Wednesday, November 9, 2011

ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


මේ මම් එන ගමන්...අද ටවුන් එක පැත්තෙ එනවද?

කාලෙකට පස්සෙ පුරුදු නොම්බරෙන් මැසේජ් එකක්.මැසේජ් එක එවල තිබ්බෙ උදේ 10.30ට විතර.මම් දකිද්දි 12ට විතර.ඒ අතරේම එක දිගට 4 පාරක් විතර රින්ග් කරලත් තිබ්බ.

මම් රිප්ලයි නොකර නිකන් ඉන්නත් හිතලා.පස්සෙ ආයම මැසේජ් එකක් දැම්ම,මම් දැන් දැක්කේ කියල.එතකොටම මෙන්න ආයම රින්ග් වෙනව.

හලෝ...

හලෝ...ආ... කොහොමද? මම් ටවුන් එකේ ඉන්නෙ.

ඉතින්!

මේ පැත්තෙ එනවද අද?

නෑ මම් එන්නෙ නෑ අද නම්.ඇයි ඇහුවේ?

නෑ නිකන්. 

එනව නම් එන්න ගෙදර ඇවිල්ල යන්න,අම්මත් ඉන්නව.

කමක් නැද්ද මම් ආවට,අම්ම මොනවත් හිතයිද?

මොනව හිතන්නද එන්න එනවනම්.

හා එහෙනම් මම් එන්නම්.එනව එහෙනම් හරිද?දැන් ස්ටෑන්ඩ් එකේ ඉන්නෙ.

හා හා එන්න.

එදා එයා අපේ ගෙදර ආව.අම්මත් එක්කත් ගොඩක් වෙලා කියව කියව හිටියා.ආ ගිය තොරතුරු,අලුත් රැකියා ස්ථානය,ගෙදර පවුලේ තොරතුරු...ගොඩක් දේවල්.ඒ අතරේ සයිලන්ට් දාල තිබ්බෙ නැතුව එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.කට් කරා,මෙන්න ආයම රින්ග් වෙනව.ඔහොම කීප සැරයක් කට් කරා.ඒ නිසාම එයා සෑහෙන අපහසුතාවයකට පත් වෙනව මම් දැක්ක.වෙනස මූණෙන් හොදට පෙනුනා.

ඒත් එක්කම මම නැගිටලා ගියා තේ එකක් හදන් එන්න.ඒ අතරේ කෝල් එකකට ආන්සර් කරනව ඇහුනා.ඒක කෙටි කතා බහක්.ආයෙත් අම්ම එයත් එක්ක කතා කර කර හිටියා.මම් ටිකක් වැඩිපුර සීනිත් දාල කිරි තේ එකක් හදල දුන්න,ගෙදර හදපු තල ගුලිත් එක්ක.

එයා දැන් මෙහෙලු වැඩ කරන්නෙ.සති 2කට පාරක් වගේ ගෙදර යනවලු.

ආගිය කතාවලට පස්සෙ තේ එකත් බීල යන්න හදද්දි මම් තල ගුලි කීපයකුත් ඔතලා දුන්න නැවතිලා ඉන්න තැනට ගිහින් කන්න කියල.මොකද එයා කිව්වෙ ගෙදර ගිහින් එන ගමන් කියල.බොරුවට එපා කිය කිය ඉදලා කොහොමහරි ඒක බෑග් එකට දාගත්ත.

යන්නම් කියල අම්මටත් දන ගහල වැදලා ගේට්ටුවෙන් එලියට ගියා මාත් එක්කම.අම්ම ගේන් එළියට ආවෙ නැතුව ඉස්සරහ දොර ලගට වෙලා බලාගන හිටිය.පස්සෙ ගේ ඇතුලට ගියා.එයා පාරෙ වංගුවෙන් හැරිලා මට අත වැනුව,මමත් හිනා වෙලා අත වැනුව,පස්සෙ නොපෙනී යනකම් බලාගන ඉදලා ගේට්ටුව වහගන ඇතුලට ආව.

