Tuesday, May 31, 2011

ෆෝන් බිල | ආදරය


දැන් කාලේ ආදරයත් එක්ක ගොඩක් සමීපව සම්බන්ධ වෙන උපාංගයක් තමා ජංගම දුරකථනය ( සිංහලෙන්, හෑන්ඩ් ෆෝන් එක) කියල කියන්නෙ.

අරක පටන්ගත්ත මුල්ම දවස වල ඒ කියන්නෙ මීට අවුරුදු 5කට විතර ඉස්සර මමත්  ප්‍රී පෙයිඩ්,කාඩ් දාල තමයි කතා කරන්නෙ.

ඒක නිසා සෑහෙන්න අවුල් ගිය වෙලාවලුත් තිබ්බ,සමහර වෙලාවට කතාකරන් යද්දි කාඩ් එක ඉවරයි :(.ඉතින් ඕක පටන් ගත්ත මුල් කාලෙ හිටු කියල කතා කරනවනෙ.මොකද හම්බ වෙන්නෙත් ඉතින් කාලෙකින් නිසා.

ඔන්න එකසැරයක් අපිට කැම්පස් නිවාඩු දුන්න එක්සෑම් ඉවරවෙලා,මාසයක් විතර ගෙදර.ෆෝන් කාඩ් එකත් ඉවර වෙලා,නිවාඩු කාලෙ කතා කරන්න කෙනෙක් නැති නිසා.(ගෙදර අයට කතා කරන්නනෙ ෆෝන් එක අරන් දුන්නෙ.:ඩී).අලුත් කාඩ් එකක් ගන්නත් යන්න නිකන් මොකද්ද වගේ.අනික ගෙදර ලෑන්ඩ් ෆෝන් එක තියනවනෙ.ඕන කෙනෙක්ට ඒකෙන් කතා කරන්න බැරියැ.

ඒ දවස් වල අය්යත්  triangulation (ඒක සර්වේ මෙතඩ් එකක් කන්ට්‍රොල් පොයින්ට් එශ්ටැබ්ලිශ් කරන) ගිහිල්ලා.කතාකරන්න හරියට නිදහසක් තිබ්බෙ නැ.එයාට වැඩ,.එයා ඉන්නෙ කන්දක් උඩනේ.

අම්මා ඉස්කෝලෙ යන නිසා මටනම් මාර නිදහස්,මොකටද හෑන්ඩ් ෆෝන් වලට වියදම් කරන්නෙ,ගෙදර ෆෝන් එකෙන්ම කතාකරනව.

මාසයක් ඔහොම කතාකරා, පස්සෙ තමා මතක් වුනේ අප්පා සෑහෙන බිලක් එයිද දන්නෙ නැ කියල.කැම්පස් ගියාට පස්සෙ නම් ඕනෙ දෙයක් කියල හිත හිතා හිටියා. 

කැම්පස් යන්න කලින්,යන්න ඔන්න මෙන්න කියල,කිව්වත් වගේ මෙන්න බිල එනව, හෆොයි...අංක5ක බිලකට වඩා පොඩ්ඩම පොඩ්ඩක් අඩුවෙන්.

ගෙදර අයටත් හෙන සැකයි!...වැරදිලාද දන්නෙ නැ...මෙහෙම කවදාවත් ඇවිත් නෑනෙ...කෝකටත් ඩීටේල් බිලක් ගමු, කියල අක්ක යෝජනා කරාම තමා මටත් ඉහ මොල රත් වුනේ.(එයාටත් ඕනෙ නැති දෙයක් නෑනෙ:/)

ඩීටේල් බිල ගත්තම තමා දැක්කෙ කට්ටිය, එක හෑන්ඩ් ෆෝන්  නොම්බරේකට සෑහෙන්න කෝල්ස් ඇරන් තියනව කියල.මල මගුලයි දැන් මොකෑ කොරන්නෙ?...ඔන්න ඔහොමයි අර වැඩේ අතටම අහුවුනේ.

පලි: සමහරවිට මේකට අදාල කෙනත් මේක බලයි.පරණ මතකයක් අලුත් කරාට කමක් නෑනේ.මගෙ තරහක් නැ..කමෙන්ට් එකක් දාලම යන්නකො පුලුවන් නම්.:).

පින් බලාපොරොත්තුව

අවුකන පිළිමේ අනුරුව
අද ටිකක් විතර විශ්වාස කරන්න අමාරු කතාවක් මගෙ මිත්‍රයෙක් කිව්වා මූණුපොතේ චැට් එකේදී,මම කලින් මේවගේ දේවල් අහල,කියවල තිබ්බට,අදුරන කෙනෙක් මේවගේ දෙයක් කිව්ව පළමුවෙනි වතාව. 

එයාල ඉන්නෙ කදුකර පළාතක,2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් එයාලගෙ තාත්තා බරපැන දරල අවුකන පිලිමේ අනුරුවක් හදනවා ඒ පැත්තෙ පංසලක කියල  මට කලින් කියල තිබ්බා.

පස්සෙ දවසක,හරියටම වෙසක් දවසේ ඒ හදල නිම කරපු පිළිමේ නිරාවරණය කරලා.මූණුපොතේ ඒ පිළිමේ පින්තූර එහෙමත් දාල තිබුනා.අපිටත් දකිද්දි පවා හරි සන්තෝසයි,අවුකන පිළිමේ වගේමයි,හරිම ශාන්ත පෙනුමයි.

අවුකන පිළිමේ අනුරුව
දා ඒ පිලිමෙ නිරාවරණය කරල පස්සෙ දවසක අටවිසි බුද්ධ පූජාවකුත් තියලා.හවස 5ට 5.30ට විතර බුද්ධ පූජාවට පන්සලට ගිහින්, ඒ ටිකේම නොයෙක් පින්කම් එහෙම තිබුන නිසා හාමුදුරුවොන්ට ගොඩක් මහන්සි ඇති කියල හිතලා, නිතර පන්සලට ඇවිල්ල, පංසලේ කටයුතු වලට උදව් වෙන, විශ්‍රාමික විදුහල්පතිවරයෙක්ට කීව්වලු, බෝධිපූජාවට ටිකක් උදව් වෙන්න කියලා.

ගාථා එහෙම කියාගන යද්දි අර කෙනා( විශ්‍රාමික විදුහල්පතිවරයා) ආවේශ වෙලා වගේ මොනවද කියන්න අරගෙන.එක පාරටම 
පොඩි පුතේ!...පොඩි පුතේ!... 
කියල මෙයාලගෙ තාත්තාට ඉස්සරහට එන්න කීවලු,මෙයාලගෙ තාත්තත් ගිහින්,ගියාට පස්සෙ ඔලුව අතගාලා,
පුතා!...මම් බලාපොරොත්තු වුනදේ මම උඹට හීනෙනුත් කිව්වා...උඹ මගේ බලාපොරොත්තුව ඉශ්ථ කරලා...
මට අද හරිම සන්තෝශයි!...කියල.
පස්සෙ මගෙ යාලුවගෙ තාත්ත අහල තියනවා,
දැන් තාත්ත කොහෙද ඉන්නෙ?...කියල.
එතකොට කීවලු,මම ඉන්නෙ ශ්‍රී මහබෝධියෙ උඩමලුවේ... කියල.

මේ තියෙන්නෙ එයාලා හදපු අවුකන පිළිමේ අනුරුව

පලි: මගෙ යාලුවගෙ සීයා වෙනුවෙන් තමයි මෙහෙම පින් කටයුත්තක් කරල තියෙන්නෙ,යාලුවගෙ තාත්තට, සීයා කතා කරන්නෙත් පොඩි පුතා කියලලු.දැන් එයාලා ගොඩක් ආසාවෙන් ඉන්නව අනුරාධපුරේ ඇවිත් (උඩමලුව) ශ්‍රීමහබෝධිය වන්දනා කරන්න.ඔය දාල තියෙන්නෙ එයාල හදපු අවුකන පිළිමේ අනුරුව.

මුතියංගණ රජමහා විහාරය

කාලෙකට පස්සෙ බදුල්ලෙ පැත්තෙ යන්න පුලුවන් වුනා අත‍ය්‍යවශය කාරණාවක් වෙනුවෙන්.ගිය කාරණාව ඉවර වෙලා එද්දි ටිකක් විතර රෑ වෙලා. 

