Tuesday, January 31, 2012

අසූ නමය අවුරුද්ද

මේ අවුරුද්ද මගේ ජිවිතේ ලොකු වෙනසක් කරපු අවුරුද්දක්,මගේ විතරක් නෙමේ අපේ පවුලේ, අම්මා,අප්පච්චී,අක්කා මේ හෑමෝගෙම.හරියටම ඒවෙද්දි මට අවුරුදු හතරක්,මට මතකෙ හෑටියට ලොරියක බඩුපටවගන අපි ටවුන් එකේ, අප්පච්චි කලින් හදල තිබ්බ ගෙදරට අවා.ඒකාලෙ මහ දරුනු කාලයක් කියල අම්මල කියනව,ඒ ගෑන නම් මට තියෙන්නෙ පොඩිම පොඩි මතකයක්.ගමේ ගෙදර දාල එන්න බෑරුව අම්ම ඈඩුව මට මතකයි.

ගම අතහෑරදාල නගරෙට එන්න ලොකුම හේතුව උනේ,අම්ම කියන හෑටියට ජෙවිපි කලබල තදේට ගමේ තිබ්බ නිසා,අනික අපේ ගෙදර අයටත් ලොකු කරදරයක් වෙලා.දවසක් රෑ කට්ටියක් ඈවිල්ල ගේ වට කරල සල්ලි ඉල්ලලා,තුවක්කු බිදින සද්දෙ අම්මට හොදටම ඈහුනලු.කෑගහන්න එපා කියල,සද්දකරොත් ඔක්කොම මරනව කියල.අප්පච්චිගෙ නම කියල එලියට අවොත් මරනව... තියන සල්ලි ඔක්කොම දීපන් ...කීවලු,අම්ම කිවෙ අපි දෙන්න(අක්කයි මමයි)පොඩියි,අනික රෑ නිසා හොදටම නිදිලු.අපි බයවෙලා කෑ ගෑහුවනම් මොනවයින් මොනාවෙයිද දන්නෙ නෑලු.

 අපේ අම්මයි අප්පච්චියි කරේ ඉස්කෝල ගුරු රස්සාවනේ,ඒ හෑටි සල්ලියක් තිබිලානෑ.ඒ අස්සෙ අම්ම ලොකු වීරකමක් කරල මරන්න හොයල තියෙන්නෙ අප්පච්චිනෙ,අපේ ලොකු අත්තත් ඒ දවසේ අපේ ගෙදර ඉදල,ඒ කියන්නෙ අපේ අම්මගෙ අප්පච්චී.ඒ දෙන්නම වී තියන කාමරේට දාලා වහල,ලොකු අත්තා වයසයි නේ,හොදටම වෙව්ලනවලු බයට,ඈයි ඉතින් මරන්න හොයනවනේ,ඒ අස්සෙ ගේ වටේට අඩි සද්දෙ,තුවක්කු කඩන සද්දෙත්.

අම්ම එකතුකරල තිබ්බ සල්ලි ඔක්කොම ගුලි කරල ශොපින් එකක දවටල ඈහුවලු, කොහොමද  සල්ලි දෙන්නෙ කියල,(පස්සෙ නම් කිවෙ අතට අහුවෙච්ච ටික දුන්න කියල බයටම) ජනේල කවුලුවකින් දාන්න කීවලු.අම්මා සල්ලි මිටියම කවුලුවෙන් විසික් කරල එලියට.කාටවත් මේගෑන කියල ඉබ්බොත් පවුලම මෑරෙන්න ලෑස්තිවෙයල්ල කියල උන් යන්න ගිහින්.අඩි සද්දෙ නෑතිවෙනකම්ම බලන් ඉදල අම්ම අප්පච්චීයි ලොකු අත්තයි එලියට අරන්.

 අපේ ගෙදර තිබ්බෙ ගමේ කොනක.එක පෑත්තකින් වෑව,අනික් පෑත්තෙන් කුඹුරු යාය.කුඹුරුයායට ඈතින් පෙනුනෙ කොක්කබේ කියන කන්ද.අම්ම කියනව මතකයි ඉස්සර කොටි හිටියලු ඒ කන්දෙන් එහාපෑත්තෙ.(කොටි ආව කතාව වෙනම දවසක කියන්නම් කෝ).ගෙදර තිබ්බෙ පොල් වත්තක මෑදට වෙන්න.අනිත් පෑති දෙකේත් ගෙවල් දෙකත් තිබ්බ ගොඩක් ඈතට වෙන්න.

 පෑය 2 - 3 ක් ගියාට පස්සෙ "අම්මෝ..."කියන සද්දයක් එක්ක වෙඩිපාරවල් කීපයක් ඈහුනලු ටිකක් ඈතින් වෑව පෑත්තට වෙන්න.අම්ම කියන විදියට ඒ වෙද්දි රෑ දොලහ පහුවෙලා.උදේ එලිවෙලා බලද්දි ගේ වටේටම සෙරෙප්පු අඩිපාරවල්ලු.ටික වෙලාවකින් ආරංචිවෙලා වෑව ලග ගමේ කොල්ලො දෙන්නෙක් මරලදාල කියල. අම්මලත් ගියාලු බලන්න අපිත් එක්කම.මටනම් ඒ හෑටි මතකයක් නෑ.වෑව අයිනේ පාරෙ තිබ්බ මිනීදෙක ලග ලියුමකුත් තිබ්බයි කියල තමයි ආරංචිය.දධුවමක් හෑටියට වුන මරනයක්!

 පස්සෙ දෑනගත්ත විදියට අපේ ගෙදරට ඈවිල්ල තියෙන හොරු, අල්ලපු ගමේ දන්න අදුනන මිනිස්සු කීපදෙනෙක්ලු.ඒකාලේ පුද්ගලික තරහ මරහ පිරිමහන්න එක එක දේවල් මුවාවෙන් හොරකන් කරාකියනවනේ.මේ සිද්දියෙන් පස්සෙ අප්පච්චි තිරනෙ කරල ගමෙන් යන්න.මොනව නෑතත් ජීවිත වටින නිසා.අම්මනම් වෑඩිය කෑමතිවෙලා නෑ.අම්ම බෑදල අප්පච්චිගෙ ගමට ආවට පස්සෙ තමයි ,අපි හිටිය ගෙදර හදල තියෙන්නෙ.අම්මත් ගොඩක් මහන්සි උනාලු ගේ වෑඩවලට.අම්ම ඉස්කොලෙ ඈරිල ඈවිල්ල අපිටත් කවල පොවල වතුර අදිනවලු ගේ හදන්න,අප්පච්චිත් එක්කම.

