Monday, December 31, 2012

සුබ නව වසරක් වේවා!

2012 අවුරුද්ද ගෙවුන ඉක්මන හිතාගන්නවත් බෑ.ඒවගේම 2013 වසර ලබන්න තව තියෙන්නෙත් පැය කීපයයි...ඒ අතරේ සති අන්තෙ තියන විභාගෙටත් සූදානම් වෙන්න ඕනේ.ඒ වගේම අලුත් බලාපොරොත්තු ගොඩකුත් එන වසරත් එක්ක එකතු වෙලා තියනව.

මේ ගෙවෙන අවුරුද්දෙ ඉටුකරගන්න බැරිඋන දේවල්, රස්සාව..., වැඩිදුර ඉගනීමේ කටයුතු... බ්ලා... බ්ලා ...බලාපොරොත්තු ගොඩයි.ඒ නිසා 2013 අවුරුද්ද මගෙ ජීවිතේ තීරණාත්මක වසරක් වෙන හැටියක් තමා පේන්න තියෙන්නේ.ඔයාලගෙත් බලාපොරොත්තු ගොන්නක් ඇති මේ එන වසරේ ඉෂ්ඨ සිද්ද කරගන්න හිතාගන.

ඉතින් බලාපොරොත්තු ගොඩ ගහගන හිටියට මදි ඒවා ඉෂ්ඨ කරගන්න මහන්සි වෙලා වැඩ කරන්න ඕන.මේක ඉක්මනින් ලියන පෝස්ට් එකක් මොකද දැන් පාඩම් කරන්න යන්න ඔනේ :).එහෙනම්,

බ්ලොග් ලියන කියවන සියලුම දෙනා ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

Wednesday, December 19, 2012

අපරාජිත ජීවිතයක්



අම්මේ... කාලෙකින්! අලුත් රස්සාව පටන් ගත්තත් හරි බ්ලොග් එක පැත්තෙ එන්න බැරිඋනා.ඒ එක්කම ලැප් එකත් ලෙඩ උනා.කොහෙද එක හදාගන්නවත් වෙලාවක්.සති අන්තෙ කියලත් ඉස්පාසුවක් නෑනේ..

ඒ අතරේ මීට මාස 2කට විතර කලින් පොත් ප්‍රදර්ශණයකට ගොඩ වදින්න පුලුවන් උනා.ඒකට පින් සිද්ද වෙන්න එක සැරේ පොත් සෑහෙන ප්‍රමාණයක් අරගන්න පුලුවන් උනා.වැස්ස කාලෙට කියාපු බෙහෙත!...පොතත් අරන් ඇදට ගියාම කියව කියව ඉන්න තියනව නම් වෙන මොකවත් ඕනේ නෑ.ඒ නිසාම මේ වෙද්දි ඒ වයින් පොත් කීපයක්ම කියවලා හමාර කරන්න පුලුවන් උනා.

මුලින්ම කියවලා ඉවර කරේ "අපරාජිත ජීවිතයක්",ඒ පොත "අපරාජිතයෝ" නමින් වංග භාෂාවෙන් ලියල තියෙන්නෙ විභූතිභූෂණ බන්දේ‍යාපාධ්‍යාය ලේඛකයානන්, සිංහලට පරිවර්තනය කරල තියෙන්නෙ චින්තා ලක්ෂ්මී සිංහාරච්චි  මහත්මිය.



පස්සෙ කියෙව්වෙ අපූගේ ලෝකය,ඔය උඩින් තියෙන්නෙ ඒ පොත.මේ පොතේ මුල්ම කොටස තමයි 'මාවතේ ගීතය' ඒක නම් ගොඩක් කාලෙකට කලින් කියවලා තිබුනේ.ඒ පොතට ගොඩක් ආස උන නිසා තමයි මේ පොත් දෙකත් අරන් එක හුස්මට කියවලා ඉවර කරන්න පුලුවන් උනේ.හම්බුනොත් ඔයාලත් කියවලා බලන්න.