කවුරුත් දන්න කියන කාරණාවක්නේ මුතියංගණ රජමහා විහාරය තියෙන්නෙ බදුල්ල නගරයේ කියලා,අම්මලත් ගොඩක් ආසාවෙන් හිටියා මුතියංගණ විහාරෙට යන්න.ඉතින් කාලෙකින් ඒ පැත්තෙ ගිය එකේ අපිත් මුතියංගණේ වැද පුදාගන්න යන්න හිතුවා හවස් වරුවේ.

හිටිහැටියේ වැස්සක කඩා වැටුන නිසා ඒකත් ටිකක් ප්‍රමාද වුනා..පහුවෙනිදා ගෙදර එන්න පාන්දරින්ම පිටත් වෙන්නත් ඕනේ. ඒනිසා රෑ කියල බලන්නෙ නැතුව යන්න සිද්ද වුනා. 

බුදුහාමුදුරුවො ලංකාවට වැඩම කරපු තුන්වෙනි අවස්ථාවෙදී  මුතියංගණ චෛත්‍යය පිහිටි ස්ථානයේ නිරෝධ සමාපත්තියට පැමිණි බව තමයි බොදු අයගේ විශ්වාසය. 

චෛත්‍යය ගර්භයේ බුදුහාමුදුරුවන්ගේ ගේ මුක්තක ධාතුන් වහන්සේ හා කේෂ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවලු..

බුදුහාමුදුරුවන්ගේ සෘධියෙන් ධාතූන් වහන්සේලා බවට පත් කල දාඩිය බිදු වැඩ සිටින ලොව එකම දාගැබ මුතියංගණ දාගැබ කියලයි සලකන්නෙ..

අම්මල තෙල්,මල්,හදුන්කූරු ගන්නකන් ටිකක් නැවතෙන්න වුනා.
මේ තියෙන්නෙ පිවිසුම් දොරටුව
මුතියංගණ රජමහා විහාර පිවිසුම
දාගැබ ඈතට පෙනෙන හැටි

විහාර ගෙයත් එක්ක දාගැබ
මුතියංගණ ස්තූපය
මුතියංගණ ස්තූපය

අම්මලා පහන් පත්තු කරනව
ස්තූපයේ කොත් කැරෑල්ල
ධර්ම ශාලාව

Wednesday, May 25, 2011

අභයගිරි ස්තූපය

අභයගිරි ස්තූපය හෙවත් උත්තර මහා චෙත‍‍‍ය්‍ය කරවලා තියෙන්නෙ වළගම්බා රජතුමා විසින්.පසු කාලීනව ස්තූපය විශාල කරවලා තියෙන්නෙ ගජබා රජතුමා.

ස්තූපයේ කඩාවැටුනු කොත් කැරැල්ල දක්වා වර්ථමාන උස මීටර් 71.5 විතර වෙනවලු.වැලිමළුවද ඇතුලත්ව මුළු ස්තූපයටම යටවී ඇති ප්‍රමාණය හෙක්ටයාර 5.6ක්.

කාලෙකින් අභයගිරිය වැද පුදාගන්න අවස්ථාවක් හම්බඋනා.ඒත් හදිසියෙන්,අහම්බෙන් යන්න වුන ගමනක් නිසා.මේ තියෙන්නෙ ගත්ත පින්තූර ටිකක්.




 








ආයම සැරයක් පොසොන් එකට මුලු අටමස්ථානෙම වැදපුදාගන්නයි බලාපොරොත්තුව.එතකොට තවත් පින්තූර එකතුවක් ඔයාලත් එක්ක බෙදාගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා.

Monday, May 23, 2011

අමුතු හිගන්නා


මේ කියන්න යන හිගමන් යදින්නා මම් දෙසැරයක් විතර අනුරාධපුර - නුවර බස් එකේදි දැකල තියනවා.දවසක් මම හිතන හැටි ලියන ළමය මල්ලිත් මෙයා ගැන මට කිව්වා මතකයි,අක්කා මම අද මාර හිගන්නෙක් දැක්කා...බස් එකේදී... කියල.

මේ කියන කෙනා ටිකක් විතර විරූපි මුහුණක් තියන මැදිවයසේ පිරිමි කෙනෙක්,ඩොල්කියක් අරන් තමා බස් එකට නගින්නෙ.

නැගල ඩොල්කිය පැත්තකින් තියලා, පොඩි වෙසක් කාඩ්,නැත්තම් දින දර්ශන බෙදාගන බෙදාගන යනව බස් එකේ ඉන්න හැමෝටම, ළමාලපටි, වැඩිහිටි, ගැහැනු පිරිමි භේදයකින් තොරව.

පස්සෙ තමයි ආයම බස් එක ඉස්සරහ වාඩිවෙලා ඩොල්කිය ගගහ සින්දු කියන්න පටන් ගන්නෙ,ගොඩක් කියන්නෙ "ජෝතිගෙ ගීත".

එහෙම කියල ඉවර වෙලා ඔන්න එනව සල්ලි එකතු කරන්න,එතකොට තමා හොදම හරිය වෙන්නෙ.සල්ලි දෙන්නෙ නැති අය එයා කලින් දුන්න දිනදර්ශන /වෙසක් කාඩ් ආපහු දෙන්න හදනව.

එතකොට එයා කියනව අනේ!... මම් දුන්න දෙයක් ආපහු ගන්නෙ නැ...සල්ලි දුන්නෙ නැතිවුනාට කමක් නැ,...ඔයාල ඕක තියාගන්න... කියල. ඉතින් එතකොට මිනිස්සුන්ට කර කියාගන්න දෙයක් නෑ,ගොඩක් අය සල්ලි කීය කීය හරි දෙනව ,සල්ලි නොදී ඉන්න හිටපු අයත්.

එක බස් එකකින් සෑහෙන මුදලක් ලැබෙනව, ගොඩක් අය රුපියල් 10,20,50...ඊට වඩා දෙන අයත් ඉන්නව.

ඒ අතරේ ඕනම කෙනෙක්ට විහිලුත් කරනව.අනේ අහක බලාගන ඉන්න එපා,මම කැතයි තමා මොනව කරනන්ද උප්පත්තියෙ හැටිනේ...මෙහෙම එලුවෙක් වුනාට මම් ඉස්සර හොද නලුවෙක්...මට කලින් ලමයි 33ක් හිටිය,දැන් ඉන්නෙ 3යි කිය කිය...

මිනිස්සුන්ගෙ ගමන් විඩාවත් නිමිල ගිහින්, ගොඩක් අයට හිනා යනව ඉතින් ඒ කතා අහන් ඉද්දි. මේ මම් දැක්ක වෙනස්ම ආකාරේ හිගන්නෙක්.

සල්ලි ඉල්ලගන්න හිගමනේ යෙදෙන අය විවිද ආකාරයේ විදි පාවිච්චි කරද්දි මේ මනුස්සය වෙනම විදියක් හොයාගන,එක අතකින් හොද උපක්‍රමයක්.නුවර පැත්තෙ කෙනෙක්නම් සමහර විට ඔයාලත් මෙයාව දැකල ඇති.

නිදාගන්නාකාරය | හොස්ටල් මතක


අපි එක එක්කෙනා නිදාගන්න විදිය වෙනස්, ඒ කියන්නෙ එක එක්කෙනාට පොඩි කාලෙ ඉදන් හුරු පුරුදු විධි තියනවනෙ .සමහර අය වම් පැත්තට හැරිල,සමහරු දකුණට හැරිල.සමහරු උඩුබැලි ආකාරයට.සමහරු මුනින් අතට හැරිලා...

තවත් සමහරු "අල්ප දයන්න" ගහල.තවත් අය අර තෙල් බවුසර් වල ඇදල තියන මනුස්සය වගේ..,අපි යුනි එකේ හොස්ටල් ඉද්දි දැක්ක අරුම පුදුම නිදනාකාරයක් තමා මේ කියන්න යන්නෙ.

විශේෂයෙන් මේ විදිය දකින්න ලැබෙන්නෙ විභාග දවස් වලට තමා.සිංගල් ඇදේ තවත් කට්ටියකට ඉඩ තියාගන ඉන්න කෙනෙක් ඉන්නව,එයා ඒ සෙමෙස්ටර් එකට තියන සබ්ජෙක්ස් ලියන පොත් ඔක්කොමත් ඒ ඇදේ තියාගන තමයි නිදාගන්නෙ.

 තව කලුම කලු ටෙඩී කෙනෙකුත් තියන් ඉන්නව.අපිනම් ඒකාට කිව්වෙ  "හොර පූසා" කියල.

ගොඩක් වෙලාවට විභාගෙ දවස වල මුලු රෑම කාමරේ ලයිට් එක දාලනෙ ඉතින් තියෙන්නෙ.මොකද එක එක්කෙනා නැගිටින්නෙ එක එක වෙලාවටනෙ.