ගමෙන් එද්දි ලොරියෙ බඩු පටවගන ආව දවසනම් මට හොදට මතකයි.ගමේ හංදිය ලග ටයර් දාපු මිනියක් පිච්චෙනවා මම් දෑක්කෙ අප්පච්චිගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා එස්සරහම සීට් එකේ ආව නිසා.ගමේ ගෙදර වහල දාල නගරෙට එන්න තිරනය කරප්පු අප්පච්චි නිසා අද අපි මිනිස්සු විදියට මෙහෙම ඉන්නවා.හොදම වෑඩේ කියන්නෙ නගරෙට ආවයි කියල බය හිතෙන සිද්ධිවලින් නම් අඩුවක් තිබ්බෙ නෑ,අක්කටයි මටයි.

මේ එක සිද්ධියක්,දවසක් අක්කයි මමයි ගෙදර ලගකඩේට යනව පාන් ගේන්න.තාම මතකයි ශොපින් එකක් අරන් කඩේදුවන හෑටි, මමත් ඔය වෑඩේට ආසයි,මොකද ඒ කඩේ තියනව රෝසයි සුදුයි ඉරීඉරි,වට්ටක්ක ගෙඩිවගේ සීනිබෝල,(මගෙ ප්‍රියතම කෑම).මට ඉතින් ඕවලින් කීපයක් හම්බවෙනව කඩේයන දාට. 

මෙන්න බොලේ කඩේ ලග මිනිස්සු පිරිල අපි දෙන්නත් මිනිස්සු අතරින් රිංගල ගිහින් හොට දාලා බෑලුවා.මොන බෑලිලිද? එතන හිටපු කෙනෙක් මේ පොඩිලමයි මොකද මෙතන...යන්න... යන්න...ගෙදර කියල අපි දෙන්න ගෙදර එලෙව්වා.පස්සෙ තමයි අප්පච්චි කිවෙ කොල්ලෙක් මරල ඔලුව බෑග් එකක දලා එල්ලලලු කඩේ ඉස්සරහ.ඒ අපේ රටේ එක අදුරු කාල සීමාවක්.

අක්ක 5 වසර විභාගෙට ලිව්වෙත් අප්පච්චීත් එක්ක ලොරියක නෑගල ඈවිල්ල.ඒකාලේ බස් අඩුයිනේ.අපෙ ගමේ ඉස්කෝලෙ  ලමයින්ට ඉදගන්න පුටු තිබිල නෑ.අම්ම අදටත් කියනව බිම ඉදගන ලියල මගෙ කෙල්ල පහේ විභාගෙ පාස් උනා කියල.

 කොහොමින් කොහොමින් හරි අසූනමය අවුරුද්ද ඉවර වෙද්දි අක්කට නගරෙ තියන මෑදි විදුහලට යන්න පුලුවන් උනා.මටත් හොද ඉස්කෝලයක් ලෑබුන.අම්මයි අප්පච්චියිත් නගරෙ ඉස්කොල දෙකක ගුරුවරු විදියට සේවය කරා. ඒ මගේ ජීවිතේට හොදම අඩිතාලම වෑටුනු අවුරුද්ද.



Thursday, January 26, 2012

නොමියෙන මතක - අප්පච්චී

සාමාන‍‍‍ය්‍යයෙන් ගෑණු දරුවො වෑඩියෙන් ආදරේ අප්පච්චිටලු.ඒක ඈත්තක් වෙන්න ඈති කියල මට හිතෙන්නෙ,අක්කයි මමයිත් අම්මට වඩා ගොඩක් අප්පච්චිට ආදරේ කල නිසා.පොඩිම කාලෙ ඉදන් අපේ වීරයා උනේ අප්පච්චි.මට මතක හෑටියට අපිට පාඩම් වෑඩ කියල දෙන්න ගොඩක් මහන්සි ගත්තෙ අම්මට වඩා අප්පච්චි, කවි, කතා එහෙමත් අපිට කියලා දුන්න මතකයි,ඉස්කෝලෙදි දෙන ගෙදර වෑඩ කරන්නත් ගොඩක් උදව් උනේ අප්පච්චී.

අපේ ලෝකෙ වීරයා අප්පච්චි වෙන්න තවත් හේතු ගොඩක් තිබ්බා.අම්මට වගේ නෙමේ,අප්පච්චිට ගොඩක් දෑනහෑදුනුම්කම්,සමාජය ගෑන දෑනුම තිබ්බා.පිට කවුරුහරි අපි දෙන්නව හෑදින්නුවෙත් මේ අර කෙනාගෙ දුවලදෙන්නා කියල මිසක් අම්මා ගෑන කියලා නෙමේ.පොඩි කමට අපි අප්පච්චිට වෑඩිය ලංවෙන්නත් හේතුව ඒක වෙන්න ඈති.හොදටම මතක සිදුවිම් තමයි අපි දෙන්නගෙන් එක්කෙනෙකුට උනක් හෙම්බිරිස්සාවක් හෑදුන වෙලාවට, උනුවතුර හදලදීලා වෙලාවට බෙහෙත් පොවලා කන්න ආසදේවල් ගෙනල්ල දෙන්නෙ අප්පච්චී,උන හෑදුන දවසට තත්වෙ කොහොමද කියලත් විටින් විට ඈවිල්ල බලනවා.

ඉස්සර බෙහෙත් ගෙනල්ල  කුඩුකරලා මීපෑනිවල දියකරලා තමයි බොන්න දුන්නෙ,ඒ තිත්ත බෙහෙත් බොන්න අදිමදි කරනවට.අපේ ගෙදර හතරදෙනාටම අප්පච්චී පෞද්ගලික ලිපිගොනු හදලා තිබ්බා.මම් ඉපදුනු දවසෙ ඉදන් අවුරුදු 19ක් පුරාවට වුනු විශේෂ සිද්ධීන් ලියල තිබ්බා.මුලින්ම මම දනගාපු දවස, හිනාවුනු දවස, ඈවිදින්න පුලුවන් උනු දවස,....මෙන්න මේ වගේ විශේෂ දේවල්. 

ටිකක් අපිට දෑනුම් තේරුම් ඈතිවෙන කාලේ හෑමදාම වගේ කිව්වෙ අර 'අශ්වයගෙ කතාව', "අශ්වයා වතුර ලගට ගෙනියන්න පුලුවන් ඒත් ඌට වතුර පොවන්න බෑ" කියලා,ඒ විදියටම අපිට ඉගන ගන්න ඕනෙ කරන සියලුම දේවල් පුලුවන් උපරිමෙන් සපයලා දුන්නා.ඒවලින් ප්‍රයෝජනය ගන්න අපි දෑනගන්න ඔනේ කියලා.ඉගන ගන්න කාර්ය පස්සෙන් හිටිය මිසක් ඕනෑවට වඩා බලපෑම් කරෙත් නෑ.තමන්ගෙ උනන්දුව තියනවා නම් ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල තමයි කිව්වෙ.

