Friday, November 11, 2011

කුරු ඇඹරැල්ලා

අපේ ගෙවත්ත එච්චරම ඉඩකඩ තියන තැනක් නෙමේ.අනික තියන ඉඩත් ඇහිරිලා තියෙන්නෙ ලොකුවට හැදෙන අඹ,කොස්,පොල් ගස් ටිකක් හදලා තියන හින්දා.ඒ නිසා තවත් ලොකුවට හැදෙන ගස් හිටවන්න කොහෙත්ම ඉඩක් නෑ අපේ ගෙවත්තේ.ඔය අතරේ තමා මල් පැල හිටව හිටව ඉදලා එළවළු වාගේ දේවල් හදන්න ඕනේ කියල හිතුනේ.

මම් කලින් පෝස්ට් එකක දැම්මනේ කොහොමද තක්කාලි හැදුනේ කියල.මේ තියෙන්නෙ ඒ පෝස්ට් එක තමයි.

ඉඩත් ගොඩක් නැති නිසා පැල ගන්න මල්අය්යට කියල කුරු ඇඹරැල්ලා පැලයක් අරන් ඇවිත් හැදුවා.අව්වත් හොදට වැටෙන තැනක.

මේ  ඒ පැලේ පුංචි කාලේ.
මේක හිටවලා නම් දැන් මාස කීපයක් වෙනව.පායන කාලේ වතුර දම දමා කොහොම හරි පැලේ ලොකු කරගත්තා.පස්සෙ අතු කීපයකම මල් ඇවිත් පුංචි පුංචි ගෙඩි හැදුනා.ගොඩක් ආස හිතුනා,මොකද තමන් හිටවපු ගහක මල් හැදිලා ගෙඩි එද්දි ඒකේ අමුතුම සතුටක් දැනෙනවා.

වෙලාවකට එළවලු පැල වලට, පෝච්චි වලට, පොහොර වලට, ඇයි පැල වලට වතුර දාන කොට සමහරු ඇවිත් කියනව ඔවට යන වියදමට පොළෙන් සෑහෙන ප්‍රමාණයක් එළවළු ගන්න පුලුවන් කියල.ඒත් අපි සැලෙයි ඕවට,මොකෝ බිල් ගෙවන්නෙ මමයැ අම්මනේ,අනික හිටවපු ගහක මල් පිපිලා එක ගෙඩියක් හරි හැදුනම දැනෙන සතුට,ඒක තේරෙන්නෙ නෑ නේ එයාලට. :)

මෙයාගෙන් බේරගන්න තමා ටිකක් අමාරු උනේ. :D
මේ කාලේ ඇඹරැල්ලා සුලබයි.පොළේ උනත් ගොඩක් ඇඹරැල්ලා ගන්න තියනව.සමහරුන්ට මේ දවස් වල ඇඹරැල්ලා එක එක විදියට හදලා කාලත් එපා වෙලා ඇති.මම් හදපු ගහෙත් ඉස්සර වෙලාම ගෙඩි හැදිලා.ගෙඩිනම් පොඩීයි,කොහොමත් ඒ කුරු ඇඹරැල්ලා ගස් වල ගෙඩි පොඩියට නේ හැදෙන්නෙ.මේ ගස් වල ගෙඩි ඇඹුල වැඩිය නැති නිසා එච්චරම රහ නෑ කියල කියනව.

මේ තියෙන්නෙ ගෙඩි හැදිලා.
පිත් තාම ඇඹරැල්ලා කෑවේ නෑ මේ ගහේ ගෙඩි වලින්.කොහොමත් එච්චර ගෙඩි ලොකුත් නැති නිසා වෙළදපොලේ වටිනාකම නම් අඩුයි මේ ගෙඩි වලට.ඒත් ඉතින් ගෙවත්තක, ඉඩපාඩු අඩු තැනක ලස්සනට හිටවගන්න පුලුවන්.එළදාවත් හොදයි.සෑහෙන ගෙඩි ගොඩක් හැදෙනව.

31 comments:

  1. අපේ ගෙදර තියනවා උසා ඇඹරැල්ලා ගහක් . ඒක හැදිලා වසර තුනක් විතර ගිය තැන තමා ගෙඩි හැදුනේ .. ඔයාලා ගහ හිටවලා අනික් පහුවදා ගෙඩිත් කාලා.. ඒක ටිකක් විතර ආසාධාරණයි .

    ReplyDelete
  2. කුරු ඇඹරැල්ලා කියන්නේ ඇඹරැල්ලා වර්ගයක්ද නැත්නම් ඇඹරැල්ලා ගහ බද්ධ කරලද?