Tuesday, October 23, 2012

ඉසින්බැස්සගල ගියෙමි

ළගදි දෙවනි රස්සාවටත් ආයුබෝවන් කියල තුන්වෙනි රස්සාව පටන් ගත්ත.ඒ අතර ලැබුන විවේකෙකදි අනුරාධපුර නගරයෙන් ටිකක් ඈත මැදවච්චිය නගරයේ ආසන්නයේ තියෙන ඉසින්බැස්සගල පුරාණ රජ මහා විහාරය බලන්න යන්න පුලුවන් උනා.

ඉසින්බැස්සගල තියෙන්නෙ මැදවච්චිය නගරයෙන් ටික දුරක් ඈතට වෙන්න. වවුනියාව පාරේ යද්දි  තමයි හම්බ වෙන්නෙ.

සෘශිවරයන් බැස්ස නිසා "ඉසින්බැස්සගල" නමින් මේ ස්ථානය හදුන්වනව කියල තමයි කියන්නෙ.මිහිදු හාමුදුරුවෝ සහ පිරිස මිහින්තලෙට වඩින්න කලින් මේ ස්ථානයට ඇවිත්  ටික වෙලාවක් ගත කරලා තියනව කියල තමයි කියවෙන්නෙ,මේ ස්ථානය ප්‍රතිසංස්කරණයේදී ඒ බව තරවුරු කරගනත් තියනවලු.

මේ තියෙන්නෙ එදා ගිහින් ගත්ත පින්තූර ටිකක්.ගිහිල්ල නැති අයට බලන්න එක්ක ඔන්න මම් බ්ලොග් එකකතු කරා.වැඩිදුර තොරතුරු මෙතනින් ගියොත් බලාගන්න පුලුවන්

Sunday, September 2, 2012

තිරුකෝණේශ්වරම්

කාලෙකට පස්සෙ  ට්‍රිප් එකක් යන්න හම්බුනා ඒ ත්‍රීකුණාමලය පැත්තෙ.තිරුකෝණේශ්වරම් නැත්තම් කෝණේශ්වරම් කියන කෝවිල ගැන අහලත් ඇති,ගොඩක් දෙනා බාරහාරවලට මේ කෝවිලට එනව.දෙමළ අය විතරක් නෙමේ සිංහල අයත් එනව.ඉතින් අපිත් ගියා ඒක බලන්න.මුහුද ලගමයි තියෙන්නෙ.ඔන්න ගිහින් නැති අයට බලාගන්නත් එක්ක පින්තූර ටිකක් දානව එහෙනම්.

කෝවිලට යන තැනම තිබ්බ බෝඩ් එකක්
ලොකු පිළිමයකුත් තිබ්බා


මෙන්න මුහුද

වතුර වැඩි කාලෙට මෙතනින් වතුර ගහනව කියනවනේ.දෙන්නෙක් මේකට පැනල මැරුනත් එක්කලු.
බාර වෙනුවෙන් පඩුරු
දරුවො නැති අය වෙච්ච බාර...  පුංචි තොටිලි ගොඩාක් එල්ලලා තිබුනා.

චුම්බන කන්ද


සැප්තැම්බරය කියන්නෙ සාහිත්‍ය මාසය හින්දා ලගදි කියවපු පොත් ගැන සටහනක් තියන්න හිතුනා, මේ එයින් එකක්.'චුම්බන කන්ද' ලියල තියෙන්නෙ ජයතිලක කම්මැල්ලවීර මහත්තයා.මේ පොත රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනපු නව කතාවක්.ඒ වගේම ස්වර්ණ පුස්තක සම්මානය සදහා නිර්දේශ වෙච්ච නව කතාවක්.මම් කියවපු වෙනස්ම ආකාරේ පොතක්.එක හුස්මට කියවන් යන්න පුලුවන්.