මේ කියන කෙනා නින්දෙන් හිටපු ගමන් නැගිලට පොතත් අරන් ඇදේ ඉදන්ම පාඩම් කරනව,ආයම ටික වෙලාවකින් නිදි.කවදාවත් මේසෙට ගිහින් පාඩම් කරන්නෙ නැ.

ඔහොම මුලු රෑම විටින් විට ඇහැරල තමයි ඉන්නෙ.එච්චර තමා එයාගෙ පාඩම,ඒත් එක්සෑම් එකත් ගොඩදානව,ඒ විදියට පාඩම් කරල.ඒ එයාගෙ හැකියාව.

 එයා නිදියගන්නෙත් හරිම අමුතු විදියකට,ඒ කියන්නෙ උඩුබැලි අතට,හරියටම අර මල මිනියකගෙ ස්වරූපයෙන්.අත් දෙකත් එකතු කරල පපුව උඩින් තියාගන.වෙලාවකට බාගෙට ඇසුත් ඇරන්.

වැරදිලාවත්  වෙන රූම් එකක කෙනෙක් ඒ රූම් එකට ආවොත් අනිවාර්යෙන් බය වෙනව,
ඇහ්...ඒ මේ...
මොකද බොල මේ....මේකා නිදිද?...
පාඩම් කරපුව මතක් කරනවද මේ...
මේකා නිදියන්නෙ බාගෙට ඇස් ඇරගෙනනේ...බ්ලා...බ්ලා...

එයාට කොච්චර කිව්වත් ඔයා නිදාගන්නෙ මෙහෙම කියල එයා විශ්වාස කරේ නෑ.

දවසක් විභාගෙ දවස් වල රෑ දෙගොඩ හරියෙ ඔය විදියට නිදාගන ඉන්න පින්තූරයක් ගන්න ගිහින්,එයාට ඇහැරිලා හෙන ගිනි විජ්ජුම්බරයක් වුනා.විභාගේ දවස් වලටවත් දාංගලේ නැතුව නිකන් ඉන්න බැරිද කියල එදා කට්ටියට හොදට අහගන්නත් සිද්ද වුනා.

Sunday, May 22, 2011

ගුටිය


මේ සිද්දිය මට කිව්වෙ යාලුවෙක්.ඔන්න එයා දවසක් කැම්පස් එකේ ඉදල ගෙදර එනවලු.ටිකක් පරක්කු වෙලා,එදා ලෙක්චර් එකකටත් ඉදල තමා ගෙදර යන්න බස් එකට ඇවිත් තියෙන්නෙ.

ඒ වෙද්දි දවල් 11ට විතරලු.පැය 4ක විතර ගමනක් නිසා බස් එකේ අය්නක් අල්ලගන්න තියනවනම් හොදයි කියල හිතනකොටම අලුතෙන්ම බස් එකක් ඇවිල්ල නවත්තල.ඉතින් ඒකට නැගල සීට් එකේ අයිනකුත් අල්ලගන හිටියලු.

ගෙදර යද්දි ඉතින් තඩි බෑග් එකක් අරන් යනවනෙ කාලෙකින් ගෙදර යන නිසා,අනික ලැප්ටොප් එකත් තියනව.බඩු ටිකක් වැඩීයි.බෑග් එක උඩට දාල ලැප් එක කකුල උඩ තියන් ඉන්නවලු.

බස් එක යන්න හදද්දිත් එච්චර සෙනගක් බස් එකේ ඉදලත් නෑ,වෙලාව 11 කියන්නෙ කොහෙට්වත් නැති වෙලාවක් නෙ.ඒ නිසා කීපදෙනෙක් විතරයි ඉදල තියෙන්නෙ.
 
ඔන්න එක පාරටම පොඩි කොල්ලෙක් ඇවිත් ඔච්චර ඉඩ තියෙද්දි  මෙයා ලගින්ම ඉදගන.එයාට එහා පැත්තෙ සීට් එක සම්පූර්ණයෙන්ම ඒ වෙද්දිත් හිස්ලු.

ඒත් මේකා මෙයා ලග වාඩිවෙලා.දැන් ඉතින් තරහේ බෑලු.ඒත් ගානක් නැතුව හිටියලු පෙනුමෙන් පොඩි එකෙක් වගේ පෙනුන නිසා.

එයා කොහොමත් බස් වල යද්දි නිදාගන යන්නෙ ,අනික ටිකක් කතාවත් අඩු කෙනෙක්,ඒ නිසා එහා පැත්තෙ කවුරු හිටියත් ගානක් නැ. ටිකට් එක ගන්නකන් ඇහැරල ඉදල ටිකක් නිදා ගත්තලු,

ඔන්න ටිකවෙලාවකින් දැනෙනවලු අර ලග හිටපු පොඩි කොල්ල නිදිවගේ ඔලුව මෙයාගෙ ඇගේ හැප්පෙනව.මෙයා හිතල තියෙන්නෙ පොඩි එකෙක්නෙ,නින්ද ගිහින් වෙන්නැති කියල ඒත් ටිකක් අවදානයෙන් හිටියලු.

ටික වෙලාවකින් මෙයාටත් නින්ද ගිහින් මෙන්න අයම ඔලුව ඇගේ හැප්පෙනවලු,මෙයා කතා නොකරම  ටිකක් එහාට වෙලා.ආයෙත් ටිකකින් ඒ කොල්ලගෙ අත මෙයාගෙ කකුල උඩලු.
 
ඒ වෙලේ නම් හොදටම තදවෙලා,ලැප් එක තියන නිසා හරියට පේන්නෙත් නැලු.

ඒ වෙලාවෙනම් ඇනල කතාකරල කිව්වලු, මේ...පොඩ්ඩක් අයින් වෙනවද?...කියල. අර කොල්ල නිකන් හීනෙන් බයවෙලා වගේ ඈත් වුනාලු.

ටික වෙලාවකින් මෙන්න ආයම අර විදියලු.දැන්නම් හොදටම තද වෙලා,නැගිලට වෙන සීට් එකකට යන්නත් හිතුනලු.ඒත් ඒ වෙද්දි සීට් වල ඉඩ තිබ්බෙ නෑලු.

හිටපන්කො කරන්න හොද වැඩක් කියල, මෙයා අත මිට මොලවට හයියෙන් ශොට් එකක් අර කොල්ලගෙ කකුලට දීල,ඒකා උඩ ගිහින් බිම වැටුන වගේ ඇහැරලා,මෙයා බැනගන බැනගන ගිහින්.එහාපැත්තෙ සීට් එකේ හිටිය කෙනා තුශ්නීම්භූත වෙලා වගේ බලන් ඉන්නවලු.

පලි: ඊට ටික වෙලාවකට පස්සෙ අර කොල්ල බස් එකෙන් බැහැල ගිහින්.මෙයා මොකුත් නොවුන ගානට බස් එකේ ආවලු.

Saturday, May 21, 2011

පව් සිද්ද වෙනවද?


දන්න අය දන්නව ඇති 176 කියන්නෙ සතියෙ වැඩ කරන දවස් වලට ගොඩක් සෙනග ඉන්න බස් යන රූට් එකක් කියල.මමත් කාලයක් නුගේගොඩ පාලම යටින් 176යේ නගිනවා.

එපා කරපුම වැඩේ තමා බසේ එකේ යනඑක.පයින් යන්නත් හිතුන වෙලාවල් ඕනෙ තරම්,ඒ තරම් බස් වල සෙනග උදේට.

ඔන්න දවසක් උදේ වැඩට යන වෙලාවෙ 176යේ බස් එකක් එනව.කට කපල සෙනග.මොනා කරනන්ද ඉතින් වෙලාවට යන්නත් එපැයි.හරියට සැමන් වගේ පැක් වෙලා ටිකක් හැරෙන්නවත් ඉඩක් කඩක් නෑ.

බස් එකට නැග්ගහම තමා දැක්කෙ හාමුදුරුවො දෙන්නෙක් වාඩිවෙලා ඉන්නව අර පූජ්‍ය පක්ශයට වෙන් කරපු ආසනේ.ලංකාවේ හාමුදුරුවො දෙන්නෙක් නෙමේ පෙනුන හැටියට සුදු හාමුදුරුවො දෙන්නෙක්.

ඔන්න තවත් ටිකවෙලාවක් යද්දි  කීපදෙනෙක් නැග්ග නිසා ටිකක් බස් එක ඇතුලට යන්න වුනා.ගිහින් නැවතෙන්නෙ වුනේ අර හාමුදුරුවො දෙන්න හිටිය සීට් එක ලග.