මට මතකයි ඉස්සර අප්පච්චි, අප්පච්චිගෙ ළමා කාලය ගෑන කියනවා.අප්පච්චි ඉපදිලා අවුරුදු එක හමාරෙන් අප්පච්චිගෙ
අම්මා නෑතිවෙලා තියෙන්නෙ,අම්ම කෙනෙක්ගෙ ආදරයක් ලෑබිලා නෑ.අඩුගානේ අම්මා මේවගේ කියල හිතේ චායාවක් වත් නෑලු.අම්මා කෙනෙක්ගෙ ආදරේ කියන දේ මොකද්ද කියල තෙරුන්ගන්න බෑරුවලු හිටියෙ එහෙම අත්දෑකීමක් නෑති නිසා.අපේ අක්කා ඉපදෙන්න ඉද්දිලු තේරුනේ අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් මොනතරම් දුක් උහුලනවද,කෑප කිරීම් කරනවද කියලා.

අප්පච්චිත් බොහොම දුකසේ තමයි ඉගනගන තියෙන්නෙ,පොඩිකාලෙ ඉස්කොලෙ යන්න හෑතෑක්ම තුනක් විතර පයින් ගිහින්ලු.ගමේ ඒකාලෙ ඉස්කොලයක් තිබිලා නෑ.ඒත් පහ වසරට යනකම් විතරලු.පස්සෙ තමයි හාමුදුරුකෙනෙක්ට පින්සිද්දවෙන්න පිරිවෙනකට අරන්ගිහින් උගන්නලා තියෙන්නෙ.වාසනාවකට වගේ අප්පච්චිට කෑම්පස් යන්න පුලුවන් උනාලු.ගිහින් තියෙන්නෙ කෑළණියට,ඒකාලෙ කියල තියෙන්නෙ ඉතින් විදය්‍යාලංකාරෙ කියලනෙ.ඒත් ඉතින් බොහොම අපහසුවෙන්,වියදම් කරන්න මුදල්හදල්,ඉගන ගන්න උපදෙස් දෙන්න හරිහමන් කෙනෙක් ඉදලා නෑ.

ඒ අප්පච්චිගෙ ඒ මහන්සිය,කෑපවීම නිසා තමයි අද අපි මේ තත්වෙන් ඉන්නෙ.ඒත් මීට අවුරුදු අටකට කලින් අප්පච්චි අපිව දාලගියා ඒ හදිසි හෘදයාබාධයකින්.මට තවත් මතකයි ඒ දවස.දුක වෑඩිකමට පපුව හිරවෙලා,ඈස් වලින් කදුලු බේරුනා මිසක් කෑගහල ඈඩුනෙ නෑමට, ඒ මොකද කියල මට අදත් තේරෙන්නෙ නෑ.ඒ දවස් වල මම පලවෙනි වතාවට උසස්පෙළ විභාගෙට ලියනවා.අවසාන වතාවට එදා මම් අප්පච්චිගෙ අත අල්ලලා බෑලුවා,ඒ අත්දෙක හොදටම සීතලවෙලා ගල්ගෑහිලා තිබ්බ.අම්මලා වගෙ දරුවො එක්කම ඉදල දරුවන්ට තියන ආදරේ ප්‍රකාශ නොකලට කුසේ තියාගන නොහිටියට,අප්පච්චිලගෙ ආදරෙත් අම්මලගෙ ආදරේට නොදෙවෙනියි කියල මට හිතෙන්නෙ.ඒ අවුරුදු දහනමයක් "අප්පච්චි" කියන චරිතයෙන්,මගෙ අත්දෑකීම් වලින් මම් තේරුන්ගත්ත හෑටි.

Tuesday, January 24, 2012

පෙරභවයේදී සිරුරට වූ හානියක් යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද?


"අභිරහස් පුනර්භව" කියන්නෙ මම අලුතින්ම කියවන්න කියල ගත්ත පොත.ලියල තියෙන්නෙ තිස්ස ජයවර්ධන මහත්තයා.

මිනිස් සිරුරේ දකින්න ලැබෙන ලප කැලල් ,ශරීර කොටස් අඩුවීම් පිළිබදව පුනර්භව පර්යේශණ මගින් හෙළි කරගත්ත අවස්ථා බොහොමයක් ගැන මේ පොතේ සදහන් කරල තියනව.

පෙරභවයන් හෙළිකරපු සමහර දරුවෝ ශරිරේ උපතින් ඇතිවී තියෙන අඩුපාඩු, පෙරභවයට සම්භන්ධ සිදුවීම් නිසා ඇතිච්ච දේවල් විදියට අනාවරණය කිරීම් කරලත් තියනව.

පෙරභවයේදී සිරුරට වූ හානියක්  යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද?

පුනර්භවය ගැන පර්යේශණ පවත්වන ලෝකේ ඉන්න ප්‍රධාන පෙළේ මනෝ වද්‍යවරුන්ගේත් අවධානය ට පත් වෙලා තියන ඒවගේ සිදුවීම් අභිරහස් පුනර්භව විදියට සැලකෙනව.ඒවගේ අභිරහස් කීපයක්ම පොතේ සදහන් කරල තියනව.

මුල්ම නිදසුන විදියට ලංකාවේ වෙච්ච සිද්දියක් විස්තර කරල තියනව.කෙනෙක් මනුස්සයෙක්ව කඩුවකින් කපලා මරලා හිරේ ගිහින් තියනව.ඒ මනුස්සය මැරිලා ඉදලා තියෙන්නෙ අත්දෙක වෙන්වෙන විදියටම කැපිලා,ඒ වැදිච්ච කඩු පහරට.මරපු මනුස්සයා හිරේ ඉදලා නිදහස් වෙලා ආවට පස්සෙ ඒ මනුස්සයගෙ දරුවෙක් ඉපදිලා තියනව.හරියටම අර මැරිච්ච මනුස්සයා වගේම අත්දෙක උරහිසෙන්ම නැතුව.