    ReplyDelete
  3. මල් අයියා.. :D :D

    අපේ ගෙදරත් තියෙනවා ඇඹරැල්ලා ගහක්.. හෙන උසයි.. :D හැදෙන කාලෙට ගෙඩි වැටෙන්නේ ගෙදර වහලෙට.. :D :D

    ReplyDelete
  4. අපේ ගෙදරත් තියෙනව මේ වගේම පැලයක්...පානදුරේ ඉදන් හිරන පාරේ තියෙනවා රොබස්ටා කියලා පැල තවානක් . ඕනෙම පැලයක් තියෙනවා...යාලුවෙක් කියලා එතනින් තමයි ගෙනාවේ.....

    ReplyDelete
  5. ඇඹරැල්ලා නම් හරි රස කෑමක්. ඒත් ඒකෙ තියන කෙදි දත් අස්සෙ හිරවුනාම අපරාදෙ කෑවෙ කියල හිතෙනව. ඒවුනාට ආයෙමත් කනව

    ReplyDelete
  6. "අනික හිටවපු ගහක මල් පිපිලා එක ගෙඩියක් හරි හැදුනම දැනෙන සතුට,ඒක තේරෙන්නෙ නෑ නේ එයාලට. :) "


    මේ කතාවට නම් සියයට 1000 ක් ම එකඟයි...

    ReplyDelete
  7. ඔන්න අක්කේ මේවා දැකලා අද කවුරුහරි වත්ත්ට පැනලා ගහ සුද්ද කරලා තිබුනොත් අපි නෑ ඔන්න...

    ReplyDelete
  8. දැන් කාලේ හැටියට ගහක් වවල ඒකෙ පලදාව බලල සතුටු වෙන්න හැමදෙනාටම හිතෙන්නේ නැහැ.
    එහෙම හිතෙන එකත් වාසනාවක්....
    ඔය බඩ් වර්ගයේ ගස් පොඩි නිසා ඕනේ වෙලාවක ගෙඩි කඩාගෙන පාවිච්චියට ගන්න පුළුවන් පහසුව තියෙනවා නේද.
    අර එක්කෙනෙක් ගහ වටේ කැරකෙන්නෙත් ඒකටද දන්නේ නැහැ :)
    එහෙම නැත්නම් අර මහ ගස් වල තියෙන ගෙඩි ඕනි ඕනි වෙලාවට කඩලා හොදි හදන්න පුළුවනෑ.

    ReplyDelete
  9. කුරුයි කිවුවට කුරුම නෑ.ඔය ගහ ටිකක් උසට යනව.ගෙඩි පිරෙනව.අපේ ගෙදරත් ගහක් තිබ්බ.ඒත් මම මේ පාර යනකොට ඒක කපල.

    ReplyDelete
  10. අපේ ගෙදරත් ඔයින් ගහක් තියෙනවා..අපි කියන්නෙ නම් බට් අඹරැල්ලා කියලා.. බොහොම අහාඹු විදියට තමා ගෙඩියක් ලොකු වෙන්නෙ..නැත්නම් ඔය ෆොටො එකේ ගානම වගේ තමා.. අපි දවසක් උයලා බැලුවා.. මං නම් ඇඹරැල්ලා කන්න ඒ හැටි කැමැත්තක් නැති නිසා කැවෙ නැ.. හොදි විතරයි.. අම්මා කිවා රහා නැ කියලා.. පැණි රස වැඩීලු.. චට්නි වගේ :D
    අපෝ ඔව් පැලයක් ඉන්දලා එකෙන් ගෙඩි එන කොට මාර සතුටුයි :D

    ඉස්සර අපේ ගෙදර කිලෝ පේර කියලා ලොකු පේර හැදෙන ගස් වගයක් තිබ්බා.. කාලයක් යද්දි පේර වලට පනුව හැදිලා ගස් මැරිලා ගියා.. ඔය කාලේ අපේ ගෙදරින් ගෙඩියක් අරන් ගිහින් පිටිපස්සෙ ගෙදර නැන්දා පැලයක් හදාගෙන තිබ්බා.. දැන් දවස් දෙකකට විතර කලින් මේන් පේර ගෙඩියක් ගෙනැල්ලා දෙනවා.. පුතෙ පුතාලාගෙ ගහෙන් අරන් ගිහින් හැදිච්ච පැලේ මුල්ම ගෙඩිය කියලා :D මාර සතුටුයි :D

    ReplyDelete
  11. වවන්නෝ දිනන්නො කියනවනෙ! බලද්දි වවල දිනල! :D

    ReplyDelete
  12. බොහොම හොඳයි. එහෙමනොවැ ගෑණු ළමයි! අපිට කවද්ද ඇඹරැල්ලා ගෙඩියක් ලැබෙන්නෙ?

