Saturday, December 24, 2011

සීයා තමයි සීයා

http://blogs-images.forbes.com/carolynrosenblatt/files/2011/11/25046227.HappyOldMan.jpg
දන්නවද වැඩක් ?

මොකද්ද?

එහා ගෙදර සීයට ගෑනියෙක් ඉන්නවලු.(සීයගෙ කසාද බිරිද මිය ගිහින් දැන් අවුරුදු 20කට වැඩී)

අනේ යනව ඕයි යන්න මිනිස්සුන්ට අපහස කරන්නෙ නැතුව.හරියට දැක්ක වගේනේ කියන්නෙ.

දැක්ක කෙනෙක් තමා කිව්වෙ?

කවුද?

අර ඉස්සරහ ගෙදර අක්කා.

එයාටත් වෙන වැඩ නෑනේ ගෙවල් වලට එනඅය කවුද කතාකරන අය කවුද කියල බලබලා රිපොර්ට් කරන්න.

නෑ නෑ ඇත්තලු.

හ්ම්...

........................

ඇත්තද අර එහා ගෙදර සීයා ගෑණියෙක් එක්ක හුටපටයක් තියනව කියන්නෙ?

ආ... ඔව් ඔව්, ඔය කියන්නෙ කට්ටිය.

එහෙනම් ඇත්ත වෙන්නැති.අර සුජානි අක්කලාගෙ ගෙදර ලග සි‍යඹලා ගහයට දවසක් ගෑණු කෙනෙක් එක්ක කතා කරකර හිටියා මම් දැක්ක.ගෑණිට නම් එච්චර වයසකුත් නෑ 50කට අඩුයි මම් හිතන්නෙ පෙනුම.මමත් ඉතින් උවමනාවෙන් බැලුවෙ නෑ. ඕං කොල්ලෙක් කෙල්ලක් කතා කරකර හිටිය නම් හොදට මතක හිටිනව.:)

සීයටත් දැන් 79ක් 80ක් විතර ඇති? 

ඔව් ඒවගේ ඇති තමා.

නාකි වෙලා බණක් භාවනාවක් කරගන ඉන්න පින නෑ මේ මිනිස්සුන්ට,තියන පව්කාරකමක් හැබෑට.

......................

සුනිල් අය්ය සීයට කේස් එකක් දාලලු නේද?(සුනිල් අය්ය-සීයගෙ බෑනා)

මොන?

අර සීය එක්ක යාලුවෙලා ඉන්න ගෑණි ගෙදරත් ඇවිත් කතා කර කර ඉන්නවලුනේ. සුදූට කියනව කියන්නෙ සීයා, ඒ ගෑණිට තේ එහෙමත් හදලා දෙන්න කියල.(සුදූ- සීයගෙ දුව).

නෑ...එයා ඉතින් මොනව කරන්නද?නාකි වෙලත් මේ මිනිස්සුන්ට තියන අමාරුවක්.

දවසක් ඔහොම කතා කර කර ඉද්දි සුනිල් ඒ ගෑණිට ගහලා එලවලා.

ඈ...හිහ් හොද වැඩේ නාකි මනමාලකම් කරන්ඩ යනවට.

එදයින් පස්සෙලු ඔය සියඹලා ගහ ලගට ගිහින් හම්බ වෙන්නෙ දෙන්න.

හිකිස්...

.......................

මේ ලගදි සීය කඩේට ගිහින් සිගරට් අරන් එන්න.

සීය සිගරට් බොනවද ??? මම් දැකලා නෑනේ.ඉතින්?

කාලයක් නවත්තලා තිබ්බ ඔය දැන් බොනව කියන්නෙ ආයෙත්.

ම්ම්....

කඩේ ගිහින් එද්දි වැටිලා.අමාරු වෙලා දවස් කීපයක්ම ඇදටම වෙලත් හිටියලු.

අහ් අපි දන්නෙවත් නෑ.