මරණ පරීක්ශණ තොරතුරු, සිද්දියට අදාල පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු බොහෝ ප්‍රමාණයක් පොතට අඩංගු කරල තියනව.දොස්තර වරුන්ගේ නිගමනයට අනුව ඒ දරුවට එහෙම Birth Defect එකක් වෙන්න වෙන කිසිම ප්‍රශ්ණයක් තිබිලා නෑ.ඒ කියන්නෙ හේතුවක් හොයාගන නෑ.

අවසානේදී මරපු මනුස්සයම කියල තියනව සමහර විට  මැරිච්ච කෙනා මගෙ දරුවෙක් වෙලා ඉපදුනාවත්ද කියල එයාට සැකයක් තියනව කියල.

කුතුහලය ඇති වෙන පොතක් එක හුස්මට කියවගන යන්න පුලුවන්.හම්බුනොත් ඔයාලත් කියවලා බලන්න.


අභිරහස් පුනර්භව
තිස්ස ජයවර්ධන
ISBN 955-1178-57-2

Monday, January 23, 2012

මේ දැන් බාපුවා...

මේ දැන් බාපුවා...
ගොඩක් දෙනෙක් කැමති කෑමක් තමා බඩඉරිගු කියල කියන්නෙ.නම අහද්දිම ගොඩක් දෙනාගෙ කටට කෙළ උනනවත් ඇති.

මේ දවස් වල අපිත් ඇතිවෙනකම් බඩ ඉරිගු කනව.ඉස්සර වගේ නෙමේ දැන් අවුරුද්දේ වැඩිකාලයක් බඩඉරිගු දකින්න පුලුවන්.වගාලිං එහෙම කපලා තියන නිසා වතුර ගහලා ගොඩක් මිනිස්සු බඩඉරිගු හදනව.

ගොඩක් අය කැමති දලුවා කන්ඩ,ඒ ඒවා කිරි රහ නිසා.කඩපු ගමන් කන්න තියනව නම් තමා හැබෑම රහ එන්නෙ.

තම්බලා ලුනුදාල පොල් කෑල්ලක් එක්ක කෑවම මාරම රහක් තියෙන්නෙ.

සමහරු දලුවා කඩපු ගමන්ම දරලිපේ අගුරු උඩ පුච්චල ලුනු ඉහගනත් කනව. එහෙමත් රහයි.

හැබැයි ඉතින් හොදට හපලා තමයි කන්න ඔනේ නැත්තන් ඇට පිටින් එළියට යන්නෙ :).

වසක් ඔහොම ගෙනාපු මෝරපු බඩඉරිගු කරලක් තිබ්බ ඉතින් මම් ඒකේ ඇට ටික අරන් වතුරට දාලා තිබ්බ පැළවෙයිද බලන්න.ම්හු...පැලවෙන පාටක් නෑ.මම් කරපුදේ ඔක්කොම අල්ලලා විසික් කරා.

මෙන්න ටික දවසක් යද්දි ඒව පැල වෙලා.දැන් අපි බලාගන ඉන්නෙ ඒවා ටික  ටික ලොකු වෙනකම්,අම්ම නම් කියන්නෙ ඕව ඔහොම හැදෙන්නෙ නෑ කියල. 

Saturday, January 21, 2012

*ක පල්ලෙන් බේරෙන කලිසම්


එක දවසක ,ඒ කියන්නෙ මට හරියටම දිනේ මතක නෑ.දවසක් බස් එකේ යනව,එච්චර දුරකුත් නෙමෙයි හරියටම කියවනව නම් රුපියල් 10ක විතර දුර.සීට් වල පිරෙන්න සෙනග හිටියා,තව කීපදෙනෙකුත් හිටගන යනව.

මෙන්න එක පාරට තරුණ පහේ "කොල්ලෙක්" බස් එකට නැග්ගා.සීට් නැති නිසා එයා බස් එකේ ඉස්සරහම සීට් හරියෙ හිටගන පොල්ලෙ එල්ලිලා යනව.තව කීපදෙනෙක්ම එහෙම හිටගන ගියා.ඉතින් ඕක ඔය හැටි දෙයක් යෑ නේද?.ඒකයෑ කාරණාව...

ටික වෙලාවකින් බස් එක යන අතරමග මේ කොල්ලා නැමි නැමී  ඉස්සරහ බලන්න ගත්තා හරියට අර බහින්න තියන තැන මග ඇරෙයි... මග ඇරෙයි...වගේ.අම්මපා එතකොට තමා බස් එකේ සෙනග නොසන්සුන් උනේ.ඔයාල හිතන්නෙ මොකක් නිසා කියලද ?ඔහොම ඉන්නකො කියන්න.

මේකා අර * පල්ලෙන් බේරෙන ඩෙනිම් කලිසමක් ඇදලා හිටියෙ.ඉතින් නැමෙන නැමෙන ගානට ඒක තව තව පහලට යනව.සෑහෙන ප්‍රමාණයක් පහලට බැහැලා,හරියට තව ටිකකින් බිම වගේ.මම් හිතන විදියට  යටට වෙන ඇදුම් ඇදලා හිටියෙත් නෑ.ඒක සෑහෙන අපහසුතාවක් උනා බස් එකේ අයට.ඔක්කොටම පේනව,අපහසුතාව බස් එකේ වාඩිවෙලා යන මිනිස්සුන්ට.ඒ කොල්ලට ගානක් වත් නෑ.අඩුගානෙ කලිසම පහළට ගිහින් කියල දැනුනෙ වත් නැති ගානයි.

ඉස්සරහ සීට් එකක හිටිය පොඩි පුතෙක් අම්මට පෙන්න පෙන්න හිනා වෙනව.අම්මේ! අම්මේ! අර...අර... කිය කියා.අම්ම නොදැක්කා වගේ අහක බලාගන ඉන්නව.:).

පස්සෙ ටික වෙලාවකින් "ශෝ එක" පෙන්නලා කිසිම ගානක් නැතුව ඒ කොල්ල බැහැල ගියා.බස් එකේ අය මූණෙන් මූණ බලාගන හිනා උනා.

Friday, January 20, 2012

දේවාලයකට ගියෙමි.



කාලෙකට පස්සෙ යන්න යෙදුන චාරිකාවෙ එක ස්ථානයක් විදියට මට දේවාලයකට යන්න ලැබුනා.මගෙ ජීවිතේ ඔය තරම් ලොකු දේවාලෙකට ගිය මුල්ම වතාව.ඒ නිසා ඒක මට අමුතුම අද්දැකීමක් උනා.ඒක කවුරුත් නම කිව්ව පමණින් දන්න සුප්‍රසිද්ධ දේවාලයක්.අපි එහෙ යන කොට තරමක් දවල් වෙලා, කට්ටිය හොදටම හෙම්බත් වෙලා බඩගිනී බඩගිනී කිය කිය හිටියේ.දේවාලය ලං වෙද්දිම පාරේ අයිනක හිටගන හිටිය මනුස්සයෙක් වාහනයට අත දාල වාහනේ නවත්තන්න, හරවන්න,වාහනේ සුදුසු තැනක පාර්ක් කරන්න පවා උදව් උනා.

