Friday, December 30, 2011

ගොඩක් කනවද?

http://t1.gstatic.com/images?q=tbn:ANd9GcR59AerKxt3zwqLUt3kZz6PCHHPDZeuurIXLh3-CK1akbFDUGpb7Qrg52k5lg
වසරක අවසානය කියන්නෙ ගොඩක් දෙනා කෑම බීම වැඩි වැඩියෙන් පාවිච්චි කරන කාලසීමාවක්.ඒ කියන්නෙ ඉතින් අවුරුද්දෙ වෙන කාල සීමාවල් වලට වඩා උත්සව වලට කට්ටිය සහභාගි වෙනව වැඩීනේ .ඔය නිසාම කන බොන දේවලුත් වෙනදට වඩා වැඩී.ඒවගේම ගෙවල් වලදිත් අනං මනං අමතර කෑම බීම හැදෙනව කැවෙනව පෙවෙනව.

ඒ නිසාම ඔන්න අද කියන්න යන්නෙ පොඩ්ඩක් ඇග වැඩි අය ඉන්නව නම් අඩුකරගන්න පුලුවන් ක්‍රමයක්. මේක ආහාර පාලනයක්.මේ කෑම වට්ටෝරුව වැදගත් වෙන්නෙ මහත අඩුකරන්න කෙනෙක් හිතන් ඉන්නව නම් අන්න ඒ අයට.මුලින්ම කියන්නම්කො කෑමට ගන්නෙ නැතුව ඉන්න ඕනේ ඒවා මොනවද කියල.

කෑමට ගන්න ආහාර වලට ලුනු දාන්නෙ නැතුව තමා කන්න වෙන්නෙ :) ඒවගේම තේ,පළතුරු බීම වගේ දේවල් වලට සීනි දාලා බොන්නත් එපා.ටික දවසකට සීනි නොදා බොන්නකො.

පාන් පිටි වලින් හැදුව කෑම,බත් එහෙමත් කන්න බෑ ඔන්න.මමත් ශෝට් ඊට් කන එක එහෙම සම්පූර්ණෙන් නැවැත්තුවා.මේ වට්ටෝරුව අනුගමනය කරන්න ඕනේ සති 2කට විතරයි.මෙහෙම කෑව කියල මැරෙන්නෙ නෑ, බය වෙන්න එපා :)).

ඔන්න එහෙනම් කියන්නම් මොනාද කන්න ඕනේ කියල.

උදේ ආහාරයට කන්න වෙන්නෙ බිත්තර (කහමදය නැතුව), තම්බාගත් කැරට්, බෝංචි වගේ දේවල්.මම නම් ගොඩක් කැරට් තමයි කෑවේ.මොකද ලුනු දාන්නෙ නැති නිසා කැරට් අපහසුවක් නැතුව කන්න පුලුවන් අනිත් එළවළු වලට වඩා.

දවල් ආහාරෙටත් කන්න ඕනේ මාළු පෙත්තක්, කැරට්, බෝංචි, පිපිඤ්ඤා වගේ දේවල්.ගොඩක්ම කන කෙනෙක් නම් ටිකක් වැඩියෙන් එළවළු තම්බලා කන්න.මමත් එහෙම තමා කෑවේ,බඩගින්නෙ ඉන්න ඕනේ නෑනේ:).

රාත්‍රී අහාරයට කුකුල්මස්, බෝංචි, වට්ටක්කා, බණ්ඩක්කා වගේ එළවළු කන්න උත්සහ කරන්න.අතුරු පසට අලිගැටපේර,බෙලි වගේ දේවල් කන්න.ඒත් හැබැයි සීනි නැතුව හොදේ.

හොදට කාලා බීල හිටපු අයට එක පාරටම මෙහෙම කන්න කිව්වම ටිකක් හිතට දුකයි දුකයි වගේ දැනෙනව තමා:(.ඒත් ටිකක් උත්සහ කරල බලන්න.ගොඩක් සැහැල්ලුවක් දැනෙයි.බරත් අඩුවෙයි.මුලදි මුලදි ගොඩක් එළවළු කන්න හිතෙයි.ඇයි ඉතින් අර කලින් කාපු ප්‍රමාණයටම කන්න එපැයි.

ටිකක් අමාරුවකට තියෙන්නෙ අනිත් අය එක එක කෑම ජාති කනව දකිද්දි ඒවා කන්න හිතෙන එක:(.සමහරු ඩයට් කරනව දැන දැනද මන්දා එක එක කෑම ජාති පේන්න තියනව හදනව කනව බොනව.මම නම් ඉතින් වෙනම තැනකට ගිහින් කනව.එතකොට එයාල කන දේවල් පේන්නෙ නෑනේ :))සමහර කෑමවල සුවද බලලා නිකන් ඉන්නව නොකා:).හිත පාලනය කරගන්න පුලුවන් නම් මේක කරන්න පුලුවන්.ඒවගේම උවමනාවත් තියෙන්නෙ ඔනේ බර අඩු කරගන්න ඕනේමයි කියල.

ප.ලි:- මේක මං දොස්තර කෙනෙක්ගෙ උපදෙස් අනුව කරපු දෙයක්.ඔන්න කිව්ව කැමති කෙනෙක් ඉන්නව නම් අත්හදා බලන්න.මගෙ නම් බර අඩුවෙලා.:))



Tuesday, December 27, 2011

සිතක වෙහෙස -ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි


මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් ලියන ලද "සිතක වෙහෙස -ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි" පොත් ගැනයි මේ කියන්න යන්නෙ.පොතේ අන්තර්ගතය වෙන්නෙ ස්වාමිපුරුෂයන් තමන්ගේ ජීවිතය, ඔවුන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යා, හැසිරීම්, ගතිපැවතුම් නිසා අපහසුතාවන්-අසහනකාරී තත්වයන්ට පත්වීයයි සදහන් කරමින් ඒ ගැන කරන ලද විස්තරයන්.ප්‍රීතිමත්ව ගතකළ සමහර විවාහ ජීවිත කෙළවර වීමට පවා සුළු සුළු සිද්දීන් හේතුවුන ආකාරය,නිදසුන් 20කට අධික ප්‍රමාණයක් ගෙන හැර දක්වමින් විස්තරාත්මකව ඔවුන්ට ඇතිවූ ගැටළු  මගින් පැහැදිලි කරල තියනව.

මේ පොතට අනුව බහුතර ස්වාමිපුරුෂයන්ගේ මානසික වෙහෙස සදහා මුල්වන ප්‍රධාන කාරණා අතර සිය බිරින්දෑවරුන්ගේ කන්දොස්කිරියාව, ඔවුන්ගේ නිදහස සම්බන්ධ තත්වයන්,ලිංගික ජීවිතය ආදීය කැපේ පේනව.ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම මෙන්ම දෙදෙනාගේ උගත්කම් නොගැලපීම, විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද එසේ ගැටළු ඇතිවීමට පොදු තත්වයන් යටතේ කැපී පේනව.

විවාහවූවන් මෙන්ම විවාහපේක්ෂිත අයට උනත් මේ පොත කියවා තමන්ගේ සාමන්‍ය පැවැත්ම,චරිතය ගැන අවංකව ස්වයං විග්‍රහයකට ලක්කරගන ජිවිතාවබෝධය පුළුල් කර ගන්න පුලුවන්.

සිතක වෙහෙස 
ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි
ISBN 978-955-652-599-1


Saturday, December 24, 2011


.. . . . "සුභම සුභ නත්තලක් වේවා " . . . .

 

සීයා තමයි සීයා

http://blogs-images.forbes.com/carolynrosenblatt/files/2011/11/25046227.HappyOldMan.jpg
දන්නවද වැඩක් ?

