Monday, December 13, 2010

කලකට පසු හමුවීමු I


ඒ මම් ඉන්ඩස්ට්‍රියල් ට්‍රෙනින් ඉන්න කාලෙ. දවසක් ගෙදර ඉදල කොලබ එන ගමන් මගෙ ෆෝන් එකට කෝල් එකක් ආව, මරදාන හරිය කිට්ටු වෙද්දි.මම් හිතුවෙ, ගියාද බලන්න අම්ම කතා කරනව ඈති කියල,මොකද තනියම ගිහින් ටිකක් පුරුදුත් නෑති නිසා අම්ම නිතරම කෝල් කරල, දෑන් කොහෙද?...හා තව ටිකයි නෙ... කිය කියා අහනවනෙ, නෑ... අම්ම නෙමේ...බෑලින්නම් මෙයා...ආන්සර් නොකර ඉන්න හිතුවත් මොකක්දෝ අහේතුවකට මම් ආන්සර් කරා.

හෙලෝ...
හෙලෝ...කොහොමද?කොහෙද ඉන්නෙ?
මම් මේ කොලබ එන ගමන් ට්‍රේන් එකේ.
ආ... මමත් කොලබ ආවා...නංගි එක්කගන,එයාට එක්සෑම් එකක්...
හ්ම්..
කොයි හරියෙද දෑන් ඉන්නෙ?මම් එන්නද?බලන්න ආසයි...
හෙලෝ හෙලෝ... මට ඈහෙන්නෙ නෑ... 

කියල මම් ෆෝන් එක කට් කරා. ෆෝන් එක කට් කරාට මටත් ආස හිතුන එයාව බලන්න.ගොඩක් කාලෙකින් නෙ.මාස 9කට 10කට විතර කලින් දෑක්කට පස්සෙ දෑක්කෙත් නෑනේ.එයා දිගටම රින්ග් කරා.මම් අන්සර් කරේ නෑ හිතලම.අනික මේ සද්දෙ නිසා ඈහෙන්නෙත් නෑ.බෑහෑල යද්දි කෝල් කරොත් ගන්නවා කියල හිතල නිකන් හිටියා.හිතුවත් වගේම රින්ග් කරනව දිගටම.ඔනෙ දෙයක් වෙලා යන්න කියල ආන්සර් කරා මම්.

හෙලෝ...
හෙලෝ දෑන් කොහෙද ඉන්නෙ, මම් මේ එන ගමන් විනාඩි 5 ක් විතර යයි කමක් නෑනේ.ටිකක් ඉන්න හොදද?.ඒත් එක්කම අම්ම රින්ග් කරනවා.
හෙලෝ...ආ...අම්මේ ආවා...දෑන් ස්ටේශන් එකේ ඉන්නෙ...අද ටිකක් කලින් ආව වගේ.
ඒකනෙ කියන්නෙ සෙනග ඉන්නවනෙ,බයක් හිතුන්නෙ නෑනෙ?
නෑහ්...මහන්සි...මම් බොඩිමට ගිහින් කතා කරන්නම්.
හ්ම්...138 ක යන්ඩ පුතේ.දන්නවනේ.බයනෑ නේ..
නෑ නෑහ්...
තුනුරුවන් සරනයි...පරිස්සමෙන් ගිහින් කතාකරන්ඩ ඔනෑ ගියපු ගමන්.
හ්ම්.. 
එහෙනම් විජේරමෙ හංදියෙන් කෑම එකක් අරන් යන්ඩ.පයින් යන්ඩ එපා...ත්‍රිවිලර් එකක යන්ඩ.
හා හා... හ්ම්...

ඒ අස්සෙ අරයා වේයිටින්!.
හෙලෝ...අහ් මම් මේ ලග...උඩ බලන්නකො මම් නම් ඔයාව දෑක්ක.
කෝ...මට පෙන්නෙ නෑ.
පාලම උඩ! දෑක්කද?
නෑ.මට පෙන්නෙ නෑ.
දෑන් දෑක්කද?...
ආහ්...ඔව් ඔව්.
 ඒකනෙ...

මට ලගට එනකම්ම එයාව අදුරගන්න බෑරිඋනා.ටිකක් විතර මහත් වෙලා.කෑම්පස් හිටිය කාලෙ වගේ නෙමේ.ලොකු මිනිහෙක් වගේවෙලා මට පෙනුනෙ.බඩත් ටිකක් ඈවිල්ල.

ඔයත් ටිකක් මහත්වෙලා වගේ නේ...
ඔව්,ඉතින් වාඩිවෙලාමනෙ ඉන්නෙ.දෑන් නම් එපාවෙලා.
දෙන්න ලෑප් එක මම් ගන්නම්.
ඕනෙ නෑ...අද වෑඩිය බරක් නෑ...අනිත් බෑග් එකේ ඈදුම් විතරයි.අද කෑම නෑ...
කමක් නෑ දෙන්න...
හ්ම්...

යන්ද මොනව හරි බීල එන්න?මහන්සිත් නේද?
බෑ... යන්න ඔනේ.පරක්කුවෙලා අම්මත් දෑන් කතාකරා.මම් ගිහින් කතා කරනකන් බලාගන ඉන්නව ඈති.
හ්ම්...අම්මා සනීපෙන්ද? එහෙනම් ටිකක් ඉස්සරහට ඈවිදගන යන්?
ඔව්, හා යං,අම්මා ඔයාවත් මතක් කරා දවසක් අර සින්දුව යද්දී,.

ඔහොම කතා කර කර ටිකක් ඉස්සරහට පයින්ම ගියා අපිදෙන්නා.

8 comments:

  1. ඉටපස්සෙ මොකද උනේ ... පොලොසියට අහු උනාද.?ලියමු ලියමු දිගටම ..

    ReplyDelete
  2. හා හා... ඔය ටික ටික එළියට එන්නේ කතාව.... එල එල... ලියන්න දිගටම..

    ReplyDelete
  3. :D
    අපරාදෙනේ.... නිකන් අරන්දෙන්න හදපු එකේ මොනා හරි බොන්නනේ තිබුනේ....

    4 සොඳුරු මතක සටහන්...අගනෙයි....
    ඉස්සරහට ගිහින් උන හරියත් ලියන්නෝ....

    ReplyDelete
  4. mekanam man danna kathawak ne....:D

    ReplyDelete
  5. කාගැනද දන්නේ නෑ ලියලා තියෙන්නේ. කමක් නෑ. කාලෙකට පස්සේ හරි හම්බ උනානේ. සතුටු ඇති අක්කට :)

    ReplyDelete
  6. @මධුරංග- හ්ම්...ගොඩක් කාලෙකට පස්සෙ

    ReplyDelete
  7. කවුද මේ ..........
    කතාවේ ඉතුරු ටික තියනවා නම් ඒ ලින්ක් එකත් කමෙන්ට් කලොත් ලේසි හොයා ගන්න ..........

    ReplyDelete
  8. @කල්හාර දිසානායක- කියවලම බලන්නකො.

    මෙන්න දෙවනි කෑල්ල:

    http://galaayanajeevithaya.blogspot.com/2010/12/%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B4%E0%B7%83-%E0%B7%84%E0%B6%B8%E0%B7%80%E0%B6%B8-ii.හ්ට්ම්ල්

    මේක තුන් වෙනි එක:
    http://galaayanajeevithaya.blogspot.com/2010/12/iii.html

    ReplyDelete