Friday, November 25, 2011

පින් කෙත



රාහුල තෙරණුවෝ විමුක්ති සුව විදිති.


"නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර,සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටු වීමට පුලුවන් කමක් නෑ.දූෂිතම තත්වයේ පසුවන්නේ පාලක පක්ෂයයි.තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානකයි.මම අපේ පොඩි හාමුදුරුවො එක්කත් කතා කර කර හිටියේ ඒ ගැනයි."

 "ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතලොස්සක් දෙනා හැර සෙසු සියලු මනුස්සයෝ වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුර වුවෝ නොවැ.අනුකම්පා කටයුතුයි.එදා හොදය, අද නරකය කියා කම්පවිය යුතු නැහැ මහත්තයා.එයින් තැළෙන්නේ තම සිතයි.බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්තයි.අදුරට දොස් නොනගා එයට පහනක් වනු නම් අගේ නොවැ"

පින්කෙත 
ජයසේන ජයකොඩි
ISBN978-955-551-9

ජයසේන ජයකොඩි මහතාගේ "පිච්ච මල" නව කතා මාලාවේ තවත් කොටසක් කියවලා ඉවර කරා."පින්කෙත" අනිත් කොටස් වලට වඩා ටිකක් විතර ප්‍රමාණයෙන් පොඩි පොතක් නිසා ඉක්මනට කියවලා ඉවර කරන්න පුලුවන් උනා.



7 comments:

  1. මේන් මල්ලි !!! නදී අක්කා තව පොතක් කියෝලා. හෙටම වත්තල පුස්තකාලේ යන්.

    ReplyDelete
  2. මාත් මේ පොත තාම කියවල නෑ. අරගෙන කියවන්න ඕන.

    ReplyDelete
  3. හප්පේ...සෙට් එකම එකපාර කියවන්නවා වගේ. ඒකත් හොදයි.. :)

    ReplyDelete
  4. පොතක් කියවපු කාලයක් මතක නෑ....

    ReplyDelete
  5. මේකෙ කතාවත් මොකක්ද කියල පොඩි සඳහනක් කරන්න

    ReplyDelete
  6. මධුරංග- මේ වැස්ස කාලේ නිසා පොත් කියවනව වැඩී :)

    Gimhani- බලන්නකො කියවලා.

    නිසුපා- ඔව් වෙලාව තියන හැටියට කියවනවා.පොත් කියවන්න ගත්තම නතරකරන්න ලෝබයි.

    ඔබ නොදු‍ටු ලොවක්..... - ඇහ් එහෙනම් ඔයාට ගොඩක් වැඩකටයුතු ඇති.

    ReplyDelete
  7. ටී.බී. - මල්ලී,මේ පොත පිච්චමල නවකතා මාලාවේ එක පොතක් විතරයි. මේකේ ප්‍රධාන චරිතයක් රාහුල තෙරණුවෝ කියල කියන්නෙ,ගමත් ගමේ දායකයෝ එක්කත් පන්සලේ අනිත් හාමුදුරුවන් එක්කත් හාමුදුරුවන්ගේ ජීවිතේ මූන දෙන්න වෙන හැම ප්‍රශ්ණයකටමත් ඉවසීමෙන්,මැදහත් සිතින් කටයුතු කරන නිවිච්ච කෙනෙක්.ගමේ සමහර මනුස්සයොත් හිතන්නෙ රාහුල තෙරණුවෝ රහත් වෙලාය කියලා.මම් කියනවට වඩා ඔයා එක
    පොතක් අරන් කියවලා බලන්න.පිච්චමල තමා මුල්ම කතාව.මට කියවන්න පුලුවන් උනේ පොත් 3යි.මේ නවකතා මාලාව
    පිච්ච් මල ,අරලියමල් ආරාමය,මහමෙර,උපේකා,පින්කෙත,සිල් සුවද,සුදු නෙලුම කියලා කොටස් කීපයක් තියනව.

    ReplyDelete