මොකද්ද?

එහා ගෙදර සීයට ගෑනියෙක් ඉන්නවලු.(සීයගෙ කසාද බිරිද මිය ගිහින් දැන් අවුරුදු 20කට වැඩී)

අනේ යනව ඕයි යන්න මිනිස්සුන්ට අපහස කරන්නෙ නැතුව.හරියට දැක්ක වගේනේ කියන්නෙ.

දැක්ක කෙනෙක් තමා කිව්වෙ?

කවුද?

අර ඉස්සරහ ගෙදර අක්කා.

එයාටත් වෙන වැඩ නෑනේ ගෙවල් වලට එනඅය කවුද කතාකරන අය කවුද කියල බලබලා රිපොර්ට් කරන්න.

නෑ නෑ ඇත්තලු.

හ්ම්...

........................

ඇත්තද අර එහා ගෙදර සීයා ගෑණියෙක් එක්ක හුටපටයක් තියනව කියන්නෙ?

ආ... ඔව් ඔව්, ඔය කියන්නෙ කට්ටිය.

එහෙනම් ඇත්ත වෙන්නැති.අර සුජානි අක්කලාගෙ ගෙදර ලග සි‍යඹලා ගහයට දවසක් ගෑණු කෙනෙක් එක්ක කතා කරකර හිටියා මම් දැක්ක.ගෑණිට නම් එච්චර වයසකුත් නෑ 50කට අඩුයි මම් හිතන්නෙ පෙනුම.මමත් ඉතින් උවමනාවෙන් බැලුවෙ නෑ. ඕං කොල්ලෙක් කෙල්ලක් කතා කරකර හිටිය නම් හොදට මතක හිටිනව.:)

සීයටත් දැන් 79ක් 80ක් විතර ඇති? 

ඔව් ඒවගේ ඇති තමා.

නාකි වෙලා බණක් භාවනාවක් කරගන ඉන්න පින නෑ මේ මිනිස්සුන්ට,තියන පව්කාරකමක් හැබෑට.

......................

සුනිල් අය්ය සීයට කේස් එකක් දාලලු නේද?(සුනිල් අය්ය-සීයගෙ බෑනා)

මොන?

අර සීය එක්ක යාලුවෙලා ඉන්න ගෑණි ගෙදරත් ඇවිත් කතා කර කර ඉන්නවලුනේ. සුදූට කියනව කියන්නෙ සීයා, ඒ ගෑණිට තේ එහෙමත් හදලා දෙන්න කියල.(සුදූ- සීයගෙ දුව).

නෑ...එයා ඉතින් මොනව කරන්නද?නාකි වෙලත් මේ මිනිස්සුන්ට තියන අමාරුවක්.

දවසක් ඔහොම කතා කර කර ඉද්දි සුනිල් ඒ ගෑණිට ගහලා එලවලා.

ඈ...හිහ් හොද වැඩේ නාකි මනමාලකම් කරන්ඩ යනවට.

එදයින් පස්සෙලු ඔය සියඹලා ගහ ලගට ගිහින් හම්බ වෙන්නෙ දෙන්න.

හිකිස්...

.......................

මේ ලගදි සීය කඩේට ගිහින් සිගරට් අරන් එන්න.

සීය සිගරට් බොනවද ??? මම් දැකලා නෑනේ.ඉතින්?

කාලයක් නවත්තලා තිබ්බ ඔය දැන් බොනව කියන්නෙ ආයෙත්.

ම්ම්....

කඩේ ගිහින් එද්දි වැටිලා.අමාරු වෙලා දවස් කීපයක්ම ඇදටම වෙලත් හිටියලු.

අහ් අපි දන්නෙවත් නෑ.

සුදූ කිව්වෙ, ඒ දවස් වල සීයගෙ ෆෝන් එකට කොල්ස් එනවලු හිටු කියල.ගෙදර අයට කාමරේටවත් එන්න දෙන්නෙ නෑලු නේ...

හැබෑට.???

ඔව්, ඔය කියන්නෙ.දොස්තර බෙහෙත් ගන්න යන්නත් සල්ලි තිබිල නෑ.සල්ලි දීලා තියෙන්නෙ රුවිනි නංගි.(සීයගෙ මිනිපිරී).නැත්තම් ඉතින් සුනිල් අය්යට කියල වියදමට සල්ලි තියන එකක්යෑ.,ඒ මිනිස්සුත් අමාරුවෙන්නේ ජීවත් වෙන්නෙ.සුදූ කියන්නෙ සීය ලග සල්ලි කීයක්වත් නෑලු.පෙන්ශන් එක ගත්ත ගමන් අර ගෑණි එනවලු සියඹලාගහ යටට ඒක අරන් යන්න.

හික් හික්.

..............................

ඒකයෑ...මේ ලගදි මම් වසන්තත් එක්ක ගියා බැංකුවට.(වසන්ත- හන්දියෙ ට්‍රීවීල් ඩ්‍රයිවර් )මගදි සීයා දැකලා මං, ආ...අර සෙනවිරත්න මාමා නේද? කියල ඇහුව මෙන්න මේ මනුස්සයා ඔලුක්කොවට වගේ හිනා වෙලා කියපි, දවසක් මං හයර් එකක් ගිහින් එද්දි ඔය මනුස්සය  කවුද ගෑණු කෙනෙක් එක්ක ඇවිත් නැංග,ගිහින් දාන්න කිව්වෙ අර .... ඉන් එකට.ගිහින් දැම්ම.මට මොකෝ,පස්සෙ මට ගාන ලැබුන ඉතින්. හහ්..හහ්...හා...
  
ඈ...මෙහෙමත් මිනිස්සු!
  
ඒ මිනිහව රවට්ටගන පැන්ශන් පඩිය ගන්ඩ ලෑස්තිවෙලා ඉන්නව ඇති ඒ ගෑණි.ආය වෙන මොකටද? මෙහෙමත් ගෑණු.

අනේ හෑබෑට කොන්දත් කුදු කරගන මග යන්ඩ පන නෑ,ඒ උනාට මේ මිනිස්සුන්ට තියන අමාරුවක්!

එක අතකින් ඒ මනුස්සයගෙ කැමැත්ත,වියදමත් ඒ මනුස්සයට.එයාට හොදනම් අපිට මොකෝ නේද?

ඒත් ඉතින් ලැජ්ජ නැද්ද අර දීග දෙන වයසෙ මිනිබිරී කෙනෙකුත් ගෙදර ඉද්දි මේ නාකි ලොක්කලා නාඩගන් නටනව.

Friday, December 23, 2011

ඇස්වහ කටවහ හෝවහ


http://www.silumina.lk/2009/11/01/av09110112-1.jpg
ඇස්වහ කටවහ වලින් විපත් සිද්ද වෙන්න පුලුවන්ද? 

ගොඩක් අය මේ ගැන විශ්වාසෙන් කතා කරනව.

ආ...ඔව්,මොකද නැත්තේ...ඇස්වහ කටවහ කියල දෙයක් තියනව තමා... කියල උදාහරණත් එක්ක පෙන්නනවා.

මතකද අපේ ගෙදර ඉස්සරහ තිබ්බ අඹගහ...ගිය සැරේ හොදට ගෙඩි හැදිලා අතුත් හිටං බර වෙලා තිබ්බෙ.අනේ අර වංගුවෙ ගෙදර අක්ක ඇවිත්, ගහ දැක්කා විතරයි,මේ සැරේ නම් ගොඩක් හැදිලා නේද?අපේ ගහේ එක ගෙඩියක් නෑනේ...කියල හීල්ලුව.එච්චරම තමා...ඔක්කොම ගෙඩි පනුවො කාල වැටෙනව...


