.සාරි ගනිද්දි හැට්ට රෙද්දත් තියන සාරිම ගන්න වග බලාගන්නව නම් ගොඩක් ලේසී.නැත්තම් ගැලපෙන හැට්ට රෙදි හොයන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනව.


රෙද්ද හොයාගත්ත කියමු ලයිනින් දාලනේ මහන්නෙ, ඉතින් ලයිනිනුත් අරන් ලයිනින් රෙද්ද හෝදලා අයන් කරලා එහෙම තමා මහන්නත් දෙන්න ඔනේ නැත්තම් මැහුවම හැට්ටෙ ඇකිලෙනව ලස්සනට තියෙන්නෙ නෑ ඇන්දම.


මහන්න ගන්න ගානත් ඒ වගේම තමා. අනික මාල, කරාඹු, සාරි කටු, බෑග්, සපත්තු ඒවට ගැලපෙන විදියට අදින්න එපැයි,එහෙම නැත්තම් ඒකත් හරි නෑ.ටිකක් හීල් එක තියන සපත්තුවක් වත් දාන්න ඔනේ නැත්තම් සාරිය පෑගිලාම ඉවර වෙනව.වැස්ස කාලෙට තාම සාරියෙන් මුහුණ දුන්නෙ නෑ.බලමුකෝ ඒ වෙද්දි කොහොමට හිටීද කියල.


අම්ම නම් කියන්නෙ කොයි දේත් ඔහොමයි පුරුදු උනාම හරි යයි කියල. අවුරුදු 37 ක්ම ඔසරිය ඇදන් ඉස්කෝලෙ ගිය නිසා අම්මට ඒක ජාතික ඇදුම වෙලා,ගෙදරින් එළියට යන්නෙත් ඔසරිය ඇදලා.ඒක පහසුම ඇදුම කියලයි අම්ම නම් කියන්නෙ.බලමුකෝ නේද?මට නම් ඩෙනිම & ටි එක තරම් පහසු ඇදුමක් තවත් නෑ.

Monday, June 4, 2012

තන්තිරිමලේ නම හැදුන හැටි


තන්තිරිමලේ පුදබිම පිහිටලා තියෙන්නෙ අනුරාධපුරේට බටහිරින්.තන්තිරිමලේ ප්‍රදේශය මීට අවුරුදු 2500කට විතර කලින් "තිවක්ක බමුණුගම" කියලත් හදුන්වලා තියනව.


පුරාවිද්‍යාත්මක වගේම ආගමික වටිනාකමකින් යුක්තවන ප්‍රදේශයක් වෙන තන්තිරිමලේ උතුරින් හා නැගෙනහිරින් මල්වතු ඔය, බටහිරෙන් විල්පත්තු වනෝද්‍යානයටත් දකුණෙන් මහවිලච්චිය මාර්ගයෙනුත් වෙන් වෙනව.

මේ ප්‍රදේශය ලංකාවේ පැරණිම ජනාවාස වලින් එකක් විදියටයි සැලකෙන්නෙ.තන්තිරිමලේ කියන නම් හැදුන හැටි ගැන විවිද පුරාවෘත වගේම ජනප්‍රවාදත් තියනව.
කවුරුත් අහල ඇතිනේ දුටු ගැමුණු රජතුමාගෙ පුත් කුමාරයා සාලිය කුමාරයා ගැන.ඒ කුමාරයා සැඩොල් කුලේ කෙනෙක්ව විවාහ කරගත්තා කියලත් අහල ඇති.

ඒ විවාහය රජ ගෙදර තත්වයට නොගැලපෙන නිසා රජ ගෙදර තහංචි කරල තියනව සාලිය කුමාරයාට.ඉතින් සාලිය අශෝකමාලා දෙන්න එයාලගෙ විවාහයෙන් පස්සෙ  මේ ප්‍රදේශයේ වාසය කරල තියනවලු.