"වාහනේ නැවැත්තුවට සල්ලි ගන්නෙ නෑ මහත්තයා නවත්තන්න.ඇතුලටම දාන්න.හෙවණට ගන්න.ආ...හා... හරි ඔහොම ගන්න... හරි හරි තව ගන්න"

ඔහොම කිය කියා සෑහෙන කරුණාවක් පෑවා.වාහනේ නවත්තලා ටිකක් වට පිට බලද්දි තමා තේරුනේ එයාට අයිති පුංචි කඩයක් අයිනකට වෙන්න තියන විත්තිය,.පළතුරු වට්ටි,දේවාලෙට යන්න අවශ්‍ය කරන අනෙකුත් දේවල්(හදුන්කූරු, පහන්, පහන්තිර...) එතන විකුණනවා. හොද හෙවනකුත් තිබ්බා ඒ හරියේ,කට්ටියගෙම ඉල්ලීම පිට අපි එතන ඉදන් දවල් ආහාරය ගත්තා.අනේ අර මනුස්සයා වාඩි වෙන්න පැදුරු,අත හෝදන්න සබන් හිට ගෙනත් දුන්න.බලන්න කරුණාවක මහත.

ඇත්තටම ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න අපේ නඩේ වයසක කට්ටිය සැහැල්ලුවෙන් විඩාව නිවාගන අතපය දිගෑරගන සුවසේ දවල් ආහාරය ගත්තා.වෙන අත්‍යවශ්‍ය පහසුකම් පවා තිබුනා,ඒවත් නොමිලේම.:)

පස්සෙ යන්න ලෑස්ති වෙනකොට එතුමගෙ ආරාධනය පිට කැමති අයට පළතුරු වට්ටි ගන්න කිව්ව,පවුනේ ඉතින් අපිට හොදින් සැලකුව නිසා බාර හාර වෙන්න හිතාගන ආවෙ නැති අයත් හිස් අතින් දෙවියන් ලගට යන්න අකමැත්ත නිසාදෝ පළතුරු වට්ටි ගත්තා.බලද්දි හැමෝම අත පළතුරු වට්ටි.:)

 ඒවත් අරන් දේවාලෙ ලගට යනකොට ඊටත් වඩා බොහොම අඩුවට පළතුරු වට්ටි තිබුනා ඒ ප්‍රමාණයේම ඒවා.මටත් වයසක අත්තම්ම කෙනෙක්ගෙ පළතුරු වට්ටියක් අරන් යන්න සිද්ද උනා ඒ බර උස්සන් උන්දෑට පඩි නගින්න බැරි නිසාම.අත් වාරුවකුත් වෙන්න උනා.


ලගට යද්දිනේ දැක්කේ අම්මේ... තියන පෝළිම.සෑහෙන්ඩ දිගයි.විශේෂත්වයකුත් තිබුනා.වැඩිහිටි ගෑණු පිරිමි අයට අමතරව මාස 6ක්වත් නැතු පොඩි දරුවොත් වඩාගන අම්මලා තාත්තලා ඒ පෝළිමේ හිටියා  ගිනි කාෂ්ඨකේ කිසි ගානක් නැතුව.පොඩි දරුවන්ට නම් ඉවසුම් නැතුව තමා හිටියේ.ගොඩක් අය අඩනව විටින් විට.

පෝළිමත් ඉස්සරහට යන්නෙ ගොඩක් හිමීට.ඒ අස්සෙ ඉහින් කනින් දාඩිය බේරෙනව.ආපු ගොන්කම කිය කිය මටම හිතින් බැන බැන අත්තම්මගෙ පළතුරු වට්ටියත් අතේ තියන් මමත් පෝළිමේ හිටියා.ඔහොම ටික ටික ඉස්සටහට ගියා.ගිහින් ගිහින් අවසානේ දේවාලේ තිර රෙද්ද පෙනෙන මානේ දොර ලගින් තනිකරම සුදු ඇදගත්ත කෙනෙක් ඇවිත් දම්වැලක් දාල ලොක් කරා යන්න තියන පාරට.කොටස කොටසලු යවන්නේ,ඇත්තටම ඔක්කොම එක පාර යවන්න බෑනේ ඉතින්.එතන්ටත් වෙලා සෑහෙන වෙලාවක් හිටගන හිටියා,ඒ අතරේ අතේ කැක්කුම ඉවසන්න බෑ පලතුරු වට්ටියෙ බරට.අත්තම්මට ගන්න කියන්නත් බෑ වයසක මනුස්සයනේ.

ටික වෙලාවකින් අනික් පැත්තෙන්  5දෙනෙක්ගෙන් විතර හැදිච්ච කණ්ඩායමක් ආවා ලොකු පළතුරු වට්ටියකුත් ඉස්සර කරගන.සෑහෙන පඩුරකුත් වට්ටිය උඩ තිබ්බ දැක්කා.විශේෂ කෙනෙක් නිසා දේවාලෙ ඇතුලෙ හිටපු අය පිට උනාම එයාලව ඇතුලට ගත්තා අපිට කලින්.ඒ එක්කම අපේ පැත්තෙන් සද්ද දාන්න ගත්තා, කලින් ආව අයව ඉස්සර වෙලා ඇතුලට යවන්න තිබ්බනේ කිය කිය.කට්ටියටම ඇතිවෙලා.

සුදු ඇදගන හිටපු මහත්තුරු ඒවා ගනන් ගත්ත බවක් පෙනුනේ නෑ, ඇහුනේ නෑ වගේ හිටියා. ඉවසල ඉවසලා අන්තිමේ ඇතුලට ගියා,අප්පා කට්ටිය කට කපල හරියට සැමන් ඇහුරුවා වගේ,මාර රස්නයක් තිබ්බෙ ඒකේ ඇතුලේ.කට්ටිය ඔක්කොම දෙයියන්ගෙ ඉස්සරහට යන්න ෆුල් ට්‍රයි එක දෙනව ඒ නිසාම කට්ටියම හොද හැටි තෙරපෙනව.

