Monday, December 19, 2011

පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්


"විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන දේ ලෙස මට පෙනී යයි.මුලු විශ්වයේම සෑම දෙයම කිසියම් සම්බන්ධයකින් එකට සම්භන්ධවී ඇත."

"මොලොව උපත ලබා සුලු කාලයක් සදහා කතාකරන භාෂාව හෝ සමේ පාට හෝ ගම-රට පළාත හෝ සලකා උනුනුන් මරාගැනීමේ මුලාව මෙහිදී වැටහෙයි.මෙම විශ්ව පවුලට අයත් වල සාමජීක සාමාජිකාවන් පිරිසක් ඔවුනොවුන්ට හදුන්වාදීම මෙම පොත ලිවීමේ එක් අරමුණකි."

"ගන්ධබ්බයා නමින් බෞද්ධ ඉගැන්වීම් වලදී හදුනවා ඇත්තේ ඉතා සියුම් පදාර්ථයකින් නිපැයුණ ශරීරයක් හා එය ඇසුරු කොටගෙන පවත්නා උපාදානස්කන්ධ සංයුතිය ය."

"උපාදානස්කන්ධ සංයුතිය ජීවී සයිලයකට ඇතුලත් වී විකාශනය වන විට හා විකාශනය වූ කළ එහි ලක්ෂණ දැක ගත හැක."

"අද්භූතයක් වශයෙන් බැලීමට වඩා මිනිස් සිතක් ස්වභාවික විද්‍යුතයේ ක්‍රියාකාරීත්වයක් ලෙස සැලකීමට මෙතෙක් සොයාගන ඇති දේවලින් මග පෑදෙයි."

පූජ්‍ය බෙල්ලන ඥාණවිමල හිමි
පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්
ISBN 978-955-551-749-2 

මාස කීපයකට කලින් මම් කියවපු පොතක්. නොපෙනෙන මිනිසා,මනෝමය කාය ,භූතාත්මයෝ, ෆෙඩ්‍රික්ගේ සත්මහල් ලෝකය, දෙවියෝ හා දේවදුතයෝ, කර්මය ආදී වශයෙන් විවිධ මාතෘකා යටතේ ගොඩක් කරුණු සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියනව.කියවලා නැත්තම් කියවලා බලන්නකො .









25 comments:

  1. තෑන්ක්ස් මේ ගැන කිව්වට

    ReplyDelete
  2. ම්...කතාව ඇත්ත....ඔය නොපෙනෙනෙ කස්ටිය කොච්චර නම් වැඩ කිඩ දානවද....හොඳ පොතක් වගේ....ස්තුතී නදී...

    ReplyDelete
  3. මාත් ආසයි ඔය ගන්ධබ්බ ජීවිතය, උපාදාන ස්කන්ධය වගේ දේවල් දැන ගන්න. ඒ නිසා මේ පොත පොඩ්ඩක් හොයලා බලන්නම්. මොකෝ අක්කේ එකපාරටම පොත් ගොඩක් පෝස්ට්වල දාන්න හිතුනේ ?

    ReplyDelete
  4. ඔබ කියවන්න බන්දුල අත්තනායකයන් ලියූ මේ විෂය සම්බන්ධ පොත පත. තවත් 1. Paul Brunton's A search In Secret India, 2. Swami Rama's Living with the Himalayan Masters. පොතත් කියවන්න. විශ්මිත ලොවකට ගියා සේ දැනෙයි.

    ReplyDelete
  5. අක්කා කියවන පොත් තමා පොත්. කන්නිමහර සුමංගල හාමුදුරුවෝ පරිවර්තනය කරපු සංසාර මන්දිර පොතත් කියවන්න අක්කේ.........

    ReplyDelete
  6. "විද්‍යාව පිළිබද නූතන සොයා ගැනීම් බොහොමයක් බුදුදහම වඩාත් තහවුරු කරන දේ ලෙස මට පෙනී යයි''
    ඒක නම් සම්පූර්ණ ඇත්තයි..
    ඔයාට මතකද මන්දා .. ආතර් සී. ක්ලාක් මහත්තයා කිව්වා අනාවැකියක්.මුලු ලෝකෙම අනාගතයෙදි ඉතිරි වෙන්නෙ බුදු දහම විතරයි කියල.[එතුමා කියපු දේවල් හුඟක් ඇත්ත වෙලා තියෙනව,එතුමගෙ ජීවිත කාලය තුලම]
    එහෙම වෙනව කිව්වෙ ඒකෙ විද්‍යාත්මක පැත්ත සහ තර්කානුකූල පැත්ත දිහා බලලයි.

    ReplyDelete
  7. කියවන්න ඕනා...!!!!
    එල

    ReplyDelete
  8. ස්තූතියි විස්තරේට...ඒත් පොත් කියවන්න පිනක් නෑ....

    ReplyDelete
  9. ඔය මනෝකාය, භූතාත්ම ගැන ලිය උන පොත් වලට මාත් මාරම ආසයි..

    ReplyDelete
  10. අයියෝ මට ඉරිසියාවයි මේ පොත් දැක්කම.

