Monday, December 30, 2013

2013 අවසානය | End of the 2013



2013 අවුරුද්දත් ගෙවෙන්න තියෙන්නෙ තව දවසයි. :(.  මේ අවුරුද්ද මුල කරන්න හිතේ තියන් හිටපු වැඩ ගොඩක් තිබ්බ, ඒ වලින් සෑහෙන ලොර්ඩ් එකක් තව ඉතුරු වෙලත් තියනව. 

හැම අවුරුද්දෙම ඔහොමයි.අවුරුද්ද මුලදි කරන්න වැඩ ගොඩාක් ගොඩ ගහ ගන්නව ප්ලෑන් කරනවා අන්තිමට එයින් කීපයයි කරන්න පුලුවන් වෙන්නෙ.

මේ අවුරුද්දෙ අවසාන වෙද්දි සාර්ථක තුන්වෙනි රස්සාවෙ ස්ථිර වීම සිද්ද උනා.එක නම් ලොකු දෙයක්. :)

 ඒ ගැන නම් හිතල සතුටු වෙන්න පුලුවන්.විශේෂ වෙනසකට කියල උනේ එච්චරද මන්ද?... රස්සාව නිසාම  විවිධ ආයතන මිනිස්සු එක්ක ගනුදෙනු කරන හැටි ගැන ගොඩක් අද්දැකීම් ලැබුවා. 

2014 ජීවිතේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනව. බලමුකෝ නේද?

Sunday, December 29, 2013

කොල්ලෙක් උනා නම්




අපේ  ගෙදර මට වැඩිමල් අක්කා ...එයා ඉපදිලා අවුරුදු 4කින් පස්සෙ තමා මම් ඉපදිලා තියෙන්නෙ... 

ඉතින් අපේ අම්ම අප්පච්චි දෙන්න වගේම හැමෝම හිතන් ඉදල තියෙන්නෙ මේ සැරේ නම් කොල්ලෙක් උනොත් හොදයි කියලා...

විශේෂයෙන් අප්පච්චි ගොඩක් කැමැත්තෙන් ඉදලා තියනව කොල්ලෙක්ට... 

ඉතින් ඒ නිසා නමක් එහෙමත් සූදානම් කරගන ඉදල තියනව...නම මිගාර :) ඒත් ඉතින් ඉපදිලා තියෙන්නෙ කෙල්ලෙක් කියල දැක්ක පාර අප්පච්චිගෙ මූණෙ ටිකක් දුක්  මූඩ් එකක් තිබුනා කියල පස්සෙ  කාලෙක මට කීවෙ අම්ම...

 ඒ නිසාමද මන්දා පොඩිම කාලෙ අප්පච්චිගෙ සරම් වලින් චූටි සරමක් මටත් අන්දලා තියනව මතකයි මමත් එහෙම ඇදගන ඉන්න ආසයි.

කෙල්ලො වගෙ සාරි ඇදලා බෝනික්කො තුරුලු කරන් හිටියද කියල ඒ හැටි මතකයක් නැ ...

ඔන්න ඔහොමයි කොල්ලෙක් වෙන්න මුලින්ම ආසාවක් ඇති උනේ...

කොල්ලෙක් උනානම් කියලා ආයම හිතුනෙ ඉස්කොලෙ යන්න පටන් අරගනත් සැහෙන කාලෙකට පස්සෙ .මික්ස් ස්කූල් එකකට ගිය නිසා හොදම යාලුවො ගොඩක් හිටියෙත් කොල්ලො.... ගැනු පිරිමි බේදයක් පොඩිම කාලෙදි එච්චර දැනෙන්නෙ නැනේ ඉතින් ....

6 වසරෙන් විතර තමා ඒක තේරෙන්නෙ...  :)

කොල්ලෙක් උනානම් කියල හිතෙන්නෙ ගෑණු ලමයින්ට වඩා පිරිමි ලමයින්ට ගෙවල් වලින් ලැබෙන නිදහස ගැන හිතද්දී...

ට්‍රිප් එකක් යන්න සෙට් උනත් කවුද යන්නෙ කොහෙද යන්නෙ කාත් එක්කද කොහොමද යන්නෙ කීයටද යන්නෙ එන්නෙ කීයටද වැඩිහිටියො කවුද යන්නෙ ඔය වගේ ප්‍රශ්ණ කෝටියක් අහල අන්තිමේට අහ් එහෙනම් එපා.... 