එතනින් එහාට කකුලක් වත් හොල්ලනව බොරු,ඒ තරම් පැක් වෙලා හිටියෙ.ඒත් එක්කම එතන හිටපු මනුස්සයෙක් කියපි, හාමුදුරුවන්ගෙ ඇගේ ගෑවෙන්නෙ නැතුව ඉන්න!... කියල.

එතන හිටපු මිනිස්සු ඔක්කොම මම් දිහා බැලුව.ඒත් මම් හිතන්නෙ ගොඩක් අයට තේරුනා ඉඩනැති නිසා මට එතන ඉන්න වුනා කියල.මට කරගන්න දෙයක් නෑ,අයින් වෙන්න තියා හැරෙන්න වත් ඉඩක් නෑ.හොදවෙලාවට බහින තැන ලංවෙලා තිබ්බ නිසා අමාරුවෙන් බැහැල ගියා මම්.

ඒත් මට වෙච්ච දේට ගොඩක් දුක හිතුන.මම් හිතල කරපු දෙයක් නොවුනත් ඒ මනුස්සය කිව්ව දේ මගෙ හිතට වද දුන්න.මගෙ හිතක වත් තිබුන දෙයක් නෙමේ ඒ මනුස්සය කිව්වෙ.කීපදෙනෙක් ගෙනුත් මම් අහල බැලුවා.

සමහරුනම් කිව්වෙ ඔයා හිතල එහෙම දෙයක් කරපු නැති නිසා ඔයාට පව් සිද්ද වෙන්නෙ නෑ කියල.ඒත් එක්කෙනෙක් කිව්ව,ඔයා එහෙම දෙයක් හිතල කරේ නැතිවුනාට ඒ හාමුදුවොන්ට වෙන හැගීමක් දැනුනොත් ඒක ඔයාට පවක් කියල.අනේ මන්ද?... මටත් වෙන දේවල්...

Friday, May 20, 2011

හීනෙන් පාවෙලා තියනවද?


ඒ උසස්පෙළ විභාගෙට සූදානම් වෙන අවසාන කාලේ.සමහර දවස වල පාන්දර 1ක 2 ක වෙනකම් පාඩම් කරා,ගනන් හැදුවා.රිවිශන්-තියරි ටියුශන් ක්ලාස් වල වැඩත් එක්ක පාඩම් කිරීමත් දිගටම කරගන ගියා.

ආය කියන්නත් දෙයක්ද හැමෝම දන්නවනෙ ඉතින් උසස් පෙළට කට්ටිය මහන්සි වෙන තරම.කොහොම හරි ගොඩ යන්නමනෙ ට්‍රයි එක දෙන්නෙ එක පාරින්ම.ඒ දවස් වල පාඩම් කරල ඉවර වෙනකම් වගේ අප්පච්චිත් ඇහැරල ඉන්නවා සති අන්ත පත්තර බලබල.

අනික සමහර දවස වල මහන්සියට දන්නෙම නැතුව නින්දත් යනවා.එක්කො මේසෙ උඩ නැත්තම් ඇදේ,පොතක් දිග ඇරගත්තු ගමන්.

සමහර වෙලාවට නින්දෙන්මත් කියනව අප්පච්චි ලයිට් එක නිමන්න...! කියල.පස්සෙ තමා තේරෙන්නෙ අහ්...ලයිට් එක නිමලනේ... කියල.

ඒ දවස් වල තිබ්බ තව ලෙඩක් තමයි පාවෙන එක.මෙහෙම කිව්වම සමහරු හිතයිද දන්නෙ නැ...බොරුවක් කියනව කියල.ඒත් හීනෙන් හරි මෙහෙම දෙයක් සිද්ද වුනා.

ඒ කියන්නෙ මට හොදට තේරෙනව නින්දෙ ඉන්නෙ කියල.හිටපු ගමන් පාවෙන්න පටන් ගන්නව වගේ වෙනව.

ඒත් එක්කම තේරෙනව මම් මේ ඉන්නෙ ඇදේ නින්දෙ කියල,ලොකූ බයක් දැනෙනව ආය "බාගන්න" (පහලට එන්න) බැරිවෙයි කියල. පහලට එන්න උත්සහ කරත් ඒක වෙන්නෙ නැ.

මට මතකෙ හැටියට කාමරෙන් සාලෙටත් ඔහොම ගිහින් තියනවා.ටික වෙලාවටකින් ආයම සාමාන්‍ය තත්වෙට  පත් වෙනව.ඒ කියන්නෙ එහෙම්මම නින්ද යනව ඇති.අනේ මන්ද?

මේ වෙනකන් කාටවත් මේ කතාව කියල නෑ.දවසක් System 40 යාලුව ඔය වගේම විස්තරයක් කිව්ව එයාට වෙච්ච.එයාත් පාඩම් කරන කාලෙ ඔහොම දෙයක් වුනා කියල.


එයත් කාටවත් කිව්වෙ නෑලු ඒ වෙනකම්,මොකද කිව්වත් කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල.කිව්ව විදියටනම් ගොඩක් මහන්සියට නිදි මැරුවම ඔහොම වෙන්න පුලුවන් ලු.

හැබැයි ඊට පස්සෙ නම් එහෙම දෙයක් වුනේ නෑ.වෙලාම බලන්න ඕනෙ එහෙම එකක්!... අම්මෝ දැනෙන බය...

Thursday, May 19, 2011

සොයුරාණනි ඔබට නිවන් සුව...!


ඊයෙ මධ‍ය්‍යම රාත්‍රියත් පහුවෙද්දි  අක්රේ මිත්‍රයෙක්ගෙන් ලැබුන පණිවිඩයකින් කියවුනා දිලුම් මල්ලි අපි ඔක්කොමලව දාල යන්න ගිහින් කියල,ආයමත් නොඑන්නම.

ඒත් හිතාගන්න බැරිවුනා.මොකද ඒක අපි කවුරුත් බලාපොරොත්තු නොවුන ආරංචියක් නිසා .

අනික මෙච්චර ඉක්මනට මෙහෙම දෙයක්!...

විශ්වාස කරන්න බැරිම තැන තවත් දන්න කීප දෙනෙක් ගෙන්ම අහල බැලුවෙ සැකේට.

එත්... ඒ හැමෝම කිව්ව විදියට නොහිතපු වෙලාවක දිලුම් මල්ලි මේ හැමදේම දාල යන්න ගිහින්.

මම් මගෙ බ්ලොග් එක ලියන මුල් කාලෙ කොමෙන්ට් දාපු කෙනෙක් විදියට ඉලංදාරියාව (දිලුම් මල්ලිව) අදුන ගත්තෙ.

කාලයත් එක්ක ගොඩක් දේවල් සිද්ද වුනා.

දිලුම් මල්ලිගෙ අසනීපෙ වෙනුවෙන් සයිබර් යාලුවො ගොඩක් දෙනා මහන්සි වුනා.

ඒත්...මේ වෙද්දි දිලුම් අපි ඔක්කොමලව දාල යන්න ගිහිල්ලා...
දිලුම් මල්ලී, ඔබට නිවන් සුව! ජාති ජාතිවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා!

Tuesday, May 17, 2011

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!



වීරිය ගෙන කෙලෙස් වලින් නික්ම යන්න.
බුදු සසුන සෙවණේ වාසය කරන්න.
බලවත් ඇතෙකු, බට දඩුවලින් තැනූ නිවසක්,
සුනු විසුණු කොට දමන්නාසේ,
මේ මාර සේනාවද සුණු විසුණු කොට දමන්න. 
කෙනෙකු,ධර්ම විනය තුළ අප්‍රමාදීව,
සමථ-විදර්ශනා පුරුදු කිරීමට වෙහෙසෙත් නම් හේ,
සසරේ ඉපදීම සදහටම නැතිකොට 
සියලු දුක් කෙළවර කොට දමන්නේ වේ.

උපුටා ගැනීම: බුදුසසුනේ පිහිට ලබන පින්වත් නැගණියනි.. කෘතිය ඇසුරෙන්.

Monday, May 16, 2011

ගිහි ජීවිතයෙන් නිවන කරා...



