Tuesday, December 27, 2011

සිතක වෙහෙස -ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි


මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් ලියන ලද "සිතක වෙහෙස -ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි" පොත් ගැනයි මේ කියන්න යන්නෙ.පොතේ අන්තර්ගතය වෙන්නෙ ස්වාමිපුරුෂයන් තමන්ගේ ජීවිතය, ඔවුන්ගේ භාර්යාවන්ගේ ඇතැම් චර්යා, හැසිරීම්, ගතිපැවතුම් නිසා අපහසුතාවන්-අසහනකාරී තත්වයන්ට පත්වීයයි සදහන් කරමින් ඒ ගැන කරන ලද විස්තරයන්.ප්‍රීතිමත්ව ගතකළ සමහර විවාහ ජීවිත කෙළවර වීමට පවා සුළු සුළු සිද්දීන් හේතුවුන ආකාරය,නිදසුන් 20කට අධික ප්‍රමාණයක් ගෙන හැර දක්වමින් විස්තරාත්මකව ඔවුන්ට ඇතිවූ ගැටළු  මගින් පැහැදිලි කරල තියනව.

මේ පොතට අනුව බහුතර ස්වාමිපුරුෂයන්ගේ මානසික වෙහෙස සදහා මුල්වන ප්‍රධාන කාරණා අතර සිය බිරින්දෑවරුන්ගේ කන්දොස්කිරියාව, ඔවුන්ගේ නිදහස සම්බන්ධ තත්වයන්,ලිංගික ජීවිතය ආදීය කැපේ පේනව.ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම මෙන්ම දෙදෙනාගේ උගත්කම් නොගැලපීම, විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද එසේ ගැටළු ඇතිවීමට පොදු තත්වයන් යටතේ කැපී පේනව.

විවාහවූවන් මෙන්ම විවාහපේක්ෂිත අයට උනත් මේ පොත කියවා තමන්ගේ සාමන්‍ය පැවැත්ම,චරිතය ගැන අවංකව ස්වයං විග්‍රහයකට ලක්කරගන ජිවිතාවබෝධය පුළුල් කර ගන්න පුලුවන්.

සිතක වෙහෙස 
ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි
ISBN 978-955-652-599-1


18 comments:

  1. තොරතුරට ස්තූතියි... :)
    නමුත් මට කවදාවත් වැදගත් නොවේ (කතාව අැත්ත නමුත් joke අෑ ;) :))

    ReplyDelete
  2. ඒ වුනාට නදී ...
    වැඩේ කියන්නෙ .. හුඟක් ගෑණු සහ මිනිහලා ඕක හරියාකාරව වටහා ගන්නෙ නැති එක.
    ඒක හරියාකාරව වටහා ගත්තු එවුන්ගෙ ජීවිට හරිම සුන්දර වෙනවා ..
    [ මේ මගේ වගේ ...]

    ReplyDelete
  3. ඇත්තට ලංකාවේ කාන්තා සංවිධාන වගේ පුරුෂ සංවිධාන නෑ නේ. එහෙම ඒව තිබුන නම් ඔය පොත කාන්තාවන්ට නොමිලයේ බෙදා දෙන්න තිබුනා.:D

    ReplyDelete
  4. නදී පොත් කියවන්න ගන්නේ මහජන පුස්ථකාලෙන්ද? නැත්තන් සින්නෙටම ඇරගෙනද?
    ලැබුනොත් කියවලා බලමු.හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
  5. මේ පොත දැම්ම අරගෙන වෙන්ඩ බාරියාවට කියවන්ඩ දුන්නා නම් අනාගතේට මට විඳින්ඩ වෙයි කියලා හිතෙන දුක් කරදර බෝමයක් අඩු කරගන්න හැකී වේවි කියලා හිතෙනවා ..

    තෑන්ක්ස් අනේ දැනුවත් කිරීමට

    ReplyDelete
  6. අර හුචක්කුව වීඩියෝ එකේ උපදෙස් මාලාව කියවන්නෙත් මේ පොත බලගෙනද අනේ.... එහෙනං බොහොම වටින පොතක්....