පොත ලියන්න අදහස පහල වෙලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි.කර්තෲගෙ මිතුරෙක් මාර්ගයෙන් අහම්බෙන් මුණගැහිච්ච කෙනෙක්ගෙ ජීවිත කතාව තමයි පොත ලියන්න පාදක වෙලා තියෙන්නෙ.කර්තෲගෙ වචන වලින්ම කියනව නම් මෙන්න මේ විදියට.

"වසර කීපයකට කලින් අරනායක ප්‍රදේශයේ දුෂ්කර ඉසව්වක වණ අරණක තනියම ජීවත් වෙන කැපීපෙනෙන පෞරුෂයකින් යුතු පුද්ගලයෙක් මුණ ගැසෙන්නට මා කැදවාගන ගියේය.මාගෙ පරිකල්පන ලෝකය තුළ චුම්බන කන්ද පිළිබද සිතුවිලි ආරෝපනය වූයේ ඒ ගමනේදීය."

පොත් ගැන පොතේ පසු පිටේ සදහන් වෙන්නෙ මෙන්න මේ විදියට..
"චුම්බන කන්දට ඉහළින් එදා පෑයූ හද වෙනදා පායන හද නොවීය.එය මහලු වියට එළඹෙමින් සිටින්නන් පවා ආදරයෙන් ,ප්‍රේමයෙන්,රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටන හදකි. අහස තම පුළුල් වත මුලුමනින්ම හදට වෙන කරදී සිටියාය.සිනාසෙන හදින් විහිදුනේ ගස් ගල් පවා කිසිදු රහසක් ඉතිරි නොකර එළිදරව් කරන්නා වූ එළියකි."

පොත් කියවන්න කැමති ගොඩක් අය මේ වෙද්දි මේ නව කතාව කියවල ඇති.කියවල නැති අය කියවලා බලන්නකො.

Saturday, September 1, 2012

ගුරුවරයකුගේ ආත්ම කතාව

රස්සාව වෙනුවෙන් වැඩිපුර කාලයක් මිඩංගු කරන නිසාද මන්දා දැන් පොත් කියවෙනව අඩුයි.මොකද උදේ පාන්දර ගෙදරින් ගියාම ආය ගෙදර එන්නෙ 'පාන්'  කියාගන්න වත් බැරුව, ඉතින් මොන පොත් ද?පොතක් අරන් ඇදට ගියාම පොතත් එක්කම දොයි.

ඒ නිසා බස් එකේ යන අතරමග පොතක් කියවන්න කියල හිතුව මොකද පැය 1.5 ගානේ උදේ හවස බස් එකට වැය කරන නිසා.කොහෙද ඒකත් හරියන පාටක් නෑ...පොත් කියවන්නෙ නැති මිනිස්සු පවා, තව කෙනෙක් බස් එකක පොතක් දිග ඇරගන යද්දි ඒකට හොට දාගන ඉන්නව මොනවද කියවන්නෙ බලන්ඩ.

ඒත් ඕව ගනන් ගන්නෙ නැතුව පාඩුවෙ කියවගන යන්න පුලුවන් ඒත් ඒක අපහසුවක්!. ඇදට වෙලා සනීපෙට පොතක් කියවනව වගේ නෑනේ.සමහර දවස් වලට පිටු 3යි නැත්තම් 5යි.එහෙම බැලුවොත් පොතක් කියවලා ඉවර කරන්න සෑහෙන කාලයක් යනව. එහෙම කියල පොත් කියවන එක අතාරින්න පුලුවනැ...නේද?

මෙන්න මම මේ දවස්වල කියව කියව ඉන්න පොතක්.පොතේ නම 'ගුරුවරයකුගේ ආත්ම කතාව', ලියල තියෙන්නෙ 'ඩී.ඒ සී.ජයකොඩි' මහත්තයා.පිටු 350කට වඩා තියනව තාම කියවල ඉවර කරගන්න නම් බැරිඋනා...