කොල්ලෙක්  උනා නම් එහෙම නෑ නෙ... මීට වඩා නිදහස් ! :(

Saturday, December 28, 2013

කෘමීන් අතරත් දිවි නසා ගැනීම්?



කෘමීන් අතරත් දිවිනසා ගැනීම් තියනවා. මේ ගැන මට මුලින්ම දැනගන්න ලැබුනේ අපිට ලගදි සම්බන්ද වෙන්න ලැබුන දේශනයකදි. 

එතනදි මී මැස්සොන්ගෙ ජීවන චක්‍රය ගැන අහන්න ලැබුනා.දේශනයේ ටයිටල්  එක උනෙ "මී මැසි රාජධානියක මී මැස්සා සතු කාර්‍යභාරය" :).

 එතනදි දැනගත්ත දෙයක් තමා මී මැසි රාජධානියක ඉන්න පිරිමි මී මැස්සගෙ කාර්යභාරය මී මැසි රැජින එක්ක සoවාසයේ යෙදිලා ඊලග පරම්පරාව බිහි කිරීම කියන  එක.

ඒක තමා එයාගෙන් මී මැසි ජනපදයට කෙරෙන ලොකුම වගේම එකම සේවය.ඒ කියන්නෙ එයාල පැණි එහෙම එකතු කරන්න යන්නෙ නෑ ලු.

 මැසි ජනපදයෙ ඉන්න පිරිමි මී මැස්සන්ගෙන් රැජින සිලෙක්ට් කරගන්න කෙනෙක් එක්ක මෙහෙම සoවාසයෙ යෙදෙනවා. ඒ රාජකාරිය කෙරෙන්නෙ මී මැසි ජනපදයට ආසන්නව අවකාශයෙදි. 

රැජින ජනපදයෙන් එලියට ඇවිත් මේ විදියට සoවාසයෙ යෙදෙන්න පිරිමි මීමැස්සෙක් හොයාගන්න පියාඹනව. පිරිමි  මී මැස්සෝ ඒ චාන්ස් එක ලබාගන්න ලොකු තරගයක යෙදෙනව... එයාගෙ වටේට පියඹ පියඹා...

අවසානයෙදි ශක්තිමත් ඒ වගේම නිර්භීත පිරිමි මී මැස්සෙක් ඒ සටන ජය ගන්නවා... රැජින එක්ක එකතු වෙන්න. 

එහෙම එකතු වෙලා අවසානයෙදී පිරිමි මී මැස්සා බිමට වැටිල මැරෙනවා!... එහෙම මැරෙන්නෙ රැජින ගේ ප්‍රජනක කලාපයෙ පිරිමි මීමැස්සා විසින් බීජ තැන්පත් කරල ඉවර වෙලා.

එහෙම මැරෙන්න හේතුව තමයි රැජිනගේ ප්‍රජනක කලාපයෙ ශුක්‍රාණු තැන්පත් කරන කොට ඇති වෙන බලය නිසා ශුක්‍රාණු තැන්පත් කරන නලයේ අග කැඩී වෙන්වී යාම.එහෙම කැඩිලා වෙන් වෙන කොටස රැජිනගෙ ප්‍රජනක කලාපයෙ  ඉතිරි වෙනවලු.

 පස්සෙ රැජින තවත් පිරිමි මී මැස්සො කීපදෙනෙක් එක්ක මේ විදියටම එකතු වෙනවා.එහෙම එකතු කරගන්න බීජ රැජිනගෙ ජීවිත කාලෙම ගබඩා කරල තියාගන්නවා කියල තමයි දැනගන්න ලැබුනේ.

Monday, December 16, 2013

අයියා... ?