අම්ම ඒ ගැන වැඩිය මොකුත් ඇහුවෙ නෑ.

දැන් මෙහෙලු නේද වැඩ කරන්නෙ?

හ්ම්...ඔව්.වැව් හදනවද මොකද්ද කීවනේ.හරියටම දන්නෙ නෑ.

මොකද ඔය අද මෙහෙ ආවේ?

මම් දන්නෙ නෑ, නිකන් එන්ඩැති! එන්ඩද කියල ඇහුවම මම් හා කිව්ව.එපා කියන්ඩැයි?.

හ්ම්...පිස්සු! බදින්නත් කෙනෙක් ඉන්නව කියන්නෙ.

ආ... ඔව් මටත් කිව්ව.

මෙලහට ඒ ළමය වෙන්ඩැති රින්ග් කරන්ඩ ඇත්තේ?

හ්ම්... ඔව් මටත් හිතුනා,ඒකයි මම් නැගිටලා තේ හදන්න ගියෙ.

දැක්කෙ නැද්ද නිකන් මූණ අමුතු උනා.

හ්ම්...

ෆෝන් එක බලද්දි රින්ග් එකකුත් එක්ක මට මැසෙජ් එකක් පුරුදු නොම්බරෙන්ම.

"මට ඔයා ගැන දුක හිතුනා"

මම් රිප්ලයි කරේ නෑ.ඒ වෙලාවෙ තරහක්වත් දුකක්වත් දැනුනෙ නෑ කිව්වොත් ඒ බොරුවක්.දුකද්ද තරහක්ද රීරිසියාවක්ද,මේ ඔක්කොගෙම මිශ්‍රණයක්ද මන්දා ඒ දැනුනේ...

මම් මැසේජ් එකක් යැව්වා මට ආය මැසේජ්, රින්ග් කරන්න එපා කතා කරන්න ට්‍රයි කරන්නත් එපා කියල,ඒකට කිසිම් රිප්ලයි එකක් ඇවිත් තිබ්බෙ නෑ.ඔහොම මාස ගානක් ගෙවෙන්න ඇති.මෙන්න දවසක් මම නැති වෙලාවක ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් ඇවිත්.

ආ... දවසක් බැච් එකේ යාලුවෙක් කතා කරල ඔයා ඉන්නවද ඇහුවනේ?

මං??? මට පුදුම හිතුනා.ඇයි යකෝ මොබයිල් එක තියෙද්දි මොකටද ලෑන්ඩ් එකට ගන්නෙ කියල.කතා කරල තියෙන්නෙත් කෙල්ලක්ලු.

මොකද්ද නම කිව්වෙ?

අයේශාද මොකද්ද කිව්ව.මට දැන් මතක නෑ.

එහෙම නම් තියන යාලුවෙක් මට හිටියෙ නෑ.ඒ වෙලාවෙ නම් මම් අම්මටත් දොස් කිව්ව,නොදන්න අයට විස්තර කියන්න යන්න එපා කියල.මෙන්න කාලෙකට පස්සෙ අර නොම්බරෙන්ම මැසෙජ් එකක්.

"නංගි මම් කාර් එකක් ගත්තා!..."

රිප්ලයි නොකර ඉන්නත් හිතලා එහෙම කරොත් මොනව හිතයිද?කියල ආ නියමයි නේ.මොකද්ද වර්ගේ කියල මැසේජ් එකක් යැව්වා.ඊට පස්සෙ රින්ග් එකක්.ඕන එකක් කියල මමත් ආන්සර් කරා.එයාල අලුත් වාහනයක් අරන්,ඔයාගෙ යාලුවෙක් ඉන්නව දෙන්නද කියල කිව්වම කවුද කියල අහන්නත් කලින් මට ගෑණු කටහඩකින් හෙලෝ!...කියල කියනව ඇහුනා.