පොතේ කර්තෘ, එයාගෙ ජීවිත කතාව තමයි පොතක් විදියට ලියල තියෙන්නෙ.1940 දශකයේ ඉදලා මේ වෙනකම් ජීවිතේ සිද්ද වෙච්ච හැලහැප්පීම්, සමාජ පෙරළි, තරුණ කැරළි, වැඩවර්ජන, අසාධාරණකම් වලට මූණ දීල ජීවිතේ ජයගත්ත හැටි තමයි පොතෙන් කියන්න උත්සහ කරල තියෙන්නෙ.ඔයාලත් කියවල බලන්න.

Tuesday, August 7, 2012

මම නම් මි | අපි නම් මු | ඇය නම්???


හැමෝම වගේ ඉස්කෝලෙ යන කාලෙ සිංහල භාෂාව ඉගන ගන්නෙ සාමන්‍යපෙළට.සිංහල භාෂාවට අමතරව සිංහල සාහිත්‍යය කියල තව විෂයකුත් ඉගනගන්නව.

 සිංහල භාෂාව ඉගන ගනිද්දි අපිට වඩාත් අවධාරණයෙන් උගන්නන කොටසක් තමයි සිංහල ව්‍යාකරණය කියන්නෙ.සිංහල ව්‍යාකරණ අත්පොත වන සිදත් සගරාව ගැනත් කට්ටිය අහල ඇතිනේ.හරි ඔය ව්‍යාකරණ කතාව පැත්තකින් තියමුකෝ.මෙන්න අද කතාව.

ලගදි දවසක් මම වැඩ කරන තැන අධීක්ශණයට පරීක්ශකවරු ආව,එහෙම එද්දි එයාල කියල කරල එහෙම එන්නෙ නෑනේ. අහම්බෙන් ගොඩ බැස්සා වගේ ඇවිත් බලලා සටහන් දාල අඩුපාඩු පෙන්නලා දීල යනව.

මාත් එක්ක එකට වැඩ කරන කෙනෙක් එදා නිවාඩු.මාස 2කට පස්සෙ තමයි එයා ඒ නිවාඩුව ගත්තෙ.වෙලාව කියන්නෙ එදාම කට්ටිය ගොඩ බැහැලා...උදේම අපි යන්නත් කලින් කට්ටිය එතන:).

අනිත් අයගේ වැඩ ගැන නම් එයාලට කියන්න කිසිම වරදක් තිබ්බෙ නෑ.ඒත්  නිවාඩු ගත්ත කෙනා ගැන නම් එච්චර පැහැදීමක් තිබ්බෙ නෑ.අපිට නිවාඩු ගන්නව කියල එයා කෙටි පණිවිඩයක් තියල තිබ්බ.

 ඒඋනාට පරීක්ශකවරයා ඒකෙන් සෑහීමකට පත් උනේ නෑ.අදාල කෙනාගේ ෆෝන් නොම්බරේ අරන් එයාට කතා කරා.ඒ වෙද්දි උදේ නමය වත් වෙලා නෑ...එයා නිවාඩු ඉල්ලුමපත භාර දීමට යමිනුයි හිටියේ.මෙන්න මෙයා ඒ වෙනුවට ගහල තියන ලොග් එක!...

බලන්නකො මේකේ උක්ත ආඛ්‍යාත පද සම්භන්ධය කොහොමද කියල. 

දෙවනි වාක්‍යය :පරිඝණක උපදේශකවරිය නිවාඩු ලබා සිටියෙමි! :) 

අපි වැඩට එන්නත් කලින් නේ එයාලා ඇවිත් තිබුනේ,හරියකට උදේට කෑමක් අරගන තිබුනෙත් නෑලු.ඒ නිසාද දන්නෙ නෑ ටැපලුනේ :). එදා ආවෙ නැතිකෙනාට තමයි මේ වැරැද්ද අහුවුනේ.එයාට නම් හොදටම මල පැනල,ඇයි යකෝ මාස 2කට පස්සෙ ගත්ත නිවාඩුව වෙනුවෙන් උන වැඩේ!...