සමහරු අලුතින් හදන ගොඩනැගිලිවල එක එක දේවල් ලියනව,සමහරු බලි අදිනවත් එක්ක,ඒත් ඇස් වහ වදී කියල.

මං අදුරන කෙනෙක්ගෙ කකුල් වල රෑශ් එකක් ආව එයා ලස්සන සුදු නංගි කෙනෙක්:).කකුල් වල බිබිලි දාල කහද්දි ඉතින් කැත වෙනවනේ ඉතින් එයාලගෙ අම්ම කිව්වෙ ඒ ඇස් වහට කියල.

මේවගේ කතා අනන්තවත් අහල ඇති.සමහරු ඇස්වහ කටවහ කිව්වම ගොඩක් බයයි,ඒ ඒදේවල් වලින් අපිට විපත්ති කරදර ගේනව කියල විශ්වාසයක් අපි හදාගන ඉන්න නිසා.

ඒත් මොනවද මේ ඇස්වහ කටවහ හෝවහ කියන්නෙ?ඒ දේවල් වලින් ඇත්තටම අපිට විපත්ති සිද්ද වෙන්න පුලුවන්ද?

ඔව් ඇත්තටම ඇස්වහ කටවහ වලින් මිනිස්සුන්ට විපත්ති සිද්ද වෙනව තමයි.අපි බලමු ඒක කොහොමද වෙන්නෙ කියල.

සිත කය වචනය කියන්නෙ අපේ පිරිසිදුබවටත් අපිරිසිදුබවටත් මුල් වෙන තුන් දොර විදියට සලකන්නෙ,ඉතින් මේ තුන් දොරින් යහපතක් සිද්දකරොත් ඒක අපේ යහපතටත්, අයහපතක් කරොත් ඒක අපේ අයහපතටත් හේතු වෙනව.

ඇහැ කියන්නෙ අපේ ශරීරෙ තියන ප්‍රබල ඉන්ද්‍රියක්,ඉතින් ඇහැන් යමක් දැකල ඒගැන ඊර්ශ්‍යාවක් වගේ දෙයක් ඇතිකරගන,කෙනෙක්ට අයහපත් කරන්න යොදාගන්න එකට තමා "ඇස්වහ" කියල කියන්නෙ.ඒ විදියට කාටහරි අයහපතක් කරොත් අපිට අනිවාර්යෙන්ම  ඒක අයහපත් ප්‍රතිඵලයක් ඇතිවෙනව.

ඒවගේමයි "කටවහ" කියන්නෙ තවත් කෙනෙක්ට  අයහපතක් වෙන විදියට වචන පාවිච්චි කිරීම.වචනයෙන් කෙනෙක්ට අයහපතක් කරොත් අපිට නොවැරදීම ඒකෙත් අයහපත් ප්‍රතිඵල ලැබෙනව.

"හෝවහ" කියල කියන්නෙ කෙනෙක්ට අහිතවෙන විදියට යමක් සිතීම.ඒකෙනුත් අපේ හිත අපිරිසිදු වෙනව ආය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඔන්න ඕකයි  බොදු ආකල්ප වලට අනුව "ඇස්වහ කටවහ හෝවහ" කියල කියන්නේ.

ඒත් ඉතින් අපි ගොඩක් දෙනා හිතන්නෙ  එකේ අනිත් පැත්තට,ඒ කියන්නෙ ඇස්වහ කටවහ හෝවහ වලට ලක් වෙන අයට තමා අයහපතක්-විපත්තියක් සිද්දවෙන්නෙ කියල.

ඒත් හිතලා බලන්න කෙනෙක්ට අයහපතක් කරන්න තුන්දොර කිලිටි කරගැනීම  තුලින් අයහපතක් ලගාකරගන්නේ ලගාවෙන්නෙ කාටද කියලා,අපිටම නේද?

Thursday, December 22, 2011

ඔන්ලයින් ප්‍රේමය I


හැබෑට අක්ක, ඔයාට අය්යව මීට් උනේ කොහොමද?

අපි දෙන්නද?

ඔව්.

ඇයි එහෙම ඇහුවේ?

නෑ... ඉතින්, එයාලගෙ ගෙවල් ඔයාලට ගොඩක් දුරනේ,අනික කැම්පස් දෙකක නේ ඒකයි ඇහුවේ. 

හ්ම්...නෙට් එකෙන් තමා.

නෑ...ඒ කොහොමද?  

හිහි ඒක දිග කතාවක්.

අනේ... කියන්නකො.

ම්ම්...මං කැම්පස් ගිය මුලම දවස් වල ෆේස්බුක් එක තිබ්බෙ නෑ.වෙන වෙන සයිට් තමයි තිබ්බෙ.අපි දෙන්න චැට් කරේ ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය සයිට් එකක.එකෙත් ගොඩක් අය චැට් එකට ඉන්නව.දැන් නම් ඒකේ චැට් එක නැද්ද කොහෙද.

ඉතින්.

කැම්පස් ගිය මුල්ම කාලෙ ගොඩක් ෆ්‍රී නේ ඉතින් ලැබ් එකේදි ඔය සයිට් එකට දවසක් යාලුවෙක් තමයි යන්න කියල දුන්නෙ චැට් කරන්න ඒ වෙද්දි චැට් කරන එක ගැන මම් දැනන් හිටියෙ නෑ.

හ්ම්ම්ම්... 

මුල්ම දවස් වල පුරුදු නෑ... පස්සෙ පස්සෙ ඒකට ඇබ්බැහි උනා වගේ ලැබ් එකට ගියොත් අනිවාර්යෙන් ලොග් වෙනව මම් අර චැට් සයිට් එකට.

ඔව් ඉතින් චැට් කිරිල්ලනම් ඇබ්බැහියක් වෙනව තමා.

චැට් කරන්නෙ ඉතින් අදුරන අය නෙමේනේ .ඔහොම දවස් කීපයක් එකෙම කෙනෙක් එක්ක චැට් කරා එයාත් කැම්පස් කෙනෙක්.දෙවනි අවුරුද්දෙ ඉන්නෙ කියල විස්තර කිව්වා.ගම්පහ පැත්තෙ.අහ් පස්සෙ කිව්ව එයාගෙ ගම නිට්ටඹුව කියලත්.

හ්ම්ම්... ඉතින්...

කව්ද ඕව විශ්වාස කරන්නෙ? මම් ඒ කියපුව විශ්වාස කරේම නෑ.හැබැයි අපි චැට් කරා ඉඩ ලැබෙන හැම වෙලේම.ඔහොම ටික ටික චැට් කරද්දි මට හිතුනා මෙයා කිය
න්නෙ ඇත්ත කියල.මමත් කිව්ව පොඩ්ඩ පොඩ්ඩ විස්තර.ඒ වෙනකොටත් එයාට තේරිලා හිටියෙ මට එයාව තාම විශ්වාස නෑ කියල.එයා එයාලගෙ කැම්පස් එකේ පින්තූරත් එව්ව බලන්න කියල.හිහ් ඒක දැක්කට පස්සෙ නම් මට හිනා ගියා.

රිලවෙක් වගේ රතුපාට ටී එකක් ඇදන් පින්තූරයක් අරන් එවලා තිබ්බ.

රිලවෙක්??? හිකිස්...

ඔව්...කෙට්ටුම කෙට්ටුයි උසම උසායි...
ඇහුවම කිවේ ඒ හොස්ටල් එකේදී ගත්ත පින්තූරයක් කියල.එයා මට මගෙ පින්තූරයක් එවන්න කියල කිව්වෙ නෑ ඊට ටික දවසකට පස්සෙ මට කිව්ව ඔයාවත් බලන්න අසයි කාත් එක්කද මේ චැට් කරන්නෙ කියල.කැමති නම් පින්තූරයක් එවන්න කිව්ව.

