Monday, December 5, 2011

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය


සංසාර මන්දිර, මිනිසා කායික පීඩා විදින්නේ කවර හෙයින්ද යන ප්‍රශ්නය සම්භන්ධයෙන් ප්‍රබෝධකර වූ අනේක චින්තන මාර්ගවලට අප ගෙන යයි.

අපගේ සාමාන්‍ය පංචීන්ද්‍රිය ප්‍රත්‍යක්ශයෙන් අපට දැකිය හැක්කේ පැටලුම් සහිත විශාල විචිත්‍ර ජවනිකාවක සීමිත කොටසක් පමණෙකි.අපට පෙනෙන මෘදු මතුපිටට යටින් අපමණ යටිපැති නූල්ද අප්‍රමාන වූ නොපෙනෙන පැටලිලි ද ඇත.එකම නූලක් වත් උපත යයි නම් කරනු ලබන මායාකාර සීමාවෙන් පටන් ගනිතැයි හෝ මරණය යයි කියනු ලබන ඒ තරම්ම මායාකාර සීමාවෙන් කෙළවර වෙතැයි හෝ කිව නොහැකිය.

සත්‍ය වශයෙන් පුනර්ජන්මය,මනුෂ්‍යා පරිණතියටත්,පාරිශුද්ධියටත් පමුණුවන ජීවිත නියාමය නම්...

ඉතා හොදින් කරුණු පැහැදිලි කර දෙන්නා වූ ද අතිශයින් ප්‍රාණදායක හා සංස්කරණ වන්නා වූ ද මේ මතය ඔප්පුකළ හැකිදැයි පරීක්ෂා කර බැලීම ගැඹුරු සිත් ඇති මිනිසුන්ගේ අවධානයට යොමුවිය යුතු බව සහතිකය.

සත්තකින්ම මිනිසාගේ ආත්මයට බොහෝ මන්දිර තිබේ නම් හැම කාලයකටම වැඩියෙන් එහි සත්‍යය සොයාගතයුතු කාලය මෙයයි.

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය
කන්නිමහර සුමංගල හිමි
ISBN-955-569-185-1

මේක තමයි මම් අලුතින්ම කියවන්න ගත්ත පොත.ඉස්කොලෙ යන කාලෙ නම් කියවල තියනව,ඒත් ඒ හැටි තේරුමක් තිබ්බෙ නෑ පොතේ අඩංගු කරුණු ගැන ඒ කාලේ.

ඒ නිසාම  ආයෙත් කියවන්න ඔනේ කියල හිතුනා.MANY MANSIONS THE EDGAR CAYCE STORY ON REINCARNATION by Gina Cerminara පොතේ සිංහල පරිවර්තක තමයි කන්නිමහර සුමංගල හාමුදුරුවෝ.ගොඩක් අය කියවල තියන පොතක් මම් හිතන්නෙ.


29 comments:

  1. ඔව් ඔව් ගොඩාක් අය කියවලා තියෙන හොද පොතක්...ඒත් මම නම ඇහුවෙත් අද.....සොරි ඈ..

    ReplyDelete
  2. ඉතා වටිනා පොතක්. මට මෙකෙන් හැගෙන්නේ එඩ්ගා කේසි කියන පුද්ගලයා යුරෝපයේ ඉපදී නොසිටියානම්, ආසියාවේ ඉපදුනා නම්, මෙතරම් ප්‍රසිද්ධියක් අත් නොවී ඔහුට නියම මාරගයට පැමිණීමේ හැකියාව තිබුනා. මෙතනදි ඔහුට ලැබුනේ ප්‍රසිද්ධිය පමණයි. මාරගය තබා ඔහු මේ ලබා ගත් දෙයින් නියම ප්‍රයෝජනයවත් ලබා ගැනීමේ හැකියාවක් නැති වුනා. ස්තුතියි. මේ පොත් නොකියවූ හැමෝම කියවන්න බලන්න.

    ReplyDelete
  3. පුනර්භවය කියන එක විශ්වාස නොකරන මිනිස්සුන්ට ඒ මෝඩ සිතුවිල්ලෙන් මිදිලා තමන් මේ මොහොතේ කරන කියන දේවල ප්‍රතිඵල අනාගතයේදි අනිවාර්යයෙන් තමන්ට අත්දකින්න වෙනවා කියන එක හිතන්න පුලුවන් නම් මේ ලෝකේ මීට වඩා යහපත් තැනක් වේවි!

    ඒ නිසා ඉන්න ටිකේ ඉමුකෝ සුදෝ ජොලිය දමාලා කියන සංකල්පයේ හරය වටහා ගන්න මේ පොත ලොකු පි‍ටුවහලක් වේවි.(සතුටින් සිටිය යුතුයි,අන් අයගේ සතුටට බාධා නොකර........)

    මේ පොතේ ගාන කීයද අක්කේ?

    ReplyDelete
  4. @රජිත්-මිල රු.765 මල්ලි

    ReplyDelete
  5. ගොඩක් පොත් කියවනවා වගේ... හොඳයි...