Monday, August 6, 2012

සක්කාරං


මේ දවස් වල වැඩට යනව ඇරෙන්න සති අන්තෙ ගත වෙන්නෙ සැහැල්ලුවෙන්,ස්ට්‍රයික් නිසා ලෙක්චර්සුත් නෑ.ඒ නිසා පොත් කීපයක් ගත්ත කම්මැලි කමට කියවන්නත් එක්ක.ලයිබ්‍රි එකට බැදිල හිටියත් පොත් ගන්න භාර දෙන්න යන්න වෙලාවක් වෙන්කරගන්න කම්මැලි වෙලා.

ඉතුරු වෙන එකම දවස වෙන ඉරිදා දවස ගෙදරට වෙලා ඉන්නමයි හිතෙන්නෙ.ඒක නිසා යන එන ගමන් බස් එකෙන් බහින තැනම තියන  බුක්ශොප් එකෙන් පොතක් දෙකක් අරන් එන්න පුරුදුවෙලා.සක්කාරං කියන්නෙ එහෙම ගත්ත එක පොතක්.දවසින් දෙකින් කියවල ඉවර උනා.මේ පොත 2011 අවුරුද්දෙ ස්වර්ණ පුස්ථක සම්මානය සදහා නිර්දේශ වෙච්ච නවකතාවක්.ලියල තියෙන්නෙ චම්මින්ද වෙලගෙදර මහත්තයා.

කතාවෙන් කියවෙන්නෙ තමන් ජීවත්ව ඉන්නා ඉඩමේ පවා අයිතියක් නොතිබුනත් සිය රාජකාර්ය අකුරටම ඉටුකරපු,සිය රාජකාරිය දේවකාරිය කරගත්, එක්තරා කුලයකට අයත් උතුම් මිනිසුන් සමූහයක ජීවිත කතාව.

අතීතයේ එක්තරා කාලසීමාවක මේ රටේ තිබිච්ච වැඩවසම් ක්‍රමය තුල සමහර කුලවලට විදින්නට සිද්ද වුන අකටයුතුකම් මෙයින් කියවෙනව. විශේෂයෙන් කාන්තාවන්ට විදින්නට සිද්ධ වුන අතවර, ලිංගික සූරාකෑම්,  අලලා ලියවෙච්ච කතාවක්.ඔයාලත් කියවලා බලන්න.

Saturday, August 4, 2012

මිනිහා හොදටම බීල


දිනය සිකුරාදා දවසක්.මම් ආව බස් එකේ ඒ හැටි සෙනගක් කියන්න හිටියෙ නෑ, සීට් වලට හරියන්න සෙනග එක්ක තව කට්ටියක් හිටගන. ඒ හැටි තෙරපීමක් කියන්නත් නෑ.නැත්තෙත් නෑ.


මැදහරියේ ශීට් එකක වාඩි වෙලා ආවෙ,ලාවට නින්ද යාගන එද්දි එකපාරටම කාල ගෝට්ටියක් වගේ ඇහෙන්න ගත්ත නිසා ඒ පැත්තට අවධානය යොමු කරා.බීල බස් එකට නැග්ග මිනිහෙක් කෑගනව වගේ පෙනුනේ.

ඇයි යකෝ තොපි එකෙකුට වත් පේන්නෙ නැද්ද මේ **** ගෑණියක් ලග අපේ හාමුදුරුවො වාඩි කරේ...


අම්මට සිරි කවුද බීල බස් එකේ කෑගහනව වගේ...හරියට පේන්නෙත් නෑ හිටගන යන අය නිසා... 


ඒත් කොහෙද හාමුදුරු කෙනෙක් ඉන්නෙ??? මට පේන්නෙ නෑ හරියට.


ටිකක් ඉස්සිලා බැලුව...අඩේ!... ඔව්මයි... අර ඉන්නෙ ඉස්සර ශීට් එකේ කොනේම හාමුදුරුනමක්.එයාට අල්ලපු තැන ඉන්නෙ ගෑණු කෙනෙක්!...,එයා **** ගෑණු එක්කෙනෙක්.ඒකට වෙන්නැති මේ මනුස්සය කෑගන්නෙ.