ඉතින් ඔයා යැව්වද?

අපො නෑ.මට එයාව ශුවර් තිබ්බෙ නෑ.මම් කෙලින්ම කිව්ව බෑ කියල.

ඉතින්.

එයා කිව්ව මම් දන්නව ඔයා ගර්ල් කෙනෙක් කියල.

මම් ඇහුව ඒ කොහොමද කියල. 

....???

එයා කිව්ව එයාට හොදටම ශුවර් කියාල චැට් කරන්නෙ කෙල්ලක්මයි කියල .

මම ඇහුව ඒ කොහොමද එහෙම කියන්නෙ කියල.

එයාට චැට් කරල පුරුදුයි ලු.චැට් කරන විදියෙන් කෙල්ලක් කියල කියන්න පුලුවන් කියල කිව්ව.

එදා එයා එයාගෙ ෆෝන් නොම්බරේ දුන්න,කැමති නම් රින්ග් එකක් දෙන්න යාලුවො වගේ ආශ්‍රය කරන්න කැමැතියි කියල.

ඔයාගෙ එක ඉල්ලුවෙ නැද්ද?

නැහ් ඉල්ලුවත් මම් දෙන්න හිතන් හිටියෙ නෑ.

ටිකදවසක් ඔහොම ගෙවුනා.දවසක් ලෙක්චර්ස් ඇරිලා හොස්ටල් එකට වෙලා ඔහේ ඉද්දි මට හිතුනා අර නොම්බරේ වැඩ කරනවද කියල රින්ග් කට් එකක් දීලා බලන්න.

අකක්ත් මාර වැඩ තමා කරන්නෙ? හිහි...

ඉන්නකො කියනකම්,පස්සෙ මම් එක රින්ග් එකක් යැව්වා.මෙන්න බොලෙ අනිත් පැත්තට රින්ග් කරනව.

නෑ...ඔයා ආන්සර් කරාද?

නෑ...ම්ම් කට් කරා.

පස්සෙ මෙන්න මැසේජ් එකක් එවලා."කවුද මේ?..." කියල.මම් සද්ද නැතුව හිටියා.දෙපාරක් විතර රින්ග් කරා මම් ආන්සර් කරේ නෑ.

Monday, December 19, 2011

කුරුමිට්ටා මකනය

http://en.challenge-coin.co.jp/blog/2011/02/25/20110124-07.jpg
මේ කියන්න යන සිදුවීම වෙලා දැනට අවුරුදු 20කටත් වැඩිය වෙනව.එතකොට මං 2 වසරේ, මට හිටියා යාලුවෙක් සමිතා කියල.එයාලගෙ තාත්ත හිටියෙ ජපානේ.

ඉතින් කාලෙකට පස්සෙ එයාගෙ තාත්තා රට ඉදන් ආවාහම සමිතා එක එක විදියේ ගැජට් ඉස්කෝලෙටත් අරන් එනවා බෑග් එකේ දාගන.පොඩි බෝනික්කො...,ටෙඩියෝ...,ස්ටිකර්... ඔය වගේ දේවල්.

ඔය අතරේ එක දවසක් ගෙනාවා අරුම පුදුම මකනයක්.මං දැකලා තිබ්බෙ නෑ ඒවගේ එකක් ඊට කලින්.


අෆ්ෆා ඒ මකනේ කොච්චර ලස්සනද?...මට එහෙම එකක් නෑනේ!...:(

මට හිතුනෙ එහෙමමයි.ඒ දවස් වල අපිට තිබ්බෙ,හැම ලමයම වගේ පාවිච්චි කරේ කොටු මකන.එක එක සුවද ජාති ඔබ්බපුව නම් තිබ්බ හැබැයි.

 
ඒ වගේද මේ මකනේ.ඒ මකනේ හිටියෙ  තැඹිලිපාට පොඩි කුරුමිට්ටෙක්.මතක විදියට පොඩි කුරුමිටි සෙබලෙක්.! 

සුවදම සුවදයි.අමුතුම සුවදක් තිබ්බෙ.මම් හිතුවෙ ඒ ජපන් සුවද වෙන්ඩැති කියලා.සමිතා හරි හොදයි එයා එක මට බලන්න දුන්නා, මකන්නත් දුන්න, මට දුක හිතුනා ඒකෙන් මකන්න.ගෙවිලා ඉවර උනොත් කියල.


දවස් කීපයක්ම සමිතා ඒ මකනේ ඉස්කෝලෙට ගෙනාව,එයත් එක්ක හිටපු යාලුවොන්ට ස්ටිකර්ස් එහෙමත් ගොඩක් දුන්න,ඒවා මෙහෙ ඒව වගේ නේමේ.හරිම ලස්සනයි,දිලිසෙනව.මං ඒවත් අලවන්නෙ නැතුව ලස්සනට පොත් අස්සෙ දාල තියාගත්තා.
ඒ උනාට මකනෙට තිබ්බ ආසාවනම් ඇතැරුනේ නෑ.දවසක් සමිතට හොරෙන් මං ඒ මකනේ බෑග් එකේ දාගන ගෙදර ගෙනාවා.

වැඩේ කියන්නෙ මට ඒක ආය ඉස්කෝලෙ අරන් යන්න හිතුනෙත් නෑ,අක්ක දැක්කොත් අනිව අහනව කොහෙන්ද කියලා.ඒ නිසා එයාටත් නොපෙනෙන්න හංගලා තමයි තිබ්බෙ ටික දවසක්.පස්සෙ ඉතින් මම් කිව්ව ඒක මට සමිතා තියාගන්න දුන්න කියල.එතකොට එයාට සැක හිතෙන්නෙත් නෑනේ.:)


ඔහොම තියාගන තියාගන ඉදලා ඊට හරියට අවුරුද්දකට විතර පස්සෙ තමා ඒ කියන්නෙ 3 වසරෙදි මේක ආයෙත් ඉස්කෝලෙ අරන් ගියා,ඒ වෙද්දිත් ඒ මකනේ ගෙවිලා තිබ්බෙ නෑ.ඉවරවෙයි කියල ඒකෙන් මකන්නෙ නෑනේ ආසාවට තියන් ඉන්නව:). 

ගෙනිච්ච දවසෙම සමිතා, ආ... මේක කොහෙන්ද ඔයාට ?...මේ මගෙ නැති වෙච්ච මකනේ...මෙච්චර දවසක් ඔයා ලගද තිබ්බේ...මම් කොච්චර හෙව්වද?... ඔහොම දිගට කියවන්න ගත්ත,ඒ මකනේ යාලුවොන්ටත් පෙන්නුව:(. එතනින් එහාට වෙච්ච දේවල් කියන්න ඔනෙද?






පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්


"විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන දේ ලෙස මට පෙනී යයි.මුලු විශ්වයේම සෑම දෙයම කිසියම් සම්බන්ධයකින් එකට සම්භන්ධවී ඇත."

"මොලොව උපත ලබා සුලු කාලයක් සදහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට පළාත හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහිදී වැටහෙයි.මෙම විශ්ව පවුලට අයත් වල සාමජීක සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්ට හදුන්වාදීම මෙම පොත ලිවීමේ එක් අරමුණකි."

"ගන්ධබ්බයා නමින් බෞද්ධ ඉගැන්වීම් වලදී හදුනවා ඇත්තේ ඉතා සියුම් පදාර්ථයකින් නිපැයුණ ශරීරයක් හා එය ඇසුරු කොටගෙන පවත්නා උපාදානස්කන්ධ සංයුතිය ය."