මම් හිතුවේ එයාගෙ නංගි කියල.ඒ එයා බදින්න ඉන්න කෙනා කියල දැණ ගත්තේ ගෑණු ළමයගෙම කතාවෙන්.අපි ආගිය තොරතුරු කතා කරා,"ඔහෙට වහිනවද?මෙහෙට නම් පායනව" වගේ දේවල්.එච්චර තමයි,මේ වෙනකම් මම් එයාගෙ නමවත් දන්නෙ නෑ,දැන ගන්න ඕනේ කමකුත් නෑ.

ඒ ගෑණු ළමය අපි ඉන්න පලාතට එහෙම ගොඩක් ආසයි කියල කිව්ව.මම් කිව්ව දවසක අය්ය එක්ක එන්න වැදලායන ගමන් අපේ ගෙදරත් ඇවිත් යන්න එන්න කියල.

එන නොඑන එක කෙසේ වෙතත් එයා හිනා වෙලා හා...එන්නම්කො වෙලාවක කියල අපේ සංවාදේ නිමා කරා.මට එයත් එක්ක තරහෙන් ඉනන් ඕනෙ කමක් තිබ්බෙ නෑ.කතා කරපු විදියට එයාල සතුටින් ඉන්න බව පෙනුනා.

තවත් මාස කීපයක් ගෙවුනා.ඒ වෙනකොට එයත් එක්ක මම් කතා කරන එක සම්පූර්ණෙන් නවත්තලා ගොඩක් කල්,කරපු එකම දේ ඉදලා හිටලා මැසේජ් එකකට රිප්ලයි යවපු එක.මට හැම වෙලේම හිතුනෙ ඒකත් නොකලයුතු දෙයක් කියල.

ඉදලා හිටලා රින්ග් එකක් තියනව ඒ නොම්බරෙන්,මගෙන් රිප්ලයි නෑ.මැසේජසුත් නෑ.දවසක් මැසෙජ් එකක් එවල තිබ්බ මම් දන්නව දැන් ඔයා මෙහෙ නෑ කියල.මම් අම්මට කතා කරල විස්තර දැන ගත්ත කියල.ඒ කියන්නෙ එදා අයේශා කියල කතා කරල තියෙන්නෙ මෙයා.කාට හරි කියල කතා කරවන්නැති.

 ඔහොම දවසක් රින්ග් කරන කොට වැරදිලා මට ආන්සර් වෙලා.දැක්ක ගමන්ම මම් කට් කරා.ආයෙත් මැසේජ් එකක්.

"මට ඔයාගෙ කටහඩ ඇහුනා"

එදත් මම් නෝ රිප්ලයි.

ඔහොම කාලයක් ගෙවුනා,ගොඩක් දේවල් අමතක වෙලා ගිහින්.ජීවිත වලට අලුත් දේවල්  එකතු වෙලා.මාස කීපයක්ම කිසිම හැල හොල්මනක් නැතුව ගෙවුනා.

ආයෙත් අර නොම්බරයෙන් මැසේජ් එකක්!.

"නංගි මම් මෙහෙන් යනවා!"

මම් එදා රිප්ලයි කළා.

"හොදයිනේ :D " කියල.

එයා ආය රිප්ලයි කරේ නෑ.

ඇයි අපිට යාලුවො වගේ ඉන්න බැරි? ගොඩක් කාලෙකට ඉස්සර දවසක් එයා මගෙන් එහෙම ඇහුවා.ඒත් මම් නම් හිතන්නෙ නෑ එහෙම අපිට ඉන්න පුලුවන් වෙයි කියල,හොදම දේ තමා හිතින් අයින්ම කරල දාන එක.ඒත් එහෙම කරන්න පුලුවන්ද?


*************************************************************************************

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සිහින රැකගෙන දිවා රෑ ආදරෙන්... ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්...
අපට අප නැති හෙට දිනක දුක අරන්... හඩා කුමටද නොදරුවන් සේ ඉතින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...

සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්...සුසුම්ලන්නද අප ගැනකොයි ලෙසින්...
සුබ අසුබ පිරි සිහින විද තුන් සිතින්...සදා හමුවෙමු මග තොටේ මදහසින්...

කොහේ හෝ දැන් ඉදිනවා ඇති ඔබත්...මගේ විජිතේ අහිමි විය මට මමත්...
ලැබූ දිනුමක් ඇද්ද ඔබ මා...මැවූ සුන්දර සිහින මතකය මිසක්...


40 comments:

  1. ඇත්තටම යාලුවො වගේ ඉන්නවා කියන්නෙ නිකං හිත රවට්ට ගැනිල්ලක් කියලා මට හිතෙනවා .......
    අමතක කරන්න පුලුවන් නම් අමතකම කරලා දැම්මාම ඉවරනෙ .......

    ඇත්ත සිද්ධියක්ද (කැමති නම් විතරක් කියන්න)

    ReplyDelete
  2. මම පරණ ලිපි දෙකත් කියෙව්වා, එකක ලින්ක් එකක් වැඩ නැහැ ......
    ඇත්ත සිද්ධියක් නේද ......

    හිතට දුකයි නේ මතක් වෙනකොට .......

    වැඩිය හිතන්න එපා නංගි ඔය ගැන, අමතක කරන්න බලන්න, හිතුවා කියලා ලැබෙන දෙයක් නැහැනෙ ...

    ReplyDelete
  3. තමන් ආදරේ කරලා අන්තිමේට දල ගියපු කෙනෙක් එක්ක යාළුවෙක් වගේ ඉන්නව කියන එක හුඟක් අයට අමාරු/බැරි දෙයක්,එත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ ලෝකේ ඉතාම දුර්ලබ ගනයේ කෙනෙක්,ඒ වගේම හරිම උතුම්,නිහතමානි කෙනෙක්.ඒ වගේ කෙනෙක් ලැබෙන එක අපි කරපු පිනක්.එහෙම කෙනෙක් වෙන එක .....ඒක මුලදී හරිම අමරුය්,එත් පස්සේ ඒ යට දැනෙන සතුට සහ ලැබෙන දේවල් කියල වැඩක් නැහැ.තරුණ වයසේ කරන්න පුළුවන් ඉහලම මට්ටමේ දෙයක් තමා ඒක(99% කටම ඒක කරන්න බැහැ).

    ReplyDelete
  4. හ්ම්ම්ම්...මට මතකයි ඔයා මේ අයියා ගැන නේද ඉස්සරත් පෝස්ට් එකක ලියල තිබුනේ....මොනවාද උනේ කියල මම දන්නේ නැති උනත් දුක හිතුනා :( යාළුවො විදියට ඉන්න පුළුවන්ද නැද්ද කියන එක පුද්ගලයා මත තීරණය වෙනවා මම හිතන්නේ....

    ReplyDelete
  5. අනේ මංදා මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ...

    ReplyDelete
  6. අනේ මන්ද :(
    ඒක එක එක්කෙනාට සාපේක්ෂයි.

    ReplyDelete
  7. "මට 'ත්' ඔයා ගැන දුක හිතුනා" :'(

    "ඇයි අපිට යාලුවො වගේ ඉන්න බැරි? ගොඩක් කාලෙකට ඉස්සර දවසක් එයා මගෙන් එහෙම ඇහුවා."

    ඒකනම් කොච්චර කිවත් කරන්න බැ අක්කෙ :-/ එහෙම උන්නත්
    අර ඉරිසියාව තරහා හැම දේම එකතු වෙලා එන හැගීම මටත් තියෙනවා.. ඒ වෙලාවට යාලු කමක් වත් ඔන්නැ කියලා අනන්තවත් හිතෙනවා.. මොනා කරන්නද..

    ReplyDelete
  8. අදයි මේ පැත්තට ආවෙ.. :)

    ලැබූ දිනුමක් ඇතිද ඔබ මා.. මැවූ සුන්දර සිහින මතකය මිසක්..