ඇයි යකෝ තොපි මෙහෙම කරන්නෙ,සල්ලි දෙනව නම් තොපිට ඕනේ W#$%#W%@#%@ කමක් නෑ.අපේ හාමුදුරුවො ලග මේ @#$@%#@%ක් වාඩි කරවලා...තොපි එකෙකුටවත් පෙනුනෙ නැද්ද?  


බස් එකේ මිනිස්සු මූණෙන් මූණ බලාගන්නව ඒ අතර කුසු කුසුව වැඩි උනා...


ඇත්ත තමයි එහෙම හරි නෑ නේ අපි නම් වාඩිවෙනවද? නේද? එතන ඉන්න පිරිමි අයට කියන්න තිබ්බෙ නැද්ද? කෝ කොන්දොස්තරට ගානක් නෑ දැක්කෙ නැද්ද මන්දා...එක්කො තුනේ ශීට් එකක් නේ ගෑණු කෙනා කොනට දාලා හාමුදුරුවො ලග පිරිමි කෙනෙක්ට වාඩි වෙන්න තිබ්බෙ නැද්ද? නේද?


මම් ලග ඉන්න ගෑණු කෙනා එහෙම කියනව.මමත් වෙන්නෙ මොකද්ද කියල බලන් හිටිය.

බහිනව බහිනව හෝ...හෝ... හරේ...යං!... අර බීපු මනුස්සය දිගටම කෑගහනව,කොන්දොස්තරත් එක්ක ආගිව් කරනව.අපි කවුරුත් එකයි.බ්ලා බ්ලා...කොන්දොස්තර කියවගන යනව.


මිනිස්සුත් එක එක දේවල් කියනව ඇහුනා.කොන්දොස්තර වාඩි වෙලා හිටිය පිළිවෙල වෙනස් කරන්න උත්සහ කරේ නෑ.අර ගෑණු කෙනා බය වෙලා වගේ බලන් හිටිය මිසක් නැගිටලා වෙන තැනක වාඩි වෙන්න උත්සහ කරෙත් නෑ.බස් එක ඒ වේගෙන්ම ඉස්සරහට ගියා.


තොපි ආය මේ ටවුන් එකෙන් බස් එක ගෙනියන්ඩ නෙමේ #W$%@^@^.තොපි සිංහල උන් වෙන්ඩ බෑ.$@%@@#%#
කොන්දොස්තරටයි ඩ්‍රයිවර්ටයි හොදටම දෙහි කපනව.බැනල බැනල එ මනුස්සය ස්ටෑන්ඩ් එකෙන් බැහැල ගියා...බස් එක අද්දනකම්ම බනින සද්දෙ ඇහුන.


මිනිහා හොදටම බීල!...කෙනෙක් කියනව ඇහුනා. ඒත් ඒ මනුස්සයට විරුද්ධව කවුරුත් මොනවත් කිව්වෙ නෑ..ටික වෙලාවකින් අර හාමුදුරුවො කිසිම කතාවක් නැතුව බස් එකෙන් බැහැල ගියා.එතකොට තමයි දැක්කෙ හාමුදුරුවො කවුද කියල,තරුණ පහේ හාමුදුරුනමක්!.


ටික වෙලාවකින් අර ගෑනු කෙනත් එයත් එක්ක ආව කට්ටියත් එක්ක එයාලගෙ නැවතුමෙන් බැහැල ගියා.


ඊට පස්සෙ කොන්දොස්තරගෙ කට ඇරුනා.එක අතකින් අර මිනිහ බීල හිටියට ඌ කියපු දේ ඇත්තකුත් නැතුව නෙමේ...ඔතන කතා කරන්න ගියා නම් ආය වලියක් දාගන්න වෙනව, බස් එක අද්දන්න වෙන්නෙ නෑ එහෙනම්,බ්ලා බ්ලා....කොන්දොස්තර දිගටම කියනව ඇහුනා...