"උපාදානස්කන්ධ සංයුතිය ජීවී සයිලයකට ඇතුලත් වී විකාශනය වන විට හා විකාශනය වූ කළ එහි ලක්ෂණ දැක ගත හැක."

"අද්භූතයක් වශයෙන් බැලීමට වඩා මිනිස් සිතක් ස්වභාවික විද්‍යුතයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සැලකීමට මෙතෙක් සොයාගන ඇති දේවලින් මග පෑදෙයි."

පූජ්‍ය බෙල්ලන ඥාණවිමල හිමි
පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්
ISBN 978-955-551-749-2 

මාස කීපයකට කලින් මම් කියවපු පොතක්. නොපෙනෙන මිනිසා,මනෝමය කාය ,භූතාත්මයෝ, ෆෙඩ්‍රික්ගේ සත්මහල් ලෝකය, දෙවියෝ හා දේවදුතයෝ, කර්මය ආදී වශයෙන් විවිධ මාතෘකා යටතේ ගොඩක් කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියනව.කියවලා නැත්තම් කියවලා බලන්නකො .









Thursday, December 15, 2011

කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනව

https://www.mylifestages.org/imageServlet/imageName/BLOG-gflb17qz.jpg

ලගකදී ඉදලා උදේට නැගිටිද්දි කලන්තේ,නැගිටින්න ඔලුව කෙලින් කරාම මුලු ලෝකෙම කැරකෙනව.අම්මො එහෙමත් දෙයක්.සෑහෙන්න බය උනා.නිදාගන ඉදලා නැගිටින්න හදනකොටම මුලු ලෝකෙම කැරකෙනව වගේ තමයි දැනෙන්නෙ.


ඔලුව කෙලින් කරන්න බෑ,කොහොමත්ම නැගිටින්න නම් බෑ.සෑහෙන වෙලාවක් ඉදලා ඉදලා හිමිහිමීට කාගෙ හරි උදව් ඇතුව නැගිටිනවා.ඒත් ඇදේ ඉදගන ටික වෙලාවක් වාඩි වෙලා ඉදලා.

නැගිට්ටහම කැරකිල්ල නෑ.ඔලුවෙ කැක්කුමකුත් නෑ. වෙනදා වගේ ඉන්න පුලුවන්,හැබැයි නිදාගත්තොත් ආය කැරකිල්ල.

එක එක්කෙනා එක එක දේවල් කිව්ව.

සමහරු කිව්ව ආ ෆ්‍රෙශර් එක චෙක් කරන්න තියෙන්නෙ.ව්‍යායාමයකුත් අඩුයිනේ ෆ්‍රෙශර් වැඩි වෙලාද දන්නෙ නෑ කියල.

සමහරු කිව්වෙ ආ...කනව වැඩී... ශුවර් එකට කොලෙස්ටෙරෝල් ඇති කියල.


මමත් බය උනා.මොකෝ කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනවනේ.


දවස් 2ක් විතර බලලා වැඩේ හරියන්නෙ නැති නිසා කෝකටත් හොදයිනේ කියල කායික රෝග විශේෂන දොස්තර කෙනෙක් චැනල් කරා.

දොස්තරත් නලාව තියල බැලුව, ෆ්‍රෙශර් එක බැලුව,ඇස් බැලුව.දිව දාන්න කියලා කටත් ඇරල බැලුව.ම්හු...හැබැයි මොනවත් කිව්වෙ නෑ.

හරි එහෙනම් අපි බ්ලඩ් එකක් චෙක් කරල බලමු.ඇගත් ටිකක් මහත නිසා සමහර විට අක්මාවේ තෙල් තැම්පත් වෙලාද දන්නෙ නෑ වැඩිපුර?...එහෙම කිව්වෙ දොස්තර.එහෙම කියල මං දිහා බලලා හිනාවක් දැම්මා.
පැය 12ක් නිරාහාරව ඉදලා පස්සෙ දවසේ උදේම ඇවිත් ලේ එකක් දුන්න. ඒ ලේවල සීනි එහෙම බලන්න.අනිත් ටෙස්ට් එකට ලේ දෙන්න ඕනේ නිරාහාරව පැය 14ක් ඉදලා ඒක ලිපිඩ පරීක්ෂාවක්.


ගෙදර ඇවිත් පැය 2කින් ආයෙත් ගියා ගිහින් අනිත් අතත් හිල් කරලා ලේ දීලා ආව.


හවස බ්ලඩ් රිපොර්ට් එකත් අරන් ගියා දොස්තර ලගට.දොස්තරත් පට පට ගාල රිපොර්ට් එක බලලා.ටිකක් වෙලා කල්පනා කරා.

සීනීත් නෝමල්

කොලෙස්ටෙරෝල් නම් ටිකක් වැඩිය තිබ්බා
දොස්තර ඒක ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ.

මෙන්න මේකෙන් තමයි අර අක්මාවෙ තත්වේ ගැන අදහස ගන්නව කිව්වෙ.
මේ අනිත් එක හිමොග්ලොබින්

මේව ටික බලාගන බලාගන ගිහින් ටික වෙලාවක් කල්පනා කරා.මමත් හොදටම බය වෙලා හිටියෙ ඒ වෙලාවෙ.ඊට පස්සෙ තමයි ඇහුවේ කන් වලට කූරු ගහනවද කියල.කූරු කිව්වෙ අර කොටන්බඩ්ස් එහෙම.කොට්න්බඩ්ස් නම් පාවිච්චි කරනව ඒත් මං බයට එහෙමත් නෑ කිව්ව.

කන් දෙකේ කුහර වලින් අපී ශරීරේ සමතුලිත බව පාලනය කරනවලුනේ.ඉතින් ඒ කුහර වල මොකද්ද දෝශයක් කියල තමයි කිව්වෙ,ඒක නිසාලු කැරකිල්ල වගේ එන්නෙ නැගිටින්න හදද්දි.ටිකක් ලෙඩේ ගැන දොස්තර විස්තර කියලත් දුන්න.එහෙම හිතලා බෙහෙත් දුන්න.අනේ දොස්තරට පින්සිද්ද වෙන්න කීප වේලක් බොද්දි කැරකිල්ල ඇරිලා ගියා.

අම්ම නම් කිව්වෙ කොයි වෙලෙත් හෙට් සෙට් එක කනේ ගහගෙන ඉන නිසා තමයි එහෙම උනේ කියල.මග දිග බැන බැන ආව,හදාගන්නවකො ලෙඩක් කියල

එන්න හදද්දී දොස්තර ලීෆ්ලට්ස් ගොඩකුත් දුන්න කියවන්න කියල.බර අඩු කරගන්න කියල කෑම වට්ටෝරුවකුත් දුන්නා.දොස්තරගෙ කෑම වට්ටෝරුව,මංබර අඩුකරගත්ත හැටි ගැන වෙනම පොස්ට් එකක් දාන්න වෙනව,මේක දැනටමත් දිග වැඩියි.මෙන්න මේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලන්නකො.

Tuesday, December 13, 2011

පාර්ට් ටයිම්


එයා සමීර, දැන් අවුරුදු 21ක් විතර වෙන පොඩි කොලු ගැටයෙක්.අපේ ගෙදර ඉස්සරවෙලාම ආවෙ මගෙ යාලුවෙක් වුන මල්ලි කෙනෙක් එක්ක.ඒ සමීර ඒලෙවල් වලට මෙහෙ සෙන්ට්‍රල් එකට ආව අලුත ,බෝඩිමක් හොයන්න යන ගමන්.මොකද එයාලගෙ ගෙදර තිබ්බෙ පදවිය පැත්තෙ.