සුදූ කිව්වෙ, ඒ දවස් වල සීයගෙ ෆෝන් එකට කොල්ස් එනවලු හිටු කියල.ගෙදර අයට කාමරේටවත් එන්න දෙන්නෙ නෑලු නේ...

හැබෑට.???

ඔව්, ඔය කියන්නෙ.දොස්තර බෙහෙත් ගන්න යන්නත් සල්ලි තිබිල නෑ.සල්ලි දීලා තියෙන්නෙ රුවිනි නංගි.(සීයගෙ මිනිපිරී).නැත්තම් ඉතින් සුනිල් අය්යට කියල වියදමට සල්ලි තියන එකක්යෑ.,ඒ මිනිස්සුත් අමාරුවෙන්නේ ජීවත් වෙන්නෙ.සුදූ කියන්නෙ සීය ලග සල්ලි කීයක්වත් නෑලු.පෙන්ශන් එක ගත්ත ගමන් අර ගෑණි එනවලු සියඹලාගහ යටට ඒක අරන් යන්න.

හික් හික්.

..............................

ඒකයෑ...මේ ලගදි මම් වසන්තත් එක්ක ගියා බැංකුවට.(වසන්ත- හන්දියෙ ට්‍රීවීල් ඩ්‍රයිවර් )මගදි සීයා දැකලා මං, ආ...අර සෙනවිරත්න මාමා නේද? කියල ඇහුව මෙන්න මේ මනුස්සයා ඔලුක්කොවට වගේ හිනා වෙලා කියපි, දවසක් මං හයර් එකක් ගිහින් එද්දි ඔය මනුස්සය  කවුද ගෑණු කෙනෙක් එක්ක ඇවිත් නැංග,ගිහින් දාන්න කිව්වෙ අර .... ඉන් එකට.ගිහින් දැම්ම.මට මොකෝ,පස්සෙ මට ගාන ලැබුන ඉතින්. හහ්..හහ්...හා...
  
ඈ...මෙහෙමත් මිනිස්සු!
  
ඒ මිනිහව රවට්ටගන පැන්ශන් පඩිය ගන්ඩ ලෑස්තිවෙලා ඉන්නව ඇති ඒ ගෑණි.ආය වෙන මොකටද? මෙහෙමත් ගෑණු.

අනේ හෑබෑට කොන්දත් කුදු කරගන මග යන්ඩ පන නෑ,ඒ උනාට මේ මිනිස්සුන්ට තියන අමාරුවක්!

එක අතකින් ඒ මනුස්සයගෙ කැමැත්ත,වියදමත් ඒ මනුස්සයට.එයාට හොදනම් අපිට මොකෝ නේද?

ඒත් ඉතින් ලැජ්ජ නැද්ද අර දීග දෙන වයසෙ මිනිබිරී කෙනෙකුත් ගෙදර ඉද්දි මේ නාකි ලොක්කලා නාඩගන් නටනව.

27 comments:

  1. සියා මනමාලයා නාකි ඉලන්දාරියා. හෙක්... හෙක්....

    ReplyDelete
  2. නාකි විසේ ගෙටත් උසේ කියලා කතාවක් තියෙනවා නේ. ඒක ඇත්තක් ද දන්නේ නෑ. හික්ස් :)

    ReplyDelete
  3. අපේ රටේ සංස්කෘතිය සදාචාරේ හා සමාජ සම්මතේ හින්ද මේ දේවල් ඇලර්ජික් උනාට පිටරටවල නම් මෙව්වා කවුරුත් ගණන් ගන්න දේවල් නෙවෙයි. එහෙම කිව්වත් මම මේක හරිය කියන්නෙත් නෑ. එක සමාජ පැතිකඩක් දෙවිදියට දකින්න උත්සහ කරා විතරයි. (කොහොමත් අද අපේ සමාජේ යුරෝපිය ඕපන් සොසයිටියෙන් අභාෂයට ගන්න දේවල් හින්ද මේ කතාව සාදාරනය කරත් පුදුම වෙන්න දෙයක් නෑ. හේතුව අද ඉන්න සමාජේ ලෝකේ එක්ක ගැටීම වැඩි නිසා මේ දේවල් වල ඒ තරම් බරක් පතලක් වැරැද්දක් නොදැකීම වෙන්න ඇති.)

