Thursday, November 3, 2011

ඔලුවක් පැලීමි


මතකේ හැටියට එතකොට මට වයස 5ක් විතර අති.අපි හිටියෙ ගමේ ගෙදර.වත්තෙ එක පැත්තකින් වැව,වැවටම අල්ලලා කුඹුරු යාය.අනිත් පැති දෙකෙන් තමයි ගමේ ගෙවල් වලට අපේ වත්ත සම්බන්ධ වෙලා තිබ්බෙ.අපි ගමේ ගෙදර දාලා ආව කතාව ගැන අසූ නමය අවුරුද්ද පෝස්ට් එකෙ මම් දවසක් කිව්වා මතක ඇති.

ඒ වැලෑනවැවේ බන්ට්එක සුද්ද කරන කාලේ... අපිටත් හෙන ජොලි.බන්ට් එක දිගේ දුවන්ඩ.උණබට තුවක්කු වලින් වෙඩි තියාගන්ඩ.අහ්... ආය පොල්පිති හරක් හදාගන බන්ට් එකෙන් පහලට රූටන්ඩ. රූටල ගිහින් වත්තෙ කොනේ තිබ්බ ගහෙන් තිඹිරි කන්ඩ...ඔය වගේ ගොඩක් වැඩ තිබ්බා.

ඒ දවස් වල අක්කටයි මටයි සෙල්ලම් කරන්න හිටියෙ අපේ අල්ලපු වත්තෙ ළමයි දෙන්න,එක්කෙනෙක් ඉන්දුල,එයා මම් හිතන්නෙ අපේ අක්කගෙ වයසෙ විතර.ඕනෙ නම් මට වඩා අවුරුදු 4ක් වත් වැඩිමල් ඇති.එයාගෙ මල්ලි ලලිත්.එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්.

දවසක් අපි කට්ටියම බන්ට් එකට වෙලා සෙල්ලම් කර කර හිටියා...මොකක් හරි හේතුවකට මට තරහ ගියා කියල මතකයි. අන්තිමට පෙනුනේ ලලිත් ඔලුවත් අත් දෙකෙන් අල්ලන් බන්ට් එකේ බිමට පාත් වෙන එක!

ලලිත් අඩනවා...එයාගෙ ඔලුව පැලිලා... ලේ ගලනව...ඒත් එක්කම අක්ක අප්පච්චී!...අප්පච්චි!... කිය කිය කෑගහගන බන්ට් එකේන් රූටලා ගේ පැත්තට දිව්වා.මම් තනිවෙලා...හිටගන අඩනවා...ලලිත් වාඩිවෙලා... ඔලුව අල්ලගන කෑ මොර දෙනවා...ඉන්දුල-ලලිත්ගෙ අය්යා,ලලිත් ලගට වෙලා ලලිත්ව අල්ලගන ඉන්නව.


අප්පච්චි ආව ගමන්ම මට ඩෝංගාලා ශොට් එකක් දුන්නා පස්සට.මම් අඩාගන අම්ම ලගට දුවගන ගියා.එයාලගෙ අම්මයි-ගෙදර කට්ටියයි,අපේ අම්මලයි  ඔක්කොම වට උනා... මොකද උනේ? කොහොමද උනේ? කවුද ගැහුවේ? ප්‍රශ්ණ කෝටියයි.අක්ක හැම ප්‍රශ්ණෙකටම යහමින් උත්තර සපයනව.ඒ එක්කම අප්පච්චි ලලිත්ව ඉස්පිරිතාලෙ එක්ක ගියා...මමත් වැඩි වැඩියෙන් ඇඩුවා...ඉකි ගහ ගහ ඇඩුවා...අනිව අප්පච්චි ගෙදර ආව ගමන් මටත් ආය ගුටි පූජාවක් හම්බෙනව ශුවර්!.අනික ලලිත්ට මොනව වෙලාද කවුද දන්නෙ! මොනව හරි වෙලා තිබ්බොත්!

පැය කීපෙකට පස්සෙ ලලිත් බෙහෙත් දමාගන ගෙදර එක්ක ආවා.ඒ වෙද්දි මාමත් අඩලම හෙම්බත් වෙලා.තරහ වෙච්ච පාර මම් ගහපු ගල් පාරක් වැදිලා එයාගෙ ඔලුව පැලිලා තිබ්බ.කවුද හිතන්නෙ වමත් ශොට් එකක් ඔච්චර නිවරදිව ඉලක්කෙ අල්ලයි කියල.

අපේ අම්මයි අප්පච්චියි මට හොදටම දෙහි කැපුව.ලලිත්ගෙ තාත්ත කිව්වෙ පොඩි උන්නේ...ඔහොම තමා සෙල්ලම් කරනව...ගහගන්නව...වැටෙනව...අඩනව... කියල.ගෙදර ගිහින් මොනව කිව්වද මම් දන්නෙ නෑ.සමහර විට මහ වසවර්ති කෙල්ලක් කියල පලු යනකම් බනින්න ඇති!...

36 comments:

  1. මහ වසවර්ති කෙල්ලෙක්..

    ReplyDelete
  2. මටත් චූටි කාලේ ඔය වගේ යාළුවෙක් ඉදිය සෙල්ලම් කරන්න.මට වඩා අවුරුද්දක් වැඩිමල්.ඒ උනාට හැමදාම ගහගෙන මං තමයි දිනන්නෙ.අක්කත් බලන් යනකොට එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනේ..මට තාම කාගෙවත් ඔළුවක් පලන්න බැරි වුනානේ අපරාදෙ:/ හිහ් හිහ්

    ReplyDelete
  3. ඔලුව හොඳ වුනාට පස්සෙ ලලිත් ඔයත් එක්ක සෙල්ලම් කොරන්ට ආවේ ගාඩ් දාගෙන වෙන්ටැ..
    අපෝ මොකද ඔච්චර කොල්ලොත් එක්ක තරහා..:(((
    මොනා වුණත් මරු වැඩේ..හැබෑටම මතක නැද්ද ඔයා ඒ අහිංසකයාට ගැහුවේ මොකෝ කියලා.....?
    මේ අහන්ටමයි හිටියේ...මේ බුකියේ සුදු මැණිකෙගේ බ්ලොග් පි‍ටුවෙයි....?

    ReplyDelete
  4. මහා වසවර්ති කෙල්ලෙක් නේන්නම්.. අක්කලත් ඒ කාලේ කරලා තියෙන වැඩ...
    අළුත් පෙනුම ලස්සනයි අක්කේ...

    ReplyDelete
  5. ෂුවර් එකටම ලලත් ආයේ සෙල්ලම් කරන්න එනකොට හෙල්මට් එකක් දාගෙන එන්න ඇති.නැත්නම් කොහොමද මේ වසවර්ති කෙල්ලගෙන් ඔලූව බේරා ගන්නේ.
    (කෝලන් ඇන්ඩ් වැසු වරහන් - හිකිස්)

    ReplyDelete
  6. ඔන්න කොල්ලනේ බලාගෙන මහ වසවර්ති කෙල්ලක් මෙහෙම හිටියට

    ReplyDelete
  7. මාර කෙල්ලෙක්නේ...ලලිත්ලා ගම ඇතැරලා ගියාලු නේද?......

    ReplyDelete
  8. හෆ්ෆේ.. ඔහොම ඉස්කොලේ එකෙක් මගෙත් ඔලුව පලව්වානේ :D මගේ ඔලුවේ පැච් 3 ක් තියෙනවා පැලිච්චා :D :D
    ඔය කිවාට අංතිම අහිංසකයි නදී අක්කා.. :D

    ReplyDelete
  9. ඇයි මගේ ඇහැට එකෙක් කොටුවෙන් ඇන්නා නෙ. අන්තිමට ලොකු දොස්තර කෙනෙක් ගාවට ගිහිං පෙන්නන්නත් වුනා. හැබැයි ගෙදෙට්ට කිව්වෙ නෑ කවුද කලේ කියලා. පස්සෙ දවසක මම ඌට රිටර්න් එක දුන්නා. :D

    වැවක් වුනාට වැඩක් නෑනේ, ඒක හැමදාම වේලිලනෙ. :)) :))

    ReplyDelete
  10. දැන් එහෙම කාගෙවත් ඔළු පලන්නෙ නැහැ නේද ගල් වලින් ගහලා ?

    ReplyDelete
  11. අනේ අනේ.... කරන වැඩ...

    කව්දෝ එකෙක් ගලකින් ගහලා මගේ ඔලුවත් පැලුනා පුංචි කාලෙ දවසක්දා... මං නමං ඈඬ්‍රවේ නෑ...

    ReplyDelete
  12. අන්න අරෙහෙ රඹුක්කන පැත්තෙ ගලකින් ගහලා කොල්ලෙක් මැරිලා.. දුමින්දලගේ කේස් එක වගේමයි. මැරිච්ච එකා අහිංසකයෙක්. ගහපු එකා මදාවියෙක්..

    ReplyDelete
  13. හොඳා හොඳා! ඔ්ව පොඩිකාලෙම ප්‍රැක්ටිස් වෙන්න ඔ්න! :D

    ReplyDelete
  14. අපො ඔව ඔහොම තමා...පොඩිකාලේ කාගේහරි ඔලුවක් පැලුවේ නැත්තම් ආයේ වැඩක් තියේයැ...මටත් තියෙනව ඔයවගේ අද්දැකිමක්..හැබැ ඔයිටවඩා ටිකක් දරුනු විදිහට ඒක අවසං උනේ....

    ReplyDelete
  15. ඔයා වගේම තමයි ඉස්සර මමත් අතට එන එකෙන් දමලා අදිනවා. පස්සේ තමයි බලන්නේ මොකෙන්ද ගැහුවේ කියලා. අම්මෝ දැන්නම් ඒ වගේ මොඩ වැඩ කරන්නේ නෑ. ‍දැන් මං කේනතිගියහම කවුරැ කතා කලත් කතා නොකර ඉන්නවා.

    ReplyDelete
  16. තව ඉස්සරහටත් අක්කණ්ඩි කාගේ හරි ඔලුවක් පලන එකක් නෑ කියලා කාටද කියන්න පුළුවන් :D

    ReplyDelete
  17. හෆොයි..
    වෙන්ඩ හස්බන්ඩෝ
    මෙයාගෙන් පරෙස්සම් වෙන්ඩෝ

    ReplyDelete
  18. මං නම් ගල් වලින් කොල්ලන්ට ගහලා නෑ.හැබැයි සපත්තුව ගලවලා අරගෙන ගහලා තියෙනවා. එතකොට මම පහ වසරෙ. :))

    ReplyDelete
  19. ඔය ලලිත් තවම කෙල්ලෝ හම්බවෙන්න යන්නේ හෙල්මට් දාගෙන වෙන්න ඇති. හික්.. අප්පුච්චේ...හස්බන්ඩටනම් ඉතින් අඹ සරණයි,

    ReplyDelete
  20. හප්පේ...මේ කෙල්ල කොරලා තියෙනව වැඩ...

    ReplyDelete
  21. @ නිසුපා - මටත් කෙල්ලෙක් ගත්තා ගහන්න සෙරෙප්පුව ගලවලා...මම එතකොට 18 වසරේ වගේ....හික් හික් හික් .....

    ReplyDelete
  22. යකෝ ආශ්‍රය කරන්නත් බයයිනෙ, මල පැන්නාම ගහන්නෙ ගල්වලින්නෙ .......

    ReplyDelete
  23. වමත් පාරවල් සැරයි අක්කේ. මම් දවසක් කොල්ලෙකුන්ගේ කම්මුලකට ගැහුවා. ඇඟිලි පාරවල් තුනක් හිටියා.
    පස්සේ මටම දුක හිතුනා.

    මහ එපාම කරපු වසවර්ති කෙල්ලෙක් !!!!
    (වසවර්තියා කියලා කියන්නේ දිව්‍ය ලෝකයක අධිපති කෙනෙක්)

    ReplyDelete
  24. චතුවා-ඔයත් එහෙමද මම් ගැන හිතන්නෙ:)

    ආඩම්බරකාරී-ගොඩක් අයට ඒවගේ දග චූටි කාලයක් තමා තියෙන්නෙ නේද.කෙල්ලො උනත් දග වැඩ කරනව,ගහගන්නව.:)

    ගලයා-එහෙම තරහක් නෑ.ඊට පස්සෙත් අපි වෙනදා වගේ යාලුවො වෙලා හිටියා.ගහපු හේතුව නම් මතක නෑ දැන්.ඒ කවුද?

    ReplyDelete
  25. ඪිනෙශ්-දන්නැද්ද ඉතින් පොඩි කාලෙ පොඩි කමට කරන වැඩ දැන් එහෙම නෑ :).ඔව් මල්ලි මේක හොදයි කියල හිතුනා.කොහොමත් සුදු පසුබිම ලස්සනයි.

    නෝටියා | Naughty's ඓම්ප්‍රෙස්සිඔන්-අපෝ නෑ.එහෙම නම් උනේ නෑ.වෙනද වගේම අපි හොද යාලුවි වෙලා හිටියා ගමෙන් එනකම්ම.

    Gimhani -අපෝ දැන් එහෙම නෑ .ඒ ඉස්සර.:)

    ReplyDelete
  26. ඔබ නොදු‍ටු ලොවක්.....-අපෝ නෑ ඔය තවත් ගමේ ඉන්නෙ.දැන් එයා බැදලා බබාලත් ඉන්නව,දැන් ලොකු මනුස්සයෙක්.

    ඹුන්න්ය්-අහ් එහෙමද.අන්න ඔයා හරියටම කිව්ව ඇත්ත.

    ජෙරම්-ඔයා ඒ ලමයට ගැහුවා..? පුදුමයි.පිස්සුද.මේ දවස් වල හොදට වැහැලා වතුර පිරිලා ඇති.ගියෙනම් නෑ කාලෙකින් බලන්න.

    ReplyDelete
  27. Weni -අප්පො නෑ.

    prasanna86k -අහ්.අම්මො අර ලමය නම් ඇඩුව,මම් හොදටම බය උනා.

    මාතලන්-අයියෝ අපරාදේ!

    තනි අලියා-අන්න ඒකනේ.පොඩිකාලෙම පුරුදු උනාම ලේසියි.

    ReplyDelete
  28. Raj -ඒකනේ පොඩිකාලෙ ඔයවගේ දෙයක් කරේ නැත්තම් වැඩක් ද නේ.:)

    බට්ටි-මමත් ඉස්සර එහෙමයි.කවුද හිතුවෙ වමත් ශොට් එක හරියටම වදී කියල.මමත් ගොඩක් තරහ ගියාම කතා නොකර ඉන්න එක තමා කරන්නෙ.

    පූසා-එහෙම නොවේවා කියල ප්‍රාර්තනා කරමු.

    සරත් ලංකාප්‍රිය-අපොයි මම් එහෙම නෑ.

    ReplyDelete
  29. නිසුපා-ඔයත් මාරු වැඩ කරල තියෙන්නෙ.මරු.

    ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-අප්පො නෑ දැන් එයා ලොකු එක්කෙනෙක්.දැක්කම අපිට බය හිතෙනව,ඒතරම් උස මහත.

    දිල් -හිහි

    ඔබ නොදු‍ටු ලොවක්..... -හෙහෙ එහෙනම් අනිව මොකක් හරි මැරෑටි වැඩක් කරල වෙන්න ඕනේ.

    ReplyDelete
  30. පන්සල් හංදිය-හිහි ඒ පොඩි කාලේ.1989 විතර.දැන් එහෙම නෑ.

    මධුරංග-ඔයත් වමතෙක් ද?හ්ම්ම් ඔව්.

    ReplyDelete
  31. හරි සැර ගෑණු දරුවෙක්නේ....

    ReplyDelete
  32. ලොකු පුතා-පොඩිකාලෙ වැඩනේ.:)

    ReplyDelete
  33. වමතින් පන්දුව දමා ගැසීමේ වැරැද්ද නෙ ඔය... :D

    ReplyDelete
  34. මාධව - மாதவ - Madhawa -හ්ම් පොඩි උන්නේ.

    ටී.බී.- වම්ත් ශොට් එච්චර ඉලක්කෙට වදින්නෙ නෑ කියනව නේ.:)

    ReplyDelete
  35. අම්මෝ දැන ගත්ත එක ඇඟට ගුණයි. අද සිට ප්‍රවේසමින් කටයුතු කරමි :))

    ReplyDelete