Sunday, July 22, 2012

සමාධි බුදු පිළිමය


අනුරාධපුරේ අභයගිරියට ආසන්නගේ වැඩවසන සමාධි බුද්ධ පුතිමා වහන්සේගෙන් නිරූපණය කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේ සමාධි සුවයෙන් වැඩ සිටින ආකාරයයි.



බුදුහාමුදුරුවන් වහන්සේගේ මහා කරුණා ගුණය මේ පිළිමය තුලින් ඉස්මතුවෙනව කියලත් කියනව.මේ පිළිමය කළාත්මක අතින් ඉතා ඉහලයි.අනිත් බුදු පිළිම එක්ක සසදන කොට වඩා ශාන්ත බවකුත් දකින්ඩ ලැබෙනව.


හිඳි පිලිමයක් වන සමාධි බුදු පිළිමය වම් පාදයට උඩින් දකුණු පාදය තබා ගෙන සිටින ආකරය පෙන්නුම් කරනව.එය   "වීරාසනය" ලෙසත් වම් අත මත දකුණු අත තබා සිටින ආකාරය "ධ්‍යාන" මුද්‍රාව ලෙසත් හඳුන්වනව.



ප්‍රථිමාවට පිටුපාල පින්තූර අරගන්න එපා කියල බෝඩ් එකකුත් තිබුන






අභයගිරියට පෙනෙන මානයේ තමයි අද වෙනකොට මේ පිළිමය තියෙන්නෙ.පිළිමයේ උස අඩි හතකටත් වඩා වැඩියි කියලයි කියන්නෙ.අඩි හතයි අගල් තුනක් විතර වෙනවලු.පපුව ,උදරය මත තියන තුවාල නිධන් හොරුන් විනාශ කරන ලද ඒවා බව සදහන්.
 

මේ පිළිමයේ නහය කැඩී විනාශ වෙලා ගිහින් තමයි තිබිල තියෙන්නෙ.මේ පිළිමය හම්බ වෙනකොට බිමට පතිත වෙච්ච පිළිමයක් විදියටලු තිබුනේ.ඒ නිසා පිළිමයේ නහය විනාශවෙලා වෙන්න පුලුවන්.අලුතින් හදපු නහය පිළිමයට ගැලපෙන්නෙ නෑ කියල තමයි ගොඩක් දෙනා කියන්නෙ.







මෙන්න අභය ගිරිය සමාධිපිළිමය ලගට පේන හැටි

Saturday, July 21, 2012

ථූපාරාමය

ථූපාරාමය ස්ථූපය කියන්නෙ සොලොස්මස්ථාන වලින් එකක්.සොලොස්මස්ථාන අපිට වැදගත් වෙන්නෙ බුදුහාමුදුරුවන්ගේ පාදස්පාර්ශය ලබපු ස්ථාන වන නිසා.

මිහිදු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන කාළෙදි ලංකාවේ රජකම් කරපු දෙවනපෑතිස් රජතුමා කරවපු මුල්ම චෛත්‍යය තමයි ථූපාරාමය.මේ චෛත්‍යයේ නිදන් කරල තියනව කියන්නෙ බුදුහාමුදුරුවන් වහන්සේගේ දකුණු අකු ධාතුව.

කාලෙකට පස්සෙ අද ථූපාරාමය වන්දනා කරගන්න පුලුවන් උනා.ඒ ගමනේදි ගත්ත පින්තූර ටිකක් තමයි මේ තියෙන්නෙ.

ථූපාරාමය ඈතට පේන හැටි


මෙන්න ප්‍රධාන දොරටුව

කප් රුක් පූජාවකුත් තිබුනා


මේ එයාලා කොඩියෙන් ස්ථූපය ආවරණය කරනව


නැචුරලුත් ගියානේ