ඔය කාලෙ දුටු ගැමුණු රජතුමාට රෝගයක් ඇතිවෙලා තියනව, ඒ රෝගෙට ඕනෙ කරන බෙහෙත් වර්ග මේ ප්‍රදේශයෙන් හොයාගන අශෝකමාලා ගිහින් දීල තියනවලු දුටුගැමුණු රජතුමාට.

ඒ කාරණේ නිසා මාමාලා ලේලිලා අතර තිබ්බ තරහ මරහ අඩුවෙලා ගිහින් හිතවත් කමක් ඇතිවෙලා.ඒ කරපු උදව්වට උපහාරය වශයෙන් දුටු ගැමුණු රජතුමා අශෝකමාලා කුමරියට මාලයක් තෑගි කරල තියනව.

ඒ කාලේ සාලිය අශෝකමාල දෙන්න ජීවත් වුන ප්‍රදේශයේ හිටියලු "තන්තිරි" කියල පොඩි සමනල්ලු විශේෂයක්.අදටත් ඒ සමනල් විශේෂය දකින්න පුලුවන්ලු. 

ඒ සමනල්ලුන්ගෙ හැඩයට තමයි අශෝකමාලා කුමරියට  තෑගි දුන්න රත්තටං මාලෙ කරවලා තියෙන්න.

ඒ මාලේ අදටත් තන්තිරිමලේ කියන ප්‍රදේශයේ නිධන් කරල තියනව කියලත් සැලකෙනව.

ඒ තෑගි දුන්න "තන්තිරි මාලේ" නිසාලු ඔය නමන් ඒ ප්‍රදේශය හදුන්වන්නේ... ඒ තන්තිරි මාලේ පසුකාලීනව තන්තිරිමලේ වෙන්න ඇති.

Friday, June 1, 2012

අවාරේ මිහින්තලේ

කාලෙකට පස්සෙ ඉස්පාසුවක් ලැබුනා පොඩි නිවාඩුවක් ගන්න.ඒක නිසා අපි තීරණේ කරා කොහෙ හරි ඇවිදින්න යන්න.ගොඩක් කල් ඉදලා හිත හිතා හිටියා මිසක  කොහෙවත් යන්න බැරිඋනානේ...

ඒ නිසා හිතුවා ආපහු සැරයක් මිහින්තලේ යන්න,පොඩි කාලෙ ගියාට පස්සෙ ඉතින් යන්න ලැබුනෙත් නෑනේ.

ඉතින් ඔන්න ඒකට චාන්ස් එක කියල හිතලා අපි 4 දෙනා යමු කියල ලක ලෑස්ති උනා.කලින්දා හවස තමා හරියටම ගමන කන්ෆර්ම් උනේ.මේ තියෙන්නෙ ගිහින් ගත්ත පින්තූර ටිකක්.

මෙන්න මිහින්තලේ ස්තූපය ඈතට පේන හැටි

මේ ඉන්නෙ ගිය අයගෙන් දෙන්නෙක්
මේ යන ගමන්


.
සෑහෙන දුරක් තව යන්න ඕනේ..
පඩි නැග නැග යනව
අපි යනකොට හාමුදුරුකෙනෙක් මිහින්තලෙ වන්දනා කරල පහලට එනව
පහළ ඉදන්ම මල් එහෙමත් අරන් ගියෙ
 
මේකේ නම් තාම තින්ත ගාලා නෑවගේ...
මිහිදු ගුහාව
මේං තීන්ත ගාන්න ලෑස්ති වෙනව

මග මේවගේ යාලුවො ගොඩක් හිටියා...
මේ දාන ශාලාව ලග...බත් ඔරුවක්.
මෙන්න තවත් කට්ටිය
පිළිම වහන්සේගේ තින්ත ගානව පොසොන් එකට.
හ්ම්ම්...මහන්සි නිසා හදාගන ආව බත් එක කන්න පටන් ගත්තා.


 සුදු බත් වලින් වැඩි හරියක් කෑවෙ මෙයාල.ඉබ්බොත් කීපදෙනෙක්ම හිටියා...


  මිහින්තලාව

කට්ටියක් ආරාධනාගලට නැගලා බහිනව.හුළග නම් ටිකක් සැරට තිබ්බා.