    ඇත්ත නේන්නම්.. කාලයත් එක්ක එකතු වුණු මතක ගොඩ හැරෙන්න ලැබුණ දිනුම මොකද්ද..
    විශාරද දීපිකා මහත්මියගෙ මමත් අසාම ගීතයක්..
    ගලා යන ජීවිතය...

    ReplyDelete
  9. නදී...
    ඔය නැතිලෙඩනම් දාගන්ඩ හදන්ටෙපා..කොහොමත් ආදරයක් අමතක කරලා දාන්ඩ අමාරුයි කාලයක් යනකං..නමුත් ඒ උන්දැ දැන් වෙනත් ආදරක් හොයාගෙන නොවැ..ඔය එකතැනක හිත තියන් ඉන්ට බැරි මිනිස්සු එක්ක ඇයිහොඳයි කම් තියාගත්තම..ඔයාගේ ශරීර සෞඛ්‍යට තමා හොඳ නැතිවෙන්නේ...මේව බනවගේ වෙන්ට පුලුවං..නමුත් පුලුවං වෙලාවක කල්පනා පාරක් දාලා බලන්ටකො..( ඔය යාලු ප්‍රෙමය හා සහොදර ප්‍රෙමය නම් අමූලික බොරුවක්....ඔක ඇතුලේ ඉන්නේ දෙවතාවෙක් නොව රාක්ෂයෙකි...)

    ReplyDelete
  10. ඔයා ඕව ගැන හිතන්න එපා අක්කෙ එයාට පේන්නත් එක්ක ඔයා සතුටින් ඉන්න.සිංදුව ලස්සනයි :)

    ReplyDelete
  11. ආදරේ කරපු හිතක් එක්ක යාලු කම ටිකක් අමාරු දෙයක්...අමතක කලා කිව්වට අමතක නොවෙන තැන් අපේ හිත ඇතුලේ ඉතිරිවෙන හන්දා....

    අනික එතැන ඉන්න තුන් වැන්නෙකුටත් එතැනින් කරන්නෙ අසාධාරණයක්...එයා තුල ඇතිවෙන හැඟීම ටිකක් අවධාණම්....හොඳම දේ ඈතින් ඉන්න එක කියලා මට නම් හිතෙනවා...

    ReplyDelete
  12. යන යකා ගියදෙන්, මම නම් හිතන්නේ අපිට ලැබන දේ තමයි හොඳම දේ. ආයේ ඒක ගැන හිතන්න හොඳ නැහැ.

    ReplyDelete
  13. මේ යාලුවන් විදියට ඉන්නවනම් නදී මේකට ලොකු හික්මීමක් අවශ්ය වෙනවා දෙදෙනාටම . ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක්ද කියන එක මම දන්නෙ නෑ . නමුත් දැනටත් මම කරන්නෙ ඒක . නමුත් අපිනම් හොඳ යාලුවෝ. අපේ සීමවෙ අපි ඉන්නවා යාලුවන් විදියට ..

    ReplyDelete
  14. ඔව් ඈ. ගියපු උන් ගැන කතා කරලා වැඩක් නෑ. ඔය යාලුවෝ විදියට ඉමු කියන එකත් කවදාවත් වැඩ කරන අදහසක් නෙවේ. එහෙම හිටියත් තවත් දුක හිතෙන එක තමා.. මේ මං බඩ්ඩක් කියන්නද?

    "One's first love is always perfect until one meets one's second love"

    එලිසබත් අස්ටන් ද කවුද කෙනෙක් මේක කියලා තියෙන්නේ. මම නම් මේක ලොකුවටම විශ්වාස කරනවා ;-)

    ReplyDelete
  15. කියන්න දෙයක් නෑ....!! නොකිව්වට කීදෙනෙක්ට ඔය අත්දැකීම් ඇත්ද....