    ReplyDelete
  13. නදි....
    අපේ ගෙදරත් තියෙනව තඩි ඇඹරැල්ල ගහක් අර සඳරුවලගේ වගේ...අපිත් ඔකේ ගෙඩි කනව..වෙලාවකට ඔය වඳුරු අයියලත් ඇවිත් බඩපුරවං යනව අපූරුවට

    ReplyDelete
  14. අපේ ගෙදරත් ඔය පැලයක් තියෙනවා.ඒත් මෙච්චර ගෙඩි හැදෙන්න් නෑ.කේඩෑරි වෙලා ගහ.

    ReplyDelete
  15. නුවර ගෙදරත් තියෙනවා ඔය වගේ අඹරැල්ලා ගහක්...උසට හැදෙන අඹරැල්ලා ගහේ තරම් ගෙඩි රස නෑ..උයලා ගන්නත් එච්චර හොඳ නෑ..ඒත් පුංචි ඒ ගෙඩි වලින් අඹරැල්ලා චට්නි හදනවා...එතකොට නම් හොඳයි...

    ReplyDelete
  16. ඇඹරැල්ලා. ම්ම්ම්ම්..අච්චාරුව තමා මම කැමති..

    ReplyDelete
  17. අපේ දිහත් තියනව මීට අවුරුදු දහයකට විතර කලින් හිටවපු ඔය ජාතියෙ ඇඹරැල්ල ගහක්. දැන් නම් ඒ ගහ මං විතර උසයි. ඒ ගහේ හැමදාම වගේ ගෙඩි ඵලගන්නව. මේව අර සාමාන්‍ය ඇඹරැල්ල තරම් රස නැ තමයි, හැබැයි එච්චර ඇඹුලත් නෑ :)

    ReplyDelete
  18. හික්.. මට මතක්වුණේ අපේ ගෙදර ගහ. ඒක බට් එකක් කියලයි හිවෙව්වේ. ඒත් දැන් ඒක පොල් ගහක් විතර උසයි. ඒ මදිවට තාම එක ගෙඩියක්වත් නෑ.

    ReplyDelete
  19. අපේ ගෙදරත් කුරු අඹ ගහක් තියෙනවා.. ඇත්තටම ගෙඩි එ තරම් රහ නම් නැ තමා...එත් අපි නම් කලාතුරකින් එහෙම ඔය අච්චාරු එහෙම දානවා..

    ReplyDelete
  20. අපේ ගෙදර ඇඹරැල්ල ගහක් නොතිබුනාට පහල ගෙදර තිබුන යෝද ගහක්... ගෙඩි හැදෙන කාලෙට පොඩි උන් ගහ යට... කැමති කෙනෙක් කැමති තරමක් කඩන් යනව... කෙක්ක තිබුනෙ ගහ පාමුලමයි... ඒ දවස්වල නම් අපි වැඩිපුර කෑවෙ ගස්වල ගහල හරි අච්චාරු හදාගෙන හරි තමා...
    හැබැයි කවදාවත් කුරු ගහක ගෙඩි නම් කාල නෑ...

    ReplyDelete
  21. අපේ ගෙදර තියෙනවා ලො....කූ ඇබරැල්ලා ගහක්. ඒකේ ගෙඩි වලින් අපි ලොකු ගානක් හොයා ගත්තා. ගෙදරත් වෙල් ගනනාවක් ඉවුවා.

    ReplyDelete
  22. මේ නැච්චා දුව නේද ? දකින්නත් ආසයි ඈ.
    එයා ගැන කතා නැද්ද අක්කා.

    ReplyDelete
  23. හිස් අහස -මේ ගස් ජාතිය ඉක්මනින ඵල දරනව මම් හිතන්නෙ.

    හරී-ඒක ඇඹරැල්ලා ප්‍රභේදයක්.බද්ධකරපු ගහක් නෙමේ මම් හිතන්නෙ.නුවන් අය්යගෙ බ්ලොග් එකේ මේ ගැන විස්තර තිබ්බා.

    චතුවා-මල් අය්ය කියන්නෙ මල් පැල ගන්න අය්යට,පොළේ ඉන්න එයා පැල විකුණනවා.හිහි කෙක්කෙන් තමා එහෙනම් කඩන්න වෙන්නෙ.