ඒ නිසාම  සුදු ඇදගන දේවාලෙ ඇතුලෙ හිටිය මහත්තයටත් ටිකක් තරහ ගිය පාටක් පෙනුනා.මමත් කොනක් අල්ලලා හිටගන හිටියා.අනිත් අය පළතුරු වට්ටි සුදු ඇදගත්තු මහත්තයා අතේ තියනව දෙය්යන්ට භාර දෙන්න.ඒ අතරේ සමහරු එතන තියන පහනට තෙල් දාන්ඩ පොර කනව.

ඔය අතරේ කට්ටියටම වාඩි වෙලා වැදගන්න කීව, කොහෙ වාඩි වෙන්නද හැරෙන්න ඉඩක් නෑ. ඒත් තද වෙවි තදවෙවී කට්ටිය කිටි කිටියේ එක පොදියට වාඩි උනා.ඔක්කොට හිමි හිමීට නැමුනා සමහරු වාඩි වෙලා වගේ බොරුවට නැමිලා හිටියා.මට කර කියා ගන්න දෙයක් නෑ බලාගන හිටපු පාරට මට වාඩි වෙන්න කොහෙත්ම ඉඩක් ගන්න විදියක් නෑ.ඒත් මමත් අර විදියටම බාගෙට නැමිලා වැදගන හිටියා. කවි වගයක් කියාගන ගියා, මම් හිතන්නෙ දෙවියන්ට කිව්වෙ අපිව ආරක්ශා කරල දෙන්න ,අපේ ලෙඩ රෝදුක් දුරු කරල බලාපොරොත්තු ඉටු කරල දෙන්න කියල වෙන්න ඕනේ.

මට තිරය ඇතුලේ තියෙන්නෙ මොනාද කියල බලනකම් නොඉවසිල්ලක් තිබ්බා.යාතිකා අවසානයේ තප්පර 5කට විතර තිරය ඉවත් කරා කට්ටිය හෝ ගාල වදිනව.මමත් නැමිල බලන්ඩ හැදුව විතරයි ආයම තිරය වැහුවා. ඔහොම දෙවතාවක් දෙවියන්ව පෙන්නුව අපිට බලාගන්න.අඹපු රූපයක් තිබ්බෙ මතක හැටියට.චායාවක් විතරයි හරියටම මතකයක් නෑ.එකදිගටම පෙන්නන්නෙ නැත්තෙ අගේ වැඩි කරන්න වෙන්නැති.

එතන ගොඩක් "හාස්කම්" තියන තැනක් ලු,දරුඵල නැති අය එහෙම ගොඩක් ඇවිත් බාර වෙනවලු.බාර ඔප්පු කරන්න වෙන්නැති පුංචි දරුවො වඩාගන අම්මලා අප්පච්චිලා ඇවිත් හිටියේ.

පස්සෙ එක එක වට්ටි අරන් ලග හිටපු හිටපු අයට දුන්න,සමහර වට්ටි වල යතුරු පවා තිබුනා,ඒ වාහන වලට ආරක්ශාව වෙනුවන් බාර උන අයගෙ වට්ටි වෙන්න ඔනේ.ඒ පළතුරු වට්ටිනම් අදාල අයටම දුන්න අනික්වා ඔහෙ අහුවෙන අහුවෙන අයට බෙදලා දැම්මා.

ඒ අස්සෙ සමහර අත්තම්මලා තමන්ගේ පළතුරු වට්ටි හොයනව.ඒ එක්කම නිවේදනයක් නිකුත් උනා ඉක්මනින් අයින් වෙන්න අනිත් අයට එන්න ඉඩ දෙන්න කියල මමත් පුලුවන් ඉක්මනින් එතනින් එළියට ඇවිත් පපුව පුරවලා හොද හුස්මක් ගත්තා,අම්මෝ ඇති යන්තම එළියට ආව කියල හිතාගන.

Thursday, January 19, 2012

දැකල තියනවද මෙහෙම දෙයක්



මේ වගේ දෙයක් මම් දැක්ක පලවෙනි වතාව,සමහරු මීට කලින් දැකලා ඇති.මුලින්ම හිතාගන්න බැරිඋනා මේ මොකද කරල තියෙන්නෙ කියල.දකින්න ලැබුනේ රිදී විහාරේදි.රිදී විහාරේ වැදපුදාගන්න ඇවිත් හිටිය අත්තම්මා කෙනෙක්ට ලං වෙලා ඇහුව පාර තමා ඒක මොකද්ද කියල දැනගත්තේ.

පින්තූරෙ නම් හරියට පේනවද මන්දා?ඒක නිසා මම් කියන්නම්කො.රිදී විහාරේ ගොඩක් ගල්ලෙන් තියනවනේ, ඒ ගල්ලෙන් කීපෙකම මේ විදියට කෝටු ගෙනත් හිටවල තිබුන එක එක සයිස් ඒවා,හරියට මුක්කු ගහල වගේ.

මිනිස්සු මෙහෙම කරන්නෙ අපල දුරු කරගන්නලු.එහෙම කෝටුවක් හිටවලා ගල්ලෙන ඉන්න තත්වෙන් පිහිටලා පවතින්න ආධාරයක් වෙන එකලු මේකෙන් කරනවා කියල හිතන්නෙ.එහෙම කරාම අපල දුරු වෙනව කියල පුරාණ කාලෙ ඉදන් මිනිස්සු විශ්වාස කරනවලු.

මටනම් මේක කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.මට විහාරේ බලන්න ගොඩක් දේවල් තිබ්බ නිසා.ආය බලන්න යන්න පුලුවන් වෙයිද කියල කවුද දන්නෙ.ලගපාතක කෝටුවක් හොයාගන්න තිබ්බෙත් නෑ,ලගපාත තිබ්බ ඒව ඔක්කොම අරවිදියට හිටවලා වෙන්න ඔනේ.

Wednesday, January 18, 2012

සිළුමිණි සෑය වැන්දෙමි


මාතෘකාව දැක්ක ගමන් පුදුම වෙන්න ඇති නේද මම් තව්තිසා දෙව්ලොව ගිහින් ආව වද්ද කියල,මොකද සිළුමිණි සෑය තියනව කියල අපි අහල තියෙන්නෙ තව්තිසා දිව්‍යලෝකෙනේ.බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන කොට කපලා අහසට විසිකර දැම්ම කේශධාතූන් කරඩුවක තැන්පත් කරල සක්‍ර දෙයියෝ සිළුමිණි සෑය කරවලා තියනව කියල තමයි පොත පතේ සදහන් වෙන්නෙ.  .ඒවගේම අහල ඇතිනේ සිළුමිණි සෑය ගැන කියන මේ බොදු ගීය.