ඒ ලමය ඇවිත් තිබ්බෙ අපේ ගෙදර ඉන්න පුලුවන්ද බලන්න,මොකද ඉස්කෝලෙටත් ටියුශන් ක්ලාස් වලටත් ලග නිසා.කොහොම හරි මගෙ යාලුවගෙ කීමට ඒ ලමයව අපි අපේ ගෙදර නවත්ත ගත්තා.එයාට පිටින් හදල  තියන කාමරය දුන්න.අවුරුදු 2ම ඉවර වෙනකම් එයා අපේ ගෙදර හිටියා,ගෙදර අයටත් කිසි කරදරයක් නෑ තමන්ගෙ පාඩුවේ ගෙදරම කෙනෙක් වගේ අන්තිම කාලෙ වෙද්දි හිටියේ.

සමීර ගොඩක් අපහසුකම් මැද්දෙ තමයි ඉගන ගත්තේ.මුදල් හදල් ගොඩක් අඩුපාඩුකම් තිබුනා.අම්මයි තාත්තයි කරේ ගොවිතැන්,තව අක්කලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයිත් හිටියා.අපිත් පුලුපුලුවන් හැටියට එයාට උදව් කරා,කෑම ගත්තෙ පිටින් උනාට ගොඩක් වෙලාවට අපි කනදේවල් වලින් එයාටත් දෙන්න පුරුදුවෙලා හිටියා.

කොහොම හරි මුල්මවතාවට එයාට කැම්පස් යන්න පුලුවන් උනා.අපිටත් ගොඩක් සන්තෝස හිතුනා.දැන් එයා කැම්පස් එකේ මැනේජ්මන්ට් ඩිග්‍රී එක කරනව.ඉදලා හිටලා අපේ ගෙදරත් ඇවිත් යන්න එනව.දවසක් අම්මට කෝල් එකක් ඒ අර සමීර මල්ලි.ආගිය විස්තර කතා කරන බවක් තමා පෙනුනේ.

අම්ම කතාබහ කරලා සංවාදය නිමාකරේ සෑඩ් මූඩ් එකකින් බව පෙනුනා .අපි අහන්නත් කලින් අම්ම එකට හේතුව කියන්න ගත්තා.

සමීර...

ආ...

දැන් 2 සෙමෙස්ටර් එකේ ස්ටඩි ලීව් ලු.හොස්ටල් ඉන්නෙ කිව්වෙ.

එහෙමද?

ලොකු අක්කත් බැදලා,දැන් බබෙක් හම්බ වෙන්නලු.දෙවනි අක්කා අවසාන අවුරුද්දෙලු.

ආ... අර ඒ කාලෙ මෙහෙත් ආවෙ,ඒ දෙවනි අක්ක නේද?

ආ...න්න ඒ ලමය තමා.

ඉතින්.?

වියදමත් වැඩීලු.මහපොලෙන් ඉතින් කීයද හම්බ වෙන්නෙ ඕක ඇතැයි.මේ ලමය ලෙක්චර්ස් ඉවරවෙලා හවසට යනව කියන්නෙ බදාම දෙන්න..

බදාම දෙන්න???......නෑ...කොහෙද?

අදුරන කෙනෙක්ලු සෙට් කරල දුන්නෙ.සතියට කීපදවසක් යනවලු රෑට.කොහෙද මන්ද මොකද්ද වැඩපලක් කිව්ව.හොද ගානකුත් හම්බ වෙනවලු.

කියවිල්ල එතනින් ඉවර උනේ නෑ අපිටත් හොද උපදෙස් ටිකක් ලැබිලයි ඒක නතර උනේ.ආන්න දැක්කනේ ඒ ලමය කොච්චර මහන්සි වෙනවද ඉගන ගන්න.මෙයාලට අගේ නෑ.දැන් ඕනේ කියන්නෙ මොනාද දැන් ගෙනල්ල දෙනව.එක අතකින් අපහසුකම් දැනෙන්න අරින්න ඔනේ... දුක දැනෙන්න අරින්න ඕනේ... අම්ම ඔහොම දිගට දිගට කියවගන කියවගන ගියා.

අය්යට ගොඩක් දුක හිතිලා තිබ්බ.එයා ටීශර්ට්,කලිසම් ගොඩක් එකතු කරල සමීරට දෙන්න කියල අපිට දුන්න.ලගදි දවසක මං එයාට කෝල් එකක් දුන්න පුලුවන් වෙලාවක ගෙදර ඇවිත් යන්න එන්න කියල.

ස්ටඩි ලීව් එකේ ඉන්නෙ අක්කා....හෙට එන ගමන් එන්නම්!... 

කියල එයා කිව්ව.පස්සෙන්දා දවල් මල්ලකුත් කරගහගෙන අපේ ගෙදර ආවා.

ස්ටඩි ලීව් කිව්ව නේද මේ කොහෙද මල්ලකුත් අරන් යන්නෙ?

ඔව් අක්කා, ස්ටඩි ලීව් එකේ තමා ඉන්නෙ.මේ දවස් වල කුඹුරු වැඩ.මම් ගියා ටිකක් උදව් වෙලා එන්ඩ කියලා මේ දවස් වල කුඹුරුවැඩ, හානව.

Monday, December 12, 2011

බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්

අහම්බෙන් කියවන්න හම්බවුන පොතක්, තාම කියවලා ඉවර කරන්න නම් බැරිඋනා.පොතේ සම්පාදිකාව ඉන්දු පෙරේරා,"මිසදිටු බිඳින හඬ - බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්" විදියට ග්‍රන්ථය නම් කරලා තියෙන්නෙ.

පොතේ අඩංගු කරුණු ඔක්කොම පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවන් සමග කරන ලද සාකඡ්චා ඇසුරෙන් ප්‍රශ්ණය හා ඒ සදහා වන විග්‍රහය විදියට පිළිවෙලට සකස් කරල තියනව.
  • බුදු දහමට වින කරන ජන කාන්ත බුදු දහම
  • දෙවියන්ගෙන් සිගමන් යැදීම බුදු දහමට කරන නිගරු කිරීමක්
  • මිනිස් සාරධර්මත් විකිණෙන කාලයක්
  • පිරිත් පැන්,පිරිත් නූල් ගැන වැරදි විශ්වාස තබනු එපා!
  • කිරි අම්මලා දානයෙන් සෙතක් ශාන්තියක් ලැබේද?
  • බුදු රැස් විහිදෙන්නේ බුදුන්ගෙන් පමණයි
  • දෙවියන්ට පහන් දල්වන්නා යන්නේ දුගතියටයි
ඔන්න ඔය වගේ තවත් කරුණු කාරණා රාශියක් මේ පොතේ විස්තර කරලා තියනව.මිත්‍යා විශ්වාසවල ඇලීගැලී ඉන්න අය වගේම බොදු අපි කාටත් කියවන්න හොද පොතක්.කියවලා බලන්නකො හම්බුන වෙලාවක.

මිසදිටු බිඳින හඬ 
බොදු සමාජයේ මිත්‍යා විශ්වාස පිළිබද ධර්මානූකූල විමසුමක්
ISBN-955-551-30-8
 


Wednesday, December 7, 2011

මෙහෙමත් පිම්පල්


මේ සිද්දිය උනේ මං උසස් පෙළ ලියල ප්‍රතිඵල ඇවිත් ගෙදර ඉන්න කාලේ.ඔය අතරේ  දාපු සමහර පාඨමාලාවල Aptitude Tests  වලට ලියුම් එනවද කියල බලන් ඉන්නව.මෙන්න මේ කාලෙ තමයි මේ ලෙඩේ හැදුනේ.

