"විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන දේ ලෙස මට පෙනී යයි.මුලු විශ්වයේම සෑම දෙයම කිසියම් සම්බන්ධයකින් එකට සම්භන්ධවී ඇත."
"මොලොව උපත ලබා සුලු කාලයක් සදහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට පළාත හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහිදී වැටහෙයි.මෙම විශ්ව පවුලට අයත් වල සාමජීක සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්ට හදුන්වාදීම මෙම පොත ලිවීමේ එක් අරමුණකි."
"ගන්ධබ්බයා නමින් බෞද්ධ ඉගැන්වීම් වලදී හදුනවා ඇත්තේ ඉතා සියුම් පදාර්ථයකින් නිපැයුණ ශරීරයක් හා එය ඇසුරු කොටගෙන පවත්නා උපාදානස්කන්ධ සංයුතිය ය."
"උපාදානස්කන්ධ සංයුතිය ජීවී සයිලයකට ඇතුලත් වී විකාශනය වන විට හා විකාශනය වූ කළ එහි ලක්ෂණ දැක ගත හැක."
"අද්භූතයක් වශයෙන් බැලීමට වඩා මිනිස් සිතක් ස්වභාවික විද්‍යුතයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සැලකීමට මෙතෙක් සොයාගන ඇති දේවලින් මග පෑදෙයි."
පූජ්‍ය බෙල්ලන ඥාණවිමල හිමි
පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්
ISBN 978-955-551-749-2
මාස කීපයකට කලින් මම් කියවපු පොතක්. නොපෙනෙන මිනිසා,මනෝමය කාය ,භූතාත්මයෝ, ෆෙඩ්‍රික්ගේ සත්මහල් ලෝකය, දෙවියෝ හා දේවදුතයෝ, කර්මය ආදී වශයෙන් විවිධ මාතෘකා යටතේ ගොඩක් කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියනව.කියවලා නැත්තම් කියවලා බලන්නකො .
තෑන්ක්ස් මේ ගැන කිව්වට
ReplyDeleteම්...කතාව ඇත්ත....ඔය නොපෙනෙනෙ කස්ටිය කොච්චර නම් වැඩ කිඩ දානවද....හොඳ පොතක් වගේ....ස්තුතී නදී...
ReplyDeleteමාත් ආසයි ඔය ගන්ධබ්බ ජීවිතය, උපාදාන ස්කන්ධය වගේ දේවල් දැන ගන්න. ඒ නිසා මේ පොත පොඩ්ඩක් හොයලා බලන්නම්. මොකෝ අක්කේ එකපාරටම පොත් ගොඩක් පෝස්ට්වල දාන්න හිතුනේ ?
ReplyDeleteඔබ කියවන්න බන්දුල අත්තනායකයන් ලියූ මේ විෂය සම්බන්ධ පොත පත. තවත් 1. Paul Brunton's A search In Secret India, 2. Swami Rama's Living with the Himalayan Masters. පොතත් කියවන්න. විශ්මිත ලොවකට ගියා සේ දැනෙයි.
ReplyDeleteඅක්කා කියවන පොත් තමා පොත්. කන්නිමහර සුමංගල හාමුදුරුවෝ පරිවර්තනය කරපු සංසාර මන්දිර පොතත් කියවන්න අක්කේ.........
ReplyDelete"විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන දේ ලෙස මට පෙනී යයි''
ReplyDeleteඒක නම් සම්පූර්ණ ඇත්තයි..
ඔයාට මතකද මන්දා .. ආතර් සී. ක්ලාක් මහත්තයා කිව්වා අනාවැකියක්.මුලු ලෝකෙම අනාගතයෙදි ඉතිරි වෙන්නෙ බුදු දහම විතරයි කියල.[එතුමා කියපු දේවල් හුඟක් ඇත්ත වෙලා තියෙනව,එතුමගෙ ජීවිත කාලය තුලම]
එහෙම වෙනව කිව්වෙ ඒකෙ විද්‍යාත්මක පැත්ත සහ තර්කානුකූල පැත්ත දිහා බලලයි.
කියවන්න ඕනා...!!!!
ReplyDeleteඑල
ස්තූතියි විස්තරේට...ඒත් පොත් කියවන්න පිනක් නෑ....
ReplyDeleteඔය මනෝකාය, භූතාත්ම ගැන ලිය උන පොත් වලට මාත් මාරම ආසයි..
ReplyDeleteඅයියෝ මට ඉරිසියාවයි මේ පොත් දැක්කම.
ReplyDeleteබොහොම ස්තූතියි මේ ගැන සඳහන් කලාට... :)
ReplyDeleteමේ ලිපියේ මුල් වාක්‍ය දෙක ඉතාම නුසුදුසුයි. ශ්‍රී සද් ධර්මය ඊනියා 'නූතන විද්‍යාව' මගින් පැහැදිළි කිරීම, අරුත් ගැන්වීම හෝ සනාත කිරීම නොකල යුතුමයි. එය අඩිකෝදුවකින් බර මනිනවා වැනි ක්‍රියාවකි.