සිළුමිණි සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනොමා ගංගා තිරෙ දී එදිනා

සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේ නම් රැදේවයි සිතා ගුවනේ
අහසේ දැමුව ලෙසා සක් රජුන් මහත් තෙදිනා
රැගෙනා සන්තොසිනේ රම්‍ය තව්තිසා භවනේ

සිළුමිණි සෑය සදා කේසදා නිදන් කරලා
සෑමා අමුදගෙනා තුන් නිවන් පතා වදිනේ
සිළුමිණි සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ

කාලෙකට පස්සෙ වටේ පිටේ කට්ටිය එක්ක චාරිකාවක් යන්න හම්බවුනා.ඒ යන අතරේදි තමයි මේ ස්ථානෙත් දැක බලාගන වැදපුදාගන එන්න පුලුවන් උනේ.

සිළුමිණි සෑයෙ අනුරුව හදල තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ හොරම්බාව ප්‍රදේශයේ පන්සලක.මේ සෑයෙත් කේශධාතුන් නිධන් කරල තියනව කියල තමයි කියන්නෙ.කුරුණෑගල පැත්තෙ උදවිය නම් මේ පන්සල ගැන දන්නව ඇති,කලින් මේ පන්සලට ගියපු අයත් ඇති.මම් නම් ගියෙ මුල්ම වතාවට.

ඔන්න ගිහින් නැති අයට බලාගන්නත් එක්ක පින්තූර ටිකක් එකතු කරා.මේ සෑය හදලා තියෙන්නෙ තට්ටු කීපයක් වෙන්න,නෙලුම් පෙති වල කුඩා සෑයවල් හතරකුත් තියනව,පේනව ඇතිනේ මේ පින්තූර වලින්.



 

Tuesday, January 10, 2012

ආයෙත් කෙල්ලෙක්ද?


විවාහ උන බොහොමයක් දෙනාගෙ ඊලග බලාපොරොත්තුව දරුවෙක්!.විවාහ ජීවිතයක් සම්පූර්ණ වෙන්නෙ දරුවෙකුත් ලැබිලා දෙන්න තුන්දෙනා උනාම කියනවනේ.සමහරු විවාහ උන ගමන්ම දරුවො හදනව, සමහරු ටිකක් ප්‍රමාද කරල "එන්ජෝයි" කරල දරුවෙක් ගැන බලාපොරොත්තු වෙනව.

සමහරු කැමති ඉස්ඉස්සරලම ගෑණු දරුවෙක්ගෙ මූණ බලන්න.ඉස්සර වෙලාම කෙල්ලෙක් හම්බුනාම ගෙදරට වාසනාවන්තයිලු.ගොඩ දෙනෙක් එහෙම කියනව.එහෙම මතයක් ඇති වෙන්න ඇත්තෙ ඉස්සර කාලෙ පවුල් වල ගොඩක් ලමයි ඉන්න නිසා ලොකුම ළමය අක්ක කෙනෙක් උනාම අම්මා වගේ අනික් දරුවො බලාකියා ගන්න,ගෙදර වැඩපළ වලට අත් උදව් දෙන්න පුලුවන් වෙන නිසා වෙන්නැති.

මුලින්ම ගෑණු ලමයෙක් ඉපදුනොත් ඊලග බබා පුතෙක් උනොත් හොදයි කියල ගොඩක් අය හිතනව.දෙජාතියෙන්ම ඉන්නවනේ එතකොට:).

මට මතකයි ඉස්සර අම්ම කියනව අක්ක ඉපදිලා අවුරුදු 4කට පස්සෙ මම් හම්බෙන්න ඉද්දි අප්පච්චි ගොඩක් ආසාවෙන් හිටියලු සැරේ මේ නම් කොල්ලෙක් තමා කියල,"මිගාර" කියල නමකුත් හදාගන හිටියලු.ඒත් ඉතින් කෙල්ලක් කියල දැනගත්තට පස්සෙ ටිකක් විතර දුක හිතිල.පස්සෙ කාලෙක මම් ඔය ගැන අහපුවම අප්පච්චි කිව්වෙ ඉගනගන හොදට හැදෙනවනම් කෙල්ලොම උනාම මොකද කියල.

කෙල්ලොම ඉන්න පවුල්වල කෙනෙක්ට බබෙක් ලැබෙන්න ඉද්දි එයාල හිතන්නෙ කොල්ලෙක් ඉපදුනොත් හොදයි කියල ,මොකද ඒ පවුල් වල කොල්ලො නෑනේ.ඉතින් ගොඩක් ආසයි කොලුපැටියෙක් ඉපදෙනව නම්.

මේ කෙලි ලබ්බියො ගොඩක් හිටියට වැඩක්ද කොලුපැටියෙක් නැතුව...හදිසියකට කඩේකටවත් යවාගන්න පුලුවන්ද?...රෑක අසනීපයක් උනා...ත්‍රීවීල් එකක් ගේන්න යන්න පුලුවන්ද?...කෙල්ලොම ඉන්න ගෙවල් වල සමහර අම්මලා,ඔන්න ඔහොම කතා කියනව මට අනන්තවත් ඇහිලා තියනව.

කොල්ලො ගොඩක් ඉන්න පවුලක කෙනෙක්ට බබෙක් ලැබෙන්න ඉන්නව නම් ආසාවෙන් ඉන්නෙ කෙලිපැට්ටෙක්ට.ඒ ගොල්ලො හිතන්නෙ කෙල්ලක් ඉන්නව නම් ගෙදරට කොච්චර වාසනාවක්ද කියල.ලස්සනට අන්දලා හැඩ බලන්නත් පුලුවන්නේ.කොල්ලොන්ට කොච්චර කරත් අන්දන්න පුලුවන් කලිසම් ශර්ට්/ටීශර්ට් විතරනේ.කෙල්ලොන්ට එහෙමද? එක එක විදියේ වයිවාරන්න ඇදුම් පැලදුම්.

මේ දවස් වල අපිත් දෙවනියා එනකම් මග බලාගන ඉන්නව,කලින් එකා (මේ ඉන්නෙ කලින් එකා) දුවෙක් නිසා හැමෝම බලාගන හිටියා මේ සැරේ පුතු පැටියෙක් උනොත් කොච්චර හොදයිද කියල.ඒත් දොස්තර මහත්තයා කිව්වෙ "most probably a girl! " කියල.නැචුරල්ගෙ අම්ම නම් කිවෙ කවුරු උනත් කමක් නෑ මට නම් කියල.ආය අහක දාන්නැයි නේ.?මට නම් පොඩි දුකක් හිතුන.