එයා ගොඩක් ලස්සන කෙනෙක් අවුරුදු 34 ක් විතර ඇති. මම් ජොබ් එකට ඇවිත් මාස කීපයකට පස්සෙ තමා එයා අපේ ඔෆිස් එකට මාරු වෙලා ආවේ. අනිත් අය වගේ නෙමෙයි.ඒ කීවෙ අපි වගේ වාචාලකමට කියවනව අඩුයි :).  එයාගෙ පාඩුවෙ ඔහේ ඉන්නව, වැඩි ආශ්‍රයක් නෑ කාත් එක්ක වත් .අපිත් හිතුවෙ මුලදි හැමෝම ඔහොමනේ... ඉතින් තැනකට ආවම, පස්සෙ පස්සෙ හරියයි කියල. එත් ඒ එයාගෙ හැටිද කොහෙද.අදටත් එයා එහෙමමයි. 

අනිත් අයට වඩා එයා වෙනස් කීවෙ අදින පලදින විදිය හැසිරීමෙ පවා අමුත්තක් තිබුන නිසා එයාගෙ. ඒ කිවෙ එයා ඒව ගැන ගොඩක් සැලකිලිමත් වෙනව ලස්සනට පිලිවෙලට ඉන්නව, ඔිහාම ටික කලක් යද්දි තමා එයා ගැන එක එක අය එක එක දේවල් කියන්න පටන්ගත්තෙ....

ආ එයා ඔය බබා වගේ හිටියට අර .... එක්ක යාලුයිලු. ඔෆිස් එකට ගෙනත් දාන්නෙත්   අරන් යන්නෙත් එයාලු අහවලත් දැකල තියනව .කලින් හිටිය තැනිනුත් මාරු වෙලා ඇවිත් තියෙන්නෙ ඔය හේතුව නිසාලු..බ්ලා...බ්ලා... කතා ගොඩයි... 

 එත් අරය වෙනද වගේම ඔෆිස් එනව යනව... එච්චරම ඔෆිස් එකේ අයත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න උත්සහයක් නෑ වගේ පේන්නෙ, මෙයාම දවසක් ඔෆිස් එකේ කෙනෙක් එක්ක කියල තිබුනා මීට අවුරුදු කීපෙකට කලින් එයාගෙ මහත්තය ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා කියල... ඒක අහල නම් හැමෝම ගොඩක් දුක් උනා මොකද තරුණ වයසෙදිම එහෙම දෙයක් උනාම කොච්චර දුකක්ද?...

එත් අර කට කතාව අතරින් පතර එහෙමම තිබුනා...එයා යාලු වෙලා ඉන්නව කියන කෙනත් පවුල්කාරයෙක් නිසා මෙ කතාව දිගට දිගට යන්න ගොඩක් හේතුවෙන්නත් ඇති.  සමහරු කිව්ව දෙන්නම වැරදියි කියල මොකද ඒ කෙනත් ගොඩක් වගකීම් දරනා රාජකාරියක නිරත වෙලා ඉන්න නිසා ඒක මේ අක්කගෙ වගේම එයාගෙත් රාජකාරි ජීවිතේට ලොකු කැළලක් ිවයි කියල. 

ඒත් එයා අවසානේ කීපදෙනෙකුට කියල තිබ්බ ඒ එයාගෙ නෑදෑ වෙන අය්ය කෙනෙක් කියල. නමුත් මිනිස්සු ඒක පිලිගන්න සූදානමක් නෑ... රූප ස්වභාවයන් උනත් දෙන්න අහසයි පොලවයි වගේ නිසා ඒක පිලිගන්න කෙනෙක් හිටියෙ නෑ .අර කලින් තැන ඉද්දි  නිතරම අහවලාගේ රූම් එකට යනවලු ...ඔය කවුරුත් කියන්නෙ එහෙ ගොඩක් අය දන්නව ඔය කාරණේ...කියලා...සමහරු ඒිහම කීවා.

 ටවුන් එකේදි පවා කීපදෙනෙක් මේ කියන දේ දැකලා තිබුනා දෙන්න එකට වාහනේ යනව එනවා... හිටපු තැන ඉන්න බැරුවනේ ඔය මෙහෙට ඇවිත් ඉන්නෙ !... එහෙම කියන අයත් හිටියා... 