    ReplyDelete
  11. බොහොම ස්තූතියි මේ ගැන සඳහන් කලාට... :)

    ReplyDelete
  12. මේ ලිපියේ මුල් වාක්‍ය දෙක ඉතාම නුසුදුසුයි. ශ්‍රී සද් ධර්මය ඊනියා 'නූතන විද්‍යාව' මගින් පැහැදිළි කිරීම, අරුත් ගැන්වීම හෝ සනාත කිරීම නොකල යුතුමයි. එය අඩිකෝදුවකින් බර මනිනවා වැනි ක්‍රියාවකි.

    තවද ගන්ධබ්බ සංකල්පය හුදු මහායානික සංකල්පයක් පමණක් වන අතර එය නිර්මල බුදු දහමට අනුචිතය.

    කර්මය හා පුනර්භවය අචින්ත්‍ය විෂයක් වන අතර එය පිළිබඳ දැනගැනීමට හුදු මිනිසුන් ගේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප වලට සීමා නොවී බුදුවරයෙකුගේ මඟ පෙන්වීම ඔස්සේ කයටුතු කිරීමම සිදුකල යුතුය.

    ReplyDelete
  13. හොඳා හොඳා.... අරගෙන බලමුකො එහෙනං..... හැබැයි ඉතිං චාටර් එකක් උනොත් නම් බලාගමු....

    ReplyDelete
  14. අවුරුදු කිහිපයකට කලින් මාත් ඔය පොත කියෙව්වා. හුඟක් වටින පොතක්.

    ReplyDelete
  15. මේක ටිකක් පරිස්සමට අධ්‍යයනය කරන්න ඕනි පැත්තක්. මම හිතන විධියට පටන් ගන්න හොඳම තැන තමයි “විමාන වත්ථු“ සහ “ප්‍රේත වත්ථු“

    ReplyDelete
  16. මටත් ඉරිසියාවෙ බෑ... මමත් රේරුකානෙ චන්දවිමල හිමියන්ගෙ පොත් කියෙව්ව ලංකාවෙ ඉන්න කාලෙ..... මෙක දැක්කහම තව ආස හිතුන....

    ReplyDelete
  17. හ්ම්.... මේකනම් කියවලා තියෙනවා.

    ReplyDelete
  18. මම පොත් කියවන්නෙ නෑ :P

    ReplyDelete
  19. මමත් නං මේක දෙතුං පාරක් කියෝල තියනව! :)
    @ටී බී - ඔබතුමා මේ බ්ලොග් ලියන්නෙ කමෙන්ට් කරන්නෙ පලිඟුශාස්ත්‍රයෙන්ද? :P :P :D

    ReplyDelete
  20. ගෝල්ඩ් ෆිෂ් - හ්ම්:)

    ර්‍අජ්-මේ පොතේ කියලා තියන සමහර ඒව හිතගන්නවත් බැරි දේවල්.

    මධුරංග-මේ ටිකේ පොත් කියෙව්වා මල්ලි.මමත් ආසයි ඒවගේ පොත් කියවන්න.

    වෙද ගෙදර මහ වෙදනා-බොහොම ස්තූතියි.මම් හොයලා බලලා කියවන්නම්කො.

    Hඅසිත-අනේ මල්ලි මම් පොඩි කාලෙ ඒපොත කියෙව්වා,යාලුවෙක් අරන් ගියාගෙනත් දුන්නෙ නෑ අද වෙනකම්.:/

    ReplyDelete
  21. කුමරය-ඔව් එහෙම කිව්ව් කියල මාත් අහල තියනව.

    චතූ......- කියවලා බලන්නකො.

    ඔබ නොදු‍ටු ලොවක්.....-අයියෝ කියවලා බලන්නකො ටිකක්.

    ඪිනෙශ්-මමත් ආසයි ඒවගේ පොත් කියවන්න.

    කස්ස-එහෙම හිතන්න එපා ඔයත් දවසක කියවලා බලන්න.

    නන්දු-:)

    ReplyDelete
  22. ටී.බී.-ස්තූතියි අදහසට.ඔව් සමහරු ඔය විද්‍යාවයි බුදුදහමයි එකට ගාව ගන්නවට කැමති නෑ.

    Mahesh Wickramasinghe -චාටර් පොතක් නෙමේ.කියවලා ම බලන්න.

    උදාර-ඒකනේ.

    පරිකල්පන -හ්ම්ම්.කියවන්න ඔනේ.

    Miyuru- ඔයත් පොත් කියවන්න ආසයි එහෙනම්:)

    නිසුපා-ගොඩක් අය කියවලා ඇති,ඔයත් පොත් කියවන කෙනෙක් නේ.

    සීතල අයියා-අපො මම් නොදන්නවැයැ.

    තනි අලියා- ඒ එයා කමෙන්ට් කරන විදියනේ.එයාගෙ අදහස ඒ.

    ReplyDelete
  23. මේ පොත මම කියවලා තියනවා මාරයි, නියමයි ........

    ReplyDelete
  24. නෑ මංකිව්වෙ නූතන විද්‍යාව ඊනියා කියනවනං එයාලඟ එ්කට විකල්පයක් තියෙන්න එපායැ! :D :D :D

    (මා එක්ක තරහ වෙන්න එපා, මේ මගෙ විදිය! ;) )

    ReplyDelete
  25. පන්සල් හංදිය-ආ එහෙමද?

    තනි අලියා -හ්ම්ම්..

    ReplyDelete