ලෙඩේ කියන්නෙ පොඩි බිබිලකින් පටන්ගත්ත එකක්,පොඩි බිබිලක් කවුද ගනන් ගන්නේ ඉතින්.හිතාගන්නකො අර මූණෙ එන කුරුලෑවක් වගේ පොඩි බිබිලක් වගේ එකක් තමයි තිබ්බෙ.පස්සෙ පස්සෙ මේක ඇදුම්කන්නත් රිදෙන්නත් පටන් ගත්තා.අහ් ටිකක් විතර ලොකු වේගනත් ආවා.

කාටවත් පෙන්නන්නත් බෑ, මටත් හරියට පේන තැනක නෙමේ තිබ්බෙ.ඔහෙ ගනන් ගන්නෙ නැතුව හිටියා, කොහෙද වාඩි උනාම නැගිටින්න බෑ , නිදාගත්තොත් එක ඇලේකට වෙලා තමා නිදාගන්න ඔනේ.පොඩ්ඩක් හරි හැරුනොත් ආය කියල වැඩක් නෑ කැක්කුම.

ඔහොම ටික දවසක් ගිහින් බැරිමතැන ගෙදර අයට කියලා දම්මා.කට්ටිය මගෙ අපහසුතාවය දැනගනම කන්න බොන්න අත හෝදන්න හැමදේම ලගට කරලත් දුන්න.ඒත් ඉතින් වේදනාවනේ ඉවසන්න බැරි.

දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න යෝජනා වුනේ ඔය අතරේ,වාහනේ යන්නත් පුලුවන් කොහොමද දැන් දොස්තරට පෙන්නන්නේ.

හයියෝ මෙයාටත් වෙන වැඩ!.. කට්ටියම කිව්වෙ එහෙම.

මදැයි!...

ලැජ්ජාවට වඩා වේදනාව තියන නිසා ලැජ්ජාව පැත්තකින් තියලා ගියා දොස්තර හම්බවෙන්ඩ, ඒ අපි පොඩි කාලෙ ඉදන් බෙහෙත් ගන්න දොස්තර කෙනෙක්.අම්මත් එක්ක ගියා,දොස්තරත් බලලා කිව්ව බෙහෙත් දෙන්නම් ඒ බෙහෙත් වලට ගෙඩිය පැලිලා ගියේ නැත්තම් Operation කරන්ඩ වෙනව කියලා.අම්මේ ංමං බය වෙච්ච බය විල්ලක්.


 බෙහෙත් වේල් කීපයක් බොද්දි ගෙඩිය පැලිලා සැරව අයින් වෙලා ගියා.එහෙම්මම හොද උනා.මම් දොස්තරට පින් දුන්න අෆ්ෆෙ නැත්තම් පලයන්කො Operation කොරන්ඩ.

මේකෙත් වාසිය ගියේ අක්කට.කවුරුහරි හිතවත් යාලුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් ගෙදරට ආවාම, ආ...දන්නවද අපේ නංගීගෙ ගෙඩියක් ආවනේ හොද තැනක.... කියලා අනිත් උන්ටත් කියලා හිනා වෙන එක තමා මට පේන්ඩ බැරුව තිබ්බෙ ඒ කාලෙ.දැන් නම් ඒක අමතක වෙලා ගිහින්. ඒත් සුවවෙච්ච සලකුණු නම් තියනව මං හිතන්නෙ.කෝ මට හරියකට පේනව කියලෑ. 


Monday, December 5, 2011

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය


සංසාර මන්දිර, මිනිසා කායික පීඩා විදින්නේ කවර හෙයින්ද යන ප්‍රශ්නය සම්භන්ධයෙන් ප්‍රබෝධකර වූ අනේක චින්තන මාර්ගවලට අප ගෙන යයි.

අපගේ සාමාන්‍ය පංචීන්ද්‍රිය ප්‍රත්‍යක්ශයෙන් අපට දැකිය හැක්කේ පැටලුම් සහිත විශාල විචිත්‍ර ජවනිකාවක සීමිත කොටසක් පමණෙකි.අපට පෙනෙන මෘදු මතුපිටට යටින් අපමණ යටිපැති නූල්ද අප්‍රමාන වූ නොපෙනෙන පැටලිලි ද ඇත.එකම නූලක් වත් උපත යයි නම් කරනු ලබන මායාකාර සීමාවෙන් පටන් ගනිතැයි හෝ මරණය යයි කියනු ලබන ඒ තරම්ම මායාකාර සීමාවෙන් කෙළවර වෙතැයි හෝ කිව නොහැකිය.

සත්‍ය වශයෙන් පුනර්ජන්මය,මනුෂ්‍යා පරිණතියටත්,පාරිශුද්ධියටත් පමුණුවන ජීවිත නියාමය නම්...

ඉතා හොදින් කරුණු පැහැදිලි කර දෙන්නා වූ ද අතිශයින් ප්‍රාණදායක හා සංස්කරණ වන්නා වූ ද මේ මතය ඔප්පුකළ හැකිදැයි පරීක්ෂා කර බැලීම ගැඹුරු සිත් ඇති මිනිසුන්ගේ අවධානයට යොමුවිය යුතු බව සහතිකය.

සත්තකින්ම මිනිසාගේ ආත්මයට බොහෝ මන්දිර තිබේ නම් හැම කාලයකටම වැඩියෙන් එහි සත්‍යය සොයාගතයුතු කාලය මෙයයි.

සංසාර මන්දිර නොහොත් ඇමරිකන් දිවැසින් දුටු කර්මය හා පුනර්භවය
කන්නිමහර සුමංගල හිමි
ISBN-955-569-185-1

මේක තමයි මම් අලුතින්ම කියවන්න ගත්ත පොත.ඉස්කොලෙ යන කාලෙ නම් කියවල තියනව,ඒත් ඒ හැටි තේරුමක් තිබ්බෙ නෑ පොතේ අඩංගු කරුණු ගැන ඒ කාලේ.

ඒ නිසාම  ආයෙත් කියවන්න ඔනේ කියල හිතුනා.MANY MANSIONS THE EDGAR CAYCE STORY ON REINCARNATION by Gina Cerminara පොතේ සිංහල පරිවර්තක තමයි කන්නිමහර සුමංගල හාමුදුරුවෝ.ගොඩක් අය කියවල තියන පොතක් මම් හිතන්නෙ.


Saturday, December 3, 2011

ෆ්‍රී ස්ටෆ් - Christian Book Series

මේවත් මට මාස කීපයකට කලින් නොමිලේ ගෙදරටම එවපු ඒවා.බලන්නකො ඔය තියෙන්නෙ, මම් නම් පොත් 2ක් විතරයි ඉල්ලුම් කරේ.ඒවත් ඉල්ලුම් කරේ ඇත්තටම කියල තියන විදියට තෑපෑලෙන් එනවද කියල බලන්න :). ක්‍රිස්තියානි ආගමික අයට වැදගත් වෙයි කියල හිතුන නිසා ඔන්න පොස්ට් කරා.එකවරකට පොත් 2ක් විතරයි ඉල්ලුම් කරන්න පුලුවන්.මෙන්න ලින්ක් එක, වැඩිදුර තොරතුරු මෙතනින් ගන්න. ගිහින් පොත් 2ක් බාස්කට් එකට ඇඩ් කරල ෆොර්ම් එක ෆිල් කරල යවන්න යි තියෙන්නෙ.