    ReplyDelete
  16. ඔය වගේ සම්බන්දෙකින් පස්සෙ යාලුවො වගේ ඉන්න පුලුවන් දෙන්නටම ගානක් නැත්නම් විතරයි.ඒත් හුගක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ නෙ.එක්කෙනෙක් හරි විදවනවා.

    ReplyDelete
  17. හොද යාළුවො දෙන්නෙක්ට හොද පෙම්වතුන් වෙන්න පුළුවන්. ඒත් කවදාවත් පෙම්වතුන් දෙදෙනෙක්ට හොද යාළුවෝ වෙන්න බෑ.කිසිම දවසක.

    ReplyDelete
  18. ආදර වන්තොයො කියන්නේ යාලුවන්ගෙන් ඉස්සරහට ගිය දෙයක්.යාලුවෙලා ආදර වන්තයො වෙන්න පුලුවන්.හැබැයි ආදර වන්ත්යො වෙලා ආපහු පරණ විදියට යාලුවො වෙන්න බෑ.ජීවිතෙ කියන්නේ ඔහොම තමයි.පහුගිය දේවල් හිතට වද දුන්නට ගනන්ගන්න එපා.

    ReplyDelete
  19. කල්හාර අයියා කිවුවත් වගේ හොද යාළුවෝ වෙනවයි කියන්නේ ඇත්තටම හිත් රවට්ට ගැනීමක්.. හොදම දේ තමයි ඈත් වෙන එක..

    ReplyDelete
  20. මේක ඇත්ත දෙයක්ද නැද්ද කියලා නොදැනෙ කමෙන්ට් කරන්න බයයි... ඒත් කතාව හිතට දැනුනා....

    ReplyDelete
  21. ඔන්න ඔහෙ යාලුවෙක් වගේ ඉන්න ලමයා, අතින් පයින් යනවා යැ
    (මට අමතක උනා හිතින් විදවනවා නේද?)

    ReplyDelete
  22. ඔය අර .... අයියා ගැන වෙන්ටෑ. නේද අක්කේ ???
    දැන් ඉතින් පරණ එවුවා හිතින් අමතක කරලා දාමු. ඉදිරියේදි ජීවිතේට මූන දෙන්නත් එපැයි. :)

    ReplyDelete
  23. එයා වැරදියි .හිත හදාගෙන ඉන්නකොට නිකන් පෙනී හිටින්න එන්න ඕනය . ඔය අර අනුකම්පාව ගන්න . අනේ නගෝ තරහ මරහ වෙන්න දෙයක් නැහැ . මගකදී දැක්කොත් කතා කරන්න . එයින් එහා ගනුදෙනුවක් තියා ගත්තොත් ඔයා හැමදාම දුකේ . මමත් හොඳම යාලුවෙක් නැතිකරගැනීමේ පසුතැවිල්ල තවම තියෙනවා . ආදරේ කරනවා කියන්නේ ඒ යාලුවෙක් නැතිකර ගැනීමක් . ආදරේට පලවෙනි දෙවෙනි කියල එකක් නැහැ . අහිමි වුන දේ සුන්දර වෙන්නේ අහිමි වුන නිසා . ලස්සන හදවතක් හමු වේවි ඔයාටත් ළඟදීම .

    ReplyDelete
  24. සමහරවිට ඒ අයියට අමතක කරන්න බැරුව ඇති අතීතේ...එහෙම නැත්තං උගේ කුපාඩිකම.......මේ දෙකම කියන්නේ පළපුරුද්දෙන්....

    ReplyDelete
  25. පන්සල් හංදිය-ඇත්ත සිද්දියක්.ඔයා හරි අමතක කරලා දාන එක තමා හොද.ඒත් ඉතින් වෙලාවකට මතක් වෙනව.

    පන්සල් හංදිය-ඔව් පරණ දේවල් හිතුව කියල වැඩක් නෑ දැන්.

    ථරින්ඩුහ්ව්122-හ්ම්. සම්බන්දකම් අඩුම කරල දාන එක හැමෝගෙම ජීවිතවලට යහපතක්.එහෙම නැත්තම් පස්සෙ කාලෙ ගැටළු ඇති වෙන්නත් පුලුවන්.ඒක හරි.