    ReplyDelete
  6. මම ඕක කියෙව්වා ඔකේ දෙවෙනි වෙළුමක් ඇවිත් තියේද කියල කියනවද

    ReplyDelete
  7. මම ඔය පොත ගත්තා ගිය පාර පොත් ප්‍රදර්ශනයෙන් :)

    ReplyDelete
  8. මාත් කියවල තියෙන වටින පොතක් තමයි ඕක.

    ReplyDelete
  9. මේ සිද්ධි ගැන පැහැදිලි කිරීමක් කරල තිබුන යම් මෝහන චිකිත්සකයෙක්. මට එයාගෙ නම නං මතක නෑ.

    @ ඔබ කියනදේ හරි! හබැයි පුනර්භවය තියනවමයි කියල සැක අැර දැනගන්න විදියක් අවශ්‍යයි නේද?

    ReplyDelete
  10. මෙවන් සිද්ධි තව දුරටත් සුරංගනා කථා නොවේ. බටහිර මනෝ විද්‍යාඥයින් කොටසක් මෙය සාක්ෂි සහිතව පිලිගෙන ඇත. කරුණාකර මේ යොමුව බලන්න. http://sgunatunga.blogspot.com/2008/10/blog-post_28.html
    මේ මහාචාර්ය බ්‍රයන් වයිස් මහත්මයා විසින් පුහුනු කරන ලද එක්තරා කාන්තාවක් නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර වෙසෙයි. මගේ දියණිය ඇය හා මිතුරුය. කුඩාකල සිටම මට තිබූ අපහසුතාවයකට හේතුව සොයමින් මම නොයෙක් නොයෙක් මනෝවිද්‍යාඥයඉන් සොය්න අතර මගේ දියනිය ඇය වෙත මා කැඳවා ගෙන ගියේ අහම්බෙනි. ඇය මා මෝහනයකට ලක් කොට පුලුවන් තරම් ඇතට යන ලෙස මට අණ කලාය. මම වසර ගනණක් දඹදිව ඉපිද සිටි බවත්, මගේ මියගිය පියා වර්ශ 1043 සිට මා ඔහු යටතේ වහලෙක් මෙන් සිටි බවත් මට පෙනුනා. එයින් ගැලවීමට එක්තරා ක්‍රමයක් මේ කාන්තාව භාවිතා කරා. ඒ ක්‍රමය මෙහි පලකිරීම සුදුසු නැත. කෙසේ හෝ මෙපමණ කලක් මගේම පියා මා බලාගැනීම ගැන් ඔහුට පින් දී පෙකනි වැල කපන්නාක් මෙන් සිතින් මවා ගෙන මගේත් පියාගේත් ඇති බන්ධනය අවසාන කරන ලෙස මට අණ කලා. එය විස්තරකිරීම හරිම ශෝක ජනකයි. කඳුලු පිරුනු ඇස් වලින් මම ඒක සිද්ධ කලා . ඊට පසු මට බොහෝ දුරට සනීප වුනා. මෙයින් පෙනෙන්නේ සමහර රෝග මේ ජීවිතය ඉක්ව්මවා පෙර භවයන් හා සම්බන්ධ බවයි.

    ReplyDelete
  11. බොහොම කාලෙකට උඩදි කියවපු, තවමත් ප්‍රශ්න වල්ට උත්තර හොයන්න කියවන පොතක් තමයි මේ !

    ReplyDelete
  12. මමත් එහෙං මෙහෙං කියවලා තියෙනවා. ආයෙ හොයාගෙන හොඳට කියවන්න ඕනේ...!

    ReplyDelete
  13. මාත් හරිම ආසයි පුනර්භවය ගන දැනගන්න. භද්‍රජි මහින්ද ජයතිලකගේ බඹරවිල හොල්මන පොත හොයාගෙන කියවන්න අක්කේ. ඒකත් මරු

    ReplyDelete
  14. දැන්ම පොත කියවන්න සොයා ගන්න ඕනෙ.

    ReplyDelete
  15. @මධුරංග
    පට්ටම පට්ට පොතක් තමා එ්ක! :D :D :D

    ReplyDelete
  16. ඔබ නොදු‍ටු ලොවක්.....-අපෝ මදි මදි මේ වෙද්දි පොතේ නමවත් අහලා තියෙන්ඩ එපැයි.

    වෙද ගෙදර මහ වෙදනා - හ්ම් ඔව්.ඒත් ඔහු ලොකු සේවයක් කරල තියන බව පේනව,ලෙඩ සුවකරලා.මමත් තවම පොඩ්ඩයි කියෙව්වෙ.

    Rajith- ඔව්,ඒ අවිශ්වාස ගොඩක් බිදවැටෙනව මේ පොත් කියෙව්වනම්.මමත් විශ්වාස කරනව අපි කරන හොද නරක හැමදේකම ප්‍රතිඵල කවදා හරි අපිට ලැබෙනව කියල.මිල රු.765/= මල්ලි.

    Mahesh Wඉcක්‍රමසින්ග්හෙ-හ්ම් කියවනව නම් තමා.

    Anonymous -මමත් මේ දෙවනි වතාවට කියවන්නෙ.