නැචුරල්ටත් ඔනේ උනේ "කොල පාට මල්ලි කෙනෙක්".එයා කිව්වෙ එහෙම.ඒත් ජීවිතේ කියන්නෙ බලාපොරොත්තුවෙන දේම සිද්ද වෙන එක නෙමේනේ.ඒ නිසා දුක් වෙලා වැඩක් නෑ,ලැබෙන දේ සතුටින් බාරගන්න ඕනේ.

මේ අවුරුද්දෙ අප්‍රේල් 12,ඒ කියන්නෙ අලුත් අවුරුද්දෙ අපේ ගෙදරට අලුත් අමුත්තෙක් එනව,ඒ නැචුරල්ගෙ චූටි නංගිබබා.අපි ඔයා එනකම් මග බලාගන ඉන්නෙ.අක්කත් ඔයා එනකම් මග බලාගන ඉන්නවා.එයා පොඩි කාලෙ ඇදපු ඇදුම් ඔයාට දෙන්න,අන්දලා හැඩ බලන්න ,ඔයත් එක්ක බැලුම් බෝල සෙල්ලම් කරන්නත් බලාගන ඉන්නව!... 


 

Wednesday, January 4, 2012

තවත් බස් කතාවක්


එදා ඉරිදා දවසක්, මං ගෙදර ගිහින් ආයමත් කැම්පස් එන්න කියල උදේ පාන්දර 6ට තියන බස් එකේ නුවර එන්න ස්ටෑන්ඩ් එකට පයින් ආවා.ඇවිත් ටික වෙලාවක් යද්දි ඒ කියන්නෙ 6.10ට විතර මෙන්න නුවර බස් එක එනව,ටිකක් පරක්කු වෙලා.නැග්ගට පස්සෙ තමා දැක්කෙ වෙනදට ඉන්න සෙනග නෑ බස් එකේ, අඩුගානේ සීට් වලට හරියන්නවත් සෙනග නෑ.

මමත් ගිහින් බස් එකේ මැද හරියෙන් වගේ ජනේලයක් අයිනේ ඉදගත්තා.අරන් ගිය බෑග් එකත් ලගින්ම තියාගත්තා මාත් එක්කම වගේ තවත් කීපදෙනෙක් බස් එකට නැග්ගා,අපි නැගල වාඩි වෙනවත් එක්කම ඉස්සරහ සීට් එකක හිටපු තරුණපහේ පිරිමි කෙනෙක් එක පාරටම නැගිටලා ඇවිත් මං හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ ජනේලෙ ලග වාඩි උනා.ඒත් මට ඒක වැඩිය ගනන් ගතයුතු දෙයක් උනෙ නෑ.ඒක ඒ මනුස්සයගෙ කැමැත්තනේ:)

මම බස් වල යද්දි ටිකට් එක ගන්නකම් ඇහැරල ඉදලා ගමනාන්තය දක්වාම බොහෝවිට නිදාගන යන්නෙ, ඒ නිසා ටිකට් එක ගත්ත ගමන්ම වගේ ඇස් දෙක පියාගන ජනේලේට හේත්තු වෙලා ඔහේ හිටිය.

ටික වෙලාවකට පස්සෙ තැනින් තැන නැවැත්තුව නිසා ඉස්කෝල ලමයි, ඔෆිස් යන අය එහෙම පිරෙන්න ගත්තා. ඉස්කොලෙ යන පොඩි උන් ටිකකගෙ බෑග්ස් කීපෙකුත් මගෙ ඔඩොක්කුවට වැටුනා,ඒ නිසාම මම් සීට් එකේ හොදට පැක් වෙලා ගියෙ.ඒ එක්කම මට තේරුනා නිකන් පිටිපස්සෙ සීට් එකෙ ඉන්න මනුස්සය සීට් එකෙ කොනේ හිදැසින් අත දානව වගේ.

පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලනකොට ඒ මනුස්සය ඒ සීට් එකෙට ඔලුව තියාගන නිදි.ඔලුව එහාට මෙහාට යන නිසා සීට් එක අල්ලගන ඉන්නව වෙන්නැති .ඒ නිසා සමහර විට මගේ ඇගෙත් වැදෙනව ඇති,ඒ මනුස්සයට නින්ද ගිහින්.එහෙම කියල මට හිතුනේ.

 ඒත් මට මුල ඉදලම සැකයි මේකා මම් ආව ගමන්ම මොකද හිටපු තැනින් නැගිටලා ඒ සීට් එකේ වාඩි උනේ කියල.කෝකටත් මං අවධානෙන් හිටියා.මෙන්න මේකා ආයෙමත් ඇගේ වැදෙනව.ඒ කියන්නෙ අර සීට් එකේ හිදැසින් අත දාල මාව අල්ලන්න හදනව.ඇගිලි එහෙ මෙහෙ යනව මට හොදට දැනුනා.ඒ වෙලාවේ මට දැනිච්ච තරහා ලියන්න තේරෙන්නෙ නෑ කොච්චරද කියල.


මම් අනිත් පැත්තම හැරිලා ඒ මනුස්සයා දිහා හොදට ඔරවලා බැලුව අකමැත්ත - තරහ පෙන්නන්න.කොහෙද ඒකාට ගානක්වත් නෑ. ඒකා සීට් ඇන්දේ ඔලුව තියන් නිදි වගේ ඉන්නව.හැබැයි ආයම ටිකකින් බලද්දි අර ඇගිලි වැඩ! :).

හිටුකො හොද වැඩක් කරන්න කියල,මම් ලග තියාගන හිටිය අසයින්මන්ට්ස් ෆයිල් එක තිබ්බ සීට් එක අයිනෙන්.තියලා හොදට සීට් එකේ කොනට වෙලා සීට් එකට තද වෙලා හිටියා දැන් අර මනුස්සය අත ගන්න බැරුව දගලනව,ඇගිලි ටික හිරවෙලා.

ඔහොම ටික වෙලාවක් තද කරන් හිටියා,සීට් එක ඉස්සරහට උනාට පස්සෙ ඒ මනුස්සය අමාරුවෙන් අත ගත්තා.පස්සෙ මම් ටිකක් ඔරවලා බැලුවා,ඒකා තුශ්නීම්භූත වෙලා බලන් ඉන්නව.

හැබැයි මම් එක වචනයක් වත් ඒ මනුස්සය එක්ක කතා කරේ නෑ.ටික වෙලාවකින් බස් එකෙන් බැහැලා ගියා,එතකොට තමා මට නිවන් ගියා වගේ දැනුනේ!...:)