    සයුරි- ඔව්.ඒක අදාල පුද්ගලය මත වෙනස් වෙනව තමා.ඒත් ඒ යාලුකම් වලින් අන්වශ්‍ය ප්‍රශ්ණ ඇති වෙන්නත් පුලුවන්නෙ.ඈත් වෙලා ඉන්න තරමට ගොඩාක් හොදයි කාට කාටත්.

    ReplyDelete
  26. නෝටියා | Naughty's ඓම්ප්‍රෙස්සිඔන්-ඇයි ඔයාට මොනවත් කියන්න බැරි :)

    ලොකු පුතා-ඔව්.ඒත් දැන් දෙන්නගෙම ජීවිත වෙනස් වෙලා තියන එකේ පරණ සම්බන්දකම් සුළුවෙන් හෝ ඇදන් යනව කියන්නෙ හොද දෙයක් නෙමේ.ඒනිසා ඈත් වෙලා ඉන්න එක තමා හොද.

    ඹුන්න්ය්- ඇයි ඔයාට දුක හිතුනේ.මම් දැන් ඉන්නෙ සතුටෙන්,කිසිම දුකක් නෑ.:)

    නන්දු-ඔව් තප්පරෙන් තප්පරේ අපි අතීතෙට එකතුවෙනව මිසක් කොහෙන්ද ජයක්.

    ReplyDelete
  27. මට හරිම දුකයි..;:( මෙහෙම අත්දැකීමක් මටත් තියනවා. ඇත්තටම ආදරෙන් ළං වෙලා හිටපු අයට අඅයෙමත් යාළුකම් පවත්වන්න බෑ..ඒකයි ඇත්ත...:( ඒකෙන් වෙන්නෙ නිකන් හිත රිදෙන එකයි..හොදම දේ ඈත් ව්එලාම ඉන්න එකයි..තමන්ගෙ හෲද සාක්ෂියට එකගව තමන් කරපු අසාධාරණයක් හිතට වද දෙද්දි, හුගාක් දෙනෙක් හදන්නෙ, තම්න්ටම සමාවක් ලබාගන්න, අසධරනය කාර්පු හිතට ළං වෙන්න හදන එකයි...අනුකම්පාව ලබාගන්න.

    මොන දේ වුනත්,අපිට අතීතයෙ අහිමි වුනු හිතක් ආයෙමත් ළගින් තිබුණත්, අපේ හිත් වහා ගිනි ඇවිලෙන සුළු වෙනවා අක්කි..දුක් ව්එන්නෙපා, පපුව පුච්ච්ගන්නත් එපා..

    ReplyDelete
  28. ඔහොම දෙයක් උනාට පස්සෙ යාලුවො වගේ ඉන්න හිත හදාගන්න මට නම් බෑ... හිත රිද්දගන්නෙ නැතිව සම්පූර්නයෙන්ම අයින්වෙලා ඉන්න එක හොඳයි....

    ReplyDelete
  29. ලිපිය කියෙව්ව ... ගොඩක් දිග කතාවක් ඉතා කෙටියෙන් ලියල තියන හැටි නම් අපූරුයි...

    ඇත්තම සිදුවීමක් ද? මේ වගේ සිතුවිලි හිතෙන් මකන්න දස්ස පොරක් මම අඳුරනව... බුවාට කට්ටියම කියන්නේ "කාලයා" කියල... ඔයත් වැඩේ "කාලයාට" බාරදෙන්න...

    මේ සටහනේන් මට පොඩි ප්‍රශ්නයක් මතු උනා.... ගොඩක් ලඟට වෙලා, ආදරය කරල, මොකක් හරි හේතුවක් නිසා වෙන් උනාට පස්සේ වෛරක්කාරයො වගේ ජීවත් වෙන්න කාටවත් බෑ නේද?

