Friday, December 23, 2011

ඇස්වහ කටවහ හෝවහ


http://www.silumina.lk/2009/11/01/av09110112-1.jpg
ඇස්වහ කටවහ වලින් විපත් සිද්ද වෙන්න පුලුවන්ද? 

ගොඩක් අය මේ ගැන විශ්වාසෙන් කතා කරනව.

ආ...ඔව්,මොකද නැත්තේ...ඇස්වහ කටවහ කියල දෙයක් තියනව තමා... කියල උදාහරණත් එක්ක පෙන්නනවා.

මතකද අපේ ගෙදර ඉස්සරහ තිබ්බ අඹගහ...ගිය සැරේ හොදට ගෙඩි හැදිලා අතුත් හිටං බර වෙලා තිබ්බෙ.අනේ අර වංගුවෙ ගෙදර අක්ක ඇවිත්, ගහ දැක්කා විතරයි,මේ සැරේ නම් ගොඩක් හැදිලා නේද?අපේ ගහේ එක ගෙඩියක් නෑනේ...කියල හීල්ලුව.එච්චරම තමා...ඔක්කොම ගෙඩි පනුවො කාල වැටෙනව...


සමහරු අලුතින් හදන ගොඩනැගිලිවල එක එක දේවල් ලියනව,සමහරු බලි අදිනවත් එක්ක,ඒත් ඇස් වහ වදී කියල.

මං අදුරන කෙනෙක්ගෙ කකුල් වල රෑශ් එකක් ආව එයා ලස්සන සුදු නංගි කෙනෙක්:).කකුල් වල බිබිලි දාල කහද්දි ඉතින් කැත වෙනවනේ ඉතින් එයාලගෙ අම්ම කිව්වෙ ඒ ඇස් වහට කියල.

මේවගේ කතා අනන්තවත් අහල ඇති.සමහරු ඇස්වහ කටවහ කිව්වම ගොඩක් බයයි,ඒ ඒදේවල් වලින් අපිට විපත්ති කරදර ගේනව කියල විශ්වාසයක් අපි හදාගන ඉන්න නිසා.

ඒත් මොනවද මේ ඇස්වහ කටවහ හෝවහ කියන්නෙ?ඒ දේවල් වලින් ඇත්තටම අපිට විපත්ති සිද්ද වෙන්න පුලුවන්ද?

ඔව් ඇත්තටම ඇස්වහ කටවහ වලින් මිනිස්සුන්ට විපත්ති සිද්ද වෙනව තමයි.අපි බලමු ඒක කොහොමද වෙන්නෙ කියල.

සිත කය වචනය කියන්නෙ අපේ පිරිසිදුබවටත් අපිරිසිදුබවටත් මුල් වෙන තුන් දොර විදියට සලකන්නෙ,ඉතින් මේ තුන් දොරින් යහපතක් සිද්දකරොත් ඒක අපේ යහපතටත්, අයහපතක් කරොත් ඒක අපේ අයහපතටත් හේතු වෙනව.

ඇහැ කියන්නෙ අපේ ශරීරෙ තියන ප්‍රබල ඉන්ද්‍රියක්,ඉතින් ඇහැන් යමක් දැකල ඒගැන ඊර්ශ්‍යාවක් වගේ දෙයක් ඇතිකරගන,කෙනෙක්ට අයහපත් කරන්න යොදාගන්න එකට තමා "ඇස්වහ" කියල කියන්නෙ.ඒ විදියට කාටහරි අයහපතක් කරොත් අපිට අනිවාර්යෙන්ම  ඒක අයහපත් ප්‍රතිඵලයක් ඇතිවෙනව.

ඒවගේමයි "කටවහ" කියන්නෙ තවත් කෙනෙක්ට  අයහපතක් වෙන විදියට වචන පාවිච්චි කිරීම.වචනයෙන් කෙනෙක්ට අයහපතක් කරොත් අපිට නොවැරදීම ඒකෙත් අයහපත් ප්‍රතිඵල ලැබෙනව.

"හෝවහ" කියල කියන්නෙ කෙනෙක්ට අහිතවෙන විදියට යමක් සිතීම.ඒකෙනුත් අපේ හිත අපිරිසිදු වෙනව ආය අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.

ඔන්න ඕකයි  බොදු ආකල්ප වලට අනුව "ඇස්වහ කටවහ හෝවහ" කියල කියන්නේ.

ඒත් ඉතින් අපි ගොඩක් දෙනා හිතන්නෙ  එකේ අනිත් පැත්තට,ඒ කියන්නෙ ඇස්වහ කටවහ හෝවහ වලට ලක් වෙන අයට තමා අයහපතක්-විපත්තියක් සිද්දවෙන්නෙ කියල.