ReplyDeleteතවද ගන්ධබ්බ සංකල්පය හුදු මහායානික සංකල්පයක් පමණක් වන අතර එය නිර්මල බුදු දහමට අනුචිතය.
කර්මය හා පුනර්භවය අචින්ත්‍ය විෂයක් වන අතර එය පිළිබඳ දැනගැනීමට හුදු මිනිසුන් ගේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප වලට සීමා නොවී බුදුවරයෙකුගේ මඟ පෙන්වීම ඔස්සේ කයටුතු කිරීමම සිදුකල යුතුය.
හොඳා හොඳා.... අරගෙන බලමුකො එහෙනං..... හැබැයි ඉතිං චාටර් එකක් උනොත් නම් බලාගමු....
ReplyDeleteඅවුරුදු කිහිපයකට කලින් මාත් ඔය පොත කියෙව්වා. හුඟක් වටින පොතක්.
ReplyDeleteමේක ටිකක් පරිස්සමට අධ්‍යයනය කරන්න ඕනි පැත්තක්. මම හිතන විධියට පටන් ගන්න හොඳම තැන තමයි “විමාන වත්ථු“ සහ “ප්‍රේත වත්ථු“
ReplyDeleteමටත් ඉරිසියාවෙ බෑ... මමත් රේරුකානෙ චන්දවිමල හිමියන්ගෙ පොත් කියෙව්ව ලංකාවෙ ඉන්න කාලෙ..... මෙක දැක්කහම තව ආස හිතුන....
ReplyDeleteහ්ම්.... මේකනම් කියවලා තියෙනවා.
ReplyDeleteමම පොත් කියවන්නෙ නෑ :P
ReplyDeleteමමත් නං මේක දෙතුං පාරක් කියෝල තියනව! :)
ReplyDelete@ටී බී - ඔබතුමා මේ බ්ලොග් ලියන්නෙ කමෙන්ට් කරන්නෙ පලිඟුශාස්ත්‍රයෙන්ද? :P :P :D
ගෝල්ඩ් ෆිෂ් - හ්ම්:)
ReplyDeleteර්‍අජ්-මේ පොතේ කියලා තියන සමහර ඒව හිතගන්නවත් බැරි දේවල්.
මධුරංග-මේ ටිකේ පොත් කියෙව්වා මල්ලි.මමත් ආසයි ඒවගේ පොත් කියවන්න.
වෙද ගෙදර මහ වෙදනා-බොහොම ස්තූතියි.මම් හොයලා බලලා කියවන්නම්කො.
Hඅසිත-අනේ මල්ලි මම් පොඩි කාලෙ ඒපොත කියෙව්වා,යාලුවෙක් අරන් ගියාගෙනත් දුන්නෙ නෑ අද වෙනකම්.:/
කුමරය-ඔව් එහෙම කිව්ව් කියල මාත් අහල තියනව.
ReplyDeleteචතූ......- කියවලා බලන්නකො.
ඔබ නොදුටු ලොවක්.....-අයියෝ කියවලා බලන්නකො ටිකක්.
ඪිනෙශ්-මමත් ආසයි ඒවගේ පොත් කියවන්න.
කස්ස-එහෙම හිතන්න එපා ඔයත් දවසක කියවලා බලන්න.
නන්දු-:)
ටී.බී.-ස්තූතියි අදහසට.ඔව් සමහරු ඔය විද්‍යාවයි බුදුදහමයි එකට ගාව ගන්නවට කැමති නෑ.
ReplyDeleteMahesh Wickramasinghe -චාටර් පොතක් නෙමේ.කියවලා ම බලන්න.
උදාර-ඒකනේ.
පරිකල්පන -හ්ම්ම්.කියවන්න ඔනේ.
Miyuru- ඔයත් පොත් කියවන්න ආසයි එහෙනම්:)
නිසුපා-ගොඩක් අය කියවලා ඇති,ඔයත් පොත් කියවන කෙනෙක් නේ.
සීතල අයියා-අපො මම් නොදන්නවැයැ.
තනි අලියා- ඒ එයා කමෙන්ට් කරන විදියනේ.එයාගෙ අදහස ඒ.
මේ පොත මම කියවලා තියනවා මාරයි, නියමයි ........
ReplyDeleteනෑ මංකිව්වෙ නූතන විද්‍යාව ඊනියා කියනවනං එයාලඟ එ්කට විකල්පයක් තියෙන්න එපායැ! :D :D :D
ReplyDelete(මා එක්ක තරහ වෙන්න එපා, මේ මගෙ විදිය! ;) )
පන්සල් හංදිය-ආ එහෙමද?
ReplyDeleteතනි අලියා -හ්ම්ම්..