සුවහසක් කම්කටොළු මැද ගිහි ජීවිතය ගතකරන ඔබට ධර්මය අවබෝධ කළ හැකිද?යන්න බොහෝදෙනා නගන ගැටළුවකි.එයට ධර්මානුකූලව දිය හැකි පිළිතුර නම් ගිහි ජීවිතය ගත කරන ශ්‍රාවකයන්ට ධර්මය අවබෝධ කොට මාර්ගඵල ලැබිය හැකිය යන්නයි.අප කවුරුත් අසා ඇති බිම්බිසාර රජතුමා,අනේපිඩු සිටුතුමා,විශාඛා මහ උපාසිකාව,වැන්නවුන් ගිහි ජීවිතය තුල සෝතාපන්න වූ ශ්‍රාවකයන්ය.චිත්ත ගෘහපති, හත්තාලවකපුත්ත සිටුතුමා, නන්ද මාතාව, බුජ්ජුත්තරාව වැන්නවුන් අනාගාමී තත්ත්වය දක්වා දියුණු කළ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ය.

වර්තමානයේ පවා ගිහි ජීවිතය තුළ දී ධර්මය අවබෝධ කිරීමට නම් කළ්‍යාණ මිත්‍ර ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත් බාහිරින් ලැබිය යුතුය.යෝනිසෝමනසිකාරයත්, ධම්මනුධම්ම ප්‍රතිපදාවත් තමන් තුළ ඇතිකර ගැනීමෙන් මේ ජීවිතයේදීම මග ඵල ලැබිය හැකිය.

මේ ධර්ම ග්‍රන්ථය තුළින් ගිහි ජීවිතයෙන් නිවන කරා ඔබව රෑගෙන යන ශ්‍රී සද්ධර්මය ඇතුළත් ධර්ම දේශනා තුනක් ඔබ අතට පත්වේ.මම ග්‍රන්ථය ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව පරිශීලනය කිරීම තුළ ධර්මාවබෝධය පිණිස බාහිරඅංගයක් ලෙස ලැබිය යුතු කළ්‍යාණ මිත්‍ර සේවණයත්,සද්ධර්ම ශ්‍රවණයත් නොවඩුව ලැබෙනු ඇත.

පොතේ පසුපිටේ සදහන් වෙන ආකාරයට පොත ගැන කෙටි විස්තරයක්  ඒ කිව්වෙ.වෙසක් එකට කලින් කියවල ඉවර කරන්න හිතුවට මට ඒක කරගන්න බැරිවුනා.ඉතා වටිනා ධර්ම කරුණු රෑසක් මෙහි අඩංගු කරල තියනවා,සරලව තේරුම් ගන්න පහසු ආකාරයට ලියල තියන නිසා කියවන්නත් ආස හිතෙනව.බුදුදහම ගැන ලියවුනු පොත් කියවන්න ඔයාලත් කැමති වෙයි කියල හිතෙනවා.පොත ලියල තියෙන්නෙ ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවෝ.

Sunday, May 15, 2011

අදුරන්න පුලුවන්ද මෙයාව?

සාලෙ තිබ්බ පුටු කකුලක එතිල ඉදල, මෙන්න ආයම යනවා
මේ දවස් වල ඉස්පාසුවක් නැතුව ගොඩක් අය වෙසක් එකට ලෑස්ති වෙනව.මමත් ඉතින් වෙසක් එක වෙනුවෙන් ගෙදර ඉස්සරහ අඹ ගහේ එල්ලන්න කියල වෙනදා වගේ වෙසක් කූඩු හද හදා හිටිය,තව දවස් 2යිනේ තියෙන්නෙත් හරියටම වෙසක් එකට.ගෙදර එහා මෙයා යද්දි තමයි මෙන්න මෙයා එකපාරටම කකුලට පෑගුනේ.

යන ගමන්..
 අදුරනවද?... බලන්න කවුද කියල ,ගැරඩි පැටියෙක් නම් නෙමේ...අනික අර කලු පාර ඉරි ඉරිත් තියනව...මම් නම් අදුර ගත්තෙ නෑ,හිමීට හිමීට සාලෙට ආව,ටිකක් වෙලා බලන් ඉදල තමයි මම් මේ පින්තූරෙ ගත්තෙ ,ෆෝන් එක අතේ තිබ්බ නිසා.බයවෙච්ච තරමට කරන්න ඕනෙ මොකද්ද කියල හිතාගන්නත් බැරිවුනා.මොකද ඒ වෙද්දී ගෙදර හිටියෙත් මම විතරයි.

එලවන්න ගිහින් කෑවොත් කියන බය ඇතිවුනා,මරන්න ඕනෙ කියල නම් හිතුනෙ නෑ.මොකද මන්ද?...ඒ වෙලේ අතට අහුවුනේ ලගපාත තිබ්බ කොස්ස.කොහොමහරි තල්ලු කරගන ගිහින් සාලෙන් එලියට දැම්ම.එතනින් මිදුලට,මිදුලෙන් ගේට්ටුව ඇරල කෙලින්ම පාරට.වෙන කරන්න දෙයක් හිතාගන්න බැරිවුනා.මරන්න බෑනෙ :/

ගෙදර කට්ටිය ආවට පස්සෙ ෆොටෝ එකත් පෙන්නල විස්තරේ කිව්වා.එයාලටත් පුදුමයි කොහොම ගේ ඇතුලට ආවද කියල,අනික එළියෙ කුනුගොඩක් වත් නෑ.මේ කාලෙ පෑවිල්ල නිසා සත්තු වතුර හොයන් එනවලු,කවුද දන්නෙ කොහෙහරි යන ගමන් මෙයාට මාවත් බලල යන්න හිතුනද කියල.



Saturday, May 14, 2011

මගෙ කොමෙන්ට්ස් ගිහින්


පහුගිය දින (මැයි 13) බ්ලොග‍ර් ලියන ගොඩක් අය හිටියෙ නිකන් හරියට අතල් පයක් කැඩිල වගේ.ඒ බ්ලොග් එකට ලොග් වෙන්න බෑ කියල මැසිවිලි නගමින්.කොහොමහරි ඔන්න දැන් ආය බ්ලොග‍ර් ලොග් වෙන්න පුලුවන්.සමහරුන්ගෙ කොමෙන්ට්ස් එහෙමත් නැතිවෙලාලු.සමහරු වර්ඩ්ප්‍රෙස් වලට මාරු උනා කියලත් අහන්න ලැබුනා.එයාල මොකද්ද මේන්ටේනන්ස් එකක කරලලු, ඒකනෙ මේ වෙලා තියෙන්නෙ. බ්ලොගර් බස් එකේ තියන විස්තරේ බලන්න මෙතනින් .

Thursday, May 12, 2011

ආරක්ශාවක්ද ?වෙන මොකක් හරිද?



මේක ඇත්තම ඇත්ත සිද්දියක්,අපේ මාමා කෙනෙක් ගෙයක් හදාගන තිබුන ගමේ,ඒ කියන්නෙ මාමාගෙ තාත්ත ලියල දුන්න ඉඩමක,හැමෝම කිව්වෙ ගොඩක් සරුසාර ඉඩම කියල.මොකද එක පැත්තකින් වැව,අනික් පැත්තෙන් කුඹුරුත් තියනව.පොළවත් සරුසාරයි දැක්කම කියන්න පුලුවන්,ගොඩක් ගස්කොලං එහෙමත් හදල කරල තිබ්බා.


මාමාට තව අය්ය කෙනෙක් හිටිය,එයා ගොඩක් ආසාවෙන් ඉදල තියෙන්නෙ මේ ඉඩම එයාට දෙයි කියල.ඒත් ලොකු අත්තා (මාමාගෙ තාත්තා) ඒ ඉඩම ලියල දීල තියෙන්නෙ මේ පොඩිමාමාට.ඒ නිසා ලොකු මාමා හිතේ පොඩි නෝක්කාඩුවකින් ඉදල තියෙන්නෙ.


ඔය අතරෙ පොඩිමාමගෙ විවාහයත් වුන නිසා ඒ ඉඩමෙ ගෙයක් හදන්න පටන් අරන්.සෑහෙන කාලයක් මහන්සි වෙලා ගෙයක් හැදුවත්,එච්චර කලක් ඒ ගෙදර ඉන්න හම්බවෙලා නෑ.එක එක හේතු නිසා  පහුකාලීනව ඒ මාමා තීරණය කරල ටවුමෙ තිබ්බ ගෙදරට එන්න.ඒ වෙද්දි මාමාට ළමයි දෙන්නෙකුත් හීටිය.


අන්තිමට අර හදපු ගමේ ගෙදර වහල දාල තිබ්බ,හිටවල තිබ්බ පොල්ගස් වලත් ආදායම ගොඩක් අරගත්තේ අර ලොකු මාමා.පොඩිමාමා නම් කිව්වෙ ඉඩම් බදාගන ඉන්නෙ නැතුව ටවුමට ආව නිසා තමයි ළමයි දෙන්නට උගන්නගත්තෙ කියල.