ඇත්තටම එයා කියන විදියට ඒ සම්බන්දෙ සහෝදරකමක්ද  වෙන දෙයක්ද කියල මේ වෙනකම් කවුරුත් දන්නෙ නෑ... එයා ඔෆිස් එකේ කාටවත් ක්ලොස් නැති නිසා හරිම විස්තරයක් දැනගන්න විදියකුත් නෑ... පිට ප්‍රදේශයකින් මෙහෙට ඇවිත් ඉන්න නිසා එයා ගැන හරි තොරතුරක් දන්න කෙනෙකුත් නෑ... ඒ උනාට ඇත්තටම ඒක සහෝදරකමක් විතරක් නම්! 

සමහර විට එයා වැඩිය කතා බහ නැතුව ඉන්නව ඇත්තෙ ඒ එයාගෙ හැටි වෙන්න ඇති, සමහරු ඒක දකින්නෙ එයාගෙ තියන ආඩම්බරකම නිසා කියල. අනික එයාගෙ තත්වෙ ගැන හැමෝම අහන්න ගත්තම හිත රිදෙන නිසා නිශ්ශබ්දව ඉන්නව වෙන්නත් පුලුවන්.
 

Friday, December 13, 2013

අහවල් බකට් !...



මේ දවස් වල වැස්ස!... මදුරු කරදරෙත් ටිකක් වැඩි වෙලා... දවාලට වත් කොයිල් එකක් පාවිච්චි කරන්නෙ නැතුව නිදහසේ පොතක් පතක් කියවන්න වත් බැරි තත්වෙකට පත් වෙලා... ඒ වගේම ඩෙoගු අවදානම හැමතැනම... 

කුණු ප්‍රශ්නෙත් මේකට  එක හේතුවක්!... අපේ ගෙදර තියෙන්නෙ නගර සභා සීමාවේ... මෙහෙ කුණු  එකතු කරන ට්‍රැක්ටර් එන්නෙ බදාදටයි ඉරිදටයි දවස් දෙකක් විතරයි සතියට.ඉතින් මිනිස්සු කරන්නෙ කුණු එකතු කරන් ඉදල ඒ දවස් වලට ට්‍රැක්ටරේට දෙන එක .

සමහරු ශොපින් බැග් වල දාල කොහෙ හරි පේන තැනක එල්ලලා තියනව සමහරු නිකම්ම කුණු ගොඩ ගහල තියනව ගෙවල් ඉස්සරහ... ඒක නම් එච්චර සුන්දර දර්ශනයක් නෙමේ. ආවරණයක් නැති හින්දා සත්තු අදිනව සමහර වෙලාවට පාරවල් පුරා කුණු !.....

අනික කුනු අරන් යන මිනිස්සුත් අපි වගේම මිනිස්සු... එයාලටත් පහසු විදියට ඒව බැහැර කරනව නම් කාටත් හොදයි පහසුයි වැඩෙත් ඉක්මන්. ඔහොම හිතලද කොහෙද පොලිතින් ප්ලාස්ටික් වීදුරු දිරන ද්‍රව්‍ය ඔක්කොම එකට දාන්නෙ නැතුව වෙන වෙනම දාන්න කියල නියෝගයක් දැම්මේ,කොහෙද ඒකත් ටික කාලයයි කෙරුනේ... ගොඩක් අය සුපුරුදු විදියම තමා. 

මේ ලගදි දවසක කුනු දාන්න භාජන දෙන කතාවක් පාරේ එනවුන්ස් කරනව ඇහුනා... .,ඔව් ඔව් නොමිලේම !!! කට්ටිය ඒකට නම් ගියා බැහැ නොකියා මොකො නිකන් දෙන දේ...නේ..., ඔන්න ඔය උඩ පින්තුරේ වගේ රවුම් භාජන 2ක් තමා දීල තියෙන්නෙ එකක් වීදුරු ප්ලස්ටික් පොලිතින් දාන්න අනික දිරාපත් වෙන ද්‍රව්‍ය වලට. 

ගියපු අයනම් කීවෙ හෙන දිග පෝලිමක් තිබුන කියල භාජන  ගන්න...ඒ එක්කම මෙහෙම කතාවකුත් කියවුනා ලු. මුලින්ම ඇවිත් භාජන ගත්ත මනුස්සයෙක් ඒ භාජන දෙක රුපියල් 200 කට එතනදිම විකුනල යන්න ගිහින් කියලා  !... :)