    ChammA -නියමයි එහෙනම් කියවලා ඇති භාගයක් හරි.

    උදාර -හ්ම් ඔව් ආස හිතෙනව කියවගන යද්දි.

    ReplyDelete
  17. තනි අලියා- හ්ම්.ඕකට අර සරත් ගුණතුංග මහත්තය දාල තියන ලින්ක් එක බලන්නකො.වඩා යමක් පැහැදිලි කරගන්න පුලුවන් වෙයි.

    සරත් ගුණතුංග-ස්තූතියි ඔබතුමාගෙ පැහැදිලි කිරීමට,මම් ඔබතුමාගෙ පොස්ට් එක කියෙව්වා.

    Wඑනි-අය්යත් කියවලා තියනවද?ඔව් සමහර දේවල් පැහැදිලිකරල තියන විදිය බැලුවම හිතාගන්නත් බෑ,එහෙම දේවල් වෙන්න පුලුවන්ද කියල හිතෙනව.

    ගෝල්ඩ් ෆිෂ්-අන්න හරි මේ පොත නිදහසේ කියවලා බලන්න ඔනේ පොතක්.

    මධුරංග-කියවල නෑ මල්ලි හොයාගන්න ඔනේ ඒ පොත.

    Hishan Melanga -බලන්නකො කියවලා.

    ReplyDelete
  18. ෂිහ්..හොඳම පොතක් මට මිස්වෙලා වගේ...

    ReplyDelete
  19. අයියෝ... ඔය පොත අපේ අම්මිගේ කලෙක්ෂන් එකේ තිබුණා... ඒත් නෝටි ඒක කියෙව්වෙ නෑ අප්පා තාම...
    නෝටි නං අන්තිමට කියෙව්වෙ HIS LAST BOW (THE WAR SERVICES OF SHERLOCK HOLMES)

    ReplyDelete
  20. @මධුරංග

    ඇත්ත අයියා. භද්‍රජි මහින්ද ජයතිලක මහත්තයාගේ හුඟක් පොත් පුනර්භවය, පිටසක්වල ජීවීන් ගැන වගේ පාර භෞතික දේවල් ගැන සාකච්ඡා කරන පොත්. කතාන්දරයක් වගේ තියෙන නිසා කියවන්නත් ආසයි. කියවලා මොකක් හරි අවබෝධයක් ගන්න පුලුවන් ඒ වගේ දේවල් ගැන.

    ReplyDelete
  21. @ තනි අලියා,
    ඔබට පුනර්භවවය පිළිබඳව සැකසහිත ද?

    ReplyDelete
  22. @T B - සැකසහිතයි! නමුත් නැත්තටම නැතැයි නොකියමි! එසේම එය තිබුනත් නැතත් මට ගැටලුවක් ද නොවේ

    @නදී- ලින්කුව කියෙව්වෙමි. නෙවිල් සිල්වා නම් මෝහන චිකිත්සකයෙකු විසින් මෙම සංසිද්ධිය සුරංගනා කතා රහිතව පැහැදිලි කර තිබේ. යම් පුවත් පතක පලවූවකි.

    ReplyDelete
  23. මේක හරි හොඳ පොතක්..... මේ පොත ගොඩක් දෙනෙක්ගේ ඇස් ඇරවන පොතක්...
    ආගම්,පුනර්භවය, සිත දියුණු කිරීම වැනි දේ ගැන කරුණු හොයන ආධුනිකයෙකුට පටන් ගන්න හොඳ පොතක්....

    ඇල්කෙමියා

    ReplyDelete
  24. මේ වගේ ෆොටෝ ගන්න කොට ෆ්ලෑෂ් එක ඕෆ් කරලා ගන්න. අත්දුටුවයි සත්තකයි!

    ReplyDelete
  25. පැණි දොඩම්-ඊලග සැරේ මේ පොත බුක් ෆෙයර් එකෙන් ගන්න.

    නෝටියා | Naughty's Impression -ගෙදර තියන එකේ පොඩ්ඩක් කියවලා බැලුවනම් නේ හොද.

    අරියනන්ඩ-හ්ම් මමත් ගොඩක් ඒ විශයන් ගැන කියවන්න කැමතියි.ඒ නිසාමයි මේ පොත ගත්තෙ.

    කතන්දර Kathandara -ස්තූතියි.ආය ෆොටො ගද්දි එහෙම අරන් බලන්නම්කො.

    ReplyDelete
  26. හොයා ගෙන කියවන්න ඕන, මුලින්ම වෙලාවක් හදා ගන්න ඕන ...

    ReplyDelete
  27. පන්සල් හංදිය-ඔව් ඉක්මනින් කියවගන ගිහින් වැඩක් නෑ නිවී සැනසිල්ලෙ කියවන්න ඔනේ මේවගේ පොත්.

    ReplyDelete
  28. Do you have PDF copy of this Book

    ReplyDelete
  29. ගොඩක් ස්තුති මේ ප්ද්ෆ් එක හොයල දුන්නට
    ,ඔයාලා එඩ්ගාර් කේසි ගැන දන්නා තව තොරතුරු තියෙනවා නම් එකතු කරන්න මේකට

    ReplyDelete