    ඔබ නොදු‍ටු ලොවක්..... -ආ ඒකනේ එහෙනම් ගෙඩි හැදෙයි ලගදිම.

    ReplyDelete
  24. රුචා-අපි නම් කැමති ඇඹුල් කෑම කන්න.හැමදාම කද්දි නම් එපා වෙනව තමා ඉතින්.:)

    නදුන් උයන-ඒකනේ ඒක දන්නෙ ගහක් පැලයක් හිටවන අය විතරයි.

    ඪිනෙශ්-අපෝ නෑ එහෙම වෙන්නෙ නෑ.මම් වසයි කියල දන්නවනේ අහල පහල අය:))

    ලොකු පුතා-මේක බද්ධ පැල වර්ගයක් නෙමේ මම් හිතන්නෙ.ඇඹරැල්ලා ප්‍රභේදයක්.ඔව් එයා එක්ක බෑ.පොඩි ගෙඩි මල් ඔක්කොම කඩනව සෙල්ලම් කරන්ඩ.

    ReplyDelete
  25. කස්ස -ඔව් නේ අපි නම් ටිකක් උස අඩුකරලා අතු ගොඩක් හැදුවා.

    Bunny -ඔව් එච්චරම රහ නෑ කියල කියනව තමා.ඒත් ඉතින් ලස්සනට වගේ හිටෙව්වා.ගෙඩිත් පිරිලා තියෙද්දි ලස්සනයිනේ.ලොකු ගස් හදන්න ඉඩත් නෑනේ.හ්ම්ම්...ඔව් ගොඩක් සතුටුයි ඒවගේ හදපු ගහක ගෙඩි හැදුනම නේ.

    තනි අලියා-ඔව් එහෙම කියනව නේ.

    වෙද ගෙදර මහ වෙදනා-මේ පැත්තෙ එනව නම් දෙන්නම් අරන් යන්න.:)

    ReplyDelete
  26. ර්‍අජ්-අපේ අල්ලපු ගෙදරත් ලොකූ ඇඹරැල්ල ගහක් තියනව ගෙඩි වැටෙන්නෙ අපේ වහලට.

    නිසුපා-ටිකක් සාත්තු කරානම් හොදට හැදෙනවනේ.

    දිල් -ඔව් චට්නි වලට නම් හොදයි .පොඩි ගෙඩිනේ.

    ජෙරම්-හ්ම් හ්ම් රහයි නේ.

    ReplyDelete
  27. හොදයි නගේ හොදයි පුලුවන් තරම් කාබනික පොහොර එකතු කරන්න.ඔයා දාලත් තියෙනවා වගේ පිංතූරෙ පේන විදියට

    ReplyDelete
  28. ටී.බී. හේරත්- ආ ඇඹුල් නෑ කියනව තමා.ඔයාද ඒ ගහ හැදුවේ.?

    පැණි දොඩම්-හයියෝ පව්.

    නිම්ශා-ඇඹරැල්ලා අච්චාරුවක් හදලා කන්න ඔනේ. :)

    Mඉයුරු-අපිත් තවම මේ ගහේ ගෙඩි කෑවේ නෑ.අච්චාරුවක් හදලා කන්න ඔනේ.අපේ අල්ලපු ගෙදරහ් ලොකූ ගහක් තියනව.ගෙඩි වැටෙන්නෙ අපේ ගෙදර වහලෙට.

    ReplyDelete
  29. මධුරංග-ඔයාල ඇඹරැල්ල විකුනුවද?එච්චර ගොඩක් හැදුනද.ආහ් ලොකු ගහක් නම් ගොඩක් හැදෙනව තමා.ඔව් එයා තමා.කතා නම් ගොඩක් තියනව හිමීට දාන්නම්කො වෙලාවක.

    NUWAN"s ලනෙ-ඔයාගෙ බ්ලොග් එක බලලා තමා නුවන් අය්ය මට මේ ගහක් ගෙනල්ල හදන්න හිතුනේ.ඔව් ගෙදර කුණුවලේ පොහොර තමා ගොඩක් දාන්නෙ.

    ReplyDelete
  30. @ නදී,
    එහෙනං...! එහෙනං...!! මගේ මේ අත්දෙකෙන් තමා ඒ පැලේ ඉන්දෙව්වෙ... :)

    ReplyDelete
  31. ටී.බී. -කදිමයි කොලුවෝ ! :)

    ReplyDelete