මේ ලගදි මාමාට ඕන වෙලා තියනව අර ගමේ ගෙදර කඩල ලී ටිකවත් අරන් එන්න ඕනෙ කියල, මොකද ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑනෙ.ගොඩක් ඉඩම පරිභෝජනය කරේ අරගොල්ලො.ඒ නිසා දවසක් ගිහින් ගේ කඩල උලු, ගඩොල් එහෙම ගමේ නැති බැරි කීපදෙනෙකුට දීල,ලී ටික පටවන්න හදද්දි,ලොකු මාමාගෙ පුතත් ඇවිල්ල හිටියලු උදව්වට.


එක පාරටම ඒ අය්ය පොඩි කුප්පියක් වගේ එකක් අර ගඩොල් ගොඩ අස්සෙ තිබිල අහුලගන, මේ බලන්නකො බාප්පේ...! මේ මොකද්ද?...කියල මාමාගෙ අතට දීල.ඊට පස්සෙ ඒ වෙලාවෙ එතන හිටපු අයත් එක්කක කඩල බලල,හරියටම අර තෙල් බෙහෙත් දාන කුප්පියක් වගේමලු.ඒක ඇතුලෙ මොනව්ද ඇට ජාතියක් වගේ දෙයකුත් තිබ්බලු,ගොඩක් පරණ එකක්.


තව රෝල් කරපු තඹ පත්‍රයකුත් තිබිල,ඒකෙ මොනවද ඇදලත් තිබ්බලු.මැද මිනිස් රූපයක් ඇදල අර මාමාගෙ නමත් ලියල. ඒකෙ නම ලියල තිබ්බෙ ලොකු මාමා නම ලියන විදියටමලු.ගොඩක් අය කිව්වෙ එහෙනම් එයා වෙන්න ඇති මේක කරන්න ඇත්තෙ කියල.එයා ඔයවගේ දේවල් කරන්න දන්නවලු.


සමහර විට කාට හරි දෙන්න ඇති ගෙදර බිත්ති බදිද්දි ඒකත් තියලම බදින්න කියල.පුදුම වැඩේ කියන්නෙ එයාගෙම පුතාටම මේක අහුවුන එක.ඒත් මාමා කිව්වෙ එයාට හොදනම් කමක් නැ....අපි කවුරුත් ඕව මැරෙද්දි අරන් යන්නෙ නෑනේ...කියල.

Wednesday, May 11, 2011

මේ සැරේ වෙසක් එකටත් වෙසක් කූඩුවක්


වෙසක් එකත් ලග ලගම එනව,මේ වෙසක් දවසෙ ලොකු විශේෂත්වයකුත් තියනවනෙ,ඒ හරියටම අපේ බුදු හාමුදුරුවො බුද්ධත්වයට පත්වෙලා අවුරුදු 2600ක් පිරීම.ඒ වෙනුවෙන් ගොඩක් දෙනා ලකලෑස්ති වෙනව.

වෙන සැරවල් වල වගේම ආමිස පූජා, ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් "පිළිවෙතින් පෙළගැසෙමු" කියල තේමාවකුත් එක්ක වෙසක් දිනය සමරන්නයි ගොඩක් දෙනාගෙ බලාපොරොත්තුව.


වෙසක් එකට වෙසක් කාඩ් යැවීම ඇරුනම විශේෂයෙන් පොඩි අය කැමතිම දෙයක් වගේම නැතුවම බැරිදෙයක් තමා වෙසක් කූඩු කියන්නෙ.ඕනෙම ගෙදරක එක වෙසක් කූඩුවක් හරි හැදෙනව.අඩුමගානෙ බකට් කීපයක්,පහනක් හරි පත්තු කරනව.කොඩිකීපයක්,බල්බ් වැලක් හරි දානවා.

දැන් නම් ගොඩක් වෙසක් කූඩු එහෙමත් කඩෙන් ගන්න තියනව ඕනෙ තරම් කිසිම මහන්සියක් වෙන්න ඕනෙ නෑ, සැකිල්ල විතරක් නම් එහෙම ,නැත්තම් සම්පූරණ කූඩුවම හදල කොල අලවලා, ආවරණය කරලත් දෙනව පොලිතින් වලින්.

එක අතකින් එහෙම දෙන එකේ හොදකුත් තියනව,,කැමතිඅයට සල්ලි දීල අරන් යන්නත් පුලුවන්. කූඩුවක් හදන්න කාලය, උණබට ආදී දේවල් හොයාගන්න අපහසුනම්.

ඒත් ඉතින් තමන් අතින් හදන එක තරම් සතුටත් නෑ කියල මටනම් හිතෙන්නෙ.අපි පොඩිම කාලෙ අපේ ගෙදර වෙසක් කූඩු හැදුවෙ අප්පච්චි,කොහෙන්හරි හොයන් ඇවිත් උණබට කපල සුද්ද කරල වේලෙන්න දාන්නත් ඕන,නැත්තම් කූඩුව හැදුවහම ඇද ගහනව.

කූඩුව හදල දුන්නම කොළ අලවන්න, රෑලි කපන්න, පාප්ප ගාන්න අපි සැදී පැහැදී ඉන්නව.හැමදාම අපේ ගෙදර හදන්නෙ අටපට්ටම්,ලොකු කූඩුවයි පැටව් ටිකයි.

ඒකත් සැහෙන විනෝදයක්,පාප්ප එහෙම හදාගන සමහර වෙලාවට ඇගේත් ගාගන්නව.කූඩුව අලවන්න ගේන්නෙ සුදුපාට සව් කොල,සුදු පාටේ අමුතුම නිවිච්ච, ශාන්ත ගතියක් තියනව,රෑට ලයිට් දාල ඇතට ගිහින් බලාගන ඉද්දි අමුතුම පහන් හැගීමක් හිතට දැනෙනව.රෑලිත් දිගට දැම්මම ගොඩක් ලස්සනයි.

කූඩු හදන්නෙ වෙසක් දවසට දවස් 2කට විතර කලින්,සමහර දාට වෙසක් දවසෙ උදේ වෙනකන් ඒ වෙනුවෙන් වැඩ,අල්ලපු ගෙදර නංගිටයි මල්ලිටයි පෙන්නන්නෙ වෙසක් දා කූඩු එල්ලන්න ගියාම,එයාලත් එහෙමයි.

දවසක් එලියෙ අඹගහේ එල්ලපු වෙසක් කූඩුවක් උදේ වෙද්දි අලුවෙලා ගිහින් තිබ්බ එදානම් ගොඩක් දුක හිතුන,කොච්චර මහන්සිවෙලාද මේක හැදුවෙ කියල.තවත් දවසක් රෑලි දිගට දාල තිබ්බ කූඩුවෙ රෑලි ඔක්කොම ගෙදර හිටිය බලු පැටිය උඩ පැන පැන කඩනව,අමාරුවෙන් තමයි ඒක බේරගත්තෙ,අන්තිමට ඉතුරු උනේ රැලි කීපයක් විතරයි.

පොල් ගෙඩියක් කළ හදියක්



මතක ඇති 90 දශකයේ මුල් කාලෙදි විතර,කාලයක් ඉස්කෝලවල ප්‍රාථමික ළමයින්ට කෑම නොමිලේ දුන්නා.ඒ වෙනුවෙන් කූපන් එකක් වගේ කාඩ් එකකුත් දීල තිබ්බ, ඉස්කෝලෙ එන දවසට ඒක මාර්ක් කරන්න. ඔන්න ඒදවස් වල වෙච්ච සිද්දියක් තමා මේ කියන්න යන්නෙ.

ඒ දවස්වල කෑම වෙනුවෙන් ප්‍රාථමික ළමයින්ට නොයෙක් දේවල්  නොමිලේ කන්න දුන්න ඉස්කෝලෙන්, එතකොට මම් 2 වසරේ විතර,සව් කැද,කවුපි,මුංඇට,කඩල,මාලු බනිස් අරව මේව එක එක ජාතියෙ  කෑම දුන්න.ගොඩක් වෙලාවට ඔය සමහර කෑම හදන්න ලොකු පන්තිවල ළමයි උදව්වටත් ගන්නව.