ෆ්‍රී ස්ටෆ් - Spreading the Dhamma

ස්ටිකර්ස්,බුක් මාර්ක්ස්,කාර් ඩෙකල්ස්
පොත්පත්
මේව මට ගොඩක් කාලෙකට කලින් අන්තර් ජාලයෙන් නොමිලේ ගෙදරටම එවපු ඒවා.බලන්නකො ඔය තියෙන්නෙ,කාලයක් ඒ ලින්ක් එක වැඩ නැතුව තිබ්බ ඔන්න ආය ඉල්ලුම් කරන්න පුලුවන්.ඉල්ලුම් කරල ගෙදරටම ගෙන්න ගත්තට කමක් නැ,ඔයාලත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න,මොකද ගොඩක් වියදමක් කරලනෙ එයාල මේවා අපිට එවන්නෙ.මෙන්න ලින්ක් එක, වැඩිදුර තොරතුරු මෙතනින් ගන්න. පහලම තියන ෆෝම් එක පුරවල යවන්න තියෙන්නෙ.

Thursday, December 1, 2011

හොස්ටල් පාර්ටි


කැම්පස් එකේදි අපි මුලින්ම හිටපු හොස්ටල් එක තිබ්බෙ කැම්පස් එකට ටිකක් දුර තැනක,ඒක කලින් පොඩි හොටෙල් එකක් වගේ තිබ්බ තැනක්.පස්සෙ කැම්පස් හොස්ටල් එකකට අරන් තිබ්බ.ඔක්කොම ගෑණු ළමයි 34ක් හිටියා.ඊට අමතරව වෝර්ඩන්, සබ්වෝඩර්න් එක්ක තව ආන්ටි කෙනෙක් හිටියා අපේ උදව්වට.ආ LSO කෙනෙකුත් හිටියා.

මාස 6කට (මුල්ම සෙමෙස්තරයෙන්) පස්සෙ අපේ හොස්ටල් වල ළමයි  මාරු කරනව කියල නෝටිස් එකක් තිබ්බා.ඒක නිසා අන්තිම දවසේ, අපිලග තිබ්බ ලට්ට ලොට්ට ඔක්කොම බැදගන අලුත් හොස්ටල් වලට දාල තමයි ගෙදර යන්න උනේ නිවාඩුවට.

සමහ‍රුන්ගේ ඒ හැටි කැමැත්තක් තිබ්බෙත් නෑ හොස්ටල් මාරු කරනවට,මොකද ඒ වෙද්දි යාලුවො සෙට් වෙලානේ හිටියෙ.වෙන් වෙන්න දුකයි නේ.ඒත් සමහරු කැමැත්තෙනුත් හිටියා,ඒ දුර හොස්ටල් වල අය,ඒ අයට ලග හොස්ටල් ලැබෙයි කියල හිතලා.


විභාගෙත් ඉවරවෙලා ගොඩක් සැහැල්ලුවෙන් ඉන්න දවස්නේ ඉතින්,කට්ටිය කතා උනා ගෙදර යන්නෙ හෙට කියල පාර්ටියක් දාමු කියල.ඔන්න ඉතින් කට්ටියගෙම එකගතාවයෙන් කේක්ද, බිස්කට්ද, මාස්මෙලොස්ද, බීමද(පැණිබීම), සැන්විචස්ද අරවද මේවද කෑම ගොඩාරියක් එකතු කරගත්ත, කට්ටියම කලෙක්ශන් එකක් දාලා.

එදා රෑ 9.30 ට විතර පාර්ටි එක  පටන් ගත්ත,පාර්ටි එක තිබ්බෙ හොස්ටල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ.අපේ හොස්ටල් එකේ හිටිය වෝර්ඩන්ටත් එන්න කියල කේක් අරව මේව කන්න දුන්න.විභාගෙත් ඉවර වෙලා නිදහසේ ඉන්න නිසා එයත් කිසිම අවවාද අනුශාසනාවකින් තොරව හැමෝටම සුබ පතලා කාල බීල රූම් එකට ගියා.අපේ කන බොන වැඩේ දිගටම කරගන ගියා.ඒ අස්සෙ හිමීට හිමීට සින්දුත් කියන්න පටන් ගත්තා.

ඒ දෙසැම්බර් කාලේ ,කියන්න ඔනේ නෑනේ ඒ කාලෙට අපි හිටපු පැත්තේ සීතල කොහොමද කියලා.කට්ටියම ජර්සි දාගන අයිස් කැප් දාගන තමා පාර්ටි එකට ඇවිත් හිටියේ.එළියට යන්න බෑ "කට කට..." ගාල ගැහෙන සීතල. 

ඒ අස්සෙ සල්ලි එකතු කරපු සෙට් එක අයිස් ක්‍රීම් ටබ් කීපයකුත් උස්සන් ඇවිත් තිබ්බා.

මේ සීතලේ මොන අයිස් ක්‍රීම් ද?...

එහෙම කියල කෑම අතැරියේ නෑ...කට්ටියම ඒකටත් වග කිව්වා.ඒ අස්සෙ සමහරුන්ට හෙම්බිරිස්සාව.

කාල බීලා සින්දු කියල හෙම්බත් වෙලා,ඒ වෙද්දී හරියටම 12ට විතර ඇති. මාත් එක්ක හොස්ටල් මාරුව ගැන ප්‍රශ්නයක් ඇතිකරගත්ත යාලුවෙක් ලගට ඇවිත්, කතා කරා.එයාට හෙන යාලුවො සෙට් එකකුත් හිටියා,අපිත් ඉතින් හොදට කතාබහ කරල තරහ මරහ ප්‍රශ්න තියාගන්න ඔනේ නෑ කියල මතභේද සමතයකට පත් කරා.

වරෙන්කො පොඩ්ඩක් කාමරේට...

කියල මෙන්න මුන් සෙට් එකම මාව කාමරේට එක්කන් ගියා.එක්කන් ගියා නෙමේ ඇදගන ගියා.6 දෙනෙක් විතර ඇදන් යද්දි කොහෙ නවතින්නද.මම් ඇදිලා කෙලින්ම ගිහින් නැවතුනේ එයාල කාමරේ තිබ්බ ඇටැච් බාතෲම් එකේ.මෙන්න එකපාරටම පුරවලා තිබ්බ වතුර බේසම් 2ක් 3ක් විතර ඔලුවෙ ඉදන් "තොස් තොස් තොස්" ගාලා වැක්කෙරුනා,අත් දෙක එහා මෙහා කරන්නත් හැටියක් නෑ.ඇයි 6 දෙනෙක් විතර අල්ලගනනේ.උනුත් බාගෙට නෑ වෙනව.එකෙක් බිඩේ ශවර් එකෙනුත් වතුර අල්ලනව.



මං හොදටම නෑවිලා. මාත් එක්ක හිටපු යාලුවො සෙට් එකත් හොදටම නෑවුනා.පස්සෙ අපි අනිත් අයවත් ටබ් එකට පුරවලා තිබ්බ වතුරෙන් බාල්දි, බේසම් පුරවලා ඇතිවෙනකම් නෑව්වා. පව්නේ නැත්තම්.එදා රෑ 1ත් පහුවෙනකම් හොස්ටල් එකේ 34 දෙනාම නෑව්වා.1 ෆ්ලොර් එකයි ග්‍රවුන්ඩ් ෆ්ලොර් එකයි දෙකේම වතුර.

අදින්න ඇදුනුත් නෑ, ඇදන් හිටපුව ඔක්කොම තෙමිලා,අනිත් ඒවා ඔක්කොම හෙට අරන් යන්න,අලුත් හොස්ටල් ගිහින් දාන්න බෑග්ස් වලට දාල ලොක් කරල.වෙව්ල වෙව්ලා ඉබ්බො ගලවන්න උනා බෑග්ස් වල ඇදුම් ගන්න.පුදුමේ කියන්නෙ ඔච්චර හරියක් කරනකම් වොර්ඩන් සද්දයක් දැම්මෙ නැති එක.