ඒත් හිතලා බලන්න කෙනෙක්ට අයහපතක් කරන්න තුන්දොර කිලිටි කරගැනීම  තුලින් අයහපතක් ලගාකරගන්නේ ලගාවෙන්නෙ කාටද කියලා,අපිටම නේද?

16 comments:

  1. සම්පුර්ණ ඇත්ත! මට තියෙනවා මෙහෙම අත්දැකීමක්... මගේ ලග තිබුනා ලස්සන අත්පළදනාවක්, කාලයක් මගේ ෆෙවරිට් උන! මම ඕක දාගෙන ඉද්දි, මගේ යාලුවෙක් දැකලා "හනේ මාර ලස්සනයි මේක" කියලා එක මගේ අතේ තියෙද්දීම, අතගාල බැලුව! බලලා විනාඩි කිහිපයකින් ඒක මැදින් කැඩිලා වැටුනා! විශේෂත්වේ තියෙන්නේ ඒක ගැට දාලා ගොතපු පළදනාවක් වීම! ඉතින් එක කැඩෙනවා නම්, ලේසිම තැන උන, ගැට ඉවර වෙන තැනින් නොකැඩි, මැදින් කැඩිලා ගිය එක ගැන මට නම් ඇති උනේ පුදුමයක්!!

    ReplyDelete
  2. ඒත් ඉතිං අනිත් පැත්තට වුන උදාහරණනෙ තියෙන්නෙ... ඒ ගැන නම් ඔච්චරයි... නොදන්න දේවල් සම්බන්දව ‍මගේ තියරිය කටවහන් හිටු කියල මටම කියාගන්න එක ;)

    ReplyDelete
  3. මේ ගැන මමත් ලියන්නයි සිතාගෙන ඉන්නේ. ඔබ දන්නවද අපේ පුරාණ ක්‍රමයක් තියනවා ඒවට කියන්නේ අභිචාර කියලා. මේ ඇස්වහ කටවහ හෝවහ ගැන තමයි ඉන් ප්‍රතිකාර කරන්නේ. මේ ගැන මම පොඩි පරීක්ෂණයක් කරලා තියනවා. මම ඒ ගැන ප්‍රසන්ටේෂන් එකක් කලා එහිදී මම කියැව්වේ රෝගයකට යම් පමණ අඩු වැඩි වෙන්න විෂ බීජ බෙහෙත් වලට අමතරව වෙනත් බලවේග තිබෙනවාය. අපි ඉන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියන කාරණය. පිටරටවල් කීපයක් එක්ක තිබුනු මේ ප්‍රසන්ටේෂන් එකේදි අපේ රටට පළමු තැන ලැබුනා. අපි දුන්න කරුණු නිසා. මම මේ ගැන දිනක ලියන්නම්.

    ReplyDelete
  4. ඇස වලින් දැකල, කටින් කියල, හිතින් හිතන්නේ, සිතිවිලි. මටනම් තේරෙන හැටියට, ඔය දැන් කාලේ පොසිටිව් තින්කිග් කියල නැගල යන්නෙත් ඔය ඇස්වහ කටවහ සයිඩ් එකේ පොසිටිව් පැත්ත

    ReplyDelete
  5. සැහ්... මටත් පුළුවන් උනානම් මගේ කටින් කියලා ගහක තියෙන ගෙඩි ටික බිම දාන්න! එහෙනම් මාත් අද මාර වැඩ කාරයෙක් නොවැ! :D

    නදී අක්කා මේ ලියලා තියෙන්නේ අපි සාමාන්‍ය භාවිතයේදී කතාකරන ඇස්වහ, කටවහ, හෝවහ ගැන වෙනස් විදිහකින් බලලා.

    ReplyDelete
  6. මට නම් මාර විදියට ඔය සම්බන්දව අත්දැකීම් තියෙන්නෙ.. අපේ ගමේ ඇස්වහා හා කට වහා වලට ප්‍රසිද්ද මනුස්සයෙක් උන්නා.. ඒ මනුස්සයා ඇවිල්ලා අපේ මුරුංගා ගහ දිහා බලලා කිවා ශාහ් මාර විදියට මුරුංගා තියෙනවා නේද කියලා.. ඒ කියලා හවස් වෙද්දි ගහ දෙකට මැදින් පැලිලා කඩාගෙන වැටුනා..
    ආයෙ ඒ මනුස්සයාම අපේ පේර ගහ දැකලා අම්මෙ මේකෙ පේර වල ලොකු කියලා.. අර කිලෝ පේර ජාතියක්.. ඊට පහුවෙනිදාම බලද්දි හැම ගෙඩියකම පණුවො..