ඔන්න දවසක් අදුරන කෙනෙක් අපේ ගෙදර ආව එයාගෙ දුව ඉස්පිරිතාලෙ ගෙනල්ල ඇඩ්මිට් කරා කියල.හේතුව ඇහුවම කිව්වෙ ඔය ඉස්කෝලෙ කෑම දෙන වැඩකට උයන්න ගිහින් වෙච්ච ඇබැද්දියක් ගැන.මොකද දන්නවද වෙලා තියෙන්නෙ එදා ඉතින් මුංඇට එක්ක පොල්. තමයි ළමයින්ට දෙන්න වෙන්කරල තියෙන්නෙ.

ඒකට පොල් ගෙඩියක් බිදින්න ගිහින් අර ගෑණු ළමයගෙ ඇගිල්ලක එක පුරුකක් වෙන් වෙන්නම කැපිල ගිහින්.ඉතින් මේ තාත්ත අර ළමයත් එක්ක හොස්පිටල් ඇවිල්ල තියෙන්නෙ ඇගිලිකොටෙත් කමිස සාක්කුවෙ දාගන.එයා මුස්ලිම් කෙනෙක්.මට මතක විදියට ලේන්සුවක ඔතාගන ගෙනල්ල තිබ්බෙ,ඇගිල්ලෙ කෑල්ලක්. ඇගිල්ලෙ පුරුකක් විතර වෙන්නම කැපිල වෙන්වෙලා තිබුන.

Monday, May 9, 2011

සිතේ සැබෑව


"මේ විශ්වයේ නැවත නැවත පරම්පරා වශයෙන් පවත්වන්නා වූ මේ චිත්ත ධාරාව යම් කිසි කෙනෙකුට නැවත හට නොගෙන අවසන් කරන්නට පුලුවන්නම්, ඒ කෙසේද නැවත හට නොගන්නේ? එල්ලෙන්නට තැනක් නැති කරන්නට ඕනෙ.යම් තැනකින් අල්ලාගන්නට තිබුනොත් ඒ අල්ලා ගත්තු සැනින් එය නැවත නැවතත් හට ගන්නවා.ඒ විදියට හට ගන්නට අවශ්ය ශක්තිය නැතිවුනොත් පමණයි මේ සිත නිරුද්ධ වෙන්නෙ.යම් දවසක විශ්වය තුළ මේ සිත හට ගත්තානම් එදා පටන් මේ දක්වාම බොහෝ දේ අල්ලගන නැවත නැවතත් ශක්තිමත් වෙමින් ඒ චිත්ත පරම්පරාව විශ්වය තුල පවතිනවා."

චිත්තානුපස්සනාව ගැන කරපු ධර්මදේශනවක්  ඇසුරෙන් තමයි මේ "සිතේ සැබෑව" පොත ලියල තියෙන්නෙ.පොත මට යාලුවෙක් ගෙනල්ල දුන්නෙ ලගදි දවසක,එයා එයාලගෙ අම්ම,තාත්ත වෙනුවෙන් මේ පොතේ මුද්‍රණ කටයුතු වෙනුවෙන් වියදම් කරල,අදුරන අයට,යාලුවොන්ට එහෙම බෙදල දෙනව කියල. ඉතින් ඒ නිසා මටත් පොත් කීපයක් හම්බවුනා.පොත ලියල තියෙන්නෙ නම් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාම වාසී, පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ විසින්.මම් නම් එක හුස්මට කියෙව්ව පොඩි පොතක් නිසා.

Friday, May 6, 2011

කැපකිරීමද? මෝඩකමද?


මතක විදියට එයා ඒ ලෙවල් විභාගෙට පන්ති ගියෙ බෝඩිමක ඉදල,අන්තිම කාලෙ තනියම උයාගනත්  කාල තියනව,කඩෙන් කන්න අමාරුයි කියල.කොහොම හරි අන්තිම ප්‍රතිඵලේ සාර්ථකයි,එයා කැම්පස් තේරුන,ඒකත් ටිකක් දුර පලාතකට.ඒ වෙද්දි එයා යාලුවෙලා හිටියෙ එයාගෙම වයසෙ අය්ය කෙනෙක් එක්ක,අවාසනාවකට ඒ අය්යට කැම්පස් යන්න බැරිවුනා.අය්ය මුලින් කැමති වෙලා නෑ අක්ක කැම්පස් යනවට,පස්සෙ කියල තියනව යන්නම ඕනෙනම් විවාහය රෙජිස්ටර් කරල යන්න කියල,කොහොමින් හරි ඔය කෝකත් එකයි නේ කියල දෙන්නගෙම අම්මල තාත්තල කෙලින්ම වෙඩින්එකම අරන් තිබ්බා.

වෙලාව කියන්නෙ එයා කැම්පස් ගිය මුල්ම දවසෙ යුනි එකේ ස්ට්‍රයික් එකක්,අරන් ගිය බඩු ටික හොස්ටල් එකේ දාලා ආපහු ඒගමන්ම ගෙදර ඇවිත්.මම් හිතන්නෙ ඒ ගමන් මාසයක් විතර ගෙදර හිටිය,ඔය අතරෙදි තමා ඒ අක්කට බබෙක් ලැබෙන්න යනව කියල අහන්න ලැබුනේ.

අනික කැම්පස් එකත් ගොඩක් දුර නිසාම යන්න එන්න අපහසුවත් එක්ක,අක්ක අවුරුද්දක කාලයක් කල් අරන් තිබ්බා.එයාට පුතෙක් හම්බුනා.ඒත් බබා ලැබුනට පස්සෙ කැම්පස් යන එක ගැන එයාට එච්චර උනන්දුවක් පේන්න තිබ්බෙ නෑ.බබා දාල යන්න බැ...කියල ගෙදර හිටිය,කිසිම රැකියාවක් කලේ නෑ,බැදල හිටපු නිසා විද්‍යාපීඨවත් නර්සින් වත් දාන්න පුලුවන් උනෙත් නැ.අය්ය කරේ බිස්නස්,ඒකෙන් තමයි පවුල නඩත්තු වුනේ.

මේ අය්යට ෆේස්බුක් ප්‍රෙෆයිල් එකකුත් තියනව,ඒත් අක්කගෙවත් බබාගෙවත් එකම පිතූරයක්වත් ඒකෙ දාල තිබ්බෙ නෑ,එයාගෙ පිංතූර ඇරෙන්න.ඔය අස්සෙ ආරංචි වුනා,ඒ අය්යට ගෑනු කෙනෙක් එක්ක වෙන සම්බන්ධයක් තියනව කියල.අර අක්ක ඒ ගැන ගොඩක් දුක් වුනා,ඔහොම කාලෙ යද්දි කොහොම හරි ඒ සම්බන්දෙ නැතිවෙලා,දැන් දෙන්න හොදින් ඉන්නව කියල තමයි කිව්වෙ.

මේ ලගදි අක්කට ආයෙත් බබෙක් ලැබෙන්න,එතකොට තමයි ගෙදර තිබිල පාස්පෝට් එකක් අහම්බෙන් දැකල තියෙන්නෙ,ඔය අස්සෙ සැක හිතෙන කෝල්ස් එහෙමත් නිතර එනවලු ඒ අය්යට,අක්ක වැඩිය ගනන් අරන් නෑ ඒත්.පස්සෙ තමයි අය්යම කියල තියෙන්නෙ මම් ඉන්නෙ රට යන්න...,බබා ලැබෙනකම් තමයි ඉවසල හිටියෙ!... කියල.ආරන්චි කරල බලද්දි අර සම්බන්දෙ තවත් තියනවලු,දෙන්නම රට යන්න ඉදල තියෙන්නෙ හොරෙන්ම.

දැන් හැමෝම බනින්නෙ අර අක්කට.දුර දිග නොහිතා මෝඩ වැඩක් කරගත්තෙ, කැම්පස් නොයා කියල.අනික එච්චර වයසක් තිබිලත් නෙමේ එයාලා බැන්දේ,අර අය්යගෙ බල කිරීමට,එයා බයවෙන්න ඇති කැම්පස් ගියාම වෙන කෙනෙක් එක්ක අක්ක යාලුවෙයි කියල,මොකද අක්ක ගොඩක් ලස්සන නිසා.කවුරු මොනව කිව්වත් දැන් ඉතින්  අතීතෙ වෙනස් කරන්න බෑනෙ.වටපිටාවෙ අය නම් කියන්නෙ මේව කාට කාටත් හොද පාඩම් කියල.