    ReplyDelete
  4. ඉතිං මේක ඔයාට ලියන්ට තරං වැදගත් ඇයි? ලෝකෙ ඕනතරං ඕවගෙ දේ වෙනව

    ReplyDelete
  5. නියම වැඩ කාරයෙක්. බෑනට දුක යනවා, බෑනටත් සෙට් උනානම්..

    ReplyDelete
  6. හික් හැට පැන්නත් වදුරා යන්නේ ගස් උද කියනවනේ.. හික් හික්.

    ReplyDelete
  7. මම නං පවුලෙ අය ඇරෙන්ට ඉන් පිට රවුමෙ අය කරන දේ ගැන තැවෙන්නෙ නැහැ. අපට ඔව්ව වෙනස් කරන්ට බැහැ.ලංකා ඉතිහාසෙත් රජවරු රැජිනියො කාඩ් කුඩුකරගෙන තියෙනවනෙ එහෙම බැලුවම. සමහර රටවල ප්‍රතිපත්ති හොඳ අය ඉන්නව මෙහෙට වඩා.ලෝකෙ කොහෙත් සීයට කීදෙනාද යහපත් ජීවිතයක් ගෙවන්නෙ?

    ReplyDelete
  8. සීයා පිස්සු කොල්ලෙක්නේ ආහ්..!

    ReplyDelete
  9. මගෙත් අනාගතේ එකම පැතුම....
    ඒ විදිහෙම සීයා කෙනෙකු වීමටයි.

    ReplyDelete
  10. මගෙත් අනාගතේ එකම පැතුම....
    ඒ විදිහෙම සීයා කෙනෙකු වීමටයි.

    ReplyDelete
  11. අනේ ඒ අහිංසක ප්‍රේමවන්තයොන්ට නම් කාගෙවත් ඇස් වහ, කට වහ, හෝ වහ, දෝසයක් වදින්න නරකයි. ඕන් මං කිව්වා.

    ලොල්ම තමා කතාවනම්.. මගෙ නමටත් එක්ක ලැජ්ජයි වගේ..

    ReplyDelete
  12. meka etharam ganan gatha yuthu siddiyak novei me wage dewal loke ona tharam sidda wenawane loka swabhawaya ohoma thami

    ReplyDelete
  13. මිනිෂ්ෂුනෙ අප්ප! :D
    විභාගෙට දවස් දෙකකට කලිං සින්දුවක් අහඅහ ඉන්නකොට මම යාලුවෙක්ට කිව්ව මරණ තුනක් අැති මිනිහෙක් පැණි කෑය කියල

    උෟ කියනව පැනිත් නොකා මලොත් අපරාදෙනෙ කියල

    ReplyDelete
  14. අන්න කුප්පියක් දා ගන්ඩ ඔනේ සීයගෙන්....

    ReplyDelete
  15. සීයට සිකුර ලබන්ඩ ඇත්තේ 70 ව පැන්නට පස්සේ..හික්

    ReplyDelete
  16. මේ කථාව කියෙව්වම මට මතකෙට එන්නෙම ............... මගේ සුපිරි පාරිභෝගික මහත්තයෙක්....

    ReplyDelete
  17. කමෝන් සීයා කමෝන්.......

    ReplyDelete
  18. මේ ඔක්කොම ඔයාට නිකන් ම ආරංචි වෙන්ඩ ඇති නේද අක්කේ. ඔයා මුකුත් හෙවුවෙ එහෙම නෑනේ...... :P

    මගේ අදහස නං සීයාට හොඳ නම් වැඩේ ලීගල්. හැබැයි ඒ ගෑණු කෙනා සීයාව රවට්ට ගෙන නම් පවු වැඩේ.......

    ReplyDelete
  19. වයස ප්‍රශ්නයක් නෑ නදී.....