    තව කෙනෙක් ඉන්නවා නුවර. අපේ අක්කාගේ කෙසෙල් වගාව දැකලා ශහ් හොදට තියෙනවානේ කිවාලු.. පස්සෙන්දා බලද්දි ගොඩක් ගස් කඩාගෙන වැටිලා.. :D

    ReplyDelete
  7. ඔවා නිකන්ම මතයක් විතරයි කියලා අහක දාන්න බෑ අක්කේ.. මේ තුන් දොර පාලනය කර ගන්න පුළුවන්නම් කාට කාටත් හොදයි..

    ReplyDelete
  8. ඔය ඇස්වහ කටවහා කියන එවුවා ඇත්ත අක්කා. ටක්කෙට වදින සීනුත් තියෙනවා. අපේ පුංචම්මා පොඩි කාලේ ඉඳිආප්ප (කඩයප්පන්) හදන්න පිටි කොටන්න අකමැති හන්දා "මගේ අත ගෝනුස්සෙක්වත් කාලා යන්නේ නෑනේ " කියලා කිව්වලු. පහුවෙන්දා ඇත්තටම ගෝනුස්සෙක් කාලා පිටි කොටන්න උනේ නෑ ලු.

    ReplyDelete
  9. අනේ මන්ද අක්කේ මිත්‍යා මත කියල පෙනුනට ඒවයෙත් ඇත්තක් නැත්තේම නෑ කියලයි මට නම් හිතෙන්නේ. මගේ කට නිසාම ඔය වගේ සිද්ධි වුන වෙලාවල් තිබුනා. ඒවා අහඹු සිද්ධි වෙන්නත් පුළුවන් ඉතින්. කොහොම වුනත් ඒ ගැන හරියටම අදහසක් නෑ.

    ReplyDelete
  10. ඇස්වහ කටවහ මෙච්චරම ප්‍රබල නම් පිරිසිදු සිතින් කරන දේවල් එක හා සමානවම ප්‍රබල විය යුතුයි.
    ඒත් හොඳ හිතින් ප්‍රාර්ථනා කරලා හරි ගිය දේවල් ප්‍රසිද්ධ නැත්තේ ඇයි?

    ReplyDelete
  11. මම නම් පිලිගන්නේ නෑ..

    ReplyDelete
  12. aswaha katawaha howaha kiyanne sampoorna aththa mage amba gas dekakata ma ohoma una gedi kunu wela wetenna patan gaththa leennu saha wawuloth kanna patan gaththa passe mehe innawa daksha kattadi kenek eyata kiya la wathura mathurawa gaththa dan hariyata hari idiriyata ehema unoth gas kapannath kiwwa

    ReplyDelete
  13. මේ කියන හෝවහ කියන එක ගැන දැනුමක් නැතිව මං අළුතින් වචනයක් හැදුවා "සිත්වහ" කියලා.

    http://kathandara.blogspot.com/2011/12/poor-kathandarakaraya-bed-ridden.html

    මං ගැන හොඳ කියලා ලිපියක් ගියදාම මට අසනීප වෙලා දවසක්ම ඇඳේ ඉඳින්න වුණු නිසායි ඒ.

    ReplyDelete
  14. ණෙලුම්-එයා ආසාවෙන් හිටිය නිසා එහෙම වෙන්නත් බැරිනෑ තමා ඉතින්.නේද?

    සාතන්-ආ එහෙනම් ඉතින් කටවහන් හිටු :)

    වෙද ගෙදර මහ වෙදනා -බොහොම වැදගත් වෙයි ඔබ තුමාගේ ලිපියක් ලියවෙනව නම් මේ සම්බන්දව.

    ජීනියස්-ඔව් නේද?

    පූසා -සැහ් මලේ අපි කිව්වට ඔව වෙන්නෙ නැති එකනේ වැඩේ කියන්නෙ.:(

    ඹුන්න්ය්-ඔව් එහෙම අය ඉන්නවලු මම් ත් අහල තියනව දැකලා නම් නෑ ඒවගේ වෙච්ච ඒවා.

    ඪිනෙශ්-හ්ම්.මෙහෙම දේවලුත් තියනව තමා.

    ReplyDelete
  15. මධුරංග-හිහ් හැබෑට?

    ඛසුන්-හ්ම්.මමත් නෑ කියල කියන්නෙ නෑ.

    රූ....-ගොඩක් ප්‍රසිද්ධ වෙන්නෙ ඉතින් කරන නරක දේවල්නේ ඒ නිසා වෙන්නැති.

    මාතලන්-හ්ම්.මම් නම් ඉන්නෙ අතරමැද.

    ඇනෝ-ඒකනේ ඔයවගේ දේවල් නෑ කියන්නම බෑ මොකක් හරි ඇත්තක් තියෙන්නෙත් පුලුවන්.

    කතන්දර ඛතන්ඩර-අහ් හෝවහ තමා ගොඩක් පාවිච්චි වෙන වචනේ මම් හිතන්නෙ.

    ReplyDelete
  16. ශා... නියම බ්ලොග් එක එඈ! :D

    ReplyDelete