Sunday, May 1, 2011

මගුලෙ අවුල


මගේ යාලුවෙක්ට මගුලක් සෙට් වෙලා,ඒ කියන්නෙ විවාහ යෝජනාවක්.ගොඩක් වෙලාවට ඒක හරියයි කියල තමා කිව්වෙ.කියපු හැටියට දෙපැත්තෙන්ම කැමති පාටක් තමා පේන්නත් තිබ්බෙ.මගෙ යාලුවා තොරතුරු තාක්ශණ උපාධියක් නිමා කරල මේ වෙද්දි ඊටම ගැලපෙන රෑකියාවකුත් කරනව.මේ යාලුව අපේ ගෙදරට ලගපාත කෙනෙක්,ඒ නිසා පොඩි කාලෙ ඉදන්ම අපි දෙන්න අදුරනව,අනික දෙමව්පියොත් හොදට දන්න අදුරන අය. 

ඔන්න දවසක් ගෙදරට කෝල් එකක් එනව,අම්මගෙ යාලුවෙක්ගෙන්, ඒ අර මගෙ යාලුව ගැන අහන්න.යෝජනාව ඒ මිස්ගෙ අක්කගෙ පුතාටලු.අම්මනම් කිව්වෙ එයා අපේ පොඩි දුවගෙ පන්තිවලනේ හිටියෙ, හරි හොද ළමය,කියන්න තරම් නරකක් නෑ කියල.මම හිතුව එහෙනම් තවත් මගුලකට සාරියක් ගන්න වෙයි කියල.

මෙන්න තව සති දෙක තුනකට පස්සෙ අර මිස් ආය ගෙදරට කෝල් කරනව.ඉස්කෝල විස්තර ටිකක් එහෙම කියල,
මිස්: ඒ ළමය අරන් හදාගත්තු කෙනෙක්ලු නේද? ඒ ගෑනු ළමයගෙ ගෙදරට ඉස්සරහ ගෙදර  ගෑනුකෙනා ගෙදරම ඇවිත් කියල ගියා.බලන්නකො ඔයාල දන්නෙ නැද්ද?ඒ ගෙදර හිටපු වැඩකාරියෙක්ගෙ දරුවෙක්ද මොකද්ද කියලත් කිව්වෙ ඔය...
අම්මා: අහ්...ඔහොම කතාවක් අහල තියනව.ඒ වෙලාවෙ කිව්වෙ නැත්තෙ,ඔය ගැන අපිත් හරියටම දන්නෙ නැති නිසා.ඒ ළමයගෙ ගතිගුණ නම් හොදයි,කියන්න තරම් නරකක් නෑ.
මිස්: එහෙමද?හොද දෑවැද්දක් එහෙමත් තියනව කියන්නෙ.
අම්මා: ආ...ඔව් එයාල යමක් කමක් තියන මිනිස්සු.දැන් මොකද කරන්න හිතාගන ඉන්නෙ.?
මිස්: පුතා නම් කැමතී කියන්නෙ.අක්කල නම් ඕකට කැමතිවෙන එකක් නෑ.ඒ නිසා කෙරෙන එකක් නෑ.

හාමී කියන්නෙ වෙනම කෑල්ලක්ද?


මේකනම් ගොඩක්ම ලගදි දවසක සිදුවුන එකක්.මගෙ යාලුවෙක්ට ඕනෙ වුනා කඩ්ඩ පොඩ්ඩක් හදාගන්න,ඒ කියන්නෙ ටිකක් හොදට කඩ්ඩ කතා කරන්න ඉගන ගන්න..ඒ අපි ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රේනින් ඉන්න කාලෙ අතරමැදදී.ඒ දවස්වල ටීවි එකෙත් ප්‍රචාරයක් ගියා සුද්දොන්ගෙ තාලෙටම ඉංග්‍රීසි කතාකරන්න උගන්නන තැනක් ගැන.ඔන්න ඉතින් මෙයාටත් එතන්ටම යන්න ඕනෙ උනා.


ෆෝන් කෝල් එකක් දීල එතන්ට කතා කරාම වෙලාවක් වෙන්කරල දුන්න ඉන්ටවිව් එකකට,ඒකෙන් තමා එයාගෙ නොලේජ් එකයි, ඉන්ග්ලිශ් ස්පීකින් ඇබිලිටි එකයි තීරණය කරනව කිව්වෙ,ඒ අනුවලු එයාට ගැලපෙන පංතිය තීරණය කරන්නෙත්.ඇත්තනේ ඉතින් එහෙමනේ වෙන්න ඕනෙ.


යාලුවා තනියම යන නිසා මටත්  අවස්ථාව ලැබුන මෙයත් එක්ක යන්න.මට ඉන්ටව් එක තියන තැන ලගටම යන්න හැකිවුනත්.එයාල කතා කරන ඒවා මොනාද කියල ඇහුනෙ නෑ.ඉන්ටවිව් කරේ බර්ගර් ලේඩි කෙනෙක් වගේ පෙනුම තියන කෙනෙක්, හරියටම සුද්දියක් වගේ.


මොනවද බස බස ගාල කියනව ඇහුනා ටිකක් විතර. ටික වෙලාවකින් මෙන්න මෙයා එලියට එනවා,හිනාවේගන.
මම: මොකද වුනේ?
යාලුවා: වැඩේ ගොඩ!...අඩල්ට්ස්ලට තියන ඉහළම ක්ලාස් එකට තේරුනේ.
මම:  ඇහ්...එහෙනම් කඩ්ඩ බෑ කිව්වට ඔය පුලුවන් වෙල තියෙන්නෙ?
යාලුවා:  මන්ද බන්!...මයි සෙල්ෆ් කියන්න කිව්වා.කියාගන කියාගන ගියා.
මම: ආ...එච්චරද?
යාලුවා:  නෑ... තව මොනව හරි දෙයක් ගැන දිගට කතා කරන්න කිව්වා,ඉතින් මම් යුනි ලයිෆ් එක ගැන කිව්වා.
මම: හික්z...මරු මරු...ඒ ලේඩි බර්ගර් වගේ නේ?
යාලුවා: ඒ වගේ තමා,මගෙ නම ඇහුව ගියපු ගමන්ම.නම් කිව්වට පස්සෙ අහනව,හාමී...කියන්නෙ වෙනම කෑල්ලක්ද? කියල.
මම: හික්z...ඉතින් ඔයා මොකද කිව්වෙ?
යාලුවා:  මොනා කියන්නද මම් කිව්ව එක නමක් කියල.උන් අහල නැද්ද ඒවගේ නම්?


ප.ලි:  මේ ප්‍රශ්නෙ වුනේ යාලුවගෙ නමේ මැද කෑල්ලට(Middle Name) .අර ලේඩි මෙයාගෙන් නම අහගෙන ඉන්ටවිව් නෝට් එකේ මුලින්ම ලියල තියෙන්නෙ(Kumari Hamy).පස්සෙ ඒක කපල වෙනස් කරල කුමාරිහාමි(Kumarihamy)කියල.යාලුව මට ඒ නෝට් එක පෙන්නුව බොරුනම් මේං බලන්න කියල..

ආදරය සහ සෙවනැලි


"මෙය එකිනෙකාට ගැඹුරින් ආදරය කල ගැහැණියක හා මිනිසෙකු පිළිබද කතාවකි.ඔවුහු වැදගැම්මකට නැති පැවැත්මකින් යන්තම් බේරී ගත්තෝය.එය මගේ මතකයේ රදවා ගත්තේ කාලය විසින් විනාශ කර දමන්නට මත්තෙනි.නිහඩ රාත්‍රියක,මෙවැනි තැනකදී පමණක් එය මට ඔබට කිව හැකිය.මම එය ඔවුන් වෙනුවෙන් මෙසේ ලියන්නෙමි.මා විශ්වාස කරමින් ජීවිත කතාව මා වෙත කියූ අන‍ය්‍යයන් වෙනුවෙන්ද මම එය කරමි.මෙය ලියා තබන්න, නැතිනම් එය සුළගින්මැකීයනු ඇතැයි,ඔවුහු මට පැවසූහ." 

ඒ ආදරය සහ සෙවනැලි නවකතාවේ පසුපිට සටහන.ඉසබෙලා අයියන්දේ විසින් රචිත මේ නවකතාව (Of Love and Shadows), සිංහලට පර්වර්තනය කර ඇත්තේ චිත්‍රා අයි. පෙරේරා විසින්.මේ තියෙන්නෙ මම් අලුතින්ම කියවන්න කියල ගත්ත පොත.සමහර අය මේ වෙද්දි කියවලත් ඇති.පරිවර්තන කරපු නවකතා වලට ආස අයට හොද පොතක් වෙයි කියල හිතෙනව,ඔයාලත් කියවල බලන්න.