    ReplyDelete
  20. වැදගත් මාතෘකාවක්.

    කොච්චර ලස්සනට ලියල තියෙනවද කියනවනං උනන්දුවෙන් නොවලපු අයට වැරදිලා කතාවේ කෑලි, ලියපු කෙනාගේ අදහස් යැයි කියලා...!!!

    ReplyDelete
  21. හප්පා මොනවද නදී මේ නාකි සීන්.. ලොල්..

    ReplyDelete
  22. අනේ ඉතින් සීය ටත් පාළු ඇතිනේ...

    ReplyDelete
  23. "පෙන්ශන් එක ගත්ත ගමන් අර ගෑණි එනවලු සියඹලාගහ යටට ඒක අරන් යන්න."
    කොහොමද මොළේ..

    ReplyDelete
  24. සීයා වයසට ගියාට සීයගෙ සිතුම් පැතුම් වයසට ගිහින් නෑ මයෙ හිතේ..කොහොමටත්, ආදරේට, හැඟීම් වලට වයස ප්‍රශ්නයක් නෑ නොවැ..

    ReplyDelete
  25. වෙද ගෙදර මහ වෙදනා-හික් හික් මනමාලයෙක් තමා ලොල්.

    මධුරංග-ඇත්ත තමා මේ තියෙන්නෙ උදාහරණ.

    ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-හ්ම්.වෙන රටවල ඕක සාමාන්‍ය දෙයක් උනාට.තාම මෙහෙට නම් ටිකක් අලුත්.:)

    ඊ මේල් කවිකාරි-ලෝකේ නම් ඕන තරම් මේවගේ දේවල් වෙනව ඇති.ඒත් මේ මට අහන්න ලැබුන ලගපාත වෙච්ච සිදුවීමක්.ඒකයි මම් ඒකෙ විශේශත්වයක් දැක්කෙ.

    මාතලන් -ඒකත් හැබෑව හික් හික්

    වර්ණා-ඒකනම් ඇත්ත.

    ReplyDelete
  26. ඊ මේල් කවිකාරි- මමත් එහෙම තමා.ඒත් ඉතින් අනේ මෙහෙමත් දේවල් වෙනවනේ කියල හිතුනා.

    චතුවා-කොල්ලෙක්?ලොල්

    කුමරය-ඒ මෙන්න මෙයා?:)

    නාකියා-හික්.ආයෙත් අහලා නමටත් ලැජ්ජයි තමා.ඔයත් මෙහෙ කෙනෙක් නේද?

    Anonymous -ඒක න මැත්ත තමයි ඒත් හිතාගන්න බැරි උනා මේහෙම දෙයක් තියනව් කිවම.

    තනි අලියා-හ්ම් .ඔව් ඉතින් අපරාදේ තමා නේ.:))

    නරකයා....!! -අපෝ මෙන්න.,

    ර්‍අජ්-වෙන්ටැ නේ?

    අභීත-එහෙම අය ඔහෙත් ඉන්නව එහෙනම්.

    ඔබ නොදු‍ටු ලොවක්-කමෝන් සීයා!!!!

    ReplyDelete
  27. elephas -මම් නම් ඕව හොයන්න ගියෙ නෑ.ඒත් කට්ටිය හැමෝම ඒක කියනව.ඔව් එයාට හොදනම් අපිට මොකෝ නේද?

    ගෝල්ඩ් ෆිෂ්-හ්ම්ම්

    කතන්දර ඛතන්ඩර-:).එක එක්කෙනාට පේන හැටි වෙනස්නේ.

    පැණි දොඩම්-ඒකනේ බලන්නකො.

    සයුරි-ඔව් ඉතින්.

    ර්‍උක-කපටි ගෑනුකෙනෙක් වෙන්ටැ.සල්ලිටික ගන්න යාලුවෙලා ඉන්න්ව ඇති:)

    සමනල් පැටියා-ඔව් ඉතින්.වයසට ගියාට නේ?

    ReplyDelete