    ReplyDelete
  7. මේ පොත් වලින් ගොඩක් දේවල් ගන්න පුළුවන් තමන්ගෙ ප්‍රශ්ණ විසඳා ගන්න. ඒ වගේම තමන්ගෙ නැති ප්‍රශ්ණ වුනත් තියෙනවා කියලා හිතලා ඒ ප්‍රශ්ණත් ජීවිතේට එකතු කර ගෙන, ඒ නැති ප්‍රශ්ණ වලට විසඳුම් හොයන්න ගිහින් ඔය සිදුවීම් වල තියෙනවා වගේ ජීවිතේ අවුල් කර ගන්නත් පුළුවන් !

    ReplyDelete
  8. ඔහෝම ස්තුතියි කියවලාම බලන්න ඕනෙ.

    ReplyDelete
  9. හිහි කියවන්න ඕනා :)))

    ReplyDelete
  10. ඔයානං පට්ට.... දැම්මම ගෑණුළමයට එකක් අරන් දෙන්න ඔනේ...

    ReplyDelete
  11. ඔය වගේම සිංහලට පරිවර්තනය කරපු එකක් තියෙනවා. ඔබේ විරුද්ද ලිංගිකයා අදුනාගන්න කියලා.දෙපැත්තගැනම තියනවා. හරි වටින පොතක් ඒකත්...:)))

    ReplyDelete
  12. කියවලා බලන්න ඕනෙ.

    ReplyDelete
  13. තනි අලියා-ඒක තමයි මම් බැලුව මොකද කියල:)

    කුමරය-හිහි ඒක තමා අපිත් බදින්න කලින් පොත් එහෙම කියවලා ඇතිවෙන්න පුලුවන් ගැටලු මොනාද කියල තේරුම් ගන්නෙ:))

    Kasun -මේ පොතේ තව පොතක් තියනව බිරින්දෑවරු එයාලගෙ පුරුශයන් ගැන කියපුවා ලියපු එකත් අරන් කියවන්න ඔනේ.:)

    නාකියා -සින්නෙටමත් ගන්නව.අනිත් ඒවා මහජන පුස්ථකාලෙන් තමා.ඔයත් යනවද පබ්ලික් ලයිබ්‍රරි.?මෙහෙ එකේ තියනව.ඇවිත් අරන් කියවන්න.

    හිස් අහස-හා අනේ ලයිබ්‍රි වල ඇති බලන්නකො.:)

    Mඉයුරු-ඔව් ඔව් එයා තමයි.

    ReplyDelete
  14. Wඑනි-අම්මෝ මම් නම් කියවලා අලුතෙන් ප්‍රශ්න නම් හදාගන්නෙ නෑ.තියන ප්‍රශ්ණ අඩුකරගන්න බලනව මිසක්.

    වෙද ගෙදර මහ වෙදනා-කියවලා බලන්ඩකො.

    වර්ණා-ඔව් වැදගත් වෙයි:)

    ReplyDelete
  15. නරකයා....!!-එයාට විතරක් නෙමේ.ඔයත් කියවලා බලන්න.

    නිසුපා -ඒකත් කියවන්න ඔනේ මම් දැක්කා තියනව.

    Sඅම්මනි-බලන්නකො කියවලා.

    ReplyDelete
  16. හොයාගෙන කියවන්න ඕනා. අක්කා නම් පොත් ගොඩක් හොයාගෙන කියවනවා නෙහ්.

    ReplyDelete
  17. මධුරංග- ඔව්.මම් නම් කියවනව.:)

    ReplyDelete
  18. මමත් කියෙව්වා ඔය පොත ටික කාලෙකට කලින්, ඒ වගේම භාර්යාවන්ගේ පැමිණිලි කියන ඕකෙ අනිත් පොතත් (දෙපැතතම ගැන බලන්න ඔනනේ) හරිම වැදගත් පොත්. ඇත්තටම මගේ ගෑණු ළමය තමයි මටත් දුන්නේ කියවන්න කියල....:D

    ReplyDelete