    අනාගතයට ජය වේවා...

    ReplyDelete
  30. අපූරු චිත්ත රූප මැවෙන භාශා විලාශයකින් කතාව ලියල තියනව.

    ReplyDelete
  31. Raj -ඔව් ඔයා හරියටම හරි.

    ආඩම්බරකාරී -හෙහෙ හ්ම්...

    දිල් -ඔව් මමත් එහෙම හිතනව.අන්තිමට තුන්වැන්නටත් අසාධාරණයක් වෙන්නෙ යාලුකම් පවත්වන්න ගිහින් වෙන ප්‍රශ්න ඇති වෙන්නත් බැරි නෑ.අයින් කරලම දාන ඒක තමා නුවනට හුරු.

    වෙද ගෙදර මහ වෙදනා-අනිවාර්යෙන් ගිය දේ ගියා කියල තමා හිතන්න ඔනේ.

    ReplyDelete
  32. Gimhani -හ්ම් එහෙම ඉන්න පුලුවන් නම් හොදා තමා.ඒත් ගොඩක් අමාරුයි නේද.

    චතුවා-හ්ම් අර කියමන ටැස්ට් කරල බලලා කියන්නම් කොහොමද කියල.

    Mahesh Wඉcක්‍රමසින්ග්හෙ-අපෝ ඔව්.මේ අද්දැකීම තියන අය ඕන තරම් ඇති.

    ජෙරම්-මොකෝ?

    ReplyDelete
  33. නිසුපා-ඔව් ඔයා කිව්ව එක නම් ඇත්ත,දුක,තරහ,ඊරිසියාව... ඇති වෙන්න පුලුවන්.

    batti -ඇත්ත.

    කස්ස-හ්ම්ම් ඔව්ව ඔහොම තමා නේ.ගිය දේ ගියා.

    ඪිනෙශ්-ඔව් කල්හාර අය්ය කිව්ව එක හරි.දැනටත් ඒක ක්‍රියාත්මක වෙනව :)

    ReplyDelete
  34. ගෝල්ඩ් ෆිෂ්-ඇත්ත කතාවක් තමා.කොමෙන්ට් කරන්න බය වෙන්නෙ මොකටද? හිතෙන දෙයක් ලියල යන්න.:)

    sajith -සමහර වෙලාවට මතක් වෙද්දි දුකයි.එව්ව එහෙම තමා.

    මධුරංග -හ්ම් ඕව්.

    ඹින්ඩි-ඔව් කොහෙහරි දී හම්බුනොත් හිනා වෙලා කතා කරනව අනිවාර්යෙන්.තරහක් නෑ :)

    ReplyDelete
  35. ඔබ නොදු‍ටු ලොවක්.....-හ්ම් එහෙම වෙන්නත් පුලුවන්.කෝකටත් දුර දිග හිතලා ඈතින් ඉන්න එක හොදා.

    හිතුවක්කාරි-ඔව් අතීතේ ගැන දැන් හිතන්නෙ නෑ.

    Miyuru -හ්ම් ඕව් ඒක ඇත්ත.

    නදුන් උයන-ඇත්ත සිදුවීමක් තමා.තරහ වෙලා නම් ඉන්න බෑ.දෙන්නත් එක්කම මම් තරහ නෑ.කොහෙහරි දැක්කම කතා කරන්න තමා හිතන් ඉන්නෙ.

    ReplyDelete
  36. මට හරිම දුකයි.....But I dont know that who should be suffer..I am really feel sad about you.Try to forget the past that will be the best way ...dear!

    ReplyDelete
  37. amarui thamai akke eth nada inna..math oya vagema kollek hinda godak duk vindala thiyenava.. eeth meya adu tharame oyage aadare gena denagenavath hitiya neda?

    ReplyDelete
  38. yaluwo dennekta adaraya karanna puluwan wuanata..adaraya karapu dennekta yaluwo wela inna ba. kawadawathma ba..

    ReplyDelete