Friday, November 25, 2011

පිච්ච මල

  
"මම බුදුරජාණන් වහන්සේගෙ ශ්‍රාවකයෙක්, නිරතුරුවම මම ඒ ගැන සිතනවා.ඒ අනුව ක්‍රියා කරන්න උත්සහ කරනවා.අන් අය කෙසේ සිතනවාද ක්‍රියා කරනවාදැයි කියා මම දන්නෙ නෑ. ඒ ගැන සොයන්න වෙහෙසෙන්නෙ කුමකටද මහත්තයා? ඒ හැර මං පණ්ඩිතයෙක්ය, තරුණයෙක්ය, සැලකිය යුතු ධනයක ඇති පන්සලක දෙවැන්නාය, පන්සලේ අධිපතියාවූ කල කරන්නේ මේවාය යනුවෙන් භික්ශුවකට අනුචිත අදහස් මම වැලද ගන්නේ නෑ.මට හැම මොහොතකම වාගේ සිතෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ යහපත් ශ්‍රාවකයන් වන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්යප වැනි ශ්‍රාවකයන් වහන්සේලා මා හා සදන කල, මා කොතරම් නිවට හිස් භික්ශුවක්ද කියායි.බෝධිසත්ව චරිතවල සිද්ධාර්ථ චරිතයේ බුද්ධ චරිතයේ අතිශෝක්ති ආටෝප බුද්ධියෙන් හදුනාගන, ඒවා බැහැර කර ගත්තාම අපිට බුදුරාණන්වහන්සේ දැකගත හැකියි.ඊට පසු උන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගැනීමටත්.ඒ අනුව පැවතීමටත් පහසුයි."
-රාහුල තෙරණුවෝ-
  
පිච්ච මල
.ජයසේන ජයකොඩි
 ISBN 955 -551-048-2

මේ විදියට සටහන් වෙන්නෙ ජයසේන ජයකොඩි මහතා ලියල තියන පිච්ච මල නව කතාවෙ පසුපිටේ.ඒ නව කතාවේ ප්‍රධානම චරිතයක් විදියට රාහුල තෙරණුවන් කැපී පේනව.ඒ වගේම මම ගොඩක් ආස කරන චරිතයක්.මට නම් පොත කියවන්න හම්බුනේ මේ ලගදී,කියවලා සති කීපයක් වෙනව."පිච්ච මල" නවකතා මාලාවේ මුල්ම  කොටස  තමයි මේ පොත.නවකතාවලට කැමති අය මේ පොතට ගොඩක් ආස වෙයි කියල හිතෙනව.කියවලා නැත්තම් කියවලා බලන්නකො.








9 comments:

  1. හ්ම්.... කියවලා බලන්න වටිනවා.
    වත්තල පුස්තකාලේ ඇති. හොයලා බලන්න ඕනා.

    ReplyDelete
  2. මමත් කියවපු ලස්සන කතාවක්..

    ReplyDelete
  3. ඔය පොත කතා සීරීස් එකක එක පොතක්. තව පොතක් තමයි අරලිය මල් ආරාමය, උපේකා. පුළුවන් නම් ඒ දෙකත් හොයාගෙන කියවන්න. හරිම ලස්සන කතාවක් තියෙන්නේ. අපි දෙන්නත් ආසම කරන ලේඛකයෙක් තමයි ජයසේන ජයකොඩි ම්හත්තයා...

    ReplyDelete
  4. ඔන්න මේ සැරේ නම් ඔයා හොඳ පොතක් කියවල තියෙනවා.
    අර තව ළමයෙක් කිව්ව වගේ පොත් තුනම කියෙව්වොත් තමයි වටින්නෙ.
    ඔය පොත් තුනම ලියල ඉවර වෙනකොට ජයසේන ජයකොඩි මහත්තයා ඉතාම සන්සුන්.. නිවීගිය මනුස්සයෙක් වුනාලු.

    ReplyDelete
  5. මං සෑහෙන කාලෙකට කලින් ඔය පොත් සෙට් එකම කියෙව්වා වගේ මතකයි.ඒත් දැන් කතාව මතක නෑනෙ.ආයෙත් හොයාගෙන කියවන්න ඕනෙ.ස්තූතියි මතකය අලුත් කලාට.

    ReplyDelete
  6. පොතක් කියවපු කාලයක් මතක නෑ....

    ReplyDelete
  7. මොකක් ගැනද මේ පොතේ තියෙන්නෙ?

    ReplyDelete
  8. මධුරංග-බලන්නකො කියවලා.

    රූ.... -හ්ම් මටත් ගොඩක් ආස හිතුනා.

    ලහිරු-අනිත් පොතුත් ගන්න කියල,එකපාර ගන්න බෑනේ. පුස්තකාලෙන් හරි කියවන්න ඔනේ.

    කුමරය-හ්ම් කොහොමහරි ඔක්කොම හොයාගන කියවන්න ඕනේ.

    නිසුපා-ඔව් ගොඩක් අය කියවලා ඇති මේ වෙනකොට.

    ReplyDelete
  9. ඔබ නොදු‍ටු ලොවක්.....-අෆොයි

    ටී.බී-ඔයාට උත්තරේ පින්කෙත පොස්ට් එකේ